වෙබ් ලිපිනය:

Monday, May 23, 2022

ඉතිහාසයේ ඉහළම උද්ධමනය වාර්තා වෙයි!


ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය වාර්තා කරමින් 33.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව අප්‍රේල් මාසයේදී උද්ධමනය පැවතුනේ 29.8% මට්ටමේ.

මීට පෙර ලංකාවේ උද්ධමනය 30% ඉක්මවා තිබෙන්නේ එකම එක අවස්ථාවකදී පමණයි. ඒ, 1980 මැයි සිට අගෝස්තු දක්වා මාස හතරේදී. 1980 ජූලි වර්ජනය ඇති වුනේ ඒ පසුබිමේදී. කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 1980 මැයි මාසයේදී 30.0% මට්ටමට ගිය උද්ධමනය එම ජුනි මාසයේදී 31.1% දක්වාත්, ජූලි මාසයේදී 32.2% දක්වාත්, අගෝස්තු මාසයේදී 32.5% දක්වාත් ඉහළ ගොස් ඉන් පසුව අඩු වුනා. දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ලංකා ඉතිහාසයේ ඉහළම අයවැය හිඟය වූ 19.2% වාර්තා වුනේ එම වසරේදී. අයවැය හිඟය එපමණ ඉහළ යාමට හේතු වූයේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය වියදම් ලංකා ඉතිහාසයේ ඉහළම අගය වන 42.7% මට්ටම දක්වා ඉහළ යාමයි. 

මේ වන විට ලංකාවේ උද්ධමනය මනින ප්‍රධාන නිර්ණායක දෙකක් තිබෙනවා. ඒ කොළඹ පාරිභෝගික මිල දර්ශකය හා ජාතික පාරිභෝගික මිල දර්ශකයයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය

මෙය පදනම් වන්නේ 2013 වසරේදී කොළඹ නාගරික ප්‍රදේශ වල වැසියන්ගේ පරිභෝජන රටාව මතයි. කොළඹ නාගරික ප්‍රදේශ යන අර්ථ දැක්වීමට කොළඹ, දෙහිවල-ගල්කිස්ස, මොරටුව, ශ්‍රී ජයවර්ධනපුර හා කඩුවෙල යන මහ නගර සභා බල ප්‍රදේශත්, කොළොන්නාව, සීතාවකපුර, මහරගම, කැස්බෑව හා බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශත් අයත් වෙනවා. මේ ප්‍රදේශ වල වැසියන් 2012 ජූලි මාසයේ සිට 2013 ජූනි මාසය දක්වා වූ වසරක කාලය තුළ පරිභෝජනය කළ දේ පිළිබඳ තොරතුරු සමීක්ෂණයක් හරහා ලබා ගැනීමෙන් පසුව එම පරිභෝජන රටාව නිරූපණය වන පරිදි කොළඹ පාරිභෝගික මිල දර්ශකය සකස් කර තිබෙනවා.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට භාණ්ඩ හා සේවාවන් 392ක් අයත් වන අතර එම භාණ්ඩ හා සේවා වල මිල ගණන් පිටකොටුව, මරදාන, වැල්ලවත්ත, දෙමටගොඩ, ග්‍රෑන්ඩ්පාස්, බොරැල්ල, කිරුළපන, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, නුගේගොඩ, රත්මලාන හා නාරාහේන්පිට පිහිටි ස්ථාන 14කින් මාස්පතා එකතු කරගනු ලබනවා. 2013 වසරේදී මෙම භාණ්ඩ හා සේවාවන් 392 මිල දී ගැනීම සඳහා රුපියල් 60,364.73ක් වැය වී තිබුණා. එම මිල මාස්පතා වෙනස් වන ආකාරය කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙන් නිරූපණය වෙනවා. දර්ශකයේ එක් අංකයක් රුපියල් 603.65කට සමානයි. 

මිල ගණන් එකතු කරගන්නේ කොළඹ ප්‍රදේශයෙන් නිසා මාසයක් අවසන් වූ වහාම කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය ගණනය කළ ප්‍රකාශයට පත් කළ හැකියි. කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ඉතිහාසය 1952 වසර දක්වා දිව යන්නක්.

ජාතික පාරිභෝගික මිල දර්ශකය

ජාතික පාරිභෝගික මිල දර්ශකය හඳුන්වා දෙනු ලැබුවේ 2015 වසරේදී. මෙය  2012 ජූලි මාසයේ සිට 2013 ජූනි මාසය දක්වා වූ වසරක කාලය තුළ සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ සාමාන්‍ය පරිභෝජන රටාව මත පදනම් වන අතර භාණ්ඩ හා සේවාවන් 407ක් ඇතුළත්. දිවයිනේ එක් එක් දිස්ත්‍රික්කය තුළ පිහිටි ස්ථාන තුනකින් මාස්පතා මිල ගණන් එකතු කර ගැනෙන අතර මෙම මිල ගණන් එකතු කර දර්ශකය සකස් කිරීමට යම් කාලයක් ගත වන නිසා කිසියම් මාසයක උද්ධමනය ගණනය කළ ප්‍රකාශයට පත් කරන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය ප්‍රකාශයට පත් කර දින 21කට පසුවයි. මෙය උද්ධමනය පිළිබඳ වඩා පුළුල් හා නිවැරදි දර්ශකයක්. පාදක වසරේදී අදාළ භාණ්ඩ හා සේවා 407 මිල දී ගැනීම සඳහා රුපියල් 32,142.69ක් වැය වූ අතර එක් දර්ශක අංකයකින් රුපියල් 321.42ක් නිරූපණය වන පරිදි දර්ශකය සකස් කර තිබෙනවා. 

