Monday, November 7, 2022

හෙට ඇමරිකාවේ මැතිවරණ දිනයයි!


හෙට (නොවැම්බර් 8) මේ වසරේ ඇමරිකාවේ මැතිවරණ දිනයයි. ඇමරිකාවේ නීතිය අනුව මැතිවරණ පැවැත්වෙන්නේ වසරේ එක් නිශ්චිත දිනයකයි. ඒ නිසා, බලයේ සිටින කණ්ඩායමට වඩා වාසිදායක හෝ ඔවුන්ට "ශුභ" දවස් බලා මැතිවරණ තියන්න බැහැ. නීතිය අනුව මෙසේ මැතිවරණ පැවැත්වෙන මැතිවරණ දිනය වන්නේ නොවැම්බර් මාසයේ පළමු සඳුදා දිනයෙන් පසුව එළැඹෙන අඟහරුවාදා. එනම්, නොවැම්බර් 2-8 අතර සතියේ අඟහරුවාදා. මේ වසරේ මේ දිනය නොවැම්බර් 8. 

ඇමරිකාවේ මැතිවරණ දිනයේදී ජාතික, ප්‍රාන්ත හා ප්‍රාදේශීය මැතිවරණ හා ජනමත විචාරණ විශාල ප්‍රමාණයක් එකවර පැවැත්වෙනවා. ඡන්දදායකයෙකුට මේ සියලුම මැතිවරණ සඳහා එකම තැනකදී එකවර ඡන්දය භාවිතා කළ හැකියි. අවශ්‍යනම් තමන් විසින් තෝරාගත් මැතිවරණ කිහිපයක් සඳහා පමණක් ඡන්දය භාවිතා කළ හැකියි. 

ඇමරිකාවේ මැතිවරණ දිනය ලෝකයේ වැඩිම අවධානයට ලක් වන්නේ වසර හතරකට වරක් ජනාධිපතිවරණයක් පැවැත්වෙන විටයි. අවසන් වරට ජනාධිපතිවරණයක් පැවැත්වුණේ 2020දී නිසා මීළඟට ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ 2024 වසරේදී. මේ වසරේදී  ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ නැතත් කොන්ග්‍රස් සාමාජිකයින් තෝරා පත් කර ගැනීම සඳහා ජාතික මැතිවරණ පැවැත්වෙනවා. එය සෑම දෙවසරකටම වරක් සිදුවන්නක්.

ඇමරිකානු කොන්ග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය (House of Representatives) හා සෙනෙට් සභාව ලෙස හැඳින්වෙන කොටස් දෙකක් තිබෙනවා. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රී ධුර ගණන 435ක්. මෙම ප්‍රමාණය පසුගිය වසර 111ක කාලය තුළම වෙනස් වී නැහැ. 

එක් නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයෙකු රටේ එක් නිශ්චිත කොට්ඨාශයක් නියෝජනය කරනවා. එක් එක් ප්‍රාන්තයේ තිබෙන කොට්ඨාශ ගණන ප්‍රාන්තයේ ජනගහණයට සමානුපාතිකයි. ඒ අනුව, ඇමරිකාවේ ප්‍රාන්ත අතරින් වැඩිම ජනගහණයක් ජීවත්වන කැලිෆෝර්නියාවේ මන්ත්‍රී කොට්ඨාශ ගණන 52ක්. පසුගිය කොන්ග්‍රස් මැතිවරණ පැවැත්වුණු 2020දී මෙම ගණන 53ක් වුවත්, 2020 සංගණන ප්‍රතිඵල අනුව කැලිෆෝර්නියා ප්‍රාන්තයේ නියෝජිතයින් ගණන එකකින් අඩු වී තිබෙනවා. අලුත් ධුර දෙකක් එකතු වී, ටෙක්සාස් ප්‍රාන්තයේ නියෝජිතයින් ප්‍රමාණය මෙවර 38 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහෙත්, ජනගහණය අඩු, ඇලස්කා, ඩෙලවෙයා, වයෝමින්, වර්මොන්ට්, නෝර්ත් ඩකෝටා හා සවුත් ඩකෝටා ප්‍රාන්ත නියෝජනය කරන්නේ එක් නියෝජිතයෙකු විසින් පමණයි. මෙතෙක් එක් නියෝජිතයෙකුට පමණක් හිමිකම් කියූ මොන්ටානා ප්‍රාන්තයට මෙවර තවත් නියෝජිතයෙකු හිමි වී තිබෙනවා. 

නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයෙකුගේ ධුර කාලය වසර 2ක් පමණයි. ඒ නිසා, ඔවුන්ට හැම විටම මෙන් තමන්ගේ ඡන්දදායකයින්ගේ මතය නියෝජනය කරන්නට සිදු වෙනවා. ධුර කාලය වසර දෙකකට සීමා කර තිබීමේ අරමුණද එයයි. මේ වන විට නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයින්ගෙන් 220 දෙනෙකු ඩිමොක්‍රටික් පාක්ෂිකයින් වන අතර 212 දෙනෙකු රිපබ්ලිකන් පාක්ෂිකයින්. මන්ත්‍රී ධුර තුනක් පුරප්පාඩු වී තිබෙනවා. අඟහරුවාදා දින ආසන 435 සඳහාම මැතිවරණ පැවැත්වෙනවා. දැනට පෙනෙන්නට තිබෙන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය රිපබ්ලිකන් පක්ෂයට මාරු වීමට සැලකිය යුතු ඉඩක් ඇති බවයි. 

සෙනෙට් සභිකයින් ගණන 100ක් වන අතර ඔවුන්ගේ ධුර කාලය වසර 6ක්. මෙම ධුර ගණන, ජනගහණය නොසලකා, ප්‍රාන්තයකට දෙක බැගින් බෙදී යනවා. සෙනෙට් සභිකයෙකුගේ ධුර කාලය වසර හයක් වැනි දීර්ඝ කාලයක් වන ලෙස සැලසුම් කර තිබෙන්නේ ජනමතය තාවකාලිකව යම් තරමකින් නොසලකා, ජනතාවගේ දිගුකාලීන යහපත පිණිස හේතු වන තීන්දු ගැනීම පහසු කිරීමටයි. මේ ක්‍රමය තුළ ජනප්‍රිය මතයට එරෙහි වන විශේෂඥ මත වලටද ඉඩක් ලැබෙනවා. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ ජනප්‍රිය මතය නිරූපණය වන නිසා මෙහි හානියක් නැතුවා වගේම යම් තුලනයක් සිදු වෙනවා. 

සෙනෙට් සභිකයෙකුගේ ධුර කාලය වසර 6ක් වුවත් සෙනෙට් සභාව වසර හයකට වරක් එක වර විසිරී යන්නේ නැහැ. සෑම වසර දෙකකටම වරක් සභිකයින් ප්‍රමාණයෙන් ආසන්න වශයෙන් තුනෙන් එකක් අලුතෙන් පත් කර ගැනීමයි සිදු වන්නේ. දැනට සෙනෙට් සභාවේ වැඩි බලයක් තිබෙන්නේ රිපබ්ලිකන් පක්ෂයටයි. එම පක්ෂයට මන්ත්‍රී ධුර 50ක් හිමිව ඇති අතර ඩිමොක්‍රටික් පක්ෂය සතුව ඇත්තේ ධුර 48ක් පමණයි. ඉතිරි දෙදෙනා ස්වාධීන අපේක්ෂකයින්. 

මෙවර, සාමාන්‍යයෙන් වසර දෙකකට වරක් සිදුවන පරිදි, වසර හයක කාලයක් සඳහා සෙනෙට් සභිකන් 34 දෙනෙකු අළුතෙන් පත් කර ගැනෙනවා. මැතිවරණ පැවැත්වෙන ආසන වලින් 20ක් දැනට නියෝජනය කරන්නේ රිපබ්ලිකන් පාක්ෂිකයින් විසින්. ඉතිරි 12 ඩිමොක්‍රටික් පාක්ෂිකයින් විසින්. මීට අමතරව, පුරප්පාඩු වී තිබෙන ධුර දෙකක් සඳහාද මැතිවරණ පැවැත්වෙනවා. මැතිවරණයෙන් සෙනෙට් සභාවේ සංයුතියේ විශාල වෙනසක් වීමේ ඉඩක් පෙනෙන්නට නැතත් සුළු හෝ වාසියක් ලබා ගැනීමට වැඩි ඉඩක් ඇති බව පෙනෙන්නේ රිපබ්රිකන් පක්ෂයයි. 

ඇමරිකාවට පිටින් සිටින අය හැමවිටම මෙන් ඇමරිකාවේ ෆෙඩරල් රජය දිහා බලාගෙන හිටියත්, ඇමරිකානුවෙකුගේ ජනජීවිතය කෙරෙහි බලපාන ගොඩක් දේවල් තීරණය වෙන්නේ ප්‍රාන්ත හා ප්‍රාදේශීය මට්ටම තුළයි. මෙවර මැතිවරණ දිනයේදී ඇමරිකාවේ ප්‍රාන්ත 36ක (හා ඇමරිකාවට අයත් ප්‍රදේශ 3ක) ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් තෝරා පත් කර ගැනීමේ මැතිවරණද පැවැත්වෙන නමුත් අපේ ප්‍රාන්තය මේ අතර නැහැ. දැනට ප්‍රාන්ත 28ක් පාලනය කරන්නේ රිපබ්ලිකන් පක්ෂයයි. එම ප්‍රාන්ත අතරින් 20ක මැතිවරණ පැවැත්වෙනවා. දැනට ඩිමොක්‍රටික් පක්ෂය සතුව බලය තිබෙන ප්‍රාන්ත 22 අතරින් 16කද ආණ්ඩුකාර ධුර සඳහා මැතිවරණ පැවැත්වෙනවා. 

මේ මැතිවරණ දිනයේදී අපේ ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා තෝරා පත්කර ගැනීම සඳහා මැතිවරණ නොපැවැත්වුණත්, ප්‍රාන්තයේ ව්‍යවස්ථාදායක සභාව තෝරා පත් කර ගැනෙන මැතිවරණ පැවැත්වෙනවා. එහිද, ජාතික මට්ටමේදී මෙන්ම, කොටස් දෙකක් තිබෙනවා. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ධුර ගණන 100ක්. ධුර කාලය වසර දෙකයි. සෙනෙට් මන්ත්‍රී ධුර ගණන 50ක්. ඔවුන්ගේ ධුර කාලය වසර හතරක්. දෙවසරකට වරක් ඔවුන්ගෙන් 25 දෙනෙකු තෝරා පත් කර ගැනෙනවා. ඒ අනුව, මෙවර අපේ ප්‍රාන්තයේ  නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයින් 100 දෙනෙකු හා සෙනෙට් සභිකයින් 25 දෙනෙකු අලුතෙන් හෝ නැවත පත් කර ගැනෙනවා.

මීට අමතරව, ප්‍රාන්ත රජයේ ඇතැම් තනතුරු පිරවීම සඳහාද මැතිවරණ (හෝ නිලවරණ) පැවැත්වෙනවා. එමෙන්ම ප්‍රාදේශීය මැතිවරණ ගණනාවක්ද පැවැත්වෙනවා. විවිධ මට්ටම් වල සිවිල් තනතුරු ගණනාවක් සඳහාම මහජන ඡන්දයෙන් පුද්ගලයින් පත් කර ගැනෙනවා. පහත තිබෙන්නේ අපේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයා සහ සෙනෙට් සභිකයා තෝරා ගැනීමට අමතරව මැතිවරණ දිනයේදී පැවැත්වෙන වෙනත් මැතිවරණ (හෝ නිලවරණ) අතරින් කිහිපයක්.

- ප්‍රාන්තයේ රාජ්‍ය ලේකම් (Secretary of State)

- ප්‍රාන්තයේ විගණකාධිපති (Auditor of State)

- ප්‍රාන්තයේ භාණ්ඩාගාරික (Treasurer)

- ප්‍රාන්තය තුළ පුරප්පාඩු වී ඇති එක් අධිකරණ කලාපයක අභියාචනාධිකරණ විනිසුරු 

- කෝරළයේ තක්සේරුකරු (County Assessor)

(කෝරළයක් (County) යනු, අපේ ප්‍රාන්තයේනම්, සාමාන්‍ය වශයෙන් 35,000ක පමණ ජනගහණයක් සිටින ප්‍රදේශයක්) 

- කෝරළයේ උසාවි ලිපිකරු (Circuit Court Clerk)

- කෝරළයේ මරණ පරීක්ෂක (County Coroner)

- කෝරළයේ වාර්තා තබන්නා (County Recorder)

- කෝරළය තුළ එක් එක් ප්‍රදේශය නියෝජනය කරන කොමසාරිස් වරු 

- කෝරළය තුළ එක් එක් ප්‍රාදේශීය උසාවි වල විනිසුරුවරුන් 

- කෝරළයේ පොලිස් ප්‍රධානියා (County Sheriff)

- කෝරළයේ ප්‍රධාන රජයේ නීතිඥයා (Prosecuting Attorney)

- කෝරළය තුළ අපේ නාගරික කොට්ඨාශයේ භාරකරු (Township Trustee)

- කෝරළය තුළ අපේ නාගරික කොට්ඨාශයේ පාලක මණ්ඩල සාමාජිකයින් 

- කෝරළය තුළ එක් එක් කලාපයේ පාසැල් පාලක මණ්ඩල 

ඇමරිකාවේ ප්‍රාන්ත පණහක් හා කෝරළ තුන් දහසකට අධික ප්‍රමාණයක් තිබෙනවා. පාසැල් දිස්ත්‍රික්ක 17,000කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. කෝරළ වලට වඩා කුඩා පරිපාලන ප්‍රදේශ දස දහස් ගණනක් තිබෙනවා. මේ සියලු ප්‍රදේශ වල ඇති ආයතන වල තනතුරු දස දහස් හෝ ලක්ෂ ගණනක් සඳහා අඟහරුවාදා එකවර හා වෙනවෙනම මැතිවරණ පැවැත්වෙනවා. මීට අමතරව ජනතාවට බලපාන විවිධ කරුණු හා සම්බන්ධ ජනමත විචාරණ විශාල ප්‍රමාණයක්ද මැතිවරණ දිනයේදී පැවැත්වෙනවා. බොහෝ විට ජනමත විචාරණ ප්‍රමාණය දහස් හෝ දස දහස් ගණනක්. පහත තිබෙන්නේ උදාහරණ කිහිපයක්.

ටෙනසී ප්‍රාන්තයේ "වැඩ කිරීමේ නිදහස" ලබා ගැනීම සඳහා වන ජනමත විචාරණය - ප්‍රාන්තයේ දැනට පවතින නීති රාමුව යටතේ සමාගමකට සේවයට බඳවා ගැනීමේදී වෘත්තීය සමිතියක සාමාජිකයෙකු විය යුතු බව කොන්දේසියක් ලෙස ඉදිරිපත් කළ හැකියි. ජනමත විචාරණය පවත්වන්නේ එසේ කළ නොහැකි වන සේ ව්‍යවස්ථාව වෙනස් කර ගැනීමටයි.

ඉලිනෝයි ප්‍රාන්තයේ වෘත්තීය සමිති පිහිටුවා ගැනීම මූලික අයිතිවාසිකමක් බවට පත් කර ගැනීම සඳහා වන ජනමත විචාරණය - මෙහි අරමුණ ඉහත ආකාරයේ "වැඩ කිරීමේ නිදහස" පිළිබඳ නීති පැනවීම වැළැක්වීමයි. ජනමත විචාරණය ජයග්‍රහණය කළහොත් වෘත්තීය සමිති පිහිටුවා ගැනීම මූලික අයිතිවාසිකමක් ලෙස ව්‍යවස්ථාවට ඇතුළු වෙනවා. 

නෙවාඩා ප්‍රාන්තයේ අවම වැටුප් නීතිය - මෙය සම්මත වුවහොත් 2024 ජූලි 1 දින සිට ප්‍රාන්තයේ අවම වැටුප පැයකට ඩොලර් 12 දක්වා ඉහළ යනවා. තවත් ප්‍රාන්ත කිහිපයකම මේ ආකාරයේ ජනමත විචාරණ පැවැත්වෙනවා. නෙබ්‍රස්කා යෝජනාව 2026දී ඩොලර් 15 දක්වා අනුක්‍රමික ලෙස අවම වැටුප් ඉහළ දැමීමයි.

ආකන්සා, මේරිලන්ඩ්, නෝර්ත් ඩකෝටා, සවුත් ඩකෝටා හා මිසූරි ප්‍රාන්ත වල කංසා නීතිගත කිරීම සඳහා ජනමත විචාරණ පැවැත්වෙනවා.

ඔරිගන් ප්‍රාන්තයේ වැසියන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් දරාගත හැකි මිලකට ලබා ගැනීම මූලික අයිතිවාසිකමක් බවට පත් කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වෙනවා.

කැලිෆෝර්නියා, වර්මොන්ට් හා මිචිගන් ප්‍රාන්ත වල ගබ්සාව මූලික අයිතියක් බවට පත් කර ගනු පිණිස ජනමත විචාරණ පැවැත්වෙනවා.

ඇරිසෝනා ප්‍රාන්තයේ ජනමත විචාරණ යෝජනාවක් අනුව අදාළ යෝජනාව සම්මත වුවහොත් බදු වෙනස් කිරීම සඳහා 60%ක ජනමතයක් අවශ්‍ය වෙනවා. දැනට පවතින නීතිය යටතේ බහුතර ඡන්දයෙන් බදු වෙනස් කළ හැකියි. 

මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ජනමත විචාරණ යෝජනාවක් අනුව අදාළ යෝජනාව සම්මත වුවහොත් ආදායම ඩොලර් මිලියනය ඉක්මවන අයගෙන් 4%ක අමතර ආදායම් බද්දක් අය කර එම ආදායම අධ්‍යාපනය හා හා ප්‍රවාහනය වෙනුවෙන් යෙදවෙනවා. දැනට සියල්ලන්ගෙන්ම අය කරන්නේ 5%ක ආදායම් බද්දක්. 

සවුත් කැරලයිනා ප්‍රාන්තයේ ජනමත විචාරණ යෝජනාවක් අනුව අදාළ යෝජනාව සම්මත වුවහොත් ප්‍රාන්තයේ සංචිත අරමුදල 5% සිට 7% දක්වා ඉහළ දැමෙනවා. දැනට පවතින නීතිය අනුව ප්‍රාන්තයේ ආදායමෙන් 5%ක් "හදිසියකට ගන්නට" ඉතිරි කළ යුතුයි. යම් හෙයකින් අනපේක්ෂිත බාහිර සාධකයක් නිසා ප්‍රාන්ත රජයේ වියදම ආදායම ඉක්මවූ විටක අයවැය හිඟය පියවා ගන්නේ මේ සංචිත මුදලෙන්. යෝජනාව සම්මත වුවහොත් සංචිත ලෙස බදු මුදල් ඉතිරි කර ගැනීමේ අවශ්‍යතාවය ඉහළ යනවා. 

කොලරාඩෝ ප්‍රාන්තයේ ජනමත විචාරණ යෝජනාවක් අනුව අදාළ යෝජනාව සම්මත වුවහොත් ප්‍රාන්තයේ ආදායම් බදු අනුපාතය 4.55% සිට 4.4% දක්වා පහළ යනවා. මීට පෙරද කිහිප වරක්ම ජනමත විචාරණ හරහා ප්‍රාන්තයේ ආදායම් බදු අනුපාතය පහළ දමාගෙන තිබෙනවා.  මේ වන විට ප්‍රාන්තය තුළ සැලකිය යුතු ඉතිරි කරගත් බදු ආදායමක් තිබෙන නිසා අඩු වන ආදායම වෙනත් ක්‍රමයකින් උපයා ගැනීම අවශ්‍ය වන්නේ නැහැ. 

කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ජනමත විචාරණ යෝජනාවක් අනුව ඩොලර් මිලියන 2 ඉක්මවන ආදායම් ලබන අයගෙන් අය කෙරෙන 1.75%ක අමතර බද්දකින් ලැබෙන ආදායම පරිසර හිතකාමී වාහන ප්‍රවර්ධනය කිරීම වෙනුවන් යෙදවෙනවා.

ඉහත සඳහන් කළේ ප්‍රාන්ත මට්ටමෙන් පැවැත්වෙන ජනමත විචාරණ කිහිපයක්. මීට පහළ ප්‍රාදේශීය මට්ටමේ ජනමත විචාරණ විශාල ප්‍රමාණයක් පැවැත්වෙනවා. උදාහරණ ලෙස බදු වැඩි කර අධ්‍යාපන වියදම් වැඩි කර ගැනීම සඳහා පාසැල් කලාප මට්ටමෙන් පැවැත්වෙන ජනමත විචාරණ. පාසැල් කලාපයක් කියන්නේ බොහෝ විට එක් උසස් පාසැලක් (9-12 ශ්‍රේණි) හා පහළ පන්ති පැවැත්වෙන පාසැල් කිහිපයක් තිබෙන ප්‍රදේශයක්. 

ඉහත සඳහන් කළේ ප්‍රාන්ත මට්ටමෙන් පැවැත්වෙන ජනමත විචාරණ කිහිපයක්. මීට පහළ ප්‍රාදේශීය මට්ටමේ ජනමත විචාරණද විශාල ප්‍රමාණයක් මැතිවරණ දිනයේදී පැවැත්වෙනවා. උදාහරණ ලෙස බදු වැඩි කර අධ්‍යාපන වියදම් වැඩි කර ගැනීම සඳහා පාසැල් කලාප මට්ටමෙන් පැවැත්වෙන ජනමත විචාරණ. පාසැල් කලාපයක් කියන්නේ බොහෝ විට එක් උසස් පාසැලක් (9-12 ශ්‍රේණි) හා පහළ පන්ති පැවැත්වෙන පාසැල් කිහිපයක් තිබෙන ප්‍රදේශයක්. 

ඉන්දියානා ප්‍රාන්තයේ පාසැල් දිස්ත්‍රික් අටක වරිපනම් බදු ඉහළ දැමීම හෝ කලින් ජනමත විචාරණයකින් නිශ්චිත කාලයකට ඉහළ දැමුණු වරිපනම් බදු තවත් වසර කිහිපයක් එලෙසම පවත්වා ගැනීම මගින් ගුරු වැටුප් වියදම් පියවා ගැනීම සඳහා ජනමත විචාරණ පැවැත්වෙනවා. 

මීට අමතරව ප්‍රාන්ත ගණනක කෝරළ මට්ටමෙන්, ගම් මට්ටමෙන් හා පාසැල් දිස්ත්‍රික් මට්ටමෙන් අනුමත ආදායම් ඉක්මවා වියදම් කිරීමට, ණය ගැනීමට හා බදු වැඩි කිරීමට අනුමැතිය පතමින් ජනමත විචාරණ පැවැත්වෙනවා.

ඉලිනෝයි ප්‍රාන්තයේ කුක් කෝරළය - කෝරළයේ ඇති වනාන්තරයක් සංරක්ෂණය කිරීම සඳහා වරිපනම් බදු ඉහළ දමා (වසරකට ඩොලර් 20කින් පමණ) ආදායම් උපයා ගත යුතුද?

විස්කොන්සින් ප්‍රාන්තයේ ඩේන් කෝරළයේ වවුනකී ගම - ඩොලර් මිලියන 9.4ක මුදල් වැය කර ගමේ පොදු පිහිනුම් තටාකයක් ඉදි කළ යුතුද?

කැලිෆෝර්නියා ප්‍රාන්තයේ එල් ඩොරාඩෝ කෝරළය - නවාතැන්පල වල කුලී ගාස්තු මත අය කරන බද්ද 10% සිට 12% දක්වා ඉහළ දමා ප්‍රදේශයේ මාර්ග නඩත්තුව වෙනුවෙන් වැය කළ යුතුද? 

ඔහායෝ ප්‍රාන්තයේ ඩෙලවෙයා කෝරළයේ කොලොම්බස් නගරය - උද්‍යාන හා විනෝද කටයුතු දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ ඇති උද්‍යාන වල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම පිණිස 0.086% පොලියට වසර 17ක කාලයක් සඳහා බැඳුම්කරයක් නිකුත් කළ යුතුද?

ඔහායෝ ප්‍රාන්තයේ ලූකස් කෝරළය - පොදු පුස්තකාලය නඩත්තු කිරීමේ වියදම් වෙනුවෙන් දැනට අය කරන 0.37% බද්ද තවත් වසර පහක කාලයක් එලෙසම අය කළ යුතුද?  

සාමාන්‍යයෙන් ප්‍රාන්ත මට්ටමේ වුනත්, ප්‍රාදේශීය මට්ටමේ වුනත් මැදිහත් වීමක පිරිවැයක් තිබෙනවා. ඇමරිකානු දේශපාලන ක්‍රමය තුළ මැදිහත්වීමක් යෝජනා කරන අයෙකුට අදාළ මැදිහත් වීම සඳහා අවශ්‍ය පිරිවැය ආවරණය කර ගන්නා ආකාරයද යෝජනා කරන්න වෙනවා. පිරිවැය ආවරණය කර ගන්නා ආකාරය යෝජනා කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. එම පිරිවැය දරන අයගෙන් ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමටද සිදු වෙනවා. 

බොහෝ විට බද්දක් අය කිරීම සඳහා මහජන අනුමැතිය ලැබෙන්නේ අදාළ බදු මුදල් නිශ්චිත කාර්යයකට යෙදවීමේ කොන්දේසිය මතයි. මෙසේ ලබා ගන්නා බදු මුදල් මුලින්ම යම් නිශ්චිත අරමුදලකට බැර වෙනවා. එම අරමුදල යොදා ගත හැක්කේ අදාළ කාර්යය සඳහා පමණයි. එහෙත්, අදාළ කාර්යය සඳහා වුවත් මුදල් අර පිරිමැස්මෙන් හා පාරදෘශ්‍ය ලෙස වියදම් කරන්නට සිදු වෙනවා. සාමාන්‍යයෙන් එයින් යම් කොටසක් වැය නොකර "හදිසියකදී ගැනීමට" ඉතිරි කෙරෙනවා. බදු ආදායම් පහළ ගිය හෝ වියදම් වැඩි වුනු අවස්ථාවක ප්‍රයෝජනයට ගන්නේ එම ඉතිරි කරගත් මුදල්. බොහෝ විට, තාවකාලිකව බදු අනුපාතික වැඩි කර ගැනීම සඳහා මහජනතාව වෙත යන්නේ සංචිත අරමුදල් අඩු වූ විටයි. එවැනි විටෙක දිගුකාලීනව වියදම් අඩු කිරීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් ප්‍රශ්නය විසඳා ගන්නා ආකාරයද මහජනතාවට පැහැදිලි කරන්න සිදු වෙනවා.

බදු අය නොකර, පොදු පහසුකම් සඳහා ආයෝජනය කළ හැකි විකල්ප ක්‍රමය ණය ගැනීමයි. එහෙත්, මෙයද වගකීමෙන් යුතුව කළ යුතු දෙයක්. අවසාන වශයෙන් ණය ආපසු ගෙවීම බදු ගෙවන්නන්ගේ වගකීමක් වන නිසා ණය ලබා ගත යුත්තේද ඔවුන්ගේ අනුමැතියට යටත්වයි. මේ ආකාරයේ ලොකු හා කුඩා තීරණ ගණනාවක් සඳහා මහජන අනුමැතිය ලැබෙන හෝ නොලැබෙන දිනය මැතිවරණ දිනයයි.

27 comments:

  1. ජේවීපී වගේ පක්ෂයක් ඇමරිකාවේ නැද්ද ඉකොනෝ? එංගලන්තේ එහෙමත් වාමාංශික පක්ෂ තියෙනවානෙ

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ සමාජවාදය
      http://economatta.blogspot.com/2020/11/blog-post_13.html

      Delete
  2. ඇමරිකාවේ මැතිවරණ ක්‍රමය නං මහ පිස්සුවක්. ඒ අතින් ඉන්දියාව වගේ රටවල මැතිවරණ ක්‍රමය ඉතාම සරලයි. ඒ උනාට ප්‍රභලයි. ඇමරිකාවේ තියෙන්නේ විකෘතියක්.

    ReplyDelete
  3. ඇංග්ලින් ක්‍රිස්තියානි සංස්කෘතියට අඩුවෙන්ම අනුගත අයට චනදෙ දෙන්න

    ReplyDelete
    Replies
    1. ඔබේ සමහර ප්‍රතිචාර මට පෞද්ගලිකව ප්‍රශ්නයක් නොවුණත් ගූගල් හා එකඟ වී ඇති කොන්දේසි අනුව පළ කළ නොහැකියි.

      Delete
  4. ඇමරිකන් හිටපු ජනාධිපතිතුමා ට්‍රම්ප් මහත්තයා කියනවනේ ඇමරිකන් මැතිවරණ ක්‍රමය දුෂිතයි කියලා ඉකොනෝ.

    ReplyDelete
  5. Republican අයද ඇමරිකාවෙ ආර්තිකයට වැඩි ධනාත්මක බලපෑමක් කරල තියෙන්නෙ ????
    මට දැනගන්න ඕන එක තමයි republican අය ඇමරිකාවෙ ඉන්න ඉන්දියාව ලංකාවේ වගේ අයට සලකන්නෙ කොහොමද කියන එකයි
    ඇමරිකාවෙ gun violence වලටයි බලපාන්නෙ කොහොමද කියන එක ඇමරිකාවට එන්න ඉන්න කෙනෙක් හැටියට මං වැඩියෙන්ම වද වෙන්නෙ ඔය දෙක ගැන

    ReplyDelete
    Replies
    1. ආර්ථිකය හොඳ කුමන පක්ෂයේ ජනාධිපතිවරයෙක් යටතේද?
      http://emgesathapaha.blogspot.com/2016/03/blog-post_28.html

      Delete
    2. පසුගිය වර අපේ නගර සභාවේ මහජන නියෝජිත තනතුරට රිපබ්ලිකන් පක්ෂයෙන් තරඟ කිරීම සඳහා තරඟ කළ රිපබ්ලිකන් පාක්ෂිකයින් 4 දෙනෙකු අතරෙන් එක් අයෙක් සික් ජාතිකයෙක්. (මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයා තෝරාගැනීමේ ඡන්දය). නමුත් අපේ පැත්තේ සික් ජාතිකයින් ඉතාම අඩුයි. මුළු ආසියානු ජනගහණයම ගත්තත් 5%ක් පමණ. ඔවුන්ගෙන්ද 70%ක් පමණවත් ඩිමොක්‍රටික් පාක්ෂිකයින් බව මගේ තක්සේරුවයි. ඉහත අපේක්ෂකයා ජයග්‍රහණය නොකළත් ඡන්ද 20%කට ආසන්නව ලැබුණා. ජයග්‍රාහකයාට 27%ක් ලැබුණා,

      gun violence තිබෙන ප්‍රදේශයක් පදිංචිය සඳහා තෝරා ගත්තොත් අවදානමක් තිබෙනවා. නැත්නම් නැහැ. මේ පිළිබඳ දත්ත පහසුවෙන් සොයාගත හැකියි.

      Delete
  6. ඇමරිකානු හිටපු ජනාධිපති ට්‍රම්ප් මහත්තයා කියනවා නේද ඇමරිකානු මැතිවරණ ක්‍රමය දූෂිතයි කියලා.

    ReplyDelete
    Replies
    1. ඔහු තමන් පරාජය වූ පසුගිය මැතිවරණ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරමින් කතා කළා. එය ප්‍රචලිත කරුණක්. ඔබේ ප්‍රතිචාරය දෙවරක් වැටී තිබෙනවා.

      Delete
    2. 'ඔබේ ප්‍රතිචාරය දෙවරක් වැටී තිබෙනවා.'

      කමාවන්න.

      Delete
  7. ඇමරිකන් සමාජවාදී විමුක්ති පක්ෂයට අපගේ විප්ලවීය ආචාරය!

    ReplyDelete
  8. ඉකොනෝ,
    පහත දැක්වෙන කොමෙන්ට්ටුව ඔබගේ ෆේස්බුක් එකේ දැක්කේ.

    මෙම දත්ත ගත්තේ කොහෙන්ද? ලංකාවේ 15.1 % කියන ගණන නිවැරදිද?

    රාජ්‍ය සේවයේ ප්‍රමාණය (තෝරාගත් රටවල් කිහිපයක්)
    කියුබාව - 77.0%
    රුසියාව - 40.6%
    නෝර්වේ - 32.2%
    ඩෙන්මාර්ක් - 30.2%
    ස්වීඩනය - 29.3%
    ඔස්ට්‍රේලියාව - 28.9%
    චීනය - 28.0%
    වෙනිසියුලාව - 24.3%
    කැනඩාව - 21.6%
    එක්සත් රාජධානිය - 21.5%
    ශ්‍රී ලංකාව - 15.1%
    ඇමරිකා එක්සත් ජනපදය - 13.6%
    නවසීලන්තය - 11.5%
    තායිලන්තය - 9.3%
    බංග්ලා දේශය - 8.0%
    ජපානය - 7.7%
    පකිස්ථානය - 7.3%
    ඉන්දියාව - 3.8%
    සිංගප්පූරුව - 2.6%

    ReplyDelete
    Replies
    1. ඔය ටිකනම් විකිපීඩියා එකෙන් ගත්තේ. ලින්ක් එක එතැනම පහළ දාල ඇති.

      Delete
    2. Econo,
      ලංකාවේ 15.1 % කියන ගණන නිවැරදිද?

      Delete
    3. තරමක් පරණ දත්තයක් වුනත් ආසන්නව හරි. 2021 දත්ත අනුව 15.2%යි.

      රාජ්‍ය අංශයේ ශ්‍රමිකයින් - 1,235,164
      සියළුම ශ්‍රමිකයින් - 8,113,507

      Delete
    4. ඉකොනොමැට්ටා මේ ක්ලිප් එකේ ලංකාවේ රජයේ ආදායම් ලැබෙන ප්‍රධානතම මර්මස්ථාන 09 ක් ගැන කියා දෙනවා

      රේගුව, දේශීය ආදායම්, සුරාබදු, ඒ වගේම ආගමන විගමන, වරාය, විදුලිබල හා ජලාපවාහන, ප්‍රවාහන කියන මේ නමයෙන් ලංකාවේ රජයේ ආදායම් අධික ලෙස වැඩි කරගන්න පුළුවන් වෙයිද මේ කියන තරම් ලේසියෙන්?

      මේක බලන්න

      https://fb.watch/gGl3mamdHy/

      කියන කතාව ඇත්තක් නම් රේගුවේ වසරකට ලැබෙන රුපියල් ට්‍රිලියන එකක් වූ ආදායම දෙගුණ කරල රුපියල් ට්‍රිලියන දෙකක් කරන්න පුළුවන් වෙයි ද? රේගුවේ ජවිපෙ ජාතික ජන බලවේගයේ වෘත්තීය සමිති කියන විදියට නම් ඇත්ත කියලා කියන්නේ

      පුළුවන් නම් මේ දේවල් ගැන පැහැදිලි කිරීමක් කරන්න මොකද ලංකාවේ බොහෝ දෙනෙක් මේක ගැන ලොකු විශ්වාසයක් ඇති කරගෙන තියෙනව වගේ

      Delete
    5. //ජවිපෙ ජාතික ජන බලවේගයේ වෘත්තීය සමිති කියන විදියට නම් ඇත්ත කියලා කියන්නේ//

      //ලංකාවේ බොහෝ දෙනෙක් මේක ගැන ලොකු විශ්වාසයක් ඇති කරගෙන තියෙනව වගේ//

      එහෙමනම් ලංකාවේ බොහෝ දෙනෙකුට විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් විදිහට ආදායම් වැඩි කර ගන්නා ක්‍රමය පැහැදිලි කරලා ඇතිනේ. මොන විදිහෙන් හෝ කරන්න හදන්නේ ආදායම් වැඩි කර ගැනීමනම්, ක්‍රමය ගැන මිනිස්සුන්ටත් විශ්වාසනම්, මම ඔය වීඩියෝ එක බලන්න කාලය නාස්ති කරන එකේ තේරුමක් නැහැනේ. ඔබට සැකයක් ඇත්නම් වැඩි කරන ක්‍රමය කෙටියෙන් විස්තර කළොත් මගේ අදහස කියන්නම්.

      Delete
    6. රේගුවේ දැනට ආදායම රුපියල් ට්‍රිලියන එකක් වගේ කියලා අනුර දිසානායක සහෝදරයා පැහැදිලිව පවසන අතර මෙය ලේසියෙන්ම ට්‍රිලියන දෙකක් දක්වා ඉහළ දාන්න පුළුවන් බවයි රේගුවේ ජවිපෙ හිතවතුන් වෘත්තීය සමිති ඔහුට පවසා ඇත්තේ, නමුත් එසේනම් මෙය දැන්ම කිරීමට රනිල් වික්‍රමසිංහ කටයුතු නොකරන්නේ ඇයි?

      ඉහත පවසා ඇති ප්‍රධාන අංශ/ ආයතන නමය හරහා පමණක් සාර්ථකව රජයේ ආදායම ඉතා විශාල වශයෙන් ලේසියෙන්ම වැඩි කරගෙන අනවශ්‍ය ලෙස බදු අය කිරීම නොකර ජනතාවට අඩු මිලකට හා කාර්යක්ෂම සේවා සපයන්න පුළුවන් බව ජවිපෙ මතයයි

      මේක බලපුවාම මට හිතෙන්නේ සමහර වෙලාවට මේක කරන්නත් පුළුවන් වේවි කියලා නමුත් ඔබ සංඛ්‍යා ලේඛන අනුව දත්ත සහ ප්‍රායෝගිකව මහ බැංකුවේ සේවය කර ඇති ආර්ථික විද්‍යාව ගැන අවබෝධයක් තියෙන කෙනෙක් නිසා මේක ඇත්තටම සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට විභවයක් සහිත බව තහවුරු කිරීම සඳහා ඔබෙන් වීමසූවේ, මොකද ගොඩක් වෙලාවට මේ වගේ කතා සාමාන්‍ය ජනතාව විශාල පිරිසක් විශ්වසනීයත්වයකින් යුක්තව පිළි ගන්නවා ඔබත් මේ අදහස් අනුමත කරන බවත් පේනවා මේ ඉහත දී ඇති පිළිතුර අනුව

      ඇත්තටම රනිල් වික්‍රමසිංහ ඇයි බදු වැඩි නොකර මේ වගේ දේවල් වලින් රජයේ ආදායම වැඩි කර ගැනීම සඳහා කටයුතු නොකරන හේතුව කුමක්ද?

      Delete
    7. //රේගුවේ දැනට ආදායම රුපියල් ට්‍රිලියන එකක් වගේ කියලා අනුර දිසානායක සහෝදරයා පැහැදිලිව පවසන අතර//

      2021 වසරේදී රජයේ මුළු බදු ආදායම රුපියල් බිලියන 1,298යි. එයින් රුපියල් බිලියන 633ක්ම එකතු කර තිබුණේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින්. මම හිතන්නේ 2021 රේගු ආදායමද ආසන්න වශයෙන් එපමණ විය යුතුයි. එක් තැනක දැකපු විදිහට 2021 පළමු මාස අටක කාලය තුළ රේගු ආදායම රුපියල් බිලියන 450ක් පමණ. පළමුව දැන් ආදායම රුපියල් ට්‍රිලියන එකක් කියන ගණන ගත්තේ කොහෙන්ද කියලා ඔබට පැහැදිලි කළ හැකිද? එසේ වීමටනම් අවසන් මාස හතරේ රේගු ආදායම රුපියල් බිලියන 550ක් පමණ විය යුතුයි. ඒ කියන්නේ සාමාන්‍ය මාසික ආදායම දැනටමත් රුපියල් බිලියන 56 සිට රුපියල් බිලියන 137 දක්වා දෙතුන් ගුණයකින්ම වැඩි වෙලා. මාස හතරකට රුපියල් බිලියන 550ක් එකතු වෙනවානම් ඒ ගාණට ගියත් මාස දොළහකට ට්‍රිලියන 1.65ක් විය යුතුනේ.

      //එසේනම් මෙය දැන්ම කිරීමට රනිල් වික්‍රමසිංහ කටයුතු නොකරන්නේ ඇයි?//

      එහෙම පුළුවන් කියලා "ජවිපෙ හිතවතුන් වෘත්තීය සමිති" කියා තිබෙන බවනේ ඔබ කියා තියෙන්නේ? රනිල් වික්‍රමසිංහත් කියල තියෙනවද? ඔබ ඇතුළු රටේ බොහෝ දෙනෙකුට විශ්වාස කළ හැකි පරිදි වීඩියෝ එකේ ක්‍රමය පැහැදිලිව විස්තර කර තිබෙනවානම්, සමහර විට (මා මෙන්ම) රනිල් වික්‍රමසිංහ ඔය වීඩියෝ එක බලලා නැතිව ඇති. නැත්නම් දැනටමත් රජය ඔය කියන ක්‍රමයට ආදායම වැඩි කරගන්න කටයුතු කරලා ඇති. දැන් ආදායම රුපියල් ට්‍රිලියනයක් වෙලානම් වැඩේ වෙලානේ. එහෙමත් නැත්නම්, වෙන හේතුවක් ඇති. හරියටම දැන ගන්නනම් ඔබට රනිල් වික්‍රමසිංහගෙන්ම අහන්න වෙනවා.

      Delete
  9. පහුගිය සැරේක ඇමරිකාවේ චන්දෙන් පස්සේ මිනිස්සු මරා ගත්තා නේද. මේ පාරත් එහෙම වෙයිද

    ReplyDelete
    Replies
    1. ඔවු මම හිතන්නේ ජෝ බයිඩං මහ බයියාට කඩේ යන ඩිමොක්‍රටික් මෝඩ වහල් බයියො පරාජයෙන් වියරු වැටී රිපබ්ලිකන් බයියොත් එක්ක වෙඩි තියාගෙන කීප දෙනෙක්ම මිය යන්නට සහ තවත් විශාල පිරිසක් තුවාල ලබා මහත් ඛේදවාචකයකින් අවසන් වේවි බොහෝ දුරට... පවු අහිංසක මිනිස්සු ඔය වලීවලට මැදිවෙලා සාමාන්‍ය ජනතාව කීප දෙනෙක්ට දෙනෙක්ටම දිවි අහිමි වෙන්න පුළුවන් ඒකයි අවුල තියෙන්නෙ නේද මට දුක ඒක හින්දා

      Delete
  10. ඔච්චර ගොඩක් කරදර විය යූතුද? නැත
    ඔච්චර ගොඩක් වියදම් කළ යුතුත් නැත
    ඕනි රටක් අපෙන් උගත යුතුව ඇත
    ප්‍රෝඩාතන්තරේ මෙහෙ වගෙ කොහෙත් නැත

    ReplyDelete
    Replies
    1. අපෙන් ඉගෙනගන්න තියෙන්නේ චීනයට සහ රුසියාවට තමයි ඉතින්, මොකද නිදී උන්ට තමයි ඕනේ ඇමරිකන් එක්සත් ජනපදයේ ආණ්ඩුව වෙනස් කරලා උන්ගේ ගෝලයන් වැදගත් තනතුරු වලට පත් කරලා උන්ගේ එහෙයයකුගේ නායකත්වය යටතේ හෙංචයි කල්ලියක පාලනයක් පවත්වාගෙන යමින් උන්ගේ ඇජෙන්ඩා ක්‍රියාත්මක කරන එක, දැනටමත් චීනය හා රුසියාව එක්සත් ජනපදයේ පොලිටික්ස් වලට මැදිහත් වී ඇති ආකාරය ජාත්‍යන්තර ජනමාධ්‍ය තුල විස්තර කෙරෙන නමුත් ලංකාවේ තරම් ලේසියෙන් සහ බරපතල ලෙස බලපෑම් කරන්න බෑනේ තාමත්.

      ඒ වගේම තමයි නිදී ලංකාවේ පොලිටිකල් සීන් වලට වගේම ව්‍යාපාර කටයුතු වෙළඳාම මාධ්‍ය සාහිත්‍ය ගීත කලාව වගේම ක්‍රීඩාවටත් දැඩි ලෙස බලපෑම් එල්ල කරන බෝන් අගේන් ඉවැන්ජලික පිළිකාවත් ඇමරිකන් සහ යුරෝපීය පොලිටිකල් බළල් අතක් කියලා ලංකාවේ ගොඩක් කට්ටිය හිතන්නේ, උදාහරණයක් විදියට ක්‍රිකට් ටීම් එකේ පොඩි උනන්දුවා චාමිකට පහුගිය කාලෙ කට්ටියම තනියම මෝටිවේට් කරලා අප් කරල ගත්ත නීසා නැචුරල් පබ්ලිසිටි එකක් ආවා, ඒක සෝෂල් මීඩියා පේජ් වලට සල්ලි දීලා කන්ට්‍රැක්ට්ස් දීලා කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, මැතිව්ස්, භානුක රාජපක්ෂ වගේ මැනේජර්ල ලවා කෘත්‍රිමව හදපු එකක් නෙවෙයි. නැචුරලි මිනිස්සු ආදරය ප්‍රකාශ කරපු එකෙන් හැදුණේ
      ළඟදි ඉඳං ටික ටික සල්ලි ජාවාරම් කරමින් සමාජ ජාල වල ජනමතය හසුරුවන පොරවල් මෑන්ව චාටර් කරන්න ගත්තා. දැන් මීඩියාත් වැඩේට බැහැලා. ප්‍රශ්නේ තියෙන්නේ මිනිහා තාම හාඩ් කෝ බිලීවින් බුඩිස්ට් කෙනෙක්. භානුකලා වගේම මහේල සංගක්කාරලා උනත් හිටපු බුඩිස්ට්ලා බෝන් අගේන් වලට කන්වර්ට් වෙලා දැන් හාඩ් කෝ බිලීවර්ස්ලා වුණේ...

      මොකද මිනිහත් බෝන් අගේන් වෙන කං මෙහෙම කරනව වගේ නේද? පේන්නේ එහෙම තමයි.

      Delete
    2. ස්තුතියි. මොනවා කියන්නද කියලා හිතා ගන්න බැහැනෙ...

      Delete
  11. ඉකොනෝ මහත්තයා අද හිමිදිරි උදෑසනම ඇමරිකාවේ ඡන්දය ප්‍රකාශ කිරීමට යෑමට නා කියාගෙන අලුත් සූට් එකක් එහෙම ඇඳගෙන සූදානමින් ද ඉන්නේ.

    එහෙනම් කිරිබත් ටිකක් එහෙම කාල ගිහින් අලියා ඉස්සරහ කතිරේ ගහලා එන්නකෝ.

    ඡන්දෙන් පස්සෙ ගහගයිද දන්නෑ නේද ඇමරිකන් අයියලා. කළු ජාතික ඉකොනෝ මල්ලිටත් ගුටි දෙයිද දන්නෑ

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.