වෙබ් ලිපිනය:

Friday, October 4, 2024

ණය ප්‍රතිව්‍යුහකරණය අවසන් අදියරට...


ඔබ දැනටමත් දන්නා පරිදි, ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා රජය සහ ස්වෛරිත්ව බැඳුම්කරහිමියන්ගේ නියෝජිතයින් කණ්ඩායමක් අතර ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරන ආකාරය ගැන අවසන් එකඟතාවයක් ඇති කරගනු ලැබ, එම එකඟතාවය මත පදනම් වූ ගිවිසුමක් අත්සන් කළා. ඊට අමතරව ස්වෛරිත්ව බැඳුම්කරහිමි ශ්‍රී ලාංකික ආයෝජකයින් සමඟ සහ චීන සංවර්ධන බැංකුව සමඟද අවසන්  එකඟතාවන්ට පැමිණියා. මෙසේ එකතාවයන්ට පැමිණියේ වසරකට වඩා වැඩි කාලයක් තිස්සේ සිදු කළ සාකච්ඡා හා හෙට්ටු කිරීම් වලින් පසුවයි. මෙම එකඟතාවයන් සඳහා පසුගිය රජයේ කැබිනට් අනුමැතිය ලැබුණා.

කෙසේ වුවද, ජනාධිපතිවරණය පැවැත්වෙන විටද මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීම් හා අදාළ ප්‍රතිපත්තිමය එකඟතාවයන් ඇති කර ගැනීම හැර වෙනත් නෛතික කටයුතු කිසිවක් සිදුව තිබුණේ නැහැ. ඒ නිසා, අවශ්‍යනම් එම එකඟතාවයන් තුළ හිර නොවී මුල සිට අලුතෙන් සාකච්ඡා කිරීමේ අවස්ථාව ඉතිරි වී තිබුණා. දැන් පෙනී යන්නේ එවැනි අවදානමක් ගැනීමේ ස්ථාවරයක අලුත් ආණ්ඩුව නොසිටින බවයි.

ඇති කරගත් එකඟතාවය අනුව ඉදිරියට යන්නේනම් තවත් ඉතිරිව තිබුණේ පියවර කිහිපයක් පමණයි. එයින් පළමු පියවර වූයේ මෙම එකඟතාවය "සමානතා මූලධර්මය" උල්ලංඝනය නොකරන බව අනෙකුත් (ද්විපාර්ශ්වික) ණයහිමියන් විසින් පරීක්ෂා කර තහවුරු කිරීමයි. දෙවන පියවර වූයේ මේ සමස්ත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියෙන් පසුව ශ්‍රී ලංකාවේ ණය තිරසාරත්වය තහවුරු වන බව මූල්‍ය අරමුදල විසින් නිල වශයෙන් දැනුම් දෙනු ලැබීමයි.

මේ වන විට ඉහත කටයුතු දෙකම සිදු වී තිබෙනවා. ඊට අමතරව, අලුතෙන් පත් වූ ආණ්ඩුව විසින්ද ඉහත එකඟතා සියල්ල එලෙසම පිළිගනිමින් හා අනුමත කරමින්, එම එකඟතා අනුව දිගටම කටයුතු කිරීමට සූදානම්ව සිටිනවා. ඒ අනුව සියලුම පාර්ශ්ව දැන් මේ වැඩ පිළිවෙලට එකඟයි. ඉන් පසුව කළ යුතුව තිබෙන්නේ ස්වෛරිත්ව බැඳුම්කර හුවමාරුව සිදු කිරීම සඳහා ණය කළමණාකරුවෙකු ලෙස ඒ සඳහා සුදුසු අයෙකු තෝරා පත් කර ගැනීමයි.

මේ සඳහා ණය කළමණාකරුවෙකු පත් කර ගනු පිණිස පසුගිය මාර්තු මාසයේදී අයදුම්පත් කැඳවනු ලැබූ අතර ආයතන පහක් ඒ සඳහා අයදුම් කර තිබෙනවා. එම ආයතන අතරින් වඩාත්ම සුදුසුම ආයතනය ලෙස ශ්‍රී ලංකා රජය විසින් සිටි බැංකුව තෝරා ගෙන තිබෙනවා. 

මේ අනුව, දැන් මෙම ක්‍රියාවලිය එහි අවසන් අදියර කරා පැමිණ තිබෙනවා. ඉතා ඉක්මණින්ම ණය හුවමාරුව සඳහා සිටි බැංකුව හරහා අයදුම්පත් කැඳවනු ලැබීමට නියමිතයි. ඊට සමාන්තරව චීන සංවර්ධන බැංකුව සමඟද ඉතා ඉක්මණින්ම අවසන් ගිවිසුමක් අත්සන් කෙරෙනු ඇති. 

ශ්‍රී ලංකා රජය විසින් ඇති කරගත් එකඟතා ආණ්ඩුව වෙනස් වීමෙන් පසුවද එලෙසම ඉදිරියට යාම ජාත්‍යන්තර වශයෙන් රට පිළිබඳව විශ්වාසනීයත්වය ශක්තිමත් කරවන්නක්. මීට සතියකට පෙර ෆිච් රේටිං ආයතනය විසින් ශ්‍රී ලංකාවේ බංකොලොත් තත්ත්වය තව දුරටත් තහවුරු කරමින් සඳහන් කර සිටියේ මැතිවරණයෙන් පසු අලුත් ආණ්ඩුවක් බලයට පත් වීම නිසා ප්‍රතිපත්ති පිළිබඳ අවිනිශ්චිතතාවයක් ඇති වී ඇති බවයි. එමෙන්ම, ඒ හේතුව නිසා ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාද විය හැකි බවයි. ඔවුන්ගේ අදහස වූයේ අලුත් ආණ්ඩුවේ දිශානතිය ගැන හරියටම අදහසක් ගැනීම සඳහා නොවැම්බර් මාසයේදී අයවැය ඉදිරිපත් කරන තුරු බලා සිටින්නට වනු ඇති බවයි.

Policy Uncertainty Following Elections: Sri Lanka's September 2024 Presidential election was won by one of the opposition leaders. Fitch believes the result add uncertainty to the country's policy direction and could lead to a delay in the completion of the foreign-currency debt restructuring or renegotiation of the IMF programme. The upcoming 2025 budget, to be adopted by November 2024, could offer clarity on the new government's policies.

දැන් දැකිය හැකි තත්ත්වය ෆිච් රේටිං ආයතනය විසින් දැක ඇති තත්ත්වයට වඩා ශුභවාදී තත්ත්වයක්. අලුත් ආණ්ඩුව විසින්ද කලින් ආණ්ඩුව විසින් ඇති කරගත් එකඟතාවයන් අනුව එලෙසම ඉදිරියට යාමට තීරණය කිරීම නිසා ණය ප්‍රතිව්‍යුහකරණය කිරීමේ ක්‍රියාවලිය අවසන් වීමට තවත් විශාල කාලයක් යන එකක් නැහැ. ඒ නිසාම අරමුදලේ ඊළඟ වාරිකය ලැබීමද ඉක්මන් වෙනවා. ඒ වගේම, බොහෝ විට මේ වසර අවසන් වීමට පෙර ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාවේ බංකොලොත් තත්ත්වය ඉවත් කර සාමාන්‍ය ණය ශ්‍රේණියක් ලබා දීමට ඉඩ තිබෙනවා. විණිමය වෙළඳපොළ ප්‍රවණතා වලින් පෙන්නුම් කරන්නේද මේ සාධනීය නැඹුරුව විය හැකියි.

4 comments:

  1. අනුර කුමාර වීරයෙකි එඩිතර
    කාලා උදේ ලෑතර ගමනක් යන අතර
    ගූ ගියා නිතර නිතර කරනු බෑ නතර
    පුක මසා දොස්තර ඇලෙවුවා පැලැස්තර

    ReplyDelete
  2. ඉකොනොමැට්ටා,

    මේ දවස්වල චීනය තම අතිරික්ත ධනය විදේශ සංචිත එක්සත් ජනපද ඩොලර් වලින් ආයෝජනය නොකර ඒවා රත්රන් වැනි දේවල් වල ආයෝජනය කිරීමට තීරණය කිරීම සමග චීනය රුසියාව ඉන්දියාව ඇතුලු BRICS රටවල් ගණනාවක් එම ක්‍රමය අනුගමනය කිරීමට උත්සාහ කිරීම සමග එක්සත් ජනපද ඩොලරයේ වටිනාකම අඩුවෙමින් එය මස්ත බාල්දු වෙමින් පවතින බවට ලංකාවේ ඇතැමුන් පවසන කතා ඇත්ත ද?

    එමෙන්ම මෙහි පාඨකයන්ට සුහද ආරාධනයක් කරන්න ඕනේ, ඒ තමයි ලංකාවේ අලුතින් පත්වූ දූෂණ විරෝධී ජනතාවාදී ජාතික ජන බලවේගයේ නව රජය මේ දක්වා අනාවරණය කරගෙන තියෙන කරුණු අනුව ලංකාවේ පහුගිය වසර කීපයේම එකදිගට ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ කර බංකොලොත්බාවයට ඇද දැමීමට පියවර ගත් රනිල් වික්‍රමසිංහ කියන කාලකණ්නිම පල් හොරා පින් ජනාධිපති ලෙස හිටපු කෙටි කාලය තුල මහජන ධනය වැය කර පින්ජනා සොම්බියාගේ කජු කෑමට විතරක් ගිය අවුරුද්දට කෝටි 4 යි ලක්ශ 70/- ක් මහජන ධනය විනාශ කරලා දාලා තියෙනවා.. ඒ මදිවාට ගිය අවුරුද්ද තුල විතරක් රුපියල් කෝටි 14 ලක්ශ 30 ක මාළු කාලා. වැල් පාලම ඉතිරි උනා ඇති කියලා තේරෙනවානේ.. 🤣

    ඒ නිසාම මෙවර බහුතර ජනතාව ජාතික ජන බලවේගය මාලිමාවට සහයෝගය දෙන්නේ ඒකයි ඒ වගේ රට කාපු කාලකණ්නිම පල් හොරුන්ට විරුද්ධව වැඩ කරන්න අපි මූලිකත්වය දෙන්න ඕන මේ කෙටි කාලය තුල අඩුම තරමින් මෙවර මහමැතිවරණය ජයග්‍රහණය කරන තුරු මාලිමාවට උපරිම පාර්ලිමේන්තු බලය ලබාගැනීමට අපේ උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කරමු.

    මාලිමාවට ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. // පින්ජනා සොම්බියාගේ කජු කෑමට විතරක් ගිය අවුරුද්දට කෝටි 4 යි ලක්ශ 70/- ක් මහජන ධනය විනාශ කරලා දාලා තියෙනවා.. ඒ මදිවාට ගිය අවුරුද්ද තුල විතරක් රුපියල් කෝටි 14 ලක්ශ 30 ක මාළු කාලා. //
      ඔය තොරතුරු තියෙන මූලාශ්‍රය කියනවද තරහ නැතිව?

      Delete
  3. සිරාවටම කිව්වොත්...

    මම හිතං හිටියා ජවිපේ බලයට ආවොත් පට පට ගාලා රාජ්‍ය සේවයත්... රාජ්‍ය යාන්ත්‍රණයත් වෙනස් කරන්න ගත යුතු සෙටප් එකක් හදං ඇති කියලා...

    අඩුම ගානේ ඉහල ඉදලා පහලට ජනාධිපතිවරයාට කෙලින්ම කල හැකි පත්වීම් ටිකවත් දවසක් ඇතුලත කරලා දාන්න තරං ඒ ඒ අංශවලට සම්බන්ධ අත්දැකීම් ඇති... චෝදනා නැති මොක්කුම හරි ලයිස්තුවක් මුං අතේ තියං ඇත්තේ කියලා...

    ඒත් රනිල් මැදිහත් වෙලා ඉල්ලා අස්වීමේ ලිපි බාර දෙන්න බලං හිටිය බරගානක් ඒ තීරණයෙන් නවත්තගත්තේ නැත්තං මෙලහකට අනුරලා බරපතල අර්බුධයකට ගිහින්...

    රැල්ලට යන ජෙබයියෝ අගමුල නොදැන රනිල්ට තාමත් බැන බැන හිටියට අනුර පලවෙනි සතියෙන්ම හාන්සි නොකර තියාගන ඉන්නෙත් රනිල්...

    අමාරුවෙන් දීගත්ත පත්වීම්වලත් කුණු කේස් එක දිගට ඇදෙමින් පවතිනවා...
    විපක්ෂයේ ආධාරකරුවන් බහුතරයක් දැන්ම ගහන්න හොඳ නැහැ කියලා අකුලං බලං ඉන්න වෙලාවක් වෙලත් මේ කරලා තියෙන පත්වීම් ටික පවා අනුරලව හිරකරං යන යාම වේගවත් වැඩියි...

    ඇයි එහෙම උනේ...?

    අනුරලා දෙන පත්වීම් ගන්න තරං වැඩ්ඩෝ නැද්ද... නැත්තං වැඩ්ඩන්ට අනුරගෙ ආණ්ඩු කෙරුවාවේ ඉදිරිය ගැන විශ්වාසයක් නැතිකමද...

    එහෙමත් නැත්තං අනුරලට ඒ ඒ ආයතනවල කුණු හොය හොය දිදී ස්ට්‍රයික්වලට මුල් තැන දිදී හිටියා මිස ඇත්තටම ජවිපේ හිතවාදීන්ට තම තමන් ස්ථානගතව ඉන්න ආයතනවල කෙරෙන කටයුතු ගැන දක්ෂතාවයන් නැති නිකංම නිකං කඩාකප්පල්කාරීන් විනා ආයතන මෙහෙයවන්න තරං හැකියාවක් නැතිකමද...?

    අවසානයට පේන දේ තමා තාම රනිල් දුවපු වේගෙට පීල්ල දීගේ රට යනවා විනා ඒ පීල්ලෙන් අනුරලගෙම පීල්ලකට පන්නවගන්න පාටක් පේන්නෙත් නැති... රනිල්ගේ පීල්ලේ වේගය අඩු වෙච්ච දාට මොකක් වෙයිද කියලා අනුරලවත් දන්නැති තත්වයක මේක තියෙනවා කියන එක...

    මෙහෙම පෝස්ට් එකක් දැකපු ගමන් කුලප්පු වෙන අය තමන්ගෙන්ම අහගන්න ඕන...

    ඇත්තටම කෝ අනුරලගේ ආණ්ඩුව දුවවන්න දක්ෂතා ඇති මිනිස්සු කියන එක...

    එහෙම අය ඉන්නවනං දුන්න පත්වීම් ටික අතරෙම කලින් හිටිය උන්ම වැඩි ඇයි කියන එක...

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: