වෙබ් ලිපිනය:

Monday, June 15, 2026

සීනි කඩෙන් කෝටි 319ක පාඩුවක්!

 


ලංකා සීනි සමාගම විසින් පසුගිය (2025) වසර තුළ රුපියල් මිලියන 3,193ක ශුද්ධ අලාභයක් වාර්තා කර තිබෙනවා. මෙම සමාගම රටේ ආර්ථිකය යහපත් මට්ටමක නොතිබුණු 2021, 2022 හා 2023 වසර වලදීද පිළිවෙලින් රුපියල් මිලියන 1,250ක, රුපියල් මිලියන 6,045ක හා රුපියල් මිලියන 2,835ක ලාබ වාර්තා කර තිබුණු ආයතනයක් වුවත් 2024 වසර අවසන් වන විට පාඩු ලබන තත්ත්වයට පත් වී ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකියි. 

පසුගිය වසර තුළ රුපියල් මිලියන 3,193ක පාඩුවක් ලැබීමට පෙර, 2024 වසර තුළද ලංකා සීනි සමාගම විසින් රුපියල් මිලියන 1,944ක පාඩුවක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව, 2023දී රුපියල් මිලියන 1,597ක ලාභාංශ මුදල් රජයට ලබා දී ඇති ලංකා සීනි සමාගම විසින්, මුදල් අමාත්‍යාංශ වාර්තා අනුව, 2024 හා 2025 වසර වලදී රජයට කිසිදු ලාභාංශයක් ලබා දී නැහැ. පාඩු ලබමින් පවත්වාගෙන යාම සඳහා 2025 වසර තුළ රුපියල් මිලියන 600ක බදු මුදල් ලංකා සීනි සමාගම වෙත පොම්ප කර  තිබෙනවා. 

ලංකා සීනි සමාගම කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක්. දිලුම් අමුණුගම හා රමේෂ් පතිරණ වැනි ඇමති වරුන් ය‍ටතේ පාලනය වෙද්දී ලාබ ලැබූ මෙම සමාගම මේ වන විට පාලනය වන්නේ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යටතේයි. 2023දී සීනි අලෙවියෙන් රුපියල් මිලියන 10,025ක ආදායමක් ලබා තිබුණු මෙම ආයතනය සීනි විකිණීම සඳහා අලුතෙන්ම අලෙවිහල් විවෘත කිරීමෙන් පසුවද 2025දී සීනි අලෙවි කර උපයා ඇති ආදායම රුපියල් මිලියන 6,335ක් පමණයි. 

23 comments:

  1. ඔබ තුමාගෙන් මේ ගැනත් හොද නරක කියල සිංහලෙන් ලිපියක් ලැබුනොත් හොදයි
    https://www.ft.lk/front-page/Sri-Lanka-and-India-set-sights-towards-Rupee-converted-6-b-trade/44-793343

    ReplyDelete
  2. ඉකොනෝ හිටපු මහබැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ඩබ් ඒ විජේවර්ධන කියන විදියට අනිවාර්යයෙන්ම ලංකාවේ ආර්ථිකය බරපතල ලෙස කඩා වැටීම නිසැක ද? ඔහුගේ සුප්‍රකට යූටියුබ් වීඩියෝ එකේ කියන දේවල් ඇත්ත නේද? මේ බරපතල ආර්ථික කඩාවැටීම 2022ටත් වඩා භයානක නීසා ලංකාවේ රුපියල් වලින් මුදල් තියෙන ලාංකික ජනතාවට තම වත්කම් ආරක්ෂා කර ගැනීමට කුමක්ද කළ හැක්කේ?

    සීනි කඩේ විතරක් නෙවෙයි ඕං මහා බැංකුවෙ ලොකු මුදලාලිත් කියල තියෙනවා රටේ ආර්ථිකයේ අනාගතය දැඩිලෙස අවිනිශ්චිතයි කියල...!

    Copied ...

    [ The future is highly uncertain, says Central Bank Governor

    The Governor of the Central Bank, Dr. Nandalal Weerasinghe, has stated that the future is highly uncertain. The Governor has reportedly made these remarks while participating in the Parliamentary Committee on Public Finance held last Friday

    Responding to a question raised by the Acting Chairman of the Committee on Public Finance, Member of Parliament Rauff Hakeem, regarding the prevailing situation..]

    ඒ අස්සේ අයි එම් එෆ් එක කියනවා ලංකාවේ වත්කම් ඩොලර් මිලියන 808 ක් ද කොහෙද හදිසියේම ගල් වෙලා කියලා. ඉස්සර 2022 මහා අර්බුදය වෙන්න කලින් නන්දසේනයා මුස්ලිම්වරුන්ගේ මියගිය අය බලහත්කාරයෙන් පුච්චමින් ජාතිවාදීන්ට ආතල් දිදී ඉඳලා අන්තිමට දන්නෙම නැතුව හොක් ගාලා රටටම හබක් වුණා, දැන් ඊටත් අන්ත විදියට මේ අමු මැටි මීහරක් හැත්ත පාස්කු නාඩගමක් නට නට ඉන්නවා රටටම කෙළවෙනකන් දන්නේ නෑ, රටේ පුරවැසියන් විදිහට අපිට මේ වගේ වෙලාවට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවාද යන්න ගැන විස්තර සහිතව ලියන්න පුළුවන්ද ආර්ථිකය විද්‍යාත්මක විදියට?

    ReplyDelete
  3. ඉකොනෝ ඇත්තටම ලංකාවේ ප්‍රධාන සීනි කර්මාන්ත ශාලා (පැල්වත්ත සහ සෙවනගල) අයත් වන ලංකා සීනි සමාගම (Lanka Sugar Company) පාලනය වන ප්‍රධාන අමාත්‍යාංශ සහ ඒවා භාරව සිටි ඇමතිවරු 2020 සිට 2026 දක්වා පහත පරිදි වේ:

    2022 සිට 2024 දක්වා:

    ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චාමර සම්පත් දසනායක.

    2024 නොවැම්බර් සිට අද (2026) දක්වා:

    කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ලෙස සුනිල් හඳුන්නෙත්ති (මෙම අමාත්‍යංශය දැන් Ministry of Industries, Sri Lanka යටතේ ක්‍රියාත්මක වේ).

    ReplyDelete
  4. ඉකොනෝ සීනි සමාගම මීට කලින් පාලනය රමේෂ් දිලුම් යටතේ නෙවෙයි වුණේ නූගත් වල් පැලයක් වූ චාමර සම්පත් දසනායක යටතේ, එදා ජවිපෙ NPP අය අසික්කිත පාදඩ විදියට මඩ ගහපු ඒ දෙක පාස්.. කෝච්චියෙ වඩේ වික්ක නූගතා චාමර සම්පත් ඇමතිවරයා යටතෙ ලාභ ලැබූ ලංකා සීනි සමාගම දැං මේ උගත්.. බුද්ධිමත්.. ජපුර ව්‍යාපාර පරිපාලනවේදී විද්‍යාවේදී උපාධිය හිමි (BSc in Business Administration)... ඇවිදින පුස්තකාල සුනිල් හඳුන්නෙත්ති යටතෙ පාඩු පිට පාඩුයි.. ඇයි ඒ?

    ලංකා සීනි සමාගම යටතේ ඇති සීනි කර්මාන්ත ශාලා මොනවාද...?

    ◼️ පැල්වත්ත කර්මාන්ත ශාලාව
    ◼️ සෙවණගල කර්මාන්ත ශාලාව

    ලංකා සීනි සමාගම 2020 සිට 2023 දක්වා ඉහළ ලාභ ලැබූ නමුත් 2024 වසරේ සිට එය දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව අලාභ ලබන තත්ත්වයට පත්ව ඇත.

    ශ්‍රී ලංකා සීනි සමාගමෙ...

    🔴 2020 ලාභය - රුපියල් බිලියන 1.25 ⬆️
    🔴 2021 ලාභය - රුපියල් මිලියන 819 ⬆️
    🔴 2022 ලාභය -රුපියල් බිලියන 6.04 ⬆️
    🔴 2023 ලාභය - රුපියල් බිලියන 2.8⬆️

    ❌2024 අලාභය - රුපියල් බිලියන 1.89 ⬇️
    ❌ 2025 (පළමු මාස 6) තුළ අලාභය - රුපියල් බිලියන 2.6 ⬇️

    ◼️ 2022 සිට 2024 දක්වා ලංකා සීනි සමාගම බාර අමාත්‍යවරයාව සිටියෙ චාමර සම්පත් ඇමතිවරයායි (ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති )

    ◼️ 2024 - 2025 සිටි ඇමතිවරයා සුනිල් හඳුන්නෙත්ති (කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය)

    🔴 පසුගිය වසර දෙකේ ශ්‍රී ලංකා සීනි සමාගම අලාභ ලැබීමට ප්‍රධාන හේතු නම්..

    ◼️ වර්තමාන ලංකාව 2024 අග සිට පාලනය කරන අන්ත දූෂිත පාදඩ ජාජබ චෞර රෙජීමය යටතේ විදේශීය සුදු සීනි විශාල බදු සහන මත බහුලව ආනයනය කිරීම නිසා දේශීය දුඹුරු සීනිවලට තිබූ ඉල්ලුම පහත වැටී නිෂ්පාදන ටොන් දහස් ගණනින් ගබඩාවල සිරවීම.

    ◼️ දේශීයව නිෂ්පාදනය කරන සීනි සහ එතනෝල් සඳහා 18% ක වැට් බද්දක් එකතු කිරීම නිසා නිෂ්පාදන පිරිවැය ඉහළ යාම.

    ◼️ විදේශයන්ගෙන් අඩු බදු යටතේ මහ පරිමාණයෙන් එතනෝල් ආනයනය කිරීමට ඉඩ දීම.

    ◼️ එදිනෙදා මෙහෙයුම් කටයුතු හා වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන ගණනින් බැංකු අයිරා (Overdrafts) සහ වාණිජ ණය ලබා ගැනීමට සිදුවීම.

    ◼️ අත්දැකීම් රහිත වෘත්තීය ලෙස නුසුදුසු දූෂිත පක්ෂ කාඩර්ලා නිලධාරීන් සහ කළමනාකරණකරුවන් ලෙස පත් කිරීම නිසා ඇති වූ බරපතල පරිපාලනමය දුර්වලතා..

    🔴 ආහ්... තව ඩිංගෙන් අමතක වෙනවා.. නුගේගොඩ දුඹුරූ සීනි කඩේ විවෘත කිරීම මේ සියවසෙහි ලංකාවෙ සිදු වූ දැවැන්තම ලොකුම අලෙවිකරණ විප්ලවයයි. අතරමැදියාගේ ලාභය ඉවත්කර කෙලින්ම පාරිභෝගිකයාට විකුණන ලොව නවීනතම ආර්ථික විද්‍යාත්මක නවෝත්පාදනය එයයි

    ලංකා සීනි සමාගම අලාභ වීමට අනුලෝමව හෝ ප්‍රතිලෝමව වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහගෙ වත්කම් ගිය වසරේ තිබු මිලියන 270 ට වඩා ඉහළ ගොස් ඇත්දැයි වහාම සොයා බැලිය යුතුයි.

    වසන්ත සමරසිංහ යනු ලංකාවේ පහලවූ "ආනයන දෙයියා" යි.ඔහුගේ අමාත්‍යධූරය "වෙළෙඳ ඇමති" ලෙස නොව "ආනයන ඇමති" ලෙස වෙනස් කළ යුතු යැයි මම යෝජනා කරමි 😉

    සහල් අස්වැන්න නෙලද්දී ගොවියාට කෙලවීමට සහල් ආනයනය කරන, බී ළූණු සහ අල අස්වැන්න නෙලීමෙදි බී ළූණු සහ අල ආනයනය කර ඩඩ්ලිලාගේ සිට තොග සහ සිල්ලර ධනවත් ව්‍යාපාරිකයන් තව තවත් ධනයෙන් ආඪ්‍ය කරමින් වැඩ පෙන්වන, මෙතෙක් රටට ආනයනය නොකරපු ලුණු කැටේ පවා ආනයනය කර විදේශ විනිමය කාබාසිනියා කරන වසන්ත සමරසිංහ යනු මේ වන විට ලංකාවෙ ගොවියාගෙ දෙවියායි.

    වසන්ත සමරසිංහ එනතුරු තඹුත්තේගම ඇතුලු රට පුරාම පැතිර සිටින ගොවි ජනතාව මේවන විට තොරණ් බැඳගෙන, රබන් රත් කරගෙන, කැවුම් කොකිස් හඳාගෙන, බුලත් හුරුළු අරගෙන පෙරමග බලා සිටිති...

    මේ අයුරින් ලාභ ලැබූ ආයතන අලාභ පිට අලාභ ලබද්දිත් තඹුත්තේගම තනි සිග්නල් කණුව යට රන් බණ්ඩාගෙ ... පුතාගෙ කටේ නරි සවුදම් නම් අඩු වී නැත..

    ආහ්... තව ඩිංගෙන් ආයිත් අමතක වෙනවා... මේ අලාභය ඉරාන ඇමරිකා යුද්ධෙ නිසානෙ...

    ReplyDelete
  5. ඛනිජ තෙල් ඇරුනම ලංකාව වැඩිම වියදමක් කරන්නේ විදේශ විනිමය සීනි ගෙන්නන්න කියලා මම හිතනවා එයා ඇමරිකන් ඩොලර් මිලියන 500..මෙම වියදම සෘජුවම විදේශ විනිමය ගලා යෑමක් වන අතර හැබැයි අපරගෙ රටේ සීනි නිෂ්පාදනය කියන්නේ එහි අගය එකතු කිරීම වැඩි කොටසක් අපේ රටේම සිදුවන දෙයක්..ඒක නිසා සීනි සමාගම පාඩුවට පවත්වාගෙන යාම ආර්ථික මෙය වශයෙන් වාසිදායක ද..සම්පූර්ණයෙන් සීනි ආනයනය කිරීම හොඳ දෙයක්ද කියන්න බැහැදිලි කරන්න පුළුවන්ද.....සම්පූර්ණයෙන් සීනි ආනයනය කිරීමට විශාල විදේශ විනිමයක් යන නිසා මේ දෙකෙන් වාසි මොකක්ද යන්න පැහැදිලි කරන ලෙස ලෙස ඉල්ලනවා

    ReplyDelete
  6. මේක හරියට බැලුවොත් 2021 ඉදලා පාඩුවට තමා තියන්නේ. 2024 දී ලංකා සීනි සමාගම ණය අරගෙන තියන්නේ 1.2B. නමුත් Finance Cost එක 2023(69M) ඉදල 2024(213M) ට වැඩි වෙනවා මෙහෙම වෙන්න බැනේ. 2023 සහ ඉට කලින් ලංකා සීනි සමාගම ණය දීලා තියන්නේ 2%ට අඩුවෙන්... මේකේ පාඩුව අපි තමා කරගහල තියන්නේ 2021 ඉදලා පට්ට අඩුවට ලංකා සීනි සමාගමට ආණ්ඩුව ණය දීලා...
    මේක 2024 දී වෙනස් කරනවා. හරි පොලියට බැලුවම දැන් ලංකා සීනි සමාගම පාඩු ලබන ආයතනයක්....

    නමුත් කියන්න ඕනේ... මේ සුනිල් හඳුන්නෙත්ති කඩයක් දාලා කරපු ගොන් පාට් එකෙන් කිසිම වාසියක් වෙලා නැ.

    ඉස්සර ඔබ මේ වගේ දේවල් පැහැදිලිව දැම්මා.. කොහොමද ඉස්සර ලාබ ලැබුවේ දැන් මොකද පාඩු උනේ.... අපිත් දේවල් ඉගන ගත්තා. නමුත් දැන් ඔබ සම්පුර්ණ විස්තරය දාන්නේ නැ.

    ReplyDelete
    Replies
    1. මුදල් අමාත්‍යංශයටම අනුව, මේ වන තුරු ලංකා සීනි සමාගම විසින් 2023 වර්ෂයෙන් පසුව වාර්ෂික වාර්තා පවා ඉදිරිපත් කර නැහැ. මෙය පැහැදිලි ලෙසම වත්මන් පරිපාලනයේ අකාර්යක්ෂමතාවය. එසේ නැත්නම් හිතාමතා තොරතුරු සැඟවීමේ උත්සාහයක්. ඉදිරිපත් කර තිබෙන තොරතුරු වල තරමට තමයි විශ්ලේෂණය කළ හැක්කේ. කලින් ණය කතාව කොහොම වුනත්, 2025දීනම් අයවැයෙන් රුපියල් මිලියන 600ක් ලබා දී තිබෙනවා. equity විදිහට එපමණ මුදල් ප්‍රමාණයක් ලබා දුන් විට finance cost එක ගිණුම් වල පේන්නේ නැහැ. එය පෙනෙන්නෙ මධ්‍යම රජයේ වියදමක් ලෙසයි. නමුත් මධ්‍යම රජය ඔය මිලියන 600 වෙනුවෙන් 8%-9% පමණ පොලියක් ගෙවිය යුතුයි. ඒ කියන්නේ දැන් සැබෑ පාඩුව ඔය පෙනෙන පාඩුවටත් වඩා විශාලයි.

      Delete
    2. ඉකොනෝ මේ උඩ ඇනෝ දාල තියෙන පට්ට පල් බොරු පැලවත්තෙන් ඩෝබිලා හරහා Facebook එකේ අලවන්න ගිහිල්ල ඩෝබිලා කුජීත විදියට බලු වෙලා තියෙන්නේ. 😅🤣😂

      තව ඔය වගේ ගොන් කතාවක් තමයි තෙල් ඇරුනම දෙවෙනියට ඩොලර් යන්නේ සීනි ආනයනය කරන්න ලු. මහ පච කොටා වගේම තමයි ඩෝබි මීහරක් හැත්තත් බලු වීමේ සීමාවක් නෑ විලිලැජ්ජ නැති අමු කාලකන්නි හැත්තක් 😅🤣😂

      Delete
    3. මේ තියන්නේ විගණන වාර්තාව හොදට බලන්න 2021-2023 ලාබ ලබලද නැත්නත්ම් ඔයත් රැවටිලද කියල.
      auditorgeneral.gov.lk/web/images/audit-reports/upload/2024/9-CompaniesLimited/9-XXVI/Lanka-Sugar-Company---E.pdf

      Delete
    4. යම් හෙයකින් 2020-2023 අතර පාඩු ලැබුවේ වුවද (එසේ වී නැතත්) ඉන් පසුව 2024 හා 2025 වසර වල පාඩු ලැබීම නිශේධනය වන්නේ නැහැ. පාඩුයිනම් පාඩුයි. මොන හේතු ඉදිරිපත් කළත් අවසාන වශයෙන් පාඩු වෙලා කියන කරුණ බැහැර කරන්න බැහැ. කෙසේ වුවත්, මමනම් රැවටිලා නැහැ.

      මහා භාණ්ඩාගාර වෙබ් අඩවියේ ඇති විගණනය කළ ගිණුම් වාර්තා අනුව:

      2020 ලාභය: රුපියල් මිලියන 1,172
      2021 ලාභය: රුපියල් මිලියන 820
      2022 ලාභය: රුපියල් මිලියන 4,789
      2023 ලාභය: රුපියල් මිලියන 2,133
      2024 පාඩුව: රුපියල් මිලියන (1,944)

      මුදල් අමාත්‍යශයේ වාර්ෂික වාර්තාව අනුව:

      2024 පාඩුව: රුපියල් මිලියන (3,193)

      Delete
    5. ඉකොනොමැට්ටා...ඔබ මේකේ වැදගත් කාරණාව හිතා මතා මගහරිනවා ලංකා සීනි සමාගම 2021 සිට ඇත්තටම ලාබ ලැබුවා කියන්න කිසිම සාදකයක් අපිට පෙන්නේ නැ.... තියන්නේ ගිණුම් වාර්තා වෙනස් කර පෙන්වීමක්...
      විගණන වාර්තාව සහ අනිකුත් තොරතුරු බැලුවම 2025 අලාබය තවත් වැඩි වෙලා කියන එක තමා නිවරිදීම 2021, 2022 හා 2023 ලාබ ලබලා 2025 අලාබය කියන කාරණාවට වඩා.....

      බොහොම අඩු පොලියට ණය රජයන් දීලා තියන්නේ අපිට හම්බුනත් FD එකක් දාලා උනත් ලාබ පෙන්නන පුළුවන්.
      සේවක EPF,ETF ගෙවීම් මගහැරලා
      ලංකා සීනි සමාගම වෙනත් ආයතන වලට කරන්න තියන ගෙවීම් බොරුවට කල්දලා ගිණුම් වෙන්සස් කරහම ඕන කෙනෙකුට ලාබ පෙන්නන පුළුවන්.

      Delete
    6. //ලංකා සීනි සමාගම වෙනත් ආයතන වලට කරන්න තියන ගෙවීම් බොරුවට කල්දලා ගිණුම් වෙන්සස් කරහම ඕන කෙනෙකුට ලාබ පෙන්නන පුළුවන්.//

      ඔබට අනුව, අනුර කුමාර දිසානායක එහෙම බොරු ගණන් පෙන්වලා තියෙන්නේ ඇයි?

      Delete
    7. අනුර කුමාර දිසානායක හෝ ලංකා සීනි සමාගම 2025 දී කරලා තියන එකම හොද කාරණාව ගිණුම් වාර්තා හරියට හදලා තියනවා 2021, 2022 හා 2023 වගේ බොරු නැතුව. එකෙන් සීනි සමාගම කිසිම දිඋණුවක් වෙලා නැ. නමුත් ලංකා සීනි සමාගම ලාබ ලබන සමාගමක් කරන්න කොපමණ වෙනසක් ඕනෙද කියල මිනුස්සුන්ට තේරෙනවා.

      Delete
  7. @ Economatta

    මහ බැංකුවෙන් අලුත් PDMO කාර්යාලයට වගකීම් මාරු වෙද්දී, ආයෝජකයන්ට වැදගත් මූල්‍ය වාර්තා රැසක් හැංගිලා.

    රටේ සමස්ත ණය රුපියල් ට්‍රිලියන 30 සීමාවට; ඉන් තුනෙන් දෙකක්ම දේශීය බැංකු සහ අරමුදල්වලින් ගත් දේශීය ණය.

    “දත්ත නැතිනම් වෙළඳපොළ ජාවාරම්කරුවන් අතට පත්වෙනවා” - මූල්‍ය විනිවිදභාවය නැතිවීම ගැන ආර්ථික විශ්ලේෂකයන්ගෙන් අනතුරු ඇඟවීම්.

    ශ්‍රී ලංකාව 2026 දී මුහුණ දී සිටින ඉතිහාසයේ දරුණුතම ස්වෛරී ණය අර්බුදය මධ්‍යයේ, රටේ රාජ්‍ය ණය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු මහජනතාවට සහ ආයෝජකයන්ට විවෘත නොවීම පිළිබඳ බරපතල විනිවිදභාවයේ (Transparency) අර්බුදයක් මතු වී තිබේ.

    පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (CoPF) සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දෙන්නේ, රාජ්‍ය ණය කළමනාකරණ වගකීම් ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) සිට අලුතින් පිහිටුවන ලද රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (PDMO) වෙත පැවරීමෙන් පසු මෙම දත්ත හිඩැස නිර්මාණය වී ඇති බවයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළ යටතේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරමින් යම් ප්‍රගතියක් ලබා තිබුණ ද, රටේ සමස්ත ණය බර තවමත් පවතින්නේ දරුණු මට්ටමකය.

    ට්‍රිලියන 30ක ණය බර සහ දත්ත වැස්ම

    නව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ (PDMO) 2026 මාර්තු නිල දත්ත වාර්තාවලට අනුව, ශ්‍රී ලංකාවේ සමස්ත දළ රාජ්‍ය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 99ක්, එනම් දේශීය මුදලින් රුපියල් ට්‍රිලියන 30කට ආසන්න වේ. මෙයින් රජයේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37.47ක් වන අතර, දේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 61ක් දක්වා ඉහළ ගොස් ඇත. එය සමස්ත ණය බරින් තුනෙන් දෙකකි.

    දේශීය බැංකු, විශ්‍රාම වැටුප් අරමුදල් (EPF/ETF) සහ මූල්‍ය ආයතන සතු භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර හරහා මෙම දේශීය ණය ලබාගෙන තිබේ. දශක ගණනාවක සිට ආයෝජකයන් සහ පර්යේෂකයන් රටේ ආර්ථික අවදානම ගණනය කළේ මහ බැංකුව විසින් දිනපතා සහ සතිපතා නිකුත් කළ සවිස්තරාත්මක ණය දත්ත වාර්තා ඇසුරිනි. නමුත් නව රාජ්‍ය ණය කළමනාකරණ පනත ක්‍රියාත්මක වීමත් සමඟ, එම දත්ත වගු බොහොමයක් වෙබ් අඩවිවලින් ඉවත් වී හෝ සොයා ගැනීමට නොහැකි තරමට අපැහැදිලි වී ඇතැයි විවේචකයෝ පවසති.

    තොරතුරු හිඟය සහ වෙළඳපොළ හැසිරවීමේ අවදානම

    විශේෂයෙන්ම රජයේ සුරකුම්පත් (Government Securities) වෙළඳාම සිදුවන ආකාරය, ඒවායේ පොලී අනුපාත වෙනස් වීම් සහ දෛනික ගනුදෙනු පරිමාවන් පිළිබඳ නිසි තොරතුරු වෙළඳපොළට නොලැබීම අතිශය අනතුරුදායක බව ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති. තොරතුරු හිඟ වූ විට, ඇතැම් මහා පරිමාණ තැරැව්කරුවන්ට සහ ජාවාරම්කරුවන්ට තමන්ට අවශ්‍ය පරිදි කෘත්‍රිම ලෙස වෙළඳපොළ මිල ගණන් වෙනස් කිරීමටත්, මූල්‍ය වෙළඳපොළ අනිසි ලෙස හැසිරවීමටත් (Market manipulation) අවස්ථාව ලැබෙනු ඇත.

    ලංකාවේ ණය අර්බුදයට ප්‍රධාන හේතුවක් වූයේ ද දුර්වල මූල්‍ය අධීක්ෂණය සහ Fragmented accountability හෙවත් වගකීම් කොටස්වලට බෙදී පැවතීමයි. ආයෝජකයන්ගේ සහ ජාත්‍යන්තර මූල්‍ය හවුල්කරුවන්ගේ විශ්වාසය රැකගැනීමට නම්, ඩොලර් බිලියන 100කට ආසන්න මහජන වගකීම් පාලනය කරන ආයතන සතු දත්ත විනිවිදභාවයෙන් යුතුව රටට හෙළි කළ යුතු බව පාර්ලිමේන්තු මුදල් කාරක සභාව දැඩිව අවධාරණය කරයි.

    අදහස් සහ යෝජනා :

    ණය දත්ත වසන් වීම වැළැක්වීම සහ මූල්‍ය වෙළඳපොළ තුළ ස්ථාවරත්වය රැකගැනීම සඳහා රජය වහාම පහත පියවර ගත යුතුය.

    1- 'Mandatory Centralized Live Debt Dashboard' (සජීවී ණය දත්ත පද්ධතියක් ඇරඹීම):
    මහ බැංකුව සහ PDMO කාර්යාලය ඒකාබද්ධ කරමින්, මහජනතාවට සහ ආයෝජකයන්ට ඕනෑම මොහොතක පරීක්ෂා කළ හැකි "සජීවී ඩිජිටල් ණය දත්ත පද්ධතියක්" (Live Public Debt Dashboard) වහාම ස්ථාපිත කළ යුතුය. එහි භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර, විදේශ ණය වාරික සහ දෛනික ද්විතීයික වෙළඳපොළ ගනුදෙනු (Secondary market yields) සියල්ල සරල ප්‍රස්ථාර ඇසුරින් දිනපතා යාවත්කාලීන විය යුතුය.

    2- 'Legal Enforcement of Data Disclosure timelines' (දත්ත හෙළිදරව් කිරීමේ නීතිමය කාලසීමාවන්):
    රාජ්‍ය ණය කළමනාකරණ පනතට (Public Debt Management Act) වහාම නව සංශෝධනයක් ඇතුළත් කරමින්, සෑම මසක් අවසන් වී දින 7ක් ඇතුළත අදාළ මාසික ණය බුලටින් පත්‍රිකා මහජනතාවට විවෘත කළ යුතු බවට නිලධාරීන් නීතිමය වශයෙන් බැඳ තැබිය යුතුය. දත්ත ප්‍රකාශ කිරීම ප්‍රමාද කරන නිලධාරීන්ට එරෙහිව පරිපාලනමය පියවර ගැනීමේ නීති තිබිය යුතුය.

    3- 'CoPF Oversight over PDMO Recruitment & Capacity' (මුදල් කාරක සභාවේ සෘජු අධීක්ෂණය):
    නව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයට (PDMO) ඩොලර් බිලියන 99ක වගකීමක් හැසිරවීමට තරම් දත්ත විශ්ලේෂණ තාක්ෂණය (Technical capacity) සහ නිලධාරීන් සිටීද යන්න සොයා බැලීමට පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට (CoPF) පූර්ණ බලය දිය යුතුය. ආයතනික මාරුවීම් මුවාවෙන් දත්ත වසන් කරන නිලධාරිවාදී කොටස් (Bureaucratic silos) බිඳ දැමීමට වහාම ස්වාධීන මූල්‍ය විගණනයක් කළ යුතුයි නේද? මේ ගැන විස්තර පැහැදිලි කරන්න පුළුවන්ද?

    ReplyDelete
  8. ඉකොනොමැට්ටා මේ dailymirror එකේ විස්තර තියනවා මේක බලලා හරියට ලියන්න කරුණු නිවැරදිව
    www.dailymirror.lk/news-features/Pelwatte-Sevanagala-sugar-factories-in-a-crisis-due-to-mismanagement/131-311018

    ReplyDelete
  9. මූ සරම ගැලවුනාම සති ගානක් හැංගිල ඉඳන් කෙබර කොටා ඉලක්කං විජ්ජාවක් පෙන්න්නුවම මල් පිංකමේ සාරවිට - සරුවත් කාරය වගේ ආයි එලිබහින්නවා.🤣🤣🤣

    ReplyDelete
    Replies
    1. Ha Ha Ha I am dying by reading yr comment

      Delete
  10. ඉකොනෝමැට්ටා, 2024 වසරේ සීනි සමාගමේ ලාබ අලාබ මාස අනුව දත්ත තියෙනවද?

    ReplyDelete
    Replies
    1. නෑ. සාමාන්‍යයෙන් කිසිම ආයතනයක් මාස්පතා ලාබ අලාබ වාර්තා කරන්නේ නැහැ.

      Delete
  11. කටේ නරි වදන් පෙරෙනව රෙදි පල්ලෙන්
    කළ වැඩවලින් වැඩි හරියක් නං මඤ්ඤං
    සීනි කඩේ වගෙ වැඩ නං full හොල්මං
    මෙහෙමම ගියොත් හනිකට වනවා සල්ලන්!

    ReplyDelete
  12. I dont have much knowledge about economy, I dont think the previous politicians electing is the answer for these issues.

    ReplyDelete
  13. විදුර, මම මේක කෙළින්ම කියනවා, කලින් තිබිච්ච ආණ්ඩු මීට වඩා දාහෙන් සම්පතයි!

    මුන් ආවේ රට හදන්න පොත් පිටින් සැලසුම් තියාගෙන කියලා බොරු බයිලා කයිවාරු කියාගෙන වුණාට, අද මුළු රටම ඇස් පනාපිට ප්‍රපාතයකට ඇදලා දාලා ඉවරයි. බහුතරයක් ජනතාව මුන්ගේ 'උගත්තු බුද්ධිමත්තු' කියන ලේබලයට රැවටිච්ච එක එක අතකින් සාධාරණයි කියමුකෝ, හැබැයි මේ හැම විනාශයක්ම පෙනි පෙනී, බඩු මිලෙන් මිනිස්සු බැටකද්දී, කිසිම ප්‍රායෝගික වැඩපිළිවෙළක් නැති බව දැනිලත්, තාමත් තමන් ගත්ත අමනෝඥ වැරදි තීරණය සම්පූර්ණයෙන්ම වැරදියි කියලා පිළිගන්න තියෙන ලැජ්ජාවට මුන්ගේ වැරදි වහන්න හදන, තාමත් මුන්ගේ පු# හෝදන එකෙක් ඉන්නවා නම් ඌ මනුස්සයෙක් වෙන්න නම් බෑ උන්ට මොන උපාධි තිබ්බත් ඌ අමු කෙළින්ම කේප්ප හරකෙක්!

    ReplyDelete
  14. අනේ මන්ද ඉකොනොමැට්ටෝ අපි හොරු එපා කියල ගහපු කතිරේ නිසාම අන්තිමට අතේ පැලවෙන පට්ටපල් බොරු කියන ගමන්ම උන්ටත් වඩා හොරකමට කප් ගහපු හොරකමෙයි බොරුවෙයි දෙකේම හයිබ්‍රිඩ් එකක් හම්බ වුණා 😪

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: