එකම දේ නැවත නැවත කියන එකේ ලොකු තේරුමක් නැතත් සමහර තත්ත්වයන් යටතේ වෙනස් ආකාර වලින් එකම දේ නැවත නැවත කියන්න වෙනවා. ලංකාව කියා කියන්නේ ලෝකයේ රටවල් අතරින් රටේ ජාතික ආදායමට සාපේක්ෂව අඩුම බදු ප්‍රමාණයක් එකතු කර ගන්නා රටක්. රජයේ බදු ආදායම් කියා කියන්නේ ඇස්තමේන්තු කළ යුතු දෙයක් නෙමෙයි. හරියටම සතේටම ගිණුම් වල තියෙන දෙයක්. අයවැයෙන් ඉදිරිපත් කරන්නේනම් ඇස්තමේන්තු. ඒ ගණන් බොහෝ විට නිවැරදි නැහැ. හැබැයි අවුරුද්දක් ඉවර වෙද්දී ලැබුණු ආදායම හරියටම බලාගන්න පුළුවන්.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් බදු ආදායම් එකතු කරන ප්‍රධාන ආයතන තුනක් තිබෙනවා.
1. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
2. ශ්‍රී ලංකා රේගුව
3. සුරාබදු දෙපාර්තමේන්තුව
පහත තියෙන්නේ මේ ආයතන තුන විසින්ම 2021 වසරේදී එකතු කරගත් බදු ප්‍රමාණය. (මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුවේ 2021 වාර්ෂික වාර්තාව).
ආදායම් බදු - රුපියල් මිලියන 302,115
වැට් බදු - රුපියල් මිලියන 308,213
නිෂ්පාදන/සුරා බදු - රුපියල් මිලියන 306,801
ආනයන මත බදු - රුපියල් මිලියන 64,339
අනෙකුත් බදු - රුපියල් මිලියන 316,490
එකතුව - රුපියල් මිලියන 1,298,019
මෙම ප්‍රමාණය රටේ ජාතික ආදායමෙන් 7.7%ක් පමණයි.
ඉහත රජයේ බදු ආදායම් වලින් වැඩිම කොටස, එනම් 43.43%ක්ම එකතු කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවයි. එම බදු ආදායම අන්තිම රුපියලට ගණන් බැලු විට රුපියල් 632,830,585,186ක්.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එකතු කර ගන්නා ප්‍රධානම බදු වර්ග දෙක ආදායම් බද්ද හා වැට් බද්දයි. ආදායම් බදු වලින් වැඩි කොටසක් අය කරන්නේ සමාගම් වලින්. පුද්ගල ආදායම් බදු ප්‍රමාණය මුළු ආදායම් බදු ප්‍රමාණයෙන් 16%ක් පමණයි. ස්කැන්ඩිනේවියන් රටවල වෙන්නේ එහි අනෙක් පැත්තයි.
පුද්ගල ආදායම් බදු - රුපියල් 48,713,743,993යි
සමාගම් බදු - රුපියල් 251,830,847,280යි
එකතුව - රුපියල් 300,544,591,27යි
වැට් බදු ආදායමත් ආසන්නව ආදායම් බදු ආදායමට කිට්ටුයි. ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස ආදායම් බදු ප්‍රමාණය වගේම වැට් බදු ආදායමද 1.8%ක් පමණයි. පෙර ලිපියක පෙන්වා දුන් පරිදි ඉතා විශාල ආදායම් බදු අය කරන ස්කැන්ඩිනේවියන් රටවල වැට් බදු ආදායමද එම රටවල ජාතික ආදායමෙන් 11% සිට 15% පමණ දක්වා කොටසක්. ලංකාවේ ආදායම් බදු ගෙවන්නේ සුළු පිරිසක් වන පරිදිම, වැට් බදු ගෙවන ව්‍යාපාරික ස්ථාන ප්‍රමාණයද ඉතා සීමිත වීමත්, බොහෝ භාණ්ඩ හා සේවා වැට් බද්දෙන් නිදහස්ව තිබීමත් මෙයට ප්‍රධාන හේතුවයි. වැට් බදු ගෙවන ආයතන ප්‍රමාණය 9,316ක් පමණයි (මූලාශ්‍රය: දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 2021 වාර්ෂික වාර්තාව)
රටේ නිපදවූ භාණ්ඩ මත අය කර ඇති වැට් බදු ප්‍රමාණය මුළු වැට් බදු ආදායමෙන් 12.86%ක් පමණයි. ආදායමෙන් 47.31%ක්ම ඇවිත් තිබෙන්නේ සේවා අංශ වලින්. ඉතිරි 39.83% ආනයනික භාණ්ඩ වලින්.
නිෂ්පාදන මත අය කළ වැට් බදු - රුපියල් 39,635,391,764යි
සේවා මත අය කළ වැට් බදු - රුපියල් 145,826,777,746යි
ආනයන මත අය කළ වැට් බදු - රුපියල් 122,750,875,084යි
එකතුව - රුපියල් 308,213,044,594යි
පසුගිය වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එකතු කර ඇති මුළු මුදල රුපියල් බිලියන 632.8ක්. එයින්, රුපියල් බිලියන 610.3ක්ම, එනම් 96.4%ක්ම, ආදායම් බදු හා වැට් බදු. තවත් විවිධ බදු වර්ග 15ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එකතු කර ඇතත්, ඒ සියල්ලෙන්ම ලබාගෙන ඇති ආදායම රුපියල් බිලියන 22.5ක් පමණයි. (විස්තර පහත වගුවක තිබෙනවා)
වාහන ආනයන බදු තිබෙන්නේ ඉහත උඩින්ම තිබෙන මහ බැංකු දත්ත අතර ඇති, රුපියල් බිලියන 306.8ක් වන, "නිෂ්පාදන/සුරා බදු" කාණ්ඩය ඇතුළේ. එම කාණ්ඩයද, එකතුව සැලකූ විට, ආදායම් බදු හා වැට් බදු මෙන්ම ජාතික ආදායමෙන් 1.8%ක් පමණයි. එයින් වාහන ආනයන බදු ප්‍රමාණය රුපියල් බිලියන 18.1ක් පමණයි. 2019දී මෙම ආදායම රුපියල් බිලියන 130.4ක් වුවත්, ගෙවුම් ශේෂ අර්බුදය හමුවේ වාහන ආනයනය තහනම් කිරීම නිසා එමගින් රජයට ලැබුණු ආදායම්ද විශාල ලෙස අහිමි වී තිබෙනවා. ඉතිරි කොටසින් රුපියල් බිලියන 88.5ක් සිගරැට් හා දුම්කොළ මත අය කළ බදු. රුපියල් බිලියන 138.6ක් මත්පැන් මත අය කළ බදු.
රජයට ආදායම් ලැබෙන්නේ බදු වලින් පමණද?
නැහැ. රජයට වෙනත් ආදායම්ද ලැබෙනවා. නමුත් මෙම ප්‍රමාණය ගොඩක් ලොකු නැහැ. ජාතික ආදායමෙන් 0.9%ක් පමණයි.
බදු ආදායම - රුපියල් මිලියන 1,298,019යි
වෙනත් ආදායම් - රුපියල් මිලියන 159,052යි
එකතුව - රුපියල් මිලියන 1,457,051යි
බදු ආදායම් විශාල ලෙස වැඩි කර ගන්නේ නැතිව, වියදම් කැපීමෙන් පමණක් අයවැය තුලනය කරගන්න පුළුවන්ද? එසේ කළ හැක්කේ මවාගත් බුබුළු ඇතුළේ ජීවත් වන අයට පමණයි. පුළුවන් විදිහක් තියෙනවානම් අපටත් කියන්න.
රජයට ලැබුණු ඉහත ආදායම වැය කළේ කොහොමද?
ආදායමෙන් ලොකුම කොටස යන්නේ නිදහස ලබා ගත් කාලයේ සිටම ආදායම ඉක්මවා වියදම් කරමින් රජය විසින් ලබාගත් දේශීය හා විදේශීය ණය කන්දරාව වෙනුවෙන් පොලී ගෙවන්නයි. මතක තියාගන්න මේ කතා කරන්නේ ණය ආපසු ගෙවන එක ගැන නෙමෙයි. ණය එලෙසම තියෙද්දී පොලී පමණක් ගෙවන එක ගැන.
දේශීය ණය වල පොලිය - රුපියල් මිලියන 794,633යි
විදේශීය ණය වල පොලිය - රුපියල් මිලියන 253,750යි
එකතුව - රුපියල් මිලියන 1,048,382යි
ණය පොලී කියන්නේ කිසිසේත්ම කපන්න පුළුවන් වියදමක් නෙමෙයි. මේ වියදම අඩු කර ගත හැකි එකම ක්‍රමය පොලී ගෙවීම පැහැර හරින එක පමණයි. විදේශ ණය හා අදාළව දැනටමත් ඒ වැඩේ කරලයි තියෙන්නේ. දේශීය ණය වල පොලියත් නොගෙවා ඉන්න පුළුවන්ද?
දේශීය ණය වල පොලිය නොගෙවා ඉන්නවා කියන්නේ රටේ බැංකු ටික කඩා වැටෙනවා කියන එක. රටේ බැංකු වල සල්ලි වලින් විශාල කොටසක් රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කරලයි තියෙන්නේ. ඒ වෙනුවෙන් පොලී නිසි පරිදි නොලැබුණොත් බැංකු වල තියෙන රටේ මිනිස්සුන්ගේ සල්ලි ආපහු ලැබෙන්නෙත් නැහැ. බැංකුත් ඉවරයි. ව්‍යපාරික ආයතන සියල්ලමත් ඉවරයි. මිනිස්සුත් ඉවරයි. රටත් ඉවරයි.
මතක තියා ගන්න ඔය පොලී වියදම් ගියේ 2021දී. ඒ වෙද්දී පොලී අනුපාතික දැන් වගේ වැඩි වෙලා තිබුණේ නැහැ. ගොඩක් පහළ මට්ටමකයි තිබුණේ. ඔය වියදම ගියේ එහෙම තියෙද්දී.
හරි. දැන් ආදායම රුපියල් මිලියන 1,457,051යි. පොලී වියදම පමණක් රුපියල් මිලියන 1,048,382යි. එතකොට තව ඉතුරු කීයද?
තව ඉතුරු රුපියල් මිලියන 408,669ක් පමණයි. හැම වියදමක්ම කරන්න වෙන්නේ ඔය සල්ලි ටිකෙන්. නමුත් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වියදම පමණක් රුපියල් මිලියන 1,115,507ක්. ඒ කියන්නේ ඔය ඉතිරි වන මුදල මෙන් තුන් ගුණයකට කිට්ටුයි. විශ්‍රාම වැටුප් කොටස රුපියල් මිලියන 269,827ක්. ඒ කොටස ගෙවුවොත් දැන් ඉන්න රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්න ඉතිරි වෙන්නේ රුපියල් මිලියන 138,042ක් පමණයි. නමුත් වැටුප් වියදම ඒ වගේ හය ගුණයක්. ඒ කියන්නේ බදු ආදායම් වැඩි කර නොගෙන, විශ්‍රාම වැටුප් ටික බේරලා, රාජ්‍ය සේවක වැටුප් විතරක් පියවන්න වුනත් දැන් ඉන්න සෑම රාජ්‍ය සේවකයින් හය දෙනෙක්ගෙන් පස් දෙනෙකුවම වන්දියක්වත් නොගෙවා ගෙදර යවන්න වෙනවා.
ඕකම තවත් විදිහකට විස්තර කරන්නත් පුළුවන්. පොලී ගෙවුවට පස්සේ ආදායමෙන් ඉතිරි වූ කොටස රුපියල් මිලියන 408,669යිනේ. රටේ ගොඩක් දෙනෙකුට අනුව, අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා වන වියදම් නොකැපිය යුතුයි. දෙන දේවල් ටිකත් මදි කියන එකනේ බොහෝ දෙනෙකුගේ අදහස. ආරක්ෂක වියදම් වගේ දේවල් පැත්තකින් තියමුකෝ. ඒ වියදම් අඩු කළ යුතුයි කියා යම් ජනමතයක් තියෙනවනේ. පහත තියෙන්නේ පසුගිය වසරේදී අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් වියදම් කළ මුදල.
අධ්‍යාපනය - රුපියල් මිලියන 310,613යි
සෞඛ්‍යය - රුපියල් මිලියන 387,121යි
එකතුව - රුපියල් මිලියන 697,735යි
පොලී ගෙවලා, විශ්‍රාම වැටුප් ටික ගෙවුවට පස්සේ ඉතිරි වෙන්නේ රුපියල් මිලියන 138,042ක් බව කලින් කිවුවනේ අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා ගිය වියදම විතරක් ගත්තත් ඒ වගේ පස් ගුණයක්. ඒ කියන්නේ, පොලී ගෙවලා, විශ්‍රාම වැටුප් ගෙවලා ආදායම පිරිමහගන්නනම්, අනෙක් සියලුම වියදම් 100%ක්ම කපලා, අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා යන වියදම් වලිනුත් 80%ක්ම කපන්න වෙනවා.
ඔය තරම්ම පැහැදිලි කළාට පස්සෙත්, තියෙන ප්‍රශ්නය බදු වැඩි නොකර, වියදම් කැපීමෙන් පමණක් විසඳන්න පුළුවන් එකක් කියා කවුරු හරි හිතනවනම් ඒ ගැන අනුකම්පා කරනවා මිස වෙන කරන්න දෙයක් නැහැ.
ඔය කියපු ගණන් ඇත්තම ගණන්. මේ අවුරුද්ද තවම අවසන් නැති නිසා මේ අවුරුද්දේ ඇත්ත ආදායම් හා වියදම් ගැන කතා කරන්න බැරි බව ඉතාම පැහැදිලියිනේ. ඒ නිසා මේ අවුරුද්ද ගැන කතා කරන්න වෙන්නේ අයවැය ඇස්තමේන්තු මත පදනම්වයි.
එය අපි ඉදිරි ලිපියකට ඉතිරි කරමු.
හොඳ පෝස්ට් එකක්, ස්තූතියි ඉකොනොමැට්ටා,
ReplyDeleteලංකාවේ බදු ආදායම ගැන ඉතාමත් අගනා විස්තරයක්, කලින් පෝස්ට් වලදී ඔබ පහුගිය වසරවල වියදම් ගැනත් ලියා තිබුණා, 2021 අයවැයේ මතක විදියට මුළු වියදම රුපියල් බිලියන් 2,700 ක් විතර ඇස්තමේන්තු කළත් ඊට වැඩියි ද ඇත්තම ගණන? රුපියල් බිලියන් 4,400?
ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මේ පුංචි ක්ලිප් එකේ ජවිපෙ ජාතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ සහෝදරයා පැහැදිලි කරන විදියට ලංකාවේ ලබන වසරේ රජයේ වියදම රුපියල් බිලියන 7,500 ක් පමණ වෙනවා කියලා කියන්නේ ඇත්ත ද? දැනට මම හිතන්නේ වසරකට බිලියන හාරදාහක් විතර හෝ ඊට අඩුයි ලබන අවුරුද්දේ එච්චරම වැඩි වෙන්න හේතුව මොකක් විය හැකි ද?
මේක බලන්න;
https://www.facebook.com/dailyceylon/videos/509428001045664/?app=fbl
ඒ වගේම ජවිපෙ ජාතික ජන බලවේගයේ අදහස වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමත් සමගම විදේශීය ණය ලබා ගැනීමට නොහැකි නිසා ඒ වෙනුවෙන් දේශීය රජයේ බැංකු වලින් බිලියන දහස් ගණනක් බැඳුම්කර ලෙස ණය පිට ණය දේශීය ණය ගැනීම සඳහා අධික පොළී අනුපාතික වලට මුදල් එකතු කර ගන්න බවත් ඒ නිසා ලංකාවේ බැංකු පද්ධතිය නිසැක වශයෙන්ම කඩා වැටීමට නියමිත බවත් ඔහු පවසන කරුණු ඇත්තද? අපි අපේ බැංකු ගිණුම් වලට මේ වගේ භයානක තත්වයන් යටතේ කළ යුතු කුමක්ද,? මේවා ඉන්ෂුවරන්ස් අවදානම් යටතේ රක්ෂණය කළ හැකි ද?
ජවිපෙ සහ තවත් විපක්ෂ පිරිස් මේ දිනවල මතුකරන තව කරුණක් තමයි ලංකාවේ තරුණ වෘත්තිකයන් විශේෂයෙන් ලංකාවේ පොදු පිලිගැනීම අනුව ලංකාවේ වටිනාම බුද්ධිමය සම්පත වන වෛද්‍යවරුන් සහ ඊළඟට වටිනා බැංකු සේවකයින් ගුරුවරුන් නීතිඥවරුන් කාර්මික ශිල්පීන් සහ වෘත්තීය සමිති වල නායකයන් වැනි බුද්ධිමත් වෘත්තීයවේදීන් සිය දහස් ගණනක් රට හැර යන බවත් රජයේ සහ පෞද්ගලික අංශයේ බැංකුවලින් සේවකයන් සිය දහස් ගණනක් රට එපාවී විදේශ ගත වන බවත් මහ බැංකුවේ සේවකයන් විශාල පිරිසක් රටහැර ගොස් ඇති බවත්... මේ කියන විදිහට ලංකාවේ ආර්ථිකය තිබුණාටත් වඩා අධික ලෙස ඉතා අර්බුදකාරී තත්ත්වයක් දක්වා යන ගමනේ දී ලංකාවේ ජනතාව කළ යුතු කුමක්ද?
ලබන 2023 වසරේ මීටත් වඩා අධික ලෙස රජයේ ණැය වැඩි වීමත් රජය තව තවත් බදු අය කිරීමත් නිසා ලංකාවේ ආර්ථිකය ගොඩ දාගන්න බැරි තරමට කඩා බිඳ වැටීම තවත් බරපතල වන බව ඔහු පෙන්වා දෙන්නේ, මේක සත්‍ය කතාවක් විය හැකි බව ලංකාවේ බොහෝ දෙනෙක් පවසන්නේ, මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?
(මම ආර්ථික විද්‍යාව පිළිබඳ එතරම් දන්නේ නැහැ සාමාන්‍යයෙන් ලංකාවේ මාධ්‍ය වාර්තා වල කියන දේවල් විතරයි දන්නේ ඒ නිසා හැකි තරම් සරලව පැහැදිළි කළ හැකි නම් බොහොම ස්තුතියි)
//ලංකාවේ ලබන වසරේ රජයේ වියදම රුපියල් බිලියන 7,500 ක් පමණ වෙනවා කියලා කියන්නේ ඇත්ත ද?//
Deleteමුදල් අමාත්‍යංශ වෙබ් අඩවියේ තිබෙන සංශෝධිත ඇස්තමේන්තු අනුව, මේ වසරේ වසරේ වියදමට ගෙවිය යුතු ණය වාරිකද එකතු කළ පසු එකතුව රුපියල් බිලියන 6,177ක්. උද්ධමනයේ බලපෑම සැලකූ විට ලබන වසරේ ඔය ගණන වෙන්න බැරිකමක් නැහැ.
ඉකොනොමැට්ටා මාතෘකාවට අදාල නැති වෙනත් කාරණයක් තියෙනවා ඔබට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම්, මොකද මේ දවස් වල ඇමරිකානු එක්සත් ජනපදයේ ඉලෝන් මස්ක් ට්වීටර් ඩීල් එක ක්ලෝස් කරනවත් එක්කම ඉන්දියානු සම්භවයක් තියෙන ට්විටර් ප්‍රධාන විධායක නිලධාරී (CEO) පරාග් අගර්වාල් සහ නීති ප්‍රධානී (CFO) විජයා ගඩ්ඩේ තනතුරින් වහාම ක්‍රියාත්මක වෙන ලෙස ඉවත් කරලා තියෙන්නේ
ReplyDeleteමේ ගැන අදහස් දක්වන කට්ටිය හිතන්නේ මේ සමගම ට්විටර් එකෙන් දක්ෂිණාංශික මතය ඉවත් කරලා, රැඩිකල් වාමාංශික, නව ලිබරල්වාදී අදහස් ඉස්මතු කළ මොවුන් දෙදෙනා ඉවත් කිරීම නිසා ඉදිරියේදී එහි ක්‍රියාකාරීත්වය strategically වෙනස් වෙනවා කියලා
උදාහරණයක් විදියට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගිණුම අහෝසි කළෙත් ඉහත සඳහන් කළ ට්විටර් ප්‍රධාන නිලධාරීන් දෙදෙනා නිසා.
ඒ අනුව ට්විටර් නැවතත් දක්ෂිණාංශික, ඇන්ටි ෆෙමිනිස්ට්, සංක්‍රමණික විරෝධි අදහස් වලට විවෘත වීමට ඉඩ තියෙනවා සෑහෙන්න දුරට එහෙම නේද? ඒකෙන් ලංකාවට විය හැකි බලපෑම මොනවගේ වේවිද දන්නේ නැහැ නේද?
හොඳ වෙලාවට ලෝකයේ මිනිස්සු ලකේ පන්කාවෙ එවුන් වගේ නිවට කාළකන්ණි හරක් නෙමේ, අසාධාරණයකදී හඬ නගන මිනිස්සු. ඒක නිසා බය වෙන්න එපා මෙයා.
Deleteමට ඔය ප්‍රශ්නයට පිළිතුරු දිය හැකි විශේෂඥතාවයක් නැහැ.
Deleteවංචාවලට හසුවී කෝටි ගණන්වලින් මුදල් අහිමි කරගත් අයගේ ගණන් හිලව් පොලිසියේ අය කියනවනේ, පැමිණිලි නොකළ අය වැඩි වුනත්. ඒ ඔස්සේ ගිහිං ඒ අය නිසි පරිදි ආදායම් බදු ගෙවල තියෙද කියලා හෙවිල්ලක් කෙරෙනවද- ඔබ දන්නා තරමින්.
ReplyDeleteඑහෙමත් නැත්තං එහෙම විමර්ශන කෙරෙන්නේත් පැමිණිල්ලක් දැම්මොත් විතරද?
නිදිගේ පංච තන්තරේ, එහෙම හොයාගන්න පුළුවන් කමක් නෑ නේද? ලංකාවේ සියලුම ගණුදෙනු එකම payment gateway එකක් හරහා කරලා ඒක මොනිටර් කරන්න පුළුවන් නම් කෑෂ් ගණුදෙනු හැර සාමාන්‍යයෙන් ලොකු ගණුදෙනු සියල්ලම හොඳටම නිරීක්ෂණය කරන්න පුළුවන් වෙයි එහෙම වුණොත් ඒක හරහා රජයට යම් පාලනයකින් යුතුව බදු අයකිරීම් වුණත් කරන්න පුළුවන් වෙයි
Deleteඒත් ලංකාවේ ඉන්න ගොඩක් දෙනෙක් කැළණියෙ නාග ධාතු වැන්දත්, සෙව්වන්දිගෙ පොල්, පේන බැලුවත්, කතරගම පූජා වට්ටි තැබුවත්, අමු කෙබර හොර ඇනෝනිමස්ලට හෑශ් ටැග් ගැසුවත්, ටයි කෝට් කිට් එක ගහපු හොර කට්ටඩි ජෙරම්ගෙන් දෙවි පිහිට ලැබුවත්, හොර වෙදා වයිටාගෙන් බේත් ගත්තත්, බදු වංචා කරලා ගොඩ ගහපු කළු සල්ලි තිළිණි ළඟ දාලා කුජීත වෙලා ගියත්, හොරාචාර්ය හර්ෂ ද සිල්වලාගේ අගක් මුලක් නැති වැල් බයිලා වලට හුරේ දැම්මත්, මැදමුලනේ නාකි මයින කියන ගස් බලු මළකුණ පෙළහර පාන කම් බලා හිටියත්, ලප අනුරගේ හොර පයිල් ඇතුලේ තියෙන සිත්තර පත්තරේ පෙන්නලා හොරු අල්ලන්න හිතාන ඉන්න උනුත්, ගොනුන් එකමමැයි කෝවේ දැමුවත්...
//එහෙම හොයාගන්න පුළුවන් කමක් නෑ නේද?//
Deleteමම හිතුවේ එහෙම යාන්ත්‍රණයක් තියෙනවා කියලයි. මට සිද්ධ වුණු දේවල් තුනක් උදාහරණයට දෙන්නම්.
1. 1970 -80 කාලේ මම බතික් නිෂ්පාදන වැඩ කරද්දී, බම්බලපිටියේ තිබුණු 'ශාන්ති බතික්' එකට අපේ නිෂ්පාදන අලෙවි කළා තොග වශයෙන්. කාලයකින් ආදායම් බදු එකෙන් මට දැන්වීමක් කරලා, මාව එහාට කැඳෙව්වා. මගෙ ගැන තොරතුරු ලබාගෙන තිබ්බේ ශාන්ති බතික් එකේ අදායම් බදු ලිපිගොනු හරහා.
2. 1996 යූවති කිරිල්ලී මගෙ පළමු නවකතා පොත 3,000ක් ගැහුවමත් මාව ආදායම් බදු එකට ගෙන්නෙව්වා. පොතක් 150/- නම් පොත් 3,000ක ආදායමට බදු ගෙවන්න කියලා. ඒ නිලධාරීන් ලංකාවේ පොතක් බෙදා හරිද්දී පොත්හලකට 40%ක් වට්ටම් දිය යුතු බවවත් නොදන්නා අයයි.
3. මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ පොතක සෝදුපත් බැලීම වෙනුවෙන් (2000 විතර) මට ලැබුණු රු.5,000/- චෙක්පතක් බැංකුවට බැර කරන්න ගියාම හාර-හාරා ඇහුවා මොකටද- කොහෙන්ද ඒ චෙක් පත ලැබුණේ කියලා.
මට තවමත් හිතාගන්න බෑ එහෙව් රටක කෝටි-ප්‍රකෝටි ගණන් ගනුදෙනු රහසෙන් කෙරෙන්නේ කොහොමද කියලා.
I have no issue paying 50% of my income for taxes. But the question is "Are these tax funds being used productively? even today?". The public see there is no equality when it comes to law and order, the corruptions have risen. Politicians and people in the power proving to the public that they are untouchables, and this trend has specially grown openly since the "Aragalaya" it seems. They challenge the public and the institutions asking indirectly "We will do what ever we want, and you buggers keep your moth and eyes shut".
ReplyDeleteFor me, I had enough of these bullshits! I would soon offer or raise a fund to kill all these bastards 225! so much rage going inside of me.
නිෂ්පාදකයන්ගෙන් වෙළෙන්දන් ආදීන්ගෙන් අයකරන බදු වැඩිකරන අතර බඩුමිල වැඩිනොවී පවත්ව ගන්න තියන ක්‍රමවේදය මොකක්ද
ReplyDeleteබදු වැඩි කරන විට බඩු මිල ඉහළ යන බව පේන නමුත් ඇත්තටම සිදු වන දෙය සංකීර්ණ දෙයක්. විශේෂයෙන්ම ලංකාවේ සන්දර්භයේදී. බදු නිසා බඩු මිල ඉහළ යාම තාවකාලික දෙයක්. එසේ තාවකාලිකව බඩු මිල ඉහළ ගියත් සල්ලි අච්චු ගැසීමේ අවශ්‍යතාවය අඩු වෙන නිසා දිගුකාලීනව වෙන්නේ බඩු මිල ඉහළ යාම පාලනය වෙන එක. එසේ නැත්නම් වෙන්නේ දිගින් දිගටම බඩු මිල ඉහළ යාමයි. වෙනත් විදිහකින් කිවුවොත්, ලංකාවේ සන්දර්භයේ බදු වැඩි කරන එකෙන් වෙන්නේ බඩුමිල වැඩි නොවී පවත්වා ගැනීම සඳහා සඳහා උදවුවක් ලැබෙන එකයි.
DeleteThank you Economatta for this detailed explanation.
ReplyDeleteI have a small suggestion for you, if possible kindly list out all the referred documents and websites in the bottom of your articles in the future (in a comment or in the main article). I know you already mention referred sources in some of your articles, but if you can please share the main sources that you based your articles on in all the future articles, it will have much more credibility and I think many can use them for academic purposes as well.
Thank you
මේ ලිපිය ලිවීම අරමුනු කල පුද්ගලයටනම් මෙහෙම නෙමෙයි කොහොම කිව්වත් ඕක තේරෙන්නෙ නෑ. බුවා බදු අඩු කරල ආර්තිකේ දියුනු උනාම එකතු වෙන බදු ඉබේම වැඩි වෙනව කියල් හිතන් ඉන්න බුවෙක්නෙ
ReplyDeleteගෝටව ගෙනාපු බුවාස්ලනෙ.