වෙබ් ලිපිනය:

Monday, August 14, 2017

දහයෙ කොළේ කතන්දරේ



අද වත්පොතේ දකින්නට ලැබුණු කෙටි වීඩියෝවක පාරේ හමුවන සාමාන්‍ය පුද්ගලයෙකු රුපියල් දහයේ නෝට්ටුවක දකින්නට ලැබෙන රූප ගැන විවරණයක් කරයි. මේ වගේ සරල කතන්දර හරහා එළියට එන්නේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ ජන විඥානයයි. වත්පොත් වැනි වේදිකා නොතිබුණු කාලයේ සාමාන්‍ය මිනිසුන්ගේ ජන විඥානය එළියට ආවේ මෙවැනි සරල කතන්දරද ඇතුළු ජන කතා, ජන කවි, තේරවිලි ආදිය හරහාය.

ලංකාවේ රජය සෑම වසරකම වාගේ ආදායම ඉක්මවා වියදම් කරයි. ඒ නිසා රාජ්‍ය අයවැය ශේෂය හැමදාමත් සෘණ අගයකි. මේ හිඟයෙන් කොටසක් පියවෙන්නේ අලුතින් මුද්‍රණය කරන මුදල් මඟින් නිසා රුපියලේ වටිනාකම වසරින් වසර පහළ යයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස දැන් රුපියල් දහයකින් කළ හැකි දෙයක් නැති තරම්ය. මේ වන විට රුපියල් දහයේ කාසි වලින් රුපියල් දහයේ නෝට්ටු බොහෝ දුරට ප්‍රතිස්ථාපනය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් නෝට්ටු නිකුත් කිරීමේදී ආකර්ශනීය නිමාවකින් යුතුව ඒවා නිකුත් කරයි. මේවායේ ලංකාවේ සංස්කෘතිය, ඉතිහාසය හා වෘක්ෂලතා ආදිය සංකේතවත් කරන විවිධ චිත්‍ර සටහන් දැකිය හැකිය. මහ බැංකුව විසින් අවසන් වරට නිකුත් කළ රුපියල් දහයේ නෝට්ටුවක මෙවැනි රූප සටහන් හතරක් දකින්නට පුළුවන.

රුපියල් දහයේ නෝට්ටුවක ඉදිරිපස යාපහුවේ සිංහයාගේ රූපයක් දැකිය හැකිය. පසුපස ඉහළින්ම ඇත්තේ කොකෙකුගේ රූපයකි. මා හිතන පරිදි මේ කොකා ලතුවැකියානම් පක්ෂියා විය යුතුය. මේ පක්ෂියාගේ තරමක් අසාමාන්‍ය පුරුද්දක් වන්නේ බිත්තර මත වසුරු හෙළා සුදු පැහැ ගැන්වීමයි. මෙසේ ලතුවැකියාගේ වසුරු අපට සුදු පැහැයෙන් පෙනුනත් පාරජම්බුල පරාසය දක්වා විහිදෙන චතුර්කේතුක දෘෂ්ඨියක් ඇති ලතුවැකියාට උගේ වසුරු හා ඒවා තවරනු ලැබූ බිත්තර ඇතැම් විට වර්ණවත්ව පෙනෙනවා වන්නට පුළුවන.

රුපියල් දහයේ නෝට්ටුවේ පසුපස මැද හරියේ දැකිය හැක්කේ පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ රූපයකි. මෙය දැන් ජනාධිපති ලේකම් කාර්යාලයයි. ඊට පහළින් ඇති මල් වර්ගය මට හරියටම හඳුනාගත නොහැකිය.

වත්පොතේ දුටු වීඩියෝව අනුව මේ රූප හතරෙන් කියවෙන කතාව මෙවැන්නකි.

දේශපාලනඥයෝ ජනතාවට මල් (සුබ අනාගතයක්) පෙන්නා පාර්ලිමේන්තුවට යති. එසේ යාමෙන් පසුව ඔවුහු සිංහයෝ වෙති. ඉන්පසුව, ජනතාව මල් හොයාගෙන පැමිණි විට මේ දේශපාලකයින් විසින් කරන්නේ ඔවුන්ට මල් වෙනුවට කොකා පෙන්වීමයි. ඔවුන්ට නැවත ජනතාව මතක් වන්නේ තමන්ගේ ධුර කාලය අවසන්ව නැවත මැතිවරණයකට මුහුණ දෙන්නට වූ විටය. එහෙත්, වරක් ජනතාවට කොකා පෙන්වා සිංහයින් වී සිටින අයට නැවත ජනතාවට මල් පෙන්වීම පහසු නැත. දහයේ කොළේ සිංහයා නැට්ට දෙපරන්ද අස්සේ ගහගෙන විරවපට්ටන් වී ඉන්නේ එබැවිනි. (වීඩියෝව අනුව සිංහයා ඇඟිල්ල අධෝමුඛයේ ගසාගෙන සිටී.)

මේ කතාව දේශපාලනඥයින්ට පමණක් නොව මාධ්‍යවේදීන්, කලාකරුවන් හා ව්‍යවසායකයින් වැනි බොහෝ දෙනෙකුට ආදේශ කළ හැක්කකි. ධනවාදී රාමුවක් තුළ ව්‍යාවසායකයෙකුට පාරිභෝගිකයින් 'සූරා කෑමේ' හැකියාවක් නැත. ඒකාධිකාර නැති තරඟකාරී වෙළඳපොලක යමෙක් එසේ කරන්නට උත්සාහ කළ වහාම පාරිභෝගිකයා ඔහුගෙන් හෝ ඇයගෙන් ගිලිහේ. ඒ නිසා, ව්‍යවසායකයෙකුට තමන්ගේ ලාභ පවත්වා ගැනීම සඳහා පාරිභෝගිකයන්ගේ ඉල්ලුම හඳුනාගෙන ඔවුන්ව තෘප්තිමත් කළ හැකි මාර්ග සොයන්නට සිදු වේ.

නිදහස් වෙළදපොලක සිදුවන ගනුදෙනුවක් යනු හැමවිටම වෙළෙන්දාට මෙන්ම පාරිභෝගිකයාටද වාසි සැලසෙන අන්තර්ක්‍රියාවකි. තමන්ට පාරිභෝගික අතිරික්තයක් නැත්නම් කිසිවකු භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්නට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්නේ නැත.

ඇතැම් ගනුදෙනු වල ස්වභාවය අනුව, කිසියම් සේවාවක් ලබා ගැනීමට පෙර පාරිභෝගිකයාට ඒ සඳහා මුදල් ගෙවන්නට සිදුවේ. මෙහිදී පාරිභෝගිකයාට ගනුදෙනුවට එළඹීමේ තීරණය ගන්නට වෙන්නේ එහි අපේක්ෂිත වාසිය ඇස්තමේන්තු කරමිනි. මෙවැනි අවස්ථාවක ව්‍යවසායකයෙකුට මුදල් අය කිරීමෙන් පසු පාරිභෝගිකයාට සතුටු විය හැකි අයුරින් සේවාව නොසපයා ඉන්නට කිසියම් ඉඩකඩක් ලැබේ. එහෙත්, එවැන්නෙකුට වැඩිකලක් වෙළඳපොළෙහි රැඳී සිටිය නොහැකිය. මල් වෙනුවට කොකා පෙන්වන මෙවැනි ව්‍යාපාරිකයින් වෙළඳපොළෙන් ඉවත්කර දමන්නට ඉල්ලුම් සැපයුම් යාන්ත්‍රණයට ස්වභාවික හැකියාවක් තිබේ. එවිට සිදුවන්නේ නැට්ට දෙපරන්ද අස්සේ ගසාගත් සිංහයා මෙන් විරවපට්ටන් ගහගෙන ඉන්නටය.

මේ වගේ වෙලාවට දේශපාලනඥයින් විසින් ඇතැම් විට මැතිවරණ කල් දැමීම මඟින් දිගටම සිංහයින් ලෙස සිටින්නට උත්සාහ කරති. ධනවාදයක් තුළ ව්‍යාපාරිකයෙකුට එසේ කිරීමට හැකියාවක් නැතත්, රාජ්‍ය යාන්ත්‍රනය විසින් රටේ සමස්ත ආර්ථිකය වෙලාගත් විට ආණ්ඩුවේ උදවුවෙන් ව්‍යාපාරිකයින්ටද තරඟකාරිත්වයට මුහුණ නොදී සුපිරි ලාභ ලබමින් සිංහයින් සේ වැජඹෙන්නට ඉඩ සැලසේ. එවැනි පසුබිමක දහයේ කොළේ කතන්දරේ දේශපාලනඥයින්ගේ පමණක් නොව ව්‍යවසායකයින්ගේ කතන්දරයක්ද විය හැකිය.




ලංකාවේ මුදල් නෝට්ටු අතරින් සුන්දර නිමාවක් ඇත්තේ දහයේ නෝට්ටුවේ පමණක් නොවේ. උදාහරණයක් ලෙස රුපියල් පන්සීයේ නෝට්ටුවක් ගත්තත් එහි මෙවැනි රූප සටහන් ගණනාවක් තිබේ.

පන්සීයේ නෝට්ටුවේ ඉදිරිපස මැද මහනුවර ලංකාතිලක විහාරයේ රූප සටහනක් දැකිය හැකිය. මේ විහාරය දාහතර වන සියවසේදී හතරවන බුවනෙකබාහු රජු විසින් ඉදිකළ බව සැලකේ. ගම්පොළ සිට රාජ්‍ය කළ බුවනෙකබාහු රජු මේ විහාරය ඉදි කිරීමේ කටයුත්ත සේනාලංකාධිකාර මහ ඇමතියාට පවරා ඇති අතර ඔහු විසින් විහාරය සැලසුම් කිරීම දකුණු ඉන්දියානුවෙකු වූ ස්ථාපතිරායර් වෙත පවරා තිබේ. මෙහි සැලැස්මෙහි දකුණු ඉන්දීය හින්දු සංස්කෘතික ලක්ෂණ පමණක් නොව ඉන්දුචීන සංස්කෘතික ලක්ෂණද දැකිය හැකිය.

පන්සීයේ නෝට්ටුවේ ඉදිරිපස මැද ලංකාතිලක විහාරයට අමතරව ලෝක වෙළඳ මධ්‍යස්ථාන ද්විත්ව කුළුණු හා ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ල දැකිය හැකිය. මහ බැංකු ගොඩනැඟිල්ල හා හිල්ටන් හෝටලය ඇතුළු වැදගත් තැන් රැසක් පිහිටි මේ ප්‍රදේශය ලංකාවේ ආර්ථිකයේ කේන්ද්‍රය ලෙස සැලකිය හැකි අතර කිහිප වරක්ම එල්ටීටීඊ ප්‍රහාර වලටද ලක්විය.

මේ අනුව, පන්සීයේ නෝට්ටුවේ මැද හරියේ ඇති සංකේත වලින් පිළිබිඹු කරන්නේ ලංකාවේ ප්‍රමුඛ සංස්කෘතිය වන සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනත් සංස්කෘතීන් හා මිශ්‍රව ඇති ආකාරය හා තේ, රබර්, පොල් වලින් ඔබ්බට ගොස් ඇති ලංකාවේ වත්මන් සේවාමූලික ආර්ථිකයයයි. ලංකාවේ මැතිවරණ වල ප්‍රතිඵල තීරණය කරන ප්‍රධාන සාධක වන්නේද පන්සීය කොළයේ මැද ඇති රූප සටහන් වලින් සංකේතවත් වන සංස්කෘතික හා ආර්ථික කරුණුය.

පන්සීයේ නෝට්ටුවේ ඉදිරිපස දකුණු පැත්තේ අළු ගිරවෙකු දැකිය හැකිය. ගිරවා ප්‍රසිද්ධව සිටින්නේ එකම දෙය පුනරුච්චාරනය කිරීමේ හැකියාව ඇති සතෙකු ලෙසය. ලංකාවේ මැතිවරණ ආසන්නව මෙන්ම ඉන් පසුවද එකම කතාව එපා වන තුරු නැවත නැවත අසන්නට ලැබීම සුලභ සිදුවීමකි.

නෝට්ටුවේ ඉදිරිපස වම් පැත්තේ පෙනෙන්නට ඇත්තේ සමනලයෙකි. මේ සමනලයා ශ්‍රී ලංකාවට ආවේණික Ceylon Indigo Royal වර්ගයේ සමනලයෙකි. පහුගිය දවස්වල සමනල විප්ලව ගැනද කතාබහ සිදුවිය. 

පන්සීයේ නෝට්ටුවේ පසුපස ඉහළින්ම පද්මනිධි බහිරවයාගේ රූපයක් සහිත මුරගලක් දැකිය හැකිය. මුරගල් වලින් සංකේතවත් කෙරෙන්නේ සම්පත් වල ආරක්ෂාවයි. පරිස්සමට තබන දේවල් ඈලියාවට ගොස් සම්පත් අතුරුදහන් වූ විට බහිරවයා ගිල්ලා වගේ කියාද කියයි.

නෝට්ටුවේ පසුපස මැද ඇත්තේ තෙල්මේ නැටුම නටන නැට්ටුක්කාරයෙකුගේ හා යක් බෙරයක් වයන බෙරවායෙකුගේ රූපයකි. තෙල්මේ නැටුම 'තෙල් මෙහෙය' කිරීමේ අරමුණින් පවත්වන පහතරට සම්ප්‍රදායේ නැටුමකි. මේ නැටුමට ඇත්තේ දකුණු ඉන්දීය මූලයකි. දකුණු ඉන්දීය සංස්කෘතිකාංග සුමට ලෙස සිංහල සංස්කෘතිය තුළට අවශෝෂණය කරගෙන ඇති ආකාරය ගැන ලංකාතිලක විහාරය මෙන්ම තෙල්මේ නැටුමද හොඳ උදාහරණයකි. යක්බෙරය වාදනය කරන්නේද පහතරට නැටුම් වෙනුවෙනි.

බෙර වලින් ලොකු සද්දයක් ආවත් බෙරේ මැද හිස්ය. ඒ නිසා, බෙර පලා කිසිවක් ලබාගත නොහැකිය. ඒ වුනත්, නැට්ටුක්කාරයෙකුට බෙරේ සද්දය වෙනත් සද්ද වලින් වෙන් කර හඳුනා ගන්නට බැරිකමක් නැති නිසා හැංගි හැංගි වෙස් බඳින නැට්ටුක්කාරයින්ට බෙරේ සද්දේ ඇහෙන විට එළියට ඇවිත් නටන්නේ නැතුව සිටින්නට නොහැකිය. එහෙම නටන්නට ආවත් අන්තිමේදී සමහර නැට්ටුක්කාරයින් නටපු නැටුමකුත් නැත. බෙරේ පලුවකුත් නැත.

දහයේ කොළේ කතාව වගේම අවශ්‍ය කෙනෙකුට පන්සීයේ කොළේ කතාවක් වුවත් හදාගන්නට පුළුවන. මම කළේ එහෙම හදාගන්නට අවශ්‍ය කෙනෙක්ට වැදගත් විය හැකි තොරතුරු ටිකක් සටහන් කිරීම පමණය.



53 comments:

  1. මේ සළකුණු ඇසුරෙන් හොඳ හොඳ කතා ගෙතිය හැකි වේවි....!!!

    රුහුණු / පහතරට නැට්ටුවන්ගේ (පිරිමි) ඇඳුම් නම් මට තරමක් අප්‍රසන්නයි.

    ReplyDelete
    Replies
    1. පිටරටක වාසය කරමින් ලාංකිකයින්ට බොරු කයිවාරු ගසමින් නිතර පොරටෝක් දෙමින් බොරු පුරාජේරු දොඩවන තට්ටයින් මටනම් ඊටත් වඩා අප්‍රසන්නයි.

      Delete
    2. එවැනි තට්ටයෙකු නම් කරන්න.

      ඔහු ලාංකිකයින්ට ගැසූ බොරු කයිවාරුවක් නම් කරන්න.

      ඔහූ කියූ පොරටෝක් එකක් පෙන්වන්න.

      දෙඩවූ බොරු පුරාජේරුවක් පෙන්වන්න.

      Delete
    3. ඇනෝ 7.52 AM,

      මා නම් ඔවැනි බකපඬි මුග්ධ තට්ටයකුගේ පොරටෝක්/ පුරාජේරු ගැන දැනගන්නේත් කවුරුන්හෝ අමු කුණුහබ්බෙන් බැන පොස්ට් එකක් දැමුවාමයි. මොකට බලනවාද ඔවැනි මන්දබුද්ධික තට්ටයින්ගේ විකාර??

      Delete
    4. Guys,

      Don't fight, you could get required info. through this link;

      Oz Boldman's Adventures

      Just FYI

      Delete
    5. මා මෙහි රසිකට දැමු රිප්ලයි එක කෝ ඉකොනෝ? ඇයි අයින් කරේ එක? රසික අසා තිබු ප්‍රශ්න වලට මා පිළිතුරු දී තිබුනේ.

      Delete
    6. AnonymousAugust 14, 2017 at 11:49 AM
      //මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.//

      Delete
    7. # රසිකොලොජිස්ට් - RasikologistAugust 14, 2017 at 8:38 AM

      ඔබ අසා ඇති ප්‍රශ්න වල පිළිතුරු සපයා මා විසින් කොමෙන්ටුවක් පල කරමුත් මෙම බ්ලොග් අඩවියේ හිමිකරුවිසින් එය ඉවත් කර ඇත.

      Delete
    8. //AnonymousAugust 14, 2017 at 12:13 PM//
      එසේනම් කලින් කමෙන්ටුව දැම්මේත් ඔබද? පැහැදිලි කිරීමට ස්තුතියි. පහළ August 14, 2017 at 10:50 AM කමෙන්ටුව දැම්මේ ඔබ බව දැනගත්තත්, ඉවත් කළ කමෙන්ටුවේ IP ලිපිනය දැකිය නොහැකි වූ නිසා කවුද කියා හරියටම හිතාගන්න බැරිවුණා.

      Delete
    9. ඉකොනොමට්ටගේ ආරථික ප්‍රතිපත්ති විතරයිද ලිබරල්? භාෂණයේ නිදහස ලිබරල් නැත්ද?

      Delete
    10. ඉවත් කළ කමෙන්ටුවේ IP ලිපිනය දැකිය නොහැකි වූ නිසා කවුද කියා හරියටම හිතාගන්න බැරිවුණා. .....// ඔබ එය දැනගත්තත් මොනවකරන්න්ද

      රට වටෙටේම අල්ලන මාළු පැලියගොඩ මාකට් එකෙන් බෙදුවට පස්සේ මෙ මාළුවා යාපනේද .තිරිකුනාමලේද මඩකළපුවේද තංගල්ලේද බේරුවලද මිගමුවෙන්ද අල්ලලා ද කියලා කවුද දන්නේ මොන ක්‍රමේකට හරි මාළු පැලියගොඩ යවලා විකුණගන්න හැමෝම ට්‍රයි

      හැම මාළු මුදලාලි ලාම දන්නවා රටටම මාළු ලැබෙන්න නම් මාළු පැලියගොඩ යවන්න ඕනේ කියලා..... තේරෙනවනේ මාළු වෙළදාම

      Delete
    11. @ ඇනෝනිමස්,

      මේ ලිපියට පාදක වී ඇති ශ්‍රී ලංකා රුපියල් දහයේ නෝට්ටුවේ දැක්වෙන එක් පින්තූරක් ගැන මා අදහසක් ප්‍රකාශ කළ විට ඔබ මේ ආකාරයට හැසිරෙන්නේ ඇයි?

      මගේ අදහසට විරුද්ධ අදහසක් තිබේ නම් එය ප්‍රකාශ කරන්න. එසේ නොකර මෙසේ අපහාස/අවලාද නැගීමෙන් පෙනී යන්නේ ඔබ කෙතරම් අසහනයකින්, අවිශ්වාසයකින්, ආතතියකින් ජීවතය ගෙවනවාද යන්නයි.

      ඔබට ඉක්මන් සුවය පතමි.

      Delete
    12. //ඔබ එය දැනගත්තත් මොනවකරන්න්ද //
      බය වෙන්න එපා. අමුතු දේවල් මුකුත් කරන්නේ නැහැ. විනෝදාංශයක් ලෙස ලියන බ්ලොග්කරුවෙක් පමණක් වන, දේශපාලන සම්බන්ධතා කිසිවක් නැති මට එහෙම ලොකු දේවල් කරන්නත් බැහැ. පිළිතුරු දීමේදී පුද්ගලයාගේ දන්න තොරතුරු අනුව හැකිතාක් ගැලපෙන පිළිතුරක් දෙන්න උත්සාහ කරනවා පමණයි. කමෙන්ට් කිහිපයක් දමන කෙනෙක් ඒවායින් එකක් IP header information නැතුව දමනවානම්, එහි ජීවිත තර්ජන විය හැකි කිසිවකු නොදන්නා අමුතු රහසකුත් නැත්නම්, එය බොරු මඩක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

      //රට වටෙටේම අල්ලන මාළු පැලියගොඩ මාකට් එකෙන් බෙදුවට පස්සේ මෙ මාළුවා යාපනේද .තිරිකුනාමලේද මඩකළපුවේද තංගල්ලේද බේරුවලද මිගමුවෙන්ද අල්ලලා ද කියලා කවුද දන්නේ//
      ඇත්ත. සුපිරි වෙළඳසැල් වල සැපයුම්කරුවන්ට බාර්කෝඩ් අනිවාර්ය කර තිබෙන්නේ ඔය ප්‍රශ්නය නිසයි. කුණු මාළුවෙක් අහුවුණාම මාළුවා කොහෙන් ආපු මාලුවෙක්ද කියා දැනගන්න එකේ වටිනාකමක් තියෙනවා.

      //භාෂණයේ නිදහස ලිබරල් නැත්ද?//
      https://www.article19.org/pages/en/limitations.html
      https://en.wikipedia.org/wiki/False_statements_of_fact

      Delete
    13. සුපිරි වෙළඳසැල් වල බාර් කෝඩ් දැම්මට සපයුම්කරුත් ගන්නේ පෑලියගොඩ මාර්කට් එකෙන් නම් මාළුවා කුනුවුනත් කරන්න දෙයක් තියනවද .ඕනෙනම් අලුත් සැපයුමකරුවෙක් සොයාගන්න වෙයි නේද හැබැයි ඉතින් එයත් මාළු පැලියගොඩ තමයි මාළු ගේන්නෙත් මොකාද කරන්නේ එතකොට වෙනස සැපයි ද ?

      Delete
    14. ඇනෝ, ඉකොනොමැට්ටා වෙළඳපොළ කාර්යක්ෂමතාවය ගැන විශ්වාසය තබන කෙනෙක් බව අමුතුවෙන් කිව යුතු නැහැනේ. සමහර කන්ටේනර් වල ඉඳහිට කුණු මාලුවෙක් හිටියත් අප ඒ කුණු මාළුවා ඉවත් කරනවා මිස සැපයුම්කරුවාව ඉවත් කිරීමට හදිසි වන්නේ නැහැ. පාරිභෝගිකයන් ගැන සිතා කුණු මාළුවා ඉවත් කළත්, එවැනි සැපයුම්කරුවෙකුට වුවත් තත්ත්ව පාලනයක් සහිතව දිගටම මාළු සපයන්න බාධාවක් නැහැ.

      Delete
    15. ඉකොනොමැට්ටා Economatta,

      මෙතනදී ඔබත් ඇනෝත් දෙදෙනාම තම තමන්ගේ වලිග පාගගෙන; දැන් බලන්න ඉහත ඇනෝ කර තිබෙන්නේ රසිකොලොජිස්ට් නමැත්තා දැඩි ලෙස කුපිත වී මෙහි ඇසූ තර්ජනාත්මක ප්‍රශ්ණවලට පිළිතුරු දීමයි. ඔබ ඔහුගේ පිළිතුරු පමණක් මකා දමනවානම් "රසිකොලොජිස්ට්" නමැත්තාගේ ප්‍රශ්නත් මකා දැමිය යුතුයි. ඔහු රසිකොලොජිස්ට් නමැත්තා ඇසූ ප්‍රශ්නවලට දෙන උත්තරවලට රසිකොලොජිස්ට්ට ප්‍රතිපිළිතුරු සැපයීමට (Statement of Defense) ඉඩ දිය යුතුයි. (ඔහු අශ්ලීල හෝ ප්‍රසිද්ධියේ කීමට නුසුදුසු දේ/ මාපියන් හෝ පවුල මතක් කර බැන්නානම් ඉවත්කඉරීම ගැටලුවක් නැත. නමුත් මෙතන ඔහු කියන දේ බොරු කියා ඔබ අයි.පී. ඇඩ්‍රස් එකෙන් තීරණය කිරීම නම් හරිම විහිලුවක්, ඔබගේ ෆැක්ට්ස් තීරණය කරන්නේ කමෙන්ට් කරුගේ අයි.පී. එකෙන්ද?)

      එයයි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය. නමුත් මෙතන වෙන්නේ කතාව ලිබරල් නමුත් ක්‍රියාව වැඩවසම්.

      අනිත් අතින් ඔබ බ්ලොග්වල සිදුවන දේ ගැන දන්නවනේ? ඇතැම් ආණ්ඩුවට දේශපාලනිකව සම්බන්ධ බ්ලොග්කරුවන් ප්‍රතිවිරුද්ධ අදහස් දරන බ්ලොග් කරුවන්ගේ/ කමෙන්ට් කරුවන්ගේ නම් ගම් රාජ්‍ය බලය හරහා අයි.පී. ඇඩ්‍රස් හරහා හොයාගෙන තර්ජන/ ගර්ජන කර ඉනුත් නොනැවතී හැකි උපරිමයෙන් ඔවුන්ව විනාශ කිරීමට ක්‍රියා කරනවා.

      පසුගිය රාජපක්ෂ රජය සමයේ ටැබූ වැනි ජනප්‍රිය බ්ලොග් කරුවනුත් මෑතකදී සරස නමැත්තාටත් සිදුවූ දේ ඔබ නොදන්නවානම් ඔබත් යෝශිත, රවී නැත්නම් අජිත් ධරමකීර්ති වැනි කිසිම දෙයක් නොදන්න තොත්ත බබෙක් විය යුතුයි. ඉතින් මේ නිසා එවන් කමෙන්ට් කරුවන් සිය ආත්ම ආරක්ෂාව සඳහා අයි.පී. ඇඩ්‍රස් වසාගෙන පැමිණි පමණින් ඔවුන් කියන දේ 100% බොරු වෙන්නේ කොහොමද? අයි.පී. එඩ්‍රස් කියන්නෙ ලිට්මස් පරීක්ෂණයක්ද? කරුණාකර ෆැක්ට්ස් සහිතව ඔප්පු කර පෙන්වා දෙන්න.

      Delete
    16. AnonymousAugust 15, 2017 at 10:06 AM
      මෙහි කිසිම වලිගය පාගා ගැනීමක් නැහැ. පෞද්ගලිකවම පිටතට පෙනෙන හා නොපෙනෙන ප්‍රශ්න රැසකට මුහුණ දෙමින් අයිපී හෙඩර් ඉන්ෆොර්මේෂන් සඟවා කමෙන්ට් දමන අයට පවා මෙහි කමෙන්ට් දමන්න ඉඩ දී තිබෙන්නේ ඔබ කියන හේතු නිසයි. එසේ ඉඩ දෙන විට කමෙන්ට් දමන අයත් ඒ පහසුකම අපයෝජනය නොකිරීමට මතක තබා ගත යුතුයි. යමෙකුගේ දේශපාලන අදහස් මත හෝ මා ලියන දෙයට එකඟ නොවීම මත තවමත් මෙහි කමෙන්ට් කිසිවක් ඉවත් කර නැහැ. මතභේදයට තුඩු නොදෙන කමෙන්ට් තමන්ගේ ප්‍රොෆයිල් එකෙන් ඇවිත් දමන ඇතැම් අය, අයිපී හෙඩර් ඉන්ෆොර්මේෂන් සහිතව හෝ රහිතව සමහර කමෙන්ට් ඇනෝ ඇවිත් දමන වෙලාවල් තිබෙනවා. අයිපී හෙඩර් ඉන්ෆොර්මේෂන් වලින් ස්ථිර ලෙස කමෙන්ට් දමන අය සොයන්න බැරිවුනත්, එවැනි අය එසේ ස්ථිරව සොයාගත හැකි අමතර සාක්ෂි ඉතුරු කර යන වෙලාවල් ඕනෑ තරම් තියෙනවා. අයිපී හෙඩර් ඉන්ෆොර්මේෂන් රහිතව කමෙන්ට් දමන අය පවා ඇතැම් විට සාක්ෂි ඉතුරු කරනවා. ඒවා ගැන මම කියන්නේ නැහැ. මේ තොරතුරු මගේ විශ්ලේෂණ සඳහා මා විසින් පෞද්ගලිකවව ප්‍රයෝජනයට ගන්නවා පමණයි. මෙසේ අයිපී හෙඩර් ඉන්ෆොර්මේෂන් රහිතව මෙතෙක් මෙහි දමා තිබුණු කමෙන්ට් කිසිවක් රටේ දේශපාලනයට අදාළ විවාදාත්මක දේවල් නෙමෙයි. ඇතැම් විට, ඇතැම් අය ඉකොනොමැට්ටා ලියන දෙයට එකඟ නැති වුවත් අමනාප කරගන්න කැමති නැති නිසා හෝ ලැබෙන ප්‍රතිචාරයට මුහුණ දෙන්න තිබෙන පැකිලීම නිසා එසේ කමෙන්ට් දමනවා. එහි වරදක් නැහැ. මා ලියන දෙයට එකඟ නැති වුවත්, නිර්නාමිකව දැම්මත් ලියන දේ අදාලනම් හෝ අදාළ නැති වුවත් ගත යුත්තක් තිබේනම් මම එය පළ කර සාමාන්‍ය ලෙස පිළිතුරු දෙනවා.

      නමුත්, බොහෝ විට සිදුවන්නේ එය නෙමෙයි. මෙවැනි ඇතැම් අය අයිපී හෙඩර් ඉන්ෆොර්මේෂන් පවා ඉවත් කරගෙන ඇතැම් විට ඇනෝ එන්නේ වෙනත් බ්ලොග්කරුවන්ට බොරු, මඩ ගැසීමට හා කෙටවීමටයි. ඇතැම් අය දෙපැත්තටම එවැනි කමෙන්ට් දමන බව මම තහවුරු කරගෙන තිබෙන දෙයක්. සමහර දේවල් පබ්ලික් ඉන්ෆොර්මේෂන් නිසා ඇතැම් කමෙන්ට් වල තිබෙන දේ බොරු බව තහවුරු කර ගැනීම අපහසු නැහැ. ඒ වගේම, මේ බ්ලොග් එක අධ්‍යාපනික පදනමකින් කියවන බාලවයස්කරුවන් වැනි අයව අසීරුවට පත් කරන කමෙන්ට් වලටත් මම කැමති නැහැ. එවැනි කමෙන්ට් දමන අය ගොඩක් නැහැ. දමන අයත් හැම විටම එවැනි කමෙන්ට් දමන්නේත් නැහැ. අතරින් පතර එවැනි කමෙන්ට් එකක් වැටෙන එක මට වලක්වන්න බැරි වුවත් එවැනි කමෙන්ට් දිරිමත් කරන්න මම කැමති නැහැ.

      //ඔහු අශ්ලීල හෝ ප්‍රසිද්ධියේ කීමට නුසුදුසු දේ/ මාපියන් හෝ පවුල මතක් කර බැන්නානම් ඉවත්කඉරීම ගැටලුවක් නැත.//
      ඔබේ කමෙන්ට් එකේම මෙය කියා තිබෙන නිසා ඉවත් කළ කමෙන්ට් එක ගැන වැඩි පැහැදිලි කිරීම් අවශ්‍ය නැහැනේ. ඊට අමතරව බ්ලොගර් පාවිච්චි කිරීමේදී මා විසින් (වගේම වෙනත් අය විසිනුත්) එකඟ වී ඇති කොන්දේසි තිබෙනවා. මා ඒවාට යටත්. කවුරු කමෙන්ට් දැම්මත් ඒවා මෙහි පළවූ විට බ්ලොග් එකේ ඇඩ්මින්ට එහි වගකීමෙන් ගැලවෙන්න බැහැ.

      Delete
    17. ඉකොනොමැට්ටා Economatta,

      ඔබගේ දීර්ඝ පැහැදිලිකිරීමට ස්තූතියි. ඒ වගේම මෙහි දමන අදහස් සම්බන්ධයෙන් ඔබ වගකීම භාරගතයුතුබවත් මා පිළිගනිමි. එනම් ලියන්නා කුමක් ලීවත් නරක නාමය ඔබටත් එල්ල කිරීමට එම දූෂිත බ්ලොග්කරුවන් ක්‍රියාකරන බව සත්‍යක්.

      ඉහත සඳහන් දේශපාලනික බ්ලොග් කරුවන් බොහෝවිට දේශපාලකයින්/ පක්ෂ වෙනුවෙන් පෙනීසිට ඒ හරහා අයුතු ලෙස මහජන මුදල් හරහා මූල්‍යමය සහ වෙනත් වාසි ලබාගන්නා බව හැමෝම දන්නා පැහැදිලි කරුණක්. ඉතින් එබඳු ජඩයින්ට එරෙහිව මඩ හෝ අවලාද එල්ල වීම මා නම් වරදක් ලෙස දකින්නේ නැහැ.

      ඔබ අපහාස/ අවලාද ලෙස දකින ඇතැම් දේ සමහරු කරන්නේ හුදෙක් හාස්‍ය පිනිස විය හැකියි. ඇතැම් බ්ලොග් කරුවන් කුපිත කිරීමෙන් සමහරු වයින් කළ බෝනික්කන් නැටවීම හා සමාන වින්දනයක් ලබනු දැකිය හැකියි.

      //ඒ වගේම, මේ බ්ලොග් එක අධ්‍යාපනික පදනමකින් කියවන බාලවයස්කරුවන් වැනි අයව අසීරුවට පත් කරන කමෙන්ට් වලටත් මම කැමති නැහැ.//

      මේ කරුණ ගැන මාත් එකඟයි. එමෙන්ම මගේ කමෙන්ටුවෙන් ඔබත් මේ බ්ලොග් එක අධ්‍යාපනික පදනමකින් කියවන මෙහි "වැදගත්" පාඨකයිනුත් අපහසුතාවට පත් වූවානම් ඒ සම්බන්ධයෙන් මා ඔබෙන් කාරුණිකව සමාව ඉල්ලා සිටිමි.

      කෙසේ නමුත් ඉදිරියේ මාතෘකාවට අදාලව හැකි පමණ හරවත්ව අදහස් දක්වන්නට උත්සාහ කරමි. ඔබට ස්තූතියි.

      Delete
    18. //ඉතින් එබඳු ජඩයින්ට එරෙහිව මඩ හෝ අවලාද එල්ල වීම මා නම් වරදක් ලෙස දකින්නේ නැහැ.//
      මේ බ්ලොග් එකේ ලිපි සඳහා වුවත් බොහෝ දුරට කරුණු ගන්නේ පිළිගත හැකි මූලාශ්‍ර වලිනුයි. එසේ නැත්නම් මගේම පෞද්ගලික අත්දැකීම්. මෙහි දේශපාලනඥයින් හෝ වෙනත් ප්‍රසිද්ධ පුද්ගලයින් විවේචනය කර ඇති අවස්ථා වලදී වුවත් බොහෝ දුරට එය කර තිබෙන්නේ ප්‍රසිද්ධ කරුණු මත පදනම් වෙමිනුයි. ඒ නිසා, පිළිගත හැකි සාධක නැති දේ මෙහි පළවීම බ්ලොග් එකේ අන්තර්ගතයට ගැලපෙන්නේ නැහැ. ඒ වගේම මගේ අදහස බ්ලොග්කරුවන්ගේ දරුවන් හෝ පවුලේ සාමාජිකයින් සම්බන්ධ අපවාද නැඟීම සදාචාරාත්මක නැති බවයි.

      //ඉදිරියේ මාතෘකාවට අදාලව හැකි පමණ හරවත්ව අදහස් දක්වන්නට උත්සාහ කරමි.//
      ඔබේ කමෙන්ට් එකේ වරදක් නැහැ. ඔබට තිබුණු ගැටලුවම තිබුණු වෙනත් අයටත් ඔබේ කමෙන්ට් එක හේතුවෙන් පිළිතුරක් ලැබෙන්න ඇති කියා මම හිතනවා. ස්තුතියි!

      Delete
    19. "...මෙතනදී ඔබත් ඇනෝත් දෙදෙනාම තම තමන්ගේ වලිග පාගගෙන; දැන් බලන්න ඉහත ඇනෝ කර තිබෙන්නේ රසිකොලොජිස්ට් නමැත්තා දැඩි ලෙස කුපිත වී මෙහි ඇසූ තර්ජනාත්මක ප්‍රශ්ණවලට පිළිතුරු දීමයි. ඔබ ඔහුගේ පිළිතුරු පමණක් මකා දමනවානම් "රසිකොලොජිස්ට්" නමැත්තාගේ ප්‍රශ්නත් මකා දැමිය යුතුයි. ඔහු රසිකොලොජිස්ට් නමැත්තා ඇසූ ප්‍රශ්නවලට දෙන උත්තරවලට රසිකොලොජිස්ට්ට ප්‍රතිපිළිතුරු සැපයීමට (Statement of Defense) ඉඩ දිය යුතුයි. (ඔහු අශ්ලීල හෝ ප්‍රසිද්ධියේ කීමට නුසුදුසු දේ/ මාපියන් හෝ පවුල මතක් කර බැන්නානම් ඉවත්කඉරීම ගැටලුවක් නැත. නමුත් මෙතන ඔහු කියන දේ බොරු කියා ඔබ අයි.පී. ඇඩ්‍රස් එකෙන් තීරණය කිරීම නම් හරිම විහිලුවක්, ඔබගේ ෆැක්ට්ස් තීරණය කරන්නේ කමෙන්ට් කරුගේ අයි.පී. එකෙන්ද?)..."
      If you don't like the answer, delete the question too!

      Delete
    20. //If you don't like the answer, delete the question too!//
      Why should I? I didn’t want to publish the indecent comment not appropriate for my audience but I see no such issue with what Rasika has written. What right do you have to dictate what I should and shouldn’t publish?

      Delete

  2. “Over the course of human history, many items have briefly flourished as means of exchange, only to be demonetarized. Now, we have demonetarized money.”
    ― Markham Shaw Pyle

    ReplyDelete
  3. කොලේ කොච්චර හැඩ උනත් මාරු නොකර ඉන්න බැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඔබ පෙන්වා දෙන්නේ කෙතරම් ලස්සන වුවත් මුදල් නෝට්ටු වල සැබෑ අගයක් නැත්තේය හෝ එම අගය ඉතාම අඩුය යන කරුණයි. මහා බැංකු විසින් නිකුත් කරන මෙවැනි මුදල් වලට ආඥාප්ති ව්‍යවහාර මුදල් (Fiat money) කියා කියන්නේ ඒ නිසාය.

      Delete
  4. මහත්මයා, මුදල් නෝට්ටු වලට අපහාස උපාහස කිරීම, ඒවායේ අඩංගු රූප සටහන් විහිළුවට ලක් කිරීම නුසුදුසුයි නේද?

    ReplyDelete
    Replies
    1. මුදල් නෝට්ටු වලට සිදුවන ලොකුම අපහාසය සිදුවන්නේ මුදලේ වටිනාකම නැති වන විටය. එයට දායක වන්නේ ආදායමට වඩා වියදම් කරමින් විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් පවත්වාගෙන යාම වෙනුවෙන් පෙනී සිටින අයයි.

      Delete
  5. Manige Theeruwa

    August 7 at 11:49pm ·

    රවී රැක ගනිමු

    රවි කරුණානායක මේ දිනවල මුළු රටේම අතිමහත් ගෞරවයට භාජනය වී සිටින බව කිසිවකුට රහසක් නොවේ. බැඳුම්කර කොමිසම සිය අවංක භාවයෙන් නිරුත්තර කරමින් ඔහු දුන් සාක්ෂිය තවත් බොහෝ කාලයක් දනන් මුව රැඳී පවතිනු ඇත. ඒ පිළිබඳ රටුන් වැඩිදුරටත් කියන දේ විමසන්නට ලක්බිම කල්පනා කළේය.

    ස්වාමි පුරුෂයෙක්:-
    දෙල් තියෙන තැනටමලු කොසුත්. හොඳ පරම්පරාවක්, ප්‍රකෝටි ගණන් සල්ලි, ලොකුම ඇමැතිකමක් තියෙන එකාට ඒ මදිවට හොඳම හොඳ ගෑනියෙකුයි, හොඳම හොඳ ළමයෙකුයිත් හම්බු වෙනවා. ගෙදර ප්‍රශ්න මිනිහගෙ ඔළුවට දාන්නෙ නැති ගෑනියෙකුයි, තාත්තව කන්න හදන්නෙ නැති ළමයෙකුයි ඉන්නව නම් එහෙව් මිනිහ මොන තරම් වාසනාවන්තයෙක්ද? ඒකට අපිට ඉන්න එවුන්. තේ කොල පනහකුයි, සීනි පන්සීයකුයි ගේන්න වුණත් මිනිහත් එක්ක පැය බාගයක් සාකච්ඡා කරන ගෑනු. ටී ෂර්ට් එකක් ගන්න වුණත් සුමාන දෙකක් තාත්ත එක්ක සංවාද කරන දුවල. එහෙව් එකේ රවී වගේ වාසනාවන්තයෙකුට විරුද්ධව කටක් අරින එකෙක් ඉන්නව නම් ආයෙ දෙකක් නෑ ඒ පට්ට ඊරිසියාකාරයෙක්.

    භාර්යාවක්:-
    අන්න මිනිස්සු ගෑනිගෙ තනි කැමැත්තට මාසෙකට ලක්ෂ 13 ක කුලියට ගෙයක් ගන්නව. පස්සෙ කෝටි 16 1/2 කට ඒ ගේම සල්ලි දීල ගන්නව. අඩු ගානෙ බුදියගන්න යනකොටවත් මිනිහට ඒක කියන්න ඕන නෑ. ඒකට අපේ ගෙවල්. අපි යට ඇඳුමක් ගත්තත් මිනිහ දන්නව ඒක. යකඩෝ මේ ගෑනු මිනිස්සු ජීවත් වෙන උතුම් සමාජෙයි, අපි ජීවත් වෙන කාලකණ්ණි සමාජෙයි කොච්චර වෙනස්ද? අනේ දෙයියනේ රවී කියන්නෙ ඔබවහන්සේටත් වැඩියෙ දෙයියෙක්නෙ. මේ ගෙදර එකෙක් මීටපස්සෙ කියන්නෙ නෑ මට ජෙප්‍පොන්ට ඡන්දෙ දෙන්න කියල. ලබන සැරේ මගේ ඡන්දෙ අලියට. මනාප තුනම රවීට.

    දුවක්:-
    අපිට නම් රුපියල් දහදාහක ගෙයක් ගන්න වුණත් ගේ හොයන්නෙත් තාත්තා, බලන්නෙත් තාත්තා, අනුමත කරන්නෙත් තාත්තා. හැම රෙද්දටම තාත්තා තාත්තා තාත්තා අවුරුදු පහක් වුණත්, පහළොවක් වුණත්, විසිපහක් වුණත් ළමයා ළමයාමයි. දෙන දෙයක් කාල, බණින බැණුමක් අහගෙන ඉන්න තමයි තියෙන්නෙ. අපේ තාත්තත් උගතෙක්නෙ. ඒත් රවීලයි අපේ තාත්තලයි වෙනස් වෙලා තියෙන්නෙ කොහොමද? කොහෙද අපේ කට්ටිය ඉගෙන ගෙන තියෙන්නෙ ළඟම පාස‍ලේනෙ. අපිට බැරිවෙච්ච දේ අපේ ළමයෙකුටවත් දවසක අරගෙන දෙන්න ඕන. ඒක නිසා මාත් කවද හරි බඳින්න ඕන රෝයල් කාරයෙක්ව. ළමයවත් දාගන්න ඕන රෝයල් එකට. රෝයල් තමයි ඉස්කෝලෙ

    ස්ත්‍රීවාදිනියක්:-
    ටයි කෝට් ගහල උසට මහතට ඉන්න කොට මං හිතුවෙ පුරුෂාධිපත්‍යය වගුරුවන ‍පොරක් කියලනෙ. ඒත් එයා ප්‍රගතිශීලී, කාන්තා හිතවාදියෙක් විතරක් ‍නෙවෙයි ඒ බව රටට අඬබෙර ගහන්න උවමනාවක් නැති නිරහංකාර මනුස්සයෙක්නෙ. පිරිමිම බදාගෙන ඉන්න මේ රට ගොඩ යන්න නම් ඔය වගේ තමන්ගෙ භාර්යාවටයි, දුවටයි ගෙදර පිළිබඳ ස්වාධීනව තීන්දු ගන්න ඉඩ දීල ගෙදරින්ම ආදර්ශෙ දෙන නායකයො අපිට ඕන. මේ රටේ සියලු කාන්තාවන් එකතු වෙලා ව්‍යාපාරයක් පටන් ගන්න ඕන රවී ජනපති කරමු කියල. හිතල බලපල්ලා රවී ජනපති වෙච්ච දවසට මේ රටේ ගෑනුන්ට ලැබෙන තැන. කුස්සි මුල්ලෙන් එපාර්ට්මන්ට් එකට

    ඇමැතිවරයෙක්:-
    රවීත් එක්ක ගත්තම අපි මොක්කුද? අපි බලයට ආපු දවසෙ ඉඳන්ම කරේ ගෙදර දොරේ දියුණුවට වැඩ කරන එකනෙ. මේ මිනිහා ලක්ෂ ගණන්වල, කෝටි ගණන්වල තීරණත් ගෙදර ගෑනිටයි, ළමයින්ටයි ගන්න ඇරල උදේ හතේ ඉඳන් රෑ දහය වෙනකම් රට දැය සමය වෙනුවෙන් මහන්සි වෙලා. ඒක ඇහුවම නම් මට ලැජ්ජත් හිතුණා. මෙහෙම මිනිස්සු ඉන්න නිසානෙ අපිට අපේ වැඩක් බලාගෙන ඉන්න පුළුවන් වෙලා තියෙන්නෙ. ඒක නිසා කවුරු හරි රවී වගේ ජාතික වීරයෙකුට දුෂ්ට ච්ෙතනාවෙන් පහර දෙන්න ලෑස්ති වෙනව නම් අපි එක පයින් ඊට විරුද්ධව නැගී ඉන්න ඕන. (එහෙමද හොඳ, නැත්නම් මිනිහව යකාට යන්න ඇරල අපි නම් හොඳ මිනිස්සු කියල පෙන්නන එකද හොඳ?

    ReplyDelete
    Replies
    1. ලංකාව වැනි රටවලින් UK යන පුද්ගලයින් චැරිටි ශොප් හා චැරිටි සේවා නමින් විශාල ලෙස හොරකම් කරනවා, උදා: ලෙස ලංඩනයේ වෙසෙන අජිත් ධර්මකීර්ති නමැති සූර චෞරයා ගත හැකියි. මොහුගේ හොරකම් එළිකළ විට මොහු කළේ තම දේශපාලන සබඳතා යොදා ලංකා-ඊ-නිව්ස් නම් මඩ වෙබ් අඩවිය ලවා එම පුද්ගලයන්ගේ චරිත ඝාතනය කිරීමයි.

      Delete
    2. //ලෙස ලංඩනයේ වෙසෙන අජිත් ධර්මකීර්ති නමැති සූර චෞරයා ගත හැකියි.//
      මම හිතන්නේ ඔය කතාව දැන් ඕනෑවට වඩා විකුණපු (oversold) කතාවක්. එකම දේ හැමදාම අහනකොට නීරසයි.

      //මොහුගේ හොරකම් එළිකළ විට මොහු කළේ තම දේශපාලන සබඳතා යොදා ලංකා-ඊ-නිව්ස් නම් මඩ වෙබ් අඩවිය ලවා එම පුද්ගලයන්ගේ චරිත ඝාතනය කිරීමයි.//
      ඔය කියන පුද්ගලයින් දෙන්නාම මම දන්නා තරමින් සාමාන්‍ය බ්ලොග්කරුවෝ. ඔවුන්ගේ දේශපාලන මත වලට අමතරව සමහර විට දේශපාලන සම්බන්ධකමුත් ඇති. කොහොමවුනත්, හොරකම් හෝ වෙනත් වැරදි කර ඇත්නම් පැමිණිලි සටහන් කළ යුත්තේ මෙහි නෙමෙයි.

      අනිත් එක වයින් ස්ටෝර්ස් මුදලාලිලා වුවත් දන්සැල් දෙනවනම් එයින් වෙන්නේ සමාජ යහපතක්.
      අන්න සුදෝ අර ප්‍රාස වලා

      Delete
  6. රසික ලොජියේ අයිති ඔබ කෙතරම් අසහනයකින්, අවිශ්වාසයකින්, ආතතියකින් ජීවතය ගෙවනවාද යන්නයි.
    ඔබට ලැබෙන කොමන්ට් වලින්ම පේනවා ඒ තරමටම මිනිසුන්ට ඔබව අප්‍රසන්න අයි කියලා ඔබට කවුරුම කියලා නැද්ද
    මුදලට ලංකාවේ පුරවැසිකම ගත්ත ඔබවැනි අයට ලංකාවේ නැට්ටුවන්ගේ (පිරිමි) ඇඳුම් නම් තරමක් අප්‍රසන්නයි නම් ලාංකිකයින්ට කොහොමත් ඔබව ඉතාම අප්‍රසන්නයි ඔයටික තම තෙරුනේ නැත්නම් ඔබත් රෝගියෙක් ඔබට ඉක්මන් සුවය පතමි.

    ReplyDelete
    Replies
    1. //සමහර කන්ටේනර් වල නිතර නිතර බහුල ලෙස කුණු මාලු හිටියත් අප ඒ බහුතර කුණු මාළු ඉවත් කරනවා මිස සැපයුම්කරුවාව ඉවත් කිරීමට හදිසි වන්නේ නැහැ. පාරිභෝගිකයන් ගැන සිතා බහුතර කුණු මාළු ඉවත් කළත්, එවැනි සැපයුම්කරුවෙකුට වුවත් තත්ත්ව පාලනයක් සහිතව දිගටම මාළු සපයන්න බාධාවක් නැහැ.//

      මා හිතන්නේ ඉකොනොමැට්ටා මහතාගේ අදහස මේ සමග සමපාතවනු ඇතැයි කියායි. එහෙම නේද?

      Delete
    2. නිතරම කුනුමාළු සපයන අයෙකුට පැවැත්මක් තියෙන්නේ මධ්‍යගත සැලසුම් තියෙන තැන්වල පමණයි. ධනවාදයක් ඇති තැනක වෙළදපොල බලවේග විසින් එවැනි අයව ස්වභාවික ලෙසම ඉවත් කෙරෙනවා. ඒ නිසා, කුණු මාළු ගැන ඕනෑවට වඩා වද වෙන්න අවශ්‍ය නැහැ.

      Delete
    3. ///නිතරම කුනුමාළු සපයන අයෙකුට පැවැත්මක් තියෙන්නේ මධ්‍යගත සැලසුම් තියෙන තැන්වල පමණයි. ධනවාදයක් ඇති තැනක වෙළදපොල බලවේග විසින් එවැනි අයව ස්වභාවික ලෙසම ඉවත් කෙරෙනවා. ඒ නිසා, කුණු මාළු ගැන ඕනෑවට වඩා වද වෙන්න අවශ්‍ය නැහැ.///

      මෙයට එකඟයි, එනම් බ්ලොග් සම්බන්ධයෙන් ගත්විට සිංහල බ්ලොග් අවකාෂය නමැති මාළු වෙළඳපොළේ බ්ලොග් මාළු "තෝරාගැනීම නිදහස් පාඨකයින්ට නිදහසේ කරගැනීමට ඉඩ ඩිය යුතුයි. මාළු "කුණු" ද "හොඳ" ද යන්න ඔවුන් තීරණය කරයි. බ්ලොග් ඇඩ්මින් හෝ වෙනත් බ්ලොග් පොලිස් නිළධාරීන් වැනි රෙගියුලේටරි බොඩීස් බෝ බියුරෝ මණ්ඩලවත්, බ්ලොග් අවකාශය සහ බ්ලොග්කරුවන් බලෙන්ම දූෂිත දේශපාලකයින්ට විකුණමින් එම වෙළඳාමෙන් මඩිය තරකරගන්නා විවිධාකාර බ්ලොග් බ්‍රෝකර්ලාට උපරිම මුදල් වාසි ලැබෙන පරිදි වෙළඳපොළේ අයියලා ලෙස කටයුතු කරමින් බ්ලොග් පාලනය කිරීමටවත් නොදී නිදහස් බ්ලොග්-පාඨක සමාජයක් අවශ්‍යයි. බ්ලොග් වලින් පරිභාහිර මඩ වෙබ් අඩවි හරහා මඩ ප්‍රවෘත්ති ගොසිප් නිව්ස් ලෙස පළ කිරීමත් එමගින් ක්‍රියාකාරී බ්ලොග්කරුවන් සමාජය ඉදිරියේ අපහාසයට ලක්කර මෙයින් එළවා දැමීමත් වැරදියි නේද?

      Delete
    4. //එනම් බ්ලොග් සම්බන්ධයෙන් ගත්විට සිංහල බ්ලොග් අවකාෂය නමැති මාළු වෙළඳපොළේ බ්ලොග් මාළු "තෝරාගැනීම නිදහස් පාඨකයින්ට නිදහසේ කරගැනීමට ඉඩ ඩිය යුතුයි. මාළු "කුණු" ද "හොඳ" ද යන්න ඔවුන් තීරණය කරයි.//
      වෙළඳපොළ සමතුලිතාවය ඉල්ලුම හා සැපයුම දෙකම මත තීරණය වන්නක්. ඔබ කියා ඇති පරිදිම මාළු "කුණු" ද "හොඳ" ද යන්න තීරණය කරන්නේ පාරිභෝගිකයින් විසිනුයි. එහෙත්, එයින් අදහස් කරන්නේ වෙළෙන්දා විසින් කැමතිනම් ගන්න එපානම් නොගෙන ඉන්න කියා කුණු මාළු විකිණිය යුතු බව නෙමෙයි. තමන් විකුණන මාළු කුණු මාලුනම් වෙළෙන්දාටත් එහි වගකීමක් තිබෙනවා. ඒ වගකීම නොසලකා හැරියොත් ඔහුට පාරිභෝගිකයින් නැති වී යනවා. හොඳ මාළු පමණක් විකිණීමේ හෝ හොඳ මාළු හා කුණු මාළු කලවමේ විකිණීමේ නිදහස වෙළෙන්දාට තිබෙනවා. එය තමන්ගේ පාරිභෝගිකයින්ට අවශ්‍ය දෙය නිරීක්ෂණය කිරීමෙන් පසුව වෙළෙන්දා විසින් තීරණය කළ යුතු දෙයක්.

      //වෙළඳපොළේ අයියලා ලෙස කටයුතු කරමින් බ්ලොග් පාලනය කිරීමටවත් නොදී නිදහස් බ්ලොග්-පාඨක සමාජයක් අවශ්‍යයි.// එවැනි නිදහස් බ්ලොග්-පාඨක සමාජයක් අවශ්‍ය බව සිතන අය ඒ නිදහස නැති කරන්න හේතු හොයමින් ඉන්න අයට හේතු නොසැපයීමට සැලකිලිමත් විය යුතුයි.

      //බ්ලොග් වලින් පරිභාහිර මඩ වෙබ් අඩවි හරහා මඩ ප්‍රවෘත්ති ගොසිප් නිව්ස් ලෙස පළ කිරීමත් එමගින් ක්‍රියාකාරී බ්ලොග්කරුවන් සමාජය ඉදිරියේ අපහාසයට ලක්කර මෙයින් එළවා දැමීමත් වැරදියි නේද?//
      බ්ලොග් වලින් කළත්, බ්ලොග් වලින් පරිබාහිරව කළත් එය හොඳ දෙයක් නෙමෙයි. මගේ අදහස අනුව එවැනි සැලසුම්සහගත උත්සාහයක් තිබෙනවා. මෙහි ප්‍රධානම ඉලක්කය දේශපාලන නැඹුරුව කුමක් වුවත්, රැල්ලට නොයන, කිසියම් ස්වාධීනත්වයක් පවත්වා ගන්නා බ්ලොග්කරුවනුයි. එවැනි අය ටික දෙනෙක් හෝ සිටීමේ වටිනාකම ඉදිරියේදී පෙනෙයි. මම විශ්වාස කරන විදිහට මඩ මඩ ලෙස හඳුනාගන්න තරම් සාමාන්‍ය පාඨකයා බුද්ධිමත්.

      Delete
    5. පැලියගොඩ මාළු මාර්කට් එකේ කන්ටේනර් අයිතිකරුවනි
      හවුල් ව්‍යාපර ගණුදෙණු වලදි පරික්ෂාකාරි වන්න, රෑ වැටුන වලවල් වල දවාලටද වැටීමට ඉඩ ඇති බැවින්. දවාලේද ටෝච් එකක් රැගෙන යාම සුදුසුයි. කලිසම අස්සේ දාගත් නඩු හබ වලට සම්බන්ධ දෙපත් නයකුගෙන් හානි පැමිනිමේ විශාල ඉඩ කඩක් ඇත. එම නිසා අහක යන නයි කලිසම අස්සේ දා ගැනීමේන් වලකින්න. ඉල්ලාගෙන කෑමේ ජන්ම ඒරාෂ්ඨකයක් ඇති බැවින්, තට්ටයින්ට .ඔබත්පරිස්සම් වන්න

      ඔබ නැත්නම් ඉර පායන්නේ නැත. සඳ බැස යන්නේ නැත. මුහුදේ රළ නැගෙන්නේ නැත. සුළඟ හමන්නේ නැත. ඟංගා ගලන්නේ නැත. කාන්තවන්ගේ මාස්ශුද්ධිය සිඳු වන්නේ නැත, වෘෂණ කෝෂ වල ශුක්‍රාණු හට ගන්නේ නැත. ඔළුවෙන් සිටගෙන කතා කලහොත් මුඛය වෙනුවට පුකය කතා කරනා බැවිනි ඒ. පෙර කළ පව් පලදෙන කාළයකි

      ඔබගේ මූලග්ගින්න්ට ප්‍රතිකාර ලබා ගැනීමෙන්. අනෙක් සියළු රෝගයන්ද පහව යාමේ තත්වයක් පෙන්නුම් කරයි. දිරච්ච ලණු ගිලිය හැකි බැවින්, ලණු කෑමට යාමෙන් පරෙස්සම් වන්න. දුර සිටිනා සතුරාට වඩා ළඟ ඉන්නා මිතුරාගෙන් පරෙස්සම් වන්න. නීච උනා කියා ලැබෙනා ලබ්බක් නැති බැවින්. බයියන් මෙන්ම ටෝයියන්ද ඇති දෙයක් කා වෙන දේ බලා, චූ කර නිදා ගැන්මට යාම යහපති..

      රූපේ බලා සාත්තර කියන පැලියගොඩ මාර්කට් එකේ පුසා ......

      Delete
  7. Eco,
    Sanath, Malkanthi, Dayaratne, and Amara are coming to DC for a musical show on September 9. If you could, please visit. This could be their last visit to USA.

    ReplyDelete
  8. දැන්වීමයි [ මුදල් ගෙවා ප්‍රචාරයකි ]

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂ සහ ඔහුගේ පුතුන් වන නාමල්, යෝෂිත යන අයගේ නමට රට පුරා ඉඩම් 21 ක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර
    දිසානායක මහතා පවසයි.

    ඔවුන් විසින් එලෙස ඉඩම් මිලදී ගනු ලැබු ඔප්පු අංක, මිලදී ගත් දිනය හා මිලදී ගනු ලැබූ මුදල පිළිබඳ තමා ළඟ නිවැරදි තොරතුරු ඇති බව අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

    මෙවැනි විශාල ඉඩම් ප්‍රමාණයක් මිලදී ගැනීමට මුදල් ලැබුණේ කෙසේ ද යන්න පිළිබඳ අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කළේය.

    මහජනයාගේ මුදල් මෙලෙස අවභාවිතා කරන පුද්ගලයින් රට වෙනුවෙන් වැඩ කරන්නේ කෙසේ ද යන්න ගැටළුවක් බවත් එමෙන්ම අධිකරණයෙන් ඔවුන් දඬුවම් නොලැබුවත් ජනතා අධිකරණය ඉදිරියේ දඬුවම් දිය හැකි බවත් රත්නපුර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ අදහස් පළ කළේය.

    ReplyDelete
    Replies
    1. Dear Econo

      ///දැන්වීමයි [ මුදල් ගෙවා ප්‍රචාරයකි ]///

      Is this true? ������

      Just claim the money from this guy for using your blogspace as mentioned. He's willing to pay you isn't it? ��

      (Just kidding mate, no offence����)

      Delete
    2. AnonymousAugust 16, 2017 at 10:10 AM
      මේ දවස් වල ඇනෝලා විශාල අර්බුදයක ඉන්න බව පේනවා. පවතින තත්ත්වය අනුව සල්ලි වුනත් එකතු කරලා දෙන්න පැකිළෙන එකක් නැහැ. මේ ගැන අප අනුකම්පාසහගත (sympathetic) වුවත්, මේ අයගේ අවශ්‍යතාවය ඉටු කිරීමේ හැකියාවක් අපට නැහැ. මේ බ්ලොග් එක පටන්ගත් දින පටන්ම අපේ ප්‍රතිපත්තිය වුනේ කමෙන්ට් වල උදවුවෙන් බ්ලොග් එක ජනප්‍රිය කර ගැනීම නෙමෙයි. දැන් තත්ත්වය වෙනස් වී තිබුණත් අප බ්ලොග් එක පටන්ගත් කාලය ඇතැම් බ්ලොග්කරුවන් කමෙන්ට් සඳහා මරාගත්ත, අඬපු කාලයක්. නමුත්, අප මුල සිටම එවැනි තැනක සිටියේ නැහැ. අපට අවශ්‍ය වන්නේ අදාළ, වැඩකට ඇති කමෙන්ට් මිස හිතවත් කමට, උදවුවට, පිට කැසීමට, වෙනත් අයට මඩ ගැසීමට දමන කමෙන්ට් නෙමෙයි. අපේ ඉලක්කය වන්නේ අප ලියන දෙයට අවධානය යොමු කිරීමට මිස අදාළ නොවන දේ කමෙන්ට් කරන අය මෙහි පුරවා ගැනීම නෙමෙයි. ඒ වගේම, වැඩි පිරිසක් ගෙන්නා ගැනීම වෙනුවට වැඩි දෙනෙකුට බලපෑමක් කිරීමේ හැකියාව ඇති ටික දෙනෙකුට ආමන්ත්‍රණය කිරීමයි අපේ උපාය මාර්ගය. එවැනි පිරිසක් මේ වන විට මෙය කියවනවා. එය ප්‍රමාණවත්. ඒ නිසා තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන තැනක් සොයාගැනීමයි ඇනෝලා විසින් කළ යුත්තේ. අනවශ්‍ය කමෙන්ට් මේ බ්ලොග් එකේ අරමුණු වලට බාධාවක් වන මට්ටමට වැටෙන්න ගත්තොත් ඒවා කිසිදු හේතු දැක්වීමක් නොකර, අපේ අභිමතය පරිදි ඉවත් කරන්න අප පැකිළෙන්නේ නැහැ.

      Delete
  9. කෙතරම් අලුතෙන් මුදල් නෝට්ටු මුද්‍රණය කළ ද රුපියල් 10 නෝට්ටුව එයින් ඉතා අලංකාර නෝට්ටුවක් වග කිවයුතුය. එමෙන්ම වර්තමානයේ රු 10 කාසි නිකුත් වන බැවින් කලකදී මෙය හොඳ මතක සනිටුවහනක් බවට පත්වේවි.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. Yeah true. My grandfather used to keep some older notes in his collection. My father is keeping it now & it comprises very heavy older coins of cents & 1 Rupee notes as well.

      Those 1 Rupee & 2 Rupee notes of 1950's seems very interesting. Later in 1980's when my father become youngster, the 2 Rupee note value has been extremely depreciated & it has humiliated by even with proverbs. Now we couldn't find those notes & coins & only available in such classic collection.

      Delete
    2. My grandfather also was a numismatist but unfortunately I didn't inherit his collection. But, I have a collection which includes coins and notes from several countries.

      Delete
  10. දැන්වීමයි
    ===============================================================

    ජාතිකවාදී වියුණු කඳවුරේ පෙරටුගාමී සෙන්පති, මල්ලේ පොල් වියුණුපති, අතිගරු සාරස සුධීමතුන්හට මේ දිනවල බලපා ඇති සෙනසුරු අපල සහ නීච ග්‍ර‍හ බලපෑම් දූරීභුත වේවා යන පැතුම පෙරදැරි කරගෙන මහා පුණ්‍යකර්ම මාලාවක් පැවැත්වීමට සාරසානුබද්ධ පාඨක හවුල තීරණය කර ඇත.

    'සරසා නමාමී' යන තේමාව යටතේ පැවැත්වෙන මෙම පින්කම් මෙසේය.

    1. සත්දින බෝධිපූජා පුණ්‍යකර්මය (පන්නිපිටිය ඓතිහාසික කාක බෝ සමිඳුන් ඉදිරිපිට)
    2. සම්‍යයක් දෘෂ්ඨික යකුන් උදෙසා පැවැත්වෙන තොවිල් යාති කර්මය හා මගඩි නැටුම
    3. අසදෘශ මහා බලු කපුටු දානය (නිර්මාංශ)

    මේ සඳහා ඔබ සැමගේ ගෞරවනීය සහභාගිත්වය අපේක්ෂා කරමු. සුදු වතින් සැරසී පැමිණෙන්න. විවිධ හේතූන් මත පැමිණිමට නොහැකි ඔබට පහත කවිය දිනකට දෙවරක් සජ්ඣායනය කර එතුමාට සෙත් පැතිය හැක.

    බැකිසි බකු සානේ
    කරවැල් මහ කොකානේ
    දිය ගැරඬියානේ
    රකිව් මල්ලේ පොල් විදානේ

    ===============================================================

    - සාරසානුබද්ධ පාඨක හවුල

    ReplyDelete
    Replies
    1. මේ සඳහා ඔබ සැමගේ ගෞරවනීය සහභාගිත්වය සඳහා පැමිණීම සඳහා යන [සියලු අහාර පාන සහ ගමන් වියදම් OT, බටා ] නෙලුම්යාය සමාජිය සත්කාරය යටතේ සිදුකරන බව ප්‍රීතියෙන් දන්වාසිටිමි , වියදම් සඳහා රිසිට් අවශ්‍ය නොකෙරේ [ අපගාව බජට් නැති නිසා ]
      කරුනාකර් නොපැකිලි ඉදිරිපත්ව ඔබගේ සහයෝගය ලබාදෙන්න තුති !
      නෙලුම්යාය /ඊ නිවුස් සන්ස්කාරක මණ්ඩලය

      Delete
    2. හහ් හහ් හා, අයක් වැයක් නැති දේශපාලුවන්ගේ ඇට සූප්පු කරමින් එදාවේල හොයාගන්නා ලංඩන්වල සිට චෞර ලෙස මෙහෙයවෙන එකම හොර යායක්

      Delete
    3. හිතවත් අජිත් මහතානෙනි,

      අපි දන්න / දැකපු විදිහට වත්මන යහපාලන රජය බලයට පත්කිරීමටත් ඉන්පසුව දූෂිත රාජපක්ෂ කම්බා හොර නඩය විනාශ කිරීම සඳහා නිර්භීතව කටයුතුකල දේශපාලනික බ්ලොග්කරුවන් දිරිමත් කිරීමටත් අඛන්ඩව එම ලිපි අප්ඩේට් කිරීමටත් නෙළුම්යාය සම්මාන උළෙලවල් පැවැත්වීම හරහා ඔබතුමාගේ දායකත්වය අතිශයින්ම තීරණාත්මක වුණා. අපි කවුරුත් දන්නවා යමක ඉතිහාසය කියවෙද්දී වැදගත්වන්නේ එය නඟා සිටුවීමට උරදුන් අය මිස එය කඩාකප්පල් කිරීමට කටයුතු කල අය ගැන නොවෙන බව. ඔබ නෙලුම් යායෙන් සමුගනීනම් කවුරුන් සංවිධානය කලත් වෙන සම්මාන උළෙලකින් මෙම කාර්‍යය කෙරෙනතුරු මෙම සම්මාන උළෙල දිගටම පැවතිය යුතුයි.

      අනික් අතින් සරස හෙවත් කුමාර වැනි මරාවාදී දූශිත පල් හොරුන් විසින් බ්ලොග් අවකාශය විනාශ කිරීමට අප සැම එරෙහිවිය යුතු අතරම රාජපක්ෂ කල්ලියට කිසිසේත් බ්ලොග් අවකාශයේ අකුරක්වත් ලිවීමට ඉඩ නොතබා ඔවුන් අන්තර්ජාලයෙන් මෙන්ම සියලුම මාධ්‍යවලින් අතුගා දැමීමට කටයුතු කළ යුතුයි. (මෙහි තිබෙන ප්‍රශ්නය මේ මොහොත දක්වා ම අප විසින් පවත්වාගෙන යමින් තිබෙන තුලනය හා රාජපක්ෂ බලවේගයට හිස ඔසවන්නට ඉඩ නො දී තබා ගැනීම ඉදිරියටත් එසේම අතිශය වැදගත්ය.) මෙම ක්‍රියාවලිය තුළ ඉදිරිපෙළ සෙන්පතියෙක් මෙන් ඔබ සිටීම ඉතාම වැදගත්.

      ඒ නිසා රවී කරුණානායක මෙන් තාවකාලිකව ටික දිනකට නාමිකව ඉවත්වී ඊළඟ සම්මාන උළෙල පැවැත්වෙන 2018 දී ගෞරව ආරාධිතයකු මෙන් යළි පැමිණෙන ලෙස ඉල්ලා සිටිමි;

      නෙලූ සුපෙම් කැටයම් බ්ලොග පවුරැ තලාවේ
      මැකී ගියාදෝ
      කාලයේ වෙරළේ
      නෙලුම් යාය දිගු ගමනින් අනාත වූ දා
      යහපාලන සත් පියුමන් යළිදු පිපේවා

      ආරාධනා (අජිත්) ආරාධනා (අජිත්)

      (2018 දී)
      අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න (අජිත්)
      ආරාධනා (අජිත්) ආරාධනා (අජිත්)

      Delete
  11. නේපාලයේ සහ ඉන්දියාවේ සල්ලි මා රට ගියාම පාවිච්චි කලා..ඊට වඩා අපේ සල්ලි බොහොම ලස්සනයි..මට නම් ලස්සනම අපේ පනහේ කොලේ..ඒක නිල්පාටට හැඩට තියේ..

    ReplyDelete
    Replies
    1. නේපාලයේ, ඉන්දියාවේ හා බංග්ලා දේශයේ (සහ මම හිතන විදිහට පකිස්ථානයේත්) මුදල් නෝට්ටු වල තත්ත්වය ලංකාවේ ඒවාට වඩා සෑහෙන්න නරකයි.

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. ඔබට බිල් ගෙවීමට සහ නය ගෙවීමට අවශ්ය හදිසි ණය මුදලක් අවශ්ය වන අතර, ඔබ, ඔබේ මුල්යමය බරෙන් මිදීමට නිවැරදි ණය සමාගමක් වන MARY AUDREY LOAN COMPANY දී, අපි සියලු ණය වර්ග 2 ක පොලී ණයක් ලබා දෙනවා %, කරුණාකර ඊ-තැපෑල හරහා අප අමතන්න: maryaudreyloancompany@gmail.com හෝ WhatsApp හරහා +1 (412) 407-3952

    ReplyDelete
  14. ඔබේ ණය දැන් පැය 48 ක් තුළ ලබා ගන්න

    සුබ දවසක්

    ඔබට ව්‍යවසායකයෙකු වීමට අවශ්‍යද, ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට හෝ මහල් නිවාසයක් මිලට ගැනීමට හෝ ඔබ මූල්‍යමය විසඳුමක සිටීද, ඔබේ උදව් දැන් පැමිණේ, ඔබේ සිහිනය නැති වී තිබේද, සූදානම් වීමට උත්සාහ කරමින්, ඔබේ සිහින මැරෙන්නට ඉඩ නොදෙන්න, ෆ්‍රෙඩ් මහතා අමතන්න තවත්, ඉක්මන් සහ විශ්වාසදායක ණයක් සඳහා.

    අපි පහත දැක්වෙන ආකාරයේ ණය ලබා දෙන්නෙමු:

    1 ව්‍යාපාර ණය

    වෙළඳ
    ණය 3 වන මහල් නිවාසය

    ණය 4. ස්වයංක්‍රීය

    ණය 5. වාහන ණය ආදිය.

    100,000.00 සිට 500,000,000,000.00 දක්වා 3% ක පොලී අනුපාතයක් සමඟ අප සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට කැමති බැරෑරුම් සහ අවංක ගනුදෙනුකරුවන් සඳහා අපි ණය ලබා දෙන්නෙමු.

    අපගේ විද්‍යුත් තැපෑලෙන් (fredmorefinance@gmail.com) ඉක්මනින් අප අමතන්න.

    (fredmorefinance@hotmail.com)

    Whatssap අංකය: +919654763221

    අත්සන් කර ඇත

    අධ්‍යක්ෂක

    ෆ්‍රෙඩ් මහතා තවත්

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: