Friday, August 7, 2026

දළ නිල විදේශ සංචිත - 2026 ජූලි අවසානයේදී


මැද පෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ඇති වූ බාහිර කම්පනයේ බලපෑම ක්‍රමයෙන් තුනී වී යමින් ඇති පසුබිමක, මහ බැංකුවට නැවතත් විදේශ සංචිත ගොඩ නගා ගැනීමේ දිගුකාලීන ඉලක්කය වෙත ප්‍රවේශ වීමට හැකි වී තිබෙනවා. පසුගිය ජූලි මාසය තුළ මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 348.6ක් මිල දී ගැනීමට සමත්ව ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,591 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බොහෝ විට ජූලි මාසයේදී ජංගම ගිණුමේ නැවතත් අතිරික්තයක් වාර්තා විය හැකියි.

මෙම බාහිර කම්පනයට පෙර මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කර තිබුණේ වසර අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 8,645ක් වනු ඇති බවයි. මේ වන විට එම ඇස්තමේන්තුව බොහෝ දුරස්ථ ඉලක්කයක් බවට පත් වී තිබෙනවා. ඉහත දළ නිල සංචිත ප්‍රමාණය තුළ යුවාන් බිලියන 10ක (ඩොලර් බිලියන 1.5කට ආසන්න) චීන මුදල් හුවමාරු ණය ප්‍රමාණයද ඇතුළත්ව ඇති අතර, අදාළ ගිවිසුම අලුත් කර නොගන්නේනම් මෙම මුදල වසර අවසන් වීමට පෙර පියවිය යුතුයි.

දැනට පවතින තත්ත්වය අනුව පෙනී යන්නේ බාහිර කම්පනයකට තනිව මුහුණ දීම සඳහා අවශ්‍ය මට්ටමකට විදේශ සංචිත ගොඩ නගා ගැනීම සඳහා මුලින් ඇස්තමේන්තු කළ කාලයට වඩා වැඩි කාලයක් ගත වනු ඇති බවයි. වෙනත් අයුරකින් කිවහොත්, මූල්‍ය අරමුදල සමඟ මෙම වැඩ සටහන අවසන් වන විට විදේශ සංචිත එම සීමාව දක්වා ලඟා නොවනු ඇති බවයි. එවැනි තත්ත්වයක් තුළ, විදේශ අංශයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා තවත් යම් කාලයකට මූල්‍ය අරමුදලේ සහතිකය අවශ්‍ය වෙනවා. 

3 comments:

  1. විදේශ වත්කම්
    ඉහළ යනව නම්
    සතුටුයි මට නං
    ස්වස්ති සිද්ධම්!

    ReplyDelete
  2. ලංකාව දියුණු කරන්න නම් හැමෝම හිතනවා ආර්ථිකය තමයි උපත් අඩුවීමට ප්‍රධානම හේතුව කියලා..නෑ..ඒක එකක් විතරයි..ප්‍රධානම හේතුව ෆෙමිනිසම්.. ආර්ථිකය හා සමාජ තත්ව අතිශයින් යහපත් දියුණු නමුත් ෆෙමිනිසම් ක්‍රියාත්මක රටවල් වලත් මේ ප්‍රශ්ණය මෙහෙම්ම තියනවා..තව අවුරුදු කීපයකින් එයාලට එයාලගෙම ශ්‍රම බලකායක් නෑ..

    ඔයාලගෙ අවංක නිරීක්ශණය මොකක්ද? ගොඩක් සල්ලි තියන පවුල් වලද දුප්පත් පවුල් වලද ළමයි වැඩි?

    කාන්තාවන්ට අනවශ්‍ය නිදහසක් නොදෙන ආගමේ අය වැඩිවෙවී ප්‍රජනනයෙන් රටවල් අල්ලනවත් දැකල ඇතිනේ..

    මොන රටක මොන පදනමින් ෆෙමිනිසම් පටන් ගත්තත්, ඒක අනිවාර්යයෙන්ම ටොක්සික් ෆෙමිනිසම් බවට පරිවර්ථනය වෙනවා..වින්දිත බව පෙන්වමින් පාර්ලිමේන්තුව හා නීති ආයතනවල ඉහළ පුටුවලට පත්වෙලා කාන්තාවාදී නීති හදාගන lgbtq සහ woke සංස්කෘතිය ප්‍රචාරණය කරමින්, පිරිමින්ව පාගාදාන්න උපරිම උත්සහ කරනවා..දරු උපත් සීග්‍රයෙන් අඩුවෙලා ගිහින් ශ්‍රම බලකාය නැතිවෙනවා..දික්කසාද වැඩිවෙනවා.ඔටිසම් දරුවො වැඩිවෙනවා..සිංගල් මාම්ස්ලා වැඩිවෙනවා.ෆෙමිනිසම් කියන්නෙ සමලිංගිකතාව හඳුන්වාදීලා රටවල්වල පිරිමින්ව අඩපණ කරමින් ආර්ථිකය වට්ටලා පාලනය කිරීම සඳහා යුදෙව්වන් යොදාගන්න උපායක් කියලත් කටකතා තියනවා..

    මෙයාලා සමාජ මාධ්‍ය කාන්තා සමූහ අටවගන දිනපතාම තමන් සෑමවිටම නිවැරදිය,උපතින්ම පරිපූර්ණය කියලත්..නාට්‍ය, චිත්‍රපට, කවි නිසදැස් ලියමින් පිරිමින් සෑමවිටම දුෂ්ඨය වගෙ අදහස් සමාජගත කරනවා.කාන්තාවන් අතින් වෙන අඩුපාඩු සේරගෙම වගකීම වෙන අයට පවරලා සාධාරනීකරණය කරන්න කියාදෙනවා..gender roles සහ වගකීම් පැහැර හරින්න..මත්ද්‍රව්‍ය ගන්න..ඩිවෝස් වෙන්න සහ අනියම් සබඳතා හදාගන්න කාන්තාවන්ව පොළඹවනවා..මේ නිසාම අද දික්කසාද සෑහෙන්න වැඩියි.. නරකම දේ තමයි මෙයාලගෙන් සෑහෙන්න පිරිසක් කොහෙන් හරි ලාබෙට ඩිප්ලෝමාවක් කරලා පවුල්/මනෝඋපදේශකල බවට වෙලා ඉන්න එක..

    මේක තේරුම් ගත්ත ෆෙමිනිසම් නිර්මාණය කරපු රටවල කාන්තාවොම දැන් ඒක ප්‍රතික්ශේප කරනවා..

    ඔන්න මම ඇත්තම හේතුව කිව්වා..පිලිගන්න හෝ නැති එක ඔයාලගෙ අයිතියක්..

    ReplyDelete
  3. ඇත්තටම ආර්ථික වශයෙන් ලංකාව සංවර්ධනය කරන්න දැනට පවතින ක්‍රමය අනුව බැරි බවත් ඒක හේතුව චීනයේ කොමියුනිස්ට් ක්‍රමය එක පුද්ගලයයි තීරණ ගන්නේ හැබැයි ආර්ථිකය ධනවාදී පුද්ගලික අංශය ආර්ථිකය මෙහෙයවනවා ඒ වගේම රාජ්‍ය අංශයත් ශක්තිමත් චීනයේ ගොඩක් වියාපාර කරන්න රජයෙන් බිලියන ගණන් ණය දෙනවා අනික චීනයේ වැඩ වර්ජන උද්සෝෂණ පෙළපාළි gen z නැගිටීම් අකුරට වැඩ කිරීම් නැහැ ඒවා තිබ්බත් චීන රජය ඒවා වෙඩි තියලා හරි මර්දනය කරනවා නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල එහෙම සාර්ථක වියාපෘති කරන්න බැහැ විරුද්ධ පක්ෂය කෑගහනවා වැඩ වර්ජන උද්සෝෂණ පෙළපාලි අකුරට වැඩ කිරීම් අපේ රටෙත් jvp එක හින්දා කොච්චර වියාපෘති අතරමග නැවැත්තුවද කියල හිතල බලන්න.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.