අප්‍රේල් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,759 දක්වා පහත වැටී තිබෙනවා. මෙය, ඉරාන යුද්ධය ආරම්භ වන විට (පෙබරවාරි අවසානයේදී) පැවති මට්ටමට සාපේක්ෂව ඩොලර් මිලියන 511ක අඩු වීමක්.
ඉරාන යුද්ධය හමුවේ සංචාරක පැමිණීම් අඩු වීමත්, ඉන්ධන ආනයන වියදම් ඉහළ යාමත් හේතුවෙන් විදේශ අංශයේ තත්ත්වය නරක අතට හැරී තිබෙනවා. යුද තත්ත්වය ඉක්මණින් වෙනස් නොවුවහොත්, ශ්‍රී ලංකාවට වඩා අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වෙනවා.
අද (මැයි 6) ඩොලරයක මැදි මිල රුපියල් 320 සීමාව ඉක්මවා ගියා. රාජ්‍යමූල්‍ය තත්ත්වය යහපත් තත්ත්වයක පවතින බැවින්, ඩොලරයක මිල ඉහළ යාම හේතුවෙන් ඇති වන උද්ධමනකාරී බලපෑමට "සල්ලි අච්චු ගැසීමේ" අමතර බලපෑමක් එකතු වන්නේ නැහැ.
මෙය 2022දී පැවති තත්ත්වයට සාපේක්ෂව විශාල වාසියක් වුවත්, මෙවර ලංකාවට විදේශ අංශයේ අර්බුදයකට මුහුණ දීමට සිදු වී තිබෙන්නේ පෙර අර්බුදයට පෙර පැවති තරමේ විදේශ සංචිතයක් අතේ නොමැතිවයි. දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,759ක් වුවත්, චීනයට, ඉන්දියාවට හා මූල්‍ය අරමුදලට වසර තුළ මහ බැංකුව විසින් ගෙවිය යුතු මහ බැංකුවේ ණයද මෙම දළ සංචිතයට ඇතුළත්ව තිබෙනවා.
ඉකෝනොමැට්ටා මෙතන ඉදිරිපත් කරපු දත්ත සහ වර්තමාන සැබෑ තත්ත්වය දිහා බැලුවම, ජනතාව තුල "පිරිසිදු පාලනයක්" ගැන බොරු හීන මවපු ජාතික ජන බලවේග චෞර රෙජීමය අද ලංකාව මූල්‍යමය වශයෙන් අගාධයකට ඇද දමන ආකාරය අතිශය බියජනකයි
ReplyDeleteමම මේක දකින්නේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ කිසිදු ප්‍රායෝගික අවබෝධයක් නැති අන්ත දූෂිත පිරිසක් විසින් රටේ "කොඳු නාරටිය" බිඳ දමමින් සිදු කරන සාහසික මූල්‍ය අපරාධයක් විදිහටයි. RDA ආයතනය හරහා මිලියන 380ක් දෙවරක් ගෙවීම, අස්වැසුම අරමුදල් අවභාවිතය සහ තැපැල් දෙපාර්තමේන්තුවේ සිදුවූ මහා පරිමාණ මූල්‍ය අතුරුදහන් වීම් මගින් පෙන්නුම් කරන්නේ පද්ධතිය ඇතුළත සිදු වන අසික්කිත දූෂණය වන අතර, රනිල් වික්‍රමසිංහ පාලන සමයේ අමාරුවෙන් ගොඩනැගූ සාර්ව ආර්ථික ස්ථාවරත්වය (Macro-economic stability) මේ වන විට සම්පූර්ණයෙන්ම සුණු විසුණු වී ගොස් ඇති බව 2026 අප්‍රේල් අවසානයේ විදේශ සංචිත ඩොලර් මිලියන 6,759 දක්වා වේගයෙන් දියවී යාමෙන් පැහැදිලි වෙනවා.
ඉරාන යුද්ධය වැනි ගෝලීය අර්බුද හමුවේ තෙල් මිල ඉහළ යද්දී සහ සංචාරක කර්මාන්තය කඩා වැටෙද්දී, ඩොලරය 340 සීමාව ඉක්මවා යෑම මගින් ඇති වන පීඩනය සමනය කිරීමට තරම් ශක්තිමත් විදේශ සංචිත පවුරක් මේ ආණ්ඩුව සතුව නැති අතර, නිවැරදිව පෙන්වා දුන් පරිදි මේ පවතින සංචිතය පවා චීන, ඉන්දියානු ස්වැප් (Swap) සහ IMF ණය වාරික ඇතුළත් වූ "මොත්ත සංචිතයක්" හෙවත් හුදු සංඛ්‍යාලේඛන මායාවක් (Statistical Illusion) පමණක් වන බැවින්, සැබෑ ශුද්ධ විදේශ සංචිතය පවතින්නේ ඍණාත්මක මට්ටමකයි.
මෙවැනි බිඳෙනසුලු පසුබිමක සිටිමින් මහජන මුදල් අවභාවිත කරන සහ පද්ධතිමය වශයෙන් මුදල් වංචා කරන මේ චෞර රෙජීමය, පෙර පැවති පාලනයෙන් උරුම වූ යම් සුළු මූල්‍ය විනයකට පවා පයින් ගසා, ජනතාවගේ පටි තද කරමින් ඔවුන්ගේ සාක්කුවලට විදින අතරම, ඩොලරයේ අගය අවප්‍රමාණය වීම හරහා උද්ධමනය පාලනය කරගත නොහැකිව මුළු මහත් ආර්ථිකයම බුබ්බුලාකාර (Bubble) කඩාවැටීමකට ලක් කිරීම යනු ඉතිහාසයේ ලංකාව මුහුණ දෙන අතිශය දූෂිතම සහ අසාර්ථකම පාලන අත්හදා බැලීම බවට මේ ආණ්ඩුව පත්ව තිබෙනවා නේද?