උද්ධමනය ගණනය කිරීම 

උද්ධමනය ලෙස සාමාන්‍යයෙන් අදහස් කෙරෙන්නේ දර්ශක අගයේ වසරක් තුළ සිදු වූ වෙනස් වීමයි. වෙනත් අයුරකින් කිවුවොත් අදාළ භාණ්ඩ හා සේවාවන් මිල දී ගැනීම සඳහා වැය වූ මුදල වසරක් තුළ වැඩි වූ ප්‍රතිශතයයි. 2022 අප්‍රේල් මාසයේදී  ජාතික පාරිභෝගික මිල දර්ශකයේ දර්ශක අගය 190.3ක්. 2021 අප්‍රේල් මාසයේදී මෙම දර්ශක අගය 142.2ක්. මේ අනුව දර්ශක අංක 48.1ක හෙවත් 33.8%ක වැඩි වීමක් දැකිය හැකියි. රුපියල් වලින් ගත්තොත් 15,460ක වැඩි වීමක්. වඩා වැදගත් කරුණ වන්නේ මෙම වැඩි වීමෙන් දර්ශක අංක 10.22ක් හෙවත් රුපියල් 5,672.59ක්ම වැඩි වී තිබෙන්නේ පසුගිය අප්‍රේල් මාසය තුළ වීමයි.

මෙන්න ඔබට හිතන්න පොඩි දෙයක්. මේ සටහන සමඟ පළ කෙරෙන ප්‍රස්ථාරය දෙස බලා උද්ධමනය මහ බැංකුවේ පාලනයෙන් ගිලිගෙන අවස්ථාව හඳුනා ගන්න. ඔබ මේ වැඩේ නිවැරදිව කළොත් උද්ධමනයට හේතුව ඩොලරයේ මිලද එසේ නැත්නම් ඩොලරයේ මිල ඉහළ යාමට හේතුව උද්ධමනයද කියන එක තේරුම් ගන්න පුළුවන් වෙයි.

29 comments:

  1. ඉකොනෝමැට්ටා කියන්නේ ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙන ගෙන ඇමරිකාවට ගිහිල්ලා ඉන්න ගමන් ලංකාවට වින කටින කුහක මනසක් ඇති කෙනෙක්. මේ මනුස්සයාගේ කටේම තියෙන්නේ ඕක හරියන්නේ නැහැ, හරියන්නේ නැහැ කියන එක තමයි. පට්ට නෙගටිව් කෙනෙක්. මේ බ්ලොග් දෙකයි, ඒවායේ ක්ලෝන් දෙකයි, ඩොමේන් එකයි ඔක්කොම රිපෝර්ට් කරන්න ඕනි ශෝෂල් මිඩියා වල අසත්‍ය ප්‍රචාරය කරනවා කියලා.

    මේ වගේ අයට තියෙන්නේ සමාජයත් එක්ක වෛරයක්, ඇරියස් එකක්. ජෙව්පිකාරයෝ වගේ තමයි. ඔන්න ඕක තමයි වෙන්නේ කුහක, දිළිඳු පවුල් වල අය ඉගෙන ගත්තම. අනික් කෙනාට වල කපන එකයි වැඩේ.

    තමුන්ට හරි හමන් පිළිතුරක් ඇත්තෙත් නැහැ. මේ වගේ අසත්‍ය වපුරන ලිපි නිසා උනත් මිනිස්සු කොච්චර රැවටෙනවාද. රටට සමාජයට හානියක් වෙනවද.

    එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දාල මෙම්බර්ස්ලාගේ සහයත් අරගෙන රිපෝර්ට් කරමු මේ බ්ලොග් එක.

    ReplyDelete
    Replies
    1. ඈ වල් පරයො තොට රිපෝට් කරන්න වෙන ඒව ඇත්තෙම නැද්ද? තොගෙ අම්මගෙ අහවල් එක රිපෝට් කරපිය ඔච්චර කසනවනම්.

      Delete
    2. ඇත්ත කියන කොට ඉවසන් ඉන්න බැරි මිනිස්සු ඉන්න රටක් කොහොම වෙනස් කරන්නද අනේ මන්ද ලංකාව කවදාවත් ගොඩ යන රටක් නෙවෙයි.

      Delete
    3. ඉකොනොමැට්ටා වගේම මේ උඩ තේරුමක් නැති බහුබූත කමෙන්ට් කරන කාලකන්නි අය වගේම ඉකොනොමැට්ටාගේ පිට කහන ඉකොනොමැට්ටාගේ බැතිමතුන්/ ෆෑන්ස්ලා/ වහල්ලු යන මොවුන් සියලු දෙනාම අසාර්ථකයි, ආණ්ඩුවේ බකපඬියනුත් දැන් මොන ජාතියෙන් හරි ඩොලර් හොයන්න මාර්ග හොයනවා, ඉකොනොමැට්ටාගෙත් විකාර කථා, දන්න දෙයක් නැහැ, පොත විතරයි දන්නේ...! ඒකත් අසාර්ථකයි, සියල්ල සිදුවන්නේ දේව කැමැත්ත මත කියලා විතරයි මේ මොහොතේ කියන්න තියෙන්නේ

      Delete
  2. ඉකොනොමැට්ටා, මේ වගේ එවුන් ඉන්න රටක් හැඳිගෑවිලා යන එක වලක්වන්න බෑ, හිතෙන්නෙ නැද්ද රටට වෙලා තියෙන දේ සිoහළ බ්ලොග් වලටත් අදාළයි කියල. සුදුස්සට සුදුසු තැන ලැබෙන්නෑ, මාතලන් වගේ බස් ගල්ලෙක්ට ඉහළම ෆලෝවර්ස්ල ගණනක් සහ ජනප්‍රසාදයක්, මේ උඩින් තියන බලු කොමෙන්ට් එක වගේ වැරැද්දක් දැක්කම අහක බලාගෙන ඉන්නව නැත්නම් ආතල් එකක් ගන්නව කවදාවත් ඒකට වැරදියි කියන්න බයයි, පට්ට කුහකයි, අමු කල්ලිවාදීයි, ගෑණු ටික සීයට අනූවක් කවියක් කතාවක් ලියාගෙන ඉන්නවා ලකේ පoකාවෙ මිරර් ඉමේජ් එකක් මේ සිoහළ බ්ලොග් ටිකයි ඒකෙ පාඨකයො සෙට් එකයි

    ReplyDelete
    Replies
    1. කුණුහරප මාතලන්ට ෆලෝවර්ස්ල 1048, දත්ත හොයාගෙන විද්‍යාත්මකව ලියන ඉකොනොට ෆලෝවර්ස්ල 188යි. ඉතින් ඕක බකොළොත් නොවී තිබුනොත් තමයි පුදුමෙ. රටේ දේශපාලනය වගේමයි. අවoක උගත් දක්‍ෂ එකෙක් ආවොත් ඇපත් නෑ නූගත් වල් ප**යෙක් ආවොත් ඉහළම මනාපෙන් දියවන්නාවට.තොපිට ඔහොම වෙලා මදි

      Delete
    2. ලමාතැන් ඉස්සර දන්න දෙයක් ලියාගෙන හොඳට හිටියා. පස්සෙ ගෙම්බා වගේ පිම්බුනා. මයින පිම්ඹිලා කෙලෝගත්ත සැන්තෑසියම තමයි වුනේ. ඊට පස්සෙ තමයි, මහාචාර්‍ය කියලා හිතා ගත්තෙ. අනාථ දෙයියත්, තානාපති කමට විකිණිච්ච එකේ, ඌටත් උගේ මිල ලැබෙන්න ඇති.

      Delete
    3. //මාතලන් වගේ බස් ගල්ලෙක්ට ඉහළම ෆලෝවර්ස්ල ගණනක් සහ ජනප්‍රසාදයක්//

      //ලමාතැන් ඉස්සර දන්න දෙයක් ලියාගෙන හොඳට හිටියා. පස්සෙ ගෙම්බා වගේ පිම්බුනා. මයින පිම්ඹිලා කෙලෝගත්ත සැන්තෑසියම තමයි වුනේ. ඊට පස්සෙ තමයි, මහාචාර්‍ය කියලා හිතා ගත්තෙ. අනාථ දෙයියත්, තානාපති කමට විකිණිච්ච එකේ, ඌටත් උගේ මිල ලැබෙන්න ඇති.//

      කියනුම කවරේද? මට මීට වසර තිහකට පමණ පෙර තායිවාන චීන ජාතිකයෙකු හමු වුන මොහොතක අවාසනාවට මෙන් මා එවකට තුන් වන ලෝකයේ හිඟන රටක් ලෙස ලොව පුරා කිච් වී ඇති රටක් වන ලාංකිකයෙකු බව දුක්මුසුව පැවසූ විට ම ඔහු ඉතා සතුටින් මා සමඟ පැවසුවේ ලංකාවේ මිනිසුන් විසින් පරිත්‍යාග කරන ලද අක්ෂි කුණිත ඔහුගේ රටට ලැබෙන බවත්, ඒවා බද්ධ කරගෙන ඇස් පෙනීම නැවත ලබා ගත් සෑහෙන පිරිසක් එරට වෙසෙන බවත් ය.

      කෙසේ නමුත් ලාංකිකයින් බොහෝ දෙනෙකු මෙලෙස මියගිය පසු ඇස් කුණිත දන් දීමට කැමැත්ත පළ කරන බව මා දැන ගත්තේ එදිනයි, මොකද මා කිසි දිනෙක සත පහක් වත් දන් නොදුන් අමු කුණෙක් නිසා, කෙසේ නමුත් සිංහල බුඩ්ඩාගම නැමැති ආගමික විස්වාසවල එල්බ සිටින ඇතැමුන්ට අනුව නම් එය එක් අතකින් දාන පාරමිතාවක් පිදීම ලෙසද අර්ථ දැක්විය හැකිය.

      කෙසේ නමුත් සත්‍යය නම් ලොව ධනවත්ම සහ එතෙක් මෙතෙක් ලොව බිහිවූ අතිවිශිෂ්ටම සහ හොඳම රට වන ඕස්ට්‍රේලියාවේ ද මිනිසුන් මියගිය පසු තම සිරුරේ කොටස් වෙනත් අයට දීම සඳහා කැමැත්ත පළ කරන බවයි. විශේෂයෙන්ම හදිසි අනතුරකින් මිය ගිය පසුව ඇස් පමණක් නොව තමන්ගේ සිරුරේ කොටස් ද වෙනත් අයගේ ප්‍රයෝජනය පිණිස භාවිතා කිරීමට කැමැත්ත පළ කිරීම රියදුරු බලපත්‍රයක් ගන්නා අවස්ථාවේදීම කළ හැක. මම ද ඉතාමත්ම අභිමානවත් ඕස්ට්‍රේලියානු පුරවැසියකු ලෙස ඔස්ට්‍රේලියාවේ ලොව සියලුමරටවල් වලින් හොඳම වාහන බලපත්‍රය ඔඅන ඔස්ට්‍රේලියන් ලයිසන් එක ලබාගැනීමේ දී එසේ කළෙමි.

      මම නම් එසේ කරන්නේ අන් අයගේ යහපත ගැන සිතා මිස එසේ නොමැතිව ලංකාවේ ඉන්න ගොන් හැත්ත මෙන් මගේ ඇති ලොකු කමකට නොවේ.

      නමුත් ලංකාවේ ඇස් කුණිත තායිවානයට යවන්නේ ඇස් නොපෙනෙන තායිවාන් ජාතිකයින් ගේ ප්‍රයෝජනය පිණිස මිස ලංකාවේ ලොකුකමක් පෙන්වීමට නොවන බව ලංකාවේ ගවයින් දන්නේ නැත.

      ඒ වගේම ලෝකයේ විවිධ රටවල ගංවතුර භුමිකම්පා වැනි විවසන ඇතිවී ජනතාවට උන්හිටි තැන් නැති වූ සමහර අවස්ථාවල ඔවුනට ආධාර පිණිස ලංකාවේ තේ කොල පරිත්‍යාග කරන බව මම ලංකාවේ සිටිය දී පුවත්පත්වලින් දැක ඇත්තෙමි. ලංකාණ්ඩුව එසේ කරන්නේ තමන්ගේ ලොකුකමක් පෙන්වීමටයි. නමුත් ඇත්ත වශයෙන්ම කළ යුත්තේ එය නොව වෙනත් අයෙකු අසරණ තත්ත්වයට පත්වූ විට පිහිට වීම සඳහා ය.

      කෙසේ නමුත් ලංකාව මේ වන විට මුහුණ පා සිටින අසරණ තත්ත්වයට යම් කිසි ආකාරයකින් මුදල් වීම පිණිස දකුණු ඉන්දියානු තමිල්නාඩු රජයෙන් මේ වන විට ආධාර ලබා දී තිබේ. ඒ සඳහා එකතු කරන අරමුදලට කුඩා ඉන්දියානු දැරියක් තම කැට එකතු කර මුදල් ද, හිඟන්නෙකු විසින් අනුන්ගෙන් තම අසරණකම පෙන්වා ලබාගත් මුදල් ද ප්‍රදානය කර තිබෙන බව ප්‍රවෘත්ති සටහන් මගින් දැනගත්තෙමි.

      තමිල්නාඩු ප්‍රාන්ත රජයෙන් එසේ කරන්නේ ඔවුන්ගේ ලොකුකම පෙන්වීමට බවත්, ලංකාවට සමච්චල් කිරීමට බවත්, ලංකාවේ අසරණ බව මුළු ලෝකයටම පෙන්නවා ලංකාව පහත් තත්ත්වයකට ඇද දැමීමට බවත්, ඔවුන්ගේ අභ්‍යන්තර දේශපාලන වාසි සඳහා බවත් ඒ පිළිබඳව මගේ පුද්ගලික අදහසයි.

      එසේ නොව, ඔවුන් එලෙස ආධාර උපකාර කරන්නේ ලාංකිකයින් වැටී ඇති අසරණ තත්වය ගැන ඔවුන්ගේ සිතේ ඉපදුනු අනුකම්පාව නිසා සහ ඔවුන්ගේ දානමය සිතුවිලි නිසා බව පිළිගැනීමට මම නම් පැකිළෙමි.

      ඔවුන්ගේ සිතේ ඉපදුනු අනුකම්පාව නිසා සහ ඔවුන්ගේ දානමය සිතුවිලි නිසා බවට ඇතැමුන් කියන අදහස් පිළිබඳව මට ඇති වන්නේ පිළිකුලකි.

      මේ අර "ලෝකෙන් උතුම් රට ලංකාවයි" හෙවත් "අපි තමයි හොඳටම කළේ" යන අමන මානසිකත්වය ම ය. මෙ ගොන් හැත්තට දරුණු වධ දී ලෝකෙන් උතුම් රට ඔස්ට්‍රේලියාවම පමණක් බව දැඩිව ධාරණය කරවීමට ලංකාවේ ගොන් ආණ්ඩුව දැන්වත් කටයුතු කළ යුතුය.

      Delete
  3. චන්දයකට බල කරන්න
    කැමති රජය තෝරගන්න
    එක හොරෙක් එළවලා
    තව හොරෙක් ගෙනල්ලා
    විසඳුමක් නොමැත
    අරගලය ඉදිරියටම!

    ReplyDelete
  4. හරි බන් ඕක එකපාරක් කිව්වම ඇති, අපිට තේරෙනව උඹ මෙතන ඇරියස් කවර් කරන බව.

    ReplyDelete
  5. ඔය මිල දර්ශක පදනම් කරගෙන සකස් කරන උද්ධමනයෙයි ස්ටීව් හැන්කිගෙ උද්ධමනයෙයි විශාල වෙනසක් තියෙනවා. ඒ ඇයි කියල පැහැදිලි කරන්න පුළුවන්ද? ස්ටීව් හැන්කිගෙ උද්ධමන දර්ශකය කොහොමද හැදෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. Anonymous May 23, 2022 at 1:00 PM

      ඇනෝ ආර්ථික විද්‍යාව කියන්නේ කිසිම දෙයක් හරියට කියන්න පුළුවන් මගුලක් නෙවෙයි, ඒකත් හරියට ජ්‍යෝතිෂ්‍ය වගේ යම් යම් කරුණු මත අනුමාන කරන්න විතරයි පුළුවන්, සංවර්ධිත රටවල් වල නම් ඉතාම පරිස්සමින් තමයි ටිකෙන් ටික දේවල් වෙනස් කරන්නේ, උදාහරණයක් විදිහට පොළී අනුපාත/ ආර්ථික ප්‍රතිපත්ති, ෆිස්කල් පොලිසි වෙනස්කම් වගේ. මොකද හෙමින් සැරේ ඒවායේ වෙන ඉම්පැක්ට්ස් ඔබ්සර්ව් කරමින් ටික ටික වෙනස් කරනව මිසක් පුම්චි අපේ ලකේ පංකාවේ වගේ ගෙම්බ ගැහුව වගේ හෙන ගහන විදිහට බදු/ පොලී අඩු වැඩි කරන්නේ නැහැ.

      ලොව කිසිම ආර්ථික විද්‍යාඥයෙක්ට ආර්ථික අවපාතයක් ගැන හරියටම කියන්න බෑ, නමුත් අනුමාන කරන්න විතරක් පුලුවන්, උදාහරණයක් විදිහට ලංකාවේ විශාල ආර්ථික අර්බුදයක් සහ ආහාර අර්බුදයක් එනවා කියලා 2006 විතර ඉඳලා රනිල්ලා කිව්වා, ඊට පස්සේ ඉකොනොමැට්ටා 2017 මහ විසාල අර්බුදයක් එන බවත් කිව්වා, ඒ මුකුත් වුණේ නෑ, හැබැයි හැමදාම ඔහොම කිය කිය ඉද්දි කරුමෙට වගේ 2022 ඇත්තටම එහෙම දෙයක් වුණාම - ඕක තමයි අපි කිව්වේ කියලා දැන් කයිවාරු ගහනවා, කනා ශොට් එකක් එච්චරයි.

      ලංකාවේ ආර්ථිකය ගැන කියනවා නම් ලංකාවේ ෆිස්කල් ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රධානතම අභියෝගය වන්නේ රටේ නැත්නම් රජයේ ආදායම් මාර්ග පහළ මට්ටමක පැවතීමයි, පොදුවේ ගත්තාම ලංකාවේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 12% ක් පමණ වන බවත් ලංකාව හා සමාන මට්ටමේ ආර්ථික වර්ධනයක් සහිත අනෙකුත් රටවල් හා සන්සන්දනය කිරීමේ දී මෙය පහළ අගයයක් බවත් පැහැදිලි කරුණක්, නමුත් අපනයන පහළ බැසීම, 2020-21 කොවිඩ් ආශ්‍රිත උග්‍ර ගෝලීය ආර්ථික අවපාතය හමුවේ ලංකාවේ අපනයන ආදායම මේ වන විට අභියෝගාත්මක තත්ත්වයකට පත්ව ඇති සේම විදෙස් ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ලැබීම් පහළ මට්ටමක පැවතීම ද ගෙවුම් ශේෂ පරතරය වැඩිවීමට හේතු වී ඇත.

      මහ බැංකු වාර්තාවල හැටියට ජාතික පාරිභෝගික මිලදර්ශකයේ (NCPI එන්. සී.පී.අයි., 2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මාර්තු 21.5% සිට 2022 අප්‍රේල් වල 33.8% ක් දක්වා ඉහළ ගියේ මෙම වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙම item වල මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් නිසයි ඒ අනුව, ආහාර කාණ්ඩයෙ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 මාර්තු පැවති 29.5% සිට 2022 අප්‍රේල් වල 45.1 % දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 මාර්තු මාසයේ පැවති 14.5% සිට 2022 අප්‍රේල් මාසයේ දී 23.9% දක්වා ඉහළ ගියා.

      ස්ටීව් හැන්කී කියන්නේ වෙනස් විදිහට ගණන් හදන ගෝතයෙක්, මිනිහගේ ගණන් වලින් වැඩක් නෑ, සරලව කිව්වොත් උද්ධමනය කියන එක එක එකාට බලපාන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් එකක්, ඒක ගොඩක් දුරට පුද්ගල බද්ධයි. උදාගරණයක් විදිහට පෙට්‍රෝල් මිල ඉහළ යාම අධික ලෙස පෙට්‍රල් බොන මිලෙන් අඩු වාහනයක් පදින එකෙක්ට බලපාන විදිය/ මිලෙන් වැඩි හයිබ්‍රිඩ් කාර් හිමියෙක්ට බලපාන විදිහ වගේම වාහන භාවිතා නොකර පොදු ප්‍රවාහනය භාවිත කරන අයට බලපාන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස්, අනිත් දේවලුත් මෙහෙමම තමයි.

      ඒ වගේම 2022 අප්‍රේල් වල NCPI (ජා.පා.මි.) දර්ශකය මාසික වෙනස 10.22% ක් වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙම item වල මිල ගණන් පිළිවෙළින්, 6.01% කින් සහ සියයට 4.12%කින් ඉහළ යෑම මේ සදහා හේතු වෙමින් ආහාර කාණ්ඩය තුළ, සහල්, කිරිපිටි, පරිප්පු, සීනි සහ පාන් මිල ගණන් ඉහළ ගියේ ආහාර නොවන කාණ්ඩය තුළ 2022 අප්‍රේල් මාසයේ දී, ප්‍රවාහන (පෙට්‍රල්, බස් ගාස්තු සහ ඩීසල්), නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන (නඩත්තු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, නිවාස කුලී සහ එල්.පී. ගෑස්), සෞඛ්‍ය (පෞද්ගලික වෛද්‍ය ගාස්තු), අධ්‍යාපනය (උපකාරක පන්ති ගාස්තු), සහ ආපනශාලා සහ හෝටල් යන උප කාණ්ඩයන්හි අයිතමවල ප්‍රධාන වශයෙන් මිල ගණන් ඉහළ යමින්, මේක මැක්‍රෝ ලෙවෙල් එකෙන් කියන්න පුළුවන් දේශීය අගයයි, නමුත් ඇමරිකන් කාරයෙක්ට මේක මීට වඩා වෙනස් විදිහකට වේට් (weighted) කරලා වෙනස් ද්‍රව්‍යවල මිල ගණන් ගැන සැලකිල්ලට අර වෙන විදිහකින් ගණනය කරන්න පුළුවන්, එතකොට එන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් අගයන්. මේ ලංකාවේ නැශනල් කන්සියුමර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකත් හරි නෑ, නමුත් මැක්‍රෝ ලෙවෙල් එකේ දල අදහසක් ගන්න පුළුවන්. හැන්කීගේ මගුල රට පටලලා තියෙන්නේ, ඌට ලංකාවේ මිනිස්සු කන බොන අඳින විදිහ ගැන අවබෝධයක් නැතුව පටලගෙන, උදාහරනයක් විදිහට තෙල් මිල විශාල ලෙස පුද්ගලික වාහන භාවිත වෙන එක්සත් ජනපද ස්ටේට්ස් වලට සාපේක්ෂව ලංකාවේ රටෙන් 61% ක් මිනිස්සු යන්නේ බස්වල සහ දුම්‍රියේ බව, ලංකාවේ මුළු ඉන්ධන වලින් 2.5% ක් දුම්‍ රිය සේවාවටත් 7% ක් යන්නේ බස්වලට බවත් ඉතුරු ඒවායින් බහුතරයක් පාවිච්චි කරන ත්‍රී වීල් මෝටර් සයිකල් වලට යන ප්‍රතිෂතත් ගැන දැනුමක් නැති එක නිසා ඉන්ධන මිලේ බලපෑම නිසි ලෙස නිරූපණය වෙන්නේ නෑ, ඔය වගේ කචල් ගොඩක් තියෙනවා, මෑන්ගේ කැල්කියුලේශන් මැනිපියුලේට් වෙලා තියෙන බව පැහැදිලියි.

      Delete
  6. ඉකොනොමැට්ටා,
    මම ඔබගේ posts නිතිපතා කියවන පාඨ්කයෙක්.
    ඔබගේ හරවත් ලිපි වලින් අපට කාලීන මාතෘකා පිලිබදව දැනුවත් කිරීම් අප ඉතා අගය කරමු.
    ඔබගේ ලිපි බැලීම සදහාම නිතර මේ බ්ලොග් access කරන පාඨ්කයෙක්මි.
    ඔබට මෙවැනි ලිපි තව දුරටත් ලිවීමට අවශ්‍ය ශක්තිය දය්ය්‍රර්‍යය ලැබේවාය් ප්‍රාර්තනා කරමි.
    ඔබගේ හරවත් ලිපි කියවා දැනුම ලබා ගැනීම වලක්වන පුද්ගලයින් ගේ මාතෘකාවට අදාල නැති comments තිබීම වලක්වා ඒවා මකා දමන ලෙස ඉල්ලා සිටිමි.
    ඔබගේ blog එක නිසි පරිදි පවත්වා ගැනීමට ඇති භාදා ඉවත් කිරීමට අපෙන් ඉටුවිය යුතු කාර්‍යයක් වෙතොත් එය ඉටුකිර්‍ර්මට අප නොපැකිලව ඉදිරිපත් වන බව දැනුම් දෙමි.
    ඔබට නිරෝගී සුව!

    ReplyDelete
    Replies
    1. මොකෙක්වත් ඉකොනෝමැට්ටාගේ පැත්තට කතා කරලා නැති නිසා මිනිහම ඇනෝ කොමෙන්ට් වලින් මිනිහගේ හොද කියා ගන්නවා.

      Delete
    2. Chalana AmerasingheMay 23, 2022 at 11:47 PM

      නෑ . ඉකොනොමැට්ටාට ප්‍රශන්ශා කර ඉහත comment එක දැම්මෙ මම. ඉකොනො ගේ rich පොස්ට්ස් ආසාවෙන් කියවන කෙනෙක් මම. ඔහුගේ සෑම පොස්ට් එකකම මට වැදගත් . ඉගන ගන්න, ඉතා ප්‍රයෝජනය්. . එහෙම පුද්ගලයෙක් හා ඔහුගේ ඉදිරිපත් කිරීම් ආරක්ෂා කිරිම අපේ වගකීමය්.

      Delete
    3. රනිලා මාගේ එඞේරාය
      අපව නිල් තණබිමකට දක්කාගෙන යන්නේය
      අපට නැවත ගෝට් චීස්, සැමන් ෆිලේ දෙන්නේය
      කෝ ආර්ථිකේ වැටෙනව කිව්වට වැටුනද?

      -එළකිරියෙ නම විකුණගෙන කන, හරක් සැට් එක-

      Delete
    4. Chalana AmersingheMay 24, 2022 at 11:16 AM

      මගේ නම පාවිච්චි කරල මේ උඩ කැත භාශාවෙන් comment කරන පුද්ගලයාගෙන් මම මේ අහන්නෙ. කාත් එක්කද මේ තරහෙන් කතා කරන්නෙ. ඔය ද්වේශයන් තමන් වෙතම එන බව මතක තබා ගන්න.

      Delete
  7. ඉකොනොමැට්ටා

    මම හිතන්නේ ලංකාවේ ඉඩම් විදේශිකයන්ට විකිණීමට එරෙහිව කතා කරන්නට දැන් නොහැකිබව. පහුගිය දවස් වල ගෝටාගෝගම සිට ශක්තිමත්ව නැගී සීටි ඒ සඳහා පැවති සමාජවාදී තරුණ බලය දැන් හොඳටම දුර්වල වී තිබේ. ඉඩම් පමණක් නොව විකිණිය හැකි සියල්ල විකුණා ගෑස් තෙල් හාල් කිරිපිටි ආදිය මොන දීපංකරයෙන් හෝ ගෙන්වා දිය යුතු බවටත් ගෝඨාභය ගියත් එකයි නැතත් කමක්නැහැ අපට තෙල් බෙහෙත් ගෑස් විදුලිය තියෙනවා නම් ඒ ඇති මොකා බලේ හිටියම අපට මොකෝ නැතිනම් මෙතන එකිනෙකාගේ බෙලි කපාගෙන රටම අමුසොහොනක් වෙනු ඇතැයි ජන මතයක් සකස් වී ඇති අවාසනාවන්ත ඉරණමට ලංකාවේ බහුතරයක් දෙනා පත්වී ඇත.

    ඒ වගේම තමයි ආණ්ඩුවේ ඉහළම ලොක්කන් පිරිස IMF ගියාය කියා මහලොකු වෙනසක්ද සිදු වී නැත. දැන් දැන් හැමෝම කියන්නේත් අපනයන, ප්‍රේෂණ සහ සංචාරක ආදායම වැඩි කර අප විසින්ම අපේ විදේශ සංචිත වැඩි කරගත යුතු බවයි. ඉතින් යකෝ අර කාලකන්නි කපුටා කියන පොල් බූරු මීහරකා සහ කබරරාල කබ්බා කියන කම්බා හොර හැත්ත මුලින් කරන්න හැදුවෙත් ඒකමනේ ගොයියෝ! එදා “IMF පලයල්ලා” කියා පොළොවේ පස්කාපු හාමුලා දැන් මීක් නැත. “ගියේ පරක්කු වෙලා”ය කියා කියන්නට ඔවුන්ට පහසු හේතුවක්ද ඇත. නමුත් රාජපක්ෂ කල්ලිය වගේම වික්‍රමසිංහ හාමුත් IMF යෑමේ සැබෑ අරමුණ එදා සිටම අපි කීවෙමු. දැන් එය ඉෂ්ට වෙමින් තිබේ. කරන්නට දෙයක් නැත. යථාව අප පිළිගත යුතුය.

    ලංකාවේ බහුතරයක් දෙනා ගත් විට අහංකාර මෝඩ මීහරක් රැලක්. තමන්ගේ පෞද්ගලික හීනමානයන් නිසා එකිනෙකා සමග ගැටෙමින් රට පාවාදෙන මෝඩ ජාතියකි. බුද්ධිමත්ව ගැටලුවක් විසඳීමට හැකියාවක් නොමැති, ඉවසිල්ලෙන් කාරණා තේරුම්ගත නොහැකි, තාර්කිකව සාකච්ඡා කර විසඳුම් සෙවිය නොහැකි අන්තිම අසාර්ථක පල් මෝඩ ජාතියකි. ඉතිහාසය පුරාම අප කර ඇත්තේ එයයි.

    අනාථ නාථ සිල්වා මැන්ටලේ නායකත්වය දෙන ජාතික බලවේග යැයි තමන්ටම කියාගන්නා පම්පෝරිකාරයන්ට ඕන වුණේ කපුටෙකු එළවීමට පමණයි. උන්ට කපුටා එළවන්න ගිහින් දැන් කුඹුරත් නැති වී තිබේ. හාමු ඇවිත් බහු පාක්ෂික අරගලය ද අල කර 21 සංශෝධනය කියල මැජික් නාඩගමක් පටන් අරන් තියෙන්නෙ. ඇත්තටම මේවා ලීවාට මේවා ගැන තවදුරටත් කිසිසේත්ම වදවෙන එකද තේරුමක් නැති වැඩක්. එහෙම නේද ඉකොනොමැට්ටා?

    ReplyDelete
  8. බුරන සුනඛයන් සඳ දැක උමතු වෙලා
    කවදත් සිටි නමුත් සඳ නැත වෙනස් වෙලා
    පැන ගිය මුවන් දැක ගෙයි මුව හමට තළා
    පිස්සු කෙළිති අනුවණ දන හිටු කියලා

    ReplyDelete
    Replies
    1. නිදී

      ඔබ දන්නවා ඇතිනස්රුදින්ගේ කතා. නස්රුදින් ‘මුල්ලා’ (ගුරුවරයකු) කෙනකු ලෙස හැඳින්වෙනවා. නස්රුදින් තම රටේ කෙනකු ලෙස සලකන ලොව රටවල් ගණනාවක් ම තියෙනවා. රුසියාවෙදි ජනතා වීරයකු ලෙස සැලකෙන ‘මුල්ලා නස්රුදින්’ චීනයේ දී ‘නස්රුදින් අවන්ති’ වෙනවා. නස්රුදින්ගේ කතාවල පුදුම ගුණයක් තියෙනවා. එක කතාවක් අහපු කෙනෙකුට කතා කීපයක් ම අහන්න හිතෙනව. ඒ කතාවක් අහල කෙනෙක් හිනාවෙනවා. තවත් කෙනෙක් කල්පනාවට වැටෙනවා. සමහර දෙනෙක් හිනාවෙලා කල්පනාවටත් වැටෙනවා. මේ කතා බුද්ධිය පණ පොවන්න උදවු වෙනවා කියල ලොව පුරා පිළිගැනීමක් තියෙනවා. යුගොස්ලාවියාවෙදි ‘නස්රුදින් ගෝහා’ වෙනවා. ගී‍්‍රසිය, ප‍්‍රංශය ආදී හැම රටකම ජනකතා අතර නස්රුදින්ගේ කතා තියෙනවා. ශී‍්‍ර ලංකාවේ අන්දරේගේ කතා අතරත් නස්රුදින්ගේ කතා තියෙනවා. නස්රුදින් තම රටේ උපන් කෙනෙකැයි කියන රටවල් ලොව පුරා තිබුණත් ඔහු වෙනුවෙන් සොහොනක් ප‍්‍රදර්ශනය කරන එක එකම රට තුර්කියයි. ඒ රටේ නස්රුදින් උපන්නා යැයි කියන එස්කිෂෙයර්වල වාර්ෂික උත්සවයකුත් පැවැත් වෙනවා. නස්රුදින්ගේ ප‍්‍රතිමාවක් ඉදි කරපු උයනකුත් තියෙනවා. නස්රුදින්ට සමාන කළ හැකි, ඊටත් වඩා දස්කම් ඇති රාජා බිර්බල් ඔබට හඳුන්වා දෙන්නම්. මහේෂ් බාබු නමින් උපන් ඔහු 1528-1586 අතර කාලය තුළ ඉන්දියාවේ ජලාලුද්දීනි මුහම්මද් අක්බර් ඛාන් නම් මෝඝල් අධිරාජයාගේ රාජ සභාවේ සිටි පඬිවරුන් නව දෙනාගෙන් කෙනෙක්. ඒ වගේ ම ඒ අධිරාජයාගේ විනිශ්චය සභාවේ ප්‍රධානියා මෙන් ම ඒ හමුදාවේ ප්‍රධාන සෙන්පතියා වූයේත් බිර්බල්. එක උදෑසනක අක්බර් අධිරාජයා රාජකීය උද්‍යානයේ බිර්බාල් සමග කථා කරමින් සිටියා. අධිරාජයා මඟුල් උයනේ ඉන්නා කපුටන් දැකලා බිර්බාල්ගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇසුවා.

      "අයිසෙ බිර්බල්, ත්මුන්ට මේ උයනේ කපුටන් රාශියක් ඉන්නවා. මගේ මුළු රාජධානියේ ම කපටුන් කොච්චර ඉන්නවාදැයි කියන්න පුලුවන් ද?"

      මේ අමුතු බිර්බල් ටිකක් වෙලා කල්පනා කරලා ඉඳල මේ විදියෙ උත්තරයක් දුන්නා.

      "රජතුමනි, ඔබතුමාගේ රාජධානියෙ ඉන්න කපුටන් ගණන හරියට ම අනූ දහස් දෙසිය හතළිස් අටයි."

      බිර්බල්ගේ ඒ උත්තරයෙන් අධිරාජයා විස්මයට පත් වුණා.

      "ඒ තරම් ඉක්මනට කොහොම ද කිව්වෙ? හොඳයි අපි කපුටන් ගණන් කරල බැලුවොත් ඒ ගණන ඊට වඩා වැඩි වුණොත් බිර්බල් මොකද කියන්නේ?" අධිරාජයා ඇහුවා.

      "එහෙනම් ඒ වැඩිපුර කපුටන් අල්ලපු රාජධානියේ ඉඳලා මේ රාජධානියට සංචාරයක් සඳහා ආපු අයයි." බිර්බල් කීවා.

      "හොඳයි ඔහෙ කිව්ව ගානට වඩා කපුටන් ගණන අඩුවුණොත් මොකද කියන්නේ?" අධිරාජයා පෙරළා ප්‍රශ්න කළා.

      "එහෙනම්, ඒ අඩු කපුටන් නිවාඩුව ගත කරන්න අල්ලපු රටට විනෝද සවාරියක් ගිහින්." බිර්බල් ගණනකට නැතිව උත්තර දුන්නා.

      Delete
    2. මරුනේ, අද බිර්බාල්ගේ කතන්දර දෙකක්ම දැන ගත්තා මේ කමෙන්ටුවලින්ම. ගොඩක් ස්තුතියි.
      නස්රුදින් ගැන නම් දැනගත්තේ ඒ දවස්වල 'නවයුගය' පත්තරේට පර්සි ජයමාන්න මහත්තයා ලියූ විශේෂාංගයෙන්, (බන්ධුල හරිශ්චන්ද්‍ර මහතාගේ අපූරු සිතුවමකිනුත් හැඩවී තිබුණු.)

      Delete
  9. ඉකොන්, ඔබ කියන උද්ධමනය මහ බැංකු පාලනයෙන් ගිලිහුන අවස්තා නම් ජාතික පාරිභෝගික මිල දර්ශකය උපරිම වීම්, කොලඹ පාරිභෝගික මිල දර්ශකය උපරිම වීම් අභිබවා ගිය අවස්තා නේද? උදා. 2017-මාර්තු, 2017-අගෝස්තු වැනි.

    ReplyDelete
    Replies
    1. නෑ. මම කිවුවේ මේ රේඛා දෙක ඉස්සෙන්න පටන් ගන්න අවස්ථාව ගැන. එය වෙන්නේ 2021 සැප්තැම්බර් පමණ. ඔය දවස් වල සිට තමයි හිටපු අධිපතිගේ සයමාසික සැලැස්ම යටතේ ඩොලරය 200 මට්ටමේ ස්ථිරව තියා ගත්තේ. උද්ධමනයට හේතුව ඩොලරයේ වැඩි වීමනම් 2022 මාර්තු දක්වා කාලය තුළ ඔය විදිහට උද්ධමනය ඉහළ යන්නේ නැහැනේ.

      Delete
    2. නමුත් මාර්තු වෙනකම් 200ට තිබ්බට කලුකඩේ ගාන වැඩිඋනා කියල තර්ක කරන්න පුලුවන්.
      ඉකොනො කියන දේට එකඟයි

      Delete
    3. AnonymousMay 24, 2022 at 6:52 AM

      ඔව්. ඒක පදනමක් තිබෙන තර්කයක්.

      Delete
  10. ඉකොන්, මෙම රේඛා දෙක ඉස්සෙන්න පටන් ගන්න අවස්ථා මීට කලිනුත් තිබුනා නේද? එය යම් මට්ට්මක් ඉක්මවා යාමද ඔබ අදහස් කරන්නේ?

    ReplyDelete
    Replies
    1. මහ බැංකුවේ ඉලක්කය උද්ධමනය 4-6% අතර පවත්වා ගැනීමයි. එම මට්ටම ඉක්මවීම පාලනය ගිලිහීමක්.

      Delete
  11. ස්තූතියි හැමදාම වගේ තාක්ෂණික කරුණු සරලව පහදා දුන්නට. මෙවැනි ලිපිවලටත් ද්වේශසහගත කොමෙන්ට් දාන අය දකින්නත් පිලිකුල් .

    ReplyDelete
  12. ඉකෝන් 100% මැද මාවතේ නැ, නමුත් මේකේ දැන ගන්න දේ තියෙනවා. එක බලාගෙන බය්ලා නොගහ ඉන්න එක පාට යකා සතුය්.
    මම විජේබාහු

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: