මැද පෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ඇති වූ බාහිර කම්පනයේ බලපෑම ක්‍රමයෙන් තුනී වී යමින් ඇති පසුබිමක, මහ බැංකුවට නැවතත් විදේශ සංචිත ගොඩ නගා ගැනීමේ දිගුකාලීන ඉලක්කය වෙත ප්‍රවේශ වීමට හැකි වී තිබෙනවා. පසුගිය ජූලි මාසය තුළ මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 348.6ක් මිල දී ගැනීමට සමත්ව ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,591 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බොහෝ විට ජූලි මාසයේදී ජංගම ගිණුමේ නැවතත් අතිරික්තයක් වාර්තා විය හැකියි.
මෙම බාහිර කම්පනයට පෙර මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කර තිබුණේ වසර අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 8,645ක් වනු ඇති බවයි. මේ වන විට එම ඇස්තමේන්තුව බොහෝ දුරස්ථ ඉලක්කයක් බවට පත් වී තිබෙනවා. ඉහත දළ නිල සංචිත ප්‍රමාණය තුළ යුවාන් බිලියන 10ක (ඩොලර් බිලියන 1.5කට ආසන්න) චීන මුදල් හුවමාරු ණය ප්‍රමාණයද ඇතුළත්ව ඇති අතර, අදාළ ගිවිසුම අලුත් කර නොගන්නේනම් මෙම මුදල වසර අවසන් වීමට පෙර පියවිය යුතුයි.
දැනට පවතින තත්ත්වය අනුව පෙනී යන්නේ බාහිර කම්පනයකට තනිව මුහුණ දීම සඳහා අවශ්‍ය මට්ටමකට විදේශ සංචිත ගොඩ නගා ගැනීම සඳහා මුලින් ඇස්තමේන්තු කළ කාලයට වඩා වැඩි කාලයක් ගත වනු ඇති බවයි. වෙනත් අයුරකින් කිවහොත්, මූල්‍ය අරමුදල සමඟ මෙම වැඩ සටහන අවසන් වන විට විදේශ සංචිත එම සීමාව දක්වා ලඟා නොවනු ඇති බවයි. එවැනි තත්ත්වයක් තුළ, විදේශ අංශයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා තවත් යම් කාලයකට මූල්‍ය අරමුදලේ සහතිකය අවශ්‍ය වෙනවා.
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.