අගෝස්තු මාසය අවසන් වෙද්දී අයවැය ශේෂය නැවතත් (යාන්තමින් වුවත්) ධන අතට හැරී තිබෙනවා. 2026 වසරේ පළමු මාස අටක කාලය ඇතුළත එකතු කරගෙන තිබෙන සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 4,002ක් වන අතර සමස්ත වියදම රුපියල් බිලියන 3,967කට සීමා වී තිබෙනවා. මේ අනුව, රුපියල් බිලියන 35ක සමස්ත අයවැය අතිරික්තයක් වාර්තා වී තිබෙනවා.
වසරේ අවසන් මාසයේදී සැලකිය යුතු වියදම් ඉහළ යාමක් සාමාන්‍යයෙන් සිදු වන බැවින් මෙම අතරමැදි තත්ත්වයෙන් වසරේ සමස්ත තත්ත්වය නිරූපණය වන්නේ නැතත්, මේ දක්වා අයවැය අතිරික්තයක් වාර්තා වී තිබීමෙන් පෙනී යන්නේ වසර අවසන් වෙද්දී අයවැය හිඟයක් වාර්තා විය හැකි වුවද, එම හිඟය සැලකිය යුතු අඩු මට්ටමක පවතිනු ඇති බවයි.
ඉහත සඳහන් සමස්ත රාජ්‍ය වියදමෙන් රුපියල් බිලියන 1,610ක්ම පොලී වියදම් වන අතර එම පොලී වියදම් ඉවත් කළ විට රුපියල් බිලියන 1,645ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් දකින්න පුළුවන්. පොලී වියදම් නොවන අනෙකුත් පුනරාවර්තන වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1,921ක් වැය වී ඇති අතර ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 436ක් මේ වන විට වැය කර තිබෙනවා.
වසරේ පළමු මාස අටක කාලය තුළ එකතු වී ඇති බදු ආදායම රුපියල් බිලියන 3,684ක් වන අතර එම මුදල වසරේ ඇස්තමේන්තුගත බදු ආදායමෙන් 75.0%කට සමානයි. ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් වාර්ෂික ඇස්තමේන්තුවෙන් 71.9%ක් එකතු කරගෙන ඇති අතර රේගුව විසින් ඇස්තමේන්තුවෙන් 78.3%ක් මේ වන විට එකතු කරගෙන තිබෙනවා. සුරාබදු දෙපාර්තුමේන්තුව විසින්ද සිය ඉලක්කයෙන් 74.5%ක් දක්වා දැනටමත් ගමන් කර තිබෙනවා.
රජයේ fiscal success එකේ තියෙන interesting contradiction එක.
ReplyDeleteවාහන ගෙන්වනකොට Customs, VAT සහ අනෙකුත් බදු හරහා Treasury එකට සල්ලි එනවා. ඒ නිසා budget balance එක ලස්සන වෙනවා.
හැබැයි ඒ වාහනය ගේන්න ඩොලර් රටෙන් පිටවෙනවා.
ඒ කියන්නේ,
Fiscal account එකට හොඳ transaction එකක් BOP එකට නරක transaction එකක් වෙන්න පුළුවන්.
රජය මේ දෙකෙන් එකක් විතරක් පෙන්නලා ආර්ථිකය හොඳයි කියනවා නම් ඒකෙන් සම්පූර්ණ picture එක ලැබෙන්නේ නැහැ.
දැනටමත් merchandise trade deficit එක විශාල ලෙස පුළුල් වෙලා. Current account එක මාස හතරක් අඛණ්ඩව deficit එකේ තිබිලා, ජනවාරි-ජූලි එකතුවත් deficit එකකට හැරිලා. ඒ අතර රුපියලත් අගෝස්තු අවසානය වනවිට ඩොලරයට සාපේක්ෂව වසරේ මුල සිට 5.5%කින් අවප්‍රමාණය වෙලා තිබුණා.
මේවා crisis එකක් කියන signals නෙමෙයි. හැබැයි නොසලකා හරින්න පුළුවන් signalsත් නෙමෙයි.