Tuesday, November 12, 2024

දේශපාලන මාලිමාව

ඔබ දරන දේශපාලනික අදහස් අනුව, ද්විමාන සමාජ-ආර්ථික දේශපාලන අවකාශය තුළ ඔබ මතවාදී ලෙස ස්ථානගත වී සිටින ආකාරය දැන ගැනීමට ඔබට අවශ්‍යද?

The Political Compass වෙබ් අඩවියෙන් මෙම පරීක්ෂණය කර ගත හැකියි.

(https://www.politicalcompass.org/test)

මෙහි සිංහල සංස්කරණයක් පහත සබැඳියේ තිබෙනවා. මේ හා අදාළ ඔබේ ප්‍රතිචාර දැන ගැනීමට කැමතියි.

(https://pihituma.blogspot.com/2024/11/maliwawa.html)

14 comments:

  1. 2015 ඕක කලා. ආපහු කරල බලන්න ඕන. මම හිතන්නෙ දැන් ටිකක් උඩට ගිහිල්ල

    ReplyDelete
  2. මේකේ දෙමළ සංස්කෘතියක්‌ දාන්න

    ReplyDelete
    Replies
    1. ඒ තරම් දෙයක් කරන්න තරම් දෙමළ දැනුමක් නැහැ.

      Delete
  3. mahinda mahatthaya koheda inne? any guess?

    ReplyDelete
  4. ඔබ කොලඹ නම් පදක්කමට චන්දේ දමා අංක 7ට මනාපය දාන්න.
    ඔබ ගම්පහ නම් පදක්කමට චන්දේ දමා අංක 10ට මනාපය දාන්න.
    ස්තුතියි

    ReplyDelete
  5. මගේ ආවේ මෙන්න මෙහෙම. ඒ කියන්නේ මොකක්ද ඉකොනෝ? කහ/දම් - ලිබටේරියන් දකුණ


    ලින්ක්

    ReplyDelete
    Replies
    1. ආර්ථික වශයෙන් මධ්‍ය දක්ෂිණාංශික. සමාජයීය වශයෙනුත් මැද, එහෙත් පුද්ගල නිදහස පැත්තට වඩා බරව.

      Delete
    2. සරලව අපිට වැටහෙන්න තියෙනවා නං හොදයි කොහොම උනත්.

      Delete
  6. මේක සාම්ප්‍රදායික වාම දකුණු spectrum එකට වඩා advance දෙයක් ! මට ආවේ libetarian left එකේ centre axis එකට ළඟ තැනක්, මට හිතෙන හැටියට මේකේ සමහර ප්‍රශ්න සහ ඒවට දෙන score weights එක්ක, එක පාරට ටිකක් ලොකු catogarization එකක් කරනවා වගේ! Freer the මාර්කට්,freer the person ප්‍රශ්නේ, multinational company ගැන ප්‍රශ්නේදි එහෙම ලොකු shift එකක් දෙනවා වගේ...

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න එකින් එකට weights වෙනස්. ගොඩක් ප්‍රශ්න අදාළ එක scale එකකට පමණයි. සමහර ඒවා දෙකටම අදාළයි.

      Delete
  7. මම කොළ හෙවත් ලිබටේරියන් වම . බොහෝ දුරට නිවැරදියි . ස්තුතියි හඳුන්වා දුන්නට

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් වහගෙන හැංගෙන්න එපා අජිත්. ඇත්තට මුහුණ දෙන්න පිරිමියෙක් වගේ.

      Delete
  8. ඉකොනෝ

    මම නම් මෙවරත් අනිවාර්යයෙන්ම කරනවා කියල පොරොන්දු වුණ විදියටම ලංකාවට ඇවිල්ලා මාලිමාවට ඡන්දය ප්‍රකාශ කළා, මෙවර මහමැතිවරණය පිළිබඳව ඉකොනෝ පුරෝකථනයක් කරලා තියෙනවා දැක්කේ නෑ, ඇයි ඒ?

    කොහොම වුණත් 2024 පාර්ලිමේන්තු මැතිවරණය ශ්‍රී ලංකාවට අතිශයින් තීරණාත්මක මැතිවරණයක්. මෙවරත් ජාතික ජන බලවේගය මැතිවරණයේදී පෙරමුණ අරන් ඉන්න බව බිම් මට්ටම දැක්කහම පේනවා.
    කොහොම වුනත් මේ මැතිවරණයෙන් වැඩිම ආසන ගණනක් හිමි කරගන්නේ අපේ ජාතික ජන බලවේගය.

    එහිදී විය හැකියාවන් තුනක් තියෙනවා

    1)ආසන 113 ට වැඩි සරල බහුතරය ලබා ගෙන NPP රජයක් පිහිටුවීම.

    2)ආසන 113 ට අඩුවෙන් නමුත් අනෙක් පක්ෂ වලට වඩා වැඩි ආසන ප්‍රමාණයක් ලබා ගෙන වෙනත්පපක්ෂයක සහය ලබාගෙන 113 නිර්මාණය කරගෙන රජය පිහිටුවීම.

    3)ආසන 150 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගෙන තුනෙන් දෙකක බලය සහිත NPP රජයක් පිහිටවීම.

    කෙසේ නමුත් මම ප්‍රාර්ථනා කරන්නේ මේ විය හැකියාවන් තුනෙන් පළමු එක සිදුවෙන්න කියලා.ඒ කියන්නේ ආසන 113 කට වඩා වැඩි නමුත් තුනෙන් දෙකේ බලය හිමි නොවන අවස්ථාව.

    ඒකට හේතු,

    01.ජාතික ජන බලවේගය එකසිය දහතුනට වඩා අඩු ප්‍රමාණයක් ආසන ලබා ගතහොත් ඔවුන්ට සිද්ධ වෙනවා වෙනත් පක්ෂයක සහාය ලබාගැනීමට.ඔවුන් එසේ වෙනත් පක්ෂයක් තෝරා ගැනීමේදී ජාතික ජන බලවේගයට සහාය දක්වන ශ්‍රී ලාංකික සහ ජාත්‍යන්තර පාර්ශ්වයන්ගේ බලපෑම්වලට යටත් වෙන්න සිදු වේවි. මට හිතෙන විදිහට වැඩි අවස්ථාවක් තියෙන්නේ දෙමළ සන්ධානයත් එක්ක එකතුවෙලා ආණ්ඩුවක් පිහිටවන එක.එහෙම වුණොත් ඒක රටේ ස්වෛරී භාවයට සහ භෞමික අඛණ්ඩතාවයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.ඒකට හේතුව දෙමළ සන්ධානය ආණ්ඩුවකට එකතු වෙන්නෙම ඔවුන්ගේ එකම අභිප්‍රාය වී තිබෙන නිජබිම් සංකල්පය ඉස්සරහට දාගෙන.ඒකට විදේශගත දෙමළ ඩයස්පෝරාව, ඉන්දියාව සහ ලංකාවට ලොකුම තර්ජනය වන ඇමරිකාව වගේ ලංකාවට දැඩිලෙස අහිතකර බලවේග බොහොම අපූරුවට සහයෝගය ලබා දෙනවා.
    වැරදිලා හරි ජාතික ජන බලවේගයට ආසන 113 ගන්න බැරි උනොත් දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ ඉඩම් සහ පොලිස් බලතල උතුරු නැගෙනහිර පළාත් දෙකට ලබාගැනීමේ එකඟතාවයෙන් ආණ්ඩුව පිහිටවන්න එකතු වෙන්න ඉඩ තියෙනවා.ඊට පස්සේ ඔවුන් මොන්ටිකාලෝ ප්‍රඥප්තිය හරහා ඔවුන්ගේ අරමුණට යන්න ඔවුන්ට පුළුවන් වෙයි.එතකොට අනෙකුත් සිංහල පක්ෂ ඒකට කොච්චර විරුද්ධ උනත් ජාත්‍යන්තරය ඉස්සරහ සිංහල කට්ටිය ජාතිවාදී ලෙස හංවඩු ගහනකොට ඒ අයටත් ඒ ක්‍රියාවලියට විරුද්ධ වෙන්නට ශක්තියක් නැති වෙනවා.

    ඒ නිසා කොහොමත් වඩා හොඳයි අපේ ජාතික ජන බලවේගය ආසන 113 ට වඩා එකක් හරි වැඩියෙන් ගන්න එක.

    02.ඒ වගේම ජාතික ජන බලවේගය ආසන 150 ට වඩා වැඩියෙන් ගත්තොත් ඔවුන්ට බලවත් ආණ්ඩුවක් ලැබෙනවා.ඒකත් විශාල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.ඒකට හේතුව ජාතික ජන බලවේගය හැදිලා තියෙන්නේ අපේ ආදරණීය රෝහණ විජේවීර සහෝදරයාගේ "මව්බිම නැතිනම් මරණය"කියන තේමාවත් එක්ක දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් පෝෂණය වුණු ජනතා විමුක්ති පෙරමුණත්, ලංකාවේ බහුතර මධ්‍යම පාන්තික ජනතාවගේ සහාය ලබන නව ලිබරල් වාදයේ අල්ට්‍රා ප්‍රෝමැක්ස් චින්තනයක් තියන හරිණි අමරසූරියගෙ පාර්ෂවයේත් හවුලක් විදිහට.එතකොට ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධුරය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ආගම,ජාතිකත්වය,
    සමලිංගික අයිතිවාසිකම් වගේ කාරණාවලට ඔවුන්ට කැමති ආකාරයට කටයුතු කිරීමට තනි බලයක් ලැබෙනවා.ඒක සිංහල බෞද්ධ පුරවැසියෙක් විදියට මට බලපාන ආකාරය පිළිබඳව මට ප්‍රශ්නයක් තියනවා.ඒකට හේතුව ජනාපතිවරණයේදී උතුරේ ඡන්ද ව්‍යාපාරය කිරීමට ජාතික ජනබල වේගයට උදව් කලේ කවුද කියලා මම දන්නවා.ඒක අසාර්ථක වෙච්ච එක වෙනම කාරණයක්.නමුත්⁣⁣ මෙවර උතුරෙ මැතිවරණ වේදිකාව තුල ජාතික ජනබල වේගය පසුගිය ජනාධිපතිවරණයට වඩා සාර්ථක වෙනවා කියලා අපට පේනවා.

    කෙසේ වෙතත් මගේ මිතුරන් සමග සුහදව කතාබහ කරද්දී ඔවුන් පැවසුවේ ජාජබ 113 ට අඩුවෙන් ගත්තොත් දෙමළ සන්ධානය එක්ක ආණ්ඩුවක් පිහිටුවාවි යන කරුණ හැර අනෙක් කාරණා ගැන ඔවුන් එක් බව, ඒ 113 ට අඩුවෙන් ගත්තොත් ඇතිවන තත්ත්වය ගැන මගේ අදහස බොහෝ දුරට ඔවුන්ගේ අදහස එක්ක සමපාත වෙනවා.

    ඔවුන් කියන විදියට ඇත්තටම මේ ජාජබ රජය ජනතාවට දුන් විශාල පොරොන්දු ප්‍රමාණයක් තියෙනවා. ඒවා ඉටු නොකර සිටීමට එවැනි තත්ත්වයක් නිදහසට කාරණයක් වෙනවා කියලා ඔවුන් හිතනවා. අපි නම් කරන්න හිටියේ, ඒ වුනාට අපිට බලය ලැබුනෙ නෑ නෙ වගේ කතාවක් කියාවි කියලා.

    ReplyDelete
    Replies
    1. හැබැයි ඉතින් ඒ අය මොනවා කිව්වත් කොහොම වුණත් ආසන ගණන 113 ට අඩුවෙන් ලැබිලා අස්ථාවර ආණ්ඩුවක් හැදෙන එක රටට හොඳ දෙයක් නොවේ. විධායක ජනාධිපති ක්‍රමයක් නොපවතින තත්ත්වයකදී නම් වෙන පක්ෂයකට ඉක්මන් මැතිවරණයකින් නැවත බලය ගන්න පුළුවන් උනත් එහෙම බලය ගන්න සූදානමින් ඉන්න සහ ජනතාව බලය දෙන්න සූදානමින් ඉන්න විකල්පයක් මේ වන විට ලංකාව තුල නෑ. නමුත් මහ පොලොවෙ තත්ත්වය අනුව අවංකව කිව්වොත් නම් මහා ලොකු රැල්ලක් මේ වෙලාවේ අපේ ජාජබ ආණ්ඩුවට තියෙනවා කියලා පෙනෙන්න නෑ. ආණ්ඩුවට 113 ට වඩා ලැබෙනවා නම් ඒක වෙන්නේ 58% ක් විපක්ෂ අය නිසා. ඒ ඔවුන් මෙවර ආණ්ඩුව පැත්තට චන්දය දීම නිසා නොවේ. චන්දය නොදා ගෙදර සිටීම නිසා. නමුත් මෙය පාර්ලිමේන්තු බලය ලැබුණාට ජනතාවගේ ජන බලය නැති නිසා ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේද? ඉදිරියේදී අරගලයක් වගේ එකක් එන්නත් ඉඩ තියෙනවා නේද?

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.