ඊයේ (මාර්තු 15) මහා භාණ්ඩාගාරයේ විශේෂ ඉල්ලීමක් මත මහ බැංකුව විසින් රුපියල් බිලියන 113.5ක භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම මගින් එපමණ මුදලක් රජයට ලබා දී තිබෙනවා. මෙම මුදල මහ බැංකුවෙන් ඉල්ලා තිබෙන්නේ ඊයේ ගෙවීමට නියමිතව තිබූ ණය මුදලක් ආපසු ගෙවීම සඳහායි.
ණය ගෙවිය යුතු වූයේ කවර පාර්ශ්වයකටද යන්න සඳහන්ව නැහැ. මහ බැංකුවෙන් මේ අයුරින් රුපියල් ලබා ගත්තත්, එම රුපියල් වැය කර ඩොලර් මිල දී ගෙන විදේශ ණයක් ආපසු ගෙවුවා වෙන්නත් පුළුවන්. ඊයේ පැවති විණිමය අනුපාතය අනුව මෙම මුදල ඩොලර් මිලියන 347කට ආසන්න මුදලක්.
ඇතැම් විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුදල් ලබන සතියේදී ලැබෙන්නට නියමිත නිසාත්, මහ බැංකුව විසින් පසුගිය දිනවල සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් වෙළඳපොළෙන් මිල දී ගෙන ඇති නිසාත්, ඉන්දියාවට ගෙවිය යුතු ණය වලින් කොටසක් ගෙවුවා වෙන්න පුළුවන්. කොහොම වුනත්, මේ කොටස මගේ හිතළු පමණයි. ණය ගෙවුවේ කාටද කියා මම හරියටම දන්නේ නැහැ.
යම් හෙයකින් මෙසේ ආපසු ගෙවුවේ විදේශ ණයක්නම් ඒ සඳහා ඩොලර් මිල දී ගත්තේ මහ බැංකුවෙන්ම පමණක්ද එසේ නැත්නම් යම් කොටසක් වෙළඳපොළෙන් මිල දී ගත්තේද යන්නත් පැහැදිලි නැහැ. මේ වන විට අන්තර්බැංකු වෙළඳපොළේ ඩොලරයක මිල නැවත ඉහළ යාම තුළින් පිළිබිඹු වන්නේ එහි වූ අතිරික්ත ඩොලර් ද්‍රවශීලතාව මහ බැංකුව විසින් මුළුමනින්ම අවශෝෂණය කර ගනිමින් සිටින බව හෝ එසේ කර අවසන්ව ඇති බවයි.
රජය විසින් බදු වැඩි කර, වියදම් සීමා කර ඇතත්, අපේක්ෂිත තරමටම බදු ආදායම් එකතු වන බවක් පෙනෙන්නට නැහැ. යම් හෙයකින් විදේශ අංශයේ ප්‍රශ්නය විසඳාගනු ලැබුවද, රජයේ විදේශ ණය ගෙවීම සඳහා ඩොලර් මිල දී ගැනීමට ප්‍රමාණවත් බදු ආදායමක් එකතු නොවුවහොත්, එම හිඟය පියවා ගන්නට සිදු වන්නේ දේශීය වෙළඳපොළෙන් ණය ගැනීම හෝ සල්ලි අච්චු ගැසීම මගිනුයි. පොලී අනුපාතික තවත් ඉහළ යන්නට ඉඩ නොදී දේශීය වෙළඳපොළෙන් ලබා ගන්නා ණය ප්‍රමාණය විශාල ලෙස වැඩි කර ගැනීමේ හැකියාවක් නැහැ.
මෙව්වා රාජ්‍ය රහස් වෙන්නැතිනෙ කාටවත්ම හෙළි කරන්නැති
ReplyDeleteමොනව වුණත් රට ගොඩ යනවා නම් ඒ ගැන සතුටක් ලැබෙයි නිති
අළුත් මහබැංකු පණත යටතේ මහබැංකුවට ප්‍රාථමික වෙන්දේසිවලදී භාණ්ඩාගර බිල්පත් මිලදි ගැනීමේ අවස්ථාව නැති කරනවා නේද. එතකොට මේ විදිහට රජයේ අවශ්‍යතාව වෙනුවෙන් මහබැංකුව ට සල්ලි අච්චු ගහන්න බැරි වෙනවා.
ReplyDeleteඊලග ප්‍රශ්නේ තමයි, බැංකු සල්ලි මවනවනේ.එතකොට ඒකට හරියන්න මහබැංකුව වෙලදපොල ට් රුපියල් එවන්න ඕනෙනේ..අලුත් මහබැංකු පණත හරහා ඒ වැඩේ කරන්නේ කොහොමද ?
ද්විතීයික වෙලදපොලෙන් භාණ්ඩාගර බිල්පත් මිලදී ගැනිමෙන්ද?
නැත්තං බැංකු වල ඩොලර් මිලදී ගැනීමෙන්ද?
මේ ක්‍රම දෙක හැරුනම , මහබැංකුව ට රුපියල් මාර්කට් එකට දාන්න වෙනත් ක්‍රම තියෙනවද?
ඉහත ප්‍රශ්ණේ දෙවන ජේදයේදි, බැංකු සල්ලි මැවීමට සාපේක්ශව, මහබැංකුව මාර්කට් එකට සල්ලි දාන්න ඕනේ කියන්නේ, මුදල් ද්‍රවශීලිතාවය තබා ගෑනීමේ අරමුණින්..
Deleteවැදගත් ප්‍රශ්න ටිකක්. මේ ප්‍රශ්න වලට පසුව පිළිතුරු සපයන්නම්.
Deleteමේකටම තව ප්‍රශ්නයක් දාන්නම්..... දැන් මහ බැංකුව ස්වාධීන කලාම, මහ බැංකුවේ පඩි නඩි, ඩෙස්ක් පුටු , කමිපියුට්ර් වගේ දේවල් ගන්නනෙත් මහබැංකුව අච්චු ගහන සල්ලි වලින්ද, නැත්තං මහබැංකුව සතු අරමුදල් ආයෝජනය කිරීමේන් ලැබෙන මුදලින්ද.? මේ සම්භන්ධ මූල්‍ය විගණනය පාර්ලිමේන්තුවට යටත් ද? එතකොට මූල්‍ය මණ්ඩලයේ ප්‍රධාන නීතීමය බැදීමක් නේ උද්ධමනය පාලනය කිරීම. උද්ධමනය පාලනය කිරීමට නොහැකි වීම මත මිනිස්සුන්ට මහබැංකුවට විරුද්ධව නඩු යන්න පුලුවන්ද
Deleteප්‍රශ්න දමන්න. මේ සියල්ල වැදගත් ප්‍රශ්න නිසා කාලය අරගෙන පෝස්ට් එකක් ලෙස පිළිතුරු දීම සුදුසුයි කියලයි මම හිතන්නේ.
Deleteදැනට ඔබේ ප්‍රශ්න වලට කෙටියෙන් පිළිතුරු දෙන්නම්.
Delete//ඊලග ප්‍රශ්නේ තමයි, බැංකු සල්ලි මවනවනේ.එතකොට ඒකට හරියන්න මහබැංකුව වෙලදපොල ට් රුපියල් එවන්න ඕනෙනේ..අලුත් මහබැංකු පණත හරහා ඒ වැඩේ කරන්නේ කොහොමද ?
ද්විතීයික වෙලදපොලෙන් භාණ්ඩාගර බිල්පත් මිලදී ගැනිමෙන්ද?
නැත්තං බැංකු වල ඩොලර් මිලදී ගැනීමෙන්ද?//
ඔව්. ඔය දෙකම කළ හැකියි.
//මේකටම තව ප්‍රශ්නයක් දාන්නම්..... දැන් මහ බැංකුව ස්වාධීන කලාම, මහ බැංකුවේ පඩි නඩි, ඩෙස්ක් පුටු , කමිපියුට්ර් වගේ දේවල් ගන්නනෙත් මහබැංකුව අච්චු ගහන සල්ලි වලින්ද, නැත්තං මහබැංකුව සතු අරමුදල් ආයෝජනය කිරීමේන් ලැබෙන මුදලින්ද.?//
ඔය ක්‍රම දෙකෙන් ඕනම එකකින්.
//මේ ක්‍රම දෙක හැරුනම , මහබැංකුව ට රුපියල් මාර්කට් එකට දාන්න වෙනත් ක්‍රම තියෙනවද?//
ලොකුවට නොවුවත් උඩ තිබෙන ක්‍රමයෙන් වෙන්නෙත් ඕකයි. ඊට අමතරව සංචිත අනුපාතය එහා මෙහා කරන්න පුළුවන්.
//මේ සම්භන්ධ මූල්‍ය විගණනය පාර්ලිමේන්තුවට යටත් ද? එතකොට මූල්‍ය මණ්ඩලයේ ප්‍රධාන නීතීමය බැදීමක් නේ උද්ධමනය පාලනය කිරීම. උද්ධමනය පාලනය කිරීමට නොහැකි වීම මත මිනිස්සුන්ට මහබැංකුවට විරුද්ධව නඩු යන්න පුලුවන්ද//
මම හිතන විදිහට පාර්ලිමේන්තුවට යටත්. නඩු දමන්න පුළුවන් කියා මම හිතනවා. නමුත් ප්‍රායෝගිකව දිනන එක ලේසි වෙන එකක් නැහැ.
ඉකෝන්....තව ප්‍රශ්නයක්....
ReplyDeleteඉකෝන්ගේ පසුගිය ලිපි අනුව, ඉකෝන් නිතරම කිව්වේ මහබැංකුව සතුව තිබෙන භාණ්ඩාගාර බිල්පත් දිහා බලලා පමනක් , මහබැංකුව සල්ලි අච්චු ගැහුවයි කියන්න බෑ කියලා.
ඔබගේම අතීත පැහැදිලි කිරීම අනුව , සල්ලි අච්චු ගහනවයි කියලා කියන්නේ සංචිත මුදල් වැඩි වීමයි.
සංචිත මුදල් කියන්නේ සමාන්‍ය මිනිස්සු අතර සංසරණය වන කාසි හා නෝට්‍ටු + බැංකු වල තියෙන සල්ලි +බැංකු විසින් මහබැංකුවේ තැන්පත් කර තිබෙන සල්ලි.
එතකොට මේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම, මහාභාණ්ඩාගරය සතු බැංකුවල සල්ලි වලින් කල ආයෝජනයක් නම් , මෙතැන මුදල් අච්චු ගැසීමක් වෙලා කියලා ටකේටම කියන්න බෑ නේද? ( මේ කාරණය ඉතින් ඔබගෙන්ම ඉගෙන ගත්ත එකක්)
ඔබ කියන එක හරි. මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිලදී ගත් පමණින් සල්ලි අච්චු ගැසීමක් වෙනවා කියලා කියන්න බැහැ. එහිදී එළියට යන මුදල් වෙනත් ක්‍රමයකින් එකතු කර ගත්තොත් සල්ලි අච්චු ගැසීමක් සිදු වන්නේ නැහැ. සංචිත මුදල් පිළිබඳ සංඛ්‍යාලේඛණ එළියට එන්නේ සතියකට වරක්. මේ සතියේ සංඛ්‍යාලේඛණ තවමත් ප්‍රකාශයට පත් කර නැහැ. ඒ නිසා දැනට මට හරියටම සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැහැ. මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමේදී ඉහළ යන සංචිත මුදල් නැවත පෙර මට්ටමට ගැනෙන ප්‍රධානම යාන්ත්‍රනය ඩොලර් (විදේශ සංචිත) විකිණීම. නමුත් මේ වෙද්දී සිදු වෙන්නේ මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීමයි (මෙය කළ යුතුම දෙයක්). එහිදී සංචිත මුදල් ඉහළ යනවා. එය නිශේධනය කරන්න දැනට මිල දී ගෙන තිබෙන භාණ්ඩාගාර බිල්පත් විකුණන්න වෙනවා. එසේ තිබියදී තවත් භාණ්ඩාගාර බිල්පත් මිලදී ගත් විට සිදු වන්නේ ක්‍රම දෙකකින්ම සංචිත මුදල් ඉහළ යන එකයි.
Delete//මහාභාණ්ඩාගරය සතු බැංකුවල සල්ලි වලින් කල ආයෝජනයක් නම් , මෙතැන මුදල් අච්චු ගැසීමක් වෙලා කියලා ටකේටම කියන්න බෑ නේද?//
මහා භාණ්ඩාගරය සතුව බැංකුවල සල්ලි නැහැ. ඔබ අදහස් කළේ මහ බැංකුව සතුව ඇති බැංකුවල සල්ලි විය යුතුයි. මෙවැන්නක් සිදු වූවානම් එය වාණිජ බැංකු විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමක් මිස මහ බැංකුව විසින් මිල දී ගැනීමක් නෙමෙයි. වාණිජ බැංකු වල තැන්පතු වල අයිතිය එම වාණිජ බැංකු වලට නිසා මහ බැංකුවට වියදම් කරන්න බැහැ. මෙහිදී සිදුව තිබෙන්නේ මහ බැංකුව විසින් බිල්පත් මිල දී ගැනීමක්.
//එතකොට මේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම, මහාභාණ්ඩාගරය සතු බැංකුවල සල්ලි වලින් කල ආයෝජනයක් නම් , මෙතැන මුදල් අච්චු ගැසීමක් වෙලා කියලා ටකේටම කියන්න බෑ නේද? // -----මෙතැන පොඩි වැරදීමක් වෙලා තියෙනවා...මහා භාණ්ඩාගාරය වෙනුවට මහ බැංකුව ලෙස නිවැරදි විය යුතුයි
Deleteඑය අත්වැරැද්දක් බව තේරුණා. එලෙස හිතාගෙනයි පිළිතුර ලිවුවේ.
DeleteBy improving the customer experience, outsourcing order taking process offers you access to the appropriate resources and increases your number of return customers. The appropriate outsourcing strategy may assist your company in several ways. 9 benefits of outsourcing the order taking process
ReplyDelete