Saturday, March 18, 2023

ඇමරිකාවේ ඒ කාලේ ආදායම් බදු


පසුගිය 2022 වසරේදී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් වලින් 3,268ක් පමණයි. එම වසරේදී ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,180ක්. මේ වගේ විශාල ආදායම් පරතරයක් තිබෙන රටවල් දෙකක ආදායම් බදු සීමා සංසන්දනය කරන්න බැරි බව ගොඩක් අය කියනවා. කතාව ඇත්ත. 

ඇමරිකාව ඔය තැනට දවසකින් දෙකකින් ආවේ නැහැ. ඇමරිකාවේ දැන් ඒක පුද්ගල ආදායම ඩොලර් 75,180ක් වුනත් ඇමරිකාවත් ලංකාව හිටපු මට්ටමේ හිටපු කාලයක් තිබුණා. ඒ අවුරුදු හැටකට කලින්. 1962 වසරේදී ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3,244යි. ආසන්න වශයෙන් ලංකාවේ දැන් මට්ටම. 

ඒ කාලයේදී ඇමරිකානුවන් කොපමණ ආදායම් බදු ගෙවුවද? පහත තිබෙන්නේ 1962 වසරේදී ඇමරිකාවේ ෆෙඩරල් ආදායම් බදු අනුපාතික.

$2,000 දක්වා- 20%

$2,000 සිට- 22%

$4,000 සිට- 26%

$6,000 සිට- 30%

$8,000 සිට- 34%

$10,000 සිට- 38%

$12,000 සිට- 43%

$14,000 සිට- 47%

$16,000 සිට- 50%

$18,000 සිට- 53%

$20,000 සිට- 56%

$22,000 සිට- 59%

$26,000 සිට- 62%

$32,000 සිට- 65%

$38,000 සිට- 69%

$44,000 සිට- 72%

$50,000 සිට- 75%

$60,000 සිට- 78%

$70,000 සිට- 81%

$80,000 සිට- 84%

$90,000 සිට- 87%

$100,000 සිට- 89%

$150,000 සිට- 90%

$200,000 සිට- 91%

ඇමරිකන් ඩොලරයක මිල රුපියල් 336 සේ සලකා ඉහත වාර්ෂික ඩොලර් ආදායම් මාසික රුපියල් ආදායම් වලට හැරෙවුවොත් මේ වගේ. 

රුපියල් 56,000 දක්වා- 20%

රුපියල් 56,000 සිට- 22%

රුපියල් 112,000 සිට- 26%

රුපියල් 168,000 සිට- 30%

රුපියල් 224,000 සිට- 34%

රුපියල් 280,000 සිට- 38%

රුපියල් 336,000 සිට- 43%

රුපියල් 392,000 සිට- 47%

රුපියල් 448,000 සිට- 50%

රුපියල් 504,000 සිට- 53%

රුපියල් 560,000 සිට- 56%

රුපියල් 616,000 සිට- 59%

රුපියල් 728,000 සිට- 62%

රුපියල් 896,000 සිට- 65%

රුපියල් 1,064,000 සිට- 69%

රුපියල් 1,232,,000 සිට- 72%

රුපියල් 1,400,000 සිට- 75%

රුපියල් 1,680,000 සිට- 78%

රුපියල් 1,960,000 සිට- 81%

රුපියල් 2,240,000 සිට- 84%

රුපියල් 2,520,000 සිට- 87%

රුපියල් 2,800,000 සිට- 89%

රුපියල් 4,200,000 සිට- 90%

රුපියල් 5,600,000 සිට- 91%

කෙසේ වුවත්, කලින් කලට සිදුව ඇති බදු සංශෝධන වලින් පසු, මේ වන විට ඇමරිකාවේ උපරිම ආදායම් බදු අනුපාතය 37%ක් පමණයි. 

ඇමරිකානුවන් ආදායම් බදු ගෙවිය යුත්තේ ෆෙඩරල් රජයට පමණක් නෙමෙයි. ඇමරිකාවේ ප්‍රාන්ත හතක වියදම් සියල්ලම වක්‍ර බදු වලින් පමණක් ආවරණය කර ගන්නා නමුත් ඉතිරි ප්‍රාන්ත 43හිදී ප්‍රාන්ත ආදායම් බදුද ගෙවිය යුතුයි. 

උදාහරණයක් ලෙස කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ආදායම් බදු 1% සිට 12.3% දක්වා ක්‍රමයෙන් ඉහළ යනවා. නිවුයෝර්ක් ප්‍රාන්තයේ ආදායම් බදු 4% සිට 10.9% දක්වා ක්‍රමයෙන් ඉහළ යනවා. සියල්ලන්ගෙන්ම 4.95%ක ආදායම් බද්දක් අය කරන ඉලිනෝයි ප්‍රාන්තය ඇතුළු තවත් ප්‍රාන්ත ගණනාවක ආදායම් බදු අනුපාතිකය ආදායම් මට්ටම අනුව වෙනස් වෙන්නේ නැහැ. 

ප්‍රාන්ත ආදායම් බදු වලට අමතරව පළාත් පාලන ආයතන මගින්ද ආදායම් බදු අය කරනවා. ෆෙඩරල් හා ප්‍රාන්ත ආදායම් බදු වලට අමතරව අපේ කෝරළයට (කවුන්ටියට) ආදායමෙන් 1%ක් බදු ලෙස ගෙවිය යුතුයි. 

12 comments:

  1. කෝ ඔයි අපි දාපු comments එක?තමුසෙ මේ කියන විදිටට 1960 ගනන්වල ඩොලර් ලක්ෂ දෙකක් පඩි ගන්න එකා සහ ඒ පිරිවැටුම තියන ව්‍යාපාරත් 9% කින් ජීවත්වුනා කියලද තමුසෙ කියන්නෙ?




    ත් ආදායම් වලින් 91 % බදු ගෙවල දෙන දෙයක් කාළ වද්

    ReplyDelete
  2. ප්‍රශ්නයක් තියෙනව.
    රටවල් අතර ආදායම් පරතරයක් හැදෙන්නෙ ඇයි මේ තරම් ලොකුවට?

    ReplyDelete
    Replies
    1. මේක සරල පිළිතුරක් තිබෙන ප්‍රශ්නයක් නෙමෙයි. සංවර්ධන ආර්ථික විද්‍යාව කියන විෂයයම අඩු වැඩි වශයෙන් ඔය ප්‍රශ්නයට විසඳුම් හෙවීමයි. කෙටි පිළිතුරක් ලෙස රටවල් අතර ආදායම් පරතරයක් තිබෙන්නේ එම රටවල මිනිස්සුන්ගේ ආදායම් අතර පරතරයක් තිබෙන නිසා. තනි මිනිස්සුන්ට ධනවත් වීමට වැඩි අවස්ථා ලැබෙන තරමට රටවල් ධනවත් වෙනවා. එයට බාධා සිදු වන තරමට රටවල් සාපේක්ෂව දුප්පත් වෙනවා. වෙළඳපොළ තරඟය, ලෝකයට විවෘත වීම, ව්‍යවසායකත්වය, පෞද්ගලික දේපොළ අයිතිය සුරක්ෂිත කිරීම, සියල්ලන්ට සමාන අවස්ථා තිබීම ආදී දේවල් මිනිස්සුන්ට හා රටවලට ධනවත් වීමට උදවු කරනවා.

      Delete
    2. හරි. මෙහෙම ඇහුවොත්.
      ඇයි ඇමෙරිකාව්‍ර් මිනිහෙකුගෙ ආදායම වැඩි එකම විදියේ වැඩක් කලත්?
      උදාහරනයක් ලෙස, යම්කිසි සොෆ්ට්වෙයා එකක් හදන්න ඉන්දීයාවෙ මිනිහෙකුට ගෙවන ගාන අඩු වෙන්නෙ ඇයි ඒකම ඇමෙරිකාවෙ මිනිහෙකුට දීල හදවනවට වඩා?

      Delete
    3. සරල පැහැදිලි කිරීමක් ලෙස කරුණු දෙකක සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය නිසා. රටක ධනවතුන් වැඩි තරමට ඔවුන් වැඩියෙන් වියදම් කරනවා. වැඩියෙන් වියදම් කරනවා කියන්නේ භාණ්ඩ හා සේවා මිල දී ගැනීම වෙනුවෙන් අවුලක් නැතිව වැඩි මිලක් ගෙවනවා කියන එක. මොකද පරිභෝජනය කරන්නේ නැත්නම් සල්ලි වලින් වැඩක් නැහැ. භාණ්ඩ හා සේවා මිල දී ගැනීම වෙනුවෙන් වැඩි මිලක් ගෙවද්දී ඒවා හදන අයගේ ශ්‍රමයේ මිලත් ඉහළ යනවා. ඉන්දියානුවා හදන සමාන දෙයක් ඇමරිකාවේ තරම් මිලක් ගෙවා මිල දී ගන්න තරම් ධනවතුන් ඉන්දියාවේ නැහැ. (අදහස පමණක් ගන්න). මේක පළමු හේතුව. දෙවන හේතුව සංක්‍රමණයට බාධා පැවතීම. මෙයින් කොටසක් ස්වභාවික බාධා. නමුත් වැඩි කොටසක් ජාතික රාජ්‍ය ලෙස සංවිධානය වී තිබෙන ලෝක දේශපාලන ක්‍රමයේ ප්‍රතිඵලයක්. එවැනි බාධා නැත්නම් ලංකාවේ කුලී වැඩ කරන කෙනෙක් ඇමරිකාවට ඇවිත් කුලී වැඩ කරනවා. සොෆ්ට්වෙයා හදන අයට මෙහි බලපෑම තරමක් අඩු වුවත් ඕනෑම කෙනෙකුට හිතෙන වෙලාවක ඇමරිකාවට එන්න බැහැ. හැබැයි ඔය සොෆ්ට්වෙයා එක හදන ඉන්දියානුවා හා ඇමරිකානුවා 100%ක් සමාන නැහැ. ක්‍රමලේඛන කුසලතාව සමාන ඇති. නමුත් අනෙක් ඇතැම් අදාළ කුසලතා අතින් ඉන්දියානුවා ඉන්නේ පසුපසින්. එහෙම නැති ඉන්දියානුවෝ වැඩි අපහසුවක් නැතිව ඇමරිකාවට එනවා. ඒ වගේම බාධාව තියෙන්නේ ඇමරිකාව පැත්තෙන් පමණක් නෙමෙයි. සල්ලි තිබෙන ඇමරිකානුවෙක්ට ඉන්දියාවට ඇවිත් ඇමරිකාවේ විදිහට ජීවත් වෙන්න පුළුවන් පසුබිමක් තිබුණානම් ඒත් ඔය වෙනස නැති වෙනවා. ඒකටත් නීතිමය හා ස්වභාවික බාධා තිබෙන නිසා වැඩේ වෙන්නේ නැහැ.

      Delete
  3. ඉකොන් tax filing and return ගැනත් ලියන්න. නිතර ආවා ගියාට comment ලියන්න කම්මැලියි.... කම්මැලි නතුව ලියන එක අගය කරනවා.

    මම ඉන්නේ east coast එකේ. මෙහේ tax වැඩි නිසා මම දන්නා කීපදෙනෙක් texas පැත්තට ගියා. west coast, mid west ගැන අදහසක් නෑ..

    ඉකොන් ඉන්නෙ මොන පලාතෙද?

    ReplyDelete
    Replies
    1. මිඩ්වෙස්ට් (යානා) වල

      Delete
  4. නැහැ කිසි සැකක් ලංකාවත් ඔය වාගේ
    දියුණු වේවි අවුරුදු හැටකින් වාගේ
    එහෙම වෙන්නෙ දුරුවී යාචක යෝගේ
    පෑදුණු විටයි මොළ අපෙ පාලකයන්ගේ

    ReplyDelete
  5. පණ ගැටගසා ගන්නට දඟලන අතරේ
    ඔය බදු කතා අල්ලා දාපන් මිතුරේ
    පැරකුම් සමය සිහිකර කුමටද මිහිරේ
    නොඉදෙන බතක පැල ඇත අදටත් අඳුරේ

    ReplyDelete
  6. මේ ටැක්ස් ගහන්නේ රජයේ වියදම් පියවා ගන්න. මේ විදිහට විශාල ටැක්ස් වදින කොට මිනිස්සු නිරායාසයෙන්ම රජය මේ මුදල් වියදම් කරන්නෙ මොනවටද කියලා සවිඥාණිකව ඉන්නවා. ඒකම තමයි ඇමෙරිකාව , යුරෝපය වගේ රටවල මිනිස්සු අපේ රටේ අයට වඩා දේශපාලනිකව සහ ආර්ථික කරුණු ගැන දැනුවත්.

    ලංකාව ගත්තොත් අතීතයේ ඉදලම රජයේ වියදම් කවර් කර ගත්තේ වක්‍ර බදු සහ ණය වලින්. රාජපක්ශ යුගයේදී මේකට තවත් කෑල්ලක් එකතු කලා මහපරිමාණ මුදල් අච්චු ගැසීම. වක්‍ර බදු ගහන කොටයි, මුදල් අච්චු ගහන එකෙයි පීඩනය මිනිස්සුන්ට දැනෙන්නේ භාණ්ඩ මිල ඉහල යෑම මත. පීබී ජයසුන්දර මේකටත් උත්තරයක් හොයා ගත්තා ඩොලර් එක පල්ලෙහා තියාගෙන ඉදලා. එයා ඩොලර් පල්ලෙහා තියා ගන්න න නා විධ උපක්‍රම යොදා ගත්තා. මේ එකක්වත් තිරසාර උත්තර නෙමේ. කවදා හරි දවසක මිනිසුන්ට ඒවට මුහුණ දෙන්න වෙන දවසක් තිබ්බා.
    ගෝඨා ඇවිල්ල මේ දවස ඉක්මන් කරලා දුන්නා. හෙමින් මරණයකට යමින් සිටි ලංකාවට ක්ෂණික මරණයක් ලබා දුන්නා.
    දැන් ලංකාවට විදේශීය ණය ගන්නත් බෑ, කලින් කලා වගේ මහපරිමාණයෙන් සල්ලි අච්චු ගහන්නත් බෑ.
    දැන් තියෙන එකම විසදුම බදු වලින් ආදායම් එකතු කර ගන්න ගමන් රජයේ වියදම් අඩු කරන එක.
    බදු ගහන කොට මිනිස්සු රජය මොකද කරන්නෙ කියන එක ගැන අවධානය වැඩි වෙනවා. ඒක හොද දෙයක්. වක්‍ර බදු වෙනුවට සෘජු බදු වැඩිවෙන තරමට මේ සවිඥාණික බව වැඩි වෙනවා. මේ අවබෝධය වැඩි වන තරමට පාර්ලිමේන්තුවට හරි මිනිස්සු පත් කර ගන්න මිනිස්සු උනන්දු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි. ඉතා හොඳ සාරාංශගත කිරීමක්.

      Delete
  7. @Econo, ඔබේ අදහස මොකද්ද වැඩිපුර tax ගෙවන අයට මුල්‍යමය නොවන වාසි දෙනවට? (මාකටින් වගේ වැඩක් තමයි). මොකද ලංකාවේ කොහොමත් tax ගෙවන්නේ අඩු පිරිසක් නිසා, අනිත් පැති වලින් නිතිය විදිමත් කරනවා වගේම මේකත් බැලුවොත් කොහොමද? Priority pass වගේ දෙයක්.
    අනික tax ගෙවන අයට උනත් ලංකාවේ තියෙන්නේ නෙගටිව් ඉම්ප්රේෂන් එකක් නේ.
    උදාහරණයක් කියන්නම්, එක වෙලාවක දැන් කාලෙකට කලින් ලංකාවේ උඩම tax බ්‍රකට් ඒකෙ ඉන්න අවුරුද්දකට ලොකු ප්‍රමාණයක් tax ගෙවන කෙනෙක් හම්බුනා ප්‍රිය සම්බාෂණයකදී. එතැනදී කතා වේවි ඉන්නකොට (රජයේ උසස් නිලදාරීන්, සමාජයේ උසස් අය, වගේ කිහිප දෙනෙක් හිටියා), අර tax ගෙවන පුද්ගලයට කිවේ "පිස්සුද බං ඔහොම ගෙවන්න, ඔය ගෙවන ගානෙන් 10% වියදම් කරලා tax එකෙන් බේරෙන හැටි දන්නේ නැද්ද" කියල.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.