ලංකාවේ රජයේ වියදම් ආදායම් වලට වඩා බොහෝ වැඩි බවත්, වත්මන් අර්බුදයට මූල හේතුව එය බවත් අප ලියන දේ කියවන අය නොදන්නා දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ප්‍රශ්නය විසඳන්නනම් ආදායම් හා වියදම් ගලපන්න වෙනවා කියන එකයි. මේ සඳහා එක්කෝ බදු වැඩි කළ යුතුයි. නැත්නම් වියදම් කැපිය යුතුයි. දැන් තිබෙන තත්ත්වය අනුව ඔය දෙකම කරන්න වෙනවා. කළ යුත්තේ කොහොමද කියන එක දේශපාලනික කරුණක්.
කොහොම කළත්, මුලින්ම කළ යුත්තේ දැන් පවතින තත්ත්වය නිවැරදිව තේරුම් ගැනීමයි. පසුගිය 2021 වසරේදී ලංකාවේ රාජ්‍ය ආදායම වැය කළේ කොහොමද?
පරිපාලන වියදම් - 13.0%
ආරක්ෂක වියදම් -17.7%
නීතිය හා සාමය - 7.8%
අධ්‍යාපනය - 21.3%
සෞඛ්‍යය - 26.6%
අනෙකුත් සුබසාධන වියදම් - 28.5%
ප්‍රජා සේවා - 3.5%
කෘෂිකර්මය හා වාරිමාර්ග - 10.1%
බලශක්ති හා ජල සැපයුම් - 6.7%
ප්‍රවාහන හා සන්නිවේදන - 21.3%
අනෙකුත් ආර්ථික සේවාවන් