Friday, September 20, 2024

සතුටුදායක ඡන්දයක්! Happy voting!!

 



තවත් පැය කිහිපයකින් ශ්‍රී ලාංකික ඡන්දදායකයින්ට රටේ නවවන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ කර්තව්‍යයට දායක වෙන්නට ඉඩ ලැබෙනවා. මෙය රටේ බොහෝ දෙනෙකු මාස ගණනාවක් තිස්සේ උනන්දුවෙන් බලා සිටි මොහොතක්.

මෙම ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමේ අභිප්‍රාය පිළිබඳව කාලයක් තිස්සේ වීවිධ පාර්ශ්ව විසින් විවිධ ආකාරයන්හි මත විමසුම් සිදු කළා. එම මත විමසුම් වල සීමාවන් පිළිබඳව අප විසින් ලිපි ගණනාවකින් පැහැදිලි කර තිබෙනවා. ඒවා බොහොමයක් විද්‍යාත්මක සමීක්ෂණ නෙමෙයි.

යම් තරමකින් හෝ නිවැරදි ක්‍රමවේදයක් අනුගමනය කළේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසිනුයි. එහි ඇති අඩුපාඩු හා සීමාවන් පිළිබඳවද අප විසින් ලිපි කිහිපයකම විස්තර කර තිබෙනවා. සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින්ම අවසාන මොහොතේ ප්‍රකාශ කර තිබුණේ ඔවුන්ගේ ආකෘතියෙහි වූ විශාල අඩුපාඩුකම් ඔවුන් විසින් හඳුනාගෙන ඇති බවයි. කෙසේ වුවත්, විද්‍යාත්මක නොවන මත විමසුමකින් වුවද සිදු විය හැකි දේ පිළිබඳව යම් අදහසක් ගන්න පුළුවන්.

මත විමසුම් වලින් කවර ප්‍රතිඵලයක් පෙන්නුවත්, ඔබ දැනටමත් තැපැල් ඡන්දය භාවිතා කර නැත්නම්, අවසන් ප්‍රතිඵලය තීරණය කරනුයේ තවත් පැය කිහිපයකින් ඔබ විසින් ගන්නා තීරණයයි. එය තවමත් විවෘත තීරණයක්. ඔබගේ එම තීරණය ඔබට ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය කිරීමට වසර ගණනාවකට වරක් පමණක් ලැබෙන දුලබ අවස්ථාවක්.

රටේ පවතින තත්ත්වය පිළිබඳව පාලකයින්ට දොස් තැබීම පහසු දෙයක්. එහෙත් ඒ පාලකයින් ඕපපාතිකව පහළ වූ අය නෙමෙයි. මහජන ඡන්දයෙන් තේරී පත් වූ අයයි. ඒ නිසා පාලකයෙකු විසින් කිසියම් වරදක් කර ඇත්නම් එහි වගකීම එවැන්නන් තෝරා පත් කරගත් අය විසින්ද භාර ගත යුතුයි. 

ඔබේ තීරණය කුමක් වුවත් ඔබේ හෘද සාක්ෂිය හඹා යන්න. 

සතුටුදායක මැතිවරණ දිනයක්!

12 comments:

  1. ඉකොනෝ මහත්තයා චන්ද පෙට්ටි බාරව යන කණ්ඩායමක සුළු සේවකයෙක්ද

    ReplyDelete
  2. පුබුදු ජාගොඩගෙ ප්‍රකාශය පසුබිම් කරගෙන ණය ප්‍රතිව්‍යුහගත්කරනය ගැන විස්තරයක් කරන්න බැරිද

    ReplyDelete
  3. මට තේරෙන විධිහට තව කෙනෙක්ගෙන් "කාටද චන්දෙ දාන්න ඕනා" කියලා අහලා චන්දෙ දාන බහුතරයක් ඉන්න රටක ඔය සමීක්ශණ වාර්තා ගැන එච්චර විශ්වාස කරන්න බෑ..ඉස්සර හැම සමීක්ෂණයකින්ම රනිල් දිනුම් චන්දෙ තිබ්බම මහින්ද දිනුම්... :-)

    ReplyDelete
    Replies
    1. ඔයා කාගෙන්ද අහන්නෙ

      Delete
    2. ඔයා කියන එකක් තමා ඉතිං...

      Delete
  4. පැනපු පනින විදිහට ගොඩ දෙනා රට
    තේරෙයි ගෝනි ඔනෙකුට ප්‍රතිපලය හෙට
    දිව බොරු කියන්නේ නෑ කට කිව්වාට
    අද මුළු රටම එක් වෙනවා එක මිටට

    ReplyDelete
    Replies
    1. නිමලේ පුක දෙයි ලප කොටා හට උදේ සිට
      ලපයා පුකෙන් යයි ප්‍රතිපල ලැබෙන විට
      නිමලේත් නොයෙනා ගමන් යයි හිතෙ දුකට
      රටටම සුබ වෙයි පුළුවන් රට හදන්නට

      Delete
  5. එපා සජිත්ට නිගා කරන්න, ඔබේ හොඳ ගති මැකෙනවා...
    එපා රනිල්ට කෝප වන්නට, එයින් යහපත නැසෙනවා...
    එපා දිලිත්ව සුලු කරන්නට, එයින් මුලාවෙ වැටෙනවා...
    එපා අනුරට චන්දෙ දෙන්නට, මැරෙනවා අපි මැරෙනවා ..."

    ReplyDelete
    Replies
    1. නාකි සොම්බියාට ඇර ඕනැ එකෙකුට චන්දෙ දෙන්න.

      Delete
  6. @ ජගත් මමත්, අපේ පවුලේ සියලුම දෙනා එකට මෙවර ඡන්දය දැමීමට පැමිණියා. හැමෝම ඡන්දය දැම්මා බහුතරය මාලිමාවට එකක් නාමල්ට සහ එකක් දිලිත්ට (තරුවට) අපේ පවුලේ මමත් බිරිඳත් බිරිඳගේ මවත් මගේ මවත් මාමාගේ පුතා සහ බිරිඳ මාමාගේ දුව සහ ඇගේ සැමියා බාප්පාගේ පවුලේ පුතුන් දෙදෙනා දුව සහ බාප්පා ඇතුලු බහුතරය මෙවර මාලිමාවට ඡන්දය දැම්මා. ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ සිටි අය සමග කතා කළාම ඒ අය ඔක්කෝම රනිල් වික්‍රමසිංහ මහතාට අතිශය සාහසික ලෙස අමානුෂික ලෙස ඉතාම දැඩි ලෙස බැන වැදුනා, විශේෂයෙන්ම ත්‍රීරෝද රථ වලින් ආපු අයට රනිල්ව පේන්න බෑ, බොහෝ දෙනා පැවසූවේ ගෝඨාභය නෙමේ රටට කෙලියෙ රනිල් කියලා, ලංකාවේ බිහිවු කපටිම කාලකණ්නිම දේසපාලුවා වූ රනිල් ඒකට ගෝඨාභය බිලිදුන්න එච්චරයි උනේ කියලයි හැමෝම කියන්නේ හැබැයි මේ පාර නාමල්ට සජිත්ට දිනන්න බෑ. ...අනුර දිනයි...හැබැයි මන් පුද්ගලිකව මේ දේශපාලන ව්‍යාපාරයේ හොඳ වැඩපිලිවෙලක් දැක්කෙ දිලිත්ගේ ඒත් ඔහු දිනන එකක් නැති නිසාත් ඔහුගේ පසුපස සිටින වීරවංශ ගම්මන්පිල වැනි අපතයින් නිසාත් මෙවර මමත් මාලිමාවට ඡන්දය දුන්නා ඊළඟ මැතිවරණ වලදි දිලිත් ජයවීර ගැනත් හිතල බලන්න ඕන. රනිල් වික්‍රමසිංහ සහ උගේ තක්කඩි ආර්ථික වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම පරාජය කිරීමට අප දිගටම කැපවිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. මටත් මොකා දිනුවත් කමක් නෑ නාකි සොම්බියා ඇර. දැනටම සොම්බියට කෙලවිලා ඉවරයි.

      Delete
    2. Mee too, RW is the main culprit behind most of the problems in Sri Lanka, this bloody Ranil W should be chased away from power and must send to the hell for the utter damage he has done to Sri Lanka. The worst political menace ever seen in entire world.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.