වෙබ් ලිපිනය:

Tuesday, October 1, 2024

අවධමනය හමුවේ ණය තිරසාරත්වය


කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, ගෙවුණු සැප්තැම්බර් මාසයේදී 0.5%ක අවධමනයක් වාර්තා වී තිබෙනවා. උද්ධමනය අඩු වෙනවා කියන්නේ හෙමින් හෙමින් වුනත් මිල ඉහළ යනවා කියන එක. නමුත් අවධමන තත්ත්වයක් කියන්නේ සමස්තයක් ලෙස මිල මට්ටම පහත වැටීමක්. 

තෙල් මිල පහත වැටීමේ බලපෑමද සැලකූ විට මේ අවුරුද්ද අවසන් වන තුරු දිගටම අවධමන තත්ත්වයක් තියෙන්නයි ඉඩ තියෙන්නේ. මහ බැංකුවේ පුරෝකථන අනුව පේන්නෙත් ඒ තත්ත්වයයි. 

මෙහි ප්‍රතිඵලයක් විදිහට මේ අවුරුද්දේ නාමික දදේනි අගය ඇස්තමේන්තුවට වඩා සැලකිය යුතු ලෙස අඩු වෙන්න පුළුවන්. එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය ආදායම්, ප්‍රාථමික අයවැය අතිරික්තය ආදිය රුපියල් වලින් ඇස්තමේන්තු මට්ටමේම තියෙද්දී වුවත්, දදේනි අනුපාත ලෙස ඇස්තමේන්තු වලට වඩා උඩට යන්න පුළුවන්.

කොහොම වුනත්, මේ වගේ තත්ත්වයක් ලොකුවට සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. මොකද දදේනි අනුපාතයක් ලෙස රාජ්‍ය ණය ප්‍රමාණයත් ඔය විදිහටම වැඩි වෙනවා. ඒ නිසා, රාජ්‍ය ආදායම දදේනි අනුපාතයක් ලෙස ඉලක්ක මට්ටමට ගියත්, රුපියල් වලිනුත් අවශ්‍ය ඉලක්කයට යන්නම වෙනවා.

දැනට ආණ්ඩුව විසින් අරගෙන තිබෙන වියදම් වැඩි වෙන තීරණ වන පොහොර සහනාධාරය හා ධීවරයින්ට දෙන ඉන්ධන සහනාධාරය කලින්ම සැලසුම් කර තිබුණු ඒවා බවයි වාර්තා වී තිබෙන්නේ. ඒ නිසා, තිබුණු සැලසුමට සාපේක්ෂව අමුතුවෙන් වියදම් වැඩි වීමක් නැහැ. කොහොමටත් මේ වියදම් විශාල වියදම් නෙමෙයි.

ඊට සාපේක්ෂව, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම නොකරන්නේනම්, එයින් තිබුණු සැලසුමට සාපේක්ෂව සැලකිය යුතු ඉතිරියක් වෙනවා. සමහර දීමනා කප්පාදු කිරීම වගේ දේවල් වලින්නම් විශාල ඉතිරියක් වෙන්නේ නැහැ. සමස්තයක් ලෙස ගත්තහම දැනට සිදු කර තිබෙන වෙනස්කම් වලින් ඊළඟ IMF විමර්ශනයේදී ප්‍රශ්නයක් විය හැකි තරමේ දෙයක් වෙලා නැහැ. 

13 comments:

  1. අවධමනයක් කියන්නෙ ආර්තිකය හැකිලෙනවා කියන එක ද? දිගුකාලීනව අවධමනයක් තියන එක හොඳද?

    ReplyDelete
    Replies
    1. අවධමනය කියන්නෙ මිල මට්ටම පහල යෑම කියල ලියල තියෙන්නෙ බන්

      Delete
    2. දිගුකාලීනව අවධමනයක් තියෙන එක හොඳ නැහැ. එය ආර්ථික වර්ධනය කෙරෙහි සෘණාත්මක ලෙස බලපානවා. කෙසේ වුවත්, මේ මොහොතේ අවධමනය තරමක් සුවිශේෂී තත්ත්වයක්. එය ඇති වී තිබෙන්නේ ඉන්ධන වැනි පාලන මිල ගණන් වල බලපෑම නිසා.

      Delete
    3. අවධමනය ආර්තික වර්ධනය අඩාල කරන්නෙ මිනිස්සු සල්ලී ඉතිරි කරන නිසානෙ පාරිභෝජනය නොකර. ආර්තිකය හැකිලෙන එකට හේතුවක් මිසක් ආර්තිකය හැකිලෙන එක නෙමෙයිනෙ

      Delete
    4. අවධමනය ආර්තික වර්ධනය අඩාල කරන්නෙ නිෂ්පාදනය අධෛර්යමත් වෙන නිසා. පිටි, බිත්තර මිල දී ගත්තට පස්සේ පිටි, බිත්තර මිල පහත වැටී බිත්තර ආප්ප මිලද පහත වැටුනොත් ගන්න සැලසුම් කළ ලාබය නැති වෙනවා. දිගින් දිගටම ඔය වැඩේ වෙද්දී නිෂ්පාදකයෝ නිෂ්පාදනය කිරීම නවත්වනවා. මොකද සැලසුම් කරලා, සල්ලි යට කරලා නිෂ්පාදනය කළාට පස්සේ කලින් හිතපු මිලට විකුණගන්න බැහැ. ඒ නිසා, බොහෝ විට අවධමනය හා ආර්ථිකය හැකිලීම එකට යන්නේ. නමුත් ලංකාවේ දැන් තිබෙන අවධමනය ඒ මට්ටමේ එකක් නෙමෙයි.

      Delete
    5. ඔව් . ඒක තමයි මමත් කියන්නෙ. හැම කෙනාටම සල්ලි වියදම් නොකර ලඟ තබාගන්න එක වාසියක් අවදමනය අවස්තාවක.

      Delete
    6. ඔව්. ඒක හරි. මිල අඩු වේගෙන යනකොට මිල දී ගැනීම් පහු කරන තරමට වාසියිනේ.

      Delete
  2. මැදපෙරදිග කලාපයේ උග්‍ර වෙමින් පවතින යුධ මය තත්වය කෙසේ බලපායිද ශ්‍රී ලංකාවට ඉකොනෝ

    ReplyDelete
    Replies
    1. එයින් ලෝක ඉන්ධන මිල කෙරෙහි බලපෑමක් ඇති විය යුතුයි.

      Delete
  3. අනුර කුමාර සහෝදරයා ජනාධිපති උණ නිසා නේද මෙහෙම බඩු මිල අඩුවෙන්නේ.

    අපි ඊලග චන්දෙත් ජනතා විමුක්ති පෙරමුණට

    ReplyDelete
  4. ඔය 107 අස්සේ මන්ත්‍රීවරුනුත් ඉන්නේ කොහොමද?

    ReplyDelete
  5. මාලිමාවෙ වැඩ දැකුමට කල් වැඩිය
    කොක් සුද පෙනෙන්නෙත් ඌ ඉගිලෙන විටය
    අපි කලබල වුණත් 'ඉක්මන නං කොටය'
    ඉවසල බලමු චුට්ටක් කල් එය හොඳය

    ReplyDelete
  6. IS SRI LANKA A LAND FOR ROBBERS? POLITICIANS CAN LOOT PUBLIC MONEY AS THEY WISH.

    As former president Ranil Wickramasinghes pount of view, "CITIZENs MUST PAY FOR ALL ROBBERIES."

    What is the purpose of this Public Debt Management proposed by Ranil Wickramasinghe's government when “No civil or criminal proceedings shall be instituted against the Secretary to the Treasury” Why is the Auditor General Department Not included in this procedure??

    PARLIAMENT OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA
    [Certified on 18th of June, 2024]
    https://www.parliament.lk/uploads/acts/gbills/english/6346.pdf

    Quote “14. (1) At the request of the Central Bank, the Government may issue debt securities for the sole purpose of supporting the implementation of the monetary policy objectives.”

    34. No civil or criminal proceedings shall be instituted against the Secretary to the Treasury, Deputy Secretary to the Treasury, Director-General or any employee of the Office or any member of the Committee as the case may be, for any act which in good faith is done or purported to be done or omitted to be done by him under this Act pursuant to and in the course of the exercise, performance and discharge of the powers, duties and functions on behalf of the Office, if he proves that he acted in good faith and exercised all due diligence, reasonable care and skill.

    Page 28 - “State owned enterprises” means with the exception of the Central Bank of Sri Lanka and financial institutions including insurance and leasing companies which part or all of whose business is to lend or borrow, an entity that is –

    ---

    Public Debt Management
    Public Debts Management in Sri Lanka - SLCB is to remove this scope – Page 36
    https://drive.google.com/file/d/1pcqpcRzUfsKJhf13gvZEnV5zCaqIWdgh/view?usp=sharing

    The Auditor General Report dated 4th February 2018 Page 4 (7 of 39) clearly shows that the total Value of Work done is Rs Trillion 1.55 for a total debt of Rs Trillion 10.33
    http://www.auditorgeneral.gov.lk/web/images/special_report/Public-Debt-Management-finalEnglish.pdf

    Page 4 (7 of 39)
    https://drive.google.com/file/d/1wKI_4gGjPtBDZrF0YgXhe3ayFdCMOJ1f/view?usp=share_link

    At present, the total Value of Work done is Rs Trillion 3.00 – 4.00 (approximately) for a total debt of Rs Trillion closer to 30 or more.

    Therefore newly elected NPP government needs to do everything necessary to ensure the correct procedures to be implemented and arrest Ranil Wickramasinghe along with all the culprits to acquire the stolen money including the Central Bank bond scam which is directly handled by Ranil Wickramasinghe's as the PM at the time.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: