වෙබ් ලිපිනය:

Tuesday, February 28, 2017

ඔවුන් ඔබට සඟවන දෙය (දෙවන කොටස)

ඔවුන් ඔබට සඟවන දෙය (පළමු කොටස)

 

වසර දොළහක පමණ කාලයක් තිස්සේ ඇත්තක් ලෙස බොහෝ දෙනෙකු විශ්වාස කළ ඇන්ඩ්රු වේක්ෆීල්ඩ්ගේ කෘතීම නිර්මාණයක් වූ ලැන්සෙට් පර්යේෂණ පත්‍රිකාව අවසානයේදී අදාළ සඟරාව මඟින් ඉවත් කර ගැනුණේය. ඒ සමඟම, සිදු වූ හානිය පූරණය කර ගැනීමේ අරමුණින් බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලයේ කලාප ගණනාවක් මේ කරුණ ගැන ඇත්ත හෙළිකරන ලිපි වෙනුවෙන් වෙන් කෙරුණේය. බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලයේ ප්‍රධාන සංස්කාරිකාව වූ (සහ අදටත් එම තනතුර දරන) ආචාර්ය ෆියෝනා ගෝඩ්ලී විසින් වේක්ෆීල්ඩ් සිදුවීමට ප්‍රතිචාර දක්වමින් පැවසූ පරිදි මෙහිදී සිදු වුනේ විද්‍යාත්මක ක්‍රමයේ වැරැද්දක් නොවේ. වේක්ෆීල්ඩ් විසින් හිතාමතාම විද්‍යාත්මක ප්‍රජාව රැවටීමකි.

බ්‍රයන් ඩියර් විසින් හෙළිදරවු කරන තුරු, වේක්ෆීල්ඩ්ට වසර දොළහක් තිස්සේ මේ බොරුව ප්‍රචාරය කිරීමටත්, එමඟින් ප්‍රසිද්ධිය හා ආර්ථික වාසි ලබා ගැනීමටත් හැකි විය. ෆියෝනා ගෝඩ්ලී විසින් වේක්ෆීල්ඩ්ගේ මේ වංචාව පසුගිය සියවසේ මුල් භාගය පුරාවටම විද්‍යාත්මක ප්‍රජාව රැවටූ මිනිසා හා වානරයා අතර හමු නොවූ පුරුක පිළිබඳ වංචාව සමඟ සැසඳුවාය. එය දශක හතරක් පුරාවටම ඇත්තක් ලෙස සැලකුනත්, වේක්ෆීල්ඩ්ගේ වංචාව නිසා වසර දොළහක් තුළ සිදුවී ඇති හානිය සමඟ එය සැසඳිය නොහැකිය.

බ්‍රිතාන්‍යය තුළ MMR එන්නත හඳුන්වා දුන් 1988 වසරේ සිට ක්‍රමයෙන් ඉහළ ගිය ප්‍රතිශක්තිකරන අනුපාතය වේක්ෆීල්ඩ්ගේ පර්යේෂණය පළවන විට 92% ආසන්න මට්ටමක ස්ථාවරව පැවතියේය. එහෙත්, ඔහුගේ ප්‍රතිශක්තිකරන විරෝධී ප්‍රචාර හමුවේ  ක්‍රමයෙන් පහත වැටුණු මේ අනුපාතය 2004 වන විට 80%ටද වඩා අඩු විය (මෙහි 23 පිටුවේ පස්වන රූප සටහන බලන්න). කෙසේ වුවත්, බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාවේ උත්සාහයන් හා වේක්ෆීල්ඩ්ව එළිදරවුවීම හේතුවෙන් පසුගිය 2013/14 දක්වා නැවත ක්‍රමයෙන් ඉහළ ගිය මේ අනුපාතය නැවතත් 92% මට්ටමට පැමිණියේය.

බ්‍රිතාන්‍ය වෛද්‍ය ලියාපදිංචිය අහිමි වූ ඇන්ඩ්රු වේක්ෆීල්ඩ් ඉන්පසුව කළේ කුමක්ද? මෙය සිදුවන විටත් ඔහු ඇමරිකාවට පැමිණ ඇමරිකාවේ ප්‍රතිශක්තිකරන විරෝධීන් සමඟ එක්ව ක්‍රියාත්මක වෙමින් සිටියේය. මා පෙරද කියූ පරිදි, වේක්ෆීල්ඩ් ඇමරිකාවට පැමිණීමටද පෙර සිටම ඇමරිකාවේ තිබුණේ MMR එන්නත් විරෝධයක් නොව, ප්‍රධාන වශයෙන්ම තිමරසල් හා ස්වේච්ඡතාව අතර ඇතැයි විශ්වාස කෙරුණු සම්බන්ධතාවයක් මත පදනම් වූ ප්‍රතිශක්තිකරන එන්නත් විරෝධයකි.

ඇමරිකාවට පැමිණීමෙන් පසු සිය උපාය මාර්ගයන් වෙනස් කළ වේක්ෆීල්ඩ් සිය ප්‍රේක්ෂක කණ්ඩායම ලෙස සිටි විමර්ශිත ජර්නල් කියවන 'උගතුන්' වෙනුවට සාමාන්‍ය ජනතාව (ඇමරිකන් බයියන්?)
වෙත හැරුණේය. ඔවුන් ඉලක්ක කර ගනිමින් වේක්ෆීල්ඩ් විසින් 2010දී හා 2012දී පොත් දෙකක් ලියා පළ කෙරිණි. පොතක් ලියා පළ කිරීම විමර්ශිත ජර්නලයක ලිපියක් පළ කරනවාක් මෙන් අන්තර්ගත කරුණු වල වැදගත්කම හෝ නිරවද්‍යතාවය තහවුරු කරගෙන කළ යුතු දෙයක් නොවේ. කෙසේ වුවද, මේ පොත් වලින් MMR එන්නතෙහි ඇතැයි ඔහු කියා සිටින අතුරු ආබාධ ඇති බව තහවුරු කිරීමක් හෝ ඔහු කළ වංචනික ක්‍රියාව නොකළ බව තහවුරු කිරීමක් සිදුවී නැත.

පොත් පළ කිරීමෙන් නොනැවතුණු වේක්ෆීල්ඩ් පසුගිය වසරේදී චිත්‍රපටයක්ද නිෂ්පාදනය කර ඇමරිකාවේ සිනමාහල් වල ප්‍රදර්ශනය කරවූයේය. "Vaxxed: From Cover-Up to Catastrophe" නම් වූ මේ චිත්‍රපටය විද්‍යා ප්‍රබන්ධයක් ලෙස ඉදිරිපත් කළේනම් එය හොඳ චිත්‍රපටයක් ලෙස සැලකීමට ඉඩකඩක් තිබුණත් ඔහු මෙය ඉදිරිපත් කළේ වාර්තා චිත්‍රපටයක් ලෙසිනි. වේක්ෆීල්ඩ්ගේ 'වන් මෑන් ෂෝ එකක්' ලෙස හැඳින්විය හැකි මේ චිත්‍රපටය මූලිකවම කරකැවෙන්නේ ඇමරිකාවේ රෝග නිවාරන හා පාලන කේන්ද්‍රය විසින් MMR එන්නත ලබා දීමෙන් පසුව අප්‍රිකානු ඇමරිකන් පිරිමි දරුවන්ට ස්වේච්ඡතාව වැළඳීමට තිබුණු ඉහළ අවදානම පිළිබඳව දැනගැනීමෙන් පසුව එම කරුණ හිතාමතාම යට ගැසූ බවට වන චෝදනාව වටාය.

චිත්‍රපටයේ තේමාව වන ඉහත 'යටගැසූ පරීක්ෂණය' වේක්ෆීල්ඩ්ගේ ලැන්සෙට් පර්යේෂණ පත්‍රිකාව මෙන් තනිකරම අතේ රෝලක් නොවේ. මේ සිද්ධිය එළියට එන්නේ ඇමරිකාවේ ප්‍රතිශක්තිකරණ එන්නත් විරෝධී ක්‍රියාධරයකු වන මහාචාර්ය බ්‍රයන් හුකර් හරහාය. බ්‍රයන් හුකර්ගේ දරුවකුද MMR එන්නත ලබාදී මාස කිහිපයකට පසුව ස්වේච්ඡතා රෝගියෙකු ලෙස හඳුනාගෙන තිබේ. බ්‍රයන් හුකර් රෝග නිවාරන හා පාලන කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විද්‍යාඥයෙකු වන ආචාර්ය විලියම් තොම්සන් සමඟ මාස දහයක කාලයක් තුළ වාර ගණනාවක් දුරකථනයෙන් කථා කර ඇති අතර විලියම් තොම්සන්ට නොදන්වා මේ සංවාද පටිගත කර තිබේ. චිත්‍රපටියේ ඇත්තේ මෙසේ පටිගත කළ සංවාදයි.

ආචාර්ය විලියම් තොම්සන් ඇතුළු රෝග නිවාරන හා පාලන කේන්ද්‍රයේ පර්යේෂකයින් පිරිසක් විසින් MMR එන්නත හා ස්වේච්ඡතාව අතර ඇති සම්බන්ධක් සොයමින් දත්ත විමසුමට ලක්කර ඇති අතර මේ හා අදාළ පර්යේෂණ පත්‍රිකාව 2004 වසරේදී පීඩියට්‍රික්ස් විමර්ශිත ජර්නලයේ පළ විය. මේ පර්යේෂණ ප්‍රතිඵලය අනුව, MMR එන්නත හා ස්වෙච්ඡතා කාණ්ඩයේ රෝග (autism spectrum disorders) අතර සම්බන්ධයක් පෙනෙන්නට නැත. 


බ්‍රයන් හුකර් හා වේක්ෆීල්ඩ් විසින් විශාල ප්‍රචාරයක් ලබාදුන් පරිදි, මුළු නියැදිය හා අදාළව තත්ත්වය මෙසේ වුවත් ඉහත පර්යේෂකයින්ට අප්‍රිකානු ඇමරිකන් පිරිමි දරුවන් හා අදාළව MMR එන්නත හා ස්වෙච්ඡතා කාණ්ඩයේ රෝග අතර සම්බන්ධයක් පවතින බව දැනගන්නට ලැබී තිබේ. එහෙත්, ඒ බව පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් නොකිරීමට තොම්සන් ඇතුළු පර්යේෂක කණ්ඩායම තීරණය කර ඇත.

මේ කරුණ බොරුවක් නොවේ. බ්‍රයන් හුකර් විසින් "රෝග නිවාරණ හා පාලන කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු සමඟ පැවැත්වූ" දුරකථන සංවාද පටිගත කර ප්‍රසිද්ධ කර තිබුණේ විලියම් තොම්සන්ගේ අනුමැතිය හෝ අනුදැනුම රහිතව වුවත්, පසුව විලියම් තොම්සන් විසින් නීතිඥයෙකු හරහා ප්‍රකාශයක් කරමින් තහවුරු කළ පරිදි ඇත්තටම එවැන්නක් සිදු වී තිබේ. ඔවුන් එසේ කර ඇත්තේ ඇයි?

මෙය සමාජජාලා වල ප්‍රචාරය වූ පරිදි, "හිට්ලර්ගේ යුදෙවු ඝාතන වැනි ජනවර්ගයක් විනාශකර දැමීම අරමුණු කරගත් මහා කුමන්ත්‍රණයක්" නොවේ. පර්යේෂක කණ්ඩායමක සාමාජිකයින් අතර ඔවුන්ගේ දත්ත විශ්ලේෂණ මත පදනම් වූ ඇතැම් නිගමන සම්බන්ධව එකඟතාවක් ඇති නොවීමක් පමණි. කියන ආකාරයේ දත්ත විනාශ කිරීමක්ද සිදුවී නොමැති අතර ඕනෑම පර්යේෂකයෙකුට (වෘත්තීය පර්යේෂණ යෝජනාවක් පිළියෙල කර රෝග නිවාරණ හා පාලන කේන්ද්‍රයට ලබා දීමෙන් පසුව) මේ දත්ත ලබාගෙන අවශ්‍ය පරිදි විශ්ලේෂණය කර බැලීමේ හැකියාවක් තිබේ. 

මා සිතන පරිදි, බ්‍රයන් හුකර් හා විලියම් තොම්සන් යන දෙදෙනා වේක්ෆීල්ඩ් මෙන් වංචනිකයෝ නොවෙති. MMR එන්නත හා ස්වේච්ඡතාව අතර සම්බන්ධයක් ඇති බවත්, 2004 පීඩියට්‍රික්ස් පර්යේෂණය සඳහා උපයෝගී කරගත් දත්ත වලින් අප්‍රිකානු ඇමරිකන් පිරිමි දරුවන් හා අදාළව මේ සම්බන්ධය පැහැදිලිව පෙනෙන බවත් ඔවුන් ඇත්තටම විශ්වාස කරනවා වන්නට පුළුවන. වේක්ෆීල්ඩ් වුවද, දත්ත සකස් කිරීමේදී වංචාවක් කර ඇතත්, ඇත්තටම මෙවැනි සම්බන්ධයක් ඇතැයි හිතනවා විය හැකිය.

විලියම් තොම්සන් ඇතුළු පර්යේෂකයින් විසින් සිදුකළ පෙර පළ නොකෙරුණු දත්ත විශ්ලේෂණය බ්‍රයන් හුකර් විසින් නැවත සිදු කළ අතර අදාළ පර්යේෂණ පත්‍රිකාව 2014 අගෝස්තුවේදී 'ට්‍රාන්ස්ලේෂනල් නියුරෝඩිජෙනරේෂන්' ජර්නලයේ පළ විය. එම පර්යේෂණ පත්‍රිකාව පළවීමත් සමඟම, විලියම් තොම්සන් ඇතුළු පර්යේෂකයින් විසින් පළමුවත්, බ්‍රයන් හුකර් විසින් පසුවත් යොදාගෙන තිබුණු සංඛ්‍යානමය ක්‍රමවේදයේ අඩුපාඩු වෙනත් බොහෝ දෙනෙකු විසින් පෙන්වා දෙනු ලැබුවේය. 


රෝග නිවාරණ හා පාලන කේන්ද්‍රයේ පර්යේෂකයින් විසින් අප්‍රිකානු ඇමරිකන් පිරිමි දරුවන් හා අදාළව බැලූ බැල්මට පෙනෙන්නට තිබුණු ප්‍රතිඵලය ප්‍රසිද්ධ නොකිරීමට තීරණය කර තිබුණේ එම අඩුපාඩු පිළිබඳව තේරුම් ගෙන සිටි නිසාය. බ්‍රයන් හුකර්ගේ පර්යේෂණ පත්‍රිකාවද පසුව එය පලකළ ජර්නලයෙන් ඉවත් කෙරිණි. පසුව අවධානයට ලක්වුණු ක්‍රමවේදයේ අඩුපාඩු වලට අමතරව, ලිපියේ තේමාව හා සම්බන්ධ සංවිධාන සමඟ ඔහුගේ තිබුණු සම්බන්ධතා බ්‍රයන් විසින් ජර්නලයට හෙළිදරවු කර නොතිබීමද මේ තීරණයට හේතු විය.

ද්වීතියික දත්ත මත සිදුකරන විශ්ලේෂණයන් ඉතා සැලකිල්ලෙන් කළ යුතුය. ඇස් කණ්ණාඩි පාවිච්චි කරන හා නොකරන සිසුන් නියැදි දෙකක් ගෙන ඔවුන්ගේ සාමාන්‍ය පෙනීමේ හැකියාවන් සංසන්දනය කළහොත්, බොහෝ විට ඔබට පෙනෙනු ඇත්තේ කණ්ණාඩි පාවිච්චි නොකරන සිසුන්ගේ පෙනීම වඩා හොඳ බවයි. එහෙත්, මේ නිරීක්ෂණය මත කණ්ණාඩි පාවිච්චි කිරීම නිසා ඇස් පෙනීම දුර්වල වන බවට නිගමනයකට පැමිණිය නොහැක්කේ, කණ්ණාඩි පාවිච්චි කරන්නේම ඇස් පෙනීම දුර්වල අය බැවිනි.

බ්‍රයන් හුකර් විසින් නැවත විශ්ලේෂණය කළ, VAXXED චිත්‍රපටියේ ප්‍රධාන තේමාව වූ අප්‍රිකානු ඇමරිකන් දරුවන් සම්බන්ධව පැවතියේද මෙවැනි තත්ත්වයකි. ස්වේච්ඡතාවයෙන් පෙළෙන දරුවන් සඳහා පෙර පාසැල් වයසේදී විශේෂ අධ්‍යාපනික වැඩ සටහන් ක්‍රියාත්මක වන අතර එම වැඩ සටහන් වලට ඇතුළත් වීම සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා තිබිය යුතුය. මේ හේතුවෙන් ස්වේච්ඡතාවයෙන් පෙළෙන දරුවන් MMR එන්නත ලබාගෙන තිබීමට ඇති ඉඩකඩ අනෙක් දරුවන්ට වඩා වැඩිය. මෙය එන්නත හේතුවෙන් රෝගය වැඩිවීමක් ලෙස යමෙකු වරදවා වටහා ගන්නට පුළුවන.

වඩා විශාල නියැදි යොදාගනිමින් ඩෙන්මාර්කය, ජපානය, පෝලන්තය හා කැනඩාව ඇතුළු රටවල් ගණනාවක සිදු කර ඇති ස්වාධීන පර්යේෂණ වලින් MMR එන්නත හා ස්වේච්ඡතාව අතර සම්බන්ධයක් නිරීක්ෂණය වී නැත.  ඇමරිකානු දරුවන් 95,727ක විශාල නියැදියක් යොදාගනිමින් මෑතකදී ස්වේච්ඡතාව හා MMR එන්නත අතර තිබිය හැකි සම්බන්ධක් පිළිබඳව සිදු කෙරුණු පුළුල් අධ්‍යයනයකින්ද එවැනි සම්බන්ධයක් ඇති බවක් පෙනී ගොස් නැත. මේ පර්යේෂණ අධ්‍යයනයේ ප්‍රතිඵල 2015දී ජර්නල් ඔෆ් ඇමරිකන් මෙඩිකල් ඇසෝෂියේෂන්හි (JAMA)  පළවිය. කෙසේ වුවද, අප්‍රිකානු ඇමරිකන් පිරිමි දරුවන් හා අදාළව පමණක්, MMR එන්නත ලබාගැනීම හා ස්වෙච්ඡතා පරාසයේ ආබාධ ඇති වීම අතර සම්බන්ධයක් පැවතිය හැකි බවට බ්‍රයන් හුකර් සහ තවත් අය පළ කරන අදහස තහවුරු කිරීම හෝ බැහැර කිරීම පිණිස අවශ්‍ය තරම් විධිමත් පර්යේෂණ
ප්‍රමාණවත් ගණනක් තවමත් සිදු කෙරී නැත.

එන්නත් වෙනුවෙන් හා එන්නත් විරෝධී ලෙස සිදුවන පිල් බෙදීම තුළින් පිළිබිඹු වෙන්නේ පශ්චාත් සත්‍ය දේශපාලනයයි. නිරෝගීව සිටින තමන්ගේ දරුවෙකුට MMR එන්නත ලබාදීමෙන් පසු කෙටිකලක් තුළ ඔහුගේ හෝ ඇයගේ මානසික වර්ධනය ඇස්පනාපිටම කැපී පෙනෙන ලෙස බාල වන විට දෙමවුපියන්ට 'ප්‍රත්‍යක්ෂ වන්නේ' එන්නත ලබා දීම හේතුවෙන් මෙය සිදු වූ බවයි. එය එසේ නොවන බව පර්යේෂකයෙකුට සංඛ්‍යාලේඛණ පිරික්සා 'බුද්ධියෙන්' තේරුම්ගත හැකි වුවත් මේ පර්යේෂණ පත්‍රිකා බොහොමයක්ම කියවනු ලබන්නේ සාපේක්ෂව වැඩි උගත්කමක් ඇති අය අතරෙන් වුවද අතලොස්සක් පමණි. එසේ නොකරන අතිමහත් බහුතරය පොදු මාධ්‍ය හා විශේෂයෙන්ම සමාජ ජාලා හරහා දැනුම ලබා ගැනීම වත්මන් යුගයේ යථාර්තයයි.

සංවර්ධිත රටවල වලද ඇතැම් දේශපාලනඥයින් දැනුම ලබාගන්නේ 'පත්තරේ කියවා' මිස පර්යේෂණ පත්‍රිකා කියවා නොවේ. පත්තර වැනි "පැරණි මාධ්‍ය" මෙන් කිසියම් පිරිසකගේ ස්වයං නියාමනයකට හෝ අඩු වශයෙන් යටත් නොවන සමාජ මාධ්‍ය තොරතුරු වලින් බොහෝ විට පිළිබිඹු වන්නේ ඒවා පළ කරන හෝ බෙදාගන්නා අයගේ ප්‍රත්‍යක්ෂ දැනුමයි. මේවා අතර ප්‍රසිද්ධිය හෝ වෙනත් කිසියම් වාසියක් ලබාගැනීමේ අරමුණින් හිතාමතා පලකරන දේවල් අඩු නැතත් එවැනි දේ සමාජ ජාලා තුළ සීඝ්‍රයෙන් පැතිරෙන්නේ එක් පුද්ගලයාගේ දැනුම, අත්දැකීම්, විශ්ලේෂණ හැකියාවන් ආදියට සාපේක්ෂ කරුණක් වන "ප්‍රත්‍යක්ෂය" සමඟ එවැනි දේ ගැලපෙන බැවිනි.

ප්‍රතිශක්තිකරණ වැඩසටහන් හරහා මිනිස් සංහතිය පසුගිය ශතවර්ෂය තුළ ලබාගෙන ඇති ජයග්‍රහණයන් අතිමහත්ය. මේ වැඩසටහන් හරහා වසූරිය වැනි ඇතැම් රෝග මිහිමතින් තුරන් කරනු ලැබ ඇති අතර පෝලියෝ හා සරම්ප රෝගද එසේ මිහිමතින් තුරන් කිරීම මිනිසුන්ට සාමූහිකව ක්‍රියාකර වසර කිහිපයකින් ළඟා කරගත හැකිව ඇති ඉලක්කයකි.

වසරකට සරම්ප රෝගීන් 267,000ක් පමණ ලෝකයෙන් වාර්තා වන අතර මේ රෝගීන්ගෙන් 146,000ක් පමණ මිය යති. එයින් වැඩි ප්‍රමාණයක් කුඩා දරුවන්ය. කෙසේ වුවද, 2000-2013 අතර කාලය තුළ සරම්ප රෝගය නිසා සිදුවන මරණ මිලියන 15.6ක් ප්‍රතිශක්තිකරණ වැඩසටහන් හේතුවෙන් වැලැක්වී තිබේ. එන්නත සොයා ගැනීමට පෙර ඇමරිකාවේ පමණක් වසරකට මිලියන බාගයක් පමණ සරම්ප රෝගීන් වාර්තා වූ අතර ප්‍රතිශක්තිකරණ වැඩසටහන් හේතුවෙන් ඇමරිකාව තුළ සරම්ප රෝගීන් ක්‍රමයෙන් අඩුවී ගොස් 2000 වසරේදී සරම්ප රෝගය ඇමරිකාවෙන් තුරන් වී ඇති බව නිවේදනය කෙරිණි. ඇමරිකාවේ බොහෝ වෛද්‍යවරුන් ජීවිතයේ එක් වරක් හෝ සරම්ප රෝගියෙකු දැක නැත.

එන්නත සොයාගැනීමට පෙර කාලයේ මෙන්, සිය ඥාතීන් හා මිතුරන් සරම්ප රෝගයෙන් පීඩා විඳීම හා ඔවුන්ගෙන් ඇතැමුන් මිය යාම ඇස් පනා පිට පෙනෙන විට මෙම රෝගයේ භයානකකම (හෝ මෙවැනිම තත්ත්වයක් යටතේ වෙනත් රෝගයක භයානකකම) බොහෝ දෙනෙකුගේ ප්‍රත්‍යක්ෂ දැනුමක් බවට පත්වේ. එන්නත හඳුන්වා දුන් මුල් කාලයේදී, එය ලබාගත් සීමිත පුද්ගලයින් පමණක් මෙවැනි වසංගත තත්ත්වයක්දී බේරී සිටින බවද බොහෝ දෙනෙකුට ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ වන්නට ඇත. එහෙත්, ප්‍රතිශක්තිකරණ වැඩසටහන් හේතුවෙන් දැන් එසේ සරම්ප රෝගීන් දකින්නට නොලැබෙන නිසා එම රෝගයේ භයානකකම බොහෝ ඇමරිකානුවන්ට ප්‍රත්‍යක්ෂව නොදැනේ. එය බුද්ධියෙන් අවබෝධ කරගත යුතු කරුණකි.

ඇමරිකාවේ ජීවත්වන අයෙකුට වෛද්‍ය හෝ ආගමික හේතුමත ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා නොගෙන සිටින්නට හැකි අතර බොහෝ ප්‍රාන්ත වල තමන්ගේ පෞද්ගලික විශ්වාස මත වුවද එසේ කළ හැකිය. මෙය සාමාන්‍යයෙන් ලොකු ප්‍රශ්නයක් නොවූවත්, කිසියම් සීමිත භූමි ප්‍රදේශයක (උදාහරණයක් ලෙස කුඩා නගරයක හෝ ගමක) ජීවත් වන බහුතරය ආගමික හෝ වෙනත් විශ්වාස හේතුවෙන් එන්නත් ලබා නොගැනීම නිසා ඇතිවන ප්‍රතිඵලය රටපුරා විසිරුණු පිරිස් අහඹු ලෙස එන්නත් ලබා නොගත් විට ඇති වන ප්‍රතිඵලයම නොවේ. යම් හෙයකින් වෙනත් රටකින් පැමිණෙන සරම්ප ආසාදිතයෙකු මෙවැනි ප්‍රජාවක් සමඟ හැසිරෙන විට එවැනි ප්‍රදේශයක වසංගත රෝග තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති අතර පසුගිය කාලය තුළ කිහිප වරක්ම මෙවැනි සිදුවීම් වාර්තා විය.

එන්නත් විරෝධය පසුපස මෙන්ම පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේදීද මතු වුනේ පශ්චාත් සත්‍ය දේශපාලනයයි. ඇමරිකානු ජනාධිපතිවරණයට තෙමසකට පෙර ඇන්ඩ්රු වේක්ෆීල්ඩ් හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් පිළිබඳව වාර්තා වී ඇති අතර MMR එන්නත් විරෝධීන් ජනාධිපති ට්‍රම්ප් පිළිබඳව බලාපොරොත්තු තබා ඇති බව පෙනේ. MMR එන්නත හා ස්වේච්ඡතාව අතර පැවතිය හැකි සම්බන්ධය පිළිබඳව වත්මන් ඇමරිකානු ජනාධිපතිවරයා හිතන ආකාරය තවත් බොහෝ දෙනෙකුගේ ජීවිත වලට බලපෑමක් කරන්නට පුළුවන.



135 comments:

  1. ඉතාම හොඳ, කාලීන පොස්ටුවක්.

    පර්යේෂණ පත්‍රිකා කියවන දේශපාලඥයෝ (හෝ අමාත්‍යංශ ලේකම් වරු) සිටින රටවලුත් ලෝකයේ තියේද? මට හිතෙන්නේ ඒ කාර්ය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වල ප්‍ර‍තිපත්ති තීරණය කරන අය වෙන්නැතිය කියලයි, මම ඕක ප්‍රොපෙක්ගෙන් ඇහුවාම එයා බයිලාවක් ගැහුවා, ඇත්තටම පර්යේෂණ පත්‍රිකාවක පලවන සොයාගැනීමක් රජයක ප්‍ර‍තිපත්ති අතරට එක්වෙන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. //පර්යේෂණ පත්‍රිකා කියවන දේශපාලඥයෝ (හෝ අමාත්‍යංශ ලේකම් වරු) සිටින රටවලුත් ලෝකයේ තියේද?//
      එවැනි අය ඉතාම අඩුයි. ඇමරිකාවේ ව්‍යවස්ථාව සකස් වී තියෙන්නේ මෙය යම් තරමකින් හෝ සිදුවන පරිදි. ව්‍යවස්ථාදායකයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ධුර කාලය වසර දෙකකට සීමා කර තියෙන්නේ තමන්ගේ පෞද්ගලික මතය නොව තමන් නියෝජනය කරන ජනතාවගේ මතය වෙනුවෙන් පෙනී සිටීම දිරිමත් කිරීමට. එසේ නොකළොත් වසර දෙකකින් ඔවුන්ව ඉවත් කිරීමේ හැකියාව ජනතාවට තියෙනවා. ඒ අතර සෙනෙට් සභිකයෙකුගේ ධුර කාලය වසර හයක්ව තියෙන්නේ මහජන මතය යම් තරමකට නොසලකා විශේෂඥයෙකු ලෙස තමන්ගේ ස්වාධීන මතය ඉදිරිපත් කිරීමට ඉඩ සලසමින්. ඒ වගේම, කරන කාර්යය අනුව ලංකාවේ කැබිනට් ඇමති වරුන්ට සමාන කළ හැකි විධායකයේ කොටස් වන ලේකම් වරු මහජන නියෝජිතයින් නෙමෙයි. ජනාධිපතිවරයාට මේ තනතුරු සඳහා අදාළ විෂයයන් පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති අය පත් කිරීමේ හැකියාව තියෙනවා. ආර්ථික විද්‍යා විෂය ගත්තොත් ඇමරිකාවේ ප්‍රධාන පක්ෂ දෙකේම ප්‍රතිපත්ති සම්පාදනයට දායක වන සරසවි මහාචාර්ය වරුන් ඉන්නවා. මම හිතන විදිහට වෙනත් ක්ෂේත්‍ර වල උගතුනුත් ප්‍රතිපත්ති සම්පාදනයට එසේ වක්‍ර ලෙස (හෝ ඇතැම් විට සෘජුවම) දායක වෙනවා. ඊට අමතරව ඇමරිකාවේ දේශපාලනයේ නැති, පර්යේෂණ පත්‍රිකා කියවන මට්ටමේ අයෙකුට මහජන පණතක් ලෙස පණතක් ඉදිරිපත් කර සම්මත කර ගැනීමේ හැකියාවක් තිබෙනවා.

      Delete
    2. ඇත්තටම ඉතා හොඳ ක්‍රමයක්.

      Delete
    3. මීට අමතරව සරසවි වල ආචාර්ය වරුන් අතරින් කොටසක් extension work ලෙස හැඳින්වෙන කටයුතු වල නිරත වෙනවා. මෙහි අරමුණ වන්නේ එක්කෝ රටට වැදගත් ප්‍රතිපත්ති ඉලක්ක කරගත් පර්යේෂණ කිරීම. එසේ නැත්නම් පර්යේෂණ ප්‍රතිඵල ජනතාව වෙත (උදාහරණයක් ලෙස ගොවීන්, සුළු ව්‍යවසායකයින්, සමාජ අධ්‍යාපනික පසුබිම අනුව පසුගාමී ජනකොටස්, සුළුතර ප්‍රජාවන් ආදීන්) ගෙනයාම. ෆෙඩරල් හා ප්‍රාන්ත රජයයන්ට අනුබද්ධ, ප්‍රතිපත්ති සම්පාදනයට සෘජුව උදවු කරන පර්යේෂණ ආයතනත් තියෙනවා.

      Delete
    4. මම හිතන්නේ යුරෝපයේ ත් එවැනි ක්‍රමයක් තිබෙනවා. ජරම්නියේ හෙම පර්යේෂණ බජට් එකක් තිබෙනවා. අවාසනාවකට බ්‍රිතාන්‍යය ඒ පැත්තෙන් හුඟක් දුර්වලයි. පර්යේෂණ වලට ෆන්ඩ් කරෙත් යුරෝපා සංගමය. දැන් ඒකත් නැතිවෙනවනේ.

      Delete
    5. මෙන්න ලංකා සිතුවිලි කියන එකාගේ පිළිතුරු
      http://lankasithuwili.blogspot.com/2017/03/blog-post_7.html

      Delete
  2. එකොනො, මම මේ ලිපිය ලියු වෙලේ එහි ඇවිත් මේ ප්‍රතිචාරය දැමුවා නම් හොඳ සංවාදයක් යන්න තිබ්බ. ඔබ කිසියම් හේතුවක් නිසා එය ප්‍රතික්ෂේප කරනවා. ඔබ ඔය කියන වෙක්ෆිල්ඩ් ප්‍රශ්නයට කලින් එංගලන්තයේ NHS එක මහජනයාට හොරෙන් එන්නත් විශාල ප්‍රමාණයක් විනාශ කර දැමුවා. ඒ ඒවායේ ප්‍රශ්න කාරී බව හෙළි වෙලා.
    මේ මගේ ලිපිය:
    බටහිර බෙහෙත් සහ ආයුර්වේද බෙහෙත් සමසමව භාවිත කරමුද?
    මම මගේ ළමයින් දෙන්නටම MMR එන්නත වෙනුවට තනි එන්නත් තුන බැගින් ලබා දුන්නා. පවුලේ GP සහ නර්ස් නුත් පසුව පාසලත් ඒක පිලි ගත්ත.
    ඊට කලින් මෙහෙ හැට්ෆිල්ඩ් වල MMR එන්නත් ලැබුණු එක්කම අසනීප වුනු දරුවන් දෙදෙනෙකු මුණ ගැසුන (දෙමාපියන්). බ්‍රිතාන්‍ය රජය මුලින් සද්ද්ද නැතිව හිටියත් හදල තියන මිලියන් ගානක MMR වක්සින විනාශ කරනන් වෙනවට ඔවුන් බයවුණා. අන්තිමට වෙක්ෆිල්ඩ් එලෙව්වට පස්සේ ඔවුන් මාත්‍රාව හොරෙන්ම අඩු කලා . හොයල බලන්න.

    ReplyDelete
    Replies
    1. //මම මේ ලිපිය ලියු වෙලේ එහි ඇවිත් මේ ප්‍රතිචාරය දැමුවා නම් හොඳ සංවාදයක් යන්න තිබ්බ.//
      මට මෙවැනි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු දෙයක් ගැන ක්ෂණිකව ප්‍රතිචාරයක් දමන්න තරම් කාලවේලාව නැහැ. පපඩම් ප්‍රතිචාර දමන්න මම එතරම් කැමති නැහැ. අනිත් එක මට මම ලියන දේවල් සංරක්ෂණය කර ගැනීම අවශ්‍යයි. වෙනත් තැන් වල ලියූ විට මට එය කරගන්න ලැබෙන්නේ නැහැ.

      //ඔබ ඔය කියන වෙක්ෆිල්ඩ් ප්‍රශ්නයට කලින් එංගලන්තයේ NHS එක මහජනයාට හොරෙන් එන්නත් විශාල ප්‍රමාණයක් විනාශ කර දැමුවා. ඒ ඒවායේ ප්‍රශ්න කාරී බව හෙළි වෙලා.//
      මේ ගැන මූලාශ්‍රය කුමක්ද? (මම එසේ සිදුනොවූ බව කියනවා නෙමෙයි. හරියටම ඔබ කියන දෙය නොදැන වැඩි යමක් කියන්න බැහැ.)

      //මම මගේ ළමයින් දෙන්නටම MMR එන්නත වෙනුවට තනි එන්නත් තුන බැගින් ලබා දුන්නා.//
      එය ඔබේ පෞද්ගලික තේරීමක්. මේ ගැන කර ඇති අධ්‍යයන වලින් පෙනී ගොස් ඇත්තේ එසේ කරන අය එන්නත් තුනම එක් අවස්ථාවේ ලබා නොදෙන නිසා එන්නත් දෙකක් ලබා දී තෙවන එන්නත ලබා දීමට පෙර කාලය තුළ මෙවැනි ළමයින් තෙවන රෝගය වැළඳීමේ අවදානමකට වැටෙන බවයි. තනි තනි පුද්ගලයින් ගත් විට මෙය නොපෙනුණත් විශාල නියැදියක් ගත් විට එය පෙනෙනවා.

      //පවුලේ GP සහ නර්ස් නුත් පසුව පාසලත් ඒක පිලි ගත්ත.//
      පාසැල් වයස වන විට ඔබේ දරුවන් එන්නත් කර අවසන් නිසා ඔබේ දරුවන්ගෙන් වෙනත් දරුවන්ට අවදානමක් නැහැ. ඒ නිසා ඔවුන්ට එය පිළිගන්න වෙනවා. මෙහි අවදානම තිබී ඇත්තේ ඔබේ දරුවන්ටයි. බොහෝ දෙනෙක් ඔබ කළ දෙය කළානම් සහ ඒ කාලයේ වසංගත තත්ත්වයක් ඇති වුණානම් එහි වන්දිය ගෙවන්න වෙන්නේ ඔබේ දරුවන්ටයි. හැබැයි MMR ත්‍රිත්ව එන්නත හා ස්වේච්ඡතා අවදානම ගැන සැකයක් තිබුණානම් (වේක්ෆීල්ඩ් අධ්‍යයනය වංචනික එකක් බව හෙළි වන්නට පෙර මෙන්) මම වුණත් ඔබ කළ දෙය කළ හැකිව තිබුණා.

      //ඊට කලින් මෙහෙ හැට්ෆිල්ඩ් වල MMR එන්නත් ලැබුණු එක්කම අසනීප වුනු දරුවන් දෙදෙනෙකු මුණ ගැසුන (දෙමාපියන්)//
      මේ ගැන මම ලිපියේ පැහැදිලි කර තිබෙනවා. ස්වෙච්ඡතා රෝග ලක්ෂණ මතුවන්නේ MMR එන්නත ලබා දෙන කාලයේමයි. ඒ නිසා එසේ පෙනෙන්න පුළුවන්. නමුත්, ඒ මත නිගමන වලට එළැඹීම නිවැරදි නැහැ.

      //බ්‍රිතාන්‍ය රජය මුලින් සද්ද්ද නැතිව හිටියත් හදල තියන මිලියන් ගානක MMR වක්සින විනාශ කරනන් වෙනවට ඔවුන් බයවුණා. අන්තිමට වෙක්ෆිල්ඩ් එලෙව්වට පස්සේ ඔවුන් මාත්‍රාව හොරෙන්ම අඩු කලා//
      මම මේ ලිපි වල ලිවුවේ මම දැනගෙන සිටි දේවල් වලින් කොටසක්. එයිනුත් සියල්ලම නෙමෙයි. එසේ නැතුව ලිපිය ලියන්නට හෝ මට අවශ්‍ය තර්ක ගොඩ නඟන්නට කරුණු සොයා ලිවුවා නෙමෙයි. ඔබ කියන දෙය ගැන සොයා බැලිය හැකි ලින්ක් එකක් දැම්මොත් අදහසක් දක්වන්න පුළුවන්.

      Delete
    2. //මේ ගැන මූලාශ්‍රය කුමක්ද? (මම එසේ සිදුනොවූ බව කියනවා නෙමෙයි. හරියටම ඔබ කියන දෙය නොදැන වැඩි යමක් කියන්න බැහැ.)// මේ MMR වක්සින් එක නොවේ. ඊට කලින් දුන් දිප්තිරිය ටෙටනස් එක. එහි අතුරු අබාධ වැඩි බව දැනගෙන එන්නත් අති විශාල ප්‍රමාණයක් විනාශ කලා. වැඩේ කියන්නේ ගුගල් සර්ච් ඔක්කොම අහක් කරලා. (එහෙම කරනවා එකොන් හොඳේ) මම හිතන්නේ තවත් එන නඩු අඩු කරන්න. මොකද පවුම් මිලියන් තුනකට අසන්න ගානක් කොම්පෙන්සෂන් ගෙව්වා අෆෙක්ටඩ් අයට. මේක විතරක් හොයා ගත්ත යාහු එකේ තිබිල.
      https://www.theguardian.com/uk/2001/jul/08/tracymcveigh.antonybarnett

      Delete
    3. //කාලය තුළ මෙවැනි ළමයින් තෙවන රෝගය වැළඳීමේ අවදානමකට වැටෙන බවයි// මම මේ කතාවට එකඟ නැහැ. හේතුව මේක ළමයින්ට දෙන්නේ මාස 15දී විතර. හුඟක් වලාවට අපි ළමයි ගෙදර තියාගෙන් ඉන්න කාලේ . නර්සරි පටන් ගන්න කොට එහෙම ප්‍රශ්නයක් එනවා. අනික එන්නත් තුන දුන්නේ ඉතා ලඟින් තියල. මම ඊයේ බිරිඳ එක්ක මේ බව කතා කලා . මේ ලිපියේ කරුණු ගැනත් කියල. නැවත මතක් කර ගන්න. ඇය මට මතක් කරදුන් කරුණු දෙකක. මේක මගේ ලිපියෙත් නැහැ. බ්‍රිතාන්‍යය හා එහි වෛද්‍ය සභාව ටෙස්ට් ඩේටා ගත්තේ නොර්වේ වලින්. නොර්වේ වල දෙන මාත්‍රාව අඩුයි. ඒවා තමයි පලකලේ. එංගලන්ත වක්සින් එකට ටෙස්ට් කලේ නැහැ. ඒක බොරුවක්. අපි ජර්මනියේ චෙක් කලහම එහත් අඩුයි මාත්‍රාව.
      දෙවැනි කරුණ අපි ගියා කන්සල්ටන්ට් ල දෙන්නෙක් ගේ ගෙදර. බිරිඳ කළු ජාතික කාන්වතාක්. සැමියා ඉංග්‍රීස්. ළමයි මිශ්‍ර. මගේ බිර්න්ද ජර්මන් උගන්වනා ඔවුන්ට. ඔවුන් දීල තිබුනේ වෙනම. ඔවුන් මේ කතාව තහවුරු කලා පමණක් නෙවෙයි. ඒ කාලේ කන්සල්ටන්ට්ල ගැග් කරලා තිබ්බ. මේවා ගැන කතා නොකරන්න. ඔය හේතු නිසා තමා අපි දුන්නේ වෙන වෙනම. ඒ මදිවට ටෝනි බ්ලෙයාර් ගේ අලුත් උපන් දරුවටත් වෙනම දුන්නේ. පොරගෙන් ඇහුවම ඒක මග ඇරිය.
      https://www.theguardian.com/politics/2013/jun/02/liam-donaldson-tony-leo-blair-mmr

      Delete
    4. //වඩා විශාල නියැදි යොදාගනිමින් ඩෙන්මාර්කය, ජපානය, පෝලන්තය හා කැනඩාව ඇතුළු රටවල් ගණනාවක සිදු කර ඇති ස්වාධීන පර්යේෂණ වලින් MMR එන්නත හා ස්වේච්ඡතාව අතර සම්බන්ධයක් නිරීක්ෂණය වී නැත.//
      1. ඩෙන්මාර්කය නොර්වේ හා ජර්මනිය වගේ අඩු මාත්‍රාවක් දෙන්නේ.
      2. ජපානය MMR වවැක්සිනය 2001 තහනම් කල බව ඔබ දන්නවද එකොන්. ඔබ මෙහි ජපානය ගැනීම සාධාරණ නැහැ..
      2001 ලිපියක්.
      Why Japan banned MMR vaccine
      2016 ලිපියක්.
      Japanese Government Continues to Ban the MMR Vaccine

      Delete
    5. බ්‍රිතාන්‍යය නොර්වේ නියැදි භාවිතා කලත් නොර්වේ වල කිසිම එන්නතක් කම්පල්සරි නැහැ. නොර්වේ රට තමන්ගේ මිනිසුන් ගැන බ්‍රිතාන්‍යයට වඩා හිතන රටක්.
      https://www.efvv.eu/norway-2/

      Delete
    6. Ajith DharmaFebruary 27, 2017 at 7:04 AM

      //මේ MMR වක්සින් එක නොවේ. ඊට කලින් දුන් දිප්තිරිය ටෙටනස් එක. එහි අතුරු අබාධ වැඩි බව දැනගෙන එන්නත් අති විශාල ප්‍රමාණයක් විනාශ කලා.//
      එන්නත් වල වගේම වෙනත් ඖෂධ වලත් අතුරු ආබාධ වැඩි නිසා භාවිතයෙන් ඉවත් කළ අවස්ථා තියෙනවා. එය රහසක් නෙවෙයි. එය දැනටත් සිදුවෙනවා. CDC වෙබ් සයිට් එකේත් මෙවැනි සිදුවීම් ගැන විස්තර ප්‍රසිද්ධ කර තිබෙනවා.

      //වැඩේ කියන්නේ ගුගල් සර්ච් ඔක්කොම අහක් කරලා. (එහෙම කරනවා එකොන් හොඳේ) මම හිතන්නේ තවත් එන නඩු අඩු කරන්න.//
      ඩොනල්ඩ් ට්‍රම්ප් කියපු කතාවනේ. ගූගල් එකනම් එය ප්‍රතික්ෂේප කළා. මම හිතන්නේනෙම් මෙය සිදුවන්නේ ස්වයංක්‍රීය ඇල්ගොරිදම් එකකින් කියා. සමහර විට මම නොදන්නා ගූගල් එකේ අභ්‍යන්තර තොරතුරු අජිත් දන්නවා ඇති.

      //මොකද පවුම් මිලියන් තුනකට අසන්න ගානක් කොම්පෙන්සෂන් ගෙව්වා අෆෙක්ටඩ් අයට.//
      එය විය හැකියි. 1988 සිට මේ දක්වා ඇමරිකාව ඩොලර් බිලියන 3.5ක් වන්දි ලෙස ගෙවා තියෙනවා. නමුත්, සිදුවී ඇති යහපත ඊට වඩා බොහෝ විශාලයි.

      Delete
    7. Ajith DharmaFebruary 27, 2017 at 7:15 AM
      //මම මේ කතාවට එකඟ නැහැ. හේතුව මේක ළමයින්ට දෙන්නේ මාස 15දී විතර. හුඟක් වලාවට අපි ළමයි ගෙදර තියාගෙන් ඉන්න කාලේ . නර්සරි පටන් ගන්න කොට එහෙම ප්‍රශ්නයක් එනවා.//
      පළමු කරුණ බොහෝ දෙනෙක් ඉතා අඩු වයසෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන වලට ළමයින් දමනවා. ඒ නිසා මේ කතාව සියළු දෙනාට ජෙනරලයිස් කරන්න බැහැ. දෙවැන්න ගෙදර තියාගෙන හිටියත් ආසාදනය වෙන්න කිසියම් ඉඩක් තියෙනවා. එය වැලකී තියෙන්නේ වෙනත් බොහෝ දෙනෙක් එන්නත ලබාගෙන තියෙන නිසයි. වැඩි දෙනෙක් එන්නත නොගත්තොත් මේ අවදානම විශාල ලෙස වැඩිවෙනවා. අනිත් එක NHS එක පැහැදිලිවම කියල තියෙනවා තනි එන්නත් එක්සත් රාජධානිය තුල තත්ත්ව පාලන පරීක්ෂා කර අනුමත කර නැති බව. මෙය දැනටත් එහෙමයි. වාසියක් තිබේනම් අවදානමක් ගැනීම ප්‍රශ්නයක් නැති වුණත් එවැනි විශේෂ වාසියක් නැතුව කටකතා මත පදනම්ව දරුවන් අවදානමක හෙලීම තේරුමක් නැති බවයි මම හිතන්නේ.

      //අපි ජර්මනියේ චෙක් කලහම එහත් අඩුයි මාත්‍රාව.// එක් එක් රටවල මාත්‍රා සංසන්දනය කළ හැකි දත්ත තියෙන තැනක් තියෙනවද?

      //ඒ මදිවට ටෝනි බ්ලෙයාර් ගේ අලුත් උපන් දරුවටත් වෙනම දුන්නේ. පොරගෙන් ඇහුවම ඒක මග ඇරිය//
      මෙය මට එතරම් වැදගත් කරුණක්නම් නෙමෙයි. ඒත්, ඔය කටකතාව පැතිරෙන කොට ටෝනි බ්ලෙයාර් ලියෝට MMR ත්‍රිත්ව එන්නත ලබාදුන් බව පසුව ප්‍රසිද්ධියේ කිවුව නේද?

      Delete
    8. Ajith DharmaFebruary 27, 2017 at 7:18 AM

      //ජපානය MMR වවැක්සිනය 2001 තහනම් කල බව ඔබ දන්නවද එකොන්. ඔබ මෙහි ජපානය ගැනීම සාධාරණ නැහැ..//
      ඉස්සෙල්ල ඔය ලින්ක් එක ක්ලික් කරල පර්යේෂණ පත්‍රිකාව කියවල බලන්න. මේ පර්යේෂණය පදනම් වෙන්නේ 1984 අප්‍රේල් -1992 අප්‍රේල් අතර ඉපදුණු නියැදියක්. ඒ අයට MMR එන්නත ලබා දුන්නා.

      Delete
    9. Ajith DharmaFebruary 27, 2017 at 7:22 AM

      එන්නත් අනිවාර්ය කළ යුතුයි කියා මම හිතන්නේ නැහැ. මිනිසුන්ට තෝරා ගැනීමට නිදහසක් තිබිය යුතුයි. අනිවාර්ය කිරීම වෙනුවට හොඳ නරක ගැන දැනුවත් කිරීමයි කළ යුත්තේ. මම මෙය කරන්නෙත් ඒ සඳහා. අනිවාර්ය කිරීම් අවසාන වශයෙන් කෙළවර වන්නේ මිනිසුන් අනිත් අන්තයට තල්ලු වීමෙන්.

      Delete
    10. බ්ලෙයාර් කවදාවත් එහම් කිව්වේ නැහැ. මෙන්න මේ වගේ එකක් පත්තරේක ගියා බ්ලෙයාර් ට සපෝර්ට් පත්තරේක. "ගෙයි ඇතුලේ කට්ටිය කියනවා දුන්න කියල " ඔන්න් ඔහොම කටහ්වක්. සදාම්ට WMD තියෙනවා කිව්වෙත් එයාමනේ, /https://www.theguardian.com/politics/2001/dec/23/uk.research//

      Delete
    11. //අනිත් එක NHS එක පැහැදිලිවම කියල තියෙනවා තනි එන්නත් එක්සත් රාජධානිය තුල තත්ත්ව පාලන පරීක්ෂා කර අනුමත කර නැති බව. මෙය දැනටත් එහෙමයි. වාසියක් තිබේනම් අවදානමක් ගැනීම ප්‍රශ්නයක් නැති වුණත් එවැනි විශේෂ වාසියක් නැතුව කටකතා මත පදනම්ව දරුවන් අවදානමක හෙලීම තේරුමක් නැති බවයි මම හිතන්නේ.// NHS එක තනිකරම හිටියේ MMR හොඳයි කියන දහසේ. ඉතින් ඔවුන් කීයටවත් එහම් කියන්නේ නැහැ. එකොන් අපි හුගක් රෙස්පොන්සිබල් දෙමාපියෝ. අපේ ළමයින් එහෙම අවදානමක හෙලන වැඩක් අපි කවදාවත් කරන්නේ නැහැ. මගේ ළමයි නිදහසේ පැනඩෝල් වුනත් පුළුවන් තරම් අඩුවෙන් දීලා අපි අද වෙනකන් හැදුවේ. ලංකාවේ වගේ හැම ලෙඩටම දොස්තර ගාවට දුවල ඇන්ටි බයෝටික්ස් දීල හදල නැහැ අපි. ඕක කටකතා මත පදනම්ව කියන එක ටිකක් අපහාසයක්. අපි හෙව්ව තරම අපි විතරයි දන්නේ. මගේ බිරිඳ විශේෂයෙන් ජර්මනියට ගියා වෛද්‍යවරයෙක් හමුවෙන්න. අපිට ඒ දවස් වල තේරුණා විධිහට ඒක රිසක් එකක්. අපි රිසක් එක ගත්ටෙහ් නැහැ. අර මම කියන කොන්සල්ටන්ට් ල දෙනන් විතරක් නෙමේ. විශාල ප්‍රමානයක් දෙමාපියෝ සිංගල් වැක්සින් තුන දුන්නා. ඒ වැක්සින් වල තත්ත්ව පාලනය ආවේ කොහෙන්ද චෙක් කරලා අපි දුන්නේ. අපේ GP පිලි ගත්ත ඒක.

      Delete
    12. //එක් එක් රටවල මාත්‍රා සංසන්දනය කළ හැකි දත්ත තියෙන තැනක් තියෙනවද?// නැහැ ඒක මෙහෙමය් වුනේ. බිරිඳගේ මව කෝබර්ග් නගර කවුන්සිල් එකේ වැඩ කලේ එයාට වෙනම රජයෙන් දෙන වෛද්‍යවරයෙක් හිටිය. එයා ඒ අයගෙන් අහල බැලුව මේ MMR ප්‍රශ්නය. මගේ බිරිඳ ඔවුන් හමුවන්න ගියා. ඔවුන් තමයි ඇයට පැහැදිලි කළේ ජර්මනියේ නිපදවන එන්නතේ මාත්‍රාව වෙනස් බව. නොර්වේ වලත් එහමයි. (මේ ගැන හුඟක් පරීක්ෂණ කල රට). ඔය විස්තර නිසා තමයි අපි අර කොන්සල්ටන්ට්ලා හොයාගෙන ගියේ. ඔවුන් ඉන්නේ ස්ටිවනේජ් වල. මගේ බිරිඳ ඊයේ ඇහුව ඒගොල්ලන්ගේ නම් මේ වෙන භාෂාවක යන කොමෙන්ට් එකක දාන්නද කියල. ඒ ගොල්ල ඒත් එපයි කිව්වා. ගිය දේ ගියා. අපේ ළමයි හොඳින්. මොකටද දැන් ඕව කියල. ඔවුන් තමා අපට කිවේ බ්‍රිතාන්‍ය රජයේ පරීක්ෂණ දත්ත නොර්වේ ඒවා කියල.

      Delete
    13. //ඉස්සෙල්ල ඔය ලින්ක් එක ක්ලික් කරල පර්යේෂණ පත්‍රිකාව කියවල බලන්න. මේ පර්යේෂණය පදනම් වෙන්නේ 1984 අප්‍රේල් -1992 අප්‍රේල් අතර ඉපදුණු නියැදියක්. ඒ අයට MMR එන්නත ලබා දුන්නා.// හරි ඊට පස්සේ අද වෙනතුරු ජපානය එන්නත තහනම් කරලා තියෙන්නේ.

      Delete
    14. //එකොන් අපි හුගක් රෙස්පොන්සිබල් දෙමාපියෝ. අපේ ළමයින් එහෙම අවදානමක හෙලන වැඩක් අපි කවදාවත් කරන්නේ නැහැ.//
      මම කිසිසේත්ම එසේ සිතන්නේ නැහැ. ඒ වගේම, මම කලිනුත් කියපු ලෙස ඒ කාලයේ මම වුනත් එවැනි තීරණයක් ගත හැකිව තිබුණා. නමුත්, මේ වන විට මේ ගැන අපි එදා දැන නොසිටි සෑහෙන දෙයක් දන්නවා. මේ කතාව පැතිරෙන්න හේතු වුණේ වේක්ෆීල්ඩ් විසින් පබ්ලිෂ් කල එකම එක පර්යේෂණ පත්‍රිකාවක්. එය මත බොහෝ රජයයන් ප්‍රතිපත්ති තීරණ ගත්තා. ඉතාලිය වැනි රටවල් නඩු තීන්දු දුන්නා. මිනිස්සු (ඔබ වැනි) පෞද්ගලික තීරණ ගත්තා. එහි වරදක් නැහැ. නමුත්, ඉතා කෙටි කලකින් වේක්ෆීල්ඩ් විසින් කළ වංචාව හෙළිදරවු වුණා. ඔහු කියූ ආකාරයේ සම්බන්ධයක් පෙනෙන්නට නැති බව වෙනත් පර්යේෂකයින් ගණනාවක් විසින් තහවුරු කළා. ඒ නිසා, ඇතැම් රටවල් කලින් ප්රිකෝෂනරි මෙෂර්ස් ලෙස ගත් තීරණ නැවත වෙනස් කළා. ඇතැම් ඒවා (ජපානයේ වැනි) තවමත් වෙනස් වී නැහැ. මෙතැනදී වුණේ වේක්ෆීල්ඩ්ගේ බොරුව හෙළිදරවු වී ඇත්ත මතුවීම මිසක් ඔහුව කුමන්ත්‍රණයකින් පාගා දමා ඖෂධ සමාගම් වල මතයක් ඉදිරියට පැමිණීමක් නෙමෙයි. මට තියෙන ප්‍රශ්නය වංචාවක් බව තහවුරු වූ පර්යේෂණයක් මත පදනම්ව එන්නත් විරෝධී ප්‍රචාර කරමින් ඇතැම් පිරිස් විසින් අදටත් දරුවන් අනතුරේ හෙලීමට උදවු දීමයි. මේ ඇතැම් කණ්ඩායම් වලට වාණිජ අරමුණු තියෙන බව මම පෞද්ගලිකව දන්නවා. වැඩි විස්තර මෙහි ලියන්නේ නැහැ. මෙවැනි අය ඇතැම් විට තමන්ගේ දරුවන්ට මේ එන්නත් දෙනවා වෙන්නත් පුළුවන්.

      Delete
    15. //මෙන්න මේ වගේ එකක් පත්තරේක ගියා බ්ලෙයාර් ට සපෝර්ට් පත්තරේක.//
      එතකොට අජිත් යටින් උපුටා දාලා තියෙන ඒ පත්තරේම ලින්ක් දෙකේ (පහත කොපි කර ඇති) කරුණුත් මම පිළිගත යුතු නැද්ද?
      https://www.theguardian.com/uk/2012/apr/25/mad-cow-disease-british-crisis
      https://www.theguardian.com/politics/2013/jul/16/david-kelly-death-10-years-on

      Delete
    16. //එක් එක් රටවල මාත්‍රා සංසන්දනය කළ හැකි දත්ත තියෙන තැනක් තියෙනවද?//

      //නැහැ ඒක මෙහෙමය් වුනේ. බිරිඳගේ මව කෝබර්ග් නගර කවුන්සිල් එකේ වැඩ කලේ එයාට වෙනම රජයෙන් දෙන වෛද්‍යවරයෙක් හිටිය. එයා ඒ අයගෙන් අහල බැලුව මේ MMR ප්‍රශ්නය. මගේ බිරිඳ ඔවුන් හමුවන්න ගියා. ඔවුන් තමයි ඇයට පැහැදිලි කළේ ජර්මනියේ නිපදවන එන්නතේ මාත්‍රාව වෙනස් බව. නොර්වේ වලත් එහමයි. (මේ ගැන හුඟක් පරීක්ෂණ කල රට). ඔය විස්තර නිසා තමයි අපි අර කොන්සල්ටන්ට්ලා හොයාගෙන ගියේ. ඔවුන් ඉන්නේ ස්ටිවනේජ් වල. මගේ බිරිඳ ඊයේ ඇහුව ඒගොල්ලන්ගේ නම් මේ වෙන භාෂාවක යන කොමෙන්ට් එකක දාන්නද කියල. ඒ ගොල්ල ඒත් එපයි කිව්වා. ගිය දේ ගියා. අපේ ළමයි හොඳින්. මොකටද දැන් ඕව කියල. ඔවුන් තමා අපට කිවේ බ්‍රිතාන්‍ය රජයේ පරීක්ෂණ දත්ත නොර්වේ ඒවා කියල.//

      ජර්මන් එන්නත විකුණගන්න කරන වෙළඳ උපක්‍රමයකට අජිත් නොදැනම අහුවුණා වෙන්න බැරිද? අජිත් විසින් නොදැනීම ඔවුන් වෙනුවෙන් නොමිලේ වෙළද ප්‍රචාරණයක් කරනවා වෙන්න බැරිද? දැන් මේ මම නොදන්නා කොන්සල්ටන්ට්ලා දෙන්නෙක්ගේ නම් දෙකක් මෙහි දැමීම අවශ්‍ය නැහැ. එයින් කිසිදෙයක් තහවුරු වෙන්නේ නැහැනේ. ජර්මන් එන්නත වඩා හොඳනම් එය නිපදවන සමාගමට ඔබ කියන පරිදි මුදල් වියදම් කර පර්යේෂණ කර ඒ බව තහවුරු කිරීමෙන් ඔවුන්ගේ ලාභ වැඩි කරගත හැකියි. ඔවුන් එසේ නොකරන්නේ ඇයි? මේ කියන කරුණ ගැන ස්වාධීන පර්යේෂණ කිසිවක් තියෙනවද? එසේ නැත්නම් එය කටකතාවක් පමණයි නේද?

      Delete
    17. //හරි ඊට පස්සේ අද වෙනතුරු ජපානය එන්නත තහනම් කරලා තියෙන්නේ. //
      මේකම තමයි මම මතු කරන කරුණත්. දැන් මේ වගේ පදනමක් නැති ප්‍රචාර නිසා ලංකාවේ එන්නත් විරෝධයක් ඇති වුණොත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එක රැයින් කිසියම් එන්නතක් නවත්තන්න තීරණය කරන්න පුළුවන්.

      Delete
    18. මම ඔබට උඩ දාල තියනවා ජපානයේ පර්යේෂණ පත්‍රිකාවක්. ලංකාවේ වගේ තීරණ ගන්න වගේ දේශපාලනඥයෝ ජපානේ නැහැ කියල ඒ රටේ හිටි ඔබ දන්නවා ඇති.
      //එතකොට අජිත් යටින් උපුටා දාලා තියෙන ඒ පත්තරේම ලින්ක් දෙකේ (පහත කොපි කර ඇති) කරුණුත් මම පිළිගත යුතු නැද්ද?
      https://www.theguardian.com/uk/2012/apr/25/mad-cow-disease-british-crisis
      https://www.theguardian.com/politics/2013/jul/16/david-kelly-death-10-years-on//
      ඔබ කැමති නම් පිළිගන්න. මා ඒවා දැම්මේ ඒ අදාල තොරතුර ගැන කියවන්න. අවශ්‍ය නම් ඉන්ඩිපෙන්ඩන්ට් වගේ පුවත්පටහක දැමු එකක් හොයල දම්න්න් පුළුවන්. ගාර්ඩියන් ටිකක් බ්ලෙයාර් වාදී පුවත්පතක් නමුත් මම එක කියවනවා. ඒ වගේම RT , ඩේලි මේල්. වැනි අනිත් හැම එකක්මත් කියවනවා. ඔය සිද්දියේදී බ්ලෙයාර් පිලි ගත්තේ නැහැ. සන් වගේ ටැබ්ලොයිඩ් , මේල් හෙම දිගටම පහර ගැහැව්වා. ගාර්ඩියන් මිර්ර් වගේ ඒවා ඔය වගේ කතාවක් දැම්මා , . එපමණයි වුනේ.

      Delete
    19. //මට තියෙන ප්‍රශ්නය වංචාවක් බව තහවුරු වූ පර්යේෂණයක් මත පදනම්ව එන්නත් විරෝධී ප්‍රචාර කරමින් ඇතැම් පිරිස් විසින් අදටත් දරුවන් අනතුරේ හෙලීමට උදවු දීමයි. // මම ඔබට මුලින්ම කීවා අපි දෙවෙනි බුස්ටර් එන්නත MMR දුන් බව. මොකද ළමයි වැඩී ඇති නිසා. ඒ කියන්නේ අපි සම්පුර්ණයෙන් එය ඉවත් කළේ නැති බව. මගේ ලිපියේ (ලංකික සිතුවිලි ගේ කොමෙන්ට් එක සහිත) මුලික පරමාර්ථය වුනේ මෙහෙම ප්‍රශ්නයක් ටිබුන් බව පෙන්වීම.

      Delete
    20. මම ඉතාමත් පහදිඅ ඔබට කව්වා ජර්මනියේ කොබෝර්ග් කවුන්සිය කය. එය පුද්ගලික ආයතනයක් නෙමෙයි. ජර්මනියේ හුඟක් පාලනය විමධ්‍යගතයි. නගර කවුන්ස වල ස්වාධින බලයක් තිබෙනවා. කවුන්සිල් වෛද්‍යවරයා පෞද්ගලික හැඳුනුම් කම මත කිවූ දේවල් අපට මොකවත් විකුනනන් කිවූ දේවල් නෙමෙයි. ඔහු දුන් දත්ත සඳහන් ලිපි නැහැ. මම අද බැලුව ලොෆ්ට් එකේ . බ්රෙක්ස්පියර් රෝහලෙන් දුන් රිසිට් පමණක් තිබෙනවා. අනික් හොයා ගත් කරුණු ගොඩක් විසි කරලා. මේක වුනේ 2001-2004 කාලයේ. දැන් අවුරුදු 12ක්.

      Delete
    21. //ඔබ කියන්නේ වෙබ් අඩවිය හොර එකක් නිසා ජපානය තහනම් කරලා නැහැ කියාද?//
      අජිත් ජපානය MMR එන්නත තහනම් කරපු බව මම දන්නවා. ඒ බව උඩ මම දාල තියෙන කමෙන්ට් (පහත කොපි කර ඇති) කියෙවුවනම් තේරෙන්න ඕනෑ. වෙබ් අඩවිය ගැන කතා කළේ වෙනත් එවැනිම වෙබ් සයිට් වලට ක්‍රොස් ලින්ක් දමා ලොකු හැදෑරීමක් කරන බව පෙන්වන එහෙත් එසේ නොකරන වෙබ් අඩවි ගැන උදාහරණයක් ලෙස.

      //ජපානය MMR වවැක්සිනය 2001 තහනම් කල බව ඔබ දන්නවද එකොන්. ඔබ මෙහි ජපානය ගැනීම සාධාරණ නැහැ..//
      ඉස්සෙල්ල ඔය ලින්ක් එක ක්ලික් කරල පර්යේෂණ පත්‍රිකාව කියවල බලන්න. මේ පර්යේෂණය පදනම් වෙන්නේ 1984 අප්‍රේල් -1992 අප්‍රේල් අතර ඉපදුණු නියැදියක්. ඒ අයට MMR එන්නත ලබා දුන්නා.

      //හරි ඊට පස්සේ අද වෙනතුරු ජපානය එන්නත තහනම් කරලා තියෙන්නේ. //
      මේකම තමයි මම මතු කරන කරුණත්. දැන් මේ වගේ පදනමක් නැති ප්‍රචාර නිසා ලංකාවේ එන්නත් විරෝධයක් ඇති වුණොත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එක රැයින් කිසියම් එන්නතක් නවත්තන්න තීරණය කරන්න පුළුවන්.

      Delete
    22. //මම ඔබට උඩ දාල තියනවා ජපානයේ පර්යේෂණ පත්‍රිකාවක්. ලංකාවේ වගේ තීරණ ගන්න වගේ දේශපාලනඥයෝ ජපානේ නැහැ කියල ඒ රටේ හිටි ඔබ දන්නවා ඇති. //

      මම ජපානයේ හිටි බවක් කොහොමද උපකල්පනය කරන්නේ? කොහෙද මම එහෙම කියල තියෙන්නේ?

      Delete
    23. //මට තියෙන ප්‍රශ්නය වංචාවක් බව තහවුරු වූ පර්යේෂණයක් මත පදනම්ව එන්නත් විරෝධී ප්‍රචාර කරමින් ඇතැම් පිරිස් විසින් අදටත් දරුවන් අනතුරේ හෙලීමට උදවු දීමයි. // මම ඔබට මුලින්ම කීවා අපි දෙවෙනි බුස්ටර් එන්නත MMR දුන් බව. මොකද ළමයි වැඩී ඇති නිසා. ඒ කියන්නේ අපි සම්පුර්ණයෙන් එය ඉවත් කළේ නැති බව.//

      අජිත්ගේ පෞද්ගලික තීරණ වල මට කිසිම විශේෂ වැදගත් කමක් නැහැ. මම කතා කර තියෙන්නෙත්, කතා කරන්නෙත් පොදු කරුණු.

      Delete
    24. //මම ඉතාමත් පහදිඅ ඔබට කව්වා ජර්මනියේ කොබෝර්ග් කවුන්සිය කය. එය පුද්ගලික ආයතනයක් නෙමෙයි. ජර්මනියේ හුඟක් පාලනය විමධ්‍යගතයි. නගර කවුන්ස වල ස්වාධින බලයක් තිබෙනවා. කවුන්සිල් වෛද්‍යවරයා පෞද්ගලික හැඳුනුම් කම මත කිවූ දේවල් අපට මොකවත් විකුනනන් කිවූ දේවල් නෙමෙයි. ඔහු දුන් දත්ත සඳහන් ලිපි නැහැ. මම අද බැලුව ලොෆ්ට් එකේ . බ්රෙක්ස්පියර් රෝහලෙන් දුන් රිසිට් පමණක් තිබෙනවා. අනික් හොයා ගත් කරුණු ගොඩක් විසි කරලා. මේක වුනේ 2001-2004 කාලයේ. දැන් අවුරුදු 12ක්.//
      අවසාන වශයෙන් මේ සියල්ලෙන්ම අදහස් වෙන්නේ ඔබ කියන දේ එලෙසම පිළිගනු හැර, මේ මාත්‍රා වෙනස ගැන වැඩිදුර සොයාබැලිය හැකි කිසිදු තැනක් නෑ කියන එකනේ නේද?

      Delete
    25. එකොන් ඔබ හුඟක් වෙලාවට සාක්කි ඉල්ලනේ මාත්‍රා ගැන මම ඔප්පු කරනන් ඕනේ වගේ. ඇයි ඔබත් හොයල බලල කියන්නකෝ එහෙම නොවේ කියල. මෙන්න මේකයි මාත්‍රාව කියල. මාත්‍රා ව ගැන තියෙන එක ඩොකියුමන්ට් එකක ලැබුන. pdf එක එවන්නම් ඔබේ ඊමේල් එකට. එක USA දෙන ගාන. 0.5ml වෙනුවට එංගලන්තයේ දුන්නේ .75ml ho 10ml. යුරෝපියන් අගයට streamline කළේ 2004 න පස්සේ. දැන් මේ ඩොකියුමන්ට් එක බාගත්තේ ඔපෙරා බ්‍රව්සර් එකට ගිහින් රට ජර්මනිය කියල VPN එකේ වෙනස් කරලා. (Virtual Private Network ) නොර්මල් ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් , ගූගල් ක්‍රෝම් එකේ සර්ච් කළාට එන්නේ නැහැ. (බ්‍රිතාන්‍යය තුල). මේ ලින්ක් එක දැම්මම ක්‍රෝම් බව්සර් එකේ අරින්න පුළුවන්.
      http://www.immunize.org/catg.d/p3084.pdf
      මට ඇත්තටම වෙලාවක් නැහැ. නැත්නම් මම තව දුරටත් හොයලා ඩොකියුමන්ට් ටිකක් අර ගන්නවා. 25 වැඩේ නිසා සෑහෙන්න බිසී.

      Delete
    26. //එකොන් ඔබ හුඟක් වෙලාවට සාක්කි ඉල්ලනේ මාත්‍රා ගැන මම ඔප්පු කරනන් ඕනේ වගේ. ඇයි ඔබත් හොයල බලල කියන්නකෝ එහෙම නොවේ කියල.//
      අජිත්, මම විනෝදාංශයක් ලෙස බ්ලොග් ලිවුවට මේවා ගැන හොය හොය ඉන්න "ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක්" නෙමෙයි. මගේ ලිපි වල මම ලියන්නේ මම ඒ වන විට දැන සිටින දේවල් ගැන. නමුත්, කියවන අයට නිකම්ම කරුණු දමාගසන්න කැමති නැති නිසා හැකි හැමවිටකම අන්තර්ජාලයේ ඇති පිළිගත හැකි මූලාශ්‍රයක් සොයා ලින්ක් දමනවා. එයින් මා බලාපොරොත්තු වන්නේ වැරදි තොරතුරු වලින් හරි තොරතුරු වෙන් කර ගැනීමට වෙනත් අයත් පෙළඹවීමටයි. ඕනෑම කෙනෙක්ට ඕනෑම බොරුවක් අන්තර්ජාලය හරහා ප්‍රචාරය කළ හැකි මේ යුගයේ එය මා විසින් කළ යුතු වැදගත්කමක් ඇති දෙයක් කියා මම හිතනවා. මම ලිපි වල මම දන්න හැම දේම ලියන්නේ නැහැ. හැකිතාක් කෙටියෙන් අවශ්‍ය දේ පමණයි ලියන්නේ. කවුරු හෝ කමෙන්ට් එකක් දමා ප්‍රශ්නයක් ඇහුවොත් මම දන්නවනම්, අමතර තාක්ෂණික කරුණු ගැන ලියනවා. ලිපියේ ලියන්නේ හැදෑරීමක් කර ඇති දේවල් ගැන වුනත් කමෙන්ට් දමන අය කතා කරන හැම දෙයක් ගැනම මම හදාරා නැහැ.

      මේ මාත්‍රා කතාව ඔබ ඉදිරිපත් කළ කතාවක්. ඔබ ඒ කරුණට විශාල බරක් දී තිබෙනවා. ඔබ මේ එන්නත් හා අදාළව කියූ අනෙක් බොහෝ දේ පදනම් විරහිත බව මම කරුණු සහිතව පෙන්වා තියෙනවා. ඒ, ඒ කරුණු පදනම් විරහිත නිසා මිස මට අජිත් කියන්නේ බොරු කියා ඔප්පු කරන්න අවශ්‍ය නිසා නෙමෙයි. මෙය බොරුවක් කියා ඔප්පු කරන්න මට කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔබ එය ඇත්තක් කියා පිළිගත හැකි කරුණු සහිතව පෙන්නුවොත් මම පිළිගන්නවා. අවශ්‍යනම් පැහැදිලි කිරීමක් කරනවා. පදනමක් නැතුව නිකම් කවුරු හෝ කියන දෙයක් කාලය යොදවා පැහැදිලි කිරීම් කරන එක තේරුමක් නැහැ,

      මේ මාත්‍රා කතාව හරි හෝ වැරදි බව කියන්න තරම් කරුණු මම දැනට දන්නේ නැහැ. මම දැනගෙන හිටියේ US මාත්‍රාව විතරයි. ඔබ එවල තියෙන්නෙත් එයයි. මට ඇත්ත දැනගැනීමට මිස අජිත් කියන්නේ බොරු කියා ඔප්පු කිරීම සඳහා මහන්සි වී කරුණු හොයන්න අවශ්‍ය නැහැ. දැන් ඔය මාත්‍රා කතාව කියන්නේ මම නෙමෙයි ඔබයි. ඒ නිසා, එය තහවුරු කර ගැනීමට කරුණු මට හොයාගන්න බැරිනම්, ඔබ එය තහවුරු කරන කරුණු ඉදිරිපත් කරන්නෙත් නැත්නම් මට දැනට නිගමනය කරන්න වෙන්නේ මෙය පදනම් විරහිත කතාවක් බවයි.

      පැහැදිලිවම ඔබ ඔයතරම් බර දමා කියූ දෙය තහවුරු කරන්න ඔබ දැන්නේ කරුණු හොයන්න යන්නේ. අර රයිගම් කියපු ආකාරයට, "ඉස්සර මා කියවපු සිංහල වෙබ් අඩවි වල තියනවා, මේ කරුණු අඩංගු ෆයිල් අප සතුව ඇත. යතා කාලයේදී ඒවා එළිදක්වනු ඇත කියා. කිසිදා වෙන්නේ නැහැනේ. මොකද ඒවා නැහැ."

      මට දැනගන්න අවශ්‍ය US මාත්‍රාව නෙමෙයි. එය මම දන්නවා. මට අවශ්‍ය ඔබ ලියා ඇති පහත කරුණු වල මූලාශ්‍ර.

      1. UK කලින් දුන් ලොකු මාත්‍රාව, දැන් දෙන අඩු මාත්‍රාව සහ මාත්‍රාව වෙනස් කළ ආසන්න දිනය. ඔබ පහළ කියා ඇති පරිදි මේ තොරතුරු හැංගීම කලින් බ්‍රිතාන්‍යයේ වුනත් දැන් වෙන්නේ නැත්නම් මෙය හොයාගන්න පුළුවන් වෙයිනේ.

      2. ඔබ සඳහන් කර ඇති යුරෝපීය රටවල ලබා දෙන මාත්‍රාවන්.

      පස්සේ හරි හොයාගත්තොත් කියන්න.

      Delete
    27. එකොන් 2001 - 2004 කාලයේ තිබූ තත්වයේ හැටියට ඔය මාත්‍රා ගැන ඉන්ටනෙට් එකේ තිබෙනවා නම් මට හොයන්න පුළුවනි. නැතුව අපි ගිහිල්ල හමුවුණු දොස්තරලා දුන්න කරුණු ලියාගත් කොළ දාල වැඩක් නැහැ. මම බ්ලොග් ලියන්නෙත් විනොදන්ෂයකට තමයි. මට මුලාශ්‍රයක් ලැබුන නම් මම දානවා. ඒවා අයින් කරල කියලයි මම හිතන්නේ. කොහොමත් අවුරුදු 10 කට වඩා ගිහිල්ල නිසා. දැන් බැලුවත් ගන්න පුළුවන් දැන් දෙන මාත්‍රා විතරයි. නමුත් මම තවම් උත්සාහය අත හරියේ නැහැ. ෆයිල් එකක් හොයා ගන්න පුළුවන් වුනොත් ස්කෑන් කරලා හරි එවනවා. මම එන් එච් එස් එකේ දෙතුන් දෙනෙකුට කියල තියෙන්නේ.

      Delete
  3. ඔබ මේක කියෙව්වද?
    https://inews.co.uk/essentials/news/health/narcolepsy-swine-flu-vaccine-government-loses-appeal/

    ReplyDelete
    Replies
    1. ඔය වාර්තාව මම කියවා නැතත් එන්නත් වල අතුරු ආබාධ ඇති බව රහසක් නෙමෙයි. එන්නතක් හෝ වෙනත් ඔසුවක් නිර්දේශ කිරීමේදී අතුරු ආබාධ තිබීම හේතුවෙන් එය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඉතා කලාතුරකින් ලොකු අතුරු ආබාධයක් ඇතිවීම නිසා ඇතැම් පුද්ගලයින්ට එන්නත නිසා ලැබෙන වාසියට වඩා හානියක් සිදුවෙනවා. නමුත් බොහෝ විට මෙවැන්නක් සිදුවීමට ඇති සම්භාවිතාව මිලියනයකට එකක් වැනි සුළු ගණනක්. එන්නත් නිසා සිදුවන යහපත ඊට වඩා සියදහස් ගුණයක් විශාලයි. ඒ නිසා එක්සත් රාජධානියේ මෙන්ම ඇමරිකාවෙත් එන්නත් වල අතුරු ආබාධ නිසා හානිවන අයට වන්දි ගෙවීමට අරමුදලක් පිහිටුවා තිබෙනවා. මේ අරමුදලෙන් සාපේක්ෂව පහසුවෙන් වන්දි ලබා ගත හැකි අතර එන්නතක් ලබා දෙන හැම විටකම මේ ගැන දෙමවුපියන්ව දැනුවත් කරනවා. 2006-2015 අතර කාලයේදී 4,349 දෙනෙකු විසින් එන්නත් වෙනුවෙන් සිදුවූ හානි වෙනුවෙන් වන්දි ඉල්ලා ඇති අතර ඔවුන්ගෙන් 2,824 දෙනෙකුට වන්දි ගෙවා තියෙනවා. එම කාලය තුළ ලබා දී ඇති එන්නත් ගණන බිලියන 2.8කට වඩා අධිකයි. ඒ නිසා, වන්දියක් ගෙවන්න වීමේ සම්භාවිතාව මිලියනයකට එකයි. මේ අවස්ථා වලින් විශාල ගණනකදීත් එන්නත නිසා අදාළ හානිය සිදුවූ බවක් තහවුරු නැහැ. එසේ නොවන බව තහවුරු කිරීමට යන වියදම වන්දි මුදලට වඩා වැඩි නිසා දෙපාර්ශ්වය එකඟත්වයකට පැමිණ වන්දි ලබාදීමයි සිදුවී තියෙන්නේ.

      Delete
    2. ඒකනේ නේද? මේ ජපන්නුන්ටත් නොතේරෙන හැටි. ඔය MMR එක දීල වසංගත මැඩ පවත්වා ඉතුරු ටිකට සෙට්ල්මන්ට් වෙමු කියල වන්දියක් දුන්නම් ඉවරයිනේ.

      Delete
    3. අජිත්, පොඩි බ්‍රේක් එකක් ලැබුණු වෙලාවේ නැවත බ්ලොග් එකට ආවේ. ජපානය එන්නත් දෙනවද නැද්ද, ටෝනි බ්ලෙයාර් දුන්නද නැද්ද වැනි කරුණු එතරම් වැදගත් කරුණු ලෙස මම සලකන්නේ නැහැ. මගේ අසල්වැසියා බත් කන්නේ නැහැ කියලා මම බත් නොකා ඉන්නේ නැහැ. වැදගත් වෙන්නේ ඔවුන් කරන දෙයට පදනමක් තියෙනවද එය කුමක්ද කියන එකයි. ඔබ ජපානය ගැන ගොඩක් උනන්දු බව පෙනෙන නිසා කෙටියෙන් යමක් ලියන්නම්.

      පළමුව, ඔබ හිතනවානම් ජපානය දියුණු රටක් වීම නිසා හැමදේම සලකලා ක්ෂණික හා නිවැරදි ප්‍රතිපත්ති තීරණ පමණයි ගන්නේ කියල එය වැරදි අදහසක්. ජපානයේ, බ්‍රිතාන්‍යයේ හෝ ඇමරිකාවේ වුවත් රජයයන් ඔබ හිතන තරම් සර්ව සම්පූර්ණ නැහැ. ප්‍රතිපත්ති සම්පාදකයින් හැම විටම වගේ රැල්ලට යටවෙනවා. ඒ වගේම ගත් තීරණ නැවත වෙනස් වෙන්නේ ඉතාම හෙමින්.

      ඔබේ දරුවන් ඉපදුනේ එංගලන්තයේනම් ඔබ දන්නවා ඇති දශකයකට පෙරත් උප්පැන්න ලියාපදිංචිය නීත්‍යනුකූල වීම සඳහා විශාල පිටු තියෙන රෙජිස්ට්‍රියක එය පෑනෙන් ලිවිය යුතු වූ බව. ඔබට පරිගණක පිටපතක් ලැබුණත් නීත්‍යානුකූල ලියාපදිංචිය වුණේ ඒකයි. වසර සියයකට වඩා පැරණි වූ මේ නීතිය වෙනස් වෙලා අවුරුදු දහයක්වත් නැහැ. මම දන්නා තරමින් ජපානයේ එන්නත් සම්බන්ධව අදටත් තියෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාව විසින් පාලනය කරන කාලයේ ඇමරිකාව විසින් පැනවූ නීති.

      දැන් මේ MMR එන්නතට නැවත පැමිණියොත් MMR එන්නත් තියෙන්නේ එකක් නෙමෙයි. විවිධ නිෂ්පාදකයින් විවිධ MMR එන්නත් නිපදවනවා. ඒ වගේම, එකම නිෂ්පාදකයාගේ වුවත් එක බැච් එකක ප්‍රශ්න තිබුණ පමණින් හැම බැච් එකක්ම නුසුදුසු වෙන්නේ නැහැ. ඔබ කියන සිද්ධියට හේතු වුණේ MMR එන්නත ගැනීමෙන් පසු aseptic meningitis හැදීමේ සම්භාවිතාව සාමාන්‍ය ගණනට වඩා සැලකිය යුතු ලෙස වැඩි වීම. මේ වන විට ජපානයේ සම්මත MMR එන්නත හැදුවේ ජපානයේම නිෂ්පාදකයින් තිදෙනෙක්ගේ (Kitasato's measles-AIK-C, Biken's mumps-Urabe Am9 and Takeda's rubella-To336) එන්නත් එකතු කරලා. MMR එන්නත නිසා aseptic meningitis හැදෙන බවට කිසිදු හේතුපල සමබන්ධයක් හොයාගත්තේ නැතත්, මේ කියන එන්නත දීමෙන් පසුව aseptic meningitis හැදෙන සම්භාවිතාව 16/10,000 පමණ වුණා. මෙය වෙනත් බොහෝ අධ්‍යයන වලින් පෙනුණු ගණනට වඩා ඉතා විශාල සම්භාවිතාවක්. NHS එක කියා තිබුණු පරිදි මෙම MMR එන්නත එංගලන්තය තුළ අනුමත කර නොතිබුණු එකක්. මෙම එන්නතේ එක් එක් කොටස් හැදූ සමාගම් විසින් තනිව හදපු MMR එන්නත් වර්ග තුනක්ද තිබුණා. ඒවායේ මේ සම්භාවිතාව මීට වඩා සැලකිය යුතු ලෙස අඩුවෙනුයි තිබුණේ. ඒ වගේම ඒ තුනෙන් එකක් (Biken) ගත් කිසිවෙකුට එම aseptic meningitis හැදුනෙම නැහැ. ඒ වගේම, මෙය සිදුවන බව පෙනුණේ mumps කොටසෙනුයි. මේ අවස්ථාවේදී ආරක්ෂාකාරී පියවරක් ලෙස ජපානය මෙම එන්නත දෙන එක නැවැත්වුවා. දැන් ජපානයේ mumps එන්නත අනිවාර්ය නැහැ. ඉතිරි කොටස් දෙක MR ද්විත්ව එන්නතක් ලෙස ලබා දෙනවා. කැමති කෙනෙකුට mumps එන්නත ස්වේච්ඡාවෙන් ගන්න පුළුවන්.

      ඒ වගේම ඇමරිකාවේ මෙන්ම ජපානයේත් දැනටත් එන්නත් හානි සඳහා වන්දි දෙනවා.

      ජපානය ගැන මම ඇමරිකාව ගැන දන්නා තරම් විස්තර දන්නේ නැති වුනත් තව විස්තර අවශ්‍යනම් ලියන්න පුළුවන් (වෙලාව යෙදිය හැකි පරිදි). ඒ වුනත් අජිත්ට අවශ්‍ය විස්තර දැනගැනීමට නොව මොනවා හෝ කියා ඔබේ මතය තහවුරු කිරීමට බව පෙනෙන නිසා මම ඒ සඳහා මහන්සි වෙන්නේ නැහැ.

      Delete
    4. ඔබේ ඉහත ඡේදය හුඟක් හොඳයි. අර ජපානය ගැන. ඔවුන් නතර කල හේතුව ගැන. මම අර ටකහාෂි ගේ ලිපිය පර්යේෂණ ලිපිය දැම්මෙත් ඒ නිසා.
      /. ඒ වුනත් අජිත්ට අවශ්‍ය විස්තර දැනගැනීමට නොව මොනවා හෝ කියා ඔබේ මතය තහවුරු කිරීමට බව පෙනෙන නිසා මම ඒ සඳහා මහන්සි වෙන්නේ නැහැ// ඔබට මෙහම් හිතෙනවනම් බොහොම කණගාටුයි. මට තිබෙන දහසකුත් එකක් වැඩ අතරේ මගේ පරණ ලින්ක් සොයමින්, ලොෆ්ට් එකේ පරණ බිල් සොයමින්, මගේ බිරිඳ සමග සාකච්චා කරමින් , ඒ කාලේ කතා කල කන්සල්ටන්ට ල සම්බන්ධ වෙමින් මා කලේ මොනවා හෝ කියන්නට යයි සීතීම . ඇත්තෙන්ම කණගාටුයි. මගේ ලින්ක් දිහා බැලුවොත් නොයෙකුත් පර්යේෂණ ලිපි පාවා දාල තිබෙනවා. ඔබගේ මතයට එරෙහිව මතයක් දිගින් දිගටම කතා කිරීම ඔබට තරහ යන්නක් බවයි මට පේන්නේ. මම මේ වගේ ලිපි නැවත නැවත කියවන ඒවා. මොකද ඒවායේ තිබෙන වැදගත්කම නිසා.

      Delete
    5. //ඔබගේ මතයට එරෙහිව මතයක් දිගින් දිගටම කතා කිරීම ඔබට තරහ යන්නක් බවයි මට පේන්නේ.//
      නෑ, අජිත්. මගේ මත වලට එරෙහිව දිගින් දිගටම කෙනෙක් කතා කිරීම මට ප්‍රශ්නයක් නෙමෙයි. සියල්ලන්ම එකම මතයක සිටිය යුතු නැතුවා මෙන්ම වෙනස් මත මගේ සිතීම පුළුල් කරනවා. මම වෙනත් අයගේ මට එකඟ විය නොහැකි මත සාමාන්‍යයෙන් විචේචනය කරන්න යන්නෙත් නැහැ. ඒ, එවැනි වෙනස් මත පැවතීම සාමාන්‍ය තත්ත්වයක් නිසා. ඒ වගේම මගේ මත වුනත් කාලයත් සමඟ වෙනස් වන නිසා එකම මතයක ඇලී සිටීම මම සලකන්නේ තේරුමක් නැති දෙයක් ලෙස. නමුත්, කරුණු (facts) සම්බන්ධව මගේ ප්‍රතිපත්තිය මීට වඩා වෙනස්. කවුරු හෝ වැරදි කරුණු ඉදිරිපත් කරන විට මට නිවැරදි කරුණු ගැන දැනීමක් හා ලියන්න වෙලාවක් තියෙනවනම් මම ලියනවා. කොටස් දෙකකින් යුතු මේ ලිපියේ වැඩිපුරම තියෙන්නේ කරුණු. මගේ මත ඇත්නම් ඒ ඉතා සීමිතවයි. ඒ හැම තැනකම මම අදාළ මූලාශ්‍ර දමල තියෙනවා. බ්‍රයන් ඩියර් විසින් වේක්ෆීල්ඩ් පිළිබඳව කළ හෙළිදරව්ව මම පිළිගන්නේ ඔහු පැහැදිලිව පිළිගත හැකි කරුණු ඉදිරිපත් කර ඇති නිසයි. තොරතුරු දැනගැනීමේ පණත අනුව යමින් ඔහු ඉතා මහන්සියෙන්, අදාළ අධිකාරීන් සමඟ සටන් කර සොයාගත් වේක්ෆීල්ඩ් විසින් නීති ආධාර කොමිසමෙන් මුදල් ලබාගත් ලියවිල්ල, සිංගල් වැක්සීන් එකක් වෙනුවෙන් පේටන්ට් එකක් ඉල්ලා ඉදිරිපත් කළ අයදුම්පත්‍රය ඇතුළු බොහෝ දේ මම ලින්ක් ලෙස ලිපියේ දැම්මේ මම කියන කරුණු මගේ මත නොව පිළිගත හැකි සාක්ෂි සහිත කරුණු බව පෙන්වන්නයි. එන්නත් විරෝධීන් බොහෝ දෙනෙක් මේ කරුණු දන්නේ නැහැ. මේ කියන්නේ ඔබ ගැන පෞද්ගලිකව හෝ සිංහල බ්ලොග් කියවන්නන්/ලියන්නන් ගැන නෙමෙයි. ලොව පුරා විශේෂයෙන්ම බටහිර රටවල ක්‍රියාත්මක වන එන්නත් විරෝධීන් ගැනයි. මේ කරුණු වැරදි බව හෝ මම නොදන්නා වෙනත් කරුණු ඔබ ඉදිරිපත් කරනවානම් මම ඒවා පිළිගන්නවා. නමුත්, ඔබ මෙහිදී වැඩිපුර කළේ මම ඉදිරිපත් කළ කරුණු වලට එරෙහිව, ඔබේ මත ඉදිරිපත් කිරීම පමණයි. දැන් ඔය අජිත් කියන මාත්‍රා වෙනස ගැන සංසන්දනාත්මක දත්ත හොයා ගත හැකිනම් ඒ ගැන අධ්‍යයනය කර පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් තියෙනවා. ඔබ ඉදිරිපත් කළ ඒ තොරතුර නිවැරදිනම් එය මට වටිනා එමෙන්ම කලින් දැන නොසිටි අළුත් එකක්. නමුත් පිළිගතහැකි හා අවශ්‍ය ආකාරයෙන් ඇති දත්ත නැතිව ඒ තොරතුරෙන් මට එතරම් ප්‍රයෝජනයක් නැහැ. කොහොම වුනත් ඔබ මේ ලිපිය වැදගත් කියා සිතනවානම් මම එය අගය කරනවා. ඒ වගේම, ඔබ මම ලියපු දේවල් වලට එකවර එකඟ නොවූ නිසා මට ඔබේ සිතීමට බලපෑමක් කර ඇති එන්නත් විරෝධීන් විසින් දැනටත් ගෙන එන තර්ක ගණනාවක ඇති පදනම් විරහිත බව පැහැදිලි කිරීමට ඉඩක් ලැබුණා. එය මම සලකන්නේ සාධනීය දෙයක් ලෙසයි. ඒ වගේම මේ ලිපිය වටිනාකමක් ඇති එකක් ලෙස ඔබ විසින් සැලකීම මම අගය කරනවා.

      Delete
  4. බ්‍රිතන්‍ය ආණ්ඩුව 2014 දී වක්සින් වලින් රසදිය ඉවත් කිරමට තීරණය කළේ ඇයි?
    http://www.telegraph.co.uk/news/uknews/1468838/Mercury-free-vaccines-for-babies-welcomed.html

    ReplyDelete
    Replies
    1. මෙයට හේතු වුණේ තිමරසල් හා ස්වේච්ඡතාව අතර සම්බන්ධයක් තිබිය හැකි බවට ඇති වුණු සැකයයි. ඒ සැකය නිසා බොහෝ දෙනෙක් එන්නත් ප්‍රතික්ෂේප කළානම් වෙන්නේ විශාල හානියක්. තිමරසල් යොදාගන්නේ විෂබීජහරණය සඳහා නිසා එය ඉවත් කිරීම විශාල ප්‍රශ්නයක් වුණේ නැහැ. පසුව කළ අධ්‍යයන මඟින් තිමරසල් හා ස්වේච්ඡතාව අතර සම්බන්ධයක් පෙනී ගොස් නැති අතර මේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගය ගැනීමෙන් පසුවත් හඳුනාගන්නා ස්වේච්ඡතා රෝගීන් ප්‍රමාණය වැඩි වනු මිස අඩුවී නැහැ.

      Delete
  5. මම කියන්නේ අපි මේ හැම දෙයක්ම අඩු වැඩි වශයෙන් භාවිතා කල යුතු බවයි. ළමයි අත දරුවා කාලයේ MMR නොදුන් අපි ඔවුන් ට දෙවෙන එක ලබා දුන්න. කිසියම් අසත්මිකටහ්වක් ඇති වුවහොත් බෙහෙත් කළ හැකි නිසා. තමන් කලපනා කරලා කල හම ඉවරයි. රජයල් හෝ ලොකු සමාගම් හැම විටම ඇත්ත කියන්නේ නැහැ.
    අවුරුද ගණනකට කලින් CJD (MAD COW DECEASE ) එන්න වසරකට භාගෙකට කලින් අපි හරක් මස් හා බැටළු මස් කෑම නතර කලා . එංගලන්තයේ. එයට් හේතුව අපේ යහළුවක වන බ්‍රිතන්‍ය ආහාර පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෙකු මම , බිරිඳ හා තවත් යහළුවන් කිහිප දෙනෙකුට කියූ කරුණක් . එංගලන්ත ගොවියන් ලෙඩ හැදුනු සතුන්, මස්, මොළ කෑලි ස්ථානකොල කන සතුන්ට කවන බවත් මෙයින් අමුතු ලෙඩක් - මොලයේ ලෙඩක් හැදී ඇති බවත් මේ මස් වර්ග දෙක නොකන ලෙසත් . ගොවියන් උද්ඝෝෂණ කලොත් හා සතුන් මරන්නට එවන නිසා රජය මේ ප්‍රවෘත්තිය වාහන බව. එනිසා අපි ඒ මස් කෑම නැවැත්තුව. ජර්මනියේදී පමණයි මස් කෑවේ . එක කොන්සර්වේටිව් මන්ත්‍රීවරයෙක් තමන්ගේ ළමයි රුපවාහිනිය ඉදිරියට ගෙනවිත් මස් කැව්වා. හොඳයි කියල පෙන්වන්න. ඉන් අවුරදු එකහමාරකට පමණ පසු අර CJD හැදුනු ලෙඩා හමු වුනා . ගොවියෝ කරපු ජරා වැඩේ හෙළි වුණා . ඔන්න් ඔහොමයි වෙන්නේ. ඔහොමයි ආණ්ඩු හංගන්නේ.

    ReplyDelete
    Replies
    1. වෙනත් අය කියන දේ එසේම පිළිනොගෙන තොරතුරු තමන් විසින් පෞද්ගලිකව විමසිල්ලට ලක් කළ යුතුයි කියන කොටසට එකඟයි. මස් කතාව ගැන කියන්න වැඩි දෙයක් දන්නේ නැහැ.

      Delete
    2. මෙන්න ලිපියක් ඒ පිළිබඳව.
      https://www.theguardian.com/uk/2012/apr/25/mad-cow-disease-british-crisis
      මම ඔය ලියපු විද්‍යාඥයා රැකියාව අත් හැර ගියා . ඔහු දැන් ගුරුවරයෙක් හැටියට ඈත පළාතක ජිවත් වෙනවා. ඔහු ප්‍රසිද්දියේ මුකුත් කිව්වේ නැහැ. මම ඉස්සර හිතුව මේවා වුනේ සෝවියට් දේශයේ පමණයි කියා.
      අපි දන්නේ මොනවාද.
      ඉරාකයේ භයානක WMD තියනවා කියපු .සදාම්ට අකමැති වුනත් මමත් තව එක් අයෙකුත් මමා වැඩ කරන ආයතනයේ කිවේ ඔය කතාව බොරුවක් කියල. එක ඉංග්‍රීසි ජාතිකයෙක් මට කීව රට සදාම් ගෙන් බෙර ගන්න එකතුවෙන්න . රටට් පහර දෙනකොට උඹට තේරෙයි කියලා. හිනා යනව. මේ ඊයේ පෙරේද ඌම අහනවා කොහොමද උඹ දැනන් හිටියේ එක බොරු කියල ඒ කාලේ.
      මේ doctor කෙළි . මැරුණු විධිහ අදත් දන්නේ නැහැ. WMD එකාට් බිරුවට බන්නේ ඔහුට.
      https://www.theguardian.com/politics/2013/jul/16/david-kelly-death-10-years-on

      Delete
    3. ඔබේ පෞද්ගලික අත්දැකීම් සටහන් කළාට ස්තුතියි!

      Delete
    4. //බ්ලෙයාර් කවදාවත් එහම් කිව්වේ නැහැ. මෙන්න මේ වගේ එකක් පත්තරේක ගියා බ්ලෙයාර් ට සපෝර්ට් පත්තරේක. "ගෙයි ඇතුලේ කට්ටිය කියනවා දුන්න කියල " ඔන්න් ඔහොම කටහ්වක්. සදාම්ට WMD තියෙනවා කිව්වෙත් එයාමනේ, /https://www.theguardian.com/politics/2001/dec/23/uk.research// //

      එතකොට අජිත් මෙහි උපුටා දාලා තියෙන ඒ පත්තරේම ලින්ක් දෙකේ කරුණුත් මම පිළිගත යුතු නැද්ද?

      Delete
    5. තර්කය ඕක නෙමේනේ එකොන්. ඔන්න විකිපෙඩිය ලින්ක් එක.
      https://en.wikipedia.org/wiki/David_Kelly_(weapons_expert)

      Delete
    6. හේ හේ ගාර්ඩියන් අමතක කරන්න. මෙන්න එහෙනම් වෙන ලිපියක්. බ්‍රිත්නය රජය මෑඩ් කව් ඩිසිස් එක වහු හැටි.
      https://www.organicconsumers.org/old_articles/meat/cjduklied.php
      කැනඩාව
      http://www.rense.com/general64/liedd.htm
      http://www.drday.com/madcow.htm

      හබි මේක දැන් ඉවරයි. බ්බ්බ්බ්බෝමයක් මස් කෑමේ ප්‍රශ්නයක් නැහැ. වැක්සින් වල තත්ත්වෙත් ඒකමයි. ආණ්ඩු බොරු කියන එක, විශේෂන්ඥයන් ට කතා කරන්න නොදෙන එක වැරදියි.

      Delete
    7. අජිත් මට මෙතන පෙන්වන්න ඕනෑ වුනේ ඔබේ තර්කයේ තියෙන විසංවාදය. ඔබේ තර්කය සමඟ ගැලපෙන කොට ඔබ අදාළ පත්තරෙන් කරුණු උපුටා දමනවා. ඔබේ තර්කය සමඟ නොගැලපෙන කොට ඔබම එය පක්ෂපාතී පුවත්පතක් ලෙස හඳුන්වනවා. මට ඔය දෙකම එකවර පිළිගන්න බැහැනේ. මෙය ඔබේ ප්‍රශ්නයක් මිස මගේ ප්‍රශ්නයක් නෙමෙයි. මම කොහොමත් පුවත්පත් වල තියෙන දේවලට ඕනෑවට වඩා බර දමන්නේ නැහැ. ඒවා එකවර ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. මම කරන්නේ වැඩිදුර හොයා බැලීමයි.

      Delete
    8. අදාල නොවන කරුණු ගැන කතා කරන්න මම දැනට මෙහි කාලය යොදවන්නේ නැහැ. මගේ ලිපියේ කොතැනකවත් එන්නත් ගැන මිසක් මස් ගැන ලියලා නැහැ.

      Delete
    9. මම ඒක දැම්මේ අපට (ඒ දවස්වල බ්‍රිතාන්‍යයේ) තිබු තත්වය පැහැදිලි කරන්න. ඒක අදාළ ඒකයි.
      1. රජය (කොන්සවේටිව්) CJD කියන ලෙඩක් ගවයන්ට නැහැ කිව්ව. මිනිස්ටර් ල මස් කන්න කිව්වා බය නැතිව. අවුරුද එකහමරෙන් අත්ටැහැ එලිවුන. ඊට කලින් විද්‍යාඥයෝ එලෙව්ව.
      2. 2001 MMR ප්‍රශ්නය ආවා. රජය (ලේබර්)ය කිව්වා කිසි ප්‍රශ්නයක් නැහැ කියල. නමුත් ජපානය තහනම් කරලා නොර්වේ නිදහස දීල තිබ්බ වෙනම වැක්සින් වලට.
      3. ඉරාකයේ සමුලඝාතන කරන ආයුධ (WMD) තියනවා කිව්වා.
      ඔබට හිතා ගත හැකිනේ.

      Delete
    10. මේ එකකින්වත් රජය බොරු කියූ බව හෝ නොකියූ බව තහවුරු වෙන්නේ නැහැ නේද? අද තියෙන දැනුම මත කියන දෙයක් පස්සේ වෙනස් වෙන්න පුළුවන්. "ඉරාකයේ සමුලඝාතන කරන ආයුධ (WMD) තියනවා කිව්වා." කියන කරුණ වැනි එකක් ගත්තත් එය බොරුවක් කියා ස්ථිරවම කියන්නට ඔබට හැකිවුණේ කොහොමද කියන එක මම දන්නේ නැහැ. සමහර විට ඔබට මෙවැනි රහසිගත තොරතුරු දැනගත හැකි විකල්ප ක්‍රමයක් තියෙන්න ඇති. මටනම් එවැනි හැකියාවක් නැහැ.

      Delete
    11. Exactly Econ. if you listen to Condoleezza Rice from 3.00 mins onward
      https://www.youtube.com/watch?v=2A_b1JgAK9I

      Delete
    12. එකොන් මට අර WMD කොම්නෙට් එකේ ඔබේ පිළිතුර හොයා ගන්න බැහැ. 100 පන්නලානේ. ඒක ඔප්පු කලේ චිල්කොට් ඉන්ක්වයරි කියල තනි පුද්ගල කොමිසමකින්. බ්ලෙයාර් බොරු කිවූ බව හා සදාම්ට එවැනි යුධ නොතිබූ බව.
      http://www.iraqinquiry.org.uk/the-report/
      මේ ඒ පිලිබඳ ලිපියක් http://www.independent.co.uk/news/uk/politics/chilcot-report-inquiry-tony-blair-iraq-war-weapons-of-mass-destruction-evidence-verdict-a7122361.htm

      Delete
    13. මේක තමයි ඇමෙරිකාවේ රිපෝර්ට් එක. මේවා නොදන්නවා කියන්නේ පුදුමයි.
      https://fas.org/irp/offdocs/wmd_report.pdf
      We conclude that the Intelligence Community was dead wrong in almost all of its
      pre-war judgments about Iraq's weapons of mass destruction. This was a major
      intelligence failure. Its principal causes were the Intelligence Community's inability to collect good information about Iraq's WMD programs, serious errors in analyzing what information it could gather, and a failure to make clear just how much of its analysis was based on assumptions, rather than good evidence. On a matter of this importance, we simply cannot afford failures of this magnitude.

      Delete
    14. අජිත්, ඔය රිපෝට් එකනම් මම කියවල නැහැ. කියවල නැති එකක් ගැන මට බොරුවට අදහස් දක්වන්න බැහැ. ලින්ක් එක දැම්මට ස්තුතියි! වෙලාවක් ලැබුනොත් කියවන්නම්. මේ තරම් දිග වාර්තාවක් කියවන්න දැනටනම් මට කාලය යොදවන්න බැහැ. වසංගත රෝග කියන්නේ මම පර්යේෂණ කරන විෂයයක්. රහස් ඔත්තු සේවා කටයුතු ගැන මම එවැනි හැදෑරීමක් කරන්නේ නැහැ.

      Delete
    15. //වසංගත රෝග කියන්නේ මම පර්යේෂණ කරන විෂයයක්.// ඉතා හොඳයි. ඔබගේ විස්තරය බලන කොට එහමත් හිතුන.

      Delete
    16. මම එහෙමට දෙයක් කරලා නැහැ. වසංගත රෝග විද්‍යාව (epidemiology) මගේ විෂය පරාසයේ මුල්ලක තියෙන එකක්. කොහොම වුණත්, VAXXED චිත්‍රපටයේ සඳහන් CDC පර්යේෂණයේ ක්‍රමවේදයේ අඩුපාඩු ගැනත්, ස්වෙච්ඡතාව හා එන්නත් අතර සම්බන්ධය පිළිබඳ ප්‍රවාද ගැනත් ලෝකයේ ඕනෑම කෙනෙක් සමඟ මට කතා කළ හැකියි.

      Delete
  6. සිම්වස්ටනින් කියන ඖශධය හොඳ එකක්. කොලෙස්ටරෝල් අඩු කරනවා. එනිසා හර්ද රෝග වලින් මැරෙන අය අඩුයි කියල හැමෝටම දෙනවා. නමුත් ඒකෙන් හන්දිපත් රුදාව, බඩ යාම , සහ තවත් ලෙඩ කිහිපයක් හැදෙනවා. දොස්තරට ගිහිල්ල කිව්වොත් වෙන එකක් දෙනවා, නැත්නම් නැහැ. මොකද අනිත් බෙහෙත් අටෝර්වස්ටටින් හෙම ඊට වඩා ගණන් නිසා ආණ්ඩුව එපා කියල තියෙන්නේ. තමන් කල්පනා කරලා තීරණය කරන එකයි හොදම දේ. මේකෙන් අදහස් වෙන්නේ නැහැ බටහිර හැම වෙදකමක්ම නරකයි කියල. දැනට තියෙනේ හොඳම ක්‍රමය. නමුත් අපි දැනගෙන භාවිතා කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. //දොස්තරට ගිහිල්ල කිව්වොත් වෙන එකක් දෙනවා, නැත්නම් නැහැ. මොකද අනිත් බෙහෙත් අටෝර්වස්ටටින් හෙම ඊට වඩා ගණන් නිසා ආණ්ඩුව එපා කියල තියෙන්නේ.//
      අතුරු ආබාධ තියෙන ඖෂධ වලින් සියල්ලන්ටම අතුරු ආබාධ හැදෙන්නේ නැහැ. ඒ නිසා රෝගියා අතුරු ආබාධ ගැන පැමිණිලි නොකරනවානම් මිල අඩු ඖෂධය ලබා දීමේ වරදක් නැහැ. සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙකු මෙවැනි අතුරු ආබාධ ඇති බෙහෙතක් නියම කරන විට ඇති විය හැකි අතුරු ආබාධ ගැන දැනුවත් කර එවැන්නක් ඇත්නම් වහාම දැනුම් දෙන ලෙස රෝගියා දැනුවත් කළ යුතුයි. එවිට අතුරු ආබාධ ඇති අයට මිල වැඩි බෙහෙත ලබා දෙන්න පුළුවන්. අටෝර්වස්ටටින් මිල අධික ඔසුවක්ව තිබුණේ ෆයිසර් සමාගමේ පේටන්ට් එක ඉවර වෙන්නට පෙර කාලයේ. 2011 වසරේදී පේටන්ට් එක අවසන් වීමෙන් පසුව ජෙනරික් එක ඉතාම විශාල ලෙස (ඩොලර් ශත ගාණක් දක්වා) පහත වැටුණා. මෙහි එක් සුපිරි වෙළඳසැලකට සෙනඟ ගෙන්වා ගැනීම සඳහා පහුගිය කාලයේ එහි ෆාමසියෙන් අටෝර්වස්ටටින් නොමිලේ දුන්නා. සමහර විට තවමත් දෙනවා ඇති.

      Delete
    2. මම හිතනවා ඔවුන් සිම්වස්ටටින් දෙන එක සම්පුර්ණයෙන්ම නතර කල යුතුයි කියල. මට හමුවුන බොහෝ අය මේ බෙහත ගැන චෝදනා කරනවා. ඒ හුඟක් යට මම කිව්වා GP හමුවෙලා වෙනස් කර ගන්න කියල.

      Delete
    3. සිම්වැස්ටටීන් වල ඇති අතුරු ආබාධ බොහොමයක් ස්ටටින්ස් වලට පොදු අතුරු ආබාධයි. මේ අතුරු ආබාධ බොහොමයක් ඇටෝර්වැස්ටටීන් වලද තිබේ. මම හිතන විදිහට ඇටෝර්වැස්ටටීන් වල අතුරු ආබාධ ඇති වීමේ සම්භාවිතාව සිම්වැස්ටටීන් වලට වඩා තරමක් අඩුය.

      http://www.mayoclinic.org/diseases-conditions/high-blood-cholesterol/in-depth/statin-side-effects/art-20046013

      ඇමරිකාවේදී මෙය එතරම්ම ලොකු ප්‍රශ්නයක් නොවන්නේ බෙහෙත් සඳහා ගෙවන්නේ රෝගියා නිසා තමන්ට අවශ්‍ය බෙහෙත් වර්ගය ගැන වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට නිදහසක් ඇති බැවිනි. වෛද්‍ය ප්‍රතිකාර නොමිලේ වුවත් එක්සත් රාජධානියේත් යම් සීමාවන් යටතේ මේ නිදහස ඇති බව මගේ අදහසයි. මම පෞද්ගලිකව මෙය බොහෝ විට කරන දෙයකි. මා වෛද්‍යවරයෙකු හමුවන්නේ රෝග ලක්ෂණ අනුව රෝගය ගැනත්, බෙහෙත් ගැනත් හොඳින් හැදෑරීමෙන් පසුවය. එහෙත්, එසේ හැදෑරුවා කියා මා වෛද්‍යවරයෙකු ලබා ඇති පුහුණුව අවතක්සේරු කරන්නේ හෝ හිතුමතේට බෙහෙත් ගන්නේ හෝ නොගෙන ඉන්නේ නැත. වෛද්‍යවරයා සමඟ මේ කරුණු සාකච්ඡා කරනවා පමණි. මගේ බිරිඳ ලංකාවේදී මෙය කරන්නට ගොස් කිහිප වරක්ම බැණුම් අසා තිබේ. එමෙන්ම, සෑහෙන කලක සිටම (මිල අධික කාලයේත්) ඇමරිකාවේ වෛද්‍යවරුන්ගේ ප්‍රමුඛ තේරීම වුණේ ඇටෝර්වැස්ටටීන්ය. යම් අයෙකුට අතුරු ආබාධ ලොකුවට තිබේනම් (ලිවර් ප්‍රශ්න වැනි) ඇටෝර්වැස්ටටීන් දිගටම ගැනීම ගැන වුවද නැවත සලකා බැලිය යුතුය.

      උඩින් දමා ඇති ඉතිරි කමෙන්ට් වලට පිළිතුරු ඉඩක් ලැබුණු විටක දමන්නම්.

      Delete
    4. /සෑහෙන කලක සිටම (මිල අධික කාලයේත්) ඇමරිකාවේ වෛද්‍යවරුන්ගේ ප්‍රමුඛ තේරීම වුණේ ඇටෝර්වැස්ටටීන්ය// මේක හොඳ දෙයක්. මෙහෙ තවම ප්‍රශ්න තිබිලත් සිම්වස්ටටින් මයි. ලාභ නිසා. එකම හේතුව ඒක.

      Delete
    5. මම හිතන විදිහට දැන් මිලේ එවැනි වෙනසක් නැහැ. මෙහි ඇත්තේ බියුරෝක්රසි ප්‍රශ්නයක් විය හැකියි.

      Delete
    6. ඔව් දැන් £2.20 සහ £2.26. branded එක පවුම් 28 වගේ. Lipitor. NHS එකේ සෑහෙන බියුරෝක්රසි එකක් තියෙන එක නම් ඇත්ත.

      Delete
  7. Replies
    1. See the number of comments.Thats call being triggered. Trying to defend his way of irrational thinking against facts hopelessly. I do not think Ajith has even read the paper published by Wakefield. If he did read, he won't be saying there is a connection.

      Delete
    2. ඇනෝ මම හිතන්නේ එකොනොමැට්ට මේ ලිපි දෙක ලිව්වේ මගේ ලිපිය නිසා කියල. මම විත් කොමෙන්ට් කරන්නේ එකයි. එකට කාගෙන්වත් අවසර ඕනේ නැහැ. මගේ irrational thinking එක ගැන කියන්න කලින් ඔබ මගේ ලිපිය හෝ මගේ කොමෙන්ට් හෝ මම දාපු ලින්ක් වල ලිපි කියවද? මම ඒ ඔක්කොම කියවල ඇවිත් ඉන්නේ. අනිත් එක මේක කියවන ලංකාවේ අය නොව. මම වේක්ෆිල්ඩ් ට වෙච්ච දේ දන්නේ නැහැ කියල ඔබ හිතනවද? ඔහුව ඩිස්ක්‍රෙඩිට් කලා විතරක් නෙමේ විද්‍යාවට අදාළ නැති බොරු පරීක්ෂණ පළ කලා කියල සිමන් සිං විසින් (good thinking society ) ගෝල්ඩන් ඩක් අවොර්ඩ් එක දුන්න.
      http://goodthinkingsociety.org/projects/golden-duck/420-2/
      //Andrew Wakefield, who sparked the unjustified MMR controversy, wins the Golden Duck Lifetime Achievement Award for his contribution to quackery.//
      මේවා නොකියව නෙමේ මම ලියන්නේ. ඔබ මගේ කොමෙන්ට් කියව එන්න, මගේ ළමයින්ටත් මම MMR වැක්සින් එකේ දෙවන අදියර දීලා තියෙන්න. මම ඉතිර්පත් කරන තර්කය වටහාගෙන ඊට පස්සේ අපහාස කරන්න කරනවා නම්.

      Delete
    3. මේක මගේ අවසාන කොමෙන්ටුව මේ පිලිබඳව. 2010 වෙක්ෆිල්ඩ් වෛද්‍ය සභාවෙන් ඉවත් කිරීම ගැන. හොර පර්යේෂණයක් කලා කියල.
      http://news.bbc.co.uk/1/hi/health/8695267.stm

      The GMC ruled in January Dr Wakefield had acted "dishonestly and irresponsibly" in conducting his research, but under its procedures the sanctions are made at a later date.
      The case did not investigate whether Dr Wakefield's findings were right or wrong, instead it focused on the methods of research.

      මෙහදී ඔහු ගේ පරියෙෂණයේ ප්‍රතිපල නොව ඔහු කල විදිය වැරදි කියල තමා එලෙව්වේ.

      Delete
    4. අජිත් විද්‍යාත්මක පර්යේෂණයක් කරන සම්මත ක්‍රමවේදයක් තියෙනවා. එසේ නොකර වංචනික ලෙස දත්ත සකස් කළ විට කොහොමද නිවැරදි ප්‍රතිඵලයක් ලැබෙන්නේ? ඒ වගේම මේ දෙක අතර හේතුඵල සම්බන්ධයක් ඇති බව අඩුවශයෙන් ඒ පර්යේෂණ පත්‍රිකාවේවත් කියා නැහැ.

      දැන් අජිත් තවමත් කියන්නේ වේක්ෆීල්ඩ්ගේ ඉවත්කළ ලැන්සෙට් පර්යේෂණ පත්‍රිකාවේ ඇති දේ නිවැරදියි කියලද?

      Delete
    5. //ඇනෝ මම හිතන්නේ එකොනොමැට්ට මේ ලිපි දෙක ලිව්වේ මගේ ලිපිය නිසා කියල.//
      මම මෙය ලිවුවේ අජිත්ගේ ලිපිය නිසා නෙමෙයි. එහෙත්, එයිනුත් මෙය ලිවීමට යම් උනන්දුවක් ඇති වුණා.

      Delete
    6. |One research study is not enough to except anything. There needs to be replication studies that produce the same results. That's the beauty of modern science. That's how charlatans like Wakefield are discredited and kept away from research. Since the study was done in an unethical manner with out the approval of ethics board it can not be replicated nor the results are valid. They don't need to say that because it is a fact. Finally, what you do with your family with vaccines is not really important because strong emotions related your family may cloud your judgement.
      Good luck with you Air Miles Award Ceremony Ajith.

      Delete
  8. I take glucosamine for osteoarthrities (knee joint) but I found that effectiveness of this is inconclusive according to the research. But still doctor's prescribe this to me I don't know why

    ReplyDelete
    Replies
    1. I don't have an expertise on this. Ajith's link shows that the drug is effective.

      Delete
    2. This is not a drug but a dietary supplement not approved by FDA. You should not be using this as the sole treatment for your condition.

      Delete
  9. මෙවැනි දේවල් ලිවීමට කාලයක් ඔබට තිබීමම හොඳ කරුණක් ඉකෝ! :)

    මේ මේ සතියේ අපේ පත්තරේක තිබුන ලිපියක්. ඔබත් මෙයා ගැන අහල ඇතිනේ.

    එහි තියන එක කරුණක් වැදගත් නිසා තමා ඔබට වෙලාව තිබීම හොඳ දෙයක්ය කියුවේ. එනම්; “a growing body of evidence indicates that vaccines are not safe and that they can injure, permanently maim, or even kill you or a family member”. ඉස්සර මා කියවපු සිංහල වෙබ් අඩවි වල තියනවා, මේ කරුණු අඩංගු ෆයිල් අප සතුව ඇත. යතා කාලයේදී ඒවා එළිදක්වනු ඇත කියා. කිසිදා වෙන්නේ නැහැනේ. මොකද ඒවා නැහැ.

    ReplyDelete
    Replies
    1. රයිගම් හැම වැක්සින් එකක්ම හොන්ඩ අනහ කියන එක බොරු කතාවක්. මමත් ෆ්ලු වක්සින් එකක් ගන්නවා. නමුත් අසත්මිකටැහැ හෝ ප්‍රශ්න තියන ඒවා ගැන අප කතා කළ යුතුමයි. මෙතන ප්‍රශ්නය සමාගම් ඒව අකත කරන්න දෙන්නෙත් නැති එක. ඒක මම MMR සිද්දියේදී හොඳින් දුටුවා. ජපානය එම එන්නත් තවමත් දෙන්නේ නැහැ. ඒ නිව්ස් එක එකොන් දන්නෙත් නැහැ මම හිතන්නේ. එහම් තමයි ඕව වහන්නේ. අනික් මෙහෙ ඒ කලේ හෙළිදරව් වුන ඇතැම් සමාගම් වේනම් ගෙවපු හැටි පුවත්පත් වලට. ඒවා වැරදියි. මිනිසුන්ට ඇත්ත කියල තමන්ට තොරගන්න් දුන්නහම ඉවරයි.

      Delete
    2. https://vactruth.com/2016/06/23/japanese-government-bans-mmr-vaccine/

      Delete
    3. //ඒ නිව්ස් එක එකොන් දන්නෙත් නැහැ මම හිතන්නේ.//
      ජපානය ගැන මම දන්නවා, අජිත්. මට මේ ගැන වැඩි විස්තර ලියන්න වෙලාවක් නැහැ. ජපානය ලෝකයටම සරම්ප රෝගය පතුරුවන බවත් දන්නවා. "Japan is a net exporter of measles to the world." ඒ වගේම, MMR එකේ කවදාවත් නොතිබුණු තිමරසල් ෆ්ලූ වැක්සීන් වල දැනටත් තියෙනවා. ඒ ගැන ඔබ දන්නවද? අඩු වශයෙන් කමෙන්ට් එක දාන්න කලින් ඔබ ලින්ක් එක ක්ලික් කර එම පර්යේෂණ පත්‍රිකාව බැලුවද? වැඩි විස්තර පස්සේ ලියන්නම්.

      Delete
    4. MMR එකේ කවදාවත් නොතිබුණු තිමරසල් ෆ්ලූ වැක්සීන් වල දැනටත් තියෙනවා. ඒ ගැන ඔබ දන්නව- ඔව් ඒක මම දනනවා. මේක දෙන්නේ වැඩිමහල් අයට විතරනේ. ඔතන ප්‍රශ්නේ තිබුනේ පුංචිම පුංචි ළමයින්ට දෙන එක. මාත්‍රාව දරා ගන්න බහ කියන එක. මම ඔය උඩ දාපු හැම ලින්ක් එකෙම් ඔය තර්කය තමයි මම මතු කරන්නේ. අනික් මගේ ලිපියෙවත් වෙන කොහෙවත් මම කියල නැහැ වැක්සින් වලට 100% විරුද්ධයි කියල. මගේ මුලික තර්කය රජය විසින් මාධ්‍ය, වෛද්‍යසභාව ඔක්කොම අල්ලාගෙන ප්‍රශ්න වපු එක. (මම කතා කරන්නේ බ්‍රිතාන්‍යය ගැන) මට තවමත් මේ සිංහල බ්ලොගයේ පවා උපදෙස් දුන්න කන්සල්ටන්ට් ල දෙන්නගේ නම ලියන්න බැහැ. ඒගොල්ල ඒ ගැගින්ග් එකට තවමත් බයයි.
      ජපානේ ගැන ලිපිය කියෙව්වා.. ඔබ කියන එපිඩෙමික් කතාව මමත් අහල තියනවා. සරම්ප අපි පොඩි කලෙත් හැදුන . අම්මාවරුන්ගේ ලෙඩ කියන්නේ ඒවාට නේද. මෙන්න පර්යේෂණාත්මක ලිපියක්. වෙලාව තියෙනවා නම් ඩවුන්ලෝඩ් කරගන්න.
      http://onlinelibrary.wiley.com/doi/10.1111/j.1708-8305.2008.00183.x/pdf
      The measles –
      mumps – rubella (MMR) vaccine had been introduced
      during 1989 to 1993 but later withdrawn due
      to unexpected increases in cases of aseptic meningitis
      stemming from use of the Urabe mumps antigen.
      Until March 2006, each monovalent vaccine had
      been administered separately, further hampering
      efforts to increase vaccine coverage. 5
      Although the
      magnitude of measles epidemics in Japan has been
      waning, epidemics occur every several years (ie,
      1984, 1991),
      දොස්තර හිරෝෂි ටකහාෂි

      Delete
    5. අජිත්, එන්නත් වල අතුරු ආබාධ තියෙන බව මම පැහැදිලිවම ලිපියේ කියල තියෙනවනේ. මෙහි වැදගත් කරුණ එවැනි අතුරු ආබාධ සිදුවීමේ පොඩි සම්භාවිතාව නිසා වන හානියට වඩා එහි යහපත ගොඩක් වැඩි වීමයි. මෝටර් රථ පාවිච්චි කිරීම නිසා රිය අනතුරකින් මියයාමට තියෙන සම්භාවිතාව ඊට වඩා ගොඩක්ම වැඩියි. Aseptic Meningitis සමඟ සම්බන්ධතාවයක් තියෙන්නේ MMR එන්නතේ mumps කොටස. එය වෙනම දුන්නත් ඒ අවදානම තියෙනවා. මේ ගැන පර්යේෂණ සිදුකර තියෙන්නේ එකක් පමණක් නෙමයි. මේ තියෙන්නේ ඔබ යොමු කරන පර්යේෂණය ඇතුළු එවැනි පර්යේෂණ වල සමරියක්. සිංහලෙන් ලියන්න වෙලාවක් නැහැ.

      Aseptic Meningitis
      Several attenuated mumps vaccines have been associated with aseptic meningitis. The incubation period following
      immunization is 2–3 weeks and the clinical course is similar to that of the natural disease (McDonald et al., 1989). The risk of
      developing this complication varies depending on the vaccine strain and the manufacturer:
      Jeryl Lynn strain. This strain has not been shown to cause aseptic meningitis. In the United States, a 10-year retrospective
      study of hospitalized cases found only one case of aseptic meningitis per 100 000 doses of Jeryl Lynn-containing MMR
      vaccine in children aged 12-23 months (Black et al., 1997). Another study found 1 per 1.8 million doses administered (Nalin,
      1992). In yet another study, it was associated with 1 case per million doses (Fescharek et al. 1990). It is such a rare event that
      when it does occur in association with the vaccine administration, it probably represents a coincidental occurrence.
      Leningrad-3 strain. A causal relationship has been established between the Leningrad-3 strain of mumps vaccine and
      aseptic meningitis (Miller et al., 1993; Stratton et al., 1994; Black et al., 1997, Galazka et al., 1999). In Slovenia, passive
      surveillance over the period 1979-85 identified 20-100 cases of aseptic meningitis per 100 000 doses of MM vaccine
      containing Leningrad-3 strain. (Kraigher 1990, Cizman M et al., 1989).
      Leningrad-Zagreb (LZ) strain. An outbreak of aseptic meningitis was reported in Brazil after using this strain in 1998 during
      a campaign. An incidence rate of 1.4 – 4.2 per 100 000 population was observed during the peak week of the outbreak, a rate
      70 times higher than the pre-campaign period (Dourado 2000). A rate of 20 per 100 000 doses was recorded in Slovenia
      (Fescharek et al., 1990). In Slovenia, 2 cases of aseptic meningitis per 100 000 doses were reported (A. Kraigher,
      unpublished data). In Croatia 90 cases per 100 000 doses were reported (Tesovic et al., 1993).
      Urabe strain. A study in Nottingham, UK, showed 9 cases of aseptic meningitis per 100 000 doses (Miller et al., 1993, Miller
      E et al 2007). As a result, the product was no longer purchased by UK. A Japanese study demonstrated a rate of 49 cases of
      aseptic meningitis per 100 000 doses of Urabe strain produced locally (Sugiura et al., 1991). A subsequent study put the rate
      at 100 cases per 100 000 doses (Ueda et al., 1995).

      Delete
    6. //මගේ මුලික තර්කය රජය විසින් මාධ්‍ය, වෛද්‍යසභාව ඔක්කොම අල්ලාගෙන ප්‍රශ්න වපු එක. (මම කතා කරන්නේ බ්‍රිතාන්‍යය ගැන) මට තවමත් මේ සිංහල බ්ලොගයේ පවා උපදෙස් දුන්න කන්සල්ටන්ට් ල දෙන්නගේ නම ලියන්න බැහැ. ඒගොල්ල ඒ ගැගින්ග් එකට තවමත් බයයි.//
      හරිම භයානක තත්වයක්නේ. එක්සත් රාජධානියේ තොරතුරු දැනගැනීමේ පණත අනුව ඔබට මේ වහන දේවල් හොයා ගන්න පුළුවන්නේ. බ්‍රයන් ඩියර් කළේ එයයි. වෛද්‍ය ආචාර ධර්ම මත ලබා දිය නොහැකි බව කියා හංගන්න හැදූ දේවල් පවා ඔහු මේ පණත අනුව ලබා ගත්තා. වේක්ෆීල්ඩ්ව එළිදරවු කළේ එහෙමයි.

      අනිත් එක දැන් ඔය රජය කියන්නේ කවුද? ඔබේ මහජන නියෝජිතයාත් එහි කොටසක් නේද? මෙය ඔබ කලින් කියූ පහත කරුණ සමඟ ටිකක් ගැලපෙනවා මදි වගේ.

      "අපේ මන්ත්‍රී අපට වග කියනවා. මෙහෙ ඉන්න එකිත් එහෙමයි. ඊයේ පෙරේදත් හෙන වලියක් දාගත්ත මම. එක චන්දයකයා එක චන්දය , ඔවුන්ගෙන් තොරණ සමහර අය හාල්පාරුවෝ බවට පසු කලෙක පත්වෙන්න පුඋලුවන්. නමුත් මිනිස්සු අතේ බලය තිබෙනවා."

      දැන් එතකොට ඔය මිනිස්සු අතේ තිබුණු බලයට මොකද හදිසියේම වුණේ?

      Delete
    7. හේ හේ මේකට නම් කියන්න දෙයක් නැහැ. ඒ ගොලාල් කැමති නැහැ.
      // එක්සත් රාජධානියේ තොරතුරු දැනගැනීමේ පණත අනුව ඔබට මේ වහන දේවල් හොයා ගන්න පුළුවන්නේ.// මොන වාහන දේද? ඒ දව ස වලානේ වැහුවේ කියන්නේ නැතුව. ඒකනේ මිනිස්සු පටන් ගත්තේ වර්ජනය කරන්න. සිංගල් වක්සින් ගහන්න. අන්තිමට ආණ්ඩුවට ගෙවන්න වෙනකොට ලොකු ව්‍යාපාරයක් අරන්ගියා පත්තර වල. මහාචාර්ය වරු හෙම.
      //අපේ මන්ත්‍රී අපට වග කියනවා. මෙහෙ ඉන්න එකිත් එහෙමයි. ඊයේ පෙරේදත් හෙන වලියක් දාගත්ත මම. එක චන්දයකයා එක චන්දය , ඔවුන්ගෙන් තොරණ සමහර අය හාල්පාරුවෝ බවට පසු කලෙක පත්වෙන්න පුඋලුවන්. නමුත් මිනිස්සු අතේ බලය තිබෙනවා."/ මේක මෙතනට අදාල වෙන්නේ කොහොමද කියන්න මට තේරෙන්නේ නැහැ. ඉතින් අපි ක්‍රියාවෙන්ම ඔප්පු කරල් පෙන්නුවනේ මම ඔවුන් කියන විධිහට නොව අපි හිතල හොයල තිරනන් ගත්ත බව. ඔය සදාම් ගේ WMD අර CJD ලෙඩේ ඒවා මෙහෙ වුන. මේ විධිහට බලන කොට සෝවියට් දේශයේ තිබ්බ සර්වේලන්ස් හරිම ග්‍රාම්‍ය කියල මට හිතෙනවා. කන්සල්ටන්ට ල ගැගින් වලට බය රස්සාව නිසා. (ඒ ගොල්ල PP ත් කරනවා) ඒක ඇමෙරිකාවෙත් ඇති. ලංකාවෙත් තියනවා. මම දැනෙන නැහැ ඕක භයානක තත්වයක් ද කියා.
      මම හිතන්නේ මිනිසුන්ට මේවට තදවෙලා තමා EU චන්දෙ පැරදුනේ. (මම EU එක පැත්තේ) , ට්‍රම්ප් දිනුවේ. අපි අපටම අවංක වෙලා බලන්න ඕනේ වැරදිච්ච තැන්.

      Delete
    8. //මොන වාහන දේද? ඒ දව ස වලානේ වැහුවේ කියන්නේ නැතුව. ඒකනේ මිනිස්සු පටන් ගත්තේ වර්ජනය කරන්න.//
      පසුගිය වසර කිහිපය තුල එක්සත් රාජධානියේ යහපාලනය ඒ තරම් දියුණු වී තිබීම ගැන දැනගන්නට ලැබීම සතුටට කරුණක්.

      Delete
    9. //ඉස්සර මා කියවපු සිංහල වෙබ් අඩවි වල තියනවා, මේ කරුණු අඩංගු ෆයිල් අප සතුව ඇත. යතා කාලයේදී ඒවා එළිදක්වනු ඇත කියා. කිසිදා වෙන්නේ නැහැනේ. මොකද ඒවා නැහැ. //

      මෙය මෙවැනි බොහෝ අය කරන දෙයක්, රයිගම්. තවත් දෙයක් තමයි බොරු ලින්ක් උපුටා දැක්වීම. උදාහරණයක් ලෙස ඉහත අජිත් විසින් උපුටා දමා ඇති https://vactruth.com ලිපිය බලන්න. මේ වෙබ් අඩවිය පවත්වාගෙන යන හිටපු නාවික සෙබළෙක් වන Jeffry John Aufderheide ඔහුගේ දරුවාගේ වර්ධනය පමාවීමේ ආබාධයට හේතුව ප්‍රතිශක්තිකරන එන්නත් කියා හිතනවා. එසේ සිතන තවත් ගොඩක් අය ඉන්නවා. වේක්ෆීල්ඩ්ගේ පොත් වලට, චිත්‍රපටයට ඉල්ලුම එන්නේ ඒ අයගෙන්. දැන් මේ ලිපියේ රෙෆරන්ස් ගණනාවක් තියෙනවා. නමුත් ඒ ඔක්කොම තවත් එවැනි වෙබ් අඩවි. මෙවැනි බොහෝ වෙබ්සයිට් වල සිදුවන්නේ වෙබ්සයිට් කිහිපයක් එකම අයෙක් හෝ එකිනෙකාට සම්බන්ධ කණ්ඩායමක් විසින් නඩත්තු කිරීම හා එයින් එකකින් අනෙකකට චක්‍රීය ලෙස ක්‍රොස් ලින්ක් දැමීම. බැලූ බැල්මට හොඳින් හැදෑරීමක් කර ඇති බව පෙනුණත් බොහෝ විට තියෙන්නේ "ඌ මට ගහනව. මට ඌ ගහනව" වර්ගයේ රැවටීමක් විතරයි.

      Delete
    10. එකොන්https://vactruth.com සයිට් එඅ ගැනද ප්‍රශ්නේ එහම නැත්නම් ජජපානය වගේ සංවර්ධිත රටක් තහනම් කරපු එකද ප්‍රශ්නය. ඔබ කියන්නේ වෙබ් අඩවිය හොර එකක් නිසා ජපානය තහනම් කරලා නැහැ කියාද?
      හොඳයි මෙන්න ඔබ කමත් එක මෙහි කියනා ජානය MMR තහනම් කට අවුටිස්ම් වැඩි වෙලා කියල. මම මතු කරන්නේ ජපානය තහනම් ක්කර්ල තියෙන්නේ තවමත්. හරිද වැරදිද ඒක බොරුවක්ද?
      https://www.newscientist.com/article/dn7076-autism-rises-despite-mmr-ban-in-japan/

      දැන් ජපන් ටුඩේ එකේ තියනවා ජපානයේ සරම්ප වැඩි වෙලා කියල. ඔබ කියන කටහ්ව. ඒ MMR ඕනේ කියන අය. මට ඔකේ පැත්තක් නැහැ. බොටම් ලයින් එක මම දාපු වෙබ් සයිට් එකේ නෙමේ මහත්තයෝ. ජපානය තහනම් කරලා තියන එක අදත්.

      Delete
    11. ලෝකයේ ප්‍රධාන රටවල් දෙකක් - නොර්වේ - නිදහස් දීල තියනවා එන්නත වෙනම පාවිච්චි කරන්න. ජපානයේ තහනම් තවමත්. යුරෝපා සංගමය තුල සහ බ්‍රිතාන්නයේ අනිවාර්යයි. ජපානය කියන්නේ අමු මෝඩ රටක්ම නෙමේනේ. ඔය දෙපත්ටැහැ ගැනම කථා කරන අය ඉන්නව. එනිසා අපි ගත්තේ නිවැරදි තීරණයක් කියල මම හිතනවා තවමත්. ඊයේ පෙරේද පාසලින් එන්නතක් දුන්න . අපි එයට විරුද්ධ වුනේ නැහැ. හොයල බැලුවහම ඒක සේෆ් එකක්.

      Delete
    12. //ඔබ කියන්නේ වෙබ් අඩවිය හොර එකක් නිසා ජපානය තහනම් කරලා නැහැ කියාද?//
      අජිත් ජපානය MMR එන්නත තහනම් කරපු බව මම දන්නවා. ඒ බව උඩ මම දාල තියෙන කමෙන්ට් (පහත කොපි කර ඇති) කියෙවුවනම් තේරෙන්න ඕනෑ. වෙබ් අඩවිය ගැන කතා කළේ වෙනත් එවැනිම වෙබ් සයිට් වලට ක්‍රොස් ලින්ක් දමා ලොකු හැදෑරීමක් කරන බව පෙන්වන එහෙත් එසේ නොකරන වෙබ් අඩවි ගැන උදාහරණයක් ලෙස.

      //ජපානය MMR වවැක්සිනය 2001 තහනම් කල බව ඔබ දන්නවද එකොන්. ඔබ මෙහි ජපානය ගැනීම සාධාරණ නැහැ..//
      ඉස්සෙල්ල ඔය ලින්ක් එක ක්ලික් කරල පර්යේෂණ පත්‍රිකාව කියවල බලන්න. මේ පර්යේෂණය පදනම් වෙන්නේ 1984 අප්‍රේල් -1992 අප්‍රේල් අතර ඉපදුණු නියැදියක්. ඒ අයට MMR එන්නත ලබා දුන්නා.

      //හරි ඊට පස්සේ අද වෙනතුරු ජපානය එන්නත තහනම් කරලා තියෙන්නේ. //
      මේකම තමයි මම මතු කරන කරුණත්. දැන් මේ වගේ පදනමක් නැති ප්‍රචාර නිසා ලංකාවේ එන්නත් විරෝධයක් ඇති වුණොත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එක රැයින් කිසියම් එන්නතක් නවත්තන්න තීරණය කරන්න පුළුවන්.

      Delete
    13. //එනිසා අපි ගත්තේ නිවැරදි තීරණයක් කියල මම හිතනවා තවමත්.//
      අජිත්ගේ පුද්ගලික තීරණ වල හරි වැරදි හොයන්න මට අයිතියක්වත් අවශ්‍යතාවයක්වත් නැහැ. මම පෙරත් කිවුවා වගේ ඒ දවස් වල පැවති තත්ත්වය අනුව (වේක්ෆීල්ඩ්ව එළිදරවු වීමට පෙර) මේ සැකය සාධාරණ සැකයක්. ඒ වෙලාවේ බොහෝ දෙනෙක් අදාළ එන්නත ලබා නොගැනීම මට තේරුම් ගත හැකියි. මට තියෙන ප්‍රශ්නය ඔහුගේ බොරුව එළිදරවු කිරීම කුමන්ත්‍රණයක් ලෙස දක්වමින් මේ වන විට කිසිදු පිළිගත හැකි සාධකයක් නැතිව එන්නත් විරෝධයක් ප්‍රවර්ධනය කිරීමයි. මෙය සරල කරුණක් නෙමෙයි. මානව සංහතියේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක්. ඇමරිකා මහාද්වීපයේ විශාල ශිෂ්ඨාචාර නැති වෙලා ගියේ වෙඩි තියල මරපු නිසා නොවන බව ඔබ දන්නවනේ. වසංගත රෝග කියන්නේ ජනවර්ග සමූලඝාතනය කළ හැකි ලොකුම ආයුධයක්.

      Delete
    14. //වසංගත රෝග කියන්නේ ජනවර්ග සමූලඝාතනය කළ හැකි ලොකුම ආයුධයක්.// මෙහිදී ඔබේ අදහසට මෙහිදී සම්පුර්ණයෙන්ම එකඟයි. ඔබ මගේ ලිපිය කියෙව්වා නම් සම්පුර්ණ වක්සින් එන්නත් විරෝධයක් ගැන මම කොහෙවත් කියන්නේ නැහැ. පෝලියෝ එන්නටත් නිසා මැලේරියා එන්නටත් නිසා විශාල ර්පමනයක් මරණින් බේරුනා. ඇතැම් තැන්වල ප්‍රශ්න තියනවා. ඒවා රජයන් විසින් නොසඟවා හෙළි දරව් කළ යුතුයි. නැතුව දොසතරලට කතා කරනන් තහනම් කරලා, කරන අයට විරුද්ධ වෙලා , මුළු ආණ්ඩු යන්ත්‍රය හා පෞද්ගලික් සමාගම් එකතු වෙලා පීඩනය දීලා නෙමේ ඒවා කරන්න ඕනේ.
      ////හරි ඊට පස්සේ අද වෙනතුරු ජපානය එන්නත තහනම් කරලා තියෙන්නේ. //
      මේකම තමයි මම මතු කරන කරුණත්. දැන් මේ වගේ පදනමක් නැති ප්‍රචාර නිසා ලංකාවේ එන්නත් විරෝධයක් ඇති වුණොත්// මම නැවතත් ඔබෙන් අහන්නේ ජපානය තහනම් කරලා නැත්ද? නැතිනම් මෙය දැන් මේ වගේ පදනමක් නැති ප්‍රචාරයක් තමයි. තහනම් කරලා නම් එය FACT එකක් මිස ප්‍රචාරයක් නොවේ.

      Delete
    15. //ඇතැම් තැන්වල ප්‍රශ්න තියනවා. ඒවා රජයන් විසින් නොසඟවා හෙළි දරව් කළ යුතුයි. //
      ඔබ විසින් ප්‍රජාත්නත්‍රවාදය නැති රටක් ලෙස හඳුන්වා ඇති ඇමරිකාවේනම් මෙය සිදුවෙනවා. මේ තියෙන්නේ පසුගිය එක් එක් වසරවල් තුළ එවැනි ප්‍රශ්න තිබීම නිසා වෙළඳපොළෙන් ඉවත් කරනු ලැබූ ඖෂධ හා එන්නත් ලැයිස්තු.

      https://www.fda.gov/BiologicsBloodVaccines/SafetyAvailability/Recalls/default.htm

      //නැතුව දොසතරලට කතා කරනන් තහනම් කරලා, කරන අයට විරුද්ධ වෙලා , මුළු ආණ්ඩු යන්ත්‍රය හා පෞද්ගලික් සමාගම් එකතු වෙලා පීඩනය දීලා නෙමේ ඒවා කරන්න ඕනේ.//
      බුදු අම්මෝ! ඔය තරම් ප්‍රශ්නයක් තිබුණද? කොහොම වුනත් ඔබ වැනි අයගේ මහන්සිය නිසා දැන් එංගලන්තයට ප්‍රජාතන්ත්‍රවාදය ලැබී තිබීම සතුටට කරුණක්.

      //මම නැවතත් ඔබෙන් අහන්නේ ජපානය තහනම් කරලා නැත්ද?//
      අජිත් දැන් ඕක කීපාරක් ලිවුවද? ඔය ඔතනම උඩ තියෙන (යට නැවත කොපි කර ඇති) කමෙන්ට් එකවත් කියෙවුවෙ නැද්ද? අජිත් කියන හැම දෙයක්ම මේ වගේ නොසැලකිල්ලෙන් කියන දේවල්ද?

      ඉකොනොමැට්ටා EconomattaFebruary 28, 2017 at 9:22 PM

      //ඔබ කියන්නේ වෙබ් අඩවිය හොර එකක් නිසා ජපානය තහනම් කරලා නැහැ කියාද?//
      අජිත් ජපානය MMR එන්නත තහනම් කරපු බව මම දන්නවා.

      Delete
    16. අජිත් ජපානය MMR එන්නත තහනම් කරපු බව මම දන්නවා. - එහනම් එක ප්‍රචාරයක් වෙන්නේ කොහොමද?

      Delete
    17. ජපානය MMR එන්නත දීම නැවැත්වූ බව බොරුවක් නෙමෙයි, ඇත්තක්. එය බොරු ප්‍රචාරයක් බව මම කියලා නැහැ. එහෙම හිතෙනවනම් මම ලියල තියෙන දෙය පැහැදිලි මදි වෙන්න පුළුවන්. මේ ගැන වැඩි විස්තරයක් උඩින් දමල තියෙනවා.

      Delete
    18. මෙන්න මේ කොටස නිසා එහෙම ඇහුවේ @9.22 කොමෙන්ට් එක මගේ පිළිතුරට ඔබ කියන දෙය.
      //හරි ඊට පස්සේ අද වෙනතුරු ජපානය එන්නත තහනම් කරලා තියෙන්නේ.-මම //
      ***මේකම තමයි මම මතු කරන කරුණත්. දැන් මේ වගේ පදනමක් නැති ප්‍රචාර නිසා ලංකාවේ එන්නත් විරෝධයක් ඇති වුණොත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එක රැයින් කිසියම් එන්නතක් නවත්තන්න තීරණය කරන්න පුළුවන්.*** පදනමක් නැති ප්‍රචාරයක් ලෙස හංවඩු ගහපු නිසා.

      Delete
    19. එතැනදී මම අදහස් කළේ ජපානය එන්නත නැවැත්වූ බව බොරු ප්‍රචාරයක් කියන එක නෙමෙයි. ජපානය එම තීරණය ගැනීමේදී ලොව පුරා එන්නත් විරෝධීන් විසින් සිදුකළ පදනමක් නැති ප්‍රචාර වලිනුත් විශාල බලපෑමක් සිදුවුණු බව. උඩින් දැමූ කරුණ ආසන්න හේතුව වුණත් එකම හේතුව නෙමෙයි. මෙවැනි තත්ත්වයක් නැවතත් ඇතිවීමේ අවදානමක් මට පෙනෙනවා. වේක්ෆීල්ඩ්ව එළිදරවු කරනු ලැබීමෙන් පසු ක්‍රමයෙන් ඉහළ ගිය බ්‍රිතාන්‍යයේ එන්නත් ලබාගැනීමේ අනුපාතිකය එම සිදුවීමෙන් පසු පළමු වරට පසුගිය වසරේදී නැවත පහළ ගියා. එයට කිසිම පදනමක් නැහැ.

      මම පෞද්ගලිකව එන්නත් අනිවාර්ය කිරීම ගැන වැඩි කැමැත්තක් නැහැ. ඒ වගේම ඇමරිකාවේ මෙන් තනි, ත්‍රිත්ව, හෝ චතුර්ථ එන්නත් ලබා ගැනීමේ අවස්ථාව තිබිය යුතුයි කියා සිතනවා. නොමිලේ සෞඛ්‍ය පහසුකම් දෙනවිට වියදම ගැනත් සොයන්න වන නිසා මෙවැනි විකල්ප ලබා දීම අමාරු වෙනවා. බොහෝ දෙනෙක් අවබෝධයකින් යුතුව තමන්ට හා අනුන්ට සිදුවන යහපත සලකා කැමැත්තෙන් එන්නත් ගන්නවනම් එයට අකැමැති ටික දෙනෙක් එන්නත නොගෙන සිටීම ප්‍රශ්නයක් නෙමෙයි. නමුත්, එන්නත නොගන්නා ප්‍රතිශතය වැඩි වන විට එන්නත් ගන්නා අය ඇතුළු සියල්ලන්ගේම අවදානම වැඩිවන නිසා එන්නත ගන්නා අයටත් වැඩි මාත්‍රා ගැනීමටත්, ඒ හේතුවෙන් අතුරු ආබාධ වලට වැඩියෙන් මුහුණ දෙන්නත් සිදුවෙනවා. එසේ නැත්නම් වසංගත තත්ත්ව ඇති වෙනවා. එවැන්නක් වූ විට සාමාන්‍යයෙන් වෙන්නේ ජනමතය තනිකරම අනිත් පැත්තට දෝලනය වීමයි. හරියට එක ජාතිවාදයකින් වෙනත් ජාතිවාදයක් පෝෂණය කරනවා වගේ. මෙහි ප්‍රතිඵලය වන්නේ එන්නත් අනිවාර්ය කිරීමයි.

      ලංකාවේ එන්නත් කරන ප්‍රතිශතය ඇමරිකාවට හා එංගලන්තයටත් වඩා වැඩියි (මතකය අනුව 99% පමණ. වැරදිනම් පසුව හදන්නම්). නමුත්, ඒ මිනිස්සුන්ගේ අවබෝධය මත සිදුවන දෙයක් නෙමෙයි. අධ්‍යාපනය හා සෞඛ්‍යය මධ්‍යගතව තිබීමේ (හොඳ) ප්‍රතිඵලයක්. නමුත්, මෙය අවබෝධයකින් තොරව සිදුවන දෙයක් නිසා එන්නත් විරෝධී මතයක් ජනගත වුනොත් ක්ෂණිකව එක රැයෙන් අනිත් පැත්ත හැරවෙන්න පුළුවන්.

      Delete
  10. ලිපිය වගේම කමෙන්ට් ටිකත් වටිනවා

    ReplyDelete
  11. ඉකොනොමැට්ටා මහත්මයා,

    මෙන්න බැඳුම්කර වංචාවේ විස්තරය මහබැංකුවේ හිටපු නියොජ්‍ය අධිපති විසින් හෙළිකළ අයුරු;

    මෙතනින් බලන්න;

    https://www.youtube.com/watch?v=p6sA4bu8F4E&feature=youtu.be

    මීට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ අන්ත දූෂිත රාජපක්ෂ රෙජීමයේ මරා, බැසිල්, නාමල් ඇතුලු හොර රැලයි. යහපාලනයට එල්ල වන්නේ අමූලික බොරු චෝදනායි. මෙම නියෝගය 2015 ජනවාරි 08ට පෙර දී ඇත්තේ හිටපු ජනාධිපති හිජකුදිපාම ජඩ මරා නමැති මහජරා චෞරාධිපති ජඩයායි. ඔබ වත්මන් රජයට පහර දෙන්නේ කුමන පදනමකින් ද? මේ රට කෑවේ රාජපක්ෂ හොර රැලයි. මේ පිළිබඳ විග්‍රහයක් සමග වැඩිදුර විස්තර අඩංගු පෝස්ටුවක් ඔබෙන් බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. //ඔබ වත්මන් රජයට පහර දෙන්නේ කුමන පදනමකින් ද? //
      ඇනෝ, මම වත්මන් රජයට පහර දීම හෝ වත්මන් රජය ආරක්ෂා කිරීම අරමුණු කරගෙන ලිපි ලියන්නේ නැහැ. බැඳුම්කර ගැන දැනට මම ලිපි විසිඅටකට වඩා ලියා තිබෙනවා. තවත් ලියන්න තිබෙනවා.
      http://economatta.blogspot.com/2016/12/blog-post_26.html

      Delete
    2. ඉකොනොමැට්ටා මහත්මයා,

      ඔබෙන් ඉතාම කාරුණිකව සමාව අයැද සිටින්නෙමි. ඔබට රිදවීමට අදහස් කළා නොවේ. මා මෙම කමෙන්ටුව ටයිප් කළේ මෙම වීඩියෝව බලා ඇතිවූ දැඩි කැළඹීම මත තරමක පීඩනයකිනි.

      ඇත්තටම මේ වීඩියෝවේ කරුණු සත්‍ය නම් ලංකා ආර්ථිකය ඉතා බරපතල තත්වයක පවතී. මීට වගකිවයුතු වන්නේ පසුගිය රජය විසින් කළ දූෂණ ක්‍රියා ලෙස සිතා සිටියෙමි.

      ඔබෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ වත්මන් ශ්‍රී ලංකා ආර්ථික තත්වය පිළිබඳව වඩාත් මැදහත්ව සත්‍ය හෙළිදරව කරන ලෙසයි. ලංකාවේ පුද්ගලික අංශයේ සේවයේ නියුතු අපට රැකියා අහිමිවී අපව පාරට වැටෙයි ද? ආර්ථිකය කඩා වැටෙයිද? කරුණාකර පැහැදිලි කර දෙන්න.

      Delete
  12. මේ 2013 ප්‍රසිද්ධ කෝට් කෙස් එකක්.
    http://www.huffingtonpost.com/david-kirby/post2468343_b_2468343.html
    The federal Vaccine Injury Compensation Program, better known as “vaccine court,” has just awarded millions of dollars to two children with autism for “pain and suffering” and lifelong care of their injuries, which together could cost tens of millions of dollars.

    The government did not admit that vaccines caused autism, at least in one of the children. Both cases were “unpublished,” meaning information is limited, and access to medical records and other exhibits is blocked. Much of the information presented here comes from documents found at the vaccine court website.

    Some observers will say the vaccine-induced encephalopathy (brain disease) documented in both children is unrelated to their autism spectrum disorder (ASD). Others will say there is plenty of evidence to suggest otherwise.

    What’s more, these cases fit the pattern of other petitions, (i.e., Poling and Banks) in which the court ruled (or the government conceded) that vaccines had caused encephalopathy, which in turn produced permanent injury, including symptoms of autism and ultimately an ASD diagnosis.

    And most of these children now have taxpayer dollars earmarked for applied behavioral analysis (ABA), an effective therapy specifically designed to treat ASD.

    Meanwhile, parents, grandparents, friends and neighbors of both children testified they were developmentally normal, if not advanced for their age when they developed seizures, spiking fevers and other adverse reactions to their vaccines. According to these eyewitnesses, the children never fully recovered, and instead began losing vocabulary, eye contact and interest in others around them, all classic symptoms of regressive autism.

    In the first case, involving a 10-year-old boy from Northern California named Ryan Mojabi, the parents allege that “all the vaccinations” received from 2003-2005, and “more specifically, measles-mumps-rubella (MMR) vaccinations,” caused a “severe and debilitating injury to his brain, described as Autism Spectrum Disorder (‘ASD’).”

    ReplyDelete
    Replies
    1. අජිත්ට මෙය තවමත් නොතේරීමෙන් වෙනත් බොහෝ දෙනෙක්ට නොතේරෙන එක පුදුමයක් නැහැ. ඔය ලිපිය ලියා ඇති David Kirby එන්නත් හා ස්වේච්ඡතාව අතර සම්බන්ධය ගැන පොතකුත් ලියා තිබෙනවා. එය පදනම් වන්නේ දෙමවුපියන්ගේ ප්‍රකාශ මත. වේක්ෆීල්ඩ්ගේ ලැන්සෙට් ලිපියත් එවැනි එකක්. මේ දෙමවුපියන්ගේ ප්‍රකාශ නිසා මේ ආකාරයේ සම්බන්ධයක් තිබිය හැකි බවට සැකයක් මතු වන නමුත් එය තහවුරුවීමක් කිසිසේත්ම සිදුවෙන්නේ නැහැ.

      එය සරලව මේ වගේ දෙයක්.

      "හරමානිස් ලයිසන් බාර් එකකින් අරක්කු බොන්න ආසයි. බාර් එක ලඟින් යන හැම වෙලාවෙම එතන සෙනඟ පිරී ඉන්න බව දැක්කත් ගෙදර සීලවතී ඉන්න නිසා කරන්න දෙයක් නැහැ. ඔහු සීලවතී ගෙදර නැති දවසක් බල බලා ඉන්නවා. සීලවතී ගෙදරින් එළියට යන්නේ පෝය දවසට විතරයි. ඒ සිල් ගන්න. සීලවතී ගිය ගමන්ම අනික් අතට හරමානිස් බාර් එකට ගියත් එහෙම යන හැම දවසකම බාර් එක වහල. දැන් මේක සීලවතීගේ කුමන්ත්‍රණයක් කියල හරමානිස්ට හොඳටම සහතිකයි. සීලවතී බාර් කාරයා එක්ක සම්බන්ධයක් තියෙන බවට ඔහු චෝදනා කරනවා. සීලවතී ගෙදරින් එළියට (සිල් ගන්න) යන හැම දවසකම බාර් එක වහන බව ඔහුට "ඔප්පු කරල" පෙන්විය හැකියි. දවස් කිහිපයක්ම සීලවතී ගෙදරින් යන විට "අදනම් ෂුවර් එකටම බාර් එක වහල" බව ඔහුට හරියටම අනාවැකි කිව හැකියි. මෙය තවත් අය විශ්වාස කරනවා."

      මෙවැනි කතාවක පදනමක් තිබීමේ ඉඩක් තිබුණත් විමසා බැලූ විට එය හැම විටම එසේ නැහැ. David Kirby කියන ආකාරයට MMR එන්නතේ කිසිම දවසක තිමරසල් අඩංගු වී තිබුණෙත් නැහැ. මේ ඔහුගේ පොත ගැන BMJ හි පළ වූ විමර්ශනයක්.

      http://www.bmj.com/content/330/7500/1154.full

      නමුත්, මෙවැනි කතා විශ්වාස කරන ඔබ වැනි අය ඉන්නවා. ඔබ ජූරි සභාවක හිටියොත් මේ ආකාරයේ තීන්දුවක් දෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ වගේම විනිශ්චයකාරවරු කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු. ඒ අය නීතිය ගැන විශේෂඥයින් විය හැකි වුවත් එන්නත් ගැන විශේෂඥයින් නෙමෙයි. වේක්ෆීල්ඩ්ගේ පර්යේෂණ පත්‍රිකාව මත පදනම් වී දුන් නඩු තීන්දු තියෙනවා.

      නමුත් විශාල නියැදි යොදාගෙන, නිවැරදි ක්‍රමවේද අනුගමනය කර සිදුකළ පර්යේෂණ ගණනාවකින් (මම ලිපියේ ලින්ක් දමා ඇති) MMR එන්නත හා ස්වේච්ඡතාව අතර සම්බන්ධයක් ඇති බවක් තහවුරු වී නැහැ.

      ඒ වගේම මම කලිනුත් කියා ඇති පරිදි ඇමරිකාවේ එන්නත් හානි වෙනුවෙන් දහස් ගණනකට වන්දි ගෙවා තිබෙන බව ඇත්තක් වුවත්, මෙසේ වන්දි ලබා දීමට සිදුවීමේ සම්භාවිතාව 0.000001 එනම් මිලියනයකට එකයි.

      Delete
    2. Again distortion of facts. The courts awarded compensation based on table injuries. In this case "encephalopathy". Even this was not directly linked to the vaccines.
      According to the article "HHS did not admit that vaccination caused encephalopathy or autism, but merely decided not to dedicate more resources to defending the case." So I don't understand whyAjith insists that there is a connection between the two.
      Yes I have read you comment below. You just seem to contradict yourself at every turn with what you sa as well as the sources you cite.
      Please next time don't cite anything from huffingtonpost as it is not reputable.
      It's fake news per President Donald J Trump.

      Delete
    3. Way to go. Look at all the experts who testified.
      " Meanwhile, parents, grandparents, friends and neighbors of both children testified they were developmentally normal, if not advanced for their age when they developed seizures, spiking fevers and other adverse reactions to their vaccines. "
      This is how all parents think of their children. That they are more advanced for their age.
      This is why I first said that family connections cloud our judgments most of the time.

      Delete
    4. මේ 2006 ජනවාරි 01 සිට 2015 දෙසැම්බර් 31 දක්වා ඇමරිකාවේ එන්නත් හානි සඳහා වන්දි ගෙවීම් සිදුකළ අවස්ථා ගණන්. මේ අවස්ථා වලින් 17 කදී හැර වන්දි ලබා දී ඇත්තේ එකඟත්වය මත මිස හානියක් සිදු වූ බව තහවුරු වූ බැවින් නොවේ.:

      MMR තනි එන්නත් සඳහා- 3 (මෙය එන්නත් 222,988කට 1කි.)
      MMR ත්‍රිත්ව එන්නත- 110 (මෙය එන්නත් 2,399,728කට 1කි.)
      MMRV චතුර්ථ එන්නත- 16 (මෙය එන්නත් 4,505,812කට 1කි.)

      Delete
    5. Finally Econ,
      You Can't Wake a Person Who Is Pretending to Be Asleep – Navajo Proverb

      Delete
    6. ඔව් එකොන්. මට නොතෙරෙනේව මේක. ඒක තමා ප්‍රශ්නේ මට හිතෙන විධිහට. ජපනුන්ටත් හොඳටම නොතේරෙනවා. තව කාට නොතෙරෙනවද කියාලා මම කල්පනා කලේ. අපිත් එක්ක සිංගල් වැක්සින් ගහන්න හිටිය දහස් ගනනක් දෙමාපියන්ටත් නොතෙරිලා තියෙන්නේ. මම ඒක පිලි ගන්නම්.
      මට තව එක ප්‍රශ්නයක් තියනවා, නොතෙරෙනේ නිසා අහන්නේ. ඔය වන්දි දුන්නේ මොකටද?
      අර ළමයාගේ නොදන්නා මැටි මෝඩ දෙමාපියෝ, අහල පහල අය ආච්චිලා සියල කියන දේ අහන්නේ නැතුව, එකොන් කියන දත්ත ඔක්කොම් දල - නැහැ අපි වන්දි දෙන්නේ නැහැ කිව්වම ඉවරයිනේ. සෙට්ල්මන්ට් කියල කියන්නේ නීතියට අනුව මෙහ්නම් දෙපත්තම් පිලි ගන්නේ නැහැ කියන එක. රජය කියනව එන්නතේ ප්‍රශ්නයක් නැහැ කියල. අනිත් පැත්ත කියනවා තියනවා කියල. තව දුරටත් නඩු ගිහින් වියදම් කරනවාට වඩා දෙමාපියෝ සල්ලි අරන් කට වහ ගන්නවා. එච්චරයි. දැන් මම නැවතත් හැම තහනම් ලිව්වා වගේ ආයිත් ලියනවා. මම හුඟක් අනිකුත් වැක්සින් වලට විරුද්ධ නැහැ. ලිපියේ තිබ්බ දෙකක් ඇරෙන්න.මමත් අරන් තියනවා. මගේ දරුවනටත් දීල තියනවා.

      Delete
    7. //මට තව එක ප්‍රශ්නයක් තියනවා, නොතෙරෙනේ නිසා අහන්නේ. ඔය වන්දි දුන්නේ මොකටද?//

      තේරෙන්නේ නෑ කියල කියන නිසයි මේ පැහැදිලි කිරීම. එන්නත් වලින් සමස්තයක් ලෙස විශාල යහපතක් සැලසුනත් කලාතුරකින් කෙනෙකුට අතුරු ආබාධ නිසා ලොකු හානියක් වීමේ ඉඩක් තියෙනවා. ඉහත දත්ත අනුව, MMR ත්‍රිත්ව එන්නත හා අදාළව ඔබ කියන එකඟ නොවීම් (settlements)ද ඇතුළත්ව මෙය මිලියන 2.2කට එකක්. තනි එන්නත් දුන් විට අවදානම එමෙන් 10 ගුණයක් පමණ. ඒ වුණත්, 223,000කට එකක්. දැන් මේ විදිහට එන්නත් මිලියනයක් දීමෙන් පසු එයින් එකකින් හෝ කිහිපයකින් හානියක් සිදුවූ විට මාධ්‍ය මඟින් ලොකුවට ප්‍රචාරය වෙන්නේ ඔය වැරදුනු එක ගැනයි. මිලියනයකගේ රෝග අවදානම් අඩුවීම ගැන ගොඩක් අය කතා කරන්නේ නැහැ. ඒ නිසා, ගොඩක් අය එන්නත් නොගෙන සිටීමට පෙළඹෙනවා.එහි ප්‍රතිඵලයක් ලෙස වසංගත තත්ත්වයක් ඇති වීමෙන් සිදුවන හානිය මේ විදිහට ගෙවන වන්දි මුදලට වඩා බොහෝ විශාලයි. වන්දි ගෙවීම සිදුකරන්නේ එය වලක්වා ගැනීමට.

      Delete
  13. එංගලන්තේ කලෙත් මේකයි. රජය පිලි ගත්තේ නැහැ. එදවස් වල මම එකට එකඟයි. හේතුව NHS එකට ගෙවන්න සල්ලි නැහැ. NHS එක රැක ගත යුතු නිසා මුදල් ගෙවීමට මම නම් විරුද්ධයි.
    The government did not admit that vaccines caused autism, at least in one of the children. Ryan Mojabi, කේස් එක.

    ReplyDelete
    Replies
    1. //රජය පිලි ගත්තේ නැහැ. එදවස් වල මම එකට එකඟයි.//
      එන්නත් වල හානියක් පැහැදිලිව පෙනෙන්නට තිබේනම් එය පිළිනොගෙන සිටීම ගැන මමනම් එකඟ නැහැ. බදු මුදල් වැය කරන රජයක විනිවිදභාවය තිබිය යුතුයි.

      Delete
    2. ඕක තමයි මමත් මෙච්චර වෙලා කියන්න හැදුවේ. Glad you agreed.

      Delete
    3. රජයක විනිවිදභාවය නොතිබිය යුතුයි කියා මම කොහේ හරි කියල තියෙනවද?

      Delete
  14. එකොන් මට අර WMD කොම්නෙට් එකේ ඔබේ පිළිතුර හොයා ගන්න බැහැ. 100 පන්නලානේ. ඒක ඔප්පු කලේ චිල්කොට් ඉන්ක්වයරි කියල තනි පුද්ගල කොමිසමකින්. බ්ලෙයාර් බොරු කිවූ බව හා සදාම්ට එවැනි යුධ නොතිබූ බව.
    http://www.iraqinquiry.org.uk/the-report/
    මේ ඒ පිලිබඳ ලිපියක් http://www.independent.co.uk/news/uk/politics/chilcot-report-inquiry-tony-blair-iraq-war-weapons-of-mass-destruction-evidence-verdict-a7122361.html

    ReplyDelete
    Replies
    1. මම මෙහි පිළිතුරු සැපයීමට කාලය යෙදවූයේ මගේ ලිපියට අදාළ කරුණු වලට. එයට අදාළ නැති දේවල් ගැන කතා කරන්න මම මේ වෙලාවේ මගේ කාලය නාස්ති කරන්නේ නැහැ.

      Delete
  15. මේක තමය්යි ඇමෙරිකාවේ රිපෝර්ට් එක.
    https://fas.org/irp/offdocs/wmd_report.pdf
    We conclude that the Intelligence Community was dead wrong in almost all of its
    pre-war judgments about Iraq's weapons of mass destruction. This was a major
    intelligence failure. Its principal causes were the Intelligence Community's inability to collect good information about Iraq's WMD programs, serious errors in analyzing what information it could gather, and a failure to make clear just how much of its analysis was based on assumptions, rather than good evidence. On a matter of this importance, we simply cannot afford failures of this magnitude.

    ReplyDelete
    Replies
    1. මම වාර්තාවනම් කියෙවුවෙ නැහැ. ඒත් දැන් ඔතන අජිත් විසින් කොපි කර දාල තියෙන කොටසේ තියෙන්නේ බුද්ධි අංශ විසින් කළ විශ්ලේෂණ නිවැරදි නොවූ බව මිසක් ඔවුන් දැනගෙන හිටපු දෙයක් හැංගුවා කියල නෙමෙයිනේ. අපරාදේ ඒ දවස්වල අජිත් වගේ හරියටම නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබුණු කෙනෙක්ගේ සේවය ගත්තනම් මේ වැරදීම වෙන්නේ නැහැ. අපි ගැනත් මොනවා හරි දන්නවනම් උදවුවක් වශයෙන් කරුණාකරල කියන්න. ළඟදී මැරෙන්න එහෙම තියෙනවද දන්නේ නෑ.

      Delete
    2. //අපරාදේ ඒ දවස්වල අජිත් වගේ හරියටම නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබුණු කෙනෙක්ගේ සේවය ගත්තනම් මේ වැරදීම වෙන්නේ නැහැ. අ//නිකන් ජෝක් කරන්න එපා එකොන්. ඔය හැංගීම නිසා ඉරාකේ මිනිස්සු මිලියන් එකකට වැඩිය මැරුණා. ඒක ජෝක් එකක් නෙම. අදත් මැරෙනවා අඩු වැඩි වශයෙන්. මම විතරක් නෙමේ මිලියන් ගනනක් බ්‍රිතාන්‍ය ජාතිකයෝ පෙළපාලි ගියා යුද්ධයට යන්න එපා කියල. මතක තබා ගන්න මම ඇෆ්ඝනිස්තාන් යුද්ධයට සම්පුර්ණ සහය පල කල කෙනෙක්. නයින් එලෙවන් එකෙන් පස්සේ. මේවා ඇත්තටම ජෝක් නෙමේ.

      Delete
    3. මම ජෝක් කරනවා නෙමෙයි. ස්වාධීන පර්යේෂකයෙකුට වුණත් කිසියම් නිගමනකට එන්න වෙන්නේ දැනට තියෙන කරුණු මත පදනම්ව. ප්‍රමාණවත් තරම් කරුණු නැත්නම් විශ්ලේෂණ මෙන්ම නිගමනත් වැරදි වෙන්න පුළුවන්. කිසිවකුට මෙවැනි දෙයක් හරියටම කියන්න පුළුවන්කමක් නැහැ. මේ වාර්තා කියවා නැතත්, මේ වාර්තාවේ ඔබ උපුටා දක්වන කොටස් වලින් බුද්ධි අංශ වල විශ්ලේෂණ වැරදි බව මිසක් ඔවුන් හිතාමතා ඇත්ත වැසූ බවක් කියැවී නැහැ. ඇතැම් විට වෙනත් තැනක එසේ තියෙනවා වෙන්න පුළුවන්.

      Delete
  16. බයෝලොගිකල් ආයුධ ගැන පිටුව 503 සිට තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මම මෙහි පිළිතුරු සැපයීමට කාලය යෙදවූයේ මගේ ලිපියට අදාළ කරුණු වලට. එයට අදාළ නැති දේවල් ගැන කතා කරන්න මම මේ වෙලාවේ මගේ කාලය නාස්ති කරන්නේ නැහැ.

      Delete
    2. / එයට අදාළ නැති දේවල් ගැන කතා කරන්න මම මේ වෙලාවේ මගේ කාලය නාස්ති කරන්නේ නැහැ.// හෙවත් අජිත් හරි වගේ නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ.
      //"ඉරාකයේ සමුලඝාතන කරන ආයුධ (WMD) තියනවා කිව්වා." කියන කරුණ වැනි එකක් ගත්තත් එය බොරුවක් කියා ස්ථිරවම කියන්නට ඔබට හැකිවුණේ කොහොමද කියන එක මම දන්නේ නැහැ.// කියල කියන්න මට පුළුවන්. ok මට නොතේරෙන නිශ අලිව්වේ.

      Delete
    3. //හෙවත් අජිත් හරි වගේ නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ. //
      අජිත් ඔය කියන "හරි" දෙය මොකක්ද කියලවත් මට පැහැදිලි නැහැ. රිපෝට් එක කියවන්නනම් වෙලාවක් නැහැ. MMR එන්නත බයොලොජිකල් වෙපන් එකක් ලෙස පාවිච්චි කරනවා කියලද කියන්න හදන්නේ?

      මම වසංගත රෝග ගැන ටිකක් හදාරා තිබුණත් රහස් ඔත්තු සේවා වැනි දේ ගැනනම් හදාරා නැහැ.

      Delete
    4. ඔබ කිසියම් හරි තැනකට ඇවිත් තිබෙනවා. මේක දැනට කොන්ස්පිරසි තියරි වෙන්න පුළුවන්. ඒ කාලේ සෝවියට් දේශයේ හා ඇමෙරිකාවේ බයොජිකල් වෙපොන් ප්‍රෝග්‍රෑම් වල නොයෙකුත් බැක්ටීරියා සහ වෛරස් ප්‍රෝග්‍රෑම් තිබ්බ. සෝවියට් දේශය කැඩෙන කොට ගොඩක් ඒවා විනාශ කලා. කොච්ච්චර බැන්නත් රුසියානුවෝ ත්‍රස්තවාදීන් නොවන නිසා. නමුත් ඒවා සතුරු රටේ ජනතාවට ඇඩ්මිනිස්ටර් කරන්න හැදුවේ එන්නත් ප්‍රෝග්‍රෑම් හරහා. ඕක ඉන්ටෙල් කරන කට්ටිය ගොඩක් දන්න දෙයක්. ඇමෙරිකාවේ Drug Enforcement Administration (DEA) සහ FDA එක ඉතාම හොඳ ස්වාධින ඒජන්සි බවට මගේ හැඟීමක් තිබෙනවා. ඔබේ පිළිතුරු වලින් එය වඩාත් තහවුරු වුන. ජර්මනියේ තත්වයත් එයමයි. අවාසනාවකට බ්‍රිතාන්‍යයේ මේ ආයතන ඉතා දුර්වලයි.

      Delete
    5. ඇමරිකාවේ CDC හා FDA ආයතන වල මා වෘත්තීය හෝ පෞද්ගලික සම්බන්ධතා මත දන්න පර්යේෂකයින් සිටිනවා. ඔවුන් සියල්ලන්ම පාහේ රැකියාවක් කරන ස්වාධීන පර්යේෂකයින්. මේවා රජයේ ආයතන නිසා ඔවුන්ට පෞද්ගලික සමාගම් වල මෙන් ලොකු වැටුප් හෝ සරසවි වල තරම් නිදහස නැහැ. ඒ නිසා, බොහෝ අය තමන්ගේ පර්යේෂණ ක්ෂේත්‍රයට අදාළ වැඩි වැටුප් ගෙවන සමාගමක රැකියාවක් ලැබුණු විට එවැනි සමාගමකට එකතු වෙන එක සාමාන්‍ය දෙයක්. නමුත්, පොදුවේ මේ ආයතන වල සේවය කරන අය සමාගමක රැකියාවක් ලබා ගැනීම සඳහා ඇතුළේ සිට සමාගම් වෙනුවෙන් කටයුතු කරනවා කියන එක බොරු කතාවක් (එවැනි අවස්ථා තිබීමේ කිසිදු ඉඩක් නැති බව මම කියන්නේ නැහැ.). DEAනම් පෞද්ගලිකව දන්න කවුරුත් නැහැ. ඒ නිසා වැඩි දෙයක් දන්නේ නැහැ.

      Delete
  17. ඉකොන්, කරන ලද වටිනා සාකච්චාවට සහ ඔබේ කාලයට ඉතාමත් ස්තුතියි. I thoroughly enjoyed it.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: