වෙබ් ලිපිනය:

Wednesday, May 18, 2022

පොලී අනුපාතික නඩත්තු කළ හැකිද?


අද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට රුපියල් මිලියන 90,000ක බිල්පත් ඉදිරිපත් කර ඇතත්, වෙන්දේසියේදී විකුණාගන්නට හැකි වී තිබෙන්නේ රුපියල් මිලියන 16,475ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. රුපියල් මිලියන 135,210ක ලන්සු ඉදිරිපත්ව ඇතත්, මහ බැංකුව විසින් භාර ගෙන තිබෙන්නේ පෙර සතියේ පැවති පොලී අනුපාතික නොඉක්මවන (24% ආසන්න මට්ටමේ) ලන්සු පමණයි.

දින-91 බිල්පත් 

වෙන්දේසියට ඉදිරිපත් කළ ප්‍රමාණය- රුපියල් මිලියන 50,000

ලැබුණු ලන්සු ප්‍රමාණය - රුපියල් මිලියන 85,462 

භාරගත් ප්‍රමාණය - රුපියල් මිලියන 6,416

බරිත සාමාන්‍ය පොලී අනුපාතිකය - 24.07%


දින-182 බිල්පත් 

වෙන්දේසියට ඉදිරිපත් කළ ප්‍රමාණය- රුපියල් මිලියන 20,000

ලැබුණු ලන්සු ප්‍රමාණය - රුපියල් මිලියන 20,994 

භාරගත් ප්‍රමාණය - රුපියල් මිලියන 3,433

බරිත සාමාන්‍ය පොලී අනුපාතිකය - 24.69%


දින-364 බිල්පත් 

වෙන්දේසියට ඉදිරිපත් කළ ප්‍රමාණය- රුපියල් මිලියන 20,000

ලැබුණු ලන්සු ප්‍රමාණය - රුපියල් මිලියන 28,754 

භාරගත් ප්‍රමාණය - රුපියල් මිලියන 6,626

බරිත සාමාන්‍ය පොලී අනුපාතිකය - 24.50%


මේ මොහොතේ මහ බැංකුවේ ප්‍රතිපත්තිය වී තිබෙන්නේ පොලී අනුපාතික තවත් ඉහළ යාමට ඉඩ නොදීම බව පේනවා. වෙන්දේසියට ඉදිරිපත් කළ බිල්පත් සියල්ල මිල දී ගත්තානම් බොහෝ විට දින-91 සහ දින-182 පොලී අනුපාතික 28% පමණ දක්වාත්, දින-364 පොලී අනුපාතිකය 31% පමණ දක්වාත් ඉහළ යාමට ඉඩ දෙන්න වෙනවා. 

රටේ මිනිස්සු රජයෙන් ඉල්ලා සිටින්නේ සහන දෙන ලෙසයි. ඔවුන් බදු වැඩි කරනවාට කැමතිත් නැහැ. මේ පීඩනයට ආණ්ඩුවට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා. එහි අනිවාර්ය ප්‍රතිඵලය වැඩියෙන් ණය ගන්න සිදු වීමයි. ඉහත වෙන්දේසියට ඉදිරිපත් වූ ලංසු වලින් පෙන්වන්නේ ණය ගැනීම සඳහා ගෙවිය යුතුව ඇති මිලයි.

අවශ්‍ය අරමුදල් සියල්ල වෙළඳපොළෙන් ලබා ගන්නනම් පොලී අනුපාතික තවත් ඉහළ යන්න ඉඩ දෙන්න වෙනවා. එවිට, රාජ්‍ය වියදම් තවත් ඉහළ ගොස් ණය ගැනීමේ අවශ්‍යතාවයද ඉහළ යනවා. පොලී අනුපාතික ඉහළ යාමට ඉඩ දීමට රජය හා මහ බැංකුව පැකිලෙන්නේ ඒ නිසා වෙන්න පුළුවන්. මගේ අදහසනම් පොලී අනුපාතික තවත් ඉහළ යාම නොවැලැක්විය හැකි බවයි.

රුපියල් මිලියන 90,000ක් අවශ්‍යව තිබියදී හොයාගන්න පුළුවන් වුනේ රුපියල් මිලියන 16,475ක් පමණයි කියන්නේ රුපියල් මිලියන 73,525ක අරමුදල් හිඟයක් තිබෙනවා කියන එකයි. මේ සල්ලි හොයා ගන්නේ කොහොමද? 

