ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලෝකයේ රටවල් විසින් 2024 වසර අවසානයේදී සිය විදේශ සංචිත පවත්වා ගෙන ඇති ප්‍රධාන මුදල් වර්ග පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කර තිබෙනවා. මේ අනුව පෙනී යන්නේ ලෝකය තුළ ඇමරිකන් ඩොලරය පිළිබඳව තිබුණු විශ්වාසයේ සහ ඇමරිකන් ඩොලර් සඳහා වූ ඉල්ලුමේ අඩුවක් වී නැති බවයි. මුදල් වර්ග වල සංයුතිය බොහෝ දුරට ස්ථාවරව තිබෙනු දැකිය හැකියි.
පසුගිය වසර (2024) අවසානයේදී ලෝකයේ මහ බැංකු වල විදේශ සංචිත වලින් 57.8%ක්ම පවත්වා ගෙන ගොස් තිබෙන්නේ ඇමරිකන් ඩොලර් වලින්. දෙවැනි තැන සිටින යුරෝ සංයුතිය 19.8%ක් වන අතර, යෙන් සංයුතිය 5.8%ක්ද, බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම් සංයුතිය 4.7%ක්ද වෙනවා. කැනේඩියන් ඩොලර් සංයුතිය 2.8%ක් වන අතර චීන යුවාන් සංයුතිය 2.2%ක් පමණයි. ඕස්ට්‍රේලියානු ඩොලරයටද 2.1%ක ඉල්ලුමක් තිබෙනවා.
මේ අනුසාරයෙන් බ්‍රික්ස් මුදල් ඒකකය වැනි විකල්ප මුදල් ඒකකයකට තිබිය හැකි ඉල්ලුම පිළිබඳව අදහසක් ගත හැකියි.
පසුගිය (2024) වසර අවසානයේදී විදේශිකයින් සතු වූ ඇමරිකන් ෆෙඩරල් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 8,513ක් වූ අතර විදේශ මහ බැංකු සතු වූ ඇමරිකන් ඩොලර් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6,631ක්. ඇමරිකන් ෆෙඩරල් රජයේ විදේශ ණය ඉහළ යාමට ප්‍රධානම හේතුව මේ අයුරින් ලෝකයේ මහ බැංකු විසින් සිය විදේශ සංචිත ඇමරිකන් ෆෙඩරල් ණය වල ආයෝජනය කිරීමයි. ඊට අමතරව වෙනත් විදේශිකයින් හා විදේශික ආයතන විසින්ද ඇමරිකන් ෆෙඩරල් ණය සුරක්ෂිත ආයෝජනයක් සේ සලකා ආයෝජනය කරනවා.
ඉකොනො
ReplyDeleteThis percentage was around 70% in early 2000 up to 2010.
ReplyDeleteWhen the world order changes, the composition of global reserves also shifts. The U.S. dollar’s share in central bank reserves was around 47% in 1990, around the time the Soviet Union collapsed. As the former Soviet republics and other transitioning economies increased their dollar reserves over the following decade, the share rose to approximately 71% by 2000. However, the trend later reversed as central banks began to diversify their holdings. Even before the 2008 financial crisis, the dollar’s share had already declined to about 62%, reflecting the diminishing impact of the U.S. tech-driven boom of the late 1990s. This share could fall further under current U.S. trade policies.
Deleteyes very true.. but trump wants to move away from globalization i guess. I think even there are short to medium term repercussions i think this will be good for US citizens.
Deleteඉකොනොමැට්ටා,
Deleteලෝකය ඉක්මනින්ම වෙනස් වෙනවා, නොසිතූ වේගයකින් ලෝකයේ රටවල් විශේෂයෙන්ම 2025 වසරේදි ලොව විශාලතම ආර්ථික සහිත රටවල් මෙන්ම මධ්‍යම සහ කුඩා ආර්ථික සහිත රාජ්‍යන් ද ක්‍රමයෙන් එක්සත් ජනපද ඩොලරයේ ආධිපත්‍යයෙන් මිදී, රන් (Gold) සහ විවිධාංගීකරණය වූ වත්කම් (Diversified Assets) වෙත නැඹුරු වීම ලෝක සහ ශ්‍රී ලංකා ආර්ථිකයට කෙසේ බලපායිද කියලා විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?
මට පේන විදියට නම් ගෝලීය බලපෑම් දෙස බැලූ විට: ඩොලරයේ ගෝලීය මූල්‍ය පද්ධතියේ ආධිපත්‍යය අඩුවීමෙන් ගෝලීය වෙළඳාමේ (Global Trade), මූල්‍ය වෙළෙඳපොළවල (Financial Markets) සහ හර කිරීමේ (Lending) ක්‍රියාවලීන්ට බලපෑම් ඇති කළ හැකිය.
වෙනත් මුදල්වල ප්‍රමුඛත්වය ඉහළ යාමෙන් යුරෝ (EUR) සහ ඊටත් වඩා රෙන්මින්බි (යුවාන්-CNY) වැනි විකල්ප මුදල්වල වැදගත්කම වැඩිවිය හැකි අතර, ලොව පුරා බොහෝ රාජ්‍යවල බහු-මුදල් සංචිත පද්ධතියක් (Multi-currency Reserve System) නිර්මාණය වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි.
රන් Gold වල ආර්ථික භූමිකාව ශක්තිමත් වීමෙන් අවිනිශ්චිතතා කළමනාකරණය සඳහා රන් ආරක්ෂිත වත්කමක් (Safe-haven Asset) ලෙස වැඩි වැදගත්කමක් අත්කර ගත හැකියි.
මේ හරහා ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම්:
විනිමය අනුපාත අවදානම (Exchange Rate Risk): ඩොලරයේ අගය වෙනස්වීම ශ්‍රී ලංකාවේ ආනයන පිරිවැය (Import Costs) සහ විදේශීය ණය සේවාකරණයට (External Debt Servicing) බලපෑම් කළ හැකිය.
වෙළඳ ශේෂයේ බලපෑම (Impact on Trade Balance): ගෝලීය වෙළඳාමේ ඩොලරයේ භාවිතය අඩුවීම ලංකාවේ අපනයන හා ආනයන ගනුදෙනුවලට බලපෑම් කළ හැකි අතර, විනිමය අනුපාත කළමනාකරණය වඩාත් තීරණාත්මක වනු ඇත.
විදේශ සංචිත කළමනාකරණ උපාය මාර්ග (Foreign Reserve Management Strategies): ශ්‍රී ලංකාව සිය විදේශ සංචිතවල විවිධාංගීකරණය (Diversification) පිළිබඳව අවධානය යොමු කිරීමට සිදු විය හැකිය.
ප්‍රාග්ධන ගලායාම සහ පොලී අනුපාත (Capital Flows and Interest Rates): ගෝලීය මූල්‍ය වෙළෙඳපොළේ සිදුවන වෙනස්කම් ශ්‍රී ලංකාවට ප්රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සහ ණය ගැනීමේ පිරිවැයට දැඩිලෙස බලපෑම් කළ හැකිය.
මේ නිසා අනිවාර්යයෙන්ම වගේ ඉල්ලුම් දැඩි පහළයාම නිසා ඉදිරියේ ඩොලරයේ හදිසි හා සැලකිය යුතු අවප්‍රමාණය වීමක් (Sharp Depreciation) සිදුවන බව නිසැකයි, මේ නිසා ශ්‍රී ලංකාවේ ආනයන මිල ඉහළ යාමෙන් උද්ධමනය (Inflation) තීව්ර විය හැකියි. රුපියලේ තවදුරටත් අවප්‍රමාණය වීම (Further Depreciation of LKR), විදේශීය ණය බර (External Debt Burden) වැඩි කිරීමට සහ ආර්ථික අස්ථාවරත්වයට (Economic Instability) හේතු විය හැකියි. ගෝලීය මූල්‍ය වෙළෙඳපොළේ ඇතිවන කැලඹීම් හේතුවෙන් ප්‍රාග්ධන ගලායාම අඩාල වීම සහ විදේශීය ආධාර අඩුවීම ආර්ථික ප්‍රකෘතියට (Economic Recovery) බාධාවක් විය හැකියි.
මෙම ගෝලීය ආර්ථික පරිවර්තනයන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට සැලකිය යුතු අභියෝගයක් විය හැකි අතර, ඵලදායී ප්‍රතිපත්තිමය ප්‍රතිචාර (Effective Policy Responses) සහ විචක්ෂණශීලී ආර්ථික කළමනාකරණය (Prudent Economic Management) අත්‍යවශ්‍යයි, නමුත් එබඳු කාරණා තේරෙන දේශපාලන නායකත්වයක් හෝ දක්ෂ කාර්යශූර නිලධාරීන් හෝ ලංකාවේ රාජ්‍ය සේවයේ නැත නිසා ලංකාවට ඉතාම ඉක්මනින්ම මහත් බරපතල අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ඒකාන්තයෙන්ම කිව හැකියි.
ඉකොනොමැට්ටා ආයේ වතාවක් ලෝකය පුරාම කොවිඩ් වෛරසය පැතිරෙනවා නේද? ආයිනම් ලෙඩක් හැදිලා මැරිලා ගියත් ක්ලිනිකල් ට්‍රෑල්, ලැබ් ටෙස්ට් නොකරපු සතියෙන් 2න් හදන වැක්සීන්නම් ගහන්නෙ නෑ නෑ නෑම තමා 😂😂 ගිය පාර නන්දසේන මෝලා රටටම බලෙන් ගැස්සුවා... වෙලාවට ඌ ඇතුලු රාජපක්ෂ හොර රැල සල්ලි ටික හොරාකාලා වැක්සීන කියලා බොරුවට වතුර ඉන්ජෙක්ෂන් ගහපු නිසා ඒක හොඳට ගියා, නැත්නම් හාට් ඇටෑක් වගේ එක එක ලෙඩ හැදිලා ලංකාවෙන් බාගයකට වඩා මෙලහකට වල පල්ලේ. ඉකොනෝ මොකද ඒ ගැන කියන්නේ?
ReplyDeleteඑලෝන් මස්ක් ට පුකට පයින් ගහලා එලෙව්වා නේද හිකොනෝ
ReplyDeleteපොඩිසිංඤොලා වෙන අපි වගෙ ඇත්තන්ට
ReplyDeleteඩොලර් නැතිය අපෙ ගනුදෙනු පියවන්ට
රුපියල් සත ඇතත් ඒ වගෙ වැඩවලට
එව්වත් ගැට ගැහිල ඩොලරෙට බෑනේ ගැලවෙන්ට!
තව අවුරුදු දහයකින් විතර . ඕක ලෝන් ටර්ම් ගෝල් එකක් මම හිතන්නේ . BRICS+ controls 42% of global central bank FX reserves, likely contributing to the global de-dollarisation process. Gold is the biggest potential alternative to the US dollar for the bloc. Despite active buying by BRICS+, gold is still only 10% of their central bank reserves, half of the global average. Prospects for global diversification towards BRICS+ currencies, even a synthetic one, are limited by the very modest external liabilities of the member countries. Therefore, the de-dollarisation of global FX reserves will largely stand to benefit the developed market rather than the emerging market FX sphere.
ReplyDeleteIn other areas, BRICS+ is increasing its foothold in regional trade, becoming increasingly focused on the trade between member countries, and gaining importance as a trade partner for other emerging markets, especially in the fuel trade. BRICS+ accounts for 37% of the EM fuel trade, a key area of interest for de-dollarisation.
Meanwhile, the power of the bloc is limited by its only 30% share of global oil production, (matching the combined share of USA, Canada, and Mexico, and the trade in the Americas is highly dollarised), and a more modest and stable 20% share of BRICS+ in the overall global trade vs. the DM’s much bigger 60% share. https://think.ing.com/articles/de-dollarisation-more-brics-in-the-wall/
කුහකයා
Deleteඑකෝ මුදල් වලින් දාලා අපිව රවට්ටන එපා % එක බලන්න මොකද රට රටවල් වල විදේශ සංචිත වැඩි වෙනවා...(ලංකාවත් වැඩි උනානේ ඔයාගේ ම පරණ පොස්ට් බලන්න )
ReplyDeleteනමුත් ඩොලර් ගාන එහෙම්මම තියනවා වෙන currency තමා ගන්නේ EUR වගේ.
අනික ඔයාගේ ටම්ප් මොඩය අවේ 2025 වසරේ 2024 බැලුවට වැඩක් නැ. 2025 Q1 බලන්න...
ඉකොනෝ ඔයා මොකද හිතන්නේ
ReplyDeleteසිරිමා යුගයේ ආනයන තහනම් හා සීමා තවදුරටත් පැවතුණා නම් දේශීය කර්මාන්තවල තාක්ෂණය හා ප්‍රමිතිය ඉහළ යනු ඇතැයි ඇතැම් ජාතිකවාදීන් තර්ක කරන එක ගැන?
නමුත් යථාර්ථය වෙනස් බව මගේ අදහස. එකල කර්මාන්තකරුවන් මුහුණ දුන් ප්‍රධාන ගැටලුව වූයේ අමුද්‍රව්‍ය හිඟයයි. නීත්‍යානුකූල මාර්ග දුෂ්කර වූ අතර, ප්‍රධාන සැපයුම් මාර්ගය වූයේ යාපනය හරහා දිවෙන නීතිවිරෝධී ජාලයකි.
මෙම ජාලයට සම්බන්ධ වීමට චණ්ඩිකම හා දේශපාලන හයියක් අවශ්‍ය වූ බැවින්, සීමිත පිරිසකට පමණක් නිෂ්පාදන කටයුතු කරගෙන යාමට හැකි විය. ආනයන සීමා මඟින් පහසුවෙන් ලාභ ලැබිය හැකි වූ නිසා, ඔවුන් තාක්ෂණික දියුණුවක් හෝ ප්‍රමිතියක් කෙරෙහි අවධානය යොමු කළේ නැත.
එකල නිෂ්පාදනවල ප්‍රමිතිය අඩු වූ අතර, ජාත්‍යන්තර වෙළෙඳපොළ සමඟ තරග කිරීමට නොහැකි විය. මේ තත්ත්වය තුළ සුළු පිරිසක් ධනය රැස් කළ ද, එය ජාතික ආර්ථිකයට හෝ ප්‍රාග්ධන වර්ධනයට හේතු වූයේ නැත.
ප්රාග්ධනය ගොඩනැඟීමට නම් මූලික ප්‍රාග්ධනයක් අවශ්‍ය වේ. "සතෙන් සතේ රුපියලෙන් රුපියල ක්‍රමයෙන් උඩට එන" කතා බැංකුවල වෙළෙඳ දැන්වීම්වලට පමණක් සීමා වූ බොරු කතායි.
මෙහිදී චුල්ලත්තේවාසික සිටුවරයාගේ කතාව සිහිපත් වේ. ඔහු මී කුණක් විකුණා ක්‍රමයෙන් ධනවත් වූයේ නැත. ඔහු සිටුවරයෙක් බවට පත් වූයේ අනුන්ගේ ධනය හා දේපළ උපයෝගී කරගනිමිනි. වරායට පැමිණි නැවක භාණ්ඩ තමා එනතුරු වෙනත් කිසිවෙකුට විකුණන්න එපා යැයි අත්තිකාරම් දී දින කිහිපයකට පොරොන්දු කරවාගෙන, පසුව එම භාණ්ඩ පැමිණෙන අයට විකුණා එම මුදලින් නැවේ ගාස්තුව ගෙවීමෙනි.
ඒ නිසා ප්රාග්ධනය ගොඩනැඟිය හැක්කේ එක්සත් ජනපදය මෙන් අනුන්ගේ සම්පත්වලින් ලාභ ලැබිය හැකි ක්‍රම නිර්මාණය කිරීමෙනි, තමන්ගේ සුළු ප්‍රාග්ධනයෙන් පමණක් නොවේ. හුදෙක් කර්මාන්තවලින් ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළ හැකි වුවද, ප්රාග්ධනය ගොඩනැඟීම දුෂ්කරය. එය කළ හැකි එකම ක්‍රමය වන්නේ ගොඩනැඟූ කර්මාන්ත ප්‍රාග්ධන හිමියන්ට විකිණීමෙනි.
විවෘත ආර්ථිකයත් සමඟ අමුද්‍රව්‍ය සුලභ වීමත් නිසා නීතිවිරෝධී ජාලයේ වාසිය නැති වූ අතර, නව තරගකරුවන් පැමිණීම දේශීය නිෂ්පාදකයින්ට අභියෝගයක් විය. අඩු ප්‍රමිතිය හා තාක්ෂණය නිසා ලාභ ලැබීම දුෂ්කර වූ අතර, මෙම කර්මාන්ත අලෙවි කිරීමට පවා අපහසු විය.
ආර්ථිකය යනු හුදෙක් භාණ්ඩ නිෂ්පාදනය පමණක් නොවේ. බොහෝ දෙනා සිතන්නේ දේශීයව භාණ්ඩ නිෂ්පාදනය කිරීමෙන් ආර්ථික ශක්තිය හා ප්රාග්ධනය වර්ධනය වන බවයි. නමුත් එය පදනම් විරහිත සුරංගනා කතාවකි.
සිරිමාවෝ ආණ්ඩුවේ උත්සාහය අවංක වුවද, එය අසාර්ථක විය. තවදුරටත් එම මාර්ගයේ ගිය ද යහපත් ප්‍රතිඵල අත්කර ගැනීමට නොහැකි වනු ඇත.
ජාතිකවාදීන් ඇතුළු බොහෝ දේශපාලන කණ්ඩායම්වල ආර්ථික සංවර්ධනය පිළිබඳව පවතින්නේ ඇහැට පෙනෙන දේ කෙරෙහි පමණක් අවධානය යොමු කළ සංයුක්ත දැක්මකි. ඔවුන් අවදානම (risk) යන සංකල්පය නොසලකා හරිති.
එබැවින්, යථාර්ථය නිවැරදිව හඳුනාගෙන, නවීන ලෝකයට ගැළපෙන ආර්ථික දැක්මක් සහිතව ඉදිරියට යාම වැදගත් වේ. තමන් තුළ සිටින "සුනිල් හඳුන්නෙත්තිව" එළියට ගෙන විනාශ කළ යුතු කාලය එළඹ ඇති බව මගේ මතයයි.