වෙබ් ලිපිනය:

Wednesday, November 29, 2017

ඇමරිකානුවන් මිලියන 31කට එකවරම අධි රුධිර පීඩනය!


දෙසතියකට පමණ පෙර ඇමරිකාවේ අධික රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන් ගණන එකවරම මිලියන 31.1කින් ඉහළ ගියේය. ඊට පෙර දින දක්වාද ඇමරිකාවේ වැඩිහිටි ජනගහණයෙන් තුනෙන් එකක් එනම් මිලියන 72.2ක් අධි රුධිර පීඩන රෝගීහු වූහ. පසුගිය නොවැම්බර් 13 සඳුදා මේ ගණන එකවරම විශාල ලෙස ඉහළ යාමෙන් පසු මේ වන විට ඇමරිකානුවන් මිලියන 103.3ක් ප්‍රතිකාර ගත යුතු අධි රුධිර පීඩන රෝගීන්ව සිටිති.

එක දවසකින් එතෙක් නිරෝගීව සිටි ඇමරිකානුවන් මිලියන 31.1ක් ප්‍රතිකාර ගත යුතු මට්ටමේ අධි රුධිර පීඩන රෝගීන් වුනේ කොහොමද? 

මෙසේ අධි රුධිර පීඩන රෝගීන් ගණන එක වර වැඩි වීමට හේතු වුනේ ඇමරිකාවේ වෛද්‍ය සංගම් ගණනාවක් එක්ව ගත් තීරණයකි. මෙම තීරණය අනුව මෙයින් ඉදිරියට 130/80 මට්ටම ඉක්මවන රුධිර පීඩනයක් ඇති රෝගීන්ට ප්‍රතිකාර කළ යුතුය. එහෙත්, මෙතෙක් කල් 140/90 මට්ටම දක්වා රුධිර පීඩන මට්ටම් වලට ප්‍රතිකාර කළ යුතු ලෙස සැලකුණේ නැත.

පසුගිය කාලයේ ඇමරිකාවේ ස්වේච්ඡතාව (autism) රෝගය විශාල ලෙස ඉහළ යාම පසුපස ඇති එක් ප්‍රධාන හේතුවක් වන්නේද එම රෝගයේ අර්ථදැක්වීම පුළුල් කිරීමයි.

රෝග කියන ඒවා නිරපේක්ෂ නොවන අතර කාලයට හා සංස්කෘතියට සාපේක්ෂය. මානසික රෝගයක් ලෙස දැන් සැලකෙන පිඩෝෆීලියාව (Pedophilia) මෑතක වන තුරුම රෝගයක් ලෙස හෝ වරදක් ලෙස සැලකුණේ නැත. දැන් බොහෝ සංස්කෘතීන්හි මෙය වරදක් ලෙස මෙන්ම මානසික රෝගයක් ලෙසද සැලකේ. සමලිංගික සේවනය හා අදාළව සිදුව ඇත්තේ එහි අනිත් පැත්තයි. එහෙත් දැනටත් මේ සම්මත වලට සෑම සංස්කෘතියකම එකම ආකාරයේ පිළිගැනීමක් නැත.

5 comments:

  1. A1c test කලින් එකෙත් සීමා අගයන් 6.0 සිට 5.7 ට පහත දැම්ම නේද ?

    මොනවා වුනත් හොද දෙයක්. මොකද A1c 6.0 ගියාට පස්සේ ආයේ දියවැඩියාව වලක්වා ගන්න තරම් කාලයක් ඉතුරු වෙලා නෑ. 5.7 දී දැනගත්තම වලක්වා ගන්න ලේසියි. මේකත් ඒ වගේ හොද වැඩක් කියලයි මට නම් හිතෙන්නේ.

    කොහොම වුනත් ලංකාවේ වෛද්‍යවරු එකපාර රුධිර පීඩනය බලනවා මිසක්, මනුස්සයා තැතිගෙන ඉන්නවාද, ආවේ ලොකු දුරක් වේගවත් පා ගමනෙන් හෝ බයිසිකලයක් පැදගෙනද වගේ දේවල් තකන්නේ නෑනේ. මේ නිසා මේ ක්‍රමවෙධය ආ පසු නිරෝගී මිනිස්සුන්ටත් බේත් බොන්න වේද කියන ප්‍රශ්නේ තමයි මතක් වුණේ.

    ReplyDelete
    Replies
    1. New guidelines.

      https://professional.diabetes.org/sites/professional.diabetes.org/files/media/dc_40_s1_final.pdf

      Delete
  2. ට්‍රම්ප් කතා/tweet කරන්නෙ ඒ පීඩනය අඩු කරන්න වෙන්න ඇති

    ReplyDelete
  3. ඔය වගේ පර්යේෂණ ලංකාවේ කෙරරෙන්නෙත් නෑ. ඇමරිකාව කරපු පර්යේෂණ වල නව සංස්කරණ එනකොට තමා අපි පරණ පර්යේෂණය හරි කියල ඒකට අනුගත වෙන්න හදන්නේ..

    ReplyDelete
  4. අධි රුධිර පීඩනය සහ Autism වැනි කායික රෝගවල පර්යේෂණවල ප්‍රගතියත් සමග අර්ථදැක්වීම් පුළුල් වුණත්, සමලිංගිකත්වයට ඉඩදී ඇත්තේ එය මානසික රෝගයක් නොවන ලිංගික දිශානතියක් බවට තහවුරු වීමට අමතරව වැඩිහිටියන් දෙදෙනෙකු ස්ව කැමත්තෙන් එක්වීමක් එතැන තිබෙන නිසයි. ලිංගික දිශානති නොවන කුමාරකාමය (pedophilia) සහ සත්ත්වකාමයට (bestiality)
    ඉඩලබානොදෙන්නේ මෙම ස්ව කැමත්ත ලබාදිය නොහැකිනිසයි. මීට අමතරව ව්‍යභිචාරයට (incest) ඉඩ ලබා නොදෙන්නේ එය මානසික ව්‍යාධියක් ඇතිකරවන දෙයක් සහ ස්වකැමැත්ත ඇතිව වුවත් උපතින්ම බරපතල ජානමය රෝග ඇති දරුවන් ඇතිවිය හැකි නිසාය.
    මෙය මෙසේ සිදුනොවන්නේ තර්කයට විද්‍යාවට නොව ආගමට මුල් නැන දී ඇති රටවලය.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: