Thursday, July 30, 2026

වසර මැද රාජ්‍යමූල්‍ය තත්ත්වය


මැයි මාසය අවසානයේදී රුපියල් බිලියන 197.3ක්ව පැවති අයවැය අතිරික්තය ජූනි මාසය අවසානයේදී රුපියල් බිලියන 9.5 දක්වා පහත වැටී තිබෙනවා. වසරෙන් අඩක් ගත වෙද්දී වසර මුල ඇස්තමේන්තු කළ ආදායමෙන් 55.8%ක් එකතු වී ඇති අතර වියදම් කර තිබෙන්නේ ඇස්තමේන්තුවෙන් 39.0%ක් පමණයි. පුනරාවර්තන වියදම් ඇස්තමේන්තුවෙන් 45.7%ක් වියදම් කර ඇති නමුත් ප්‍රාග්ධන වියදම් ඇස්තමේන්තුවෙන් වසර මැද වන විටද වැය කර තිබෙන්නේ  16.1%ක් පමණයි.

රාජ්‍ය ආදායම ක්‍රමයෙන් දදේනියෙන් 20% මට්ටම දක්වා වැඩි කර ගැනීමේ ඉලක්කයක ආණ්ඩුව සිටින බව පෙනෙනවා. මේ සඳහා කළ හැකි දේ යෝජනා ලෙස ඉදිරිපත් කිරීම සඳහා පසුගිය මාසයේදී රජය විසින් අවස්ථාව ලබා දී තිබුණා. 

1 comment:

  1. @ ඉකොනොමැට්ටා

    වත්මන් රජය වසරේ මුල් අර්ධය වන විට ප්‍රාග්ධන වියදම් (CAPEX) 16% ක් වැනි අවම මට්ටමක පවත්වා ගැනීම ආණ්ඩුව කියන විදියට සැබැවින්ම උපායමාර්ගික ඉතිරි කිරීමක්ද, නැතහොත් ඩොලරය රු. 340 සීමාවේ පැවතීම සහ භූ දේශපාලනික අර්බුද හේතුවෙන් ආනයනික අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හමුවේ මාර්ග සංවර්ධනය වැනි යටිතල පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කරගැනීමට නොහැකි වීමේ ඍණාත්මක ප්‍රතිඵලයක්ද යන්නත් වසර මැදදී 55.8% ක ආදායම් ඉලක්කයක් සපුරා ඇති බව පෙන්වුවද, එම ආදායම් වර්ධනයෙන් 80% ක්ම වසර පහක සීමා කිරීම්වලින් පසු ඇති වූ තාවකාලික වාහන ආනයන රැල්ලක් මත පදනම් වීම සහ රජයේ අතිරික්තය එක් මාසයක් තුළ රු. බිලියන 197 සිට 9.5 දක්වා විශාල ලෙස කඩා වැටීම යන කරුණු සලකා බලන විට රජයේ සැබෑ මූල්‍ය ශක්තිය කෙසේද යන්නත් ප්‍රාග්ධන වියදම් මෙතරම් අවම මට්ටමක තිබියදීත් නිල උද්ධමනය 6.8% (සැබෑ සමාජ අත්දැකීම 20%-25% පමණ) දක්වා ඉහළ යාම සහ වර්තමාන බදු ප්‍රතිපත්ති හරහා ඉහළ ආදායම්ලාභීන්ගේ ක්‍රය ශක්තිය නිසි ලෙස පාලනය නොවීම හමුවේ, දැඩි IMF කොන්දේසි යටතේ ආර්ථිකය තවදුරටත් කළමනාකරණය කරන්නේ කෙසේද යන්නත් අවසාන වශයෙන් දේශපාලනික ප්‍රකාශවලින් ඔබ්බට ගොස් ආයෝජකයන්ගේ විශ්වාසය පළුදු වීමෙන් කොටස් වෙළඳපොළේ මෑතකදී සිදුවූ දැවැන්ත විකුණුම් (sell-off) හරහා නිරූපණය වන ශ්‍රී ලංකා ආර්ථිකයේ සැබෑ දිශානතිය පිළිබඳව ඔබගේ විග්‍රහය පැහැදිලි කර දිය හැකිද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.