කජු කන්න ගිය වියදමක් ගැන පසුගිය දවස් වල යම් කතාබහක් ඇති වී තිබුණා. කජු කන්න යන වියදම් පියවන එක කජු කන තරම් ලේසි නැහැ.
පසුගිය 2023 වර්ෂයේදී කජු සංස්ථාවේ පාඩුව හරියටම රුපියල් 5,020,580.05ක්. ඒ කියන්නේ මිලියන පහක් නැත්නම් ලක්ෂ පණහක් වගේ. රජයේ සමස්ත වියදම එක්ක බලද්දී කජු ඇටද කොස් ඇටද කියලා අහන්න පුළුවන් තරමේ ලොකු පාඩුවක් නෙමෙයි.
කෙසේ වුවත්, කජු සංස්ථාවේ පරණ අවුරුදු වල පාඩු සියල්ල එකතු කළාම එය රුපියල් මිලියන 156 ඉක්මවනවා. ඒ කියන්නේ රුපියල් කෝටි 15කට වඩා වැඩි සමුච්ඡිත පාඩුවක්.
මේ විදිහට ගිණුම් ප්‍රකාශ වල දැකිය හැකි පාඩුව කියා කියන්නේ මේ වගේ ආයතන වල මුළු පාඩුව නෙමෙයි. එම මුළු පාඩුවෙන් විශාල කොටසක් තියෙන්නේ වෙනත් තැනක හැංගිලා. ඒ නිසාම, මේ ආයතන වල ගිණුම් ප්‍රකාශන අනුව ලාබ ලබන ගොඩක් අවුරුදු වලදී වුනත් ඇත්තටම වෙන්නේ පාඩුව වෙනත් තැනක සැඟවී තිබීමයි.
රුපියල් මිලියන 157කට ආසන්න කජු සංස්ථාවේ සමුච්ඡිත අලාබයෙන් පසුවත්, එහි ප්‍රාග්ධනය ලෙස රුපියල් මිලියන 447ක් පමණ ඉතිරි වී තිබෙනවා. ඒ කියන්නේ පොදු අරමුදල් වලින් රුපියල් මිලියන 604කට වඩා වැඩි මුදලක් කජු සංස්ථාව වෙත පොම්ප කර තිබෙනවා.
දැන් මේ විදිහට කජු සංස්ථාව වෙත පොම්ප කර තිබෙන්නේ බදු මුදල් වලින් වැය නොකර ඉතිරි කරගත් අරමුදල් නෙමෙයිනේ. ලංකාවේ රජය ඒ විදිහට සල්ලි ඉතිරි කර තිබෙන්නේ අවුරුදු පහ හයකදී පමණයි. අනෙක් හැම අවුරුද්දකදීම වුනේ ප්‍රාථමික අයවැය හිඟයක් පවත්වා ගනිමින් එය පියවීම සඳහා ණය වීම. ඒ කියන්නේ කජු සංස්ථාවට යට කරලා තියෙන රුපියල් මිලියන 604 රජය විසින් ණයට ගත්ත සල්ලි කියා කියන්න පුළුවන් (පසු සටහන: මෙයින් මිලියන 17ක් වාහන වල වටිනාකම වැඩි වීම නිසා නිවැරදිම ගණන මිලියන 587ක්.).
ඔය විදිහට ණයට ගත්ත රුපියල් මිලියන 604 සඳහා වාර්ෂිකව 10%ක පොලියක් ගෙවුවා කියා අපි හිතමු. ලංකාවේ රජය විසින් ඒ විදිහට පොලී ගෙවලා තියෙන්නෙත් ණය අරගෙනනේ. ඔය වැඩේ අවුරුදු 30ක් එක දිගට කළොත් කජු සංස්ථාවට යට කරලා තියෙන රුපියල් මිලියන 604 කීයක් වෙලාද? ගණන් හදලා බැලුවොත් රුපියල් මිලියන 10,539ක් වෙලා!
දැන් ඔය පාඩුව කජු සංස්ථාවේ ගිණුම් වල නැහැ. එහි තිබෙන්නේ රුපියල් මිලියන 157ක පාඩුවක් පමණයි. නමුත් කජු සංස්ථාව වෙනුවෙන් යට කළ මුදල සහ ඒ වෙනුවෙන් ගෙවූ පොලිය එකතු කළොත් ඊට සාපේක්ෂව විශාල මුදලක් පාඩු වෙලා තිබෙනවා. ඒ මුදල තිබෙන්නේ ශ්‍රී ලංකා රජයේ ණය ගොඩේ. ඔය විදිහට තමයි ශ්‍රී ලංකා රජයට වත්කම් නැතුව ණය එකතු වෙන්නේ.
මාළු කන්න ගිහින් තියෙන වියදම බැලුවොත් කජු කන්න ගිය වියදමටත් වඩා ගොඩක් වැඩියි. 2023 වර්ෂය අවසානයේදී ධීවර සංස්ථාවේ සමුච්ඡිත අලාබය රුපියල් මිලියන 1,702ක්. මේ ගිණුම් වල තිබෙන අලාබය. ඒ වෙනුවෙන් රජය යට කර තිබෙන මුදල රුපියල් බිලියන 1,520කටත් වඩා වැඩියි. ධීවර සංස්ථාව වෙනුවෙන් වාර්ෂිකව ගෙවන පොලී වියදම ධීවර සංස්ථාවේ ගිණුම් වල නැහැ.
කජු සංස්ථාව වගේ සාපේක්ෂව කුඩා ආයතනයක් පාඩු ලැබුවත් ඒ පාඩු පියවීම සඳහා රජයේ අයවැයෙන් නැවත නැවත මුදල් වෙන් කරන එක අමාරු වැඩක් නෙමෙයි. ඒ නිසා, කජු සංස්ථාව පවත්වාගෙන යාම සඳහා වෙනත් පාර්ශ්ව වලට ණය වෙන්න අවශ්‍ය නැහැ.
කජු සංස්ථාවේ කතාව ඔය වගේ වුනත්, ශ්‍රීලන්කන් ගුවන් සේවය හෝ ලංවිම වගේ විශාල ආයතන ලොකු පාඩු ලබද්දී ඒ පාඩු වල තරමට රජයේ අයවැයෙන් මුදල් වෙන් කරන්න අමාරුයි. මේ ආයතන වලට පාඩු ලබමින් දුවන්නත් බැහැ. දුවන්නනම් කොහෙන් හෝ අරමුදල් ලැබිය යුතුයි. ඒ නිසා මේ ආයතන වලට වෙනත් තෙවන පාර්ශ්ව වලට ණය වෙන්න සිදු වෙනවා.
මේ විදිහට තෙවන පාර්ශ්ව වලට ණය වූ විට අදාළ ආයතන වලට එම ණය වෙනුවෙන් පොලිය ගෙවන්නත් වෙනවා. ඒ පොලී වියදම් මූල්‍ය පිරිවැය ලෙස අදාළ ආයතනයේ ගිණුම් වල සටහන් වෙනවා. නමුත් හරියටම බැලුවොත් මේ විදිහට ගිණුම් වල සටහන් වෙන්නේත් මූල්‍ය පිරිවැය වලින් කොටසක් පමණයි. ඒ එම ආයතනය විසින්ම සෘජුව ණයට ගත්ත අරමුදල් කොටසේ මූල්‍ය පිරිවැය. රජය විසින් ණයට ගෙන ප්‍රාග්ධනය සේ යෙදවූ අරමුදල් වල මූල්‍ය පිරිවැය මේ ආයතන වල ගිණුම් වල සටහන් වෙන්නේ නැහැ. ඒවා සටහන් වෙන්නේ මධ්‍යම රජයේ ගිණුම් වලයි.
සමහර වෙලාවට ලංවිම, තෙල් සංස්ථාව වැනි ආයතනයක් කිසියම් අවුරුද්දකදී ලාබ ලබන්න පුළුවන්. නමුත් ගිණුම් වල ලාබයක් පේන්න තිබුණු පමණින් එය ඇත්ත ලාබයක් වෙන්නේ නැහැ. ඇත්ත ලාබයක් කියා කියන්න පුළුවන් වෙන්නේ මෙවැනි ආයතනයක් වෙනුවෙන් රජය විසින් වැය කර තිබෙන මුදල වෙනුවෙන් වාර්ෂිකව පොලී ලෙස ගෙවිය යුතු මුදල රජයට ලබා දීමෙන් පසුවද ඉතිරියක් වන තරමේ ලාබයක් ගිණුම් වල පෙනේනම් පමණයි.
ඉකොනෝ,
ReplyDeleteලංකාවේ මේ දවස්වල විශාල වශයෙන් ෂෙයාර් වන මේ වට්ස් ඇප් මැසේජ් එකේ විගණකාධිපති තුමා ඔය රජයේ පාඩු ලබන ආයතන සහ ඒවාට හේතු ගොඩක්ම ලස්සනට විස්තර කරලා තියෙනවා මේක බලන්න;
A famous whatsapp massage share with all your friends;
//
Forwarded many times
Pl read carefully....🌷👇
හිටපු විගණකාධිපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..
තම රාජකාරි ජීවිතය තුළ ලබාගත් බොහෝ අත්දැකීම් කතා කරන්න මෙතෙක් වේදිකාවක් තිබුණේ නැති බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසනවා. මේ රට හොරුන්ගෙන් දූෂිතයන්ගෙන් පිරී තිබුණු ආකාරය සියල්ලන්ම දන්නා බවයි ඔහු කියන්නේ.
“ලංකාව බංකොලොත්භාවයට හැරවූ ප්‍රධානතම කඩඉම 2015 දී සිදුවූ මහබැංකුවේ කුප්‍රකට බැඳුම්කර වංචාවයි. එයින් ඒ මොහොතේ සිදුවූ දැවැන්ත බලපෑම සහ ඉදිරි අනාගතයේ තවත් බොහෝ කාලයකට ලංකාවේ ආර්ථිකයට බලපෑම් සිදුවෙනවා. නමුත් ඔවුන් අද වේදිකාවට ගොඩවී නැවතත් රට ගොඩනගන්න බලය ඉල්ලා සිටිනවා.එක්සත් ජාතික පක්‍ෂය එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එම යහපාලන ආණ්ඩුවට සම්බන්ධ වී සිටි හර්ෂ ද සිල්වාලා ඇතුළු සජිත් ප්‍රේමදාස ඇතුලු කණ්ඩායමත් රට බංකොලොත් කිරීමේ ප්‍රධානතම වැරදිකරුවන් ලෙස දෙකට බෙදී හෝ එකාබද්ධ වී කණ්ඩායමක් ලෙස වේදිකාවක ඉඳලා රට ගොඩනඟන්න අවස්ථාව ඉල්ලා සිටිනවා. පසුගිය අවුරුදු 76ක කාලය පුරාම රට බංකොලොත් කරන්න දායක වූ පිරිස වේදිකා තුනකට බෙදිලා රට සංවර්ධනය කරන්න බලය ඉල්ලනවා. තවත් කණ්ඩායමක් රට IMF එකට බාරදීලා රට ගොඩනැගූ බව කියමින් බලය ඉල්ලනවා. මේක මහා පුදුම සහගත විහිළුවක් බවට පත්වී තිබෙනවා.
විගණකාධිපතිවරයා විසින් 2017 ඉඳලා ඉතාම පැහැදිලිව රට බංකොලොත් වෙනවාය කියන අනතුරු ඇඟවීම සහිත වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. විශේෂයෙන්ම 2015දී එවකට අගමැති රනිල් වික්‍රමසිංහගේ ඍජු මැදිහත්වීම යටතේ සිදු කළ බිලියන 6.5ක දැවැන්ත බැඳුම්කර වංචාවත් එක්ක මේ රට ගමන් කරන මාර්ගය වැරදියි කියන දේ අපි පැහැදිලිව පෙන්වා දුන්නා. එවකට පැවති රජය රටේ මූල්‍ය පාලනය කළ ආකාරය සම්පූර්ණයෙන්ම අසාර්ථක බවට පාර්ලිමේන්තුව දැනුවත් කළා. නමුත් ඒ කිසිදු වාර්තාවක් කෙරෙහි පාර්ලිමේන්තුවේ අවධානය යොමුකර වැඩපිළිවෙළක් සකස් කළේ නැහැ.
විශේෂයෙන්ම 2016දී මුදල් අමාත්‍යාංශය විසින් ලබාදුන් ගිණුම් සම්පුර්ණයෙන්ම වැරදි නිසා විගණකාධිපතිවරයා විසින් එම ගිණුම් වාර්තා ප්‍රතික්ෂේප කළා. එහි සඳහන් වත්කම් සහ ණය ප්‍රමාණය සම්බන්ධ දත්ත වැරදි බව පෙන්වා දුන්නා. පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. නමුත් පාර්ලිමේන්තුව ඒ කිසිම දෙයක් ගණන් නොගෙන රට බංකොලොත් වෙන්න ඉඩ හැරියා.
2016 මුදල් අමාත්‍යාංශයේ ගිණුම් විගණකාධිපතිවරයා ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ පාර්ලිමේන්තුවේදී ලැබුණු විනාඩි 20ක කාලය තුළ කතා කළේ ජවිපෙ නායක අනුර කුමාර දිසානාතක මහතා විතරයි. වෙන කිසිකෙනෙක් ඒ ගැන කතා නොකර මුදල් අමාත්‍යාංශයේ ගිණුම් පාර්ලිමේන්තුවේ දී සම්මත කර දුන්නා. 2022 දී රට බංකොලොත් වුණේ ඒවාගේ ප්‍රතිඵල හැටියට.
2017 දී ණය කළමනාකරණය පිළිබඳව විශේෂ වාර්තාවක් අපි සකස් කළා. පසුගිය අවුරුදු 50ක ණය ගැනීම් පිළිබඳව විශ්ලේෂණය කර, මේ ණය ගැනීම් සහ ඒ ආශ්‍රිත දුෂණ වංචා වහාම නතර කරන ලෙස දැනුම් දුන්නා. නමුත් ඒ කිසි දෙයක් පසුගිය කාලයේ රට පාලනය කළ පුද්ගලයන් ගණන් ගත්තේ නැහැ. ඒ වැරදි දිගින් දිගටම සිදුකර ගෙන ගියා. උදාහරණයක් හැටියට මහබැංකු බැඳුම්කර ණය වංචාව මූල්‍ය අවභාවිතා කළ ආකාරය දක්වන්න පුළුවන්. විගණන වාර්තාවෙන් ඒ බව හෙළි කිරීම නිසා අධිකරණය හරහා එම වංචාකළ මුදලින් කොටසක් නැවත අත්පත් කර ගැනීම පිණිස රැඳවුම් නියෝග ලැබී තිබුණා. විල්පත්තුවේ වන විනාශය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පවා විගණන වාර්තා පදනම් කරගෙන තීන්දුවක් දුන්නා. නමුත් ඒ නියෝග ඒ ආකාරයෙන් ඉටු නොකර, අද වේදිකාවල සිටිමින් රට සංවර්ධනය කරන්න බලය ඉල්ලනවා. ඔවුන් ඉදිරියේදීත් එවැනි විනාශකාරී විෂම ක්‍රියා නොකර සිටීවී යැයි මම නම් විශ්වාස කරන්නේ නැහැ.
Cont'd
Cont'd
Deleteඒ වගේම සතොසෙන් හාල් ගෙන්වීමෙ අලාභය 2016 - 2017 කාලයේ රුපියල් බිලියන 16ක් බවත් ඒ මුදල වහාම අදාළ අයගෙන් අයකර ගන්න ක්‍රියා කරන ලෙසත් විගණකාධිපති ඉතාම පැහැදිලිව නිර්දේශ කළා. නමුත් එය සම්පූර්ණයෙන්ම යට ගසා දැම්මා. දේශපාලකයන් විසින් රාජ්‍ය සේවයත්, රාජ්‍ය සේවයේ ගෞරවයත් සම්පූර්ණයෙන්ම විනාශ කළා. මේ වගේ තත්වයක් යටතේ මෙතෙක් ආණ්ඩු කළ දේශපාලන පක්ෂවලට බලය දෙන්න ඉඩ හැරිය නොහැකියි. අපි මේ මාධ්‍ය හමුවට පැමිණියේ ඒ නිසයි. විශ්වාසය තැබිය හැකි තැනකට රට බාර දෙන්න ඕනෑ.
ඒ වගේම IMF එකට රට සම්පූර්ණයෙන්ම බාරදීලා කිසි දවසක ගොඩගන්න ලැබෙන්නේ නැහැ. එවැනි මාර්ගයක ගිය රටවල් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. අපේ රටත් දහහත් වැනි වරටත් IMF එකට ගිහින් ඩොලර් බිලියන 03කට ආසන්න ණයක් අරගෙන ගොඩගන්න ලැබෙන්නේ නැහැ. මුදල් අමාත්‍යාංශයේ පළවැනි කාර්තුවට අදාළ ණය බුලටින් එකෙන් ඒ බව තහවුරු වෙනවා. මේ වන විට රටේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100 ඉක්මවා ගිහින් තිබෙනවා. රට අගාධයෙන් ගොඩගත් බව ප්‍රකාශ කළද, ඇත්ත වශයෙන්ම එහෙම දෙයක් සිදුවී නැති බව එයින් පැහැදිලියි. භාණ්ඩාගාරයේ ඍණ ශේෂය රුපියල ට්‍රිලියන 22ක් බව විගණන වාර්තාවේ සඳහන් වෙනවා. එවැනි රටක් ගොඩගෙන ඇති බව කියන්නේ කොහොමද?
මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කර තිබෙන දත්ත අනුව දවසක රජයේ ආදායම රුපියල් කෝටි 850යි. නමුත් දවසක මුළු වියදම රුපියල් කෝටි 1490යි. ඒ කියන්නේ දවසකට රුපියල් කෝටි 660ක ණය ගන්නා ආර්ථිකයක් අද පවතින්නේ. එහෙම තිබිය දී රාජ්‍ය සේවකයන්ගේ පඩි දෙගුණයකින් වැඩිකරන බව ප්‍රකාශ කිරීම පිළිගත හැකිද?
රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි නොකළ යුතු බව එයින් කියැවෙන්නේ නැහැ. රුපියල් කෝටි 1490ක් වන දවසක රජයේ වියදම අවම කර ගනිමින් වංචා දූෂණ නැවැත්වීම මෙතෙක් බලයේ සිටි කිසිම පක්ෂයකට කරන්න බැහැ. එය කළ හැක්කේ රටේ වංචාව, දූෂණය සහ නාස්තිය සම්පූර්ණයෙන්ම නතර කළ හැකි බලවේගයකට පමණයි. දේශපාලකයන් සිදුකරන දූෂණය සම්පූර්ණයෙන්ම නතර කර, මේ රට වෙනස්ම යුගයකට පරිවර්තනය කළ යුතුයි.
දුප්පත්කම නඩත්තු කරමින් යන දේශපාලන පක්ෂ කිසි එකකට මේ රට මෙතනින් ගොඩගන්න බැහැ. විකල්ප වැඩපිළිවෙළක් තිබෙන මාලිමාව යටතේ මේ වෙනස කළ හැකි බවට දැඩි විශ්වාසයක් අපට ගොඩනැගී තිබෙනවා. රාජ්‍ය අංශය ගෞරවාන්විත රාජ්‍ය අංශයක් බවට පරිවර්තනය කර ගන්න, දේශපාලන බලපෑම්වලින් තොර, රාජ්‍ය අංශයක් බවට පරිවර්තනය කර ගන්න තමන්ගේ ආත්මගරුත්වය ඇතිව කෙලින් සිටගත හැකි රටක් ගොඩනැගීම අත්‍යවශ්‍යයි. මේ වෙනුවෙන් තමන්ගේ ඡන්දය භාවිතා කරන්න කියන ඉල්ලීම ඉතා ඕනෑකමින් කරනවා” යි හිටපු විගණකාධිපතිවරයා පවසනවා.
🌷🌷🌷
Pl share this as much as possible, rouges should not go to parliament... think about children future...🙏
( Most attention for Ranil Wicramasinghe, Sajith Premadasa and Mahinda Rajapakse lovers)//
මම හිතනව මේක 100%ක්ම ඇත්ත කතාවක් ලෙස. මේ දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට ඇති එකම මාර්ගය ජාතික ජන බලවේගය මාලිමාවට උපරිම පාර්ලිමේන්තු බලය ලබාදීම බවයි මගේ අදහස. වෙන කිසිම විසඳුමක් නෑ නේද?
ෆයිල් කලින්ම හදලා තිබුණු නිසා දැන් ඕවා සම්බන්ධව ඉක්මණින්ම ක්‍රියාමාර්ග ගනියිනේ නේද? පාර්ලිමේන්තු බලය කොහොමටත් ලැබෙයිනේ.
Delete"ෆයිල් කලින්ම හදලා තිබුණු නිසා දැන් ඕවා සම්බන්ධව ඉක්මණින්ම ක්‍රියාමාර්ග ගනියිනේ නේද? පාර්ලිමේන්තු බලය කොහොමටත් ලැබෙයිනේ."
Deleteඉකොනොගේ හීනනේ යකෝ හීන. මෙව්වා දැකලා පණ පලයන් පහුගිය මාසේ....🤣🤣🤣
ඔය විගණකාධිපති දෙපාර්තමෙන්තුව දන්නෙ නැතුවද දන්නෙ නෑ ඔය කොහේ හෝ ගමක ඔය විගණන කට්ටියට කියලා සද්දන්ත පුහුණු ගොඩනැගිල්ලක් හදලා තිබ්බාලු, අවුරුදු ගාණක් වහලා. එතකොට ඒකෙන් මොනවත් වෙන්න නැතුව ඇති නේද?අනික වියදම් සීමා කරන්න කියපු මේ මහත්තයා තමන්ට නිල රථය විදිහට ගත්තේ මොන වගේ වාහනයක්ද? 2015 බැඳුම්කර ගැන කෑ ගැහුවට ඊට කලින් වෙච්ච බැඳුම්කර ගැන මොකද දන්නෙ නෑ මෙච්චර කැ ගැහුවේ නැත්තේ නේද?
Deleteකජු සංස්ථාවක් සෑදීමේ අරමුණ කුමක්ද ඉකොනෝ? එහි න්‍යාය පත්‍රයක් තිබෙනවද?
ReplyDeleteලාබ ගන්නා විදියක් ගැනවත්?
ඉකෝන්
ReplyDeleteලංකාව IMF වැඩසටහන වෙනස් කර විකල්ප යෝජනා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව මෙහි සාකච්ඡාවන බව පේනවා නේද?
මේ කුඩා නිව්ස් ක්ලිප් එක බලන්න
https://m.youtube.com/watch?v=z4w0zVaH7AE&pp=ygUv4Lac4LeP4La44LeS4Lar4LeTIOC3gOC3kuC2ouC3muC3g-C3kuC2guC3hCBucHA%3D
ලංකාවේ නව ජාතික ජන බලවේග රජය IMF වැඩසටහන වෙනස් කිරීමට කටයුතු කරන බව පැහැදිලියි නේද? මේ නිව්ස් එකට කමෙන්ට් දාල තියෙන ඒවත් ටිකක් බලන්න, ජනතාව මේ අයි එම් එෆ් කොන්දේසි මගින් දැඩි ලෙස පීඩාවන්ට ලක්කර ඇති බවත් ඔවුන් ඒවා වෙනස් කිරීම අත්‍යවශ්‍ය බව පේනවා කමෙන්ට් වලින්. මේ ගැන පැහැදිලි කිරීම පුළුවන්ද? මේ දැනට යන වැඩසටහන වෙනස් කරන්න හෝ මෙය සම්පූර්ණයෙන්ම නතර කර අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වෙයි ද?
//රුපියල් මිලියන 157කට ආසන්න කජු සංස්ථාවේ සමුච්ඡිත අලාබයෙන් පසුවත්, එහි ප්‍රාග්ධනය ලෙස රුපියල් මිලියන 447ක් පමණ ඉතිරි වී තිබෙනවා. ඒ කියන්නේ පොදු අරමුදල් වලින් රුපියල් මිලියන 604කට වඩා වැඩි මුදලක් කජු සංස්ථාව වෙත පොම්ප කර තිබෙනවා.///
ReplyDelete-ඉකෝන්ගේ ලිපිය නිසා මමත් ලංකා කජු සංස්ථාවේ 2023 වාර්ෂික ගිණුම් වාර්ථාව හොයාගෙන බැළුවා.
ඒකේ හැටියට රු මිලියට 40 මූලික ප්‍රාග්ධනය යොදවා අරඹා තිබෙන කජුසංස්ථාවට රජය විටින් විට රු මිලියන 300.7 ක් යොදවා තිබෙනවා. එවිට රජය බදුගෙවන්නගේ මුදලින් හෝ අනාගත පරම්පරව ණය කරමින් හෝ කජු සංස්ථාව් වෙත වැය කර ඇති මුදල රු මීලියන 340.7 යි නේද.
ඔබ Grant from Other Parties කොටස අත හැර තිබෙනවා. මේ Other Parties කියන්නෙත් රජයේම වෙනත් අමාත්‍යාංශ. ප්‍රධාන වශයෙන් State Ministry of Development of Minor Crops including Sugarcanr, Maize, Cashew, Pepper, Cinnamon, Cloves, Betel Related Industries and Export හා Ministry of Minor Export Crop Promotion. Capital Reserves මිලියන 17 අඩු විය යුතුයි. එවිට මිලියන 587ක් වෙනවා.
Deleteප්‍රාග්ධනය කියන එක පිලිගන්නෙ නැතිනම් ඔය ප්‍රශ්න නෑ නේද?
ReplyDeleteඔව්. ඒකත් ඇත්ත. ප්‍රාග්ධනය කියන්නේ හෙලවෙන මනස කියලා හිතුවොත් මේ කිසි අවුලක් නෑ. සූටි අවුලකට තියෙන්නේ එතකොට අර ඡන්දෙ කාලේ කටින් තඩි බාපු රාජපක්ශලාත් හොරකම් කරලා නෑ වෙනවා.
Deleteඉකොනොමැට්ටා අදත් නොදන්න මගුල් ගැන පණ්ඩිත කතා කියලා තියෙනවා නේද? අඩුම තරමේ Participatory Rural Appraisal (PRA) කියන්නේ මොකක්ද කියලවත් දන්නවද?
ReplyDeleteකෙටියෙන් කිව්වොත් 1970 දශකයේ දී IBRD ලෝක බැංකුව IMF වැනි ආයතන වල බලපෑමෙන් ලෝක ආර්ථිකය විශ්වකරණය (Globalization) වීමේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ රටවල් එම ආර්ථික ක්‍රියාවලියට ගැළපෙන පරිදි තම රටවල රාජ්‍ය තන්ත්‍රයේ කරපු ව්‍යූහගත වෙනස්කම් (Structural Adjustments) වල ඵලය වූයේ රජයේ සුබසාධන වියදම් කපා හැරීම, පෞද්ගලිකරණය යනාදී ක්‍රියාවලීන්. නමුත් ඔවුන්ගේ කොන්දේසි ක්‍රියාත්මක කළ සංවර්ධනය වෙමින් පවතින රටවල රජයයන් සිය
සුබසාධන වියදම් කපා හැරීම තුළින් නොසිතු විරූ ලෙස දිළිඳුභාවය දැඩිලෙස උග්‍ර විය.එබැවින් මෙම අභියෝගය ජය ගැනීම සඳහා දිළිඳු පිරිස උදෙසා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් මතු විය. සීමිත සම්පත් වලින් වැඩි පිරිසකට ප්‍රතිලාභ සැලසීමට හැකිවන පරිදි විකල්ප සංවර්ධන ක්‍රමවේදයන් සොයා බැලීමට සංවර්ධනවේදීන් උත්සුක විය.මෙහි ප්‍රතිඵලයක්ලෙස 1970 දශකයේ සිට ලොව සංවර්ධනය වෙමින් පවතින රටවල් නව ලිබරල්වාදී අදහස් වලට විකල්පයක් ලෙස සහභාගිත්ව සංවර්ධන ක්‍රමවේදය අනුගමනය කිරීමට පෙළඹුණා.
ලංකාවේත් 1971 කැරැල්ලෙන් පසු තරුණ අසහනය වැලැක්වීම වගේම සහභාගිත්ව සංවර්ධන අරමුණු ඉටුකර ගැනීමට 1973 වසරේ දී පමණ ආරම්භ කළ එක ආයතනයක් තමයි කජු සංස්ථාව. 1970 දශකයේ ලංකාවේ සමගි පෙරමුණු රජය සෝවියට් සංගමය ඇතුලු ලංකාවට සැබැවින්ම හිතවාදී රටවල සහයෝගය ඇතිව බොහෝ රජයේ ව්‍යවසාය රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ලෙස ආරම්භ කළා. මෙම කජු සංස්ථාව ඇතුලු රාජ්‍ය සංස්ථා යනු පාර්ලිමේන්තුව මගින් සම්මත කරගත් පනතක් මගින් පිහිටුවන ලබන, ප්‍රාග්ධනයෙන් කොටසක් හෝ රජය විසින් ආයෝජනය කළ ආයතනයක්. ඒ වගේම කජු සංස්ථාව කියන්නෙ නිකන් මේ ඉකොනොමැට්ටා කියන හාදයා කියන විදියේ "සිල්ලර කඩයක්" නෙවෙයි ඊට වඩා පුළුල් සේවාවක් සපයන ආයතනයක් මෙන්ම ලංකාවේ කජු කර්මාන්තයේ දියුණුවට පිහිටුවාගත් ආයතනයක්. මේ ආයතනය මඟින් මූලිකව කජු ගොවීන්ව ආරක්ෂා කිරීම, ඔවුන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලීම, ඔවුන්ට කජු වගාව, කජු කර්මාන්තය සහ අස්වනු කජු ආශ්‍රිත නිෂ්පාදන ක්‍රියාවලිය වගේ ගොඩක්ම සංකීර්ණ දේවල් පිළිබඳව දැනුම ලබාදීම වගේම ලාංකික ජනතාව කජු වගාවට නැඹුරු කිරීමත් සිදු කරනවා.
මීට වසර හත අටකට පෙර 2017/18 වගේ කාලේ ලංකාවේ දේශීය කජු නිෂ්පාදිතය බිඳවැටී අපනයනය තබා දේශීය පරිභෝජනයට අවශ්‍ය කජු ප්‍රමාණය වත් නිෂ්පාදනය කරගන්න බැරුව ඉන්දියාව වැනි රටවලින් කජු ආනයනය කරන තත්ත්වයට කජු කර්මාන්තය බිඳ වැටී කජු ටොන් ගණන් කන්ටේනර් ගණන් රටින් ආනයනය කිරීමට සිදූ වුණා.
පොදුවේ ගත්තම කජු කියන ශාකය ධන නිධානයක්. කිසිම දෙයක් වගා කරන්න බැරි නිසරු බිමක වුණත් කජු ශාකය හොඳින් වැඩෙනවා. නඩත්තුව ඉතා අවමයි. ජලය, පොහොර විශාල වශයෙන් අවශ්‍ය නැහැ. සාමාන්‍ය කාබනික පොහොරවලින් වගාව පවත්වාගෙන යන්න පුළුවනි. පැළ සිටුවා අවුරුදු හතරක් පහක් ගතවෙද්දි හොඳ ආදායමක් ලබාගන්නත් හැකියාව තියෙනවා.
ReplyDeleteනමුත් තත්ත්වයෙන් උසස් ප්‍රභේද වගා නොකිරීම. ඒ වගේම වගාව ගැන හරිහැටි දැනුමක් නොතිබීම. ඒ කියන්නෙ කජු පැළයක් වගා කිරීමේ සිට පැලවල මූලික නඩත්තුව, කජු ගස් වලට බලපාන රෝග පාලනය, අස්වැන්න නෙළීම, හරිහැටි ගබඩා කිරීම, වෙළෙඳපොළට නිකුත් කිරීමේ කාර්යය දක්වා මනා දැනුමක් නැතිකමත් මේ කර්මාන්තය කඩා වැටෙන්නට හේතුවක්.
සාමාන්‍යයෙන් කජු සංස්ථාව අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නෙ. නමුත් පහුගිය වසර ගණනාවක සිට මෙම ආයතනය අක්‍රීය වී තිබුණා. ඊට පසුව 2020 කොවිඩ් කාලයේ ආනයනය තහනම නිසා කජු හිඟවීම සහ අපනයන ආදායම වැඩිකිරීම ගැන සිතීමත් සමග කජු සංස්ථාව නැවත සක්‍රීය වුණා. සාමාන්‍ය කජු ගහකට වසර හය හතක් යනවා ඵලදාව ලැබෙන්න, නමුත් 2020/ 21 කාලේ කජු සංස්ථාව සහ වයඹ සරසවිය එක්ව පර්යේෂණ කර කජු සංස්ථාව මගින් වසර තුනකින් ඵලදාව දෙන නව කජු ප්‍රභේද සාර්ථක ලෙස හඳුන්වා දී තිබෙන අතර ඒ අනුව දැනට අක්කර 20,000ක පමණ නව ප්‍රභේද සහිත කජු වගාකර තිබෙනවා. ඊට අමතරව නව කජු ගම්මාන ඇති කර එහිදී කජු වගාවේ සිට අස්වැන්න වෙළෙඳපොළට නිකුත් කිරීම දක්වා සියලුම කටයුතු මේ ගම තුළ සිදු කෙරෙනවා. හම්බන්තොට, මාතර, කුරුණෑගල, කෑගල්ල, රත්නපුර ආදී වශයෙන් අලුතෙන් කජු ගම්මාන 211ක කජු පැළ එක්ලක්ෂ තිස්දහසකට වැඩි ප්‍රමාණයක් සිටුවන්නට හැකියාව ලැබුණා. ඒ අස්වැන්න ලබන වසරේ සිට රටට ලැබේවි. ඒ ආදායම කජු වවන ජනතාවට සහ පොදුවේ රටට මිසක් කජු සංස්ථාවේ ලාභ අලාභ වලින් සරල අංක ගණිතයෙන් පේන්නේ නෑ.
අනෙක ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම කජු සංස්ථාවේ ප්‍රාදේශීය කාර්යාලයක් තිබෙනවා. එහි ප්‍රාදේශීය කළමනාකරු වාගේම කජු සංවර්ධන නිලධාරීන් හමුවී වගාවට අවශ්‍ය උපදෙස් සහ නව ප්‍රභේදවල කජු පැළ ලබාගත හැකියි. මේ සියලු සේවාවන් ජනතාවට ලබාදෙන්නේ නොමිලයේමයි. කජු පැල දෙකක් අතර අඩි විස්සක පරතරය නිසා අතරමැද එලවලු වවා අමතරව ආදායම් ලබාගත හැකියි.
ඒ වගේම 2015 පමණ සිට නතර වී තිබුණු කජු පුහුලන් වලින් වයින් සැදිමේ ව්‍යාපෘතිය 2021 පමණ සිට නැවත ආරම්භ වී තිබෙනවා, මෙයත් කජු වගාකරන අයට වගේම තවත් කර්මාන්ත කරුවන්ටත් තාක්ෂණය ලබාදි ආරම්භ කිරීමට නියමිතව තිබුණා. ලංකාවේ කජු අක්කර 35,000 ක් දක්වා මුඩු ඉඩම්වල ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණොත් හොඳ විදේශ විනිමය ආදායමක් වගාකරුවන්ට ලබාගත හැකියි. කජු සංස්ථාව නාමිකව පාඩු ලැබුවත් පොදුවේ රටට සහ කජු වගාකරුවන්ට එහි ප්‍රතිලාභ ලැබෙන බව අවබෝධ කරගත යුතුයි. හරියට ශ්‍රී ලංකන් ගුවන්සේවය පාඩු ලබන ආයතනයක් බව පෙනුනත් ඇත්තටම රටේ සංචාරක කර්මාන්තයට සම්බන්ධ බොහෝ ආයතන එයින් අධික ලෙස ඉහල ලාභයක් ලබනවා, ශ්‍රී ලංකන් ගුවන්සේවය ඩොලර් බිලියනයක් පාඩු ලබන නමුත් ලංකාවේ සංචාරක කර්මාන්තය වසරකට විදේශ විනිමය ඩොලර් බිලියන පහක පමණ අතිවිශාල මුදලක් ලබාගන්නවා වගේ එකක් තමයි මෙතනත් වෙන්නේ.
බිත්තර මිල වැඩි වෙන්නෙ ඉල්ලුම වැඩි වෙන නිසාද?
ReplyDeleteදවස් හයකට කලින් අහද්දී කියපු දේ.
Delete//සැපයුම ඉහළ යාම කියන්නේ නිෂ්පාදනය වැඩිවීම තමයි. නැත්නම් කොහොමද සැපයුම වැඩි වෙන්නේ? කාබනික පෝර තීරණය නිසා කුකුළු කෑම මිල විශාල ලෙස මිල වැඩි වුනා. බිත්තර නිෂ්පාදන පිරිවැය ඉහළ ගිහින් නිෂ්පාදකයින්ට පාඩු වෙද්දී කිකිළියන් මසට විකිණුවා. ඉන් පසුව, බිත්තර සැපයුම අඩු වී මිල විශාල ලෙස ඉහළ ගියා. එයින් නිෂ්පාදකයින් නැවත උනන්දු වුනා. නමුත් කිකිළියන් බිත්තර දමන මට්ටමට එන්න යම් කාලයක් යනවා. බොහෝ දෙනෙක් එක වර වැඩේ පටන් ගැනීම නිසා සැපයුම එක වරම වැඩි වෙනවා. නමුත් මිල ඉහළ යාම නිසා අඩු වූ ඉල්ලුම වැඩි වෙලා නැහැ. ඒ නිසා ක්ෂණිකව මිල විශාල ලෙස පහත වැටෙනවා. දැන් මිල අඩු නිසා ඉල්ලුම ඉහළ යයි. එවිට මිල අතරමැද තැනකට ඇවිත් ස්ථාවර වෙයි.//
ඉකොනෝ මහත්තයා බිත්තර දානවද
Deleteකියපු දේ හරි වගෙ
Deleteඇත්තටම ඉකෝන් මේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති ලෙස කෝටි ගණනක කජු කාලා තියෙන්නේ කජු සංස්ථාවේ නිෂ්පාදනය කරපු කජු ද? එහෙම නම් කජු සංස්ථාවේ පාඩුවට හේතුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද?
ReplyDeleteමේ නිව්ස් එක බලන්න
//
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කෝටි හතරක කජු කාලා...!
රටේ මුල්බැහැගෙන තිබු ජාවාරම්කාර පැලැන්තිය අතුගා දැමිමට සැප්තැම්බර් මස (21) දින පැවති ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක සහෝදරයා සමත් වු බව ශ්‍රි ලංකා කම්කරු ජාතික පෙරමුණේ සභාපති චමිර පෙරේරා මහතා පැවසිය.
චමිර පෙරේරා මහතා ඒ බැව් කියා සිටියේ හැටන් නගරයේ මාධ්‍ය හමුවක් පවත්වමිණි.
මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ
" මෙවර ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණයත් සමග රටකාපු ජාවාරම්කාර පැලැන්තිය සෝදාපාලු වී ගසාගෙන ගියා, රට බේර ගත්ත මහ ආප්පච්චි, ගෑස් දුන්න සුදු අප්පච්චි, බස් දුන්න පිංපියා පුවක් මල්ල පොලොව ගැහුවා වගේ අයින් කරලා වීසිකරලා දැමිමා රටේ බහුතර ජනතාව.
" මේ රටේ තවදුරටත් දේශපාලන වහලුන් නැ ඒ සංස්කෘතිය අවසන් කලා, වතුකරයේ ජනතාව තුලත් ඒ පිබිදිම ඇති වෙලා තියෙනවා, වතුකරයේ ජනතාව පාගගෙන ඉන්න පාදඩ පාලකයන් පලවා හැරිමට වතුකරයේ ජනතාව සුදානම් වෙලා ඉන්නවා.
හිටපු පාලකයන් ජනතාවගේ ධනය භාවිතා කරපු ආකාරය පිලිබදව දැන් හෙලිදරව් වෙමින් පවතිනවා, හිටපු පින් ජනපති රනිල් මාසේට කජු කන්න විතරක් කෝටි හතරක් වියදම් කරලා? රටේ ලක්ෂ 20 ක දරුවන් පිරිසක් මන්දපොෂණයෙන් පෙළෙනවා"
ලෙස විග්‍රහ කළේය
මෙම මාධ්‍ය හමුවට එම පෙරමුණේ ලේකම් ඩැනියෙල් ජැනැස්ටර් මහතාද සහභාගි විය.
– රංජිත් රාජපක්ෂ//
මෙහි ඔබ පවසන කජු සංස්ථාවේ පාඩුව පිළිබඳව වගකිව යුතු හිටපු ජනාධිපතිවරයා විය හැකි ද?
ඔය කියන්නේ 2021දී (කෝවිඩ් කාලයේදී) වරාය සේවකයින්ගේ හා නාවික හමුදාවේ කෑම වලට දුන් කජු වල වියදම කියලා කිහිප තැනකම පැහැදිලි කිරීම් කරලා තිබුණා නේද?
Delete