නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වුනානම් එය පැවැත්වෙන්න තිබුණේ අදයි. මේ නොපැවැත්වුණු මැතිවරණය ජයග්‍රහණය කිරීමේ ශක්‍යතාවයක් තිබුණු පාර්ශ්ව තුනක් හිටියා. ඒ, පොහොට්ටු-එජාප සන්ධානය, සජබ සහ ජාජබයි. මෙහිදී ජයග්‍රහණය ලැබීම යනුවෙන් මම අදහස් කරන්නේ දකුණේ පළාත් පාලන ආයතන කොට්ඨාශ වැඩි ප්‍රමාණයක බහුතර ඡන්ද ලබා ගැනීම. පැවති බල තුලනය අනුව, මේ වැඩේට 30%ක පමණ ඡන්ද ප්‍රමාණයක් ප්‍රමාණවත් වුනා.
ඉදිරි දිනක මේ මැතිවරණය නැවත පැවැත්වෙයිද, එහි ප්‍රතිඵලය කුමක් වෙයිද වගේ දේවල් මේ සටහනට අදාළ නැහැ. අද (මාර්තු 9) සැලසුම් කළ පරිදි මැතිවරණය පැවැත්වුණා කියා අපි හිතමු. ඉහත සඳහන් එක් එක් කණ්ඩායමට 30% සීමාවට ලඟා විය හැකිව තිබුණේ කෙසේද?
පහත තියෙන්නේ 2020 මහ මැතිවරණ ප්‍රතිඵලය ආසන්න ලෙස.
පොහොට්ටුව - 59%
සජබ - 24%
ජාජබ - 4%
එජාප - 2%
මේ අනුව, පොහොට්ටු-එජාප ඡන්ද ප්‍රතිශත වල එකතුව 61%ක්. මීට පෙර පැවති පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය මත පදනම්ව මේ ගොඩෙන් 12%ක් ශ්‍රීලනිපයට දැම්මොත් මෙම ප්‍රතිශතය 49% දක්වා අඩු වෙනවා. ඉතුරු පොඩි පක්ෂ වලට තවත් 2%ක් අයින් කරලා 47%ක් ලෙස සලකමු. ජාජබ ඡන්ද ප්‍රමාණය 30% මට්ටමට යන්නනම්, මේ ගොඩෙන් 26%ක් ජාජබ පැත්තට යා යුතුයි. එවිට ලැබෙන ප්‍රතිඵලය මෙවැන්නක්.
ජාජබ - 30%
සජබ - 24%
පොහොට්ටුව - 23%
මෙසේ නොවී එජාප පොහොට්ටු සන්ධානයට 30%ක් ගන්නනම් ජාජබ වෙත යන ප්‍රතිශතය 17%කට වඩා නොවැඩි විය යුතුයි. එවිට ප්‍රතිඵලය මෙවැන්නක්.
පොහොට්ටුව - 30%
සජබ - 24%
ජාජබ - 21%
මෙය කිසිසේත්ම මැතිවරණ ප්‍රතිඵල පුරෝකථනයක් නෙමෙයි. සංවේදීතා විශ්ලේෂණයක් (sensitivity analysis). පොයින්ට් එක මේකයි. යම් විදිහකින් එජාප-පොහොට්ටු සන්ධානය අද පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කළේනම්, ඡන්ද කොපමණ වැඩි වුනත්, ජාජබ තවදුරටත් තුන් වන බලවේගයක් පමණයි. ඒ වගේම, යම් හෙයකින් ජාජබ ජයග්‍රහණය කළේනම්, ඉන් පසුව රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වෙන්නේ ජාජබ සහ සජබ.
එතකොට සජබට දිනන්න තිබුණු ක්‍රමය කුමක්ද? සජබට 30% සීමාවට යන්නනම් අඩුම වශයෙන් පොහොට්ටු ඡන්ද වලින් 6%ක් එකතු කර ගන්න වෙනවා. නමුත්, එවිටත් එජාප-පොහොට්ටු සන්ධානයට 41%ක් ඉතිරි වෙනවා. මේ තත්ත්වය තුල සජබට දිනන්න පුළුවන් වෙන්නේ ඉතිරි පොහොට්ටු ඡන්ද වලින් සැලකිය යුතු කොටසක් ජාජබ වෙත යාම තුළයි. එජාප-පොහොට්ටු සන්ධානය 25%කට සීමා කරන්නම් පොහොට්ටු ඡන්ද වලින් අඩුම වශයෙන් 16%ක් ජාජබ වෙත යා යුතුයි. එවිට ජාජබ ගොඩ අවම වශයෙන් 20%ක් වෙනවා.
සජබ - 30%
පොහොට්ටුව - 25%
ජාජබ - 20%
දැන් දෙවන පොයින්ට් එක. මේ මැතිවරණය සජබට දිනිය හැකිව තිබුණේද ජාජබ වෙත විතැන් වන ඡන්ද ප්‍රමාණය මතයි. එම ප්‍රමාණය ගොඩක් අඩු වුනොත් දිනන්නේ එජාප-පොහොට්ටු සන්ධානයයි. වැඩි වුනොත්, ජයග්‍රහණය යන්නේ ජාජබටයි. සජබට දිනන්න පුළුවන් වෙන්නේ ඔය ප්‍රතිශතය බැලන්ස් වීම මත පමණයි.
දැන් අපි ලංකාවෙන් එළියට යමු. ඔය කොයි පාර්ශ්වය දිනුවත් බටහිර රටවල් අවසාන වශයෙන් දිනන පාර්ශ්වය එක්ක වැඩ කරනවා. ඒ වගේම දිනන පාර්ශ්වය බටහිර රටවල් එක්කත් වැඩ කරනවා. නමුත්, එයින් අදහස් වන්නේ එම රටවලට රුචිකත්වයන් නැති බව නෙමෙයි. චීනය ගැන කියන්න තියෙන්නෙත් මේ කතාවමයි.
මේක පළාත් පාලන මැතිවරණයක් මිස ජාතික මැතිවරණයක් නොවන බව කාට හෝ කියන්න පුළුවන්. නමුත්, මැතිවරණය පැවැත්වුනානම් එහි ප්‍රතිඵලය ජාතික මැතිවරණයක ප්‍රතිඵලය කෙරෙහි විශාල බලපෑමක් කරනවා.
කාට හෝ මේ මැතිවරණයෙන් එජාප-පොහොට්ටු සන්ධානය දිනවන්න අවශ්‍ය වුනානම් කරන්නේ පුළුවන් තරම් ආණ්ඩුවට ජනප්‍රිය වෙන්න උදවු කරන එක. ජාජබ දිනවන්න අවශ්‍ය වුනානම් කරන්නේ එය වෙන්න ඉඩ නොදෙන එක. සජබ දිනවන්නනම් ඔය දෙක බැලන්ස් කරන්න වෙනවා. ඒ බැලන්ස් කිරීම විටෙක ආණ්ඩුවට උදවු කිරීමක් හා විටෙක ආණ්ඩුවට උදළු දැමීමක් වෙන්න පුළුවන්.
මැතිවරණය පැවැත්වෙන්න නියමිතව තිබුණු මාර්තු 9 අහම්බයක් කියලා මම හිතන්නේ නැහැ. මේ දවස රුපියල කඩා වැටෙන්න පටන් ගත් දවසේ සිට හරියකට වසරකට පසු දවස. මේ වසරක කාලය ඇතුළත රටේ ආර්ථිකය නැවත පිළිසකර කිරීමට රජයට හා මහ බැංකුවට සැලසුමක් තිබුණා කියා මම හිතනවා. IMF එක, ඉන්දියාව හා බටහිර රටවල් හිටියෙත් ඒ සැලසුම එක්ක.
සැප්තැම්බර් මාසයේදී නිලධාරී මට්ටමේ එකඟතාවය ඇති කරගත් පසුව මගේ ඇස්තමේන්තුව වුනේ සල්ලි ලැබෙන්න මාර්තු මාසය පමණ වෙයි කියලයි. මම එසේ ඇස්තමේන්තු කළේ මේ වගේ වැඩකට යන සාමාන්‍ය කාලය සලකලා. එහෙත්, මහ බැංකුව විශ්වාසය පළ කළේ වසර අවසාන වෙද්දී මේ වැඩේ වෙයි කියලයි.
අන්තිමට මාර්තු දක්වා කල් ගියත්, ඇත්තටම ජනවාරි වෙද්දී වැඩේ සෑහෙන දුරට ඉවර වෙලයි තිබුණේ. ඉතුරු කාලය ගෙවුනේ චීනය නිසා. මම කලින් ලිපි වල ලියා ඇති පරිදිම චීනය මේ වැඩේට කොයි වෙලේ හෝ එකඟ වෙන එක තමයි සිදු විය හැකිව තිබුණු දෙය. නමුත් චීනය ඒ වැඩේ ප්‍රමාද කළා.
කොහොමටත් අන්තිමේදී එකඟතාවය දෙන්න වෙන බව දැන දැන චීනය වැඩේ පරක්කු කළේ ඇයි? පළාත් පාලන මැතිවරණ අවලංගු වෙලා (හෝ කල් ගිහින්) වැඩි දවසක් යන්න කළින් මේ කැමැත්ත ආවේ කොහොමද? මේකට ලංකාවේ දේශපාලනයේ අනාගත පෙළගැස්ම සම්බන්ධව චීනයට තිබෙන රුචිකත්වයන් බලපෑවේ නැහැ කියලා මම හිතන්නේ නැහැ.
ලංකාවේ දේශපාලනයෙන් ඔබ්බට යන බටහිර හා චීනය අතර ගැටුමකුත් මේක අස්සේ කොහොමත් තිබුණා. මම දකින විදිහට තවමත් බටහිර රටවල් ඉන්නේ උපාය මාර්ගික ලෙස චීනයට වඩා ඉදිරියෙන් කියන එක තමයි මේ ගැටුම තුළ නැවතත් තහවුරු වී තියෙන්නේ.
අර චීනය නැතුව IMF යනවා කියන එක සිදු විය හැකිව තිබුණු දෙයක් නෙමෙයි. ඒ වගේ දෙයක් වුනානම්, එය චීනයට වගේම ලංකාවටත් දිගුකාලීනව ගොඩක් නරක ලෙස බලපානවා. චීන-ලංකා මිත්‍රත්වය ගොඩ ගන්න අමාරු විදිහට පළුදු වෙනවා. ඒක මෙහෙමත් විකල්ප තියෙනවා කියලා පෙන්නන්න වගේ කරපු දෙයක්. වෙන්න ලොකු ඉඩක් නොතිබුණත්, මේ කතාවට බටහිර මාධ්‍ය වලින් සැලකිය යුතු ප්‍රසිද්ධියක් දුන්නා.
චීනය නැතුව IMF යන "භයානක" විකල්පය ඉස්සරහට දැම්මත් ඊට වඩා පහසු විකල්ප තිබුණා. අන්තිමට බටහිර රටවලට අවශ්‍ය විදිහට වැඩේ කරකවා ගත්තේ "පොඩි වැඩකින්". හැම වෙලාවෙම වගේ බටහිර රටවල් සෙල්ලම් කරන්නේ තුරුම්පු අතේ තියාගෙන. වල් වාසියක් ගන්න පුළුවන් වෙලාවක අතේ තියෙන තුරුම්පුව පෙන්වනවා මිසක් දමන්නේ නැහැ.
දැන් මේ ක්‍රියාත්මක වැඩ පිළිවෙළ සහ යහපාලන වැඩ පිළිවෙළ අතර වෙනස මොකක්ද කියලා එක් අයෙක් අහලා තිබුණා. ඇත්තටම එහෙම ලොකු වෙනසක් නැහැ. යහපාලන වැඩ පිළිවෙළ වගේම 2002 යෝජනා වූ වැඩ පිළිවෙළත් මේකම තමයි. තිබුණොත් තියෙන්නේ සුළු වෙනස්කම්. ලොකු වෙනසකට තියෙන්නේ ණය පැහැර හැර තිබීම හා ණය ප්‍රතිව්‍යුහගත කරන්නට සිදු වී තිබීම පමණයි. මේක තමයි IMF එක විසින් යෝජනා කරන සාමාන්‍ය වැඩ පිළිවෙළ.
සාමාන්‍ය මූලධර්මයක් ලෙස මේ වගේ වැඩ පිළිවෙළක් ඇතුළේ ණය ගැනීම ප්‍රශ්නයක් සේ සැලකෙන්නේ නැහැ. ප්‍රශ්නයක් සේ සැලකෙන්නේ ගෙවා ගන්න බැරි තරමට ණය ගැනීමයි. මේ ක්‍රමය හොඳම ක්‍රමයද යන්න කෙසේ වුවත් තිරසාර ක්‍රමයක්. 1965 සිටම තිබුණේ ඔය ක්‍රමය. ප්‍රශ්නයක් වෙද්දී IMF ගියා. කෙටිකාලීනව ප්‍රශ්නය විසඳුනා. ඔය ක්‍රමයට දිගටම යන්න පුළුවන්. කඩා වැටෙන්නේ නැහැ. මේ ක්‍රමය කඩා වැටෙන තැනට ආවේ 2010-2012 කාලයේ සිදු වූ පීලි පැනීමත් එක්ක. ඒ පීලි පැනීම නිසා 2016දී පමණ ඇති විය හැකිව තිබුණු ආර්ථික අර්බුදය වැළකුණේ යහපාලන කාලයේ නැවතත් පීල්ලට දාගත් නිසා. නමුත්, ඉන් පසුව, 2020 වන විටත් තිබුණේ පොඩි පිස්සුවකින් හැම දෙයක්ම අවුල් විය හැකි ආකාරයේ සමතුලිතතාවයක්. ඊට පස්සේ කතාව නැවත කිව යුතු නැහැනේ.
මම හිතන්නේ අරගලය අවසන් වෙද්දී මෙය තිරසාර ලෙස වෙනස් කර ගත හැකි අවස්ථාවක් ආවා කියලා. එහෙම කරගන්නනම් දේශපාලන කඳවුරු වලින් එළියට ඇවිත් එකට වැඩ කළ යුතුව තිබුණා. නමුත්, ඒ වැඩේ වුනේ නැහැ. නැවතත් හැමෝම තම තමන්ගේ කූඩාරම් අස්සට රිංගා ගත්තා. මේ තත්ත්වය තුළ අපේක්ෂා කළ හැකි හොඳම තත්ත්වය යහපාලන ආණ්ඩුව කාලයේ තිබුණු ආකාරයේ සමතුලිතතාවයක් පමණයි. මොකද ඊට වඩා දෙයක් කළොත් වෙන්නේ ඊළඟට එන කණ්ඩායම ඒ කුෂන් එක ප්‍රයෝජනයට අරගෙන ලබාගත්ත ප්‍රගතිය ආපසු හරවන එකයි.
අරමුදලේ ස්ථායීකරණ වැඩ පිළිවෙළකදී රටේ ආර්ථිකය ස්ථායී වෙන්නේ ලැබෙන සල්ලි නිසා නෙමෙයි. ක්‍රියාත්මක කෙරෙන වැඩ පිළිවෙළ නිසා. සල්ලි කියන්නේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කර ගැනීම සඳහා දමන ප්‍රතිකාරකයක් පමණයි. වැඩපිළිවෙළ හරියට ක්‍රියාත්මක වුනොත් සල්ලි නැතත් සෑහෙන තරමකින් තත්ත්වය හොඳ අතට හැරෙනවා.
මෙවර රජය පැත්තෙන් වෙනදා නොකෙරෙන දේවල් ටිකක් සිදු වුනා. මහ බැංකුව විසින්නම් සාමාන්‍යයෙන් මේ අවශ්‍ය දේවල් ටික කොහොමටත් කරනවා. ඒ නිසා, සල්ලි නැතුවම ප්‍රශ්නයෙන් සැලකිය යුතු කොටසක් විසඳිලයි තිබුණේ. හැබැයි කළ යුතු දේවල් තව ගොඩක් තිබෙනවා. ඒ දේවල් කරන්න අවුරුදු තුන හතරක් යයි. වසර හතරක් තුළ වාරික ලෙස ලැබෙන IMF අරමුදල් කියා කියන්නේ මේ කළ යුතු දේවල් කර ගැනීම සඳහා අවශ්‍ය දුරස්ථ පාලකයක් පමණයි.
චීනයේ පරක්කුව නිසා සිදු වූ එකම දෙය සල්ලි ටික ලැබෙන එක ප්‍රමාද වීම පමණයි. අනෙක් දේවල් සියල්ලම හරියට සිදු වුනා. IMF එකේ පළමු වාරිකය ආවා කියලා අමුතුවෙන් ලොකු දෙයක් වෙන්න තිබුණේ නැහැ. එම මුදල පොඩි මුදලක්. මේ පොඩි මුදලේ තිබුණු වාසිය ඒ හරහා ලංකාවට නැවත ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළට ප්‍රවේශ වීමට දොර ඇරෙන එකයි.
බටහිර රටවලට අවශ්‍යනම් අරමුදල සමඟ ගිවිසුම නැතුවම වුවත් මේ ප්‍රවේශය අරන් දෙන්න පුළුවන්කම තිබුණා. එහෙත්, එසේ නොකළේ එවැන්නක් කළේනම් ලංකාව ඉදිරි වසර හතර තුළ ස්ථායීකරණ වැඩ පිළිවෙළ තුළ රැඳී සිටීම සිදු නොවන නිසයි. IMF එක සමඟ ගිවිසුම අත්සන් කළ පසු එම සහතිකය ලැබෙනවා. පසුව ගිවිසුම කඩ කිරීමේ හැකියාව තවදුරටත් තිබෙනවා තමයි. බටහිර රටවල් සතුව ඒකටත් බෙහෙත් තිබෙනවා.
චීනය පරක්කු කරද්දී, ලෝක බැංකුවේ ණය පහසුකම විවෘත කිරීම මගින් බටහිර රටවල් විසින් කළේ තමන් සතුව තවත් විකල්ප තිබෙන බව චීනයට පෙන්වන එකයි. සාපේක්ෂව පොඩි මුදලක් වන ඩොලර් මිලියන 400කට ලොකු දුරක් යා හැකි වුනා. ඒ තත්ත්වය තුළ, චීනයට වැඩේ තවත් පරක්කු කිරීමෙන් ලබා ගත හැකි දේශපාලන වාසියක් ඉතිරි වුනේ නැහැ. චීනය පරක්කු කළේ, ලංකාව ඇතුළේ දේශපාලනය දිහා බලාගෙන නෙමෙයිනම්, ලෝක දේශපාලනය ගැන පමණක් සලකමින්නම්, ඔය වැඩේ ඔය විදිහට වෙන්නේ නැහැ.
ලංකාව වගේ පොඩි ආර්ථිකයක් තිබෙන රටක ආර්ථිකය වගේම දේශපාලනයත් හසුරුවන එක බටහිර රටවල් වලට ලොකු දෙයක් නෙමෙයි. බටහිර රටවල සැලසුම කුමක්ද කියා මම කියන්න යන්නේ නැහැ. නොදන්නා දේවල් කතා කරන්න යන්නේ මොකටද? කොහොම වුනත් රටේ ආර්ථිකය ස්ථායී වීමේදී වෙන්නේ පවතින ආණ්ඩුවේ ගිලිහුණු ජනප්‍රියත්වයෙන් කොටසක් හෝ ආපසු ලැබෙන එක. ඒ ප්‍රමාණය තීරණය වන්නේ කරාමය අරින ප්‍රමාණය අනුවයි.
කරාමය හොඳටම අරියිද? තද කරයිද? එහෙම නැත්නම් ගාණකට පමණක් අරියිද? තිත් ගොඩක් යා කර ඇතත්, මේ සටහන අතරින් පතර තිත් යා නොකළ සිතුවමක්. යා කර නැති තිත් කැමති විදිහකට යා කරගන්න.
what do you say about https://www.bloomberg.com/news/articles/2023-03-08/sri-lanka-s-rupee-will-reverse-gains-and-plummet-20-fitch-says#xj4y7vzkg
ReplyDeleteඅමෙරිකානු ඩොලරයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස ශක්තිමත් වෙමින් පවතින රුපියල, වසර අවසානයේදී නැවතත් දුර්වල විය හැකි බවට අනාවැකි පළවී තිබේ.
ReplyDeleteඑහිදී රුපියෙල් අගය 23% කින් පමණ පහත වැටෙනු ඇති බව ෆිච් සොලූෂන්ස් (Fitch Solutions) ආයතනය උපුටා දක්වමින් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරයි.
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය මුදල සඳහා එහි අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවුවද, මූල්‍ය වැඩසටහනට අනුගතව කටයුතු කිරීම දුෂ්කර අභියෝගයක් වනු ඇති බව ෆිච් මූල්‍ය විසදුම් අංශයේ අවදානම් විශ්ලේෂක සේවෑන්ග් ටින් මහතා පවසයි.
විදේශ ණය ගෙවීම සඳහා සංචිතය ඉහළ නැංවීමට සිදුවීම, දුර්වල ආර්ථිකය සහ ඉදිරි මැතිවරණ ඊට බාධාවක් ඇති කළ හැකි බවද ඔහු පෙන්වා දෙයි.
ඒ අනුව වසර අවසානය වනවිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 390 දක්වා වාර්තාගත ලෙස දුර්වල විය හැකි බව ෆිච් විශ්ලේෂකයා සඳහන් කරයි.
තිත් යා කර බලන විට දැක්කේ ඔටුවෝ;
ReplyDeleteකූඩාරම් තුළම හැංගුණු හිපාටුවෝ ;
ඔටුවොයි හිතාගෙන ඉන්නා කැස්වටුවෝ
අපට වගෙම උන්ටත් හිරූ පායනවෝ!
බටහිර ලන්කාවට ණය දෙන්නෙ හෝ නොදෙන්නෙ ඉතින් චීනෙට වෙන පාඩුව බලල තමයි. ඒකම අනිත් පැත්තට චීනය කරනකොට වච්චයි කියන්න හේතුවක් නෑ. IMF නය නොදී හිටීමෙන් චීනෙට රිද්දන්න පුලුවන්නම් මේ වෙලාවෙ ඔය ණය හමබ වෙන්නෙ නෑ
ReplyDelete