Wednesday, November 22, 2017
ඇමරිකාවේ දුප්පතුන්ගේ කෑම
ඇමරිකාවේ අඩුආදායම්ලාභී පවුලකට ආහාර මිල දී ගැනීම සඳහා ලබා දෙන සහනාධාර මුදල පවුලේ සාමාජිකයින් ගණන, ඔවුන්ගේ වයස් මට්ටම් ආදී කරුණු අනුව වෙනස් වේ. වයස 19-50 අතර වැඩිහිටියන් දෙදෙනෙකු, වයස 6-8 දරුවෙකු හා වයස 9-11 අතර දරුවෙකු ලෙස හතර දෙනෙකු සිටින "සම්මත පවුලක" ආහාර වියදම ඩොලර් 649ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එවැනි පවුලක් ඉහත මුදලින් පහත සඳහන් පරිදි සතියක් තුළදී ආහාර රාත්තල් 130.61ක් මිල දී ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
-ධාන්‍ය රාත්තල් 12.26ක්
-එළවළු රාත්තල් 31.56ක්
-පළතුරු රාත්තල් 24.48ක්
-කිරි හා කිරි නිෂ්පාදන රාත්තල් 42.39ක්
-මස් වර්ග හා මාෂභෝග රාත්තල් 13.29ක්
-තෙල් සහ මේද, රසකැවිලි හා වෙනත් ආහාර රාත්තල් 6.63ක්
කෙසේ වුවත් මිනිසුන්ගේ ආහාර පුරුදු ආණ්ඩුවට වෙනස් කළ නොහැකිය. ඉහත සඳහන් උදාහරණයේ දැක්වෙන සාමාජිකයින් සිටින සම්මත පවුලක් සතියක් තුළදී අවශ්‍ය පමණ එළවලු හා පළතුරු පරිභෝජනය නොකරන අතර වැඩි කැලරි ප්‍රමාණයක් අඩංගු තෙල් සහ මේද, රසකැවිලි අවශ්‍ය ප්‍රමාණයට වඩා පරිභෝජනය කරති. සම්මත පවුලක් සතියක් තුළදී ආහාර රාත්තල් 106.06ක් පරිභෝජනය කරන්නේ පහත පරිදිය.
-ධාන්‍ය රාත්තල් 10.58ක්
-එළවළු රාත්තල් 13.31ක්
-පළතුරු රාත්තල් 11.40ක්
-කිරි හා කිරි නිෂ්පාදන රාත්තල් 18.81ක්
-මස් වර්ග හා මාෂභෝග රාත්තල් 13.31ක්
-තෙල් සහ මේද, රසකැවිලි හා වෙනත් ආහාර රාත්තල් 38.65ක්
මීට අමතරව මේ එක් එක් ප්‍රවර්ගය ඇතුළත ඇති අයිතමයන් අතරින්ද රජය විසින් සහනාධාරලාභීන් පරිභෝජනය කරනු ඇතැයි අපේක්ෂා කරන දේ සහ ඇත්තටම ඔවුන් පරිභෝජනය කරන දේ අතර විශාල වෙනස්කම් තිබේ.
කිසියම් පවුලකට මාසිකව ලැබෙන ආහාර සහනාධාර මුදල තීරණය කරන්නේ පහත පරිදිය. පළමුව, පවුලේ සියළු දෙනාගේම මුදල් ආදායම් ගණනය කර නිවාස කුලී හෝ බැංකු ණය වාරික, විදුලි බිල් හා ජල බිල් වැනි මාසික බිල්පත් ගාස්තු ආදිය එම ආදායමෙන් අඩු කෙරේ. එවිට, ඉතිරි වන මුදලින් තුනෙන් එකක් ආහාර සඳහා වියදම් කිරීමේ හැකියාව පවුලකට ඇතැයි සලකා, පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉහත මුදල එසේ අත ඉතිරි නොවන බව පෙනේනම්, ඉතිරි මුදල ආහාර සහනාධාරයක් ලෙස ලබා දේ.
මේ ආහාර සහනාධාරයට අමතරව ගර්භණී මවුවරුන්ට, කිරිදෙන මවුවරුන්ට හා වයස අවුරුදු 5 නොඉක්මවූ දරුවන්ට ඔවුන්ගේ වයස් සීමාවන් අනුව පෝෂ්‍යදායී ආහාර සලාකයක් වෙනම ලැබේ. එයට කිරි, චීස්, ළදරු ආහාර හා කිරිපිටි, සෝයා නිෂ්පාදන, සීරියල්, ටින් මාළු, බිත්තර, යෝගට්, එළවළු හා පළතුරු, පළතුරු යුෂ, පාන් හෝ හාල්, පරිප්පු හෝ කවුපී, යෝගට් හා රටකජු බටර් ආදිය ඇතුළත්ය. අඩුආදායම්ලාභී පාසැල් දරුවන්ට නොමිලේ දිවා ආහාරද ලැබේ.
රටේ සියල්ලන්ටම ප්‍රමාණවත් හා පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීම ලේ හලන විප්ලව කර ළඟා කරගත යුතු ඉලක්කයක් නොවේ. ඇමරිකාවේ අඩුආදායම්ලාභීන්ට ප්‍රමාණවත් ආහාර ලබා ගැනීමට හැකි වී තිබෙන්නේ සමස්තයක් ලෙස රටේ සියල්ලන්ගේ ආහාර අවශ්‍යතා ඉක්මවන තරමේ ආහාර නිෂ්පාදනයක් රට තුළ සිදුවන බැවිනි. මේ බොහෝ ආහාර වර්ග තාක්ෂනය යොදාගනිමින් මහා පරිමාණයෙන් වගා කෙරේ. ඒ ලාභ පිණිස කෘෂිකර්මාන්තයේ යෙදෙන ව්‍යවසායකයින් විසින් මිස ලාභ නොසොයන සමූහගොවිපොළ හිමිකරුවන් විසින් නොවේ. ඔවුන්ට තමන්ගේ ලාභ වැඩි කරගත හැක්කේ හැකිතාක් අඩු වියදමකින් වැඩි ආහාර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම මඟිනි. මේ ඉලක්කය කරා ඔවුන් වැඩි වැඩියෙන් ගමන් කරද්දී ආහාර නිෂ්පාදනය ඉහළ ගොස් ආහාර මිල අඩු වේ.
ඇමරිකානුවන් හත් දෙනෙකුගෙන් එක් අයෙකු ආහාර සහනාධාරය ලබයි. ඔවුන්ට ආහාර සහනාධාරය නොලැබුණානම් රටේ සමස්ත ආහාර ඉල්ලුම දැන් පවතින මට්ටමට වඩා අඩු විය හැකිව තිබුණේය. එසේනම්, ආහාර මිල දී ගැනෙන්නේ දැනට වඩා අඩුවෙන් නිසා නිෂ්පාදනය වන්නේද දැනට වඩා අඩු ප්‍රමාණයකි. ආහාර සහනාධාර නිසා ආහාර නිෂ්පාදනය ඉහළ ගොස් ඇති අතර මිල අඩු වී තිබේ. ආහාර සහනාධාර මුදල වැය කර වෙනත් දේ මිල දී ගත නොහැකි නිසා අවශ්‍ය පමණට ආහාර මිල දී ගැනීමෙන් පසු මෙම සහනාධාර ගිණුමේ ඉතිරි වන මුදලක ආවස්ථික පිරිවැයක් නැත. මෙය ආහාර නාස්තියටද හේතුවේ.
ආහාර සහනාධාරය නොතිබුණානම් රටේ ආර්ථික අවපාතයක් ඇති වී බොහෝ දෙනෙකුගේ ආදායම් අඩුවන විට ආහාර සඳහා ඇති ඉල්ලුම විශාල ලෙස අඩු වේ. එහෙත්, ආහාර සැපයුම ක්ෂණිකවම අඩු වන්නේ නැත. මෙහි ප්‍රතිඵලය වන්නේ ආහාර මිල විශාල ලෙස පහත වැටීමයි. මෙය ආදායම් අඩු වෙද්දී අඩුආදායම්ලාභීන්ගේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරන ස්වභාවික යාන්ත්‍රණයයි.
මේ අයුරින්ම රටේ වැඩි දෙනෙකුගේ ආදායම් තාවකාලිකව ඉහළ ගොස් ආහාර ඉල්ලුම ඉහළ යනවිට, නිෂ්පාදනය සමානුරූපී ලෙස වැඩි නොවන නිසා ආහාර මිල විශාල ලෙස ඉහළ යයි. ඒ නිසා, ආදායම් ඉහළ ගිය පමණින් බොහෝ දෙනෙකුට ආහාර පරිභෝජනය වැඩි කරන්නට ලැබෙන්නේ නැත. මෙවැනි අවස්ථාවක නිෂ්පාදකයින් විසින් මිල ඉහළ දමා පාරිභෝගික අතිරික්තය "සූරා ගන්නා බව" යම් අයෙකුට පෙනෙන්නට පුළුවන. නමුත්, ඇත්තටම සිදුවන්නේ එවැන්නක් නොවේ. යම් හෙයකින් නිෂ්පාදකයින් විසින් මිල වැඩි නොකළහොත් සිදුවන්නේ මිල අඩු වුවත් මිල දී ගන්නට ආහාර නැති වීම නිසා පෝලිම් ඇතිවීම පමණි.
ආහාර මිල ස්ථාවරව තබා ගැනීමටනම් ආහාර සඳහා ඇති ඉල්ලුම මෙන්ම සැපයුමද ස්ථාවරව තිබිය යුතුය. ඇමරිකාවේ ආහාර සහනාධාර නිසා සිදුවන එක් යහපත් දෙයක් වන්නේ රටේ ආහාර මිල ස්ථාවරව පැවතීමයි.
ආර්ථික අවපාතයක් ඇතිවී බොහෝ දෙනෙකුට රැකියා අහිමි වන විට ආහාර සහනාධාර ලබන පිරිස් වැඩි වේ. මේ අයුරින්ම ආර්ථිකය වඩා වේගයෙන් වර්ධනය වී විරැකියාව අඩුවන විට ආහාර සහනාධාර ලබන ගණන අඩු වේ. ඒ නිසා ආර්ථිකයේ උච්ඡාවචනයන්ට අනුරූපව සමස්ත ආහාර ඉල්ලුම විශාල ලෙස වෙනස් නොවේ. ඒ නිසා, සැපයුම වෙනස් නොවුවහොත් මිලද ස්ථාවරව පවතී.
ධනවාදී ආර්ථිකයක මිල යනු නිෂ්පාදකයින්ට ලබා දෙන ස්වභාවික සංඥාවකි. මිල අඩු වන විට නිෂ්පාදකයෝ කර්මාන්තයෙන් ඈත් වෙති. මිල ඉහළ යන විට කර්මාන්තය වෙත ඇදී එති. කෘෂිකර්මාන්තය වැනි ස්වභාවික සම්පත් මත පදනම් වූ කර්මාන්තයකින් නිෂ්පාදකයින් ඉවත් වන නිෂ්පාදනය සඳහා යොදාගත් සම්පත් අපතේ යාමක් සිදුවන්නට වැඩි ඉඩක් තිබේ. මේ සම්පත් යම් හෙයකින් වෙනත් ආර්ථික කටයුත්තක් වෙනුවෙන් යොදා ගතහොත්, නැවත කර්මාන්තයට පිවිසෙන්නෙකුට සම්පත් හිඟයකට මුහුණ පාන්නට සිදු විය හැකිය. මිල යාන්ත්‍රණයට මෙවැනි ප්‍රශ්න වලටද ස්වභාවික විසඳුම් ලබා දෙන්නට බැරි නැතත්, ආහාර මිලේ හා සැපයුමේ වෙනස්වීම් වලට බොහෝ දෙනෙක් සංවේදී වන අතර වෙනත් භාණ්ඩ හා සේවා වලට වඩා වැඩියෙන් ආහාර ද්‍රව්‍ය වල මිල ස්ථාවරත්වය ප්‍රිය කරති.
ආහාර සහනාධාර වල ප්‍රතිඵලයක් ලෙස ආහාර ඉල්ලුම දිගුකාලීනව ස්ථාවරව තිබෙන නිසා නිෂ්පාදකයින්ට මිල වෙනස්වීම් වලට ප්‍රතිචාර දක්වමින් නොසිට දිගින් දිගටම නිෂ්පාදනයේ යෙදීමට අවකාශ සැලසෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස කාලගුණ වෙනස්වීම් වැනි සාධක නිසා නොවේනම් දිගුකාලීනව ආහාර සැපයුමද ස්ථාවර වේ. මෙසේ තමන් මුහුණ දෙන අවිනිශ්චිතතාවයන් අඩු වීම ආහාර සහනාධාර නිසා නිෂ්පාදකයින්ට ලැබෙන වක්‍ර වාසියකි. ඉල්ලුම හා සැපයුම දෙකම වඩා ස්ථාවර වෙද්දී ආහාර මිලද ස්ථාවරව පවතී. ප්‍රධානම හේතුව නොවූවත්, හැටේ දශකයේ ආහාර සහනාධාර හඳුන්වාදීමෙන් පසු ඇමරිකාවේ ආහාර උද්ධමනය ඉන් පෙර යුගයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස ස්ථාවර වී තිබේ.
(Image: http://homespunoasis.com/thrifty-food-plan-shopping-results-week-2/)
Subscribe to:
Post Comments (Atom)
Is there any significant difference between different states in subsidy?
ReplyDeleteDifferences are not that large. Irrespective of the state everyone gets the subsidy through federal funds if they meet federal guidelines. The amount is larger for Alaska and Hawaii but not different in 48 contiguous states. In some states, those who do not qualify based on federal guidelines get it through state funds. What I have here is the minimum subsidy amount.
Deleteලංකාවට මේක හොඳ ක්‍රමයක්, සැපයුම් සහ මිල උච්චාවචනය තමයි ලංකාවේ ගැටලුව. පෞද්ගලික අංශයත් (කඩ, සුපිරි වෙළඳසල්) දායක ක්‍රියාත්මක වුනොත් රට පුර පැතිරුණ හොඳ සැපයුම් ජාලයකුත් බිහිවෙයි. මේ ගැන පොලිටික්කෝ දැනුවත් කරලා පලක් නෑනේ, IMF එක දැනුවත් කරන්නයි වෙන්නේ. හැබැයි ඉතින් කාබනික පොහොර සහනදරේ වගේ වෙයිද?
ReplyDeleteලංකාවේ ආහාර බොහොමයක් ආනයනය කිරීමත් කෘෂිකර්මාන්තයේ ස්වභාවයත් (කුඩා ගොවිපොළ) නිසා මෙය ලංකාවට මෙලෙසම හරියයි කියා හිතන්න අමාරුයි.
Delete//අඩුආදායම්ලාභීන්ට ප්‍රමාණවත් ආහාර ලබා ගැනීමට හැකි වී තිබෙන්නේ සමස්තයක් ලෙස රටේ සියල්ලන්ගේ ආහාර අවශ්‍යතා ඉක්මවන තරමේ ආහාර නිෂ්පාදනයක් රට තුළ සිදුවන බැවිනි. //
ReplyDeleteඒකට සිරි ලංකාවෙ, කන්න නැති එකාත් ගෙදර ගොටු කොල පාත්තියක්වත් දාන්නෙ නෑ ඕයි..!!
කන්න නැති එකාට කොච්චරනම් රාජකාරිද, සමුර්ධි රැස්වීම කීයකට යන්නද, කාන්ත කණ්ඩායම් සමිති කෘෂිකර්මෙන් එකය්, ගොවිජනසේවාවෙන් එකයි, ග්රමනිලධරිගේ එකයි, සතිණය සමිති දෙකතුනකටත් යන්න තියනවනේ, මරණාධාර සමිතියට නොගියොත් දඩ, ශ්‍රමධානෙට නොගියොත් දඩ, පන්සලට නොගියොත් පන්සුකුලේ ට වත් එන්නෑලු, තව තව ngo දෙකේ තුනක්වත් ගොඩ බහිනවනේ, පොඩිඑකා ඉස්කොලේ ට ගෙනිහින් අපහු ගේන්නත් තියනවා, ඊටත් මිනිහ පලාකොල කන්නේ ත් නෑනේ.
Deleteඑක බඩක් පුරවන්න කොච්චර වගාබිම් අක්කර ප්‍රමාණයක් USA හි තියෙනවා ද?
ReplyDeleteඅක්කර 2.8ක් තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ගණනට වඩානම් ගොඩක් අඩුයි.
Delete//ආහාර සහනාධාර වල ප්‍රතිඵලයක් ලෙස ආහාර ඉල්ලුම දිගුකාලීනව ස්ථාවරව තිබෙන නිසා නිෂ්පාදකයින්ට මිල වෙනස්වීම් වලට ප්‍රතිචාර දක්වමින් නොසිට දිගින් දිගටම නිෂ්පාදනයේ යෙදීමට අවකාශ සැලසෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස කාලගුණ වෙනස්වීම් වැනි සාධක නිසා නොවේනම් දිගුකාලීනව ආහාර සැපයුමද ස්ථාවර වේ. // මම හිතන්නේ බ්‍රිතාන්‍යයේ සහ යුරෝපයේ සහනාධාර දෙන්නෙත් මේ හේතුවටම නිසා කියල. සෝවියට් දේශයේ කලේ කෘතිමව මිල පහත තබා ගැනීම. එයින් සිදු වුනේ පාඩුවක්. මොකද සමුහ ගොවිපල වල නිෂ්පාදනය ඒ විධිහටම වෙනස් නොවී තියෙන්න ගත්ත. සුළු පරිමාණ ගොවියන්ට ඉඩ දිය යුතුව තිබුන වැඩි වැඩියෙන්.
ReplyDeleteඇමෙරිකාව ඔය genetically modified අඩු මිල ආහාර සහ මිනිසුන්ට අගුණ ආහාර ලාබෙට දෙන කතාව ඇත්තක්ද? ක්ලොරිනේටඩ් ඇමෙරිකන් චිකන් හෙම බ්‍රිතාන්‍යය රුසියාව ඇතුළු රටවල් කිහිපයක තහනම්. ඒවා කන්ඩ හොඳ නැහැ කියල කියන්නේ. දුප්පත් කළු ජාතිකයෝ සහ සුදු මිනිසුන් අනවශ්‍ය ලෙස මහත් වී ලෙඩ වී සිටින්නේත් එනිසා කියලයි කියන්නේ. ඔබේ විග්‍රහය හොඳ වුනත් මෙවැනි කාරණාත් ඔතන තියනවා නේද.
ReplyDeletehttps://qz.com/1037737/will-post-brexit-uk-swallow-americas-chlorinated-chicken-for-a-trade-deal/
කුකුළන් මැරීමෙන් පසු ක්ලෝරීන් වලින් හේදීම ගැන මම වැඩිපුර දන්නේ නැහැ. නමුත්, ඔබ මෙහි දමල තියෙන ලින්ක් එකේ තියෙන්නෙත් ඇමරිකාවේ මෙන්ම යුරෝපීය ආහාර සුරක්ෂිතතා අධිකාරියේ මතය අනුවත් මෙහි සෞඛ්‍යමය හානියක් නෑ කියල නේද? පහත උපුටා ගැනීම ඔබේම ලින්ක් එකෙන්.
Delete"The US Department of Agriculture (USDA) have approved chlorine baths as safe, and the European Food Safety Authority also concluded that “chemical substances in poultry are unlikely to pose an immediate or acute health risk for consumers.”
සීනි, මේද ආදිය අධික ආහාර වැඩිපුර ගැනීම සෞඛ්‍යයට අහිතකරයි. ඒ පදනම මත බැලුවොත් ආහාර සහනාධාර වල ප්‍රතිඵලයක් ලෙස අඩු ආදායම්ලාභීන්ට අගුණ ආහාර ලාබෙට දීමක් සිදුවනවා කියන එක නිවැරදියි.
මෙය කියවූ විට තේරෙන පරිදි මෙය යුරෝපීය නිෂ්පාදකයින්ට ඇමරිකානු ආනයන සමඟ තරඟ කිරීම අපහසු නිසා, එසේ නැත්නම් දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීම සඳහා ඇමරිකානු ආනයන වක්‍ර ලෙස සීමා කිරීමට පමුණුවා ඇති බාධාවක් (non-tariff barrier) වගේ.
Deleteයුරෝපියන් ෆුඩ් ඒජන්සිය එහම් කීවට තහනම් කරලනේ තියන්නේ. යටින් තියෙන ටික:
DeleteRather, European health authorities (and, it seems, even Vladimir Putin) fear that allowing producers to dip their chickens in chlorine gives them a free pass to engage in unhygienic chicken farming before the slaughter.
ලිපියේ තියෙන දේ කියවල තේරුම් ගන්න. සබන් දා අත් සේදීමේ කිසිදු නරකක් පෙනෙන්නට නැතත්, ආහාර ගැනීමට පෙර සබන් දා අත් සේදීමට ඉඩ දීම නිසා ළමයින් වැඩිපුර ජරාව අල්ලන්න ඉඩ තිබෙන බවට ඇති බය නිසා අපි ආහාර ගැනීමට පෙර සබන් දා අත් සේදීම තහනම් කරනවා වගේ කතාවක්නේ ඔතන තියෙන්නේ. අඩුම වශයෙන් සබන් දා අත් සෝදන ළමයින් වැඩිපුර ජරාව අල්ලන බව තහවුරු කර හෝ නැහැ. (එහෙම කළත් සබන් දා අත සේදීමේ හානියක් නැත්නම් ප්‍රශ්නෙකුත් නැහැ) මෙයින් පැහැදිලි වන පළමු කරුණ වන්නේ වෙළඳපොල යාන්ත්‍රණය තුළ සිදුවන ස්වභාවික නියාමනය තරම් රජයයන් විසින් කරන නියාමනයන් හොඳ නැති බව. පදනමක් නැති තර්කයක් ඉදිරිපත් කරමින් රටේ මිනිසුන්ට අඩුවට කුකුළු මස් කන්න තිබෙන අවස්ථාව නැති කර දැමීමකුයි මෙහි සිදු වී තිබෙන්නේ. ඒ පසුපස දේශීය කුකුළු ගොවිපොළ හිමියන්ගේ මුදල් හා/හෝ දේශපාලන වාසි තිබෙනවා ඇතැයි සිතිය හැකියි. මෙවැනි දේ තමයි ජාත්‍යන්තර වෙළඳාමට උඩින් සහයෝගය දෙමින් යටින් බාධා කරන non-tariff barriers කියන්නේ. ක්ලෝරීන් වලින් සේදීම නොකළත් hygiene ප්‍රශ්නයක් මහා පරිමාණයෙන් ආ දවසක මෙය යොදා ගන්න ඉල්ලීමක් යුරෝපීය කුකුළු ගොවිපොළ හිමියන්ගනුත් මතු විය හැකියි.
Delete//ලිපියේ තියෙන දේ කියවල තේරුම් ගන්න. //
Deleteඑකොනොමැට්ටා මොකද මේ ඇමෙරිකාවේ බේස් වෙලා ඉන්න බ්ලොග් ලියන්නන් ගේ ෆේස්බුක් එකට ලියන්නන් ගේ අමුතු ඔලුවක්. තමන්ට විතරක් හැමදේම හොන්දට් තේරෙනවා අනිත් අය හරිම අඩු දැනුමක් ඇත්තේ වගේ ලීලාවකින් කතා කරන්නේ. වෙන බ්ලොග් අඩවියක පිළිතුරු දීමත් ඔය ආකාරයි. ඇමෙරිකාවේ ඉන්න නිසා ඇතිවන අමුතු අහන්කාරයක් වත්ද?
- දැන් බ්‍රෙක්සිට් එක වෙන නිසා අපේ ප්‍රදේශයේ මමත් නියෝජිතයකු වන එක සංගමයක මේක ගැන සෑහෙන්න කතා වෙනවා. එනිසා අපට වැදගත් හරිම තීරණය ගන්න එක. මොකද ඉදිරිපත් කරන කරුණු මත සාමාජිකයෝ චන්දෙ දීල තීරණය කරන නිසා ඔවුන්ට හරියටම තේරුම් කරල දෙන්න ඕනේ. අනික ඇමෙරිකාව සමග අලුත් ගිවිසුම් එන නිසා හුඟක් ලාභ ආහාර එන්න නියමිතයි. අනිත් මිනිසුන්ට පමණක් නොවේ අපේ පරිභෝජනයටත් සුදුසු ද කියල. යුරෝපිය ආහාර හුඟක් උසස් ගනයේ ඒවා. ඔවුන්ගේ ප්‍රමිතිය හොඳයි. එංගලන්තයේ ප්‍රමිතිය එච්චර හරි නැහැ. මස් කාල බැලුවොත් ඔයාට වෙනස තේරෙයි.
Deleteඇමෙරිකාවේ හරක් මස් හොඳයි. ඒ නිසා මෙහෙ ස්ටේක් එකක් කනවනම් ඇමෙරිකන් එකකට තමයි යන්න ඕනේ. අනිත් ආහාර වලින් බැලුවොත් යුරෝපිය මස් නිෂ්පාදන සෑහෙන්න තත්වයෙන් ඉහලයි. අපි සොසේජස් ගන්නේ අඳුනන පෞද්ගලික බුචර් කෙනෙක් ගෙන් නැත්නම් පෝලන්ත කඩේකින් (පෝලන්තයෙන් ගෙන්වන නිසා ). හේතුව සුපර්මාකට් සොස්ජස් තත්වයෙන් බාල නිසා. ඒවා වලට හැම ජරාවම දාලයි හදන්නේ. ජර්මනියේ තුරින්ගියා /බැවේරියා වල තියනවා බ්‍රට්වස්ට් කියල සොසේජස් ජාතියක්. ඉම්පෝර්ට් වර්ෂන් එක කාල බලන්න වෙනස් තේරෙයි.
මම කුකුළන් කෑම ගැන මිට කලින් බ්ලොග් ලිපියකත් ලියල තියනවා. සදාචාරමය හේතුන් විතරක්ම නෙමේ . සෞඛ්‍ය හේතූන් මතත් ඕගනික් කුකුල්ලු හෝ cornfed කුකුළු මස් කන එක වඩා හොඳයි කියලයි මට හිතෙන්නේ. එනිසා අපේ මිලදී ගැනීම් ඒමත තීරණය වෙන්නේ.
දැන් මේ ලිපියෙත් ඔබ කියන ටරීෆ් කතාව කියනවා. එසේම මෙහමත් කියනවා.
EU officials believe the food industry should be continually improving hygiene standards in all steps of processing – the “farm to fork” principle, and so have banned chickens washed in chlorine as a deterrent to poor practices. But in the US there are no poultry welfare standards so the process is common. There have also been reports, including undercover video evidence by the Humane Society of the United States, of both inhumane and unsanitary practices being carried out within poultry houses due to a lack of animal welfare regulation
මෙන්න වීඩියෝ එක.
https://www.youtube.com/watch?v=oNAo2cvvefQ
අපි ඇත්තටම කතා වෙනව මේ දවස් වල මෙහම් කුකුළු මස් හා අනිකුත් ලාභ ආහාර ආවොත් ගන්නවද කියන එක. මොකද මේගොල්ල කියන විධිහට විකුණන් තැනැත්තා කියනන් අවශ්‍ය නැහැ කොහොමද හැදුවේ කොහොමද පිරිසිදු කලේ කියල. අමෙරිකාවෙන් එන හරක් මස් නම් උසස් තත්වයේ කියල පිලි ගැනීමක් තිබෙනවා.
මට ලිපියේ ලින්ක් එක දාන්න අමතක වුනා.
Deletehttp://www.independent.co.uk/life-style/health-and-families/chlorine-washed-chicken-qa-food-safety-expert-explains-why-us-poultry-is-banned-in-the-eu-a7875131.html
"ලිපියේ තියෙන දේ කියවල තේරුම් ගන්න." කියා කියන්නේ ඔබේ ප්‍රශ්නයට පිළිතුර ඔබ ලින්ක් එක දමා තියෙන ලිපියේම තියෙන නිසා. එක්කෝ ඔබ එය සැලකිල්ලෙන් කියවා නැහැ. නැත්නම් ඉංග්‍රීසි නොතේරෙන කියවන්නන් රවට්ටන්න හිතාමතා බොරුවක් කරනවා. ලිපිය නොකියවා ඔබේ කමෙන්ට් එක කියවන අයෙකුට හිතෙන්නේ ඇමරිකාව විසින් අහිතකර ආහාර ඩම්ප් කරන්න කරන උත්සාහය යුරෝපීය යුනියනය විසින් වලක්වා ඇති බවකුයි. නමුත් මෙහි තිබෙන්නේ විෂබීජහරණය පිණිස මැරූ කුකුළන් ක්ලෝරීන් වලින් සේදීම ගැනයි. ලංකාවේ වතුරේ කොපමණ ක්ලෝරීන් තිබෙනවද? ක්ලෝරීනීකරණය නිසා කොපමණ පාචන මරණ වැලක්වෙනවද?
Deleteතමන්ට විතරක් හැමදේම තේරෙනවා කියල හිතන්නෙනම් සමාජවාදීන්නේ. ඒ නිසානේ තමන්ට හොඳයි කියා හිතෙන විදිහට හැමදේම නැවත සැලසුම් කරන්න හදන්නේ.
ධනවාදයක් හරියට ක්‍රියාත්මක වෙන්නනම් පාරිභෝගිකයනුත් සක්‍රිය ලෙස ක්‍රියාත්මක විය යුතුයි. කිසියම් ආහාරයක ගුණාත්මක භාවය ප්‍රමාණවත් නැහැ කියා ඔබට හිතෙනවනම් ඔබ එය මිල දී ගතයුතු නැහැ. ඒ වගේම ඔබට වෙනත් අයව දැනුවත් කිරීමත් කළ හැකියි. නමුත්, වැඩි ගුණාත්මකභාවය වෙනුවෙන් ඔබට වැඩි මිලක් ගෙවන්න සිදුවිය හැකියි. නමුත් ඔබ කැමති නැති දෙයක ගුණාත්මකභාවය වෙනත් කෙනෙක්ට ප්‍රශ්නයක් නොවිය හැකියි. මට කන්න දෙයක් නැත්නම් මට වැදගත් වන්නේ මොනවා හෝ කන එකයි. නමුත්, මට තේරීමක් තිබෙන විට මම වඩා හොඳ දෙය තෝරාගන්නවා. ඇමරිකාවෙන් ආනයනය කරන කිසියම් ආහාරයක ගුණාත්මක භාවය මදි කියා යුරෝපයේ බොහෝ දෙනෙක් හිතනවානම් එය ගෙන්නුවා කියලත් විකිණෙන්නේ නැහැ. නමුත්, තමන් හැම දේම දන්නවා කියා හිතන ටික දෙනෙක් තමන්ගේ නිර්ණායක අනුව එය වැළැක්වූ විට සිදුවන්නේ ගන්න කැමති අයටත් ඒ අවස්ථාව නොලැබී යාමයි.
Deleteමෙතන වෙලා තියෙන්නේ මම ප්‍රශ්නය අහන්නේ ඇයි කියන එක ඔබ තේරුම් අරන් නැති නිසා. නැත්නම් මේ වගේ කතාවක් ඔබ ලියන්නේ නැහැ //නැත්නම් ඉංග්‍රීසි නොතේරෙන කියවන්නන් රවට්ටන්න හිතාමතා බොරුවක් කරනවා..// ඔබගේ ලිපිය කියවන්නන් මට අදාළ නැහැ. වෙනත් බ්ලොග් කරන කෙනෙකුත් ඔය වගේකතාවක් කියල මම ඒ බ්ලොගයට වැඩිය ප්‍රතිචාර දක්වන්න ගියේ නැහැ. ලින්ක් එකක් දැම්මත් ඒ ගොල්ලෝ හිතන්නේ අපේ බ්ලොගයකට අද්දන්න කරන වැඩක් කියල. එතකොට සංවාදයක් ඇත්තටම හැදෙන්නේ නැහැ නේද?
Deleteදැන් මෙහෙ බ්රෙක්සිට් කෑම්ප් එකක් සහ බ්රෙක්සිට් එකට විරුද්ධ කෑම්ප් එකක් තිබෙනවා. බ්‍රෙක්සිට් කෑම්ප් එක සෑහෙන්න බොරු ප්‍රමාණයක් කියල දැන් ඒවා දිරවා ගන්න බැරුව ඉන්න වෙලාවක්. ඉන්දියානු ලංකික වගේ අය නැගෙනහිර යුරෝපෙන් ආපු අය නිසා තමන්ගේ රස්සා නැතිවෙනව කියල හිතල බ්රෙක්සිට් එකට චන්දය දුන්න. සමහර අය රුසියාව පැත්තෙන් ආපු ප්‍රචාර වලට අහුවුනා (ඇමෙරිකාවේ චන්දෙ වගේම). සමහරු අනාථයන් ට විරුද්ධව. ඉතින් ඔය ලිපි දෙක දෙපැත්තක කියල ඔබට තේරෙනවද? එනිසා මම ඕවට දෙන වැදගත්කම අඩුයි. ඇමෙරිකාවේ ඉන්න කෙනෙක් ගෙන් එම ප්‍රශ්නයම අහන්නේ ඒ නිසයි. ඔබ ලිපිය කියවා මට තේරුම් කර දෙන්න අවශ්‍ය නැහැ. මට අවශ්‍ය ඔබ අවංකව හිතන දෙය.
//ලිපිය නොකියවා ඔබේ කමෙන්ට් එක කියවන අයෙකුට හිතෙන්නේ ඇමරිකාව විසින් අහිතකර ආහාර ඩම්ප් කරන්න කරන උත්සාහය යුරෝපීය යුනියනය විසින් වලක්වා ඇති බවකුයි// ඒක ඒ ගොල්ලන්ගේ වැරැද්දක් නේද? මම මගේ ප්‍රතිචාරය විතරක් දැම්මා නම් ඔබට ඔය චෝදනාව කරන්න තිබ්බ. මම සමබරතාවය රැකෙන්න ලිපිය පවා දැම්ම.
//තමන්ට විතරක් හැමදේම තේරෙනවා කියල හිතන්නෙනම් සමාජවාදීන්නේ. ඒ නිසානේ තමන්ට හොඳයි කියා හිතෙන විදිහට හැමදේම නැවත සැලසුම් කරන්න හදන්නේ.// මම සමාජවාදියෙක් කියල prejudicial view එකකින් කියන දෙයක්ද මේ
// නමුත්, තමන් හැම දේම දන්නවා කියා හිතන ටික දෙනෙක් තමන්ගේ නිර්ණායක අනුව එය වැළැක්වූ විට සිදුවන්නේ ගන්න කැමති අයටත් ඒ අවස්ථාව නොලැබී යාමයි.// මට හිතෙනවා ඔබ කිසියම් විවේචනයක් කරනවා කියල මම දන්නවයි කියා හිතාගෙන හැම දෙයක්ම ලියන අයෙක් වගේ. සාමාන්‍යයෙන් එහෙම තමන් විතරක් දන්නවයි කියල හිතෙන අය වෙන අය ලියන දේවල් කියවන්න එන්නේ නැහැ. මොකද ඒ ගොල්ලෝ හැමදේම දන්නා නිසා.
Deleteගුණාත්මක බැවින් අඩු ආහාර හරි දීල මිනිස්සු ජිවත් කරවන්න හදන්නේ කියුබාව, උතුරු කොරියාව වගේ රටවල් නේද? දියුණු ධනවාදී රටවල තෝරා ගැනීමක් තිබෙනවා. මම ඒකට කැමතියි.
//මට කන්න දෙයක් නැත්නම් මට වැදගත් වන්නේ මොනවා හෝ කන එකයි// විරුද්ධ වෙන්න අමාරුයි මේ කතාවට. දැන් ඇමෙරිකා එක්සත් ජනපදය නිතර කියනවා ඔවුන්ට GM ආහාර නිපදවන්න දෙන්න අප්‍රිකාවේ සාගින්න නිවන්න කියල. අනිත් රටවල් ඒකට විරුද්ධයි. African Center for Biosafety and SAFeAGE වගේ ආයතන සහ යුරෝපීය සංගමය (මෙතැනදී රුසියාව හෙමත් එකඟයි. ඔවුන් GM ආහාර ආනයනය තහනම් කරලා තියෙන්නේ. කැමති වුනත් ගන්න බැහැ) ඇමෙරිකාවේ මේ සමාගම් කටයුතු කරන්නේ ලාභය පදනම්ව කියා ඔබ දන්නවා . මම විරුද්ධ නැහැ ඒකට. නමුත් ඇයි මේ රටවල් හුඟක් විරුද්ධ ප්‍රශ්නයක් නැත්නම්. විශාල සමාගම් පුවත්පත්වල හෝ වෙබ් අඩවි වල පලවන දේ කොන්ට්‍රෝල් කරනවා. එනිසා ස්වාධින මතයන් ඉතා වැදගත්. GM ආහාර වල ප්‍රශ්නයක් නැතිනම් ඒවාට ඉඩ දිය යුතුයි. ගන්න කෙනා ගත්තු දෙන් කියන ඔබේ ප්‍රතිපත්තියට අනුව. ප්‍රතිවිරුද්ධ තර්කය තමා මිනිසුන් ලෙඩ වුණාම යන වියදම ලබන ලාභයට වඩා වැඩියි කියන එක. නමුත් කවුරුත් ඒවාට සාක්ෂි දෙන්නේ නැහැ.
//නමුත්, තමන් හැම දේම දන්නවා කියා හිතන ටික දෙනෙක් තමන්ගේ නිර්ණායක අනුව එය වැළැක්වූ විට සිදුවන්නේ ගන්න කැමති අයටත් ඒ අවස්ථාව නොලැබී යාමයි.// මෙතන බ්‍රෙක්සිට් එකට පක්ෂ අයගේ තර්කයත් ටිකක් ඒ වගේ. යුරෝපීය සංගමයේ වෛද්‍යවරු , විද්‍යාඥයෝ (මෙතැන බ්‍රි තාන්‍ය කට්ටියත් ඉන්නවා) තීරණය කරන දේ නැතිව රටට තීරණ ගණන් දෙන්න කියන. හෙවත් රටේ පාර්ලිමේන්තුවේ උගත් කමක් නැති මන්ත්‍රීන් ලට ඒ තීරණය ගන්න දෙන්න කියල තමයි කියන්නේ.
මට මතකයි අර Mad cow disease එක ආපු වෙලාවේ එක ඇමති කෙනෙක් (බ්‍රිතාන්‍යයේ ) තමන්ගේ ළමයි දෙන්නව රුපවාහිනිය ඉදිරියට ගෙනවිත් හරක් මස් කන්න දුන්න ප්‍රශ්නයක් නැහැ කියල කියන්න. බහුතරයක් ඔවුන් විශ්වාස කලේ නැහැ. අන්තිමේදී ඔප්පු වුණා බ්‍රිතානයේ හරක් හා බැටළු මස් වල ප්‍රශ්නයක් තිබෙනවා කියල.
ඔය ක්ලෝරීන් වලට එහා යන ප්‍රශ්නයක් ඔතන තියනවද කියන එකයි අපට දැන ගන්න ඕනේ.
මම පහුගිය කාලය පුරාම හිතන් හිටියේ එකොනොමැට්ට කියන්නේ ස්වාධීනව තමන්ගේ අදහස් පල කරන කෙනෙක් විධිහට. ඉන්න රට ආරක්ෂා කරන්න ලියන කෙනෙක් විධිහට නොවේ.
මම සෝවියට් දේශය ගැන විවේචන ලියන කොට කට්ටිය ඇවිත් බනිනවා ඉගෙන ගත් රටට අපහාස කරනවා කියල. බ්‍රිතාන්‍ය ගැන විවේචන ලියන කොට පුටින්ට පක්ෂයි කියා බනිනවා. පුටින්ව ට්‍රම්ප් විවේචනය කරන කොට ඔබාමා ගේ පැත්තට දානවා. ඇමෙරිකාවේ මොකක් හරි ගැන සැක කරන කොට සමාජවාදියෙක් වෙනවා. හේ හේ ඕව ඔහොම තමයි. අවුලක් නැහැ. මේ දවස් වල මම හැරි වූ (ඇමෙරිකාවේ ඉන්නේ) ගැන කියවනවා. "troublemaker" "සමාජවාදී" චිනේ ගැන දැන ගන්න.
ස්තූතියි
//මෙතන වෙලා තියෙන්නේ මම ප්‍රශ්නය අහන්නේ ඇයි කියන එක ඔබ තේරුම් අරන් නැති නිසා.//
Deleteඅජිත් එහෙම කියනවනම් මට පිළිගන්න සිද්ධ වෙනවා.
//ඔබගේ ලිපිය කියවන්නන් මට අදාළ නැහැ. වෙනත් බ්ලොග් කරන කෙනෙකුත් ඔය වගේකතාවක් කියල මම ඒ බ්ලොගයට වැඩිය ප්‍රතිචාර දක්වන්න ගියේ නැහැ. ලින්ක් එකක් දැම්මත් ඒ ගොල්ලෝ හිතන්නේ අපේ බ්ලොගයකට අද්දන්න කරන වැඩක් කියල.//
මගේ බ්ලොග් එක කියවන අය (අජිත්ද ඇතුළුව) මට වැදගත්. ඔය වෙනත් බ්ලොග්, ඇමරිකාවේ සිට ෆේස්බුක් එකේ කමෙන්ට් දාන අය වගේ කතා මට අදාළ නැහැ. අඩු වශයෙන් මම ෆේස්බුක් එකේ සක්‍රියව ඉන්න කෙනෙක් හෝ නෙමෙයි. ලින්ක් දැමීම ප්‍රශ්නයක් බව මම කොහේවත් කියා නැහැ. මම කියා තියෙන්නේ ලින්ක් එකක් දමා එහි නැති දෙයක් තියෙන බව ඇඟවෙන පරිදි කමෙන්ට් එකේ ප්‍රතිචාර දැමීම ගැනයි.
//මට අවශ්‍ය ඔබ අවංකව හිතන දෙය.//
මම හැමවිටම ලියන්නේ මට අවංකව හිතෙන දෙය.
//ඉතින් ඔය ලිපි දෙක දෙපැත්තක කියල ඔබට තේරෙනවද?//
ලිපි දෙකේම මත පැත්තකට තබා කරුණු වශයෙන් ගත්තොත් දෙකේම කියන්නේ විය හැකි හානියක් ගැන බයක් මිස ක්ලෝරීන් වලින් හේදීමේ ප්‍රශ්නයක් නැති බවයි. ඔබ පළමු ලිපියේ ලින්ක් එක දැමීමෙන් පසු මගේ ප්‍රතිචාර වල තිබුණු ඇතැම් පැහැදිලි කිරීම් දෙවන ලිපියේ තිබෙනවා. පළමු ලිපිය පමණක් මුලින් දමන විට දෙවන ලිපියත් කියවා තිබුණු ඔබ සමහර විට මමත් ඒ දේවල් කියයිද කියා පරීක්ෂා කරන්න මෙය කළා වෙන්න ඇති.
//ඒක ඒ ගොල්ලන්ගේ වැරැද්දක් නේද?//
මෙහි ඒ ගොල්ලෝ කියන්නේ කවුද කියන එක පැහැදිලි නැහැ. ඇමරිකාවද? යුරෝපීය සංගමයද? මම හිතන්නේ නැහැ දෙගොල්ලන්ගෙන් කාගෙවත් "වැරැද්දක්" තියෙනවා කියලා.
//මම මගේ ප්‍රතිචාරය විතරක් දැම්මා නම් ඔබට ඔය චෝදනාව කරන්න තිබ්බ.//
"කියලයි කියන්නේ" කියා කියන කෙනෙක් ගැන නොකියා දමන ප්‍රතිචාරයක වටිනාකමක් නැති බව ඔබ දන්නවනේ. ඔබ "කියල කියන්නේ" කියා දෙවරක් කියමින් පදනමක් නැති ප්‍රකාශයක් කර පහළින් ලින්ක් එක දමන්නේ ලින්ක් එකේ ඇති ලිපියේ එසේ කියා ඇති බව කියවන්නන්ට ඇඟවෙන පරිදියි. නමුත්, ලිපියේ එවැනි දෙයක් සඳහන්ව නැහැ.
//මම සමාජවාදියෙක් කියල prejudicial view එකකින් කියන දෙයක්ද මේ//
අජිත් වරින් වර ලියන පැටලිලි සහගත දේ නිසා අඩු වශයෙන් අජිත් සමාජවාදියෙක්ද නැද්ද කියන එකවත් මට පැහැදිලි නැහැ. (මට හිතෙන හැටියටනම් එය අජිත්ටවත් පැහැදිලි නැහැ) අජිත් සමාජවාදය හා මාක්ස්වාදය මුළුමනින්ම ප්‍රතික්ෂේප කර සිටින කෙනෙක්ද? ඔව් කියා කෙළින්ම කියනවනම් මම පිළිගන්නවා.
//නමුත්, තමන් හැම දේම දන්නවා කියා හිතන ටික දෙනෙක් තමන්ගේ නිර්ණායක අනුව එය වැළැක්වූ විට සිදුවන්නේ ගන්න කැමති අයටත් ඒ අවස්ථාව නොලැබී යාමයි//
මම මෙය ලිවුවේ යුරෝපීය සංගමයේ නියාමන රාමුව හා අදාළවයි.
//ගුණාත්මක බැවින් අඩු ආහාර හරි දීල මිනිස්සු ජිවත් කරවන්න හදන්නේ කියුබාව, උතුරු කොරියාව වගේ රටවල් නේද? දියුණු ධනවාදී රටවල තෝරා ගැනීමක් තිබෙනවා. //
ධනවාදී රටවල නියාමනය මඟින් කරන්නෙත් තේරීම් සීමා කරන එකම තමයි. (මෙයින් කියන්නේ මම පෞද්ගලිකව නියාමනය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව නෙමෙයි.)
//දැන් ඇමෙරිකා එක්සත් ජනපදය නිතර කියනවා//
අජිත්ගේ මේ කතාව තමයි මම අකැමතිම කතාව. අජිත් මෙවැනි ප්‍රකාශ කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය කියන්නේ පැරණි සෝවියට් සංගමය වගේ පක්ෂයකින් පාලනය වන රටක් කියා හිතාගෙනයි. එහෙම හිතල ඇමරිකාවේ ජීවත් වන සියලු දෙනා දෙස බලන්නේ එකම මතයක් තියෙන කණ්ඩායමක් ලෙසයි. කරුණාකර ඇමෙරිකා එක්සත් ජනපදය කියන්නේ විවිධ අයට විවිධ අදහස් තිබෙන නිදහස් රටක් බව අමතක නොකර මෙවැනි ප්‍රකාශ කරන්න. ඇමෙරිකා එක්සත් ජනපදය කියන්නේ අඩු වශයෙන් ඇමරිකාවේ ආණ්ඩුව හෝ නෙමෙයි. ඒ නිසා මෙසේ නිතර කියන්නේ කවුද කියන එක ඔබ නොකියනවානම් මට මෙවැනි ප්‍රකාශ වල කිසිදු තේරුමක් නැහැ.
//ඔවුන්ට GM ආහාර නිපදවන්න දෙන්න අප්‍රිකාවේ සාගින්න නිවන්න කියල.//
GM ආහාර හදන්නේ සමාගම් මිසක් ආණ්ඩුව නෙමෙයි. ඔවුන් එය කරන්නේ ලාබ පිණිස. අප්‍රිකාව වැනි රටවල ආහාර හිඟය ඔවුන්ට වෙළඳපොළ අවස්ථාවක්. ඇමරිකන් හෝ වෙනත් සමාගමක් GM හෝ වෙනත් වැඩි දියුණු කිරීම් මඟින් ආහාර නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය ඉහළ දැමූ විට වක්‍ර ලෙස අප්‍රිකාවේ සාගින්න නිවීමට උදවුවක් ලැබෙනවා. නමුත්, ධනවාදී රටක සමාගමක් විසින් අප්‍රිකාවේ සාගින්න නිවීමේ අරමුණින් පමණක් GM ආහාර නිපදවන්න හේතුවක් නැහැ.
//GM ආහාර වල ප්‍රශ්නයක් නැතිනම් ඒවාට ඉඩ දිය යුතුයි. ගන්න කෙනා ගත්තු දෙන් කියන ඔබේ ප්‍රතිපත්තියට අනුව. ප්‍රතිවිරුද්ධ තර්කය තමා මිනිසුන් ලෙඩ වුණාම යන වියදම ලබන ලාභයට වඩා වැඩියි කියන එක. නමුත් කවුරුත් ඒවාට සාක්ෂි දෙන්නේ නැහැ.//
තනිකරම වැරදි අදහසක්. GM ආහාර වල ප්‍රශ්න ඇති බවක් පෙනෙනවානම් ශාස්ත්‍රාලීය පර්යේෂකයෙකු ඒ බව එළිදරවු කරන්න පැකිළෙන්නේ නැහැ. විමර්ෂිත ජර්නල සියල්ලම වගේ තියෙන්නේ ශාස්ත්‍රාලීය පර්යේෂකයන්ගේ පාලනය යටතේ. ඒ වගේම ඒවා කොහේ පළවුනත් ඇමරිකන්, යුරෝපියන් ලෙස වර්ග කරන්න බැහැ. කතෘ මණ්ඩල වල රටවල් ගණනාවක අය ඉන්නවා.
//යුරෝපීය සංගමයේ වෛද්‍යවරු , විද්‍යාඥයෝ (මෙතැන බ්‍රි තාන්‍ය කට්ටියත් ඉන්නවා) තීරණය කරන දේ නැතිව රටට තීරණ ගණන් දෙන්න කියන. රටේ පාර්ලිමේන්තුවේ උගත් කමක් නැති මන්ත්‍රීන් ලට ඒ තීරණය ගන්න දෙන්න කියල තමයි කියන්නේ. //
Deleteමේ මතයට මම එකඟයි. උගත් අයට උගත් වූ පමණින් සමාජයේ අනෙක් අය මත අධිකාරයක් පවත්වා ගත හැකි වූ යුගය දැන් අවසන්. උගත් අයට හැකි විය යුතුයි තමන් කියන දෙය නිවැරදි බව බහුතරයට ඒත්තු ගන්වන්න. එසේ නැත්නම් තමන් කියන දෙය තේරුම් කිරීමට අපහසු තරම් සංකීර්ණ වුවත් නිවැරදි බවට විශ්වාසයක් ගොඩනගන්න. ඒ දෙකෙන් එකක්වත් නොකර උගත්කම පීඩක මෙවලමක් ලෙස යොදාගැනීම නිසා තමයි වත්මන් දේශපාලන සමතුලිතතාවය මෙලෙස ගොඩ නැඟී තිබෙන්නේ. මෙය සමාජවාදී ලෝකය තුළ පමණක් සිදු වූ හෝ සිදුවන දෙයක් නෙමෙයි. ධනවාදී රටවලත් සිදුවන දෙයක්. (නලින් ද සිල්වා විසින් මෑතකාලීනව බොහෝ විට යොදා ගන්නා ජාත්‍යන්තර සුපිරි ව්‍යුහය කියන්නේ මෙය විය හැකියි) එහි ප්‍රතිඵල භයානක විය හැකියි.
//මම පහුගිය කාලය පුරාම හිතන් හිටියේ එකොනොමැට්ට කියන්නේ ස්වාධීනව තමන්ගේ අදහස් පල කරන කෙනෙක් විධිහට. ඉන්න රට ආරක්ෂා කරන්න ලියන කෙනෙක් විධිහට නොවේ. //
ඔබට කැමති විදිහකට හිතන්න නිදහස තියෙනවා. දැන් මම ස්වාධීනයි කියල පෙන්වන්න ඉඳල හිටල හේතුවක් නැතුව බොරුවට ඇමරිකාව විවේචනය කරන්න ඕනෑද? මම පෙනී සිටින්නේ තරඟකාරී නිදහස් වෙළඳපොළක් වෙනුවෙනුයි. නොකරම බැරි විට පමණක් කළ යුතු නියාමනයන් හා කුඩා රජයයන් ඒ පසුපස එන දේවල්. මෙයට වඩාම ආසන්න රට ඇමරිකාවයි. ඒ නිසා ඇමරිකාවට ඇඟිල්ලක් දික් කරන්න පෙර තවත් බොහෝ තැන් වලට ඇඟිලි දික් කරන්න වෙනවා. රට ආරක්ෂා කරන්නනම් ආරක්ෂක හමුදා වල අය ඉන්නවනේ. මම ලියන ඒවායින් ඇමරිකාව ආරක්ෂා වෙනවනම් මම කැමැත්තෙන්ම එය කරනවා. අඩුගානේ ආණ්ඩුවේ ආරක්ෂක වියදම් හරි ටිකක් අඩුවෙයිනේ.
Delete//මගේ බ්ලොග් එක කියවන අය (අජිත්ද ඇතුළුව) මට වැදගත්. //
ඒක හරි. මටත් මගේ බ්ලොගය කියවන අය වැදගත්. මම ප්‍රතිචාරයක් දමන කොට එය අදාල බ්ලොග්කරුට. වෙනත් අයෙකුට දානවනම් @ සයින් එක දාල ඒ තැනැත්තා අමතන්න පුළුවන්. //මම කියා තියෙන්නේ ලින්ක් එකක් දමා එහි නැති දෙයක් තියෙන බව ඇඟවෙන පරිදි කමෙන්ට් එකේ ප්‍රතිචාර දැමීම ගැනයි. // කණගාටුයි. ඒ ඔබ හිතෙන හෝ ඔබට හිතෙන දේ වෙන්න පුළුවන්. මම එයට එකඟ නැහැ.
//මෙහි ඒ ගොල්ලෝ කියන්නේ කවුද කියන එක පැහැදිලි නැහැ. ඇමරිකාවද? යුරෝපීය සංගමයද? මම හිතන්නේ නැහැ දෙගොල්ලන්ගෙන් කාගෙවත් "වැරැද්දක්" තියෙනවා කියලා.// ලිපිය නොකියවා කොමෙන්ට් එක කියවන අය .
////ලිපිය නොකියවා ඔබේ කමෙන්ට් එක කියවන අයෙකුට හිතෙන්නේ //
//"කියලයි කියන්නේ" කියා කියන කෙනෙක් ගැන නොකියා දමන ප්‍රතිචාරයක වටිනාකමක් නැති බව ඔබ දන්නවනේ. කියන කවුද කියන ඔබ "කියල කියන්නේ" කියා දෙවරක් කියමින් පදනමක් නැති ප්‍රකාශයක් කර පහළින් ලින්ක් එක දමන්නේ ලින්ක් එකේ ඇති ලිපියේ එසේ කියා ඇති බව කියවන්නන්ට ඇඟවෙන පරිදියි. නමුත්, ලිපියේ එවැනි දෙයක් සඳහන්ව නැහැ.//ඔබ ඉහත මා කා ගැනද කිව්වේ කියල වටහා ගෙන නැති නිසා මේ ලියන කොටස අදාල නැහැ.
//දැන් ඇමෙරිකා එක්සත් ජනපදය නිතර කියනවා//
//අජිත්ගේ මේ කතාව තමයි මම අකැමතිම කතාව. අජිත් මෙවැනි ප්‍රකාශ කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය කියන්නේ පැරණි සෝවියට් සංගමය වගේ පක්ෂයකින් පාලනය වන රටක් කියා හිතාගෙනයි. එහෙම හිතල ඇමරිකාවේ ජීවත් වන සියලු දෙනා දෙස බලන්නේ එකම මතයක් තියෙන කණ්ඩායමක් ලෙසයි. කරුණාකර ඇමෙරිකා එක්සත් ජනපදය කියන්නේ විවිධ අයට විවිධ අදහස් තිබෙන නිදහස් රටක් බව අමතක නොකර මෙවැනි ප්‍රකාශ කරන්න. ඇමෙරිකා එක්සත් ජනපදය කියන්නේ අඩු වශයෙන් ඇමරිකාවේ ආණ්ඩුව හෝ නෙමෙයි. ඒ නිසා මෙසේ නිතර කියන්නේ කවුද කියන එක ඔබ නොකියනවානම් මට මෙවැනි ප්‍රකාශ වල කිසිදු තේරුමක් නැහැ.//
මිස්ටර් මැට්ස් - ඇමෙරිකා එක්සත් ජනපදය කියල කියන්නේ ඒ රටේ රජයට.
/දැන් ඇමෙරිකා එක්සත් ජනපදය නිතර කියනවා ඔවුන්ට GM ආහාර නිපදවන්න දෙන්න අප්‍රිකාවේ සාගින්න නිවන්න කියල//
මේ කතාව ප්‍රතිපත්තියක් වශයෙන් සසම් ඇමෙරිකානු රජයක්ම කියපු දෙයක්. ඒ මොකද ඇමෙරිකාවේ GM අහාර සමාගම් වල බලපෑම නිසා කියලත් කිව්වා හැකි.
අනික ඉන්දියාව කිව්වා කියල කිවොත් ඉන් අදහස් වන්නේ ඉන්දීය රජය. එහෙම ලියනවා. අවශ්‍ය නම් බලන්න. ශ්‍රී ලනක්ව අද මෙසේ කිව කියල කිවොත් ජාත්‍යන්තර මාධ්‍ය වල ඉන් අදහස් වන්නේ ශ්‍රීලංකා රජය.
ඇමෙරිකාවේ ජිවත් වන අවිවිධ අය ගේ මත ගැන මම කතා කලේ නැහැ. සහරා රාජ්‍ය වල ප්‍රතිපත්ති තියනවා වෙනස් වෙන්නේ නැති හෝ පත්වන හැම රජයක්ම දිගටම ගෙනියන. ඒවාට රටේ නම් කියල හඳුන්වා දීම සුලභ ලිවීමේ ක්‍රමයක් පමණයි.
Delete//GM ආහාර හදන්නේ සමාගම් මිසක් ආණ්ඩුව නෙමෙයි. ඔවුන් එය කරන්නේ ලාබ පිණිස. අප්‍රිකාව වැනි රටවල ආහාර හිඟය ඔවුන්ට වෙළඳපොළ අවස්ථාවක්.//
ඉතින් ඒකම තමයි මම මේ කියන්නෙත්. යුරෝපිය සංගමය සහ රුසියාවත් තවත් රටවල් කිහිපයකුත් ඕකට විරුද්ධයි. නමුත් ඇමෙරිකන් රජය කිහිප වතාවක්ම ඔය යෝජනාව කලා.
හේතුව ඔබ මේ පහත කියා ඇතිදේ.
// ඇමරිකන් හෝ වෙනත් සමාගමක් GM හෝ වෙනත් වැඩි දියුණු කිරීම් මඟින් ආහාර නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය ඉහළ දැමූ විට වක්‍ර ලෙස අප්‍රිකාවේ සාගින්න නිවීමට උදවුවක් ලැබෙනවා. නමුත්, ධනවාදී රටක සමාගමක් විසින් අප්‍රිකාවේ සාගින්න නිවීමේ අරමුණින් පමණක් GM ආහාර නිපදවන්න හේතුවක් නැහැ. //
ධනවාදී රටවල ආණ්ඩු තම ව්‍යාපාරිකයන්ට සමාගම් වලට උදව් කරන බවත් සමහර රජයේ ප්‍රතිපත්ති හදන්නේ ඒ අනුව බවත් ඔබ නොදන්නවා විය නොහැකියි. මට GM අහාර පිලිබඳ ලොකු ප්‍රශ්නයක් නැහැ. මම නිතරම ඒ ගැන අවධානයෙන් සිටින කෙනෙක්. අලුත් අදහසක් පර්යේෂණයක් හෙම එනවද කියල.
/අජිත් වරින් වර ලියන පැටලිලි සහගත දේ නිසා අඩු වශයෙන් අජිත් සමාජවාදියෙක්ද නැද්ද කියන එකවත් මට පැහැදිලි නැහැ. (මට හිතෙන හැටියටනම් එය අජිත්ටවත් පැහැදිලි නැහැ) .//
Deleteදැන් එකොනොමැට්ට උන්නැහේ මෙහෙම බලන්නකෝ. මම ජිවත් වෙන්නේ එංගලන්තේ. මධ්‍යම පන්තික රැකියාවක් කරලා මධ්‍යම පන්තිකයෙකුගේ සාමාන්‍ය සිහිනයන්ට අනුව ගෙයක්, වාහනයක් , බිරිඳක් දරු දැරියන් සමග ලොකු කරදරයක් නැතිව ජිවත් වෙනවා, අවුරුද්දකට වරක් දෙවරක් නිවාඩුවකට යනවා. කොන්සර්ට් එකක් බලන්න නැටීමක් කරන්න යනවා. හවසට පොතක පතක් බ්ලොගක් කරගෙන දවසේ නිවාඩු කාලය සංස්කෘතික ජීවියෙක් ලෙස ගත කරනවා. ප්‍රශ්න නැතුවා නෙමෙයි. ලංකාවේ නෑදෑයින්ගේ ප්‍රශ්න, මේ රටේ උද්ධමනය නිසා බඩු වල ගණන් ඉහල යාම් වගේ දේ තියනවා. ඒවා ජීවිතය මුහුණ දෙන දේවල් නේ. ඉතින් මම කිවොත් ලංකාවේ හෝ වෙන රටක හෝ කෙනෙකුට කියුබාව වගේ හෝ උතුරු කොරියාව වගේ ලංකාව හදන්න කියල ඒක හරිද මම අහන්නේ? දැන් මට කියුබාවට යන්න කියල කිව්වොත් මම යයිද එහෙ ජිවත් වෙන්න. නැහැනේ. මෙහෙ හොඳයි නේ. ඉතින් ඔය සමාජවාදී කියන එක පටලවල තියෙන්නේ චීනය , කොරියාව කියුබාවට නිසා මට කටක් ඇරලා කිව්ව හැකිද මම සමාජවාදියෙක් කියල? මොන දෙබිඩි කතාවක් වෙනවද ඒක?
අනික මට කිව්ව හැකිද මම දක්ෂිණාංශික කියල? ඒ කියන්නේ මොන පැත්තද? ට්‍රම්ප් ද? පුටින් ද? තෙරේස මේ ද? ට්‍රම්ප් ඔය ඇනගෙන නාගෙන ඉන්න තරමට ට්‍රම්ප් වාදියෙක් වුන හැකිද? හැබැයි මේ ලිපියේ සමහර දක්ෂිනන්ෂයන් ගැන මම හිතන විධිහ තියනවා. කැමති නම් බලන්න.
දක්ෂිනාංශයෙන් සමාජවාදයක් පැතීම හා මාක්ස්වාදී රනිල්
//අජිත් සමාජවාදය හා මාක්ස්වාදය මුළුමනින්ම ප්‍රතික්ෂේප කර සිටින කෙනෙක්ද? ඔව් කියා කෙළින්ම කියනවනම් මම පිළිගන්නවා// හපොයි නැහැ. මාක්ස්වාදය කියන්නේ දර්ශනවාදයක් හැටියට පිළිගන්න කෙනෙක්. මම මොකටද ඒක ප්‍රතික්ෂේප කරන්නේ? හේගල් ගේ හෝ ඇරිස්ටෝටල් ගේ දර්ශනවාද හැකිනම් ඉගෙන ගන්නවා මිස ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? එකම දේ මම විරුද්ධව කතා කරන්නේ මාක්ස්ව වුනත් බල්ලට දාල බනින සමහර මිනිස්සුන්ට. මාක්ස් හරියට කියවල නැහැ. ඔය කොහෙහරි පොටක් අල්ලාගෙන බනිනවා. ඒ වගේම තමා මාක්ස්ට පක්ෂව කතා කරන විප්ලව වාදියෝ හුඟක් අය මාක්ස්ගේ ඩස් කැපිටල් එකවත් කියවල නැහැ. ඕව රුසියාවේ බලෙන් උගන්වනකොට එපමණ ආසාවක් තිබුනේ නැහැ.ලංකාවේදී සෝවියට් සහ රුසියන් සාහිත්‍ය හෙම කියවල පොඩි නැම්මක් තිබුන තමයි සමාජවාදයට.
Deleteමම, සම්භාව්‍ය මාක්ස්වාදයෙන් දැන් තියෙන සමාජ ආර්ථික ප්‍රශ්න වලට සහ නව ලිබරල් වාදී ආර්ථිකයන් ඇති රටවල් මුහුණ පාන අර්බුද වලට කෙලින්ම විසඳුමක් දෙන්නේ නැති කියා සිතන කෙනෙක්. අනික මාක්ස් කිව්වේ සමාජයන් පරිණාමය වීමක් ගැනනේ. වැඩවසම් අර්ථ ක්‍රමය බිඳ වැටෙන්නේ ධනවාදී විප්ලව වලින්. සමහර වෙලාවට ධනවාදී සමාජයේම වැඩ වසම් ගති ලක්ෂණ තියනවා. ධනවාදී සමාජයේ සමාජවාදී/කොමියුනිස්ට්වාදී ගති ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. කොමියුනිස්ට් සමාජයක ධනවාදී සමාජයක ගති ලක්ෂණ තියෙන්න පුළුවන්. ධනවාදී සමාජයේත් ඉහලම අවධිය නේ කොමියුනිස්ට් වාදී සමාජය කියල කිව්වේ. කවුද දන්නේ ඒ හරියටම මොකක්ද කියල? එනිසා තමයි ජිජැක්, ලකාන්, ඇලන් වුඩ් , ලක්ලව් වගේ අයගේ දේ කියවන්නේ මාක්ස්වාදය යන්නේ කොහාටද කියල දැන ගන්න. කාලෙකට කලින් වෙන බ්ලොගයක ගිය සංවාදයකදී මම දැන ගත්ත මාක්ස් ට විරුද්ධව ලියල තියෙන බෝවෙර්ම් බවෙක් ගේ සමහර පොත් මම කියවල නැහැ කියල. අතරින් පතර අදහසක් දෙකක් මිසක්. ඒ නිසා ඒ වල අධ්‍යයනයක් සෑහෙන කලෙක ඉඳන් කරගෙන යනවා. ලුද්විග් වොන් මිසස් ගේ අදහස් කියවනවා. ඔය අතරේ තව ගොඩක් දේවල් තර මග පැටලෙන නිසා තවම ඉවරයක් නැහැ. වොල්කගොනව් සෝවියට් දේශය ගැන ලියල තියෙන දේ හෙ අලුතින් කියවන නිසා.
වෙලාවකට හිතෙනවා ස්ටාලින් අර පරණ විප්ලව කාරයෝ ටික මරා දැමුවේ නැතිනම් සෝවියට් දේශය කොහොම වෙන්න තිබුනද කියල? ස්ටලින්වාදය ටිකක් හරි අයින් කරපු රටකට නේ අපි ගියේ. ඒකේ හොඳ දේවල් සෑහෙන්න තිබුන. කියුබාවට හෝ කොරියාවට යන්න අකමැති වුනත් සෝවියට් දේශයේ ජිවත් වෙන්න යන්න මම අකමැති වෙන්නේ නැහැ. ඔවුන් ඉඩ දුන්නේ නැහැ එහෙම කාටවත් නවතින්න. (කසාද බැන්දොත් ඇර) කොමියුනිස්ට් පක්ෂයේ හිටි සමහර හොරුන්ට අධිකරිවාදීන්ට නම් අකමැතියි. දේශපාලන නිදහස නැතිවීමට අකැමතියි. ඒවගේ දේවල් තිබෙනවා. එසේම ඔවුන්ගේ ආර්ථික ක්‍රමයේ ප්‍රශ්න තිබුන හුඟක්. ලාභය මත පදනම් නොවී අවශ්‍යතාවය මත භාණ්ඩ නිපදවන කොට සමහර රජයට නොවන මහජනතාවට අවශ්‍ය භාණ්ඩවල තත්වය ගොරහැඩි බවක් ගත්ත. කෘතිමව භාණ්ඩ වල මිල පාලනය කරන්න නොහැකියි කියන එක තේරුම යන්න පටන් ගන්නව නේ.
මේ තියෙන්නේ සෝවියට් දේශය ගැන ලිවූ ලිපි කිහිපයක්. ඉතින් පිළිතුර තමා මම සමාජවාදියෙක් හෝ මාක්ස්වාදියෙක් කියා කියන්න තරම් තීරණයක් අරන් නැහැයි කියන එක. හැබැයි හුගක් විවෘතව තමා හැම දෙයක්ම ලියන්නේ සහ කියවන්නේ.
https://kolambagamaya.blogspot.co.uk/2015/08/blog-post_20.html
https://kolambagamaya.blogspot.co.uk/2017/11/blog-post_7.html
පළමුව, ආපසු පැමිණ විස්තරාත්මක ප්‍රතිචාරයක් දැමීම ගැන ස්තුතියි. අජිත්ට ප්‍රතිචාර දැමීමේදී ලියන ශෛලිය ගැන එතරම්ම සැලකිලිමත් නොවෙන්නේ අජිත් නැවත පැමිණ ප්‍රතිචාර දක්වනු ඇති බවට තිබෙන විශ්වාසය නිසයි. නැත්නම්, සාමාන්‍ය ජීවිතයේදී වුවත් මම කරන්නේ වෙනස් කළ නොහැකි අය වෙනස් කරන්න උත්සාහ කිරීම වෙනුවට Wayne Dyer අනුව යමින් (“When given the choice between being right or being kind, choose kind.") නිශ්ශබ්දව සිටීමයි.
Deleteමෙහි ගොඩක් තිබෙන්නේ පැහැදිලි කිරීම් නිසා මට ප්‍රතිචාර දක්වන්න දෙයක් නැහැ. හැබැයි ඒ පැහැදිලි කිරීම් වැදගත්.
//මිස්ටර් මැට්ස් - ඇමෙරිකා එක්සත් ජනපදය කියල කියන්නේ ඒ රටේ රජයට.//
පැහැදිලි කිරීමට ස්තුතියි. නමුත්, මට අනුවනම් ඇමෙරිකා එක්සත් ජනපදය කියල කියන්නේ එහි රජයට නෙමෙයි. මම ඇමෙරිකා එක්සත් ජනපදය කියල කියන්නේ එහි පොදු සංස්කෘතියට හා වැඩි දෙනෙක් එකඟ වන හර පද්ධතියට. වෙනත් බොහෝ රටවල් වල වගේ රජයට ඇමරිකා එක්සත් ජනපදය ඇතුළේ මහා ලොකු දෙයක් කරන්න බැහැ. රටෙන් පිට සිටින අයෙක්ට නිතර මුණ ගැසෙන ඇමරිකාව කියන්නේ එහි රජය බව ඇත්ත.
//ඉතින් මම කිවොත් ලංකාවේ හෝ වෙන රටක හෝ කෙනෙකුට කියුබාව වගේ හෝ උතුරු කොරියාව වගේ ලංකාව හදන්න කියල ඒක හරිද මම අහන්නේ? දැන් මට කියුබාවට යන්න කියල කිව්වොත් මම යයිද එහෙ ජිවත් වෙන්න. නැහැනේ. මෙහෙ හොඳයි නේ. ඉතින් ඔය සමාජවාදී කියන එක පටලවල තියෙන්නේ චීනය , කොරියාව කියුබාවට නිසා මට කටක් ඇරලා කිව්ව හැකිද මම සමාජවාදියෙක් කියල? මොන දෙබිඩි කතාවක් වෙනවද ඒක?//
මට අනුව මෙය අඩුවැදගත්කමක් තියෙන සිල්ලර ප්‍රශ්නයක්. මත්පැන් බොන කෙනෙක් මත්පැන් වල ආදීනව ගැන කතා කරන එකේ වැරැද්දක් තියෙනවා කියල මම හිතන්නේ නැහැ. එකම දෙය එවැනි ප්‍රකාශයක විශ්වසනීයත්වය සාපේක්ෂව අඩුවීම පමණයි.
//හපොයි නැහැ. මාක්ස්වාදය කියන්නේ දර්ශනවාදයක් හැටියට පිළිගන්න කෙනෙක්. මම මොකටද ඒක ප්‍රතික්ෂේප කරන්නේ?//
//ඉතින් පිළිතුර තමා මම සමාජවාදියෙක් හෝ මාක්ස්වාදියෙක් කියා කියන්න තරම් තීරණයක් අරන් නැහැයි කියන එක.//
මෙන්න මෙතැනයි මට අජිත් සමඟ ප්‍රශ්නයක් තියෙන්නේ (මතවාදී ප්‍රශ්නයක් පමණයි). දැන් මෙහි අජිත්ගේ ප්‍රකාශ දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධයි. මේ ගැන අජිත්ට පැහැදිලි කිරීමක් ඇති කියා මම හිතනවා.
මට සමාජවාදීන් සමඟ තියෙන ප්‍රධාන ප්‍රශ්නය ගොඩක් අයට තියෙන ආකාරයේ භාවිතාව පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. එය මාක්ස්වාදී දර්ශනවාදය පිළිබඳව තියෙන මූලික මට්ටමේ ප්‍රශ්නයක්. මාක්ස්ගේ ප්‍රවාදයේ මූලික උපකල්පන ටික සමඟ එකඟ විය හැකිනම් ඉන් පසු දේවල් ලොකු ප්‍රශ්න නෙමෙයි. ඒ සියල්ල තර්කානුකූලව ගොඩනඟා තියෙනවා. මූලික උපකල්පන පිළිගත හැකිනම් ජේවීපී එක හෝ ස්ටාලින් විසින් මිනී මැරීම වැනි දේවල් ද්වීතියික සිල්ලර ප්‍රශ්න. ඒ වගේම මම තරමක් හෝ වැඩිපුර හදාරා ඇති විෂය ආර්ථික විද්‍යාව නිසා මගේ ප්‍රශ්නය නාභිගත වන්නේ සම්පත් ප්‍රසස්ථ ලෙස බෙදා හැරීම පිළිබඳ ගැටලුවට මාක්ස් විසින් යෝජනා කරන විකල්ප විසඳුම වෙතයි.
ආගම් සම්බන්ධව මට තිබෙන්නේත් මෙවැනි මූලික මට්ටමේ ප්‍රශ්න. ඒ මිස, උදේ හවස පන්සිල් ගන්න මිනිස්සු මේ තරම් හොරකම් කරන්නේ ඇයි කියන ආකාරයේ සිල්ලර ප්‍රශ්න නෙමෙයි. මූලික විශ්වාස සමඟ එකඟ විය හැකිනම් එතැනින් එහාට තිබෙන ගොඩනැඟීම් සමඟ එකඟ විය හැකියි. ධනවාදය වගේම (බටහිර) විද්‍යාවත් ගොඩ නැඟී තිබෙන්නේ මෙවැනි මූලික විශ්වාස මත තමයි. නමුත්, පෞද්ගලිකව මට ඒ මූලික විශ්වාස සමඟ එකඟ වන එක වඩා පහසුයි. (ඒවාත් විශ්වාස බව මම දන්නවා). මාක්ස්වාදී දර්ශනවාදය විශ්වාස කරනවාට වඩානම් නිර්මාණවාදී ආගමක් විශ්වාස කරන එක පහසුයි.
මම මේ සම්පත් ප්‍රසස්ථ ලෙස බෙදා හැරීම පිළිබඳ ගැටලුව හා අදාළ මූලික උපකල්පන තරමක් සරල ලෙස ඉදිරිපත් කරන්නම්. ඔබ වඩා නිවැරදියි සිතන පරිදි පහත ප්‍රශ්න වලට පිළිතුරු මොනවාද?
1) භාණ්ඩයක වටිනාකම කියන්නේ
A) එහි පරිභෝජනය කරන අවසන් පුද්ගලයා එය ලබා ගැනීම වෙනුවෙන් අත හරින්න කැමති වඩාම වටිනා දෙය
B) එය නිපදවීම සඳහා වැය කළ මිනිස් ශ්‍රමයට (පැය ගණනට) සමානුපාතික දෙයක්
2) හොඳ සිහියෙන් සිටින, වැඩිහිටි පුද්ගලයින් දෙදෙනෙකු අතර ස්වේච්ඡාවෙන් සිදුවන ගනුදෙනුවකදී ගණුදෙනුවේ ස්වභාවය පිළිබඳව දෙදෙනාටම මනා අවබෝධයක් ඇත්නම්, ගනුදෙනුව නොකර සිටීමට සාපේක්ෂව,
A) දෙදෙනාගෙන් කිසිවකුට අවාසියක් වීමට ඉඩක් නැත
B) එක් අයෙකුට අලාභයක් විය හැකිය.
3) එක් භාණ්ඩයක් වෙනත් භාණ්ඩයක් බවට පරිවර්තනය කිරීමේ නිෂ්පාදන ක්‍රියාවලියේදී භාණ්ඩයේ වටිනාකම ඉහළ යයි. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දෙදෙනෙක් සමාන කාලයක් ශ්‍රමය යොදවා තිබේ. එහෙත්, එක් අයෙකුගේ ශ්‍රමය වඩා ඵලදායීය. භාණ්ඩයේ වටිනාකම ඉහළ යැවීමට එක් එක් ශ්‍රමිකයාගෙන් ලැබුණු දායකත්වය,
A) සමානය
B) ඔවුන්ගේ ශ්‍රමයේ ඵලදායීතාවයට සමානුපාතිකය.
//මත්පැන් බොන කෙනෙක් මත්පැන් වල ආදීනව ගැන කතා කරන එකේ වැරැද්දක් තියෙනවා කියල මම හිතන්නේ නැහැ.// තමන්ට කියා ගත්තට කමක් නැහැ. අනුන්ට බන දෙසනවනම් ඒ කරනවා සඟවලා අන්න එතකොට ඒක දෙබිඩි කමක්. (hypocrisy)
Deleteමාක්ස්වාදය දර්ශනවාදයක් හැටියට පිලිගන්නවා කිව්වේ සම්භාව්‍ය මාක්ස්වාදය ගැන. දැන් ස්ටොයිසිස්ම් වගේ හෙලනික් දර්ශනවාදයේ ඉඳන් ජර්මන් අයිඩියලොජි එක දක්වා ඉගෙන ගන්න පුළුවන්. ෆොයර්බාහ් , ට්සයිනර් දක්වා ගිහින්. ඊට පස්සේ හේගලියානු වාදය ඉස්සරහට එනවා. මාක්ස් එතනින් එහාට යනවා. ඔහුගේ දර්ශනවාදයේ ඔය ආර්ථික කොටසත් ඇතුලත්. නමුත් ආර්ථික කොටස (කැපිටල්) එක විතරක් නෙමේ එතැන තියෙන්න. දයලේක්තික භුතික වාදය, ඓතිහාසික භෞතිකවාදය (එංගල්ස්) ඒවත් එනවා. ඉතින් දර්ශනවාදයක් හැටියට විරුද්ධත්වයක් නැහැ.
අනිත් පැත්තෙන් මහායාන දර්ශනය - නාගර්ජුන, දම්මකිත්ති (mainly logic ) වලටත් දැඩි විරුධත්වයක් නැහැ. දර්ශනවාදයක් වශයෙන්. (පුනරුත්පත්තිය ගැන වැඩි විශ්වාසයක් නැහැ.) නමුත් ගන්ධබ්බ අවස්ථාව තිබිය හැකිය කියල පොඩි හයිපෝ තෙසිස් එකක් තියනවා. අර මම ලිපි දොලහක් එක දිගට ලීවේ ඒ ගැන පැහැදිලි කරන්න. තවම ඉවර නැහැ. දැන් මේවා එකිනෙකට පතිවිරුද්ධ හැටියට ඔයාට පේන්න පුළුවන්. නමුත් මගේ බ්ලොගයේ මම ඔය විවිධ කාරණා ගැන ලියන්නේ ඒ ඒ අවධියේ ඒවා ඉගෙන ගන්න නිසා. මට තේරුම් කර ගන්න ගමන්.
- මාක්ස් ගේ දර්ශනවාදය පිලි ගන්නවා කියන එකයි මාක්ස්වාදියෙක් යන එකයි දෙකක්. මට බෞද්ධ දර්ශනයේ සමහර කාරණා පිලි ගත හැකියි බෞද්ධයෙකු නොවී. මම බුදුන්ට අගෞරව නොකරනවා වගේම තමයි මාක්ස්ට අගෞරව නොකරන්නේත්. බොහොම දුක් විඳිම්න් තමන්ගේ අධ්‍යයන කරමින් පොත පත පල කල දාර්ශනිකයෙක්.
මාක්ස්වාදී දර්ශනවාදය විශ්වාස කරනවා කියන්නේ ඒ අනුව යමක් කරන එක වෙන්න ඇති. ලෙනින් කරන්න හැදුවේ ඒක. මාක්ස් ගේ තියරිය වැඩි දියුණු කරන එක.
- ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු:
ඔබ අසා තිබෙන සරල ලෙස යයි ඉදිරිපත් කරන ප්‍රශ්න වලට පිළිතුරු සරල නැහැ නේද? දැන් මම අධ්‍යයනය කරමින් සිටින්නේත් ඕවා ගැනයි. කාලයක් වෙනත් වැඩ නිසා අතපසු වෙවී ගිය දෙයක්.
-භාණ්ඩයක වටිනාකම ගැන මම මාක්ස්ගේ ආශ්‍රයෙන් 2014 දී ලියු දෙයක් මේ:
ප්‍රාග්ධනය - භාණ්ඩවල වටිනාකම (අංක 2)
එනිසා මාක්ස්ට අනුව සිතුවොත් සරල ලෙස පිළිතුර B. නමුත් මෙය නැවත නැවත තර්ක කර බැලුවොත් භාණ්ඩයක වටිනාකම ශ්‍රමය ට පමණක් සමානුපාතික යයි කියන්න අද බැහැ.
උදාහරණයක් වශයෙන් මම පරිගණක මෘදුකාංගයක් මා විසින්ම නිපැදවුවොත් මගේ ශ්‍රමයට මා දෙන වටිනාකම අඩුවිය හැකියි. එනිසා මා විසින් වෙළඳපොළේ ඉල්ලුම , රජයේ බදු, මෘදුකාංගය කරද්දී ඇතිවූ වෙනත් වියදම් ආදී සියල්ල සමග ඔබේ A පිළිතුරත් සළකා බලන්න වෙනවා. ඉතාමත් සංකීර්ණයි. ඒ කියන්නේ අපට තියරටිකලි ලියන්න පුළුවන්
භාණ්ඩයක වටිනාකම ප්‍රතිලෝමව එය නිෂ්පාදනයේ ශ්‍රමය ට සමනුපාතිකය කියල එහෙත් සමාන නැහැ. මෙතැනදී ඔබගේ තුන්වන ප්‍රශ්නය මතු වෙනවා.
එක් අයෙකුගේ ශ්‍රමය වඩා ඵලදායි. අනිත් කෙනාගේ ශ්‍රමය ඵලදායි නැත.
එනිසා මගේ පිළිතුර විය යුත්තේ භාණ්ඩයේ වටිනාකම ඉහල යැවීමට ශ්‍රමිකයගෙන් ලැබුණු දායකත්වය ඔවුන්ගේ ශ්‍රමයේ ඵලදායීතාවයට සමානුපාතිකය කියල. මේ දෙක සමාන කිරීමට මම විරුද්ධයි.
තුන්වන ප්‍රශ්නයේදී මම මාක්ස්ගේ අතිරික්ත වටිනාකම ගැන මෙතැන ලියල තියනවා.
Deleteමාක්ස් ලාභය ගැන - අතිරික්ත වටිනාකම
මෙහිදී ඔබ කියන ගනුදෙනුවේ ස්වභාවය සලකා මිස පිළිතුරක් දීමට බැහැ.
උදාහරණයක් වශයෙන් ගනුදෙනුව - භාණ්ඩ විකිණීමක් හා ලාභය පිලිබඳ ප්‍රශ්නයක් නම් එහි අතිරික්ත වටිනාකමක් එකතු කර ඇද්ද යන්න
ගනුදෙනුව කිසියම් දක්ෂතාවයක් සම්බන්ධවද intellectual property . ඒ කියන්නේ නිකම්ම් ගනුදෙනුවක් හැටියට ලඝු කර පිළිතුරක් දීමට බැහැ.
//ඊළඟට මාක්ස් කියනවා නොමෑඩ් (හෙවත් අහිගුන්ථක ) ජාතීන් මුලින්ම මේ මුල්‍ය (මුදලේ භාවිතය) ආකාරය පාවිච්චි කල බව. ඔවුන්ට අයිතිවෙලා තිබුනේ ඉක්මනින් තැනකින් තැනකට ගෙන ගිය හැකි දේ පමණයි. ඔවුන්ට වෙනත් ජාතින් සමග සම්බන්ධ වීමේ අවස්ථා වැඩි නිසා ඔවුන් භාණ්ඩ හුවමාරුව ප්‍රධාන වශයෙන් කල පිරිසක්. (ලංකාවෙත් මේක එහෙමයි. එහෙම අය ගම් පළාත්වල හිටිය ) . වහලුන් පවා මුදල් වෙනුවට ආදේශ කල හැකි තත්වයක තිබ්බ. වහලුන් තැනින් තැනට ප්‍රවාහනය කල හැකි නිසා.
නමුත් ඉඩම් (තැන තැන ගෙන ගිය නොහැකි) මේ තත්වයට ආවේ නැහැ. ඉඩම් මුදල් වෙනුවට ආදේශ වීමට පටන් ගත්තේ ධනවාදී සමාජය දියුණු වීමත් සමගයි. 17 වන ශතවර්ශයේ මුලින්ම පටන් ගත අතර වැඩි දියුණු වුයේ ප්‍රංශ ශාන්වාදී විප්ලවයෙන් පසුවයි. //
හුවමාරුව සහ මුදල් ගැන මෙතන ලියා තිබෙනවා.
මුදල් හෝ භාණ්ඩ සංසරණය - ප්‍රාග්ධනය
ඉතින් ඔබට පෙනෙනවා ඇති සමහර තැන්වලදී මාක්ස් හරි යයි හිතන ගමන් සමහර තැන්වල ඔහු නිවැරදි නොවන්නේ යයි මම හිතන බව.
මම මගේ සමාජවාදී යහළුවන්ගෙන් අහන ප්‍රශ්නයක් තියනවා. ලැබෙන උත්තර පරස්පරයි.
Deleteදෙවන ලෝක යුද්ධෙන් රටක් සම්පුර්ණයෙන්ම විනාශ වුණා . ජර්මනිය. රට දෙකඩ වුණා. නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය බටහිර ජරමනියට නය දුන්න. නැගෙනහිර ජර්මනිය සෝවියට් ක්‍රමය යටතට ගියා. අන්තිමේදී වඩා දියුණු රට බටහිර ජර්මනිය වුනේ කොහොමද?
ඒ අ ය කියනව නැගෙනහිර ජර්මනිය නරකම නැහැ කියල. හරි. දියුණුයි වගේ පෙනුනට බටහිර ජර්මනිය තරම්ම දියුණු නැහැ . එසේම මම ගිහින් තියන නිසා දන්නවා නිවාස හෙම හුඟක් ලස්සනයි. හේතුව නැගෙනහිර ජර්මන් රජය එකම පෞද්ගලික නිවසක්වත් සෝවියට් දේශයේ හෝ කියුබාවේ වගේ පවර ගත්තේ නැහැ. ඒවා තවම හොඳයි.
මම මේ ලිපිය ලිව්වේ ඒ ගැන කියන්න.
කියුබාව ගැන කීමට ප්‍රථම - නැගෙනහිර ජර්මනියේ නිවෙස්
අවසාන වශයෙන් කියනව නම් මම බ්ලොගයකට ගිහින් ප්‍රතිචාර දක්වන්නේ කාගෙවත් අදහස් වෙනස් කිරීමට නොවන බව. උද්යෝගිමත් කරන්නට හෝ විවේචනයක් කරන්නට (මගේ මතයට සමානුපාතිකව ). හුඟක් වෙලාවට යමක් දැන ගන්නත් යනවා.
Deleteඅජිත්, දැනට සිටින තැන අනුව මම මේ සංවාදය දිගටම කරගෙන යන්න කැමතියි. පළමුව, මම මුලින්ම කිවුව වගේ, මම කැමතියි මේ සාකච්ඡාව ආර්ථික කරුණු වලට නාභිගත කරන්න. මොකද සෝවියට් දේශයේ සමාජවාදී ක්‍රමය අසාර්ථක වෙන්න හේතු වුණේ එහි ජීවත් වූ අයට දයලෙක්තික භෞතිකවාදය පිළිගන්න බැරිවීම හෝ වෙනත් දාර්ශනික ප්‍රශ්නයක් නිසා නොව සෝවියට් දේශයට බටහිර ධනවාදී රටවලට සාපේක්ෂව මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න නොහැකි වීම නිසා බව. ඔබ මේ කරුණට එකඟ වෙනවා කියා මම හිතනවා. එසේ එකඟ නොවනවානම් අවශ්‍ය පරිදි සාකච්ඡාව පුළුල් කළ හැකියි. එහෙත්, එයින් අවශ්‍ය දෙය මඟ හැරෙනවා කියා මම හිතනවා.
Deleteමට පෙනෙන හැටියටනම් ඔබ මාක්ස්වාදී රාමුව ඇතුලෙ හිරවෙලයි ඉන්නේ. ඔබට එහි ප්‍රශ්න තිබුණත් ඔබ විසඳුම් හොයන්නේ ඒ රාමුව ඇතුළෙමයි. කරුණාකර මෙය ඉන්සල්ට් කිරීමක් ලෙස හිතන්න එපා. දර්ශනවාදය හරහා විසඳුම් හොයනවා වෙනුවට ප්‍රථම උපාධි මට්ටමේ සරල ආර්ථික විද්‍යා පොත් කිහිපයක් කියෙවුවොත් ඔබට ආර්ථික විද්‍යාවේ මූලික දේවල් පැහැදිලි වෙයි. ඔබේ ගණිත පසුබිම එක්ක මෙය ඉතා පහසු දෙයක් වෙයි. මෙය විශේෂයෙන් ලියන්නේ ඔබේ "දක්ෂිනාංශයෙන් සමාජවාදයක් පැතීම හා මාක්ස්වාදී රනිල්" ලිපියෙන් පසුව දකින්නට ඇති, ආර්ථික වර්ධනය හා අදාළ, ඔබේ සහ තවත් අයෙකුගේ කමෙන්ට්ස් නිසයි. ඔබට අවශ්‍යනම් මට මෙය ඔබට තේරුම් ගත හැකි ගණිත සමීකරණ ඇසුරෙන් පැහැදිලි කර ඊමේල් එකක් එවිය හැකියි. බ්ලොග් එකේ දමන්න බර වැඩියි.
දැන් අපි ආර්ථික විද්‍යාවට නැවත ගියොත්, ආර්ථික විද්‍යාවේ විෂය පථය වෙන්නේ අසීමිත අවශ්‍යතා ඇති මිනිසුන් අතර තිබෙන සීමිත සම්පත් ටික බෙදන්නේ කොහොමද කියන එකයි. සමාජවාදීන් අතර කෙතරම් වෙනස්කම් තිබුණත් මේ හැම ගුරුකුලයකම වගේ මූලික පදනම වන්නේ දාස් කැපිටාල්හි ඇති මූලධර්මයි. මාක්ස් වැඩේ පටන් ගන්නේ එතෙක් සියවස් ගණනක් තිස්සේ ලියැවී තිබුණු දේ හැදෑරීමෙන් පසුවයි. ඒ කාලය ආර්ථික විද්‍යාව විෂයක් ලෙස එතරම් දියුණු වූ කාලයක් නෙමෙයි. නමුත්, අද වන විට එතැන් සිට විශාල දුරක් ඇවිල්ලයි තියෙන්නේ. (ඔබ දන්නා පරිදි) ඒ දවස් වල ආර්ථික විද්‍යාව ආදී ලෙස ලොකු බෙදීම් තිබුණේ නැහැ. මොනවා හෝ විෂයයක් හදාරන කෙනා සෑම විෂයයක්ම වගේ හැදෑරුවා. ඒ නිසා, දාස් කැපිටාල් වල (අදට සාපේක්ෂව) විෂයයන් මිශ්‍ර වී තිබෙනවා. නමුත්, දැන් අපට එයින් ආර්ථික විද්‍යා කොටස වෙන්කර ගත හැකියි.
දාස් කැපිටාල් වල ගොඩක් දේවල් සමඟ අද ජීවත්වන (ධනවාදී) ආර්ථික විද්‍යාඥයෙකුට වුවත් එකඟ විය හැකියි. ඒවා විෂය හා අදාළ මූලික කරුණු. ඒ සමඟම, ධනවාදී ආර්ථික විද්‍යාව හා සමාජවාදී ආර්ථික විද්‍යාව බෙදී යන නිශ්චිත තැනක් තිබෙනවා. මගේ ප්‍රශ්න තුන මේ බෙදීම නිරූපණය කරනවා.
මට කාල් මාක්ස් හෝ ඉතිහාසය පුරා දැනුමට මොනවා හෝ එකතු කළ වෙනත් අයෙක් සමඟ කිසිදු ප්‍රශ්නයක් නැහැ. සෝවියට් දේශය හෝ රුසියාව සමඟත් කිසිදු ප්‍රශ්නයක් නැහැ. නමුත්, පැහැදිලිවම මම සමාජවාදී ආර්ථික විද්‍යා රාමුවට එරෙහිව ධනවාදී ආර්ථික විද්‍යා රාමුව වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ සමාජවාදී ආර්ථික විද්‍යා රාමුවේ තිබෙන හැම හොඳ දෙයක්ම ධනවාදී ආර්ථික රාමුව තුළ තිබීම හා ධනවාදී ආර්ථික රාමුවේ ඇති ඇතැම් දේ සමාජවාදී ආර්ථික විද්‍යා රාමුවේ නොතිබීම යන කරුණ මත. Game Theory අනුව මෙය dominated strategy එකක්. ඒ නිසා මට ධනවාදය හමුවේ එය ඉතා පහසුවෙන් මුළුමනින්ම බැහැර කළ හැකියි. දැන් මෙහෙම කිවුවහම සමහර අය ඇමරිකාවේ ඉන්න හෝම්ලස් මිනිස්සු ගැන කතා කරනවා. එය ඒ මිනිස්සුන්ට නිවාස නැති වීමේ ප්‍රශ්නයක් මිසක් ධනවාදී ක්‍රමයේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා, මෙය ප්‍රශ්නයක් ලෙස දැක විසඳුම් සෙවිය යුතුනම් ධනවාදී රාමුව ඇතුළෙම එය කරනවා මිස ක්‍රමය වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැහැ.
මගේ ප්‍රශ්න තුනට ධනවාදී ආර්ථික විද්‍යාවේ පිළිතුරු වන්නේ A, A, B. සමාජවාදී ආර්ථික විද්‍යාවේ පිළිතුරු වන්නේ B, B, A. දැන් මේ පිළිතුරු යුගල දෙකෙන් එකක් අපට තෝරා ගන්න වෙන්නේ අපේ විශ්වාස මතයි. සමාජවාදී ආර්ථික විද්‍යාවේ පිළිතුරු වන B, B, A තෝරාගත්තොත් එතැන් සිට මාක්ස්ගේ ප්‍රවාදය දිගේ ඉදිරියට යන්න පුළුවන්. ඒ උපකල්පන වලට සාපේක්ෂව අතිරික්තය, සූරා කෑම, පංති අරගලය, අධ්‍යාපනය නොමිළේ ලබා දීම වගේ ගොඩක් දේවල් වලට තේරුමක් ලැබෙනවා. නමුත්, අප තෝරා ගන්නේ A, A, B නම් දාස් කැපිටාල් වලින් ඉදිරිපත් කරන සමස්ත ප්‍රවාදයටම පදනමක් නැති වෙනවා. ඒ නිසා, මේ තෝරා ගැනීම කළ යුත්තේ අපට ස්වභාවික ලෙස නිවැරදියයි කියා සිතන දෙය අනුව මිස අප ඉගෙන ගෙන තිබෙන දේ අනුව හෝ කවුරු හෝ කියා තිබෙන දේ අනුව නෙමෙයි. මට පෞද්ගලිකව පළමු පිළිතුරු කට්ටලය වඩා විශ්වාසනීයයි. මම මාක්ස්වාදී ආර්ථික විද්‍යා රාමුව සමස්තයක් ලෙසම ප්‍රතික්ෂේප කරන්නේ ඒ නිසයි.
දැන් අපි මේ ප්‍රශ්න වලට නැවත එමු. මම පළමුව තෙවන ප්‍රශ්නයෙන් පටන් ගන්නම්. එම ප්‍රශ්නයට පිළිතුර B බව ඔබ සෘජුව කියා තිබෙන නිසා. මේ ප්‍රශ්නය මීට වඩා තරමක් වෙනස් ලෙසකින් අහන්න පුළුවන් "ඔබ බිත්තියක් බඳින්න මේසන් බාස් කෙනෙකුට මුදල් ගෙවන විට දවස් කුලිය ගෙවන්නද කැමති නැත්නම් වර්ග අඩි ගාණටද?" කියා. මම හිතනවා ඔබේ පිළිතුර වන්නේ "වර්ග අඩි ගණනට" කියා. එසේ නැත්නම් අපට නැවත මුලට ගොස් සාකච්ඡාව පටන් ගත හැකියි. මේ ප්‍රශ්නය මගේ මුල් ප්‍රශ්න තුනෙනේ තෙවන ප්‍රශ්නයේ අපෝහකයක්.
Deletep. ශ්‍රමිකයාට ගෙවිය යුත්තේ ඔහුගෙන් ලැබුණු දායකත්වයට සමාන දෙයක්.
q. ලැබුණු දායකත්වය ඵලදායීතාවයට (බැඳපු වර්ග අඩි ගණනට) සමානුපතිකයි.
p සහ q අනුව දෙදෙනාට ලැබිය යුතු වැටුප් සමාන නැහැ.
ඔබ මේ තෙවන ප්‍රශ්නයට පිළිතුර B බව කියන විටම ඔබට දාස් කැපිටාල් වලින් සෑහෙන කොටසක් අතාරින්න වෙනවා.
මෙතැන සිට මම ඉහත ප්‍රශ්නය තරමක් පුළුල් කරනවා.
දැන් අපි මෙහෙම හිතමු. තුන් වන ප්‍රශ්නයේ සිටින ශ්‍රමිකයින් දෙදෙනා පැය බැගින් වැඩ කරනවා. එක් අයෙක් පැයට වර්ග අඩි විස්සක් බඳිනවා. දෙවැන්නා වර්ග අඩි හතළිහක් බඳිනවා. පළමුවැන්නාට රුපියල් 200ක් හා දෙවැන්නාට රුපියල් 400ක් ලැබීම සාධාරණ බව ඔබ පිළිගන්නවා කියා මම හිතනවා.
මෙහි පැමිණෙන තුන්වැන්නෙක් බිත්ති බැඳීම වේගයෙන් කිරීමට උදවු වන යන්ත්‍රයක් සපයනවා. ඒ නිසා, පැයකට බැඳිය හැකි වර්ග අඩි ගණන 50%කින් වැඩි වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස පළමුවැන්නා රුපියල් 300ක් හා දෙවැන්නා රුපියල් 600ක් උපයනවා. තෙවැන්නා මේ දෙදෙනාගෙන් පිළිවෙලින් රුපියල් 99 හා 199 ලෙස රුපියල් 298 ක් අය කර ගන්නවා. තෙවැන්නා ශ්‍රමය යෙදවීමක් කරන්නේ නැහැ. මෙය අසාධාරණයි කියා ඔබ හිතනවද?
දෙවන ප්‍රශ්නයට ඔබේ පිළිතුර "මෙහිදී ඔබ කියන ගනුදෙනුවේ ස්වභාවය සලකා මිස පිළිතුරක් දීමට බැහැ." කියන එකයි. ඒ කියන්නේ ඔබේ පිළිතුර B. ඔබට පුළුවන්ද මා සඳහන් කර ඇති කොන්දේසි යටතේ ("හොඳ සිහියෙන් සිටින, වැඩිහිටි පුද්ගලයින් දෙදෙනෙකු අතර ස්වේච්ඡාවෙන් සිදුවන ගනුදෙනුවකදී ගණුදෙනුවේ ස්වභාවය පිළිබඳව දෙදෙනාටම මනා අවබෝධයක් ඇත්නම්, ගනුදෙනුව නොකර සිටීමට සාපේක්ෂව") එක් අයෙකුට අසාධාරණයක් වන ගනුදෙනුවක් සඳහා උදාහරණයක් දෙන්න.
Delete//ඔබ මේ තෙවන ප්‍රශ්නයට පිළිතුර B බව කියන විටම ඔබට දාස් කැපිටාල් වලින් සෑහෙන කොටසක් අතාරින්න වෙනවා.//
තෙවන ප්‍රශ්නයට පිළිතුර B (B) ඔවුන්ගේ ශ්‍රමයේ ඵලදායීතාවයට සමානුපාතිකය.)
කියන එකෙන් දාස් කැපිටාල් එකේ ගොඩක් අත හරින්න වෙන්නේ කොතනද?
දැන් නිපදවන භාණ්ඩයේ වටිනාකම ශ්‍රමයට සමානුපාතික වන විට වඩා ඵලදායි ශ්‍රමයට වැඩි අගයක් ලැබීම වැළැක්විය නොහැකියි. කොමිනිස්ට්වාදී සමාජයක සියලු දෙනාගේ හැකියාවට අනුව ආදායම බෙදී යා යුතුය කියන්නේ ඒකයි. ඒකයි සමානව බෙදී යාමයි කියන්නේ දෙකක.
එහෙම නැතිව එහම නැහැයි කියල දාස් කැපිටල් එකේ කොහෙද තියෙන්නේ?
මාක්ස්ගේ මුලික අදහස මේක:
/මුදල්-භාණ්ඩ - මුදල්' හෙවත් M - C - M'.
මෙන්න මේ ලකුණ ' බලන්න;
ඉන් අදහස් වන්නේ දෙවන මුදල පලවන මුදල් අගය හා සමාන නොවන බවයි.
එනම් මුදල' හෙවත් M' = M +ΔM. මෙ
මෙන්න මේ වෙනස් වූ අගයේ ප්‍රමානාත්මික වටිනාකම වන ΔM (ඩෙල්ටා M) අතිරික්ත වටිනාකම (surplus-value) යනුවෙන් හඳුන්වනවා. ඔබට පෙනෙනවා ඇති භාණ්ඩයේ මුල් වටිනාකම වෙනස් නොවී පවතින අතර එයට අතිරික්ත වටිනාකම එකතුවී එය තව දුරටත් ප්‍රසාරණය වී ඇති බව.(expands itself)//
භාණ්ඩයේ වටිනාකම M හෝ M' වේවා එය යොදන ශ්‍රමය හා තවත් කරන බොහොමයක් සමග ප්‍රතිලෝමව හෝ අනුලෝමව සමනුපතිකයි. මුලික ශ්‍රමය කියන අදහස මාක්ස් දෙවන පොතේදී වෙනස් කර තවත් තත්වයන් හඳුන්වා දෙනවා.
2) හොඳ සිහියෙන් සිටින, වැඩිහිටි පුද්ගලයින් දෙදෙනෙකු අතර ස්වේච්ඡාවෙන් සිදුවන ගනුදෙනුවකදී ගණුදෙනුවේ ස්වභාවය පිළිබඳව දෙදෙනාටම මනා අවබෝධයක් ඇත්නම්, ගනුදෙනුව නොකර සිටීමට සාපේක්ෂව,
DeleteA) දෙදෙනාගෙන් කිසිවකුට අවාසියක් වීමට ඉඩක් නැත
B) එක් අයෙකුට අලාභයක් විය හැකිය.
දෙවන ප්‍රශ්නයට ඔබේ පිළිතුර "මෙහිදී ඔබ කියන ගනුදෙනුවේ ස්වභාවය සලකා මිස පිළිතුරක් දීමට බැහැ." කියන එකයි. ඒ කියන්නේ ඔබේ පිළිතුර B.
ඔබ අනිවාර්යයෙන්ම වැරදියි. මට පිළිතුරක් දෙන්න බැහැ කියන එකෙන් මගේ පිළිතුර B කියල නිගමනය කිරීම අසාධාරණයි.
මගේ කාරය අතරමගදී කැඩී මම ගැරේජ් එකකට යනවා. කාරෙක හදන්නතුව මට එන්න විධිහක් නැහැ. ගරාජයේ මික්කනික් කියනවා මේක හදන්න මම ඔබෙන් පවුම් 500 ගන්නවා. ගණන හුඟක්ම වැඩියි. සාමන්‍යයෙන් පවුම් 150-200 කරගන්න පුළුවන් දෙයක්. ඔහුත් දන්නවා, මමත් දන්නවා මට වෙන යන්න තැනක් නැති නිසා තමා මට එය ගෙවන්න වෙන බව. - ගනුදෙනුවේ ස්වභාවය ගැන මටත් ඔහුටත් මනා අවබෝධයක් තිබෙනවා. ගනුදෙනුව නොකර සිටීමට කොහෙත්ම ඉඩක් නැහැ. කළ යුතුමයි.
දැන් ඔබ කියයි ධනවාදී නිතිය අනුව ඉල්ලුම හා සැපයුම රීතියට එතන වෙනත් ගරාජයක් නැති නිසා මම එයට එකඟවී ගෙවා කරය හද ගත යුතුයි කියල. එහත් මම කියනව එය මහා දවාලේ කරන මංකොල්ලයක් බව. නමුත් මම එය මංකොල්ලයට ඉඩ දිය යුතු වෙනවා. එය මට අලාභයක් නෙමෙයි. ඔහු මගේ කරය හදනවා. මට ගමන යා හැකියි. නමුත් ඔහු අය කරන මුදල වැය කරන ශ්‍රමයට හා භාවිතා කරන භාණ්ඩ වල නියම වටිනාකමට වඩා කිහිප ගුණයක් වැඩියි.
// ඒ ලාභ පිණිස කෘෂිකර්මාන්තයේ යෙදෙන ව්‍යවසායකයින් විසින් මිස ලාභ නොසොයන සමූහගොවිපොළ හිමිකරුවන් විසින් නොවේ.//
Deleteඅවසන් වශයෙන් සමුහ ගොවිපල ගැන ඔබ නොදන්නා කරුණක් වෙන්න පුළුවන්. ලෙනින් කියන නායකයා යුද්ධ කොමියුනිස්ට්වාදය කියන වසර කිහිපයෙන් පසු (සිවිල් යුද්ද්ධ කාලය) ගොවීන්ගේ බඩු බලෙන් ගණන් එක නැවැත්වුවා. ඉන්පසු නව ආර්ථික පිළිවෙත (නෙප් ) යටත් ගොවීන්ට තමන්ගේ කෘෂිකර්මාන්තය කරගෙන යාමට ඉඩ දුන්න. රට ආහාර වලින් සැහෙන දුරට ස්වයංපෝෂිත වුණා. ලෙනින් ගේ මුලික අදහස වුනේ රුසියාව තිබෙන අති විශාල භුමි භාග තනි ගොවීන්ට වගා කරන්න අමාරු නිසා ඔවුන් ස්වායත්තව එක්කහු වී සමුපකාර ගොවිපල ක්‍රමයක් ක්‍රියාත්මක කරයි කියල. ඒ සඳහා රජයේ අනුග්‍රය ඔවුන්ට දෙන්නට ඔහු සැලසුම් කලා. ඔහුට වෙඩි තැබුවෙත් පසුව අසනීපවී ඉක්මනින් මිය ගියෙතඒ අතර තුරයි.. ඉන්පසු පැමිණි ස්ටාලින් තම ඔය බලෙන් සමුහ ගොවිපල ක්‍රමය ඇති කළේ. එතනින් එහාට වෙච්ච කතාව දන්නවනේ.
ඔබ මා මාක්ස්වාදී රාමුවේ සිට විසඳුම් හොයනවා කියන කතාවට මගේ වැඩි එකඟත්වයක් නැහැ. මම පොදු සහතික සාමාන්‍ය පෙලට විතරයි ආර්ථික විද්‍යාව කළේ . රුසියාවේදී අපි හැමෝම දේශපාලන ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තා . ගණනුත් හැදුව විදුලි බලාගාර හදන්න යන වියදම ආදිය ගැන.
ඊට පස්සේ මම ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නේ දැනුයි. ඒ ඔය මාක්ස්ගේ පොත අපහු කියවීම තුලින් හා වෙනත් වෙබ් අඩවි වලින්. එනිසා තව කාලයක් ගිය විට මම ඔබට වෙනත් පිළිතුරක් දෙන්න වුනත් ඉඩ තියෙනවා. එනිසා මම මේ ප්‍රශ්න සුරැකිව තබාගෙන ලබන අවුරුද්දේ යම් දවසක නැවත පිළිතුරක් ලියන්න උත්සහ කරන්නම්
ඔබ ආරාධනා කල ලෙසට තව දුරටත් මට මේ මාසයේ කතාව ගෙනයන්න බැහැ . ක්‍රිස්මස් වලට කලින් ඉවර කරන්න ප්‍රොජෙක්ට් තියන නිසා වැඩ කරන තැන බ්ලොග් යන්න වෙලාවක් නැහැ. ගෙදර පැත්තෙත් ටැක්ස් ආදිය හදන්න තියෙන නිසා හා තව වැඩ දෙක තුනකුත් තියෙන නිසා, බ්ලොගය අප්ඩේට් කලයුතු නිසාත් තත්වය පොඩ්ඩක් අසීරුයි. මේ මම පැන යනවා නෙමෙයි. මේ වගේ මහන්සිවෙලා ලියන ප්‍රතිචාර සඳහා වෙලාවක් එන්නේ නැති කම. මම දිගටම මේ ගැන ඉගෙනීම හා විවේචනය අත හැර දමා නැති බව පමණක් කිව යුතුයි.
මම ඔබට පැන යනවා කියා චෝදනා කරන්නේ නැහැ. මෙහි කමෙන්ට් දමනවාට වඩා වෙනත් වැඩ තිබෙන බව මම දන්නවා. ඔබට හැකි විටක පැමිණ ප්‍රතිචාර දක්වන්න. ඒ වන විට පළ වන අලුත් පෝස්ට් එකක ප්‍රතිචාර සටහන් කළත් ප්‍රශ්නයක් නැහැ.
Delete//මා මාක්ස්වාදී රාමුවේ සිට විසඳුම් හොයනවා කියන කතාවට මගේ වැඩි එකඟත්වයක් නැහැ. මම පොදු සහතික සාමාන්‍ය පෙලට විතරයි ආර්ථික විද්‍යාව කළේ . රුසියාවේදී අපි හැමෝම දේශපාලන ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තා . ගණනුත් හැදුව විදුලි බලාගාර හදන්න යන වියදම ආදිය ගැන.//
ඔබ ලබා ඇති අධ්‍යාපනය මම අවතක්සේරු කරන්නේ නැහැ. ඇමරිකාවේ මෙන් සෝවියට් දේශයේත් තමන් හදාරන ප්‍රධාන විෂයට අමතරව අවශේෂ විෂයයන් ඉගැන්වීම ඉතා හොඳ දෙයක් ලෙස මම සලකනවා. ලංකාව අනුගමනය කරන්නේ බ්‍රිතාන්‍ය ක්‍රමය නිසා පශ්චාත් උපාධි මට්ටමට යන තුරුම ආර්ථික විද්‍යාව හැදෑරීමේ අවස්ථාවක් මට ලැබුණේ නැහැ.
සෝවියට් දේශයේ ඉගැන්වූ ඉංජිනේරු විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, භෞතික විද්‍යාව හෝ රසායන විද්‍යාව වැනි විෂයයක් බටහිර රටක එම විෂයකින් එතරම් වෙනස් කියා මම හිතන්නේ නැහැ. නමුත්, ආර්ථික විද්‍යාව හා නීතිය යන විෂයයන් ගැන තත්ත්වය වෙනස්. පැරණි සෝවියට් දේශය මේ විෂයයන් හෙළා දැක්කා. ඔවුන් ආර්ථික විද්‍යාව හැඳින්වූවේ ධනේශ්වර ආර්ථික විද්‍යාව (bourgeois economics) නමිනුයි. සෝවියට් දේශයේ ඔබ ඉගෙනගත් දේශපාලන ආර්ථික විද්‍යාව දැන් රුසියාවේ හා චීනයේත් උගන්වන සම්මත ආර්ථික විද්‍යාව නෙමෙයි. එය මාක්ස්වාදය මත පදනම් වූ වෙනත් දෙයක්. ඔවුන් සේවා ආර්ථිකය පිළිගත්තේ නැහැ. ඒ නිසා දළ ජාතික නිෂ්පාදිතය වෙනුවට ගණනය කළේ දළ ද්‍රව්‍ය නිෂ්පාදිතය (Gross Material Product) කියා එකක්.
ආර්ථික විද්‍යාව කියන්නේ දර්ශනය හා ශුද්ධ විද්‍යාවන්ට සාපේක්ෂව ඉතාම අලුත් විෂයයක්. සාර්ව ආර්ථික විද්‍යාව පුළුල් ලෙස ගොඩනැඟී වසර සීයකට වඩා නැහැ. චර්යාත්මක ආර්ථික විද්‍යාව, පරීක්ෂණාත්මක ආර්ථික විද්‍යාව වැනි විෂයයන් තවමත් තිබෙන්නේ මූලික අදියරක. සෑම වසරකම මේ විෂයයන් අලුත් වෙනවා. කාල් මාක්ස් දාස් කැපිටාල් ලිවුවේ ආර්ථික විද්‍යා විෂය සාහිත්‍යයක් හරියට නොතිබුණු කාලයක දර්ශනය, භෞතික විද්‍යාව වැනි විෂයයන්ගේ සංකල්ප උපයෝගී කර ගනිමිනුයි. ඔහුගේ ප්‍රවාද වල ඒ කාලයේ විෂය තිබුණු මට්ටම අනුව වටිනාකමක් තිබුණත්, අද වන විට විෂය තිබෙන තැනට සාපේක්ෂව මූලික මට්ටමේ වැරදි ගණනාවකින් ගහණයි. ඒ වගේම ඔහු ප්‍රවාද ගොඩනැගුවේ කාර්මීකරණය ඇරඹීමෙන් පසු ඒ කාලයේ එංගලන්තයේ තිබුණු ආර්ථිකය දෙස බලාගෙනයි. ඒ නිසා ඔහුගේ පැහැදිලි කිරීම් වෙනත් තැන් වලට, වෙනත් කාලයන්ට එකසේ යොදාගන්න බැහැ. ඒ නිසා, ඔබ දාස් කැපිටාල් කියවා ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න යාම අද පරිගණක ක්‍රමලේඛනය අලුතෙන් හදාරන්න පටන් ගන්න කෙනෙක් ෆෝට්‍රාන් ඉගෙන ගන්නවා වගේ තේරුමක් නැති වැඩක්. ආර්ථික විද්‍යාවේ මූලික කරුණු තේරුම් ගැනීමෙන් පසුව අවශ්‍යනම් මාක්ස් කියූ දෙය දෙස හැරී බැලීමේ ප්‍රශ්නයක් නැහැ.
දාස් කැපිටාල් වල පරිච්ඡේදයක පමණ අමාරුවෙන් විස්තර කරන්නේ අද පර්යේෂණ පත්‍රිකාවක පේලි කිහිපයකින් ලියන මට්ටමේ දේවල්. මම මෙය කියන්නේ මාක්ස්ව අවතක්සේරු කිරීමට නෙමෙයි. එය ඒ කාලයේ විෂය තිබුණු තැන. ඒ කාලයේ වෙනත් අයගේ ලියවිලිත් ඒ වගෙයි. ඒ නිසා, එයින්ම විසඳුම් හෙවීම තේරුමක් නැති වෙහෙසකර කටයුත්තක් පමණයි. මම ඔබ මාක්ස්වාදී පොල්කට්ට ඇතුළෙම කැරකෙනවා කියා කියන්නේ බයිබලයෙන් හෝ කුරානයෙන් හැම ප්‍රශ්නයටම විසඳුම් හොයනවා වගේ දාස් කැපිටාල් වලින්ම ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න උත්සාහ කරන නිසයි.
//දැන් නිපදවන භාණ්ඩයේ වටිනාකම ශ්‍රමයට සමානුපාතික වන විට වඩා ඵලදායි ශ්‍රමයට වැඩි අගයක් ලැබීම වැළැක්විය නොහැකියි. //
Delete//මාක්ස්ගේ මුලික අදහස මේක:
මුදල්-භාණ්ඩ - මුදල්' හෙවත් M - C - M'.
මෙන්න මේ ලකුණ ' බලන්න;
ඉන් අදහස් වන්නේ දෙවන මුදල පලවන මුදල් අගය හා සමාන නොවන බවයි.
එනම් මුදල' හෙවත් M' = M +ΔM. මෙ
මෙන්න මේ වෙනස් වූ අගයේ ප්‍රමානාත්මික වටිනාකම වන ΔM (ඩෙල්ටා M) අතිරික්ත වටිනාකම (surplus-value) යනුවෙන් හඳුන්වනවා. ඔබට පෙනෙනවා ඇති භාණ්ඩයේ මුල් වටිනාකම වෙනස් නොවී පවතින අතර එයට අතිරික්ත වටිනාකම එකතුවී එය තව දුරටත් ප්‍රසාරණය වී ඇති බව.(expands itself)//
ඔබ මෙය තවමත් තේරුම් ගෙන නැහැ. ඒ ඔබට මාක්ස්වාදී රාමුවෙන් පිට හිතන්න බැරි නිසා. "දැන් නිපදවන භාණ්ඩයේ වටිනාකම ශ්‍රමයට සමානුපාතික වන විට" කියන එක මාක්ස්වාදී අදහසක් පමණයි. භාණ්ඩයක වටිනාකම තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම කියන සාධක දෙකම මත. මාක්ස් විශ්ලේෂණය කළේ සැපයුම පැත්ත පමණයි. භාණ්ඩයක වටිනාකම හැම විටම ශ්‍රමයට සමානුපාතික වන්නේ නැහැ. දාස් කැපිටාල් අනුව වත්තේ ඉබේ පැල වුණු දැවැන්ත කොස් ගහක වටිනාකමක් නැහැ. නමුත්, නිසරු බිමක සෑහෙන ශ්‍රමයක් යොදා වගා කළ කුඹුරෙන් ලැබුණු කුඩා අස්වැන්න ගොඩක් වටිනවා.
ඔබ උඩ උපුටා දක්වන අතිරික්ත වටිනාකම කියන එක අර්ථ දක්වන්න හැකි වෙන්නේ සැබෑ වටිනාකමක් කියා නිරපේක්ෂ දෙයක් තිබේනම් පමණයි. මාක්ස් මෙය අර්ථ දක්වන්නේ නිෂ්පාදනය සඳහා යොදාගත් socially necessary labor time ප්‍රමාණය මත. නමුත්, මෙය ඔහුගේ හිතලුවක් පමණයි. එය භෞතික විද්‍යාවේ විභව ශක්තිය සංකල්පය ණයට ගැනීමක්.
//ඔබ අනිවාර්යයෙන්ම වැරදියි. මට පිළිතුරක් දෙන්න බැහැ කියන එකෙන් මගේ පිළිතුර B කියල නිගමනය කිරීම අසාධාරණයි. // මට අවශ්‍ය පිළිතුර පහතින් තිබෙන නිසා ඔබ මේ නිගමනයට අකැමැතිනම් මේ ප්‍රශ්නයට ඔබේ පිළිතුර මම දැනට නොසලකා හරින්නම්.
//මගේ කාරය අතරමගදී කැඩී මම ගැරේජ් එකකට යනවා. කාරෙක හදන්නතුව මට එන්න විධිහක් නැහැ. ගරාජයේ මික්කනික් කියනවා මේක හදන්න මම ඔබෙන් පවුම් 500 ගන්නවා. ගණන හුඟක්ම වැඩියි. සාමන්‍යයෙන් පවුම් 150-200 කරගන්න පුළුවන් දෙයක්. ඔහුත් දන්නවා, මමත් දන්නවා මට වෙන යන්න තැනක් නැති නිසා තමා මට එය ගෙවන්න වෙන බව. - ගනුදෙනුවේ ස්වභාවය ගැන මටත් ඔහුටත් මනා අවබෝධයක් තිබෙනවා. ගනුදෙනුව නොකර සිටීමට කොහෙත්ම ඉඩක් නැහැ. කළ යුතුමයි.
Deleteදැන් ඔබ කියයි ධනවාදී නිතිය අනුව ඉල්ලුම හා සැපයුම රීතියට එතන වෙනත් ගරාජයක් නැති නිසා මම එයට එකඟවී ගෙවා කරය හද ගත යුතුයි කියල. එහත් මම කියනව එය මහා දවාලේ කරන මංකොල්ලයක් බව. නමුත් මම එය මංකොල්ලයට ඉඩ දිය යුතු වෙනවා. එය මට අලාභයක් නෙමෙයි. ඔහු මගේ කරය හදනවා. මට ගමන යා හැකියි. නමුත් ඔහු අය කරන මුදල වැය කරන ශ්‍රමයට හා භාවිතා කරන භාණ්ඩ වල නියම වටිනාකමට වඩා කිහිප ගුණයක් වැඩියි.//
මම ඔබේ මේ උදාහරණයට කැමතියි. එය සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට ප්‍රවේශයක් ලෙස යොදාගත හැකියි. දැන් ඔබ මෙහි පිළිගන්නවා මේ ගනුදෙනුවෙන් ඔබට සමස්තයක් ලෙස වාසියක් සිදු වුනු බව. ගරාජයේ මිකනික්ට පවුම් 500ක් ගෙවා ඔබ කාරය හදා ගත්තේ එයින් ඔබට ලැබුණු වාසිය පවුම් 500ට වැඩි නිසා. ඔබම කියනවනේ "එය මට අලාභයක් නෙමෙයි. ඔහු මගේ කරය හදනවා. මට ගමන යා හැකියි." කියලා. මේ මිකනික් ඔබෙන් පවුම් 500 වෙනුවට පවුම් 5000ක් ඉල්ලුවනම් ඔබ එය හදන්නේ නැහැ. "ගනුදෙනුව නොකර සිටීමට කොහෙත්ම ඉඩක් නැහැ. කළ යුතුමයි." කියා ඔබ කිවුවත් ඔබ එය නොකර ඉන්න යම් කිසි මිලක් තියෙනවා. අපි හිතමු මේ "ත්රෙශෝල්ඩ්" මිල පවුම් 1000ක් කියල. ඒ කියන්නේ මේ ගනුදෙනුවෙන් ඔබට දැනටත් පවුම් 500ක් වාසියි.
ඔබට තිබෙන ප්‍රශ්නය වන්නේ ඔබ හිතනවා මේ වැඩේට නියම මිල පවුම් 150යි කියා. ඒ මිලට මෙය හදාගත්තානම් ඔබේ ලාභය පවුම් 850ක් වෙනවා. නමුත් ඔබට පවුම් 150ට වැඩේ කර දෙන්න කෙනෙක් මෙහි නැහැ. එය ඔබත් මිකනිකුත් දෙදෙනාම දන්නවා.
දැන් මෙතන තියෙන්නේ ඔබට වාසියක් වුනත් වාසිය මදි වීමේ ප්‍රශ්නයයි. "නමුත් ඔහු අය කරන මුදල වැය කරන ශ්‍රමයට හා භාවිතා කරන භාණ්ඩ වල නියම වටිනාකමට වඩා කිහිප ගුණයක් වැඩියි" කියා ඔබ කියන විට ඔබ හදන්නේ මේ මිකැනික්ගේ පිරිවැය තීරණය කර ඔහුගේ "අතිරික්තය" මුළුමනින්ම ගන්නයි. එසේ කරන්නේ ඔබේ අතිරික්තය වැඩි කර ගන්න.
ඔබේ වාහනේ නගරය ආසන්නයේදී කැඩුනනම් මොකද වෙන්නේ? ඔබ ටික දුරක් පයින් ඇවිදගෙන වෙනත් මිකැනික් කෙනෙක් වෙත ගොස් අඩුවට වැඩේ කර ගන්නවා. ඇත්තටම ඔබ එය කරන්න අවශ්‍යත් නැහැ. ඔබ එසේ කරන බව දන්න නිසා මේ මිකැනික්ම අඩුවට වාහනේ හදල දෙනවා. නමුත්, වාහනේ කැඩුනේ පාලු පාරක නිසා ඔබට ඒ අවස්ථාව නැහැ.
දැන් මේ මිකැනික් නගරයේ නැතුව පාලු පාරක ගරාජය දමාගෙන ඉන්නේ ඇයි? ඔහු දන්නවා නගරයේ හිටියොත් ඔහුට ලැබෙන්නේ පවුම් 150ක් පමණක් බව. නමුත්, ඔහුට බිස්නස් ගොඩක් ලැබෙනවා. පාලු පාරේ ඔහුට එතරම් බිස්නස් නැහැ. ඒ බව දැනගෙනම ඔහු එහි ගරාජය දමාගෙන ඉන්නේ හදිසියේ වාහනයක් කැඩුණු විට වැඩි මුදලක් අය කර ගැනීමේ අවස්ථාව ඔහුට තිබෙන නිසා. එක් අයෙකුගෙන් වැඩි මුදලක් අය කළත් බිස්නස් අඩු නිසා අවසානයේදී ඔහුට ලැබෙන්නෙත් එකම ලාබය. වැඩිපුර බිස්නස් තිබුනානම් දැනටමත් තවත් තරඟකරුවෙක් මෙහි ඇවිදින්.
දැන් මෙතන ගරාජයක් නොතිබුනානම් මොකද වෙන්නේ? ඔබට විශාල අපහසුතාවයක් විඳින්න හා ටවුමට කෙසේ හෝ ගොස් මිකැනික් කෙනෙක් ගේන්න පවුම් 500ට වැඩි මිලක් ගෙවන්න වෙනවා. ඊට අඩුවෙන් එය කරගත හැකි වුනානම් ඔබට මේ ගරාජය නොසලකා වඩා ලාභදායී විකල්පය තෝරාගන්න තිබුණා. ඔබ එසේ නොකළේ ඔබට තිබුණු හොඳම විකල්පය පවුම් 500 ගෙවා වාහනය හදාගැනීම නිසයි. ඒ නිසා, පවුම් 500 ගෙන ඔබට වාහනය හදා දීමෙන් මිකැනික් වැරැද්දක් කර නැහැ. ඔහු කර ඇත්තේ යහපතක්.
පාලු පාරක සිටින මිකැනික් කෙනෙකුත්, ටවුමේ ඉන්න මිකැනික් කෙනෙකුත් එකම ශ්‍රමය යොදවා එකම වැඩේ කළත් ඒ වැඩ දෙකේ වටිනාකම සමාන නැහැ. එක් එක් අවස්ථාවේදී වැඩේ වටිනාකම තීරණය කරන්නේ මිල ගෙවන පාරිභෝගිකයින් විසින්. මාක්ස්වාදී ආර්ථික විද්‍යාව මේ වෙනසට සංවේදී නැහැ.එහි විශ්ලේෂණය වන්නේ නිෂ්පාදන පිරිවැය පැත්ත පමණයි. මාක්ස්වාදී පොල්කට්ට ඇතුළේ හිරවී ඉන්න නිසා ඔබත් මේ වෙනසට සංවේදී නැහැ. මේ වෙනස තේරුම්ගත් විට ඔබට දාස් කැපිටාල් ප්‍රවාද වල තිබෙන වැරැද්ද පැහැදිලි වෙයි.
නිදහස් ගනුදෙනුවක පාර්ශ්ව දෙකටම ලාබ තියෙනවා. ආර්ථික විද්‍යාවේදී මේ ලාබ මොන අනුපාතයට බෙදෙනවද කියන එක එතරම් වැදගත් ලෙස සලකන්නේ නැහැ. වැදගත් කරුණ වන්නේ ගනුදෙනුව නිසා පාර්ශ්ව දෙකටම කිසියම් හෝ ලාබයක් ලැබීමයි. මේ උදාහරණය ගත්තොත් කාරය හදා ගන්න නොහැකිවීමට සාපේක්ෂව පවුම් 500ක් ගෙවා එය හදාගන්න හැකි වීම ඔබට ලැබෙන වාසියක්. එයින් ඔබේ ජීවිතය වඩා යහපත් වෙනවා. මිකැනික්ගේ පැත්තෙන් බැලුවොත් ඔහුට ලැබෙන්නේ ශ්‍රමය හා උපකරණ වෙනුවෙන් යමක් පමණක්නම් ඔහුට එහි ඇති වාසියක් නැහැ. ඔහුගේ වාසිය ඒ වියදම් (ශ්‍රමයේ වටිනාකමද ඇතුළුව) ඉවත් කළ පසු අමතර කොටසයි. දෙදෙනාටම ලැබිය හැකි සමස්ත වාසිය අපට පහත අයුරින් ගණනය කළ හැකියි.
Deleteමිකැනික් පවුම් 1001ක් කළොත් ඔබ කාර් එක හදන්නේ නැතුව සිදුවන අපහසුතාවය විඳ දරා ගන්නවා. ඒ නිසා ගනුදෙනුවක් සිදු වන්නේ නැහැ. කිසිවෙකුට වාසියකුත් නැහැ. නමුත්, මිල පවුම් 1000නම් ඔබ යාන්තමින් වුවත් කැමති වෙනවා. අනෙක් අතට ඔබ අඩුම වශයෙන් පවුම් 150ක් නොදුන්නොත් මිකැනික් කාර් එක හදන්නේ නැහැ. එසේ කිරීම පාඩුයි. මේ අනුව මේ කාර්යයේ පිරිවැය පවුම් 150යි. වටිනාකම පවුම් 1000යි. ඒ අනුව ගනුදෙනුව නිසා පවුම් 850ක අතිරික්ත වටිනාකමක් එකතු වෙනවා. (මතක තියා ගන්න මෙය අසීමිත නැහැ. පවුම් 1000 කියන්නේ ගනුදෙනුව සිදුවිය හැකි උපරිම සීමාව). දැන් මේ පවුම් 850ක අතිරික්තය ඔබ හා මිකැනික් අතර ඕනෑම අනුපාතයකට බෙදෙන්න පුළුවන්. එය කොයි විදිහට බෙදුනත් සමස්තයක් ලෙස දෙදෙනාටම වෙන්නේ යහපතක්. බෙදෙන විදිහ තීරණය වෙන්නේ දෙදෙනාගේ හෙට්ටු කිරීමේ හැකියාව මත. හෙට්ටු කිරීම සිදුවන ආකාරය අනුව පවුම් 150 සිට පවුම් 1000 දක්වා ඕනෑම මිලකට ගනුදෙනුව සිදු විය හැකියි. ධනවාදය තුළ මිනිසුන්ට සමානව සලකන නිසා අතිරික්ත පවුම් 850 සමාන ලෙස බෙදුනත්, වෙනත් ඕනෑම අයුරකින් බෙදුනත් ප්‍රශ්නයක් නැහැ. ඔබත් මිකනිකුත් දෙදෙනාම සමාන මිනිසුන් නිසා.
නමුත් සමාජවාදීන් මෙය පටන් ගන්නෙම ගනුදෙනුවේ එක් පැත්තක ඉන්න කෙනෙක්ගේ පැත්ත අරගෙනයි. ඉන්පසු ඔවුන් උත්සාහ කරන්නේ ගනුදෙනුවේ සමස්ත අතිරික්තයම තමන්ගේ මිනිහට ලබා ගන්න. දැන් මෙහි ඔබ හදන්නේ පවුම් 150ක මිල පමණක් ගෙවා අතිරික්ත පවුම් 850 ක වාසිය සම්පූර්ණයෙන්ම ඔබට ගන්නයි. එයට දාර්ශනික පදනමක් හදාගන්න ඔබ මිකනික්ව ධනපතියෙකු හෝ පීඩකයෙකු ලෙසත්, කාර් එක අයිතිකරු අසාධාරණයට ලක්වෙන හෙට්ටු කිරීමේ හැකියාවක් නැති පීඩිතයෙක් ලෙසත් මනසින් බෙදනවා. නමුත්, ඔබ මිකනික් වුනානම් කියන්නේ වෙන කතාවක්. එය මේ වගේ විය හැකියි.
"මේ ධනපති කාර් කාරයා කවදාවත් අපේ ශ්‍රමයේ නියම මිල ගෙවන්නේ නැහැ. ඔහු ගෙවන්නේ පවුම් 150ක අවම මිල පමණයි. මොකද ඔහු දන්නවා මම කාර් එක හැදුවේ නැත්නම් එය පවුම් 150ට හදන්න තවත් අය ඉන්න බව. ඒ නිසා ඔහු පවුම් 1000ක වැඩේ පවුම් 150ට කර ගන්නවා. දැන් හදිසියේ කාර් එක කැඩිලා ඔහුට කරගන්න දෙයක් නැති වුණාම ඔය ලස්සනට පවුම් 500ක් ගෙවුවේ. අපි මිකනික්ලා එකතු වෙලා වෘත්තීය සමිතියක් හදාගෙන කාර් එක හදන්න පවුම් 1000ක අවම මිලක් අය කළ යුතුයි."
සමාජවාදීන් පටන් ගන්නෙම ගනුදෙනුවක දෙපැත්තේ ඉන්න දෙන්නාගෙන් එක් කෙනෙක්ගේ පැත්ත අරගෙනයි. මාක්ස්ගේ කාලයේදීනම් හැමවිටම වාගේ ගත්තේ ශ්‍රමිකයාගේ පැත්ත වුවත්, දැන් මාක්ස්වාදී පක්ෂ අවස්ථාව අනුව ගන්නේ තමන්ට දේශපාලන වාසි තිබෙන කණ්ඩායමේ පැත්තයි.
මට ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. දැන් ටයිප් කරහම බ්ලොග් එකේ popout වින්ඩෝ එකක් වචනය පේන එක නැති වෙලා. (වර්ඩ්ප්‍රෙස් ඇරෙන්න) එනිසා බ්ලොගයට ගිහිල්ල ලියාගෙන ඇවිත් දාන්න ඕනේ. එනිසා මම කියවන බ්ලොග් වලට කොමෙන්ට් දාන්න කම්මැලියි දැන්. සෙටින්ග් වලට ගිහින් ට්‍රයි හොයා ගණන් බැහැ ලෙඩේ.
Delete// මොකද සෝවියට් දේශයේ සමාජවාදී ක්‍රමය අසාර්ථක වෙන්න හේතු වුණේ එහි ජීවත් වූ අයට දයලෙක්තික භෞතිකවාදය පිළිගන්න බැරිවීම හෝ වෙනත් දාර්ශනික ප්‍රශ්නයක් නිසා නොව සෝවියට් දේශයට බටහිර ධනවාදී රටවලට සාපේක්ෂව මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න නොහැකි වීම නිසා බව// ඔව්. එසේම හුඟක් දුරට ඔවුන්ට අවශ්‍යතාවයක් තිබුනෙත් නැහැ. අර වොල්කගොනොව් ගේ ප්‍රකාශය බලන්න මම මෙහි ලියල තියෙන.
ඔක්තෝබර් විප්ලවයට අවුරුදු සීයයි
//එය ලෝකයේ පළමු වතාවට මිනිසෙක් අජටකාශයට යැවූවත් තමන්ගේ වැසියන්ගේ මානව අයිතීන් දියුණු කිරීමට කිසිවක් කළේ නැත. "ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය " කළ මිනිසුන්, "ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී යුද්ධය (1945 දෙවන ලෝක යුද්ධය) " දිනු මිනිසුන් සහ රටේ "ශ්‍රේෂ්ඨ කොමියුනිස්ට් වාදී සමාජයක් ගොඩ නැගීමට " වෙහෙස වූ මිනිසුන් නිදහස හෝ සෞභාග්‍යය හෝ වෙනත් කිසිවක් තමන්ගේ ඒ මහා මහන්සියට නොලැබූහ. "උරහිසෙන් උරහිස" ගැටී ලෙනින්වාදී මග ඔස්සේ ගිය පෙළපාලියේ ඉඩක් වෙන් කර තිබුනේ උරෙන් ඇන එළවා දැමූ "පුද්ගලයාට" නොව "මහා ජනතාවට" පමණි // ඒ ගොල්ලෝ බලුවේ මහජනතාව ගැන මිස පෞද්ගලික සුඛ විහරණය නොවේ. මටගිය අවුරුද්දේ එක්තරා වාමාංශික දේශපාලන නායකයෙක් එහෙම කියනවා ඇහුන. මම පස්සේ කිව්වා ඇයි ඉතින් බුද්ධාගමේ විධිහට මහන වුනානම් ඉවර නේද කියල? ඕනෑවට වට වැඩිය අවශ්‍ය නැහැ තමා . නමුත් අපි උත්සාහ කරන්නෙම ජිවන තත්වය නගා හිටවන්නනේ.
// ඔහුගේ ප්‍රවාද වල ඒ කාලයේ විෂය තිබුණු මට්ටම අනුව වටිනාකමක් තිබුණත්, අද වන විට විෂය තිබෙන තැනට සාපේක්ෂව මූලික මට්ටමේ වැරදි ගණනාවකින් ගහණයි. ඒ වගේම ඔහු ප්‍රවාද ගොඩනැගුවේ කාර්මීකරණය ඇරඹීමෙන් පසු ඒ කාලයේ එංගලන්තයේ තිබුණු ආර්ථිකය දෙස බලාගෙනයි. ඒ නිසා ඔහුගේ පැහැදිලි කිරීම් වෙනත් තැන් වලට, වෙනත් කාලයන්ට එකසේ යොදාගන්න බැහැ.//
ඉතින් මිස්ටර් මැට්ස් මම මේවා කාලයක් තිස්සේ ඉඳන් කියන ඒවනේ. මේ 2014 ලියූ එකක්. අද වන විට අදාල කරගනන් බැරි තැන කිව. ඒ දඩස් වල එංගලන්තයේ පතල් කම්හල් වල දුක්ඛිත තටහ්වය අනුව සාධාරණ වුනත්.මාක්ස්ට වැරදුන තැනක්ද?
//ඒ නිසා, ඔබ දාස් කැපිටාල් කියවා ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න යාම අද පරිගණක ක්‍රමලේඛනය අලුතෙන් හදාරන්න පටන් ගන්න කෙනෙක් ෆෝට්‍රාන් ඉගෙන ගන්නවා වගේ තේරුමක් නැති වැඩක්. ආර්ථික විද්‍යාවේ මූලික කරුණු තේරුම් ගැනීමෙන් පසුව අවශ්‍යනම් මාක්ස් කියූ දෙය දෙස හැරී බැලීමේ ප්‍රශ්නයක් නැහැ//
මම සම්භාව්‍ය මාක්ස්වාදය දැන් භාවිතා කරන්න බැහැ කියලත් / සෝවියට් දේශයේ ඔබ ඉගෙනගත් දේශපාලන ආර්ථික විද්‍යාව // මේ දේශපාලන ආර්ථික විද්‍යාවත් මම ප්‍රතික්ෂේප කලේ සෝවියට් දේශයේ ඉගෙන ගන්න කාලේ. එතකොට එංගලන්තයට දෙපාරක් ගිහින් දැකල තිබුන.
මාඔටෝක්‍රසි හා ඉගෙන ගන්න, ඉගෙන ගන්න, ඉගෙන ගන්න -
Deleteමේ කොටසක්.
--මින් අවුරුදු තුනකට පමණ පසු මා ශිෂ්‍ය සංගමයේ ලේකම් කාලයේ ප්‍රදර්ශනයක් සංවිධානය කලෙමි. එයට පැමිණි ඇය (ලී.*****) මා හොඳින් ඉගෙන ගන්නා බව දැනගන්නට ලැබුණු බවත් මගේ ප්‍රදර්ශන වැඩ ආදිය ඉතා හොඳ බවත් පැවසුවාය. මෙහිදී මා ඇයට කිවේ ඇඳුමින් මිස දැනුමෙන් මිනිසුන් මැනිය නොහැකි ඇය ගැන මට වැඩිපුර ප්‍රසාදයක් නැති බවයි. මා කියනදේ මුහුණට කෙලින්ම කියන බව පැවසූ ඇය මගේ දේශපාලන ආර්ථික විද්‍යාව ගුරුතුමියට කථා කල බවත් මා පන්තියේදී වාද කරන බවත් එය නුසුදුසු බවත් පැවසුවාය. මා එහිදී කිවේ මේ යන විධිහට ගියොත් සෝවියට් දේශය වැඩිකල් නොපවතින බවත් ආර්ථිකය දුර්වල බවත් ආර්ථික ප්‍රතිපත්ති වැරදි බවත්ය. මෙහිදී කෝපාවිෂ්ට බවක් පෙන්වූ ඇය කිවේ මා නිවාඩුවට ධනවාදී රටවලට යන නිසා ඔලුව කුරුවල්වී ඇති බවයි. මා සෝවියට් දේශයට ආදරය කරන බව පවසා ඇයගෙන් ඉවතට ගියෙමි.--
මම තමයි දේශපාලන ආර්ථික විද්‍යාව ටියුට් පන්තියේ හිටපු හොඳම ශිෂ්‍යයා. මගේ ගුරුතුමිය හෙමත් හරි ආදරෙන් හිටියේ. රුසියානු ගුරුතුමියන් ටිකක් ලංකාවේ වගේ. ඉගෙන ගන්නවා හින්දම ලං වෙනව. නමුත් දේශන කරන මහාචාර්ය ගෑනිට මාව රුස්සන්නේ නැහැ. සෝවියට් විභාග ක්‍රමය ටිකක් අසාධාරණයි. විභාගයේදී මට පිළිතුරු දෙන්න තිබුනේ ඇයට (දේශන කරන මහාචාර්යට). ඕපන් එකොනොමි එකේ සමහර දේ ලෙනින් ගේ නෙප් එකට සමාන යයි කියන්න ගිහින් මට 5 (distinction) එකක් වෙනුවට (4 -credit) දැම්මා. ටියුට් කරන ගුරුතුමිය පස්සෙන් ඇවිත් සමාවෙන්න කිව්වා මට. ඒ මනුස්සයටත් අප්සෙට්. ඔන්න ඔහොමයි.
// මම ඔබ මාක්ස්වාදී පොල්කට්ට ඇතුළෙම කැරකෙනවා කියා කියන්නේ බයිබලයෙන් හෝ කුරානයෙන් හැම ප්‍රශ්නයටම විසඳුම් හොයනවා වගේ දාස් කැපිටාල් වලින්ම ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න උත්සාහ කරන නිසයි.// අපොයි නැහැ. මම පොල්කට්ටෙන් එලියට ඇවිත් බලන කෙනෙක්. මම ඔබට කලින් දුන් ලිපිවල තිඋනේ මම ඒ ගැන හදාරපු කාලය නිසා.
මම බ්‍රෙෂ්ට් ගේ එපික් තියරිය පහුගිය කාලේ හොයපු නිසා ඒ අනුව නාට්යේ, සංගීත, සිනමා විචාර ලියනවා. අමං එහෙම කරන්නේ ඒ ඉගෙන ගත දේ apply කර බලන්න. මගේ පෞද්ගලික් අදහස එතකොට වැදගත් නැහැ.
මම ඇඩම් ස්මිත් ගේ ඒවත් කියවනවා. වොන් මිසස් ගේ ඒවත් කියවනවා.
ඒ එක්කම අර ඔබ කියූ සමීකරණ එවනවනම් හොඳයි. වෙනම ඊමේල් එකක. වැදගත් වෙන්න පුළුවන්. මම වෙබ් අඩවිවලින් තමයි හොයන්නේ. කැපිටල් කියවන කොට මාක්ස් උපුටා දක්වන ධනවාදී ආර්ථික විශේෂන්ඥයන්ගේ ඒවා කියවනව වෙබ් එකේ තිබෙනවා නම්. නැත්නම් තේරුමක් නැහැ. හැබැයි වෙලාව යන්නේ ඒ නිසා.
//ඔබ මෙය තවමත් තේරුම් ගෙන නැහැ. ඒ ඔබට මාක්ස්වාදී රාමුවෙන් පිට හිතන්න බැරි නිසා. "දැන් නිපදවන භාණ්ඩයේ වටිනාකම ශ්‍රමයට සමානුපාතික වන විට" කියන එක මාක්ස්වාදී අදහසක් පමණයි. භාණ්ඩයක වටිනාකම තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම කියන සාධක දෙකම මත. මාක්ස් විශ්ලේෂණය කළේ සැපයුම පැත්ත පමණයි. භාණ්ඩයක වටිනාකම හැම විටම ශ්‍රමයට සමානුපාතික වන්නේ නැහැ//
මාක්ස් පොතේ දෙවන කොටසේදී ශ්‍රමය පමණක් නොව අනිත් සාධකත් සාකච්ඡා කරනවා. එකයි මම මුලිදීම කිව ශ්‍රමය වගේම අනුලෝමව හෝ ප්‍රතිලෝමව බලපාන තවත් බොහෝ සාධක තිබෙන බව.
ඔබේ ඔය B ප්‍රශ්නයේ ඔබ //සමාජවාදී ආර්ථික විද්‍යාවේ පිළිතුරු වන B, B, A //කියල සමාජවාදීන් පිළිතුර B කියල කියනවා. එහම ඔබ තීරණය කලේ මොන පදනමින්ද? මුදල් ගැන කතා කලොත් එතනට ලාභය සම්බන්ධ වන නිසා ගනුදෙනු වකදී මුදලේ අගය හා භාණ්ඩයේ අගයත් එහි ලාභයත් ගණන් බලා තමා වාසි අවාසි අවැසි තීරණය කරන්නේ. එහිදී ශ්‍රමයට සරිලන වටිනාකම නැත්නම් එය අවාසි යයි සමාජවාදීන් තීරණය කරනවා. එහෙත් මෙහිදී භාණ්ඩ හුවමාරුවක් හෝ සේවා හුවමාරුවක් පමණක් නම් වෙන්නේ සමාජවාදීන් ගේ පිළිතුරත්A . A) දෙදෙනාගෙන් කිසිවකුට අවාසියක් වීමට ඉඩක් නැත
Deleteමම මේ ධනවාදී රටක සමාජවාදී ගම කියන ලිපිය ලිව්වේ එක පැහැදිලි කරන්න.
http://kolambagamaya.blogspot.com/2014/04/5.html
මේ ගමේ ගනදෙනු සිද්ධ වෙන්නේ මුදල් නැතිව. මෙහිදී කාටවත් අවාසියක් වෙන්නේ යයි සමාජවාදීන් විශ්වාස කරන්නේ නැහැ.
//මාක්ස් මෙය අර්ථ දක්වන්නේ නිෂ්පාදනය සඳහා යොදාගත් socially necessary labor time ප්‍රමාණය මත. නමුත්, මෙය ඔහුගේ හිතලුවක් පමණයි. එය භෞතික විද්‍යාවේ විභව ශක්තිය සංකල්පය ණයට ගැනීමක්.// දැනට මට පිළිතුරක් දෙන්න බැහැ. ඉගෙනීමට සහ තාර්කික පිලිතුරකට කාලය අවශ්‍යයි.
//එක් එක් අවස්ථාවේදී වැඩේ වටිනාකම තීරණය කරන්නේ මිල ගෙවන පාරිභෝගිකයින් විසින්. මාක්ස්වාදී ආර්ථික විද්‍යාව මේ වෙනසට සංවේදී නැහැ.එහි විශ්ලේෂණය වන්නේ නිෂ්පාදන පිරිවැය පැත්ත පමණයි. // මේක වෙන්න පුළුවන්.
// මාක්ස්වාදී පොල්කට්ට ඇතුළේ හිරවී ඉන්න නිසා ඔබත් මේ වෙනසට සංවේදී නැහැ.//(මඳ සිනා හේ හේ )
/මිකැනික් පවුම් 1001ක් කළොත් ඔබ කාර් එක හදන්නේ නැතුව සිදුවන අපහසුතාවය විඳ දරා ගන්නවා. ඒ නිසා ගනුදෙනුවක් සිදු වන්නේ නැහැ. කිසිවෙකුට වාසියකුත් නැහැ. නමුත්, මිල පවුම් 1000නම් ඔබ යාන්තමින් වුවත් කැමති වෙනවා. අනෙක් අතට ඔබ අඩුම වශයෙන් පවුම් 150ක් නොදුන්නොත් මිකැනික් කාර් එක හදන්නේ නැහැ. එසේ කිරීම පාඩුයි. මේ අනුව මේ කාර්යයේ පිරිවැය පවුම් 150යි. වටිනාකම පවුම් 1000යි. ඒ අනුව ගනුදෙනුව නිසා පවුම් 850ක අතිරික්ත වටිනාකමක් එකතු වෙනවා//
//නමුත් සමාජවාදීන් මෙය පටන් ගන්නෙම ගනුදෙනුවේ එක් පැත්තක ඉන්න කෙනෙක්ගේ පැත්ත අරගෙනයි. ඉන්පසු ඔවුන් උත්සාහ කරන්නේ ගනුදෙනුවේ සමස්ත අතිරික්තයම තමන්ගේ මිනිහට ලබා ගන්න.
"මේ ධනපති කාර් කාරයා කවදාවත් අපේ ශ්‍රමයේ නියම මිල ගෙවන්නේ නැහැ. ඔහු ගෙවන්නේ පවුම් 150ක අවම මිල පමණයි. මොකද ඔහු දන්නවා මම කාර් එක හැදුවේ නැත්නම් එය පවුම් 150ට හදන්න තවත් අය ඉන්න බව. ඒ නිසා ඔහු පවුම් 1000ක වැඩේ පවුම් 150ට කර ගන්නවා. දැන් හදිසියේ කාර් එක කැඩිලා ඔහුට කරගන්න දෙයක් නැති වුණාම ඔය ලස්සනට පවුම් 500ක් ගෙවුවේ. අපි මිකනික්ලා එකතු වෙලා වෘත්තීය සමිතියක් හදාගෙන කාර් එක හදන්න පවුම් 1000ක අවම මිලක් අය කළ යුතුයි."
සමාජවාදීන් පටන් ගන්නෙම ගනුදෙනුවක දෙපැත්තේ ඉන්න දෙන්නාගෙන් එක් කෙනෙක්ගේ පැත්ත අරගෙනයි. මාක්ස්ගේ කාලයේදීනම් හැමවිටම වාගේ ගත්තේ ශ්‍රමිකයාගේ පැත්ත වුවත්, දැන් මාක්ස්වාදී පක්ෂ අවස්ථාව අනුව ගන්නේ තමන්ට දේශපාලන වාසි තිබෙන කණ්ඩායමේ පැත්තයි.// හුඟක් දුරට සත්‍යයක් . මට එකඟ විය හැකියි.
//
දැන් මෙහි ඔබ හදන්නේ පවුම් 150ක මිල පමණක් ගෙවා අතිරික්ත පවුම් 850 ක වාසිය සම්පූර්ණයෙන්ම ඔබට ගන්නයි. එයට දාර්ශනික පදනමක් හදාගන්න ඔබ මිකනික්ව ධනපතියෙකු හෝ පීඩකයෙකු ලෙසත්, කාර් එක අයිතිකරු අසාධාරණයට ලක්වෙන හෙට්ටු කිරීමේ හැකියාවක් නැති පීඩිතයෙක් ලෙසත් මනසින් බෙදනවා. නමුත්, ඔබ මිකනික් වුනානම් කියන්නේ වෙන කතාවක්. එය මේ වගේ විය හැකියි.//
ඔබ නැවතත් මම සමාජවදියෙකුව වශයෙන් උපකල්පනය කරලා සුරංගනා කතාවක් කියනවා. මම හදන්නේ 150ක් ගෙවන්න නෙමේ. මෝටර්වේ එකක් කාරෙකක් කැඩුනම නෙමේ යමක් කන්න වුනත් ගණන් වැඩි බව ඔබ දන්නවා. මොකද එතනට බඩු ගෙන ඒමේ පිරිවැය වැඩි නිසා. මම ඒක පිලිගන්නවා . නමුත් ඔහුගේ ශ්‍රමයේ වටිනාකම නගරයේදී 150 නම් මොටර්වේ එකේදී 300 විය හැකියි. නමුත් 500 නෙමෙයි. මට අවශ්‍ය නිසා ගනුදෙනුව කරගන්නම වෙනවා. එනිසා සමාජවාදී නොවන අය ඔබ කියන විධිහට -A) දෙදෙනාගෙන් කිසිවකුට අවාසියක් වීමට ඉඩක් නැත
කියල කියනවනම් ඔබාලට පිස්සු විය යුතුයි. කිසිම ධනවාදියෙක් ඔයවිධිහට වැඩ කරන්නේ නැහැ, ඔවුන්බලන්නේ මිල අඩුවෙන්ම ගෙවා කරගන්න. මමත් එහෙමයි.
මම කියන්නම් මේකේ ඇත්තටම වුනේ මොකක්ද කියල.
මගේ කාරය කැඩුන. ඒක BMW එකක් නිසා මිනිහ කිව්වා කෑලි ගණන් කියල. මම ගණන් දානවා. මිනිහ කිව්වා 1200. මම බැලුව ලොකු අවාසියක් හෝ වාසියක් නැතත් කාරෙක BMW නිසා හා මොටර්වේ එකේ නිසා ගාන වැඩි බව. තේරුමක් නැහැ. මම කලේ (අපි නිවාඩුවකට යන ගමන්) ගමන් හවසට දාල නිකන් හම්බවෙන රෙස්කියු එකට කතා කරලා වාහනේ ගෙදර ගේනවා. ගෙනත් හදන්නේ නැතිවම පවුම් 450 කට රුමේනියන් කාරයෙකුට දුන්නා. (උන් හරිම ආසයි ඔය වාහන වලට) මට 1200-450 =750 වර්චුවලි ලාබයි. නැත්නම් ලන්ඩන් වල පවුම් 700 විතර යනව වැඩේට. ලන්ඩන් නම් 700-450 = 250 ලාභයි. වෙන කාරෙකක් ගත්ත.
//එනිසා බ්ලොගයට ගිහිල්ල ලියාගෙන ඇවිත් දාන්න ඕනේ. //
Deleteමම කොහොමටත් කරන්නේ Google ආදාන මෙවලම් වල ටයිප් කර කොපි කිරීමයි. එය කොහොමත් වෙහෙසකර වැඩක්. ටයිප් කර නැවත ලොගින් වී කමෙන්ට් දමන්න ඕනෑ. සමහර වෙලාවට ටයිප් කරපු ඔක්කොම නැති වෙනවා. වෙන බ්ලොග් වල අඩුවෙන් කමෙන්ට් දමන්නේ මේ නිසයි.
//ඕනෑවට වට වැඩිය අවශ්‍ය නැහැ තමා . නමුත් අපි උත්සාහ කරන්නෙම ජිවන තත්වය නගා හිටවන්නනේ.//
මාක්ස්ගේ අවසන් ඉලක්කය වුණේ ලෝකයේ සියලු දෙනාට මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි තරම් නිෂ්පාදනයක් හැකි තරම් අඩු මිනිස් ශ්‍රමයකින් නිපදවා ඉතිරි කාලය නිකම් ඉන්න (කලාව රස විඳින්න වගේ දේවල් වෙනුවෙන් කියමු) හැකි පරිසරයක් හැදීමයි. ඔහුගේ කාලයේ එංගලන්තයේ තිබුණු තත්ත්වයට සාපේක්ෂව මෙය හොඳ ඉලක්කයක්. අඩු වශයෙන් සෝවියට් දේශය මේ ඉලක්කය සම්පූර්ණ කරගත්තා කියන්න පුළුවන්. නමුත් මෙයට ඇතුළත් වන්නේ ඉන්න සාමාන්‍ය මට්ටමේ ගෙයක්, කන්න අවශ්‍ය පෝෂණය ලැබෙන මොනවා හෝ දේවල්, ලෙඩට බෙහෙත්, අඳින්න මොනවා හෝ ඇඳුම් වැනි දේවල් ටිකක්. ඇත්තටම මට පෞද්ගලිකව වුවත් ඔය මූලික දේවල් වලින් පසු මහා ලොකු දේවල් අවශ්‍ය නැහැ. ප්‍රශ්නය වන්නේ මේ ටික සපුරා ගැනීමෙන් පසු ටික දෙනෙක් සෑහීමකට පත් වනවා විය හැකි වුවත්, බොහෝ දෙනෙක් සෑහීමකට පත් නොවීමයි. සෝවියට් සමාජවාදයේ පරිහානිය ආරම්භ වන්නේ එයින් පසුවයි.
මාක්ස්ගේ විග්‍රහය අනුව ශ්‍රමිකයෙකුට කවදාවත් ප්‍රාග්ධනය එක් රැස් කරගන්න හැකියාවක් නැහැ. ඔහුට (හෝ ඇයට) හැමදාම ලැබෙන්නේ මූලික අවශ්‍යතා පමණක් සපුරා ගැනීමට ප්‍රමාණවත් වැටුපක්. නමුත්, ඒ වෙනුවෙන් ඔවුන්ට අනවශ්‍ය තරම් වැඩි කාලයක් වැඩ කරන්න වෙනවා. ඒ නිසා ජීවිතය "විඳින්න" වෙලාවක් නැහැ. මේ පදනමින් බැලුවහම අඩු කාලයක් වැඩ කර ඒ මූලික අවශ්‍යතා ටිකම ලබා ගැනීම හොඳ තත්ත්වයක්. ඒ වගේම, මාක්ස්ගේ විග්‍රහය අනුව මූලික අවශ්‍යතා හැරුණු විට ඉතිරි සියලු දේ හදන්නේ ප්‍රාග්ධනය හිමි අය වෙනුවෙන්. මේ "සුඛෝපභෝගී භාණ්ඩ" මිල දී ගැනීමේ අවස්ථාව කවදාවත් ශ්‍රමිකයින්ට (නිර්ධන පන්තියට) ලැබෙන්නේ නැහැ. නමුත්, ප්‍රාග්ධනය හිමි අයගේ සුඛ විහරණය වෙනුවෙන් ඔවුන්ට දිගින් දිගටම වැඩි වෙලාවක් වැඩ කරන්න වෙනවා. ඉලක්ක සමාජවාදී සමාජයක ඔවුන්ට මේ සුඛෝපභෝගී භාණ්ඩ නැති වුනත් ඒවා ඔවුන් අසාධාරණ ලෙස ලබා ගන්නා දේවල් නිසා එහි වැරැද්දක් නැහැ.
මාක්ස්ගේ කාලයේ එංගලන්ත සමාජයෙන් පටන්ගෙන මෙහි ඇති ආරම්භක නිරීක්ෂණ හරි කියා සිතුවත් මෙවැනි තත්ත්වයක් දිගටම තියෙන්න විදිහක් නැහැ. ප්‍රාග්ධන හිමියන් ශ්‍රමිකයින්ට හැකි තරම් අඩු මිලක් ගෙවන්න කැමති වුනත්, ශ්‍රමිකයින්ට හෙට්ටු කිරීමේ හැකියාවක් ලොකුවට නැති වුණත්, ප්‍රාග්ධන හිමියන් අතර ඇති වන තරඟය නිසා ඔවුන්ට මේ කියන "සූරාකෑම" කියන දෙය දිගින් දිගටම කරන්න බැහැ. ප්‍රාග්ධන හිමියන් අතේ ප්‍රාග්ධනය එකතු වන අතරම ශ්‍රමිකයින්ගේ තත්ත්වය ක්‍රමයෙන් වඩා හොඳ වෙනවා. එය එක් මට්ටමකට පැමිණි විට ඔවුන්ටත් ප්‍රාග්ධනය එක් රැස් කිරීමේ හැකියාව ලැබෙනවා. එංගලන්තයේ ඇත්තටම වුණේ එයයි. එවිට ශ්‍රමිකයින් හා ප්‍රාග්ධන හිමියන් කියා කණ්ඩායම් දෙකක් ඉරකින් බෙදන්න බැරි වෙනවා.
//එය ලෝකයේ පළමු වතාවට මිනිසෙක් අජටකාශයට යැවූවත් තමන්ගේ වැසියන්ගේ මානව අයිතීන් දියුණු කිරීමට කිසිවක් කළේ නැත.//
Deleteපළමුව, මාක්ස්වාදයේ පදනමම මම උඩින් කියපු ඉලක්කය කරා ළඟා වීම නිසා (දාර්ශනික පදනමකින් බැලුවොත්) සෝවියට් දේශයට මිනිසුන් වෙනුවෙන් ඊට වඩා දෙයක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම, ප්‍රාග්ධන හිමියන් අතර ප්‍රමාණවත් තරඟයක් නැත්නම් මාක්ස් කියපු ආකාරයටම ඔවුන්ට නිෂ්පාදන අතිරික්තයෙන් වැඩි කොටසක් ලබා ගැනීමේ ඉඩක් ලැබෙනවා. ධනවාදී සමාජයක එය බිඳ වැටෙන්නේ ප්‍රාග්ධන හිමියන් විශාල ප්‍රමාණයක් සිටීම නිසා ඇතිවන තරඟය තුළයි. ප්‍රාග්ධනය රාජ්‍ය ඒකාධිකාරයක් වූ සෝවියට් දේශයේ ඇත්තටම වුණේ මේ අතිරික්තය රජය විසින් එකතු කර ගැනීමයි. මාක්ස් විසින් ප්‍රාග්ධන හිමියන් විසින් කරනවා කියපු දෙය ඇත්තටම කළේ සෝවියට් රජය විසිනුයි. සෝවියට් රජය විසින් එහි වැසියන්ට හොඳ කෑම වේලක්, නිවසක්, සෞඛ්‍ය පහසුකම් ආදී මූලික අවශ්‍යතා සියල්ල සැපයුවා කියා අපි කියමු. නමුත්, එසේ කිරීමෙන් පසු මාක්ස්ගේ අර්ථයෙන් අතිරික්තය සෝවියට් රජය විසින් තියා ගත්තා. අභ්‍යවකාශ වැඩසටහන් සඳහා වියදම් කළේ ඒ මුදල්. ඒ වගේම සිංහලෙන් අඩු මිලට පොත් දෙන්න, අජිත්ලට ශිෂ්‍යත්ව දෙන්න වගේ දේවල් වලට වියදම් කළේත් (කරුණක් ලෙස පමණක් ගන්න) ඒ අතිරික්තය. සමාජවාදී ජාත්‍යන්තරවාදය අනුව බැලුවොත්නම් මෙය නිවැරදියි. නමුත්, සෝවියට් දේශය වෙන් කොට බැලුවොත් මේ දේවල් නිසා වුනේ (මාක්ස්ගේ න්‍යාය අනුව) සෝවියට් ශ්‍රමිකයින්ට ඒ දේවල් වෙනුවෙන් දවසකට කිසියම් කාලයක් වැඩ කරන්න වීමයි.
පෞද්ගලික ප්‍රාග්ධන හිමියෙක් වගේම සෝවියට් රජයත් අතිරික්තයෙන් කොටසක් නැවත ආයෝජනය කළා. සෝවියට් ආර්ථිකය අඩු වශයෙන් මුල් දශක වලදී දියුණු වුණේ ඒ නිසා. නමුත්, තරඟයක් නැති නිසා මෙය කාර්යක්ෂම ලෙස සිදු වුනේ නැහැ. ඒ නිසා ධනවාදී රටක තරම් වේගයෙන් ආර්ථිකය දියුණු වුණේ නැහැ. රට ඇතුළත තරඟයක් නොතිබුණත්, රටක් ලෙස සෝවියට් දේශය හිටියේ ලොකු තරඟයක. අභ්‍යවකාශ වැඩ සටහන් වෙනුවෙන් කළ ආයෝජන එහි ප්‍රතිඵලයක්. ඒ වගේම ඔලිම්පික් ජයග්‍රහණ වැනි දේවල්.
//මම පොල්කට්ටෙන් එලියට ඇවිත් බලන කෙනෙක්. මම ඔබට කලින් දුන් ලිපිවල තිඋනේ මම ඒ ගැන හදාරපු කාලය නිසා. //
මම මේ කොටස තේරුම් ගන්නේ ඔබ මුලින් ලියූ බ්ලොග් පෝස්ට් වල ඇති දේවල් සමඟ දැන් ඒ අයුරින්ම එකඟ නොවන බව කීමක් ලෙසයි. අපේ දැනුම අලුත් වන විට අදහස් වෙනස් වෙනවා. වැරැද්ද වන්නේ අදහස් වෙනස් කර නොගන්නවානම්. හැබැයි ඉතින් ඒ පෝසට් වලට ඔබ දමා තිබෙන ඇතැම් කමෙන්ට්නම් තනිකරම පොල්කට්ට ඇතුළේ. මෙය ඔබටම දැන් පෙනෙනවානම් ප්‍රශ්නයක් නැහැ.
//ඒ එක්කම අර ඔබ කියූ සමීකරණ එවනවනම් හොඳයි. වෙනම ඊමේල් එකක. වැදගත් වෙන්න පුළුවන්.//
ඉඩක් ලැබුණු වහාම ටයිප් කර එවන්නම්. වෙබ් එකෙන් හොඳ වර්ෂන් එකක් හොයාගන්න හැකි වුනොත් ලින්ක් එකක් එවන්නම්.
//මාක්ස් පොතේ දෙවන කොටසේදී ශ්‍රමය පමණක් නොව අනිත් සාධකත් සාකච්ඡා කරනවා.//
Deleteප්‍රාග්ධනය දෙවන වෙළුමේ සැපයුම් සාධක විස්තරාත්මක ලෙස සාකච්ඡා කරනවා තමයි. නමුත්, එසේ කරන්නේ වැඩි වූ වටිනාකම නිෂ්පාදනයේදී එකතු කළ ශ්‍රමයට සමානයි කියන පදනම ඇතුළෙම සිටයි. මෙය තමයි ඔබ තේරුම් ගත යුතු කරුණ. ඔබ හිරවී ඉන්නේ මේ අවුල තුළයි. මම මෙය විස්තර කර සටහනක් ඊමේල් කර එවන්න උත්සාහ කරන්නම්. ඉංග්‍රීසියෙන් ලියන විට වෙලාව ටිකක් ඉතිරි කර ගත හැකියි. මාක්ස්ට පිරිවැය හා ඵලදායීතාවයේ වෙනස ගැන නිවැරදි අවබෝධයක් තිබුණේ නැහැ. මෙය ඒ කාලයේ විෂය තිබුණු තැන. ඒ නිසා, ඔහු නිෂ්පාදනයේදී එකතු වූ අගය යොදාගත් නිෂ්පාදන සාධක වල පිරිවැයට සමානයි කියා හිතනවා. දෙවන වෙලුමේදී ඔහු උත්සාහ කරන්නේ මේ පිරිවැය කොටස ආකෘතිගත කිරීමටයි. එය සෑහෙන තරම් හොඳ උත්සාහයක්. නමුත්, නිෂ්පාදන තාක්ෂණයේ ඵලයීතාවය අනුව වටිනාකම හා පිරිවැය අතර වෙනසක් ඇති වෙනවා. මාක්ස් කියන අතිරික්තය මෙයයි. මෙය ඉතිරි වෙන්නේ ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ පිරිවැය වෙන් කිරීමෙන් පසුවයි. මාක්ස් මේ අතිරික්තය මුළුමනින්ම ශ්‍රමිකයින්ට පමණක් ලැබිය යුතු කොටසක් කියා නිගමනය කරනවා. නමුත්, නූතන ආර්ථික විද්‍යාවේදී සියලු දෙනාම පිළිගන්නේ ශ්‍රමයේ ඵලදායීතාවය හා ප්‍රාග්ධනයේ ඵලදායීතාවය අනුව මේ අතිරික්තය බෙදී යා යුතු බවයි. නිදහස් වෙළඳපොළක ස්වභාවික ලෙසම එය සිදු වෙනවා.
සෑහෙන වෙලාවක් ගියා. ඉතිරි කොටසට පිළිතුරු පසුව දමන්නම්.
//ඔබ නැවතත් මම සමාජවදියෙකුව වශයෙන් උපකල්පනය කරලා සුරංගනා කතාවක් කියනවා. //
Deleteමම මෙතැන ඔබ කියා ලිවුවත් එය ලිවුවේ සන්දර්භය ඇතුළේ කවුරු හෝ පුද්ගලයෙක් කියන අර්ථයෙන් මිස "අජිත් ධර්මා" කියන අර්ථයෙන් නෙමෙයි.
//එනිසා සමාජවාදී නොවන අය ඔබ කියන විධිහට -A) දෙදෙනාගෙන් කිසිවකුට අවාසියක් වීමට ඉඩක් නැත
කියල කියනවනම් ඔබාලට පිස්සු විය යුතුයි. .//
අජිත් මේ කරුණ මම කියන එකක් නෙමෙයි. ආර්ථික විද්‍යාවේ ප්‍රථම මූලධර්මයක් කියා කියන්න පුළුවන් දෙයක්. මම නැවත නැවත මේ කරුණට එන්නේ ඒ නිසයි.
//කිසිම ධනවාදියෙක් ඔයවිධිහට වැඩ කරන්නේ නැහැ, ඔවුන්බලන්නේ මිල අඩුවෙන්ම ගෙවා කරගන්න. මමත් එහෙමයි//
මේ කොටස ඔබ හරියට තේරුම් ගෙන නැහැ. (මම හරියට ඔබට පැහැදිලි කර නැහැ) ඉතා පැහැදිලිවම ඕනෑම කෙනෙක් හදන්නේ මිල අඩුවෙන්ම ගෙවා හදාගන්න තමයි. ඒක තමයි මිනිසුන් ස්වාභිමතාර්ථය වෙනුවෙන් වැඩ කරනවා කියන්නේ. වැදගත් කරුණ වන්නේ ඔබ එසේ කරන්නේ ඔබේ ලාභය වැඩි කර ගැනීමට මිස ඔබට අලාභ වන නිසා නොවන බව. ඔබට අලාභනම් ඔබ මේ ගනුදෙනුව කරන්නේ නැහැ. ඒ වගේම මිකනික් බලන්නේ හැකි ඉහළම මිල අය කරගෙන ඔහුගේ ලාබය වැඩි කර ගන්න. ධනවාදියෙක් මෙහිදී ඔබ හෝ මිකනික් යන දෙදෙනාගෙන් එක් අයෙකුවත් වරදක් කරනවා කියා හිතන්නේ නැහැ. ධනවාදී ආර්ථික විද්‍යාඥයෙකු වැදගත් කොටස සලකන්නේ ගනුදෙනුව සිදුවීමයි. මොකද එයින් දෙදෙනාටම කිසියම් හෝ යහපතක් වන නිසා. ඔබ එකඟ වන මිල කුමක් වුවත් ගනුදෙනුව කිරීමෙන් ඔබට අවාසියක් වෙන්නේ නැහැ. මිකැනික් සමඟ හෙට්ටු කර අඩුම මිලට වැඩේ කරගන්න එක ඔබේ වැඩක්. එහි වරදක් නැහැ. ඔබ මේ ගනුදෙනුව දෙස බලන්නේ තනිකරම මාක්ස්වාදී ඇහැකින්. මම ඊමේල් කර එවපු සටහන කියවූ විට මෙය පැහැදිලි වෙයි කියා හිතනවා.
//මම කියන්නම් මේකේ ඇත්තටම වුනේ මොකක්ද කියල.//
ඔබ වැඩි විස්තර දමා තිබෙන නිසා පහත තිබෙන්නේ ඔබට තිබුණු විකල්ප.
1. පවුම් 1200ක් ගෙවා එතනදීම කාර් එක හදාගැනීම
2. පවුම් 700ක් ගෙවා ලන්ඩන් වලදී කාර් එක හදා ගැනීම
3. කාර් එක නොහදා විකිණීම.
එක් එක් විකල්පයේ ශුද්ධ වාසි (අවාසි).
1. කාර් එක තබා ගැනීමේ වාසිය - පවුම් 1200
2. කාර් එක තබා ගැනීමේ වාසිය - පවුම් 700 - කාර් එක ලන්ඩන් වලට ගෙන ඒමේ වියදම හා අපහසුතාවය
3. පවුම් 450
ඔබ ලාබය ගණන් හදා ඇති ආකාරයන්නම් වැරදියි. පොඩ්ඩක් හිතල බලන්න. පවුම් 1200 හෝ 700 ඔබට වන ඉතිරියක්. පවුම් 450ත් ඔබට ලැබුණු මුදලක්.
දැන් ඔබේ තේරීම වුණේ 3. ඔබ කාර් එක ලන්ඩන් ගෙන ඒමෙන් පසු එය හැදුවේ නැත්තේ කාර් එක හැදීමෙන් පසු ඔබට එහි වටිනාකම පවුම් 1150ට වඩා අඩු නිසා (700+450). එහෙමනම් ඔබ පවුම් 1200ක් ගෙවා එය හැදුවනම් ඔබට පවුම් 50ක පාඩුවක් වෙනවා. ඒ නිසා ඔබ එය හදපු නැති එක ඉතා පැහැදිලිවම තාර්කික තීරණයක්. ඒ වගේම රුමේනියන් කාරයා එය පවුම් 450කට ගත්තේ ඔහුට එය පවුම් 1150කට වඩා වටින නිසා. (එහෙම නැත්නම් අඩු පිරිවැයකින් හදාගන්න පුළුවන් නිසා). මෙයින් පෙනෙන්නෙත් බඩුවකට වාස්තවික වටිනාකමක් නැති බවයි. ඒ වගේම, ඔබ කාර් එක එතැනම හදපු නැති නිසා ගනුදෙනුවක් වුණේ නැහැ. මිකැනික් අඩු මිලකට එය හදන්න කැමති නොවුනේ පවුම් 1200ක් නොලැබෙනවානම් ඔහුට එය නොහදා ඉන්න එක වාසි නිසා. ඔහුට ඒ වෙලාවේ පවුම් 1200ක් ඉපයිය හැකි වෙනත් වෙනත් වැඩක් තියෙන්න ඇති. ඒ නිසා අඩු මිලට මේ වැඩේ කළානම් ඔහුට පාඩු වෙනවා. ඒ අනුව, එහිදී ගනුදෙනුව සිදු නොවීම නිසා දෙදෙනාටම වාසියක් වී තිබෙනවා. නිදහස් වෙළඳපොලක ගනුදෙනුවක් නොවනවා කියන්නේ ඒ ගනුදෙනුවෙන් එක් අයෙකුට හෝ අවාසියි කියන එකයි. නමුත්, ගනුදෙනුවක් වෙනවා කියන්නේ දෙදෙනාටම වාසියි කියන එකයි. දෙදෙනෙකුටම වාසිදායක ගනුදෙනුවක් සිදු නොවනවානම් එහි නිදහස් වෙළඳාමට කිසියම් ස්වභාවික හෝ කෘතීම බාධාවක් තිබෙනවා.
November 30, 2017 at 11:31 AM ලියා ඇති දේට එකඟයි //ප්‍රාග්ධන හිමියන් අතර ඇති වන තරඟය නිසා ඔවුන්ට මේ කියන "සූරාකෑම" කියන දෙය දිගින් දිගටම කරන්න බැහැ. // ටිකක් වෙන්න අපහසුයි පිලි ගන්න. තවම ඇතැම් තැන්වල සූරාකෑම සිදුවෙනවා. (එංගලන්තයේ) . බොහෝ ස්තනවා ශ්‍රමයට සරිලන පඩියක් දුන්නත්. මම ඔබට පිළිතුරක් එව්වා මාක්ස් ශ්‍රමයේ ඵලදායිතාවය ගැන කතා කරන්නේ හතරවැනි වොලියුම් එකේ.
Deleteමම III හා IV කියවල ඉඅවර නැති නිසා ලොකු අදහසක් දෙන්න බැහැ . ඇඩම් ස්මිත් ගේ මුලික අදහසට දුන් පිළිතුරක් ලෙස
//. පවුම් 1200 හෝ 700 ඔබට වන ඉතිරියක්. පවුම් 450ත් ඔබට ලැබුණු මුදලක්.
Deleteදැන් ඔබේ තේරීම වුණේ 3. ඔබ කාර් එක ලන්ඩන් ගෙන ඒමෙන් පසු එය හැදුවේ නැත්තේ කාර් එක හැදීමෙන් පසු ඔබට එහි වටිනාකම පවුම් 1150ට වඩා අඩු නිසා (700+450). එහෙමනම් ඔබ පවුම් 1200ක් ගෙවා එය හැදුවනම් ඔබට පවුම් 50ක පාඩුවක් වෙනවා. ඒ නිසා ඔබ එය හදපු නැති එක ඉතා පැහැදිලිවම තාර්කික තීරණයක්. ඒ වගේම රුමේනියන් කාරයා එය පවුම් 450කට ගත්තේ ඔහුට එය පවුම් 1150කට වඩා වටින නිසා. (එහෙම නැත්නම් අඩු පිරිවැයකින් හදාගන්න පුළුවන් නිසා).
1200 හෝ 700 මට ඉතිරියක් වන්නේ කාරය තබා ගත්තොත්. කාරය රැගෙන ගැරේජ් ගානේ ගොස් එම වෙලාව නාස්ති කිරීම් අඩියට වඩා කැඩුණු කාරය අඩු ගනනකට දීම මට ලාභයක්. රුමේනියාවේ අඩු මුදලට කාර් හදන්න පුළුවන් නිසා ඔහු එය ගත්තේ.
මෙයින් පෙනෙන්නෙත් බඩුවකට වාස්තවික වටිනාකමක් නැති බවයි. ඒ වගේම, ඔබ කාර් එක එතැනම හදපු නැති නිසා ගනුදෙනුවක් වුණේ නැහැ. මිකැනික් අඩු මිලකට එය හදන්න කැමති නොවුනේ පවුම් 1200ක් නොලැබෙනවානම් ඔහුට එය නොහදා ඉන්න එක වාසි නිසා. ඔහුට ඒ වෙලාවේ පවුම් 1200ක් ඉපයිය හැකි වෙනත් වෙනත් වැඩක් තියෙන්න ඇති. ඒ නිසා අඩු මිලට මේ වැඩේ කළානම් ඔහුට පාඩු වෙනවා. ඒ අනුව, එහිදී ගනුදෙනුව සිදු නොවීම නිසා දෙදෙනාටම වාසියක් වී තිබෙනවා//
මෙතැනදී මම ඔබට එකඟ නැහැ. ඔහුට එම මුදල පැවසීමෙන් උනේ අවාසියක්. ඔහු අඩු කරන්නේ නැතිව හිටියේ වෙනත් අය එවැනි අවස්ථාවල කාරය හද ගැනීමේ තීරණ වල ඉන්න බව ඔහු අත්දැකීමෙන් දන්නා නිසා. නමුත් මම කලේ ඔහු නොහිතපු දෙයක්. එනිසා මම හිතනවා ඔහුට ගනුදෙනුවෙන් උනේ අවාසියක්.
මේ ගනුදෙනු ගැන කීවහම මතක් වුනේ. නැතිවුණු බිටිකොයින් හොයාගන්නේ කොහොමද යයි දන්නවද ? මම අවුරුද ගනනකට කලින් ගත් කොයින් වල පාස්වර්ඩ් ෆයිල් මුකුත් නැහැ. දැන් එකක් 10000 විතර වෙනවා.
//ටිකක් වෙන්න අපහසුයි පිලි ගන්න. තවම ඇතැම් තැන්වල සූරාකෑම සිදුවෙනවා. (එංගලන්තයේ) . බොහෝ ස්තනවා ශ්‍රමයට සරිලන පඩියක් දුන්නත්.//
Deleteකොයි තරම් කතා කළත් ආපහු කැරකිලා පොල්කට්ට අස්සටමනේ රිංගන්නේ. මම මෙතරම් කාලය නාස්ති කළේ අජිත් ඔය පොල්කට්ටටෙන් එළියට එන්න උත්සාහ කරනවා වගේ පෙනුණු නිසයි. අජිත්ට අවශ්‍ය මොන විදිහෙන් හරි මාක්ස්වාදය හරි කියන එක තහවුරු කරන්නනම් මට කාලය නාස්ති කරන්න අවශ්‍ය නැහැ. අජිත්ට අජිත්ගේ ආගම අදහගෙන, ප්‍රාග්ධනය පොතට උදේ හවස වැඳගෙන ඉන්න තියෙන අයිතියට මම ගරු කරනවා.
මම මේ තරම් කියන්න උත්සාහ කළේ මාක්ස් කියන ආකාරයේ පාරිභෝගිකයාට සාපේක්ෂ නොවන වාස්තවික වටිනාකමක් භාණ්ඩයකට නැති බවයි. එහෙම තියෙනවනම් අජිත්ට පවුම් 450ක් නොවටින කාර් එක රුමේනියන් කාරයාට ඊට වඩා වටින්න විදිහක් නැහැ. මාක්ස්වාදය අනුව එක්කෝ ඔහු අජිත්ව සූරාගෙන කාලා. නැත්නම් අජිත් ඔහුව සූරාගෙන කාලා. දැන් මේ ගනුදෙනුවේදී අජිත් කළේ රුමේනියන් කාරයව සූරාකන එකද නැත්නම් කැමැත්තෙන්ම ඔහුට ඔබව සූරාකන්න ඉඩ දෙන එකද? මාක්ස්වාදයට අනුව ඔය විකුණපු කාර් එකේ "නියම" වාස්තවික වටිනාකම කීයද? එවැනි නිරපේක්ෂ වටිනාකමක් තිබිය නොහැකි බවට අජිත් මුලින්ම එකඟ වුනා. මම ඉදිරියට ගියේ ඒ පදනම මතයි. දැන් අජිත් නැවත ආපසු මුලට යනවා.
මාක්ස් විසින් "සූරා කෑම" හා "ශ්‍රමයට සරිලන පඩිය" කියන දෙකම අර්ථ දක්වන්නේ එවැනි වාස්තවික වටිනාකමක් තියෙනවා කියන උපකල්පනය මත. ඒ නිසා, එක්කෝ අජිත් විසින් ඒ උපකල්පනය නිවැරදියි කියා ඒ පදනම මත කතා කළ යුතුයි. ඒ උපකල්පනය පිළිගන්නේ නැත්නම් "සූරා කෑම" හා "ශ්‍රමයට සරිලන පඩිය" කියන පදනමක් නැති පුහු සංකල්ප වලින් ඉවත් විය යුතුයි. ඒත් නැත්නම් ඔබ කියන "සූරා කෑම" හා "ශ්‍රමයට සරිලන පඩිය" කියන සංකල්ප ප්‍රාග්ධනය සංකල්ප නොවේනම්, ඒවායින් ඔබ අදහස් කරන්නේ කුමක්ද කියන එක පැහැදිලි කළ යුතුයි.
දැන් උදාහරණයක් ලෙස අජිත් පැරකුම් ජයසිංහ කියනවා "සමාජවාදය යනු වඩා යහපත් ලෝකයක් පිළිබඳ මිනිසුන්ගේ සිහිනය කැටි කර ගත් වදනයි. මාක්ස්වාදය හා සමාජවාදය යනු එකක් නොව දෙකකි." එතකොට මට ඔහුව මාක්ස් සමඟ පටලවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ ඔබටත් වෙනස් අර්ථදැක්වීමක් තියෙනවනම් එය ඉදිරිපත් කරන්න. ප්‍රාග්ධනය අනුව "සූරා කෑම" හා "ශ්‍රමයට සරිලන පඩිය" කියන දේවල් අර්ථ දක්වා තියෙන්නේ භාණ්ඩයකට ඒ මත යෙදවූ සමාජයට වැඩදායක ශ්‍රමයට අනුපාතික නිරපේක්ෂ වටිනාකමක් තියෙනවා කියන උපකල්පනය මතයි. ඒ නිසා, ඔබට එය පිළිනොගෙන එහි අපෝහක ගැන කතා කරන්න බැහැ.
//අජිත්ට අජිත්ගේ ආගම අදහගෙන, ප්‍රාග්ධනය පොතට උදේ හවස වැඳගෙන ඉන්න තියෙන අයිතියට මම ගරු කරනවා.//
Deleteමෙච්චර කල් කතා කරපුවගෙන් වත් ඔයාට තේරුනේ නැත්නම් මම මාක්ස්ටවත් අගමකටවත් ප්‍රග්ධ්නයකටවත් වැඳගෙන ඉන්න එකෙක් නෙමෙයි කියල කතා කරලා වැඩක් නැහැ තමයි.
//මෙතැනදී මම ඔබට එකඟ නැහැ. ඔහුට එම මුදල පැවසීමෙන් උනේ අවාසියක්. ඔහු අඩු කරන්නේ නැතිව හිටියේ වෙනත් අය එවැනි අවස්ථාවල කාරය හද ගැනීමේ තීරණ වල ඉන්න බව ඔහු අත්දැකීමෙන් දන්නා නිසා. නමුත් මම කලේ ඔහු නොහිතපු දෙයක්. එනිසා මම හිතනවා ඔහුට ගනුදෙනුවෙන් උනේ අවාසියක්.//
Deleteමෙය වෙන්න පුළුවන්. මගේ නිගමනය පදනම් වුනේ ඔබට රෙස්කියු එකෙන් නොමිලේ වාහනය ලන්ඩන් ගෙන යා හැකි බව ගරාජ්කරුත් දන්නා දෙයක් යන පදනමිනුයි. එය එසේ නොවන්න පුළුවන්.
ඒ වගේම ව්‍යවසායකයෙක් මුහුණ දෙන අවිනිශ්චිතතා රාශියක් තියෙනවා. සමාගමක් ලාභ උපරිමකරණය කරනවා කියන විට එයින් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ "අපේක්ෂිත ලාභය" උපරිමකරණය කරනවා කියන එකයි. දැන් මේ ගරාජ්කරුත් කර ඇත්තේ එයයි.
අපි සරල ලෙස මේ විදිහට හිතමු.
කාර් එක හදන්න වැය කළ යුතු ශ්‍රමයේ හා ක්ෂය වන උපකරණ ආදියේ පිරිවැය = පවුම් 600
දැන් එයින් අමතර කොටස ඔහුගේ ලාභය.
ඔබේ වාහනයේ තත්ත්වයේ තිබුණු කාර් එකක් පවුම් 700කට හැදුවොත් ඔහුට ලැබෙන වාසිය පවුම් 100යි. එය පවුම් 1200ක් අයකර හැදුවොත් ඔහුගේ ලාබය පවුම් 600යි.
අය කිරීම පවුම් 700 කිවුවත් ඔබ එය නොහදා යන්න ඉඩ තියෙනවා. මේ සම්භාවිතාව 25%ක් කියමු. ඒ කියන්නේ ගනුදෙනුව සිදුවෙන්න 75%ක ඉඩක් තියෙනවා. ගරාජ්කරු අත්දැකීමෙන් මේ සම්භාවිතාව දන්නවා. එවිට අපේක්ෂිත ලාභය වන්නේ පවුම් 100*75% = පවුම් 75යි.
අය කිරීම පවුම් 1200නම් ඔබ එය නොහදා යන්න ඉඩ වැඩියි. මේ සම්භාවිතාව 50%ක් කියමු. ඒ කියන්නේ ගනුදෙනුව සිදුවෙන්න 50%ක ඉඩක් තියෙනවා. දැන් ඔහුගේ අපේක්ෂිත ලාභය පවුම් 600*50% = පවුම් 300ක්.
ඔබ ගිය නිසා මේ නිශ්චිත (particular) ගනුදෙනුවෙන් ඔහුට වාසියක් ලැබුණේ නැහැ. (මතක තියා ගන්න ඔහුට කිසිම අවාසියක් වෙලා නැහැ. වාසියක් නොවීම පමණයි වුණේ) නමුත්, ඔබම කියා ඇති පරිදි බොහෝ දෙනෙක් මේ මිලට ගනුදෙනුව කරනවා. ඒ නිසා, ඇතැම් ගනුදෙනු සිදු නොවීමේ අවදානම වෙනුවෙන් මිල අඩු කරනවාට වඩා වැඩි මිල අය කිරීම ඔහුට වාසියි.
මෙය ගණිතමය ලෙස මේ අයුරින් ලියන්න පුලුවන්.
ලාභය = (P - C )*F(P)
P - මිල
C - පිරිවැය
F(P)- නිශ්චිත මිලක් යටතේ ගනුදෙනුව සිදුවීමේ සම්භාවිතාව. මෙය P ඉහළ යන විට සමඟ අඩු වන ශ්‍රිතයක්. ඒ නිසා, dF(P)/dP<0.
දැන් ඔහු අය කළ යුතු ප්‍රසස්ථ මිල වන්නේ,
P dF(P)/dP + F(P) - C dF(P)/dP = 0 විසඳන මිලයි.
ගරාජ්කරු මෙවැනි ගණනය කිරීමක් නොකළත් ඔහු අත්දැකීමෙන් ඒ මිල දන්නවා.
//මම මාක්ස්ටවත් අගමකටවත් ප්‍රග්ධ්නයකටවත් වැඳගෙන ඉන්න එකෙක් නෙමෙයි//
Deleteදැන් එහෙමනම් කරුණාකරලා පැහැදිලි කරන්න ඔබ ඔය කියන "සූරා කෑම" හා "ශ්‍රමයට සරිලන පඩිය" ඔබ අර්ථ දක්වන්නේ කොහොමද කියල.
ඉඩක් තියේනම් පහත වීඩියෝ දෙකත් බැලුවට පාඩුවක් නැත.
ReplyDeletehttps://www.youtube.com/watch?v=smk2xq2l3Ig
https://www.youtube.com/watch?v=2Oq24hITFTY
මේ තියෙන්නේ තවත් එකක්
Deletehttps://www.youtube.com/watch?v=dzntuXdE8dY
හොඳ විස්තර වගයක් තිබෙනවා. මම සලකුණු කර ගත්ත පසුව බලන්න.
Deleteවිප්ලව කරල මෙව්ව කරන්න ඕන කියන අයට පේන්න ෂෙයා කරන්න ඕන. හොද විස්තරාත්මක කරුණු දැක්වීමක් ඉකෝ.. සතුතියි
ReplyDeleteහොඳ අදහසක්, කරමු නේ.
Deleteඅනේ හලෝ මේ නොදන්න මගුල් කියවන්නෙනැතිව ඉන්නවා..............මේ ඉකොන් මැට්ටගෙ තෙල් හොඩයි ඉතින් උබලා වගේ ජිවිතේට ප්තක් පතක් කියවන්නෙ නැති මැට්ටන්ටම ................මුගේ මේ උඩ යට මාරු ගොන් විශ්ලේශන ඇත්ත කියලද ඔයා හිතාගෙන ඉන්නේ.............මූට එන්.ජි.ඔ නඩේකින් රු තිස් හතලිස් දහක් ඩෙනවා ඇති මෙ වගේ ලොජික්ල් නැති බෘ ලියන්න.............මේ යකා ඔය සුද්දන්ගෙ කැහි බලාගෙන බොරු ලියන ජොන් ඩොයිලි ජාතියේ කලු එකෙක්(එක්නැලිගොඩ වර්ශන්)................
Deleteඇමරිකාව දුප්පතුන්ට දෙන සහනාදාර ගැන කිව්වොත් ඉතින් මූත් ඇනොනිමස් බ්ලොක් කරයි.................
ඇමරිකාවෙන් ඉරාකයට, සිරියාවට, ලිබියාවට, ඇෆ්ගනිස්තානෙට..............දෙන බෝම්බ සහනාදාරය.................
අප්‍රිකාවට ඉබෝලා, එච්.අයි.වි සහනාදාරය.............
දකුණු ඇමරිකාවට ඩෙන්ගු වයිරස සහනාදාරය..................
මැදපෙරදිග අරාබි වසන්තයෙන් පසු අරාජික සිවිල් යුද්ද සහනාදාරය...............
තරුන පරම්පරාවට නිල් චිත්‍රපටි, මත්ද්‍රවය ප්‍රචාරක සහනාදාරය...............
සවුදිය, හරහා අයීඑස් අයීඑස් වහාබ් අන්තවාදී සහනාදරය..............
ලනකාව ඇතුලු සියලු තුන් වන ලෝකයේ රටවලට ආර්තික ඝාතක සහනාඩහාරය...............
ඇමරිකාවෙම කලු දුප්පත් උන්ට පොලිසිය හරහා පිස්තෝල උන්ඩ සහනාදාරය...............
අප්පේ ඇමරිකන් සහනාදාර නම් කොච්චරක්ද????
Deleteලනකාවේ සින්හල ජනතාවගේ ඉතා හොද වර්දනයක් තිබුන 60-70 දශකවල ඇමරිකන් බිස්කට් සහනාදාරයක් ආවා පාසල් ලමුන්ට.................එකෙ තිබුනේ තම්බිලා දැන් කෑම වලට දාන ජාති..................එදා කාලේ පොඩි පරම්පරාවට බඩු ගිල්ලුවා................කලින් පරම්පරාවේ පවුලක 10යි 8යි.................ඔක කාපු උන්ගේ 2යි 1යි 0යි...............ඔන්න ඇමරිකන් සහනාදාර.........................
බිබිලේ දොඩම් වලට මොකද කලේ.................????? සේනක බිබිලේ මහත්තයට මොකද කලේ............................?????????
අමුතුවෙන් ශෙයාර් කරන්න කරදර වෙන්ට ඕනේ නැ වගේ.
DeleteAnonymousNovember 23, 2017 at 2:32 AM / AnonymousNovember 23, 2017 at 2:35 AM
Deleteඉතිහාසයේ ඇතැම් සිදුවීම් තේරුම්ගත හැකිවන්නේ ඒවායේ මතුපිටින් ප්‍රකාශිත දෙයින් නොවේ. එහි පිටුපස ඇති සැබෑ කතාන්දරය විමසා බැලීමෙනි. එසේ නොවනවිට සිදුවන්නේ තමන්ගේ විශ්වාසයන් අනුව යම් යම් අදහස් ප්‍රකාශ කිරීමයි. එවැනි ප්‍රකාශ මඟින් සැබෑ යථාර්ථය පිළිබිඹු වන්නේ නැත.
2015 ජනවාරි 08 දක්වා ශ්‍රී ලංකාවේ රාජාණ්ඩුවක් නිල වශයෙන්නොතිබුණු නමුත් රජ පවුලක් ලෙස වැඩුණු පාලන තන්ත්‍රයක් ජනතාව පීඩාවට පත්කරමින් ක්‍රියාත්මකවෙමින් තිබිණි. රුසියානු රජ පවුලේ හා රදළයන්ගේ වියදම් මහජනයාට පීඩාවක් වූවා සේම මෙරට පාලක තන්ත්‍රයේ සාපරාදී මනුශ්‍ය ඝාතන, අයුක්තිය අසාධාරණය නාස්තිකාර වියදම්, සොරකම් දූෂණ ආදියද ජනතාව මත දරාගත නොහැකි බරක් පටවා තිබිණි.
රුසියානු පීඩිත ජනයා සාර් රජ පවුලටත් රදළ වංශාධිපතිට එරෙහිව නැගී සිටියා සේම ශ්‍රී ලංකාවේ පීඩිත දුප්පත් අහිංස්ක දිළිඳු ජනයා ප්‍රතිගාමී ධනපතිවාදී මිනීමරු මෘග රාජපක්ෂ පාලනයටත් එහි පාදඩ අන්ත්වාසියන්ටත් එරෙහිව මෙරට ජනතාවාදී එජාප, ජවිපෙ ඇතුළු පක්ෂ හා කණ්ඩායම් සමග සන්නද්ධව නැගී සිට සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය මගින් 2015 ජනවාරි 08දා ජය ගත්තේය.
2015 අගෝස්තු මැතිවරණයෙන් එම ජනතා ජය තවදුරටත් තහවුරු විය. ආනයනික අත්‍යාවශ්‍ය භාණ්ඩවලට දූෂිත අසික්කිත රාජපක්ෂ පාලනය පනවා තිබූ අධික බදු බර අඩු කළ දින සියයේ ආණ්ඩුව පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් මිල බෙහෙවින් අඩුකොට සියලුම රජයේ සේවක වැටුප රුපියල් දස දහසකින් වැඩි කළේය. සාර් පාලනය විසින් විනාශකොට තිබූ ආර්ථිකය ගොඩනැඟීමට විප්ලවයෙන් බලයට පත්වූ ජනතාවාදී සමාජවාදී රජයට දැඩි කැපවීමෙන් ක්‍රියාකරන්නට සිදුවූවා සේම රාජපක්ෂවරුන් විනාශ කළ ආර්ථිකය ගොඩනැඟීමට වත්මන් ජනතාවාදී යහපාලන රජයටද කැපවී ක්‍රියාකිරීමට සිදුවී තිබේ.
ඔක්තෝබර් විප්ලවයෙන් පසුව විප්ලවකාරී ආණ්ඩුවක් බිහිකොට රදළවාදය විනාශ කරනවිට එයට එරෙහිව සුදු හමුදා යොදවා වසර ගණනක යුද්ධයක් කිරීමට පරාජිත පාලකයන් කටයුතු කළෝය. අද මිනීමරු කාලකණ්ණි ඒකාබද්ධ විපක්ෂ පල් හොර කල්ලිය කරන්නේද එම ප්‍රතිවිප්ලවයේ කාර්යභාරයයි.
එදා සාර්වාදීන්ගේ ප්‍රතිවිප්ලවීය කැරැල්ල මහජන බලයෙන් පරාජය කළ හැකි විය. අද ද සිදුවෙමින් තිබෙන්නේ ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමට ක්‍රියාත්මක ප්‍රතිවිප්ලවීය බලවේග සමඟ දැවැන්ත සටනක් කිරීමට සිදුවීමයි. එයින්ද මෙරට ජනයා ජයගනු නියතය.
ඒ අනුව බලනවිට විප්ලව අපට වැදගත් වන්නේ හුදු ආශ්වාදයකට නොවේ. එමඟින් ලැබෙන ශක්තියෙන් අපගේ විප්ලවයේ ප්‍රජාතන්ත්‍රවාදී කාර්යභාරය අවසානය දක්වා කරගෙන යාමටය. එජාපය සමග අප දිගටම ජනතාවාදී මහජන හිතවාදී විප්ලවය ගෙනගොස් රාජපක්ෂ පවුල විනාශ කොට සදාකාලික එජාප රජයක් බලයේ පිහිටුවා 2030 දක්වා වත් ආචාර්ය රනිල් වික්‍රමසිංහ (ඩීකින් සරසවිය -ඔස්ට්‍රේලියා) වැනි ජනතාවාදී ප්‍රගතිශීලී නිර්භය එඩිතර නායකයෙක් බලයේ තබාගමු. ඉන් අනතුරුව 2030 - 2050 කාලය ආචාර්ය මංගල සමරවීර, ආචාර්ය හර්ශ් ඩි සිල්වා, විමුක්ති කුමාරතුන්ග වැනි ඉදිරිගාමී නායකයෙක් යටතේ ඉන් ඉදිරියට ගොස් සදාහරිත පාලනයක් ලංකාවේ ස්ථාවර කිරීමට කැපවෙමු.
ඇට රාත්තල් අට මතක්වුනා.
ReplyDeleteඔබ හිතනවද USA ආහාර අතිරික්තයක් ලැබීමට හේතුව විශාල පරිමාණයේ ගොවිපලවල්, යන්ත්‍රාණුසාරයෙන් වැපිරීම නෙලීම සකස්කිරීම හා කාර්යක්ෂම ප්‍රවාහනය කියලා?
ReplyDeleteසමහරු කියනවා දැන් හොඳයි කියලා පිලිගන්නෙ මයික්‍රෝ විදිහට පුලුවන් සෑම දෙනාම පොඩියට වගා කිරීම කියලා. ඒත් මට හිතෙනවා ලංකාවට දැන් ගැලපෙන්නේ වෙන්ව ඇති ගොවිපලවල් එක් කර මධ්‍යගත ව්‍යාපාර ලෙස කාර්යක්ෂම කිරීම කියලා.
ඒ ප්‍රතිපත්තිය මතම ලංකාවෙ පෞද්ගලික බස් වුනත් එකක් දෙකක් ඇති අයිතිකරුවන් විසින් නොව නොව සෑහෙන ප්‍රමාණයක් ඇති ව්‍යාපාර ලෙස ක්‍රියාත්මක වුනොත් හොඳයි කියලා
//ඒ ප්‍රතිපත්තිය මතම ලංකාවෙ පෞද්ගලික බස් වුනත් එකක් දෙකක් ඇති අයිතිකරුවන් විසින් නොව නොව සෑහෙන ප්‍රමාණයක් ඇති ව්‍යාපාර ලෙස ක්‍රියාත්මක වුනොත් හොඳයි කියලා// අන්න කොරනවනම් වැඩේ
Deleteලංකාවේ අනෙක් ගොවිතැන් කෙසේ වුවත් වී ගොවිතැන සම්ප්‍රදායික ලෙස සිදුවුනෙත් මහා පරිමාණයෙනුයි. අයිතිය කෙසේ වුවත්, ගමක වගා තීරණ ගත්තේ සාමූහික ලෙසයි. ඒ නිසා විශාල කුඹුරු යායක පොඩි කොටස් වල වගා කටයුතු වෙන වෙනම සිදු වුනේ නැහැ. අවදානමත් පොදුවේ බෙදී ගියා. අත්තම් ක්‍රමය හරහා සාමූහික ලෙස ශ්‍රමය යෙදීම සිදු වුවත් සමූහ ගොවිපොළ ක්‍රමයේදී මෙන් නිෂ්පාදිතය සම සමව බෙදුවේ නැති නිසා ලාභ නැති වීම හරහා උනන්දුව අඩුවීමෙන් සිදු වන අකාර්යක්ෂමතාවය මෙහි තිබුණෙත් නැහැ. අත්තම් ක්‍රමය කියන්නේ කාර්යක්ෂම හුවමාරු ක්‍රමයක්. නමුත්, පසුව කුඹුරු කුඩා කොටස් වලට කැඩීමත්, වගා තීරණ තනි තනිව ගැනීමත් නිසා පරිමාවේ වාසිය නැති වී ගියා. දැනට වී වගාවට සහනාධාර දෙන ආකෘතිය නිසා මේ අකාර්යක්ෂමතාවය දිගටම එළෙසම පවතිනවා. (එක පැත්තකින් ගොවීන්ට සහනාධාර දෙන අතරම සහල් මිල ඉහළ යන විට ආනයනික සහල් ගෙන්වා/ ආනයනික බදු අඩුකර ඔවුන්ට ලැබිය හැකි ලාබ නැති කරනවා.) ඒ වගේම, මහා පරිමාණ කෘෂිකර්මාන්තය ලාභදායී වන්නේ ස්වයංකරණය නිසායි. ස්වයංකරණය සඳහා ගොවීන් පෙළඹෙන්නේ කෘෂිකාර්මික ශ්‍රමය අඩුවට සොයාගැනීම අපහසු වූ විටයි. ලංකාවේ කෘෂිකාර්මික ශ්‍රමය තවමත් එතරම් මිල අධික නැහැ. කුඩා ගොවිපොළ ආකෘතිය තුළ මේ ශ්‍රමය වැඩිපුරම යොදවන්නේ පවුලේ අයයි. ඒ අය මෙසේ ශ්‍රමය නොයෙදෙවුවොත් ඔවුන්ට කළ හැකි වැඩි ආදායම් ලැබිය හැකි විකල්ප තවමත් එතරම් නැහැ. ඒ නිසා තිබෙන තත්ත්වය රජයේ මැදිහත්වීම් හමුවේ වුවත් ස්වභාවික සමතුලිතතාවයක්.
Deleteදියුණු රටවල් බොහොමයක බස් ගමනාගමනය සිදුවන්නේ ලොකු සමාගම් මඟින්. එයට හේතුව කුඩා ව්‍යාපාරිකයින්ට රැඳී සිටිය හැකි තරම් ලාබ නොතිබීමයි. එහෙත්, ලංකාවේ බොහෝ මාර්ග කෙටි වීමත්, මඟීන් ගණන ගොඩක් වැඩි නිසාත් කුඩා ව්‍යාපාරිකයින්ට පවා ලාබ ලැබිය හැකියි. දෙවන හේතුව මේ කර්මාන්තයේ මහා පරිමාණයෙන් කටයුතු කරන එකම ව්‍යාපාරිකයා වන රජයේ අකාර්යක්ෂමතාවය. කර්මාන්තයේ රැඳී සිටිමින් ලාබ ලැබීමට රජයට වඩා යාන්තමින් කාර්යක්ෂම වීම ප්‍රමාණවත්. මෙය වෙනත් කර්මාන්තයකට ආදේශ කළොත්, ඉන්දියානු තෙල් සමාගම වැනි සමාගම් ඕනෑම ගණනකට ඉඩ දුන්නොත් තවත් සමාගම් විශාල ප්‍රමාණයක් ලංකාවට එයි. මොකද තෙල් සංස්ථාවට වඩා කාර්යක්ෂම වීම ලාබ ලැබීමට ප්‍රමාණවත් සාධකයක් නිසා. එවැනි ඉඩක් නැති නිසා, ඉන්දියානු තෙල් සමාගම විශාල ලාබයක් ලබනවා. නමුත්, තෙල් සංස්ථාව කාර්යක්ෂමනම් එසේ ඉඩ දුන්නා කියා සමාගම් විශාල ගණනක් එන්නේ නැහැ.
ඉතිහාසයේ ඇතැම් සිදුවීම් තේරුම්ගත හැකිවන්නේ ඒවායේ මතුපිටින් ප්‍රකාශිත දෙයින් නොවේ. එහි පිටුපස ඇති සැබෑ කතාන්දරය විමසා බැලීමෙනි. එසේ නොවනවිට සිදුවන්නේ තමන්ගේ විශ්වාසයන් අනුව යම් යම් අදහස් ප්‍රකාශ කිරීමයි. එවැනි ප්‍රකාශ මඟින් සැබෑ යථාර්ථය පිළිබිඹු වන්නේ නැත.
ReplyDelete2015 ජනවාරි 08 දක්වා ශ්‍රී ලංකාවේ රාජාණ්ඩුවක් නිල වශයෙන්නොතිබුණු නමුත් රජ පවුලක් ලෙස වැඩුණු පාලන තන්ත්‍රයක් ජනතාව පීඩාවට පත්කරමින් ක්‍රියාත්මකවෙමින් තිබිණි. රුසියානු රජ පවුලේ හා රදළයන්ගේ වියදම් මහජනයාට පීඩාවක් වූවා සේම මෙරට පාලක තන්ත්‍රයේ සාපරාදී මනුශ්‍ය ඝාතන, අයුක්තිය අසාධාරණය නාස්තිකාර වියදම්, සොරකම් දූෂණ ආදියද ජනතාව මත දරාගත නොහැකි බරක් පටවා තිබිණි.
රුසියානු පීඩිත ජනයා සාර් රජ පවුලටත් රදළ වංශාධිපතිට එරෙහිව නැගී සිටියා සේම ශ්‍රී ලංකාවේ පීඩිත දුප්පත් අහිංස්ක දිළිඳු ජනයා ප්‍රතිගාමී ධනපතිවාදී මිනීමරු මෘග රාජපක්ෂ පාලනයටත් එහි පාදඩ අන්ත්වාසියන්ටත් එරෙහිව මෙරට ජනතාවාදී එජාප, ජවිපෙ ඇතුළු පක්ෂ හා කණ්ඩායම් සමග සන්නද්ධව නැගී සිට සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය මගින් 2015 ජනවාරි 08දා ජය ගත්තේය.
2015 අගෝස්තු මැතිවරණයෙන් එම ජනතා ජය තවදුරටත් තහවුරු විය. ආනයනික අත්‍යාවශ්‍ය භාණ්ඩවලට දූෂිත අසික්කිත රාජපක්ෂ පාලනය පනවා තිබූ අධික බදු බර අඩු කළ දින සියයේ ආණ්ඩුව පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් මිල බෙහෙවින් අඩුකොට සියලුම රජයේ සේවක වැටුප රුපියල් දස දහසකින් වැඩි කළේය. සාර් පාලනය විසින් විනාශකොට තිබූ ආර්ථිකය ගොඩනැඟීමට විප්ලවයෙන් බලයට පත්වූ ජනතාවාදී සමාජවාදී රජයට දැඩි කැපවීමෙන් ක්‍රියාකරන්නට සිදුවූවා සේම රාජපක්ෂවරුන් විනාශ කළ ආර්ථිකය ගොඩනැඟීමට වත්මන් ජනතාවාදී යහපාලන රජයටද කැපවී ක්‍රියාකිරීමට සිදුවී තිබේ.
ඔක්තෝබර් විප්ලවයෙන් පසුව විප්ලවකාරී ආණ්ඩුවක් බිහිකොට රදළවාදය විනාශ කරනවිට එයට එරෙහිව සුදු හමුදා යොදවා වසර ගණනක යුද්ධයක් කිරීමට පරාජිත පාලකයන් කටයුතු කළෝය. අද මිනීමරු කාලකණ්ණි ඒකාබද්ධ විපක්ෂ පල් හොර කල්ලිය කරන්නේද එම ප්‍රතිවිප්ලවයේ කාර්යභාරයයි.
එදා සාර්වාදීන්ගේ ප්‍රතිවිප්ලවීය කැරැල්ල මහජන බලයෙන් පරාජය කළ හැකි විය. අද ද සිදුවෙමින් තිබෙන්නේ ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමට ක්‍රියාත්මක ප්‍රතිවිප්ලවීය බලවේග සමඟ දැවැන්ත සටනක් කිරීමට සිදුවීමයි. එයින්ද මෙරට ජනයා ජයගනු නියතය.
ඒ අනුව බලනවිට රුසියානු විප්ලව සැමරීම අපට වැදගත් වන්නේ හුදු ආශ්වාදයකට නොවේ. එමඟින් ලැබෙන ශක්තියෙන් අපගේ විප්ලවයේ ප්‍රජාතන්ත්‍රවාදී කාර්යභාරය අවසානය දක්වා කරගෙන යාමටය. එජාපය සමග අප දිගටම ජනතාවාදී මහජන හිතවාදී විප්ලවය ගෙනගොස් රාජපක්ෂ පවුල විනාශ කොට සදාකාලික එජාප රජයක් බලයේ පිහිටුවා 2030 දක්වා වත් ආචාර්ය රනිල් වික්‍රමසිංහ (ඩීකින් සරසවිය -ඔස්ට්‍රේලියා) වැනි ජනතාවාදී ප්‍රගතිශීලී නිර්භය එඩිතර නායකයෙක් බලයේ තබාගමු. ඉන් අනතුරුව 2030 - 2050 කාලය ආචාර්ය මංගල සමරවීර, ආචාර්ය හර්ශ් ඩි සිල්වා, විමුක්ති කුමාරතුන්ග වැනි ඉදිරිගාමී නායකයෙක් යටතේ අදිරියට ගොස් සදාහරිත පාලනයක් ලංකාවේ ස්ථාවර කිරීමට කැපවෙමු.
ඉකොන් මේක මේ පොස්ට් එකට අදාල නැති, උත්තරත් හදිසි නැති ප්‍රශ්නයක් :), ඇමරිකාවේ සිට එන ඥාතීන්ගෙන් තෑගි ලැබුණු ආහාර ඇසුරුම් වල නිෂ්පාදිත, කල් ඉකුත් වීමේ දින සදහන්ව නෑ, ලංකාවේ සුපර්මාකට් විකිනීමට ඇති ඒවා කල්ඉකුත්වීමට අසන්න නිසා අපි ඒ දින ගැන විපරමින් ඉන්න පුරුදු වෙලානේ, ඉතින් වරින් වර ලැබී ඇති ඇමරිකානු පරිත්‍යාග ගැන තීරණයක් ගන්න බැරිව ගොඩ ගසාගෙන ඉන්නවා. මේ ගැන ගූගල් කරලා හොයාගත්තේ, "FDA does not require food firms to place "expired by", "use by" or "best before" dates on food products." කියලයි, infant formula වලට වෙනම නීති තියෙනවා කියාත් තිබුන. ඉතින් මගේ ප්‍රශ්නය; ඇමරිකාවේ අලෙවිවන සියලුම ෆූඩ් ඇසුරුම් වල ඔය දින වකවානු සඳහන් නැතිද? නැතිනම් වඩා ලාබ ඒවාට පමණක් එය අදාළද? ඒවායේ replace, refund කොටු වලට හරි දාල තියන නිසා ඇරලා බලල නරක නම් ආපසු මාරුකර ගත හැකිද? අපට ඔය පරිත්‍යාග ලබා දුන් අයගෙන් මේ ප්‍රශ්න ඇහුවොත් නිකන්ලබුනු අස්පයගේ දත් බලන්නගිය වගේ වෙනවනේ.
ReplyDeleteඔබ මේ ප්‍රශ්නය මතු කළ නිසා මම ගෙදර තිබුණු ආහාර වර්ග ගණනාවක්ම පරීක්ෂා කර බැලුවා. ඒ හැම එකකම නිෂ්පාදිත/ පාවිච්චියට වඩා යෝග්‍ය දිනය සඳහන්ව තිබුණා. සාමාන්‍යයෙන් ආහාර ද්‍රව්‍ය හැම එකකම වගේ මේ දින සටහන්ව තිබෙනවා. මම සාමාන්‍යයෙන් පාන්, කිරි, මස් වගේ ඉක්මණින් නරක් වන දේ මිල දී ගන්නා විට මිස කල් තබා ගත හැකි ආහාර මිල දී ගැනීමේදී දින පරීක්ෂා කරන්නේ නැහැ. සුපර් මාර්කට් වල දත්ත වල මේ තොරතුරු තිබෙන නිසා ඔවුන් හැම විටම කල් ඉකුත් වෙන්න පෙර ආහාර රාක්ක වලින් ඉවත් කරනවා. එය ඇතැම් විට හරියට නොකරන්නේ අප ආසියානු කෑම මිලදී ගන්නා කඩවල පමණයි. කල් ඉකුත් වන දිනය මුද්‍රණය කිරීම ආහාර නාස්තියට ප්‍රධාන හේතුවක්. ඒ නිසා FDA එක යෝජනා කරන්නේ "Best if Used By." ලෙස මුද්‍රණය කිරීමයි. එයින් අදහස් වන්නේ දිනය පහුවුනත් හොඳ තත්ත්වයේ තිබිය හැකි බවයි. නමුත්, දිනයට පෙර වුවත් හොඳ තත්ත්වයේ නොතිබෙන්නත් ඉඩක් තියෙනවා.
DeleteA "Best if Used By/Before" indicates when a product will be of best flavor or quality. It is not a purchase or safety date.
A "Sell-By" date tells the store how long to display the product for sale for inventory management. It is not a safety date.
A "Use-By" date is the last date recommended for the use of the product while at peak quality. It is not a safety date except for when used on infant formula as described below.
නිසි උෂ්ණත්වය පවත්වා නොගැනීම වැනි හේතු මත කිරි වැනි දේ නියමිත දිනයට පෙර වුවත් නරක් විය හැකියි. නමුත්, එය වෙන එක ගොඩක් අඩුයි. ඇමරිකාවේ ඕනෑම දෙයක් වාගේ මිල දී ගැනීමන් පසු රිටර්න් කළ හැකියි. බොහෝ තැන්වල තිබෙන්නේ "No questions asked" ප්‍රතිපත්තියක්. භාණ්ඩයේ වැරැද්දක් නැති බවත්, තමන්ට පසුව අනවශ්‍ය බව හිතුණු නිසා රිටර්න් කරන බවත් කිවුවොත් නැවත රාක්ක වලට දමනවා. බොහෝ විට නරක් වී තිබෙන්න ඉඩ තිබෙන දෙයක් වන්නේ පොල්. මෙහේ සුපිරි වෙළදසැල් සේවකයින්ට පොල් ගෙඩියක් පිටින් බලා නරක් වී ඇති බව දැනගන්න අමාරු වීම එයට හේතුවයි. ලංකාවේ අය පොල් බෑ දෙක ආපහු අරන් ගිහින් රිටර්න් කරනවා.
බොහෝ ආහාර ද්‍රව්‍ය අඩු මිලට බල්ක් විකුණනවා. උදාහරණයක් ලෙස චොකලට් බාර් 24ක පෙට්ටියක්. මෙවැන්නක ඇතුලෙ එක් එක් බාර් එකේ නිෂ්පාදිත දින ආදිය මුද්‍රණය කරන්නේ නැහැ. ඒවා තියෙන්නේ පිට අසුරණයේ. "වෙන් වෙන්ව විකිණීම සඳහා නොවේ" කියා තිබෙන නිසා මෙහි ප්‍රශ්නයක් නැහැ. තනි බාර් ගන්නවට වඩා ලාබ නිසා ලංකාවට යන විට අපිත් මෙවැනි තොග අසුරන මිලදී ගෙන තනි තනිව ලංකාවේ අයට බෙදා දෙනවා. එවිට ඒවායේ නිෂ්පාදිත දින ආදිය නැහැ. චොකලට් පමණක් නෙමෙයි බොහෝ ආහාර වර්ග මෙසේ තොග මිලට ගන්න තියෙනවා. ඔබට ලැබෙන්න ඇත්තෙත් එවැනි ආහාර.
බොහොම ස්තුතියි, චොකලට් වල කලිකුත්වීමේ දින සොයන මෝඩයෝ මෙලොව නැති කියයි මම සිතන්නේ :) අපට ලැබී තියෙන බොහොමයක් රටකජු අශ්රිත නිෂ්පාදන, ඒ ෆ්ලෙවර් එකට අකමැති නිසාම ද කොහේදෝ අපි කලිකුත්විම ගැන සක පහල කරන්නේ.
Deleteආයුබෝවන්, මම නීත්යානුකූල හා විශ්වාසනීය සමාගමක නීත්යානුකූල හිමිකරු වන HEINRICH ADAMI මහතා, මම විවේචනාත්මක කොන්දේසි සහ තේරුම්ගත හැකි කොන්දේසි සහ කොන්දේසි ලබා දෙමි. වටිනාකම් සහ ව්යාපාර දර්ශනය පාරිභෝගික සේවා සඳහා ඉතා දැඩි කැපවීමකි, ඉතා උසස් සදාචාර ප්රමිති, අඛණ්ඩතාව සහ විවෘත සන්නිවේදනය. මගේ ගනුදෙනුකරුවන්ට තොරතුරු ලබා දෙන නිදහස් ප්රවාහය දුප්පත් අයට මුදල් ලබා දීම. ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න: [privateloaninvestors@gmail.com] ආකෘති පත්රය පුරවා අප වෙත අප වෙත පැමිණෙන්න * පළමු නම: __________ * නම: ___________ * රැකියාව: __________ * ලිංගය: _________________ * රට: _____________ * මාසික ආදායම: ______ * : _______ * කාලය: ____________ * දුරකථන අංකය: _______ අපගේ ස්වාමීන්ව ඔබ ආරක්ෂා කරයි. සමගම,
ReplyDeleteāyubōvan, mama nītyānukūla hā viśvāsanīya s
පෞද්ගලික ණය දැන් අඩු මිල 2% නත්තලට පෙර ඔබේ ව්යාපාර ආරම්භ කිරීමට හදිසි අවස්ථාව ඔබට නත්තල් ණය අවශ්යද? ඔබ සමාගමට හා පුද්ගලයන්ට සෑම දෙයක්ම පිරිනමයි. එබැවින් ඔබට පැය 12 හදිසි හදිසි ණයක් අවශ්ය නම් එය ප්රමාදයකින් තොරව අනුමත කළ හැකිය. නත්තල් නය දැන් 2% ක අඩු පොලී අනුපාතයක් යටතේ: අප අමතන්න [privateloaninvestors@gmail.com] සමාගමේ නම: පුද්ගලික ක්රෙඩිට් සමාගම විද්යුත් ලිපිනය: [privateloaninvestors@gmail.com] කොම්පියුස් පීප්ල්ස් Ed: 517219 ඔබ කැමතිද සියලු හොදම පුද්ගලික ණය ... Wattab +2347010852818
ReplyDelete