වෙබ් ලිපිනය:

Showing posts with label පොලී අනුපාතය. Show all posts
Showing posts with label පොලී අනුපාතය. Show all posts

Sunday, August 20, 2023

ණය පොලියට මොකද වෙන්නේ?


රජයේ ප්‍රාථමික අයවැය තුලනය කර ගැනීම හා එහි උදවුවෙන් මුදල් සැපයුම සීමා කිරීම මගින් උද්ධමනය පාලනය කරනු ලැබීමෙන් පසුව පොලී අනුපාතද ක්‍රමයෙන් අඩු වෙමින් තිබෙනවා. තැන්පතු පොලී අඩු වන තරමට ණය පොලී අඩු වී නැද්ද?

පසුගිය සතිය වන විට වාණිජ බැංකු වල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය දීමේ පොලී අනුපාතය 16.02% දක්වා පහත වැටී තිබුණා. මෙය පෙර සතියේදී 16.67% මට්ටමේ පැවති අතර පසුගිය නොවැම්බර් අවසානයේදී මෙම අනුපාතය පැවතුණේ 29.67% මට්ටමේයි. පෙබරවාරි මාසය වන විටද මෙම අනුපාතය 25%ට වඩා ඉහළ මට්ටමක පැවතුණා.

වාණිජ බැංකුවක ප්‍රමුඛ ණය දීමේ පොලී අනුපාතය යනු එහි පාරිභෝගිකයන් අතරෙන් ණය පැහැර හැරීමේ අවදානම අඩුම පාරිභෝගිකයන්ට ණය දෙන පොලී අනුපාතයයි. ණය පැහැර හැරීමේ අවදානම ඉහළ යන තරමට පාරිභෝගිකයෙකුට ලබා දෙන ණය පොලිය මත අමතර අවදානම් අධිභාර එකතු වෙනවා.

කෙසේ වුවද, රාජ්‍ය බැංකු වල හා පෞද්ගලික බැංකු වල ප්‍රමුඛ ණය දීමේ පොලී අනුපාත අතර කැපී පෙනෙන වෙනසක් දැකිය හැකියි. මෙයින් පිළිබිඹු වන්නේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු වල කාර්යක්ෂමතා වෙනසයි.

ලංකා බැංකුව - 18.39%
මහජන බැංකුව - 19.00%
කොමර්ෂල් බැංකුව - 15.87%
හැටන් නැෂනල් බැංකුව - 16.13%
සම්පත් බැංකුව - 17.03%
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව - 16.03%
HSBC - 15.00%

වෙබ් ලිපිනය: