කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව අගෝස්තු මාසයේදී උද්ධමනය 4.0% දක්වා පහත වැටී තිබෙනවා. මෙය මහ බැංකුවේ දිගුකාලීන උද්ධමන ඉලක්කය වන 4%-6% පරාසයේ පහළම සීමාවයි. ඉදිරි මාසයේදී මෙම අගය ඉලක්ක සීමාවෙන් පහතට වැටෙන බව ඉතාම පැහැදිලි අතර ශුන්‍ය මට්ටමට වුවද ආසන්න විය හැකියි. එමෙන්ම මෙම මාසයේ උද්ධමනය වුවද ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මීට වඩා අඩු මට්ටමක පැවතිය යුතුයි. අඩු වශයෙන් වසර අවසාන වන තුරු උද්ධමනය මහ බැංකුවේ ඉලක්ක සීමාවෙන් පහළ රැඳී තිබිය හැකියි.
මේ වන විට පවතින උද්ධමනය හා සැසඳූ විට පොලී අනුපාතික තිබෙන්නේ සෑහෙන තරම් ඉහළ මට්ටමකයි. අඟහරුවාදා දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට ඉදිරිපත් කළ රුපියල් බිලියන 150ක බිල්පත් ප්‍රමාණයෙන් විකුණා ගත හැකි වූ ප්‍රමාණය රුපියල් බිලියන 108ක් පමණයි. ඒ වෙනුවෙන් පෙර සතියට වඩා තරමක් වැඩි පොලියක් භාර ගන්නටද සිදු වුනා. පෙර සතියේදී 17.97% මට්ටමේ පැවති දින-91 ඵලදා අනුපාතය 18.48% දක්වා ඉහළ ගොස් තිබුණු අතර අනෙකුත් කල් පිරීම් වල ඵලදා අනුපාතිකද ඉහළ ගොස් තිබුණා. භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම තෙවන වරටද කල් යාම නිසා ඇති වූ වෙළඳපොළ අවිනිශ්චිතතාව මීට හේතු වී ඇති බව පෙනෙනවා.
මේ කතාව හරිද?
ReplyDelete//Meanwhile, private bondholders, including banks (35.6 percent), specialised banks (8.6 percent), corporations (1.8 percent), local individual investors (1.2 percent), insurance companies (3.6 percent), and primary dealers (3.4 percent), own the majority of high-interest-yielding Government Bonds, with 54.7 percent. In contrast, superannuation funds hold 42.7 percent of these bonds. Despite this, the Government’s proposed DDR plan places the entire burden on workers’ superannuation savings.
In 2022, high-interest-yielding bonds totalling Rs. 1,754.2 billion were issued. Of these, private bondholders purchased Rs. 1,324.8 billion (75.5 percent), while superannuation funds bought only Rs. 369.9 billion (21.1 percent).//
ඇතැම් දේවල් නිවැරදි වුවත් වැරදි ගණනාවක් තිබෙනවා. වැඩි කොටසක් වැරදියි. අවශ්‍යනම් සෙනසුරාදා පැවැත්වෙන සජීවී දේශනයේදී මේ සියල්ල විස්තරාත්මකව පැහැදිලි කරනවා.
Deleteගොඩක් අය ඉන්න සාකච්චා කියන්නෙ කිසිම දෙයක් පැහැදිලි කරගන්න බැරි තැන්. පුලුවන්නම් මෙතන දාන්න.
Deleteවිශේශයෙන්ම 2022 හයියීල්ඩ් බොන්ඩ්ස් ගොඩක් පිට උන් ලඟ තියෙද්දි උන්ව අතෑරල මුලුබ්පාඩුව අරතසාදකේට පැටවීමේ සාදාරනේ මොකක්ද?
1. පළමුව, හයි යීල්ඩ් බොන්ඩ් හා ලෝ යීල්ඩ් බොන්ඩ් කියලා වර්ග දෙකක් නැහැ. තියෙන්නේ කූපන් රේට් අඩු සහ වැඩි බොන්ඩ්. යීල්ඩ් එක කියන්නේ පොලී අනුපාතික වෙනස් වීම අනුව දවසින් දවස වෙනස් වන දෙයක්. බොන්ඩ් ගන්න දවසේ යීල්ඩ් එක අනුව බැලුවොත් වෙනස්. නමුත්, දැන් හැම බොන්ඩ් එකකම යීල්ඩ් එක තියෙන්නේ 13%-15% අතර මට්ටමක. බොන්ඩ් ගනුදෙනු වෙන්නේ දැන් යීල්ඩ් එකට.
Delete2. දෙවනුව, බිල්පත් හුවමාරුව සිදු වන්නේ ස්වේච්ඡාවෙන්. 1%ක තනි පුද්ගල ආයෝජකයින් පමණයි අත ඇරලා තියෙන්නේ. අනෙක් ඕනෑම කෙනෙකුට ඉල්ලුම් කළ හැකියි.
3. මෙහිදී විශ්‍රාම වැටුප් අරමුදල් වලට බලපෑමක් කරන්නේ 14% ආදායම් බද්ද 30% කිරීම මගින්. මූල්‍ය ආයතන වල බද්ද කලින්ම 33% සිට 48% දක්වා වැඩි කළා. දැන් මෙහිදී වෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කළොත් විශ්‍රාම වැටුප් අරමුදල් වලට දිගටම 14% බදු සහනය ලැබෙන එක. අසාධාරණය අනෙක් අයටත් එවැනිම බදු සහනයක් දෙන්නේ නැති එකද? ඔව්. අවශ්‍යනම් එවැනි බදු සහනයක් දී ඔවුන්වත් පොලඹවා ගන්න තිබුණා. නමුත් එයින් රජයට විශාල පාඩුවකුයි වෙන්නේ. ඒ වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභයක් නැහැ.
4. ණය ගෙවීමේ ප්‍රශ්නය තියෙන්නේ 2027-2032 කාලයේදී. ඒ කාලයේදී කල් පිරෙන බැඳුම්කර 80%-90% පමණම තියෙන්නේ විශ්‍රාම පාරිතෝෂික අරමුදල් වල. වැඩි කූපන් බැඳුම්කර කොහොමටත් කලින් කල් පිරෙනවා. එවිට නැවත අඩු ප්‍රතිලාභයකට ආයෝජනය කරන්න වෙනවා. ඒවා ඉලක්ක කිරීම ඔලුවේ තුවාලයට කකුලේ බෙහෙත් බඳිනවා වගේ වැඩක්.
5. සංවර්ධන බැඳුම්කර හා ස්වෛරිත්ව බැඳුම්කර වල පාඩුව 30%ක්. ඒ පාඩුව බැංකු සහ අනෙක් සියලුම ආයෝජකයින්ට සිදු වෙනවා. මහ බැංකුවටත් විශාල පාඩුවක් වෙනවා. එයට සාපේක්ෂව විශ්‍රාම වැටුප් අරමුදල් වලට විය හැකි අපේක්ෂිත පාඩුව 4.8%ක් පමණයි. ප්‍රතිව්‍යුහගත නොකළොත් වෙන පාඩුව 21%ක්.
1.හරි
Delete2. මේකවැදගත්. අර්තසාදකේ ගත්ත්ම මුදලාලියි කස්ටමර් දෙන්නම ආන්ඩුව වගෙ වැඩක් නේද වෙන්නෙ. ඉතින් කොහොමද ස්වෙච්චවෙන් වෙන්නෙ.
3. මෙතන කතා කරන්නෙ එකම ජාතියෙ බදු ගැනද? බැංකු වල බැඳුම්කර ආදායමටද 48% ගහන්නෙ?
4.වැඩි කූපන් බැඳුම්කර කියන්නෙ 2022-2023 නිජුට් කල ඒව කියල මම හිතන්නෙ. ඒ කියන්නෙ ඒව ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අතෑරල දානවද?
5.ඔබේ ගනනය කිරීම් ගැන ලිපිය කියෙව්ව. දෙපැත්තම කරන්නෙ උපකල්පන නිසා මේ ගනන් එච්චර තේරුමක් නෑ මට හිතෙන්නෙ
කොළඹ පාරිභෝගික මිල දර්ශකය සැකසෙන්නේ කොහොමද විදුර ?
ReplyDeletehttps://www.youtube.com/watch?v=DeyjLexffe0&t=2294s
Deleteලංකාවේ-
ReplyDeleteසංඛ්‍යා දත්ත විශ්ලේෂණ නිවැරදිද
එව්වා හදන්නෙම වැඩියක් හොරු නේද
උන්ගේ කෙරුම් හෙළිවෙන්නේ පහු-පහුද
අසු පැනගිය පසුව දොර වහලා මොටද
නිමල් පසුගිය දිනවල ලංකාවේ බිත්තර හිගයක් පැවති වෙලාවේ රජය ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරාම බිත්තර හිගය පහව ගියත්
Deleteබිත්තර ලංකාවේ අවශ්‍යතාවයට රටේදීම නිෂ්පාදනය කර ගත හැකිව තිබියදී ඉන්දියාවෙන් ආනයනය කරපු එක වෙළද ඇමතිගේ වැඩක් වුවද සත්ව පාලනය.සංවර්ධණය කෘෂිකර්ම ඇමතිගේ වැඩක්.. නිෂ්පාදනයට අතහිත දීම නිසියාකාරයෙන් නොසිදුවීම නිසා බිත්තර ආනයනය කිරීමට සිදුවිනි. වරද ඇත්තේ නිෂ්පාදකයා අතද නැත්නම් වෙලෙන්දා අතද යන්න වෙනමම විමසා බැලිය යුත්තක්.
ඒ බිත්තර ගැන, දැන් කුකුල් මස් ආනයනය කිරිමට වෙළද ඇමතිවරයා සුදානම් වෙයි. ලංකාවට නිෂ්පාදන ආර්ථිකයක් නැතිව ආර්ථිකය පාලනයෙන් තොරව විවෘතයි. නැවෙන් ගෙනත් බඩට දාගන්නා සුව පහසු ආර්ථිකයක මානසිකත්වයෙන් ලංකාවේ ජනයා ජීවත්වෙති.
කුකුල් මස් නිෂ්පාදනය සදහා වැය වන කාලය උපරීම දින හතලිස් පහකි. බිත්තර නිෂ්පාදනය සදහා මාස හයකි. යටිතල පහසුකම් , ආහාර ද්‍රව්‍ය, ඹෟෂධ සදහා පහසු මිළ ගනන් ඇත්නම් නිෂ්පාදන පිරිවැය අඩුවේ . කුකුල් ගොවීන්ට අවශ්‍ය මුලධනය සපයා ගැනීමට රාජ්‍ය බැකු හෝ රජයේ මැදිහත් වීම ඇත්නම් ගොවීන් නිෂ්පාදනය සදහා යොමු වනු ඇති.
වර්තමානයේ සිදුව ඇත්තේ ගොවීන් අධෛර්මත් කිරීමයි. එසේ සිදු කරමින් ඉන්දියාණු ගොවීන් පොහොසත් කිරීමයි. අනියම් ලෙස ඉණ්දියාව පොහොසත් කිරීමයි. බිත්තර ආනයනය කිරීම සදහා යොදවන ඩොලර් කුකල් ගොවිපලවලට අවශ්‍ය පහසුකම්, ආහාර ද්‍රව්‍ය, ඖෂධ සදහා යොදවන්න කෟෂිකර්ම දෙපාර්මේන්තුවත් වෙළද අමාත්‍යාංශයටත් කැබිනට් මණ්ඩලය තුල විසදා ගැණීමට බුද්ධිය පහල නොවේ. මේ ගැන නිවැරදිව අවබෝධ කරගෙන වැඩ කරන්න කාටද පුලුවන්?