යම් බිල්පත් ප්‍රමාණයක් වෙන්දේසියට පිටින් EPF එකට හා රාජ්‍ය බැංකු වලට විකුණන්න ඉඩ තිබෙනවා. එහෙත් අරමුදල් හිඟයෙන් වැඩි කොටසක් පියවා ගනු ඇත්තේ සල්ලි අච්චු ගැසීමෙන් බව පැහැදිලියි. මේ වෙලාවේ රටේ මිනිස්සුන්ගේ ඉල්ලීම් ඉටු කළ හැකි වෙන ක්‍රමයක් නැහැ. 

#ඉකොනොමැට්ටා 

35 comments:

  1. රනිල් අගමැතිවරයා පැහැදිලිව කිව්වා වසරේ ඉතිරි මාස කීපය සදහා සහන අයවැයක් ඉදිරිපත් කරන බවට. ඒ වගේම මුදල් අච්චු ගැසීමට ඉතාම අකමැති බව හා වෙන කරන්න දෙයකුත් නැති බව.

    ජපානයෙන් ඩොලර් බිලියන කීපයක ප්‍රධානයක් සහ මුදල් සමුළුවක් සදහා හිතවත් රටවල් කීපයක් කැමැත්ත පලකොට ඇති බවට වාර්තා වනවා. ඒ අනුව යහපතක් වේවි.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයෙක් මට පැවසුවා ඩොලරය රුපියල් දෙසිය ගණනකට ගෙන ඒම බලාපොරොත්තුව බව.

      Delete
    2. Me dawas tike minissunta arthika prashna nisa hariyata kanna bonna Naha. Oyala Ada udetai dawaltai kapu dewal kiyanna balanna. Karuna karala Boru Danna epa.

      Mama Ada kawa ewa

      Udeta - rolls ekai plain tea ekai
      Dawalta - panui sambolai

      Delete
    3. අඩෝ තෝ කෝටිපතියෙක් නේ ඕයි,

      පාන් සෝට් ඊට්ස් කන්න, තේ බොන්න, යකෝ අපිටනම් ඔව්ව කාපු බීපු කාලයක් මතක නැහැ, අපි අද උදේට කෑවේ වත්තෙන් කඩා ගත්ත වැල්පෙනෙල කොල ටිඅකක්, ගොටුකොළ, හාතාවාරිය, කරපිංචා කොළ සමග ඉතම ස්වල්පයක් යාන්තමින් දමපු සහල් හොදින් සෝදා අවශ්‍ය පමණට වතුර දමා එලියේ අලුතින් හදපු දර ලිපේ රත්කරගත්තා, දවල්ට අහල පහල වත්තකින් හම්බෙච්ච කොස් ගෙඩියක් තම්බලා ගත්තා, පොලුත් ගිණි ගනන්, බත්මුලේ කොසුයි පොලුයි විතරයි, මය්යොක්කා ටිකකුත් හම්බවුනා වෙලාවට. රෑට මය්යොක්ක දරලිපේ තම්බන්න ඕනේ. ගෑස් ලිපේ මකුලුදැල් බැඳිලා සුද්ද කොරන්න ඕනෑ.

      අද වැඩට එන්න විදියක් නෑ බස් වල කට කපල සෙනග, බයික් එකටයි කාර් එකටයි පෙට්‍රල් නැතුව ගෙදර වේලෙනවා, පුට් සයිකලේ ගිණි ගනනක් දීල චේන් එකක් දාලා රෙපෙයාර් කරල ගත්තා, මේ දවස් ටිකේම වැඩට යන්නේ පුට් බයිසිකල් ඒකේ කි.මී. දොලහක් ඔපිස් එකට යන්න පාන්දර හයට ලෑස්ති වෙලා පුට් සයිකල් පැදගෙන එනවා, හැබැයි ඉතින් වැස්සොත් නම් අබ සරණයි, නාගෙන එන්න වෙන්නේ. මොනවා කරන්නද මේ අපි ලබා උපන් හැටි.

      Delete
    4. # AnonymousMay 20, 2022 at 12:18 AM

      කළු කැත හිගන අනාත සිංහල කුකුලෙක්. ලිඳේ පැනලා ආත්මේ මාරු කර ගනින් කළු ජරාව.

      Delete
    5. Anonymous May 20, 2022 at 5:31 AM

      සිංහල අපේ එවුන් හැන්ද දුන්නම අල්ලන්නේ මිටෙන් නෙවෙයි නේ,,,හැම එකක්ම අල්ලගන්නේ වැරදි පැත්තෙන් .නැත්නම් කොයිකත් නරක නෑ.

      සෞඛ්‍ය සේවයේ කිසිවකුටත් වර්ජනය කිරීමේ අයිතියක් නැතැයි ද මේ ආත්මයේ වර්ජනය කරන්නවුන් ලබන ආත්මයේදී අනිවාර්යයෙන්ම රෝගීන් වී ඉපදෙතියි ද හි.ජ.පො.දි.පා.ම. මෛත්‍රීපාල සිරිසේන 2015 නවක හෙදියන් 2500 දෙනකු බඳවා ගැනීමේ උත්සවයේදී ප්‍රකාශ කළේ ‘අද මෙතැන සිටින හෙඳියන් පූස් පැටව් වගේ .තව අවුරුදු කිහිපයකින් ඔවුන් කරන දේ මට හිතාගත්ත හැකියි. සෞඛ්‍ය සේවයේ කිසිවකුටත් වර්ජනය කිරීමේ අයිතියක් නෑ. එහෙම කරන අය ඊළග ආත්මයේදී ලෙඩ්ඩු වී ඉපදෙයි" කියලයි, කුකුල්ලු වගේද බළල්ලු.

      Delete
  2. 'රුපියල් මිලියන 90,000ක් අවශ්‍යව තිබියදී හොයාගන්න පුළුවන් වුනේ රුපියල් මිලියන 16,475ක් පමණයි කියන්නේ රුපියල් මිලියන 73,525ක අරමුදල් හිඟයක් තිබෙනවා කියන එකයි. මේ සල්ලි හොයා ගන්නේ කොහොමද? '

    ඕවා කවුරු හරි හොයාගයි. මොකද අපි හොයලා දෙන්නයෑ. හැන්දෑවට භාගයක් ගහලා හොද කටට රහට රයිස්සෙකක්, කොත්තුවක් කාලා සිකරට් එකක් බීලා බුදිය ගන්නවා ඇරෙන්න. අපි හම්බ කරොත් අපි කනවා.

    ReplyDelete
  3. අවලාද නගන විට
    රෝහිණී කවිරත්නට
    නෑසූ කනින් සිටි
    රාජපක්ෂ හිවලාමය
    නව කතානායක
    යුවරජ

    කොතරම් විපර්යාස
    මහපොලොවෙ සිදුඋනත්
    කිසිදා නොදැනෙන අපේ
    මැතිසබය
    චිරං ජයතු චිරං ජයතු !


    ReplyDelete
  4. එක් තැනක දින 264 ලෙස සඳහන් තිබෙනවා.එය නිවැරදි කරන්න.

    ReplyDelete
  5. අම්මපා බය හිතෙයි
    හෙටක් ගැන හිතද්දී
    අම්බරුවො දන්නෙ නෑ
    පොදු දනා දුක් විඳි

    උන්ගෙ දේපොළ වටී
    උන්ගේ ළමයින් වටී
    පුරවැසියො රොතු පිටින්
    මහ මඟට ඇත වැටී

    හෙටානිද්දම අපට
    හොරුන් බිහි වේවි වගෙ
    කවුද වග කියන්නේ
    කවුද අප රකින්නේ?

    ReplyDelete
  6. සර්
    මම මාසෙකට විතර කලින් sampath බැන්කුවට TB වලට දාපු සල්ලි තාම බැන්කුව මගෙ savings AC එකෙ අඩු පොලියට තියා ගෙන ඉන්නවා. මගෙ wife ගෙ සල්ලිත් එ වගෙ තියා ගෙන ඉන්නවා. ඇහුවහම branches වලින් දවසකට එන දහස් ගනන් application process karanna කල් යනවලු
    BOC TB department එකෙත් ඔය උත්තරෙ දුන්නෙ. මන් හිතන්නෙ බැන්කු වල අකාර්යක්ෂම තාව නිසා TB ගොඩක් subscribe වෙන්නෙ නෑ. දැන් හිතෙනව ගලවල FD දාන්න.


    ReplyDelete
    Replies
    1. Sampath එකේ money market account කියලා තියනවා. T-bill ගන්නකන්ඒ කට දාලා තියන්න. 12% දෙනව. ඕනෙ වෙලාවක withdraw කරන්න පුළුවන්

      Delete
    2. ස්තුතිය් ඇනෝ ඔබට

      Delete
  7. බැන්කු වක්‍රව වෙලදපොලෙ සල්ලි , TB පෙන්න පෙන්නා අඩු පොලියට savings ac වල තියාගෙන ඉන්නවද හිතාමතාම. එකෙනුත් වෙන්නෙ වෙලද පොලෙ සල්ලි එකතු කිරීමෙ CB උපක්‍රමේ ම නේ. නැත්නම් CB එකට TB වලට වැඩි පොලියක් ගෙවන වට වඩා එය වාසිය්. ඒ වගෙම TB නිකුත් කිරීමෙ CB අරමුණ ත් ඉශ්ට වෙනව TB වැඩි පොලී burden එක නැතුව.

    ReplyDelete
  8. ඉකොනෝමැට්ටා,

    ඔබගේ බ්ලොග් අඩවිය ශ්‍රී ලංකාවේ වාරණය කරලාද?

    සැරින් සැරේ මේකට එන්න බැහැනේ.

    ReplyDelete
  9. තත්ත්වය දැන් නම් හොඳයි.දැන් යන්න අදහසක් නැහැ – මහ බැංකු අධිපති.

    මේ වන විට රට තුළ නිවැරදි මාවතක් වෙනුවෙන් ප්‍රගතියක් ඇති බව පෙනෙන්නට ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    ඒ අනුව තවදුරටත් සාර්ථකව වැඩ කටයුතු කිරීමේ හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාසයක් පවතින බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ.

    ”ගියවර මා කතා කරන මොහොතේ පැවති දේශපාලන අස්ථාවරභාවය දිගටම පවතිනවා නම් මහ බැංකුවක් වශයෙන් මොන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළත් ඒවා සාර්ථකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එවිට මට නෙවෙයි කාට වුණත් ඒ ආකාරය කරන්න අමාරුයි. ඒ නිසා එහෙම අවස්ථාවකදී මම අනතුරු අඟවා සිටින්න වෙනවා. එයයි මම ඒ වෙලාවේ ප්‍රකාශ කළේ. එදා තිබුණ තත්ත්වය සහ අද තිබුණ තත්ත්වය බලන කොට දැනට යම්කිසි ආකාරයක පාර්ලිමේන්තුවේ අගමැතිවරයෙක් පත්කරලා තිබෙනවා. එදා කැබිනට් මණ්ඩලයක් තිබුණෙත් නැහැ අගමැතිවරයාත් ඉල්ලා අස්වෙලා තිබුණේ. අද වෙනකොට යම්කිසි නීති පද්ධතියක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. රටේ තිබුණ ප්‍රචණ්ඩකාරී තත්ත්වය සම්පූර්ණයෙන් නැති වෙලා සාමකාමී තත්ත්වයක් තියෙනවා. මේ වෙද්දී යම්කිසි නිවැරදි මාවතකට ප්‍රගතියක් තියෙනවා කියල තමයි මම දකින්නේ. ඒ නිසා මගෙන් ගොඩදෙනෙක් ඉල්ලීමක් කරලා තියෙනවා යන්නත් එපා කියල. ඒක ගැනත් මගේ හිතේ තියෙනවා. ඒ නිසා තවදුරටත් වැඩකටයුතු සාර්ථකව කරගන්න පුළුවන් වෙයි කියන විශ්වාසයක් මගේ හිතේ තිබෙනවා.”

    ReplyDelete
  10. විවිධ අවස්ථාවල අවශ්‍යතාව පරිදි මුදල් අච්චු ගැසීමට මහ බැංකුව කටයුතු කළත් එමගින් උද්ධමනයට සැලකිය යුතු බලපෑමක් සිදුව නැති බවත් ආර්ථිකයට මුදා හරින මුදල් නැවත මහ බැංකුවට අවශෝෂණය කර ගැනීම ද සිදු කරන බවත් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් පවසයි.

    එසේ ම එසේම උද්ධමන පීඩනයක් මතුවන අවස්ථාවලදී ඊට අවශ්‍ය ප‍්‍රතිපත්තිමය ක‍්‍රියාමාර්ග ගනිමින් ඒ සඳහා කටයුතු කිරීමට සූදානම් බවත් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය.

    “ඒවා සාමාන්‍යයෙන් සිදුවන තාක්ෂණික කරුණු ලෙස සඳහන් කළ හැකිය. ඒවා අවශ්‍ය වේලාවට අවශ්‍ය ආකාරයට මහ බැංකුව සිදු කරයි. එහෙත් අප යන ආර්ථික දිශානතිය පැහැදිලි කරන්න කටයුතු කරනවා. මුදල් නිකුත් කිරීම් නිසා තවම උද්ධමනයට අවදානමක් මතුව නැහැ. අපි අවදානමක් වෙනව කියල අපේක්ෂා කරන අවස්ථාවක ඒ ගැන කටයුතු කරන්න සූදානම්.” යනුවෙන් ඔහු මේ ගැන අදහස් දක්වමින් පැවසුවේය.

    ReplyDelete
    Replies
    1. https://www.economyhub.info/2022/05/19/employee-salaries/

      Delete
  11. බරිත සාමාන්‍ය පොලී අනුපාතිකය කියන්නේ මොකක්ද? (බරිත

    ReplyDelete
  12. ශ්‍රී ලන්කන් එක වගේම පාඩු ලබන ඒවා ආයෝජකයන්ට ගන්න කිවොත් ඒ මගින් මුදල් ටිකක් එකතු කර ගන්න පුළුවන්නේ

    ReplyDelete
    Replies
    1. ඔවු අජිත් ඇත්තටම අජිත් ඔබේ අදහස නිවැරැදියි, මේ ගැන මගේ යෝජනාව නම් නුඹට ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් එක අත්පිට මුදලට රෙඩි කෑශ් මිලදී ගන්න පුලුවන් වෙයි, පහුගිය දවස් ටිකේ ලංකාවේ අරගලය විකුණලා පවුම් මිලියන ගණනක් හම්බ කර ගත්තා නේද? ඔන්න ඕකෙන් කොටසක් දීලා ශ්‍රී ලන්කන් එක ගනිමු ලංකාවට මේ දවස් වල විදේශ විනිමය ඩොලර් පවුම් නැහැනේ ඉතින් ඔය වගේ දෙයක් කරොත් දෙපැත්තටම හොඳයි, ඔබට ගුවන් සමාගම් හිමිකරුවෙක් වෙලා ලංකාවේත් පොරක් වෙන්න පුළුවන්, රටේ මුදල් ප්‍රශ්නෙටත් විසඳුමක්.

      අජිත් ඔබ අයථා අන්දමින් උපයාගන්න ජාවාරම් මුදල් සඟවා තියන්නේ කොහේද? යූ කේ වල හොර බ්ලැක් මනී තියා ගත්තොත් සමහර වෙලාවට කලාතුරකින් හරි මාට්ටු වෙන්න ඉද තියෙන නිසා බැසිල්ලා එක්ක සෙට් වෙලා උගන්ඩාවේ දැම්මද නැත්නම් නිරූපමාලා සහ ඔබේ සමීප මිතුරු තිරු කුමාර් නඩේසන් සහ චන්දිම හොරඔප්පු ලියනාරච්චි එක්ක සීශෙල්ස්/ සින්ගා ඩුබායි පැත්තේ සඟවලා ද තියෙන්නේ? මම හිතන්නේ අජිත් මගේ යෝජනාව නම් කරන දෙයක් පරිස්සමින් කියලා, හැබැයි අජිත් පරිස්සමින් ඊළඟ පැනමා/ පැන්ඩෝරා සීන් එකේදී ඔබේ වත්කම් ගැනත් එලි වෙන්න ඉඩ තියෙනවා අජිත් මොකද ඔබේ සීන් ගැන ලංකාවේ දැන ගොඩක් කට්ටිය දන්නවා ලංඩන් අජිත් ධර්මකීර්ති කියලා අහල බලන්න ගෝල් ෆේස් එකේ සෙට් එකෙන් ඒ ගොඩක් අය ඔබේ පැටිකිරිය ගැන දැනුවත් ඒ නිසා පරිස්සමින් අජිත්.

      Delete
    2. මුන්ට මේව ලියන්න වෙලාව තියෙනව කියන්නෙ පට්ට නිකම්මු නෙ බන් ලන්කාවෙ ඉන්නෙ

      Delete
    3. @ Ajith Dharma,

      ඔබගේ සමීප මිතුරකු වන කොළඹ CMC හිටපු නගරාධිපති (Former Mayor of Colombo) සහ ඌව පළාත් ආණ්ඩුකාර (Governor of Uva Province) ඒ. ජේ. එම් මුසම්මිල්ගේ දියණිය වන සහ එංගලන්තයේ ඔබේ සමීප දේශපාලන හිතවතියක වන ශස්නා මුසම්මිල් (Fathima Shazna Muzammil) සති දෙකකට කලින් මැයි 5 වැනිදා පැවති බ්‍රිතාන්‍ය ප්‍රාදේශීය මැතිවරණයෙන් ජයග්‍රහණය කළා, ඔබත් එම මැතිවරණයේදී ඇය වෙනුවෙන් විශාල ලෙස වැඩ කළ බව අපි දුටුවා, ඇත්තටම ශස්නා බ්‍රිතාන්‍ය පාලක පක්ෂය වන කන්සර්වේටිව් යූනියනිස්ට් පක්ෂය නියෝජනය කරමින් ටැටන් හෝ පළාතේ මිල්ටන් කේන්ස් කවුන්සියලය සඳහා ඉදිරිපත් වුණේ. ඒ වගේම කන්සර්වේටිව් යූනියනිස්ට් පක්ෂය ටැටන් හෝ පළාතේ පසුබෑමකට ලක්ව තිබියදීත් ආසනයේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් ශස්නා මුසම්මිල් දිනන්නට හේතු වුණේ ඔබ විසින් පාකිස්තානු සහ වෙනත් මුස්ලිම් රටවල සංක්‍රමණිකයින්, ලංකාවේ දමිල සහ මුස්ලිම් බ්‍රිතාන්‍ය මිතුරන් විසින් බොහොම වෙහෙස මහන්සියෙන් කළ කැපවීම නිසයි, ඒ ගැන මුලින්ම ඔබට සුබ පැතුම් එක් කරමි.

      කෙසේ නමුත් ලංකාවේ අමන ජාතිවාදී යුධමය විකාරය නිසා ඔබලාගේ වයස්වල අය විෂේශයෙන්ම යූ කේ ඇවිත් පුදුම කට්ටක් කෑවා. ගොඩක්ම මහන්සි වුණේ ළමයින්ට හරි ඉගෙනුම දෙන්න. අපේ වයස් වල වගේම අපට වඩා බාල අයත් අයත් එම දෙවෙනි පරපුර අද වෙනමම තැනකට ඇවිත් තියෙනවා. අද බොහෝ දෙමළ සහෝදර ජනතාවගේ ළමයි බ්‍රිතාන්‍ය සහ මේන්ලන්ඩ් යුරෝප්/ ඇමරිකන්/ කැනේඩියන් විශ්ව විද්‍යාලවල උගත්තු. ඒ වගේම අලුත් ව්‍යවසාය ගොඩනගපු ව්‍යාපාරිකයන් (Entrepreneurs). ලොව ඕනෑම රටකට මුදල් යවන නමගිය සමාගමකුත් අයිති අපේ මවු රටින් ආපු දෙමළ කෙනෙක්ට.. ඒ වගේම ප්‍රසිද්ධ මොබයිල් ආයතනයක අයිතිකරු දෙමළ කෙනෙක්.. මෑතකදී බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමාරයා පවා මුණගැසුනු කෙනෙක්, ඔබ දන්නවා ඇති ඔබේ හිතවතුන් ගොඩක් ඉන්න නිසා, නමුත් ඇත්ත කියනවනම් කණගාටුවෙන් හරි කියන්න තියෙන්නේ සිංහල ජාතිය හරිම කම්මැලි ජාතියක්, ඔය ලංකාවේ රට කරන පොඩි තැනේ ඉඳන් මහා එකා ලඟට එනකම් හොරකම, ඊට පස්සේ ලෝකේ වටේ යනවා හිඟා කන්න. පේනවනේ අරගලය පවා තනිකර මෙහෙයවන්නේ නික්න් දෙන කන්සෙප්ට් එකෙන්, කෑම බීම ඕන තරම් දේනවනම් කෑ ගහ ගහ ආතල් එකේ ඉන්නවා තමන් වෙහෙස වෙලා දේවල් වෙනස් කරන්න ප්‍රයෝජනවත් වැඩක් කරන්න හිතන්නේ නෑ ඔහොම රටවල් දියුණු වෙයිද රටවල් දියුණු වෙයිද? මේ ගැන ඔබේ අදහස් මොනවාද?

      Ref: https://whocanivotefor.co.uk/person/90608/fathima-shazna-muzammil

      Delete
    4. AnonymousMay 20, 2022 at 4:06 AM ඇනෝ තුමා ඔබේ රෝ ඔත්තු සේවාව එතරම් පලදායි කියල පෙනෙන්නේ නැහැ. මම ගියා මිල්ටන් කේන්ස් වෙන පාටියකට . ඒ පින්තූර එව්වගේ. එතන හිටියේ ෆාතිමා නෙමේ සිත්ති රෙහානා කන්සල්ටන්ට් කෙනෙක් (ඩොක්ටර් ඔෆ් මෙඩිසින්). එයාගේ හස්බන්ඩ් හුසේන්. මේ තියෙන්නේ ආප්ප කේස් එක. (ගොඩයට මැජික්)
      https://www.youtube.com/watch?v=VcemaRHzAhw

      Delete
  13. රජයෙන් මැදිහත් නොවී හැම එකටම, ඩොලර් තියෙන අයට ආනයනය කරන්න දුන්නනම් ඩොලර් ප්‍රශ්නෙ විසඳෙනවනෙ.

    ReplyDelete
  14. ඇමරිකන් අප්පච්චි

    බෝබැක් කන්ද මුදුනේ ගොපලු තරුණයන් දෙදෙනාගේ සමලිංගික ආදර අන්දරය

    ReplyDelete
  15. ඉකොනොමැට්ටා ලංකාවේ ඉන්ධන විදුලිය ගෑස් ජලය මිල ගනන් ඉදිරියේදී තවදුරටත් ඉහළ දැමීමට මහබැංකුව විසින් නිර්දේශ කර බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසූ අතර පරිභෝජන භාණ්ඩ හා සේවා පවත්වාගෙන යනු ලබන ආයතන පාඩු ලැබීම නිසා එවන් නිර්දේශයක් කරන්නට සිදු වූ බවත් ලංකාවේ බදු ආදායමක් පහළ මට්ටමක පවතින බවද පැවසූ ඔහු රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවිමට ඇති අර්බුදය විසඳීමට සිදුකළ යුත්තේ රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම බවද පැවසූ නිසා බදු අධික ලෙස වැඩි කිරීමත් සමග ලංකාවේ ඉදිරියේදී තවත් අති දැවැන්ත විරෝධතා ඇතිවනු නොඅනුමාන අතර සම්මත වූ 2021/22 අයවැය තවදුරටත් යථාර්ථවත් නැති නිසා ඉතා ඉක්මනින් අලුත් අයවැයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන අතර ඒ තුළින් ආදායම් බදු වැඩි කිරීමට සිදුවෙන බවද "හම්බ කරන මිනිස්සු සල්ලි ටිකක් බෙදා ගත යුතුයි. නැතිනම් සමාජය කඩා වැටේවි. ඊළඟ වසර දෙක තුන ඇතුළත බදු ආදායම සියයට 15 කින් පමණ වැඩි කිරීමට සිදුවෙිවි"යනුවෙන්ද අලි සබිරි පාර්ලිමේන්තුවේ පැවසුවා. මිනිස්සුන්ගේ දැඩි අකමැත්ත නොතකා හමුදා බලය යොදවා හරි දැන් ඉතින් ලංකාවේ බදු එකතු කරාවි, නමුත් ඒ ගෙවන බදුවලට සාදාරනයක් වෙන්න ඕන, මොකද මිනිසුන්ට ඒ බදුවලින් සෙතක් වෙන්නයි ඕන ලංකාවේ එහෙම දෙයක් නොවෙන නිසා මිනිස්සු බදු ගෙවීම පැහැර හරිනවා, මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න බලන්න ඉකොනොමැට්ටා.

    ReplyDelete
  16. සජිත් ආසයි බයයි නිසා පින් අගමැතිකම නැති කරගත්තා. ෆොන්සේකා ආසයි බයයි නිසා සාමය හා ජාතික ආරක්ශාව පිළිබඳ ඇමතිකම නැති කරගත්තා. චම්පිකත් ආසයි බයයි නිසා මුදල් ඇමතිකම නැති කරගනියිද ඉකොනොමැට්ටා?

    ReplyDelete
  17. ඉකොනොමැට්ටෝ,

    කබරයා ඩොලර් එක බලෙන් පහළින් තියාගෙන හිටපු නිසා ඔයාලා ඒ කාලෙ කිව්වේ රුපියල ඩොලර් එකට සාපේක්ෂව පා කරන්න ඕන කියලා, සංචිත නාස්ති නොකර කල්පනාවෙන් එහෙම කරන එක හොඳයි කියලා මමත් පිළිගන්නවා ඒත් ඔබ පහුගිය රාජපක්ෂ දෙවන රයිකය පැවති සමයේ 2012 දී සහ නැවත යහපාලන රෙජීමය යටතේ 2018 වසරේදීත් රුපියල අවප්‍රමාණ කිරීම සමග එය ඉතා හොඳ දෙයක් බවත් එයින් ලංකාවට විශාල වශයෙන් ලාභ දායක වන බව නිසැකයි පැවසුවා නේද? දැන් ඔන්න නැවතත් වතාවක් ඊටත් වඩා ගොඩාක් ලොකු ප්‍රමාණයක් අවප්‍රමාණය කරලා මාස තුනක් විතර ගතවෙලා තියෙනවා, ඒක නිසා ඒකෙ පිරිවැය බහුතරයක් මහජනතාව දැන් විදිනවා ...

    ඒ විදින පිරිවැයට ප්‍රතිලාභයක් තියේවිද? මම හිතන්නේ හොඳයි කියලා කිසිම විදිහකින් සැලකිය යුතු මට්ටමකින් ප්‍රතිලාභයක් නැහැ කියලා ඩොලර් සංචිත වැඩිවෙලත් නෑ, අපනයන වල මහ ලොකු වර්ධනයක් පෙන්නුම් කරන්නේ නැහැ මොකද වෙන්නේ දැන්?

    ReplyDelete
  18. ඊකෝන් ඉන්දියන් ආණ්ඩුව යෝජනා කරන්නේ ලංකාවට දීපු ණය ආපහු ගෙවන්න ඇමරිකන් එක්සත් ජනපදයේ ඩොලර් වෙනුවට ඉන්දීය රුපියල් වලින් ගෙවන්න පුළුවන් කියලා. ඒ නිසා ඉන්දියාවටලංකාවේ සීට් අපනයන කරන දේවල් වලට ඇමරිකානු එක්සත් ජනපදයේ ඩොලර් අදාළම නැති වෙයි නේද?

    Sri Lanka can settle USD1Bn loan in INR, says Reserve Bank of India -

    මේක ගැන ඇමරිකානු එක්සත් ජනපදය ලංකාවට එරෙහිව කටයුතු කර පලි ගන්න බොහෝ දුරට ඉඩ තියෙනවා සෑහෙන්න දුරට? ඉන්දියාවට ගහන්න බය නිසා අපිට දෙයි දොඹෙන් යන්න, නේද?

    අර රුසියාව ලංකාවට බැරල් එකක් ඩොලර් 55 ගානේ දෙන්න කැමති වෙලා ඉද්දි ඇමරිකන් වික්ටෝරියා නූලන්ඩ් නන්දසේනට තගක් දාලා ඔක්කොම කඩාකප්පල් කළාම ඉන්දියාව පැනලා බලෙන්ම ඉදිරිපත් වෙලා රුසියානු තෙල් අඩුවට අරන් ලංකාවට බැරල් එකක් ඩොලර් 130 ගානේ දීලා ලොකු ලාභයක් ගන්න නිසා ඒකටත් ලංකාවටම දඬුවම් කරාවිද?

    කොහොම උනත් මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න ලොකු ගැටලුවක් මේක;

    https://www.newsfirst.lk/2022/05/20/sri-lanka-can-settle-usd1bn-loan-in-inr-says-reserve-bank-of-india/

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: