පේරාදෙණිය සරසවියේ අක්බාර් ශාලාවේ කෑම කා ඇති අය බ්ලොග් ලියන්නන් අතර නොඅඩුව සිටිති. පේරාදෙණියේ සරසවි බිම මැදින් ගලා යන මහා වාලුකා නදිය ඉංජිනේරු පීඨය අනෙකුත් පීඨ වලින් වෙන් කරයි. ඉංජිනේරු පීඨය හැර අනෙකුත් පීඨ සියල්ලම පිහිටා ඇත්තේ මහවැලි ගඟේ එක් ඉවුරක, ගලහ පාර දෙපැත්තේය. ගං ඉවුරේ අනෙත් පස ලෙව්කේ මැතිඳු මෙන් තනියම සිටගෙන සිටින ඉංජිනේරු පීඨය මහවැලි නදියට අමතරව ගම්පොළ පාරෙන්ද අනෙක් පීඨ වලින් වෙන් වේ.
අනූව දශකයේ මුල කාලයේ, නේවාසික ශාලා රැසක් ඇති පේරාදෙණිය සරසවියේ ගඟෙන් මෙගොඩ පිහිටි එකම නේවාසික ශාලාව අක්බාර්-නෙල් ශාලාව වූ අතර ගඟෙන් මෙගොඩ පිහිටි වැඩි පිරිසකට කෑම ගැනීමට පහසුකම් තිබුණු එකම ආපන ශාලාව වූයේද අක්බාර් කැන්ටිමයි. ඉංජිනේරු පීඨ ආපන ශාලාවේ තිබුණේ සීමිත ඉඩකඩකි.
අක්බාර්-නෙල් ශාලාවේ නේවාසිකව සිටි හෝ නොසිටි ඉංජිනේරු පීඨ සිසුන් බහුතරයක් දිවා ආහාරය ගත්තේ අක්බාර් කැන්ටිමෙනි. සාමාන්‍යයෙන් ඉංජිනේරු පීඨ කාල සටහන් වල 'හිල්' නැත. දිවා ආහාර පැය හැරුණු විට අනෙක් සෑම වැඩ කරන පැයකම දේශනයක් හෝ විද්‍යාගාර සැසියක් සඳහා සහභාගී විය යුතුය. මේ නිසා බහුතරයක් ඉංජිනේරු සිසුන්ට දිවා ආහාරය ගැනීමට සිදුවන්නේ දහවල් දොළහේ සිට එක දක්වා කාලය තුළදීය. ගෙදරින් කෑම ගෙන එන හෝ කෑම උයා ගන්නා සුළුතරයද, පීඨ කැන්ටිමෙන් හෝ ගඟෙන් එගොඩ, මෙගොඩට කිට්ටුවම තිබුණු වූස් කැන්ටිමෙන් හෝ ගෙම්බා කැන්ටිමෙන් කෑම ගැනීමට යන ටික දෙනෙකුද අඩු කළත් දිවා ආහාර පැය තුළ අක්බාර් කැන්ටිමෙන් කෑම ගන්නා පිරිස (ඒ කාලයේ) දහසකට ආසන්න විය යුතුය. වෙනත් පීඨ වල සිසුන් හා සිසුන් නොවන්නන්ද යම් ප්‍රමාණයක් එකතු කළ විට මේ ඇස්තමේන්තුව නරක එකක් නොවේ.
මේ පිරිසට කෑම ලබා දීමට ඇති කාලය ඇත්තටම පැයකටත් වඩා අඩුය. දොළහට දේශන නිමවී අක්බාර් කැන්ටිමට පැමිණීමට අඩු වශයෙන් විනාඩි පහක්වත් ගතවන අතර, කෑම ගෙන නියමිත වේලාවට ඊළඟ දේශනයට සහභාගී වීමටනම් එකට විනාඩි විස්සකට පෙරවත් කෑම පිඟාන ලබාගත යුතුය. මේ අනුව ගණනය කර බැලූ විට අක්බාර් මුදලාලිට එක් පාරිභෝගිකයෙකුට කෑම ලබා දීමට තිබුණේ තත්පර දෙකක පමණ කාලයකි. මේ අයගෙන් අඩක්වත් අඩු ගැනීමට නැවත පෝලිමට එක් වන අතර අඩු එකකට වඩා කන අයද සිටිති. මුදල් ලබා ගැනීම හෝ ආහාර ලබා දීම සඳහා සමාන්තර කවුන්ටර තිබුණේද නැත. අඩු සඳහා පමණක් වෙනම පෝලිමක් තිබුණේය. මේ අනුව, මගේ උපකල්පන වල අඩුපාඩු සැලකුවද මුදල් අය කර බත් පිඟානක් ලබා දීමට අක්බාර් මුදලාලිට සහ සේවකයින්ට තිබුණු කාලය තත්පර තුනකටනම් වැඩි විය නොහැක. මෙය පහසු කටයුත්තක් නොවන බව නොකිවමනාය.
මේ කාලයේ පේරාදෙණියේ කැම්පස් බත් පිඟානක මිල රුපියල් හතරයි පණහකි. අඩුවක් එකයි පණහකි. නගරයේ හෝටලයක දිවා ආහාර වේලක් මේ කාලයේදී රුපියල් විස්සක් පමණ විය. මේ අනුව කැම්පස් බත බොහෝ සේ ලාබ වුවද ඒ මිලට එය ලබා දීම අපහසු නොවූයේ උයන භාජන වල සිට විදුලි බිල්පත් ගෙවීම දක්වා වියදම්ද, සේවකයන්ගේ නවාතැන් වියදම් ආදියද දැරුවේ සරසවිය මඟින් බැවිනි. අක්බාර් මුදලාලිගේ වියදම බොහෝ දුරට අමු කෑම ද්‍රව්‍ය සඳහා යන විචල්‍ය පිරිවැයයි. අනෙක් අතට, පාලනාධිකාරිය මඟින් නියාමනය කර තිබුණේ මූලික ආහාර වේලක මිලයි. මීට අමතරව විකුණන්නට තිබුණු අන්නාසි කෑලි, ගොටුකොල සම්බෝල, බැදපු මාළු කූරි වැනි බොහෝ දෙනා මිල දී ගත් විශේෂ දීසි වලින් වැඩි ලාභයක් ලබා ගැනීමට අවස්ථාව තිබුණේය.
කැන්ටිම කිරීමේ තිබුණු අපහසුම කාර්යය පාරිභෝගිකයින් කළමනාකරණය කර ගැනීමයි. දිවා ආහාර පැය කළමනාකරණය කර ගැනීම මෙහිදී ඉතා වැදගත් විය. මේ සඳහා අවශ්‍ය වූ ප්‍රාගුණ්‍යය ලබා ගත හැකි වූයේ පළපුරුද්දෙන්ම පමණි.
පිඟානට වැටෙන බත් හැඳි දෙක හෝ ඇඟිලි පුරුක් බාගයක ප්‍රමාණයේ මස් කෑලි තුන හතරක් සමඟ එන මස් හොද්ද ප්‍රමාණවත් නැති බව කියා 'අදින' සරසවි සිසුන් විරල නැත. මේ වෙලාවට "මේ ගාණට මස් රාත්තල් බාගයක් දෙන්න පුලුවන්ද, හලෝ?" වැනි දෙයක් නිකමටවත් කියවුණොත් සිදුවන්නේ කුමක්ද කියා කිවයුතු නැත. අක්බාර් මුදලාලිගේ සේවකයින්ට මෙවැනි අවස්ථා වලට මුහුණ දීම ගැන සුවිශේෂී පළපුරුද්දක් තිබුණේය. ඔවුහු මෙවැනි අවස්ථාවලදී කිසිවිටෙකත් මැසිවිලි නොනැගූහ. මස් භාජනයට යන හැන්ද වහාම නැවත පිඟානට එනු අදාල සිසුවාට පෙනේ. තාවකාලිකව සතුටට පත් වන ඔහුට පිඟානේ මස් වැඩි වී නැති බව පෙනෙන්නේ මේසයට වාඩි වී කන්නට පටන් ගත් පසුය.
මෙවැනි ශිල්පීය දක්ෂතා ප්‍රගුණ කර තිබුණේ මුදලාලිලා කිහිප දෙනෙකු පමණක් නිසා වාර්ෂිකව ටෙන්ඩර් දැම්මත් නැවත නැවතත් කැන්ටිම බොහෝ විට ලැබුණේ එකම පිරිසකටය. නුපුරුදු කෙනෙකු ටෙන්ඩරය ගත්තත් සිසුන් කළමනාකරණය කරගත නොහැකිව 'ඇනගැනීමට' වැඩි දවසක් ගත නොවේ.
සරසවිය මඟින් සියළු මූලික පහසුකම් ලබා දුන්නද හෝටලයක බත් පිඟානක් විකුණන මිලෙන් තුනෙන් එකකට තරු පහේ කෑම වේලක් ලබා දිය නොහැකිය. මේ නිසා සරසවි රෙගුලාසි අනුව ලබා දිය යුතු වූ එළවළු වර්ග තුනට බොහෝ විට අයත් වුණේ කොහෙන් හෝ හොයාගත් ලාබ එළවළුවක් හෝ මැල්ලුමකි. බොහෝ සිසුන් මේසයට වාඩිවන්නේම මේ 'ඩිෆෝල්ට්' එළවළු කුණු බක්කියට දැමීමෙන් පසුවය. අක්බාර් කෑම වේල දිව පිනා යන රසවත් දිව බොජුනක් නොවූ බව නොකිවමනාය.
ඒ දිනවල අක්බාර් කැන්ටිමෙන් දිනපතා කෑම ගත් සිසුන් අතර ජනප්‍රියව තිබූ කියමනක් වූයේ "කවදාහරි දවසක අපේ ගෑණු අක්බාර් මුදලාලිගේ පින්තුරය ගෙදර එල්ලාගෙන මල්, පහන්, හඳුන්කූරු පත්තු කරනු ඇති" බවයි. "අපේ ගෑණු අපට රහට කෑම උයා දිය යුතු බවට" වූ මනෝභාවය අමතක කළහොත් මෙයින් අදහස් කළේ "අවුරුදු හතරක් අක්බාර් මුදලාලිගේ ජරාව කෑමට හුරුවූ අපේ බඩවැල් වලට අපේ අනාගත ගෑණු උයන කෙතරම් නීරස කෑමක් වුවද විරෝධතාවක් නොදක්වා පිළිගත හැකි වනු ඇති බැවින් එහි ගෞරවය අපේ අනාගත බිරින්දෑවරුන්ගෙන් අක්බාර් මුදලාලිට ලැබිය යුතු" බවයි.
අක්බාර් මුදලාලිට මගේ බැචාලාගේ බිරින්දෑවරුන් කිසිවෙකු මල්, පහන්, හඳුන්කූරු පත්තු කරන බව කවුරු හෝ කියනවානම් මා පිළිගන්නේ නැත. එමෙන්ම, අපේ ජනාධිපතිතුමාගේ පුතාගේ නිදන කාමරයේ එල්ලා ඇති පරණ ජනාධිපතිතුමාගේ පුත්තුන්ගේ ඡායාරූපයකට දිනපතා නොවරදවා මල්, පහන්, හඳුන්කූරු පත්තු කරන බව කවුරු හෝ කියනවානම් එයද මා පිළිගන්නේ නැත.
එක සැරයක් අක්බාර් කැන්ටිම දුන්නා ටොපෑස් එකට , කෝකියෝ එහෙම උස තොප්පි දාලා සුදු ඇඳලා එක විදිහකට පටන් ගත්තා , හෝල් එක පුරාම සුවඳයි , කාමර වලාත් සුවඳ යනවා . කොක්ක පටන් ගත්තේ පලවෙනි එකාගේන්මයි මොකද? කාම එකක් රුපියල් දහයයි අඩු දෙන්නේ නෑ. ටොපෑස් කාරයා හිටියේ දවස් හතරයි , හැබැයි ඒ දව වල හිටපු වෝඩ්න් තමා මේ සඳහා මුල් වුනේ, ඒ නිසා වෝඩ්න් (ඉලෙක්ට්‍රිකල් සහ ඉලෙක්ට්‍රොනික් අංශයේ ආචාර්ය වරයෙක්) එක්ක නොනවතින කොක්කක් පටන් ගත්තා. එකේ ප්‍රතිපලයක් විදිහට ෆයිනල් එක්සෑම් එකේ එක සබ්ජෙට් එකක් ලියලා ඉද්දි පන්ති තනමකට ලක්වෙන්න් වුනා අපි කීප දෙනෙකුට , එතන ඉඳන් මහා සටනක් ආපහු .
ReplyDeleteඅක්බාර් කැන්ටිම කරපු එක මුදලාලි කෙනෙක් ගාව එක ගෝලයෙක් හිටියා ,මිනිහට කාම පැයේදී ළමයි එන වේගේ මදි, එක්කෙනකුට කෑම දීලා සල්ලිත් අරන් අනික් එක්කෙනා දීහා බල බල කෝ කෝ කියමින් මේසෙට තට්ටුවකුත් දදා තමා මිනිහා හිටියේ , ඒ දවස් වල අපි කිව්වේ සුපර් මෑන් කියලා
ඔහොම ඩයල් එකක් මහරගම කැන්සර් හොස්පිටල් එකේ අළුත් බිල්ඩිමේ තිබ්බ කැන්ටිමේ හිටිය.. පොරත් ඒ වගේ ඌ නැත්තං කැන්ටිම වැහිල
Deleteයකා වැහුණ වගේ තමාවැඩ
//මිනිහට කාම පැයේදී//
Deleteයකෝ මිනිහ ඒ වැඩේට එච්චර දක්ෂ ද? :D
ඔන්න බං කාම පැය තිබ්බ තවත් එකෙක්.
Deleteටොපශ් එකට අක්බර් කන්ටිම දුන්න දවස්වල අපි සෙකන්ඩ් ඉයර්, පණිදෙනියෙ හිටියෙ. බත් ගෙදර පහු කරන් අක්බර් ගියා මතකයි. ටොපශ් කරයො අවුල් කරගත්තෙ ස්පීඩ් කෑම බෙදන්න බැරුව. දැන් හිතෙන්නෙ ටොපැශ් එකට එවගෙ ස්කෙල් එකෙ වඩකට පලපුරුද්දක් තිබුනෙනැ. වඩෙ බ්‍රේක් කරන්න ඔනි සෙට් එකකුත් හිටිය.
Deleteඉවාන් පවුලූශා අය්ය E99 කන්ඩයමෙ අය්ය කෙනෙක් වගෙ. මම 00 බට්ච් එකෙ . කොහොම උනත් නිස්මි කන්ටිම අවට පස්සෙ එකෙන් කන කට්ටියකුත් හිටිය. මොකඩ එකෙ උයන කෙම ප්‍රමනය අඩු නිස අක්බර් කෙම එකට වඩ නම් කන්න පුලුවන්.
Deleteඔය වගේ සුපර්මෑන්ලා තමයි සමහර මුදලාලිලා කැන්ටිම දිගටම කිරීමේ රහස.
Deleteමගේ කාලයේ මුදළාලි ලා දෙන්නෙකු ගේ ටෙන්ඩර් කාල තිබුණා. අපේ ප්‍රියතමයා වුනේ නරියා මුදළාලි යි.
ReplyDeleteමුල් වසරේ නම් නොකම බැරි නම් මිස අක්බාර් එකෙන් කෑවේ නෑ. කෑම පාර්සල් අරගෙන එන බත් අම්මලා දෙදෙනෙකු පමණ අක්බාර් අසල හිටියා. තුන්වෙනි වසරේ සිට තමයි කට හුරු වුනේ!
එනිසා ඔය තත්පර ගානේ සේවා කාලය තවත් වැඩි විය යුතුයි. අනෙක, මුල් වසරේ නැති හෝ හිඟ වුණත් පසුව හවස් වරු නිදහස් වෙන දින තිබුණා සති දෙකකට වරක් විවිධ කණ්ඩායම්වලට.
මා නිශ්පාදන ඉංජිනේරුකම තෝරා ගන්න එක හේතුවක් වුනේ අවසන් වසරේ නිදහස් කාල සීමා වැඩි වීම. සිවිල් කරපු උන්ට තමයි අවසන් වසරේවත් විවේකයක් නැති වුණේ.
සීබ්‍රා වගේ ද කෝබ්‍රා කිව්වලූ !
Deleteඅම්මට හුඩු "ප" යන්න.
අක්බාර් එකේ බත් කෑම ගැන ලිවීම ප-යන්නක් නම්, Rx කියා කීම ද සුළු වශයෙන් හෝ ප-යන්නකි.
Deleteඅපි හිටපු කාලයේ බත් අම්මලට වඩා ජනප්‍රියව තිබුණු විකල්පය පැණිදෙණියේ බත් ගෙවල්.
Deleteඅපිට කොයින්ද පූසො මාළු අපි යනවැයි මූදු
ReplyDeleteහිහික්...
///අක්බාර් මුදලාලිට මගේ බැචාලාගේ බිරින්දෑවරුන් කිසිවෙකු මල්, පහන්, හඳුන්කූරු පත්තු කරන බව කවුරු හෝ කියනවානම් මා පිළිගන්නේ නැත. එමෙන්ම, අපේ ජනාධිපතිතුමාගේ පුතාගේ නිදන කාමරයේ එල්ලා ඇති පරණ ජනාධිපතිතුමාගේ පුත්තුන්ගේ ඡායාරූපයකට දිනපතා නොවරදවා මල්, පහන්, හඳුන්කූරු පත්තු කරන බව කවුරු හෝ කියනවානම් එයද මා පිළිගන්නේ නැත.////
මාන්දමිකයි නේහ්...
මූදු යන අයත් කැම්පස් කැන්ටින් වලින් කන්න එනවා, මහේෂ්. එහෙම අය වැඩිපුරම එන්නේ සතිඅන්ත වල. අක්බාර් එකටනම් එනවා අඩුයි.
Deleteඅපිට කොයින්ද කැන්ටිං කෑම.
ReplyDeleteඑකපාරක් මොරටුවෙ කැම්පස් එකේ වැඩකරන අපේ අයිය කෙනෙක් එක්ක ගිහිල්ල ඒකෙ කැන්ටිමකින්නං කාල තියෙනව.
කැම්පස් නොවන වෙනත් තැන් වලත් කැන්ටින් වල කෑම පැයේ රෂ් එක ඔය වගේම තමයි, Praසන්ன. ගාමන්ට් වලනම් ඔය රෂ් එක අඩුකරගන්න කෑම පැය දෙන්නේ බැච් විදිහටනේ.
Delete//සිසුන් නොවන්නන්ද යම් ප්‍රමාණයක් එකතු කළ විට// හා හා.. ඔය ගොඩේ මාත් දෙතුන් වතාවක්ම ඉඳලා තියෙනවා.. බොරු කියන්නේ මොකටද මටනම් අල්ලුවේම නෑ.. අපිට මොනවා නැතත් කන්ඩ දුන්නනේ ට්‍රේනින් කාලෙදිත් බුරිය උල් වෙන්න.. රෑට පේරාදෙණිය රෙස්ටවුස් එකේ බිලා අක්බාර් එකේ බුදියගෙන ඉඳල දවල් කෑම වෙලාවට ඇහැරිලා ගිහින් ඔතනින් කන එක ඒ දවස්වල මගේ නිවාඩු කාලේට රුටීන් එකේ කොටසක් වගේ තිබ්බේ..
ReplyDeleteඅන්තිම වචන ටිකෙන් පොස්ට් එක එහෙමම කණපිට හැරුනා..
ගොඩක් දේවල් කණපිට හැරෙන්නේ ඔය වගේ එක පාරටමනේ, කමි.
Deleteඅක්බාර් කැන්ටිම තියෙන්නේ කොහෙද ? හොඳට අහල පුරුදු නමක්. හරි හරි දැන් මතක් වුනා . ඕකේ බත් එකක ගාන නම් දන්නේ නෑ . ඒත් අඩුවක් ශත හැතතෑපහේ සිට ඊළඟට රුපියලකුත් අවසානේ එකයි පණහකුත් වූ බව මතකයි. අර අක්බාර් ශාලාව වටකරලා හැමෝම අත් අඩංගුවට ගත්ත දවස වගේම නන්ද ලක්මාල් බත් මුට්ටිය පෙරලලා පන්ති තහනම් කරගත්තු විස්තරේ මතක් වුනා . අවසාන වාක්කියෙන් කියන්න හදපු ගැඹුරු උපහාසය වචන පාවිචිචියේ එහෙ මෙහෙ වීමක් හින්දදෝ ඒ හැටි දැනෙන් නෑ නේද කියලා හිතුනා . ආර්ථක විද්‍යා විස්තර වගේම මැට්ටාගේ අතීත සමරුමුත් හරිම රසවත්
ReplyDeleteපිදිය යුත්තන් නොපිදීම ගැන කියන කොටසේ ට්විස්ට් එක වැඩි ඇති. බත් මුට්ටිය පෙරලීමෙන් පසු පෙරෙට්ටුව, බිල්ලා දැමීම සහ ඉන්පසු සති කිහිපය ගත වූ ආකාරය ගැන ලියන්න තවම කල් වැඩියි.
Delete/ සිසුන් නොවන්නන්ද යම් ප්‍රමාණයක් එකතු කළ විට/
ReplyDeleteආන්න මම...මාත් ඔය කොට්ඨාශයට අඩන්ගු වෙලා හිටිය මාස එකහමාරක් වගෙ. ඒ ඇවිල්ල 1999 අවුරුද්දෙ අන්තිම කාලෙ. පේරාදෙණිය - ගම්පොළ පාර හදපු සමාගමේ මම එතකොට වැඩ කලේ.
මගෙ බොස් ඒ කිව්වෙ ප්‍රොජෙක්ට් එන්ජිනියර් පෙරාදෙණියෙන් පාස් අවුට් වෙලා තියෙන්නෙ ඊට අවුරුදු 6-7 වගෙ කලින්.අඟුණාවල දිහා වැඩ කරද්දි මිනිහ මට කිව්ව " ලොක්කා ( මිනිහ මට කතාකලේ ලොක්කා කියල. හෙහ්..ඉහ නිකට ගැන බලල ) ඔය කඩ වලින් කන්ට ඕන නෑ යමු අක්බාර් කැන්ටිමට" කියල. ඊට පස්සෙ අපි පාර හදාගෙන හදාගෙන ගෙලිඔයත් පහුකරල යනකල් දිගටම දවල්ට කෑවෙ අක්බාර් එකෙන්.
දැන්නම් මගෙ ගෙදර මිදුලට බැස්ස ගමන් මේ අත දික්කලා වගෙ ඉස්සරහ කන්දෙ පේන්නෙ අක්බාර් එක ...:)
අතීත සැමරුම නියමයි මැට්ටා....:)
ප්‍රොජෙක්ට් ඉන්ජිනියර් අපි ඉන්න කාලේ හිටපු කෙනෙක් වගෙයි පේන්නේ. රවීගේ ගෙදර පැණිදෙනිය පැත්තේනම් බත් ගෙදරක් දමා ගැනීම හොඳ ව්‍යාපාරික අවස්ථාවක්.
Deleteඔක්කොමෙත් හරි අන්තිම ඡේදෙන්නේ ගේම දිල තියෙන්නේ යසටම.
ReplyDeleteලංකාවේ වි.වි හා රජයේ උසස් අධ්‍යාපන ආයතන වල ඉගෙනුම ලබන දරුවන්ට හොඳ අහාර පාන ලබාදීමේ වැඩ පිලිවෙලක් කිසිවෙකුට හීනෙන්වත් නොපෙනේ.දරුවෙක් මහන්සියෙන් පාසැල් කඩඉමෙන් ඉදිරියට ගියොත් අනිවාර්යෙන්ම අවුරුදු 4-6ක් අපද්‍රව්‍ය ආහාරයට ගැනීම ලාංකික ඇකඩමික් ඉරණමයී.
ReplyDeleteලංකාවේ වි.වි හා රජයේ උසස් අධ්‍යාපන ආයතන තරණය කළ පිරිසටද මෙම කන්ඩනය කලයුතු දුෂ්කර ක්‍රියාව අතීතකාමී විනෝද සමයක් වන්නේ එම ආයතන අරක්ගෙන පැවති පසුගාමී වාමාංශික දේශපාලන මුනගැසීම් නිසාය. (වීරවංශ මොඩල් වාමාංශික සෝඩා පොලිටික්ස්)
මේ අතර තවත් කිහිප දෙනෙක් ශිෂ්‍යත්ව මත විදෙස් වි.වි වල ඇතුලූ වී කාපුබීපු උජාරුවද වටිං ගොඩිං අපට පවසා ඇත.(USSR)
යහගුණ ආහාරයෙන් නිරෝගී මනසක් !
ලංකාවේ වි.වි හා රජයේ උසස් අධ්‍යාපන ආයතන වල ඉගෙනුම ලබන දරුවන්ට හොඳ අහාර පාන ලබාදීමේ වැඩ පිලිවෙලක් කිසිවෙකුට හීනෙන්වත් නොපෙනේ. ++++++++++++++++++
ReplyDeleteඅපගේ වෛද්‍ය පීඨයේ සිසුන්ට සතියකට වරක් ඉතා අඩු මිලට හරක් මස් / චීස් ලබා දුන්නා . බිත්තරයක මිල කොපෙක් ගනනක් වූ අතර අපි බිත්තර ගත්තේ 30 -40 කේස් පිටින්. ඇපල් ගත්තේ කිලෝ ගානට.
ලංකාවේ වි.වි හා රජයේ උසස් අධ්‍යාපන ආයතන සිසුන්ට ආහාර සඳහා වෙනම රැෂන් එකක් ලබා දිය යුතු බව සිතේ යහගුණ ආහාරයෙන් නිරෝගී මනසක් !........................
Sorry wenna ona.. Mata sinhala akuru naaa...mata mathakai oya kiyana pot eke remote ekata pora kana sinhala saga Tamil kollo set ekak hitiya.. Barima thana ara Nell hall eka patthe Tamil TV ekak set Kara woda..
ReplyDelete03 බැච් එක එනකොට අක්බාර් එකේ ෆුල් එකක් රු.7 අඩුවක් රු.3.
ReplyDeleteඋද්ධමනය තමා..
ඇදිලි නම් කොයි කාලෙත් එකයි.. හැක හැක.. කිව්වත් වගේ සිසුන් කළමනාකරණය කරන්න නම් කැන්ටින් කාරයො ලෙසටම දැනගෙන ඉන්න ඕන..
අපි තාමත් අක්බාර් මුදලාලිගෙ කෑම වල රස බලනව.. :)
ReplyDelete//එමෙන්ම, අපේ ජනාධිපතිතුමාගේ පුතාගේ නිදන කාමරයේ එල්ලා ඇති පරණ ජනාධිපතිතුමාගේ පුත්තුන්ගේ ඡායාරූපයකට දිනපතා නොවරදවා මල්, පහන්, හඳුන්කූරු පත්තු කරන බව කවුරු හෝ කියනවානම් එයද මා පිළිගන්නේ නැත.//
ReplyDeleteඑහෙම කරන්න වටිනවා..... මොකද එයාගේ තාත්තට මේ චෑන්ස් එක වැදුනේ ඒ අය්යලාටත් පින් සිද්ද වෙන්න
අක්බාර් මුදල් ඒකක ගැනත් මතක් කරන්න හිතුණා. මාරු කාසි වෙනුවට රුපියල් දෙක තුන පහ ආදී ඉලක්කම් ලියලා සීල් ගහපු කාර්ඩ් බෝඩ් කෑලි ඉතිරි සල්ලි විදිහට දෙන ක්‍රමයක් පටන් ගත්ත අපේ කාලේදී. මුලදී කට්ටිය ටික ටික මේ වැඩේට විරුද්ධ නොවී ඉන්නකොට මුදලාලි පටන් ගත්ත හැම වෙලේම අක්බාර් සල්ලි දෙන්න ඉතිරි විදිහට. අන්න එතනදී වරද්දා ගත්තා ඒ මුදලාලි.
ReplyDeleteඅක්බාර් මුදල් ගැන ඉදිරියට ලියනවා, උපාලි. මේ ලිපිය ප්‍රවේශයක්.
Delete2015 අගොස්තුවල වගෙ බත් එකෙ හුනෙක් ඉදල හිටපු සෙට් එක අයින් කලා , හිටියෙ සමන් කුමර, සමන් කුමර ඉතින් අක්බර් කෑන්ටිමට අලුත් පොරක් නෙවෙනෙ , දෑන් ඉන්න සෙට් එකනම් තාම අවුලක් නෑ.
ReplyDeleteඅපේ කාලේ එලවලු කෑම එක 2.50යි . කිරිටොපියක් සයිස් මාලු කෑල්ලක් එක්ක කෑම එක 3.25. අඩුව නම් ශත 50ට රුපියලට තිබුනා. අපේ බැචෙක් හිටියා . ඌ දවල්ට කන්නේ අඩු රුපියලක විතරයි. ඊට පස්සේ තව රුපියලක් දීල සිකරට් එකක් බොනවා.
ReplyDeleteමෙන්න තවත් කතාවක්
Deleteපරිප්පු හොද්දා
http://kathandara.blogspot.com/2011/09/dining-sangamtta-hall-peradeniya.html
අතීත මතක අවදි කරවන රසවත් ලිපියකි. ඉකොනොමැට්ටාතුමා පවසන යුගයට දශක කීපයකට පෙර යුගයේ දී ඇතැමකු භෝජනාගාරවලට යන්නට නොරිසි වන පරිසරයක් ද තිබිණි. ඒ මුල් වසරේ දී පමණි. මුල දී අදිමදි කළෝ පසු ව ඉංගිරිසි කෑම මේස චාරිත්‍රවාරිත්‍රවලට අනන්‍යයනට ද වඩා රුචි වූවෝ ය!
ReplyDeleteදෙදහස් ගණන්වල මුල දී මා පැරණි සඟයන්ගේ හමුවකට පේරාෙදණියට ගියෙමි. පශු වෛද්‍ය පීඨය ඉදිරියෙන් වූ පැරණි ගලහා පාරේ ගමන් කර, ක්‍රීඩාංගණය දෙසින් කලාගාරය පැත්තට යන කල තාවකාලික ගොඩනැගිල්ලක් දුටු මම එපිළිබඳ විමසීමි. එය නොනිල සරසවි ආපනශාලාවක් ල! අපාය නම් වූ බව ද දැන ගතිමි. නම නම් කදිමට ගැළපෙන බව සිතිණි!
ඉකොනොමැට්ටාතුමා හිල්ඩාව ගැන ලියූ ලිපිය ද රසවත් ය. අගයමි.
බන්‍ධුල කුදලාගම,
සදම්ටනය.