Friday, July 31, 2026

උද්ධමනය 7% සීමාවෙන් ඉහළට!


ගෙවුණු ජූලි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන නිල උද්ධමනය 7.3% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව පෙනී යන පරිදි 2026 තුන් වන කාර්තුවේ සාමාන්‍ය උද්ධමනය මහ බැංකුවේ උද්ධමන ඉලක්කය වන 5% ඉක්මවා යාමෙන් පසු, එහි උපරිම විචලන සීමාව වන 7% මට්ටමද ඉක්මවා යාමේ අවදානමක් දකින්නට තිබෙනවා. කෙසේ වුවද, මහ බැංකුව විසින් දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් දිගුකාලීනව උද්ධමනය 5% මට්ටම දක්වා අඩු වීමට නියමිතයි.


1 comment:

  1. ඔය නිල සංඛ්‍යාලේඛන අගයනේ ඇත්තටම ඕක 25% ක් වත් ඇති, අනෙක ඔයාත් ඉකොනෝ තාමත් දන්නේ නෑ මේ ආණ්ඩුව යන විදිය, අවංකවම මම හිතනවා ජනාධිපති කැමති නෑ එයාට ඔය හැමෝම කියන විදියට ටොම් පචයා, බොරු කාරයා, කෙබර පප්පා කියල කියනවට, එයාට ඕන මොනවහරි කරන්න, ඒත් ආණ්ඩුවේ තීන්දු තීරණ ගන්නේ පැලවත්තේ ටිල්වින් ප්‍රමුඛ JVP දේශපාලන මණ්ඩලයෙන්, අධ්‍යාපනය පැත්තෙන් ටිල්වින් OL විතරයි, උගත්තු කියල කිව්වට අනික් අයත් කොහොමද කියල කිසි කෙනෙක් දන්නේ නෑ, දැන් පැහැදිලිවම පේනවා 159 ඉන්න එයාලටත් කිසිම කැපෑසිටියක් නෑ රට වෙනුවෙන් දෙයක් කරන්න, අනික එයාලා ඉන්නේ සමාජවාදී ආණ්ඩුවක් (එයාලා කියන විදියට ) නැත්තන් ජවිපේ රාජ්‍යයක් හදන සිහින ලෝකේ, එයාලා වැඩ කරන්නේ ඒ ඇජෙන්ඩා එකට, ගම් වල මරණාදාර සමිති සිල් සමිති ආදී හැම මගුලටම ජවිපේ කාඩර් එක දාගත්තු එකේ ඉදන් සූරසේනගේ ප්‍රශ්නය දක්වා වෙන්නේ එ දේ, එයාලට රට වැදගත් නෑ, කරුමෙට ලැබුනු බලය කොහොමහරි පවත්වාගන්නයි ඕන, ඒකම තමයි විනාශයට මුල.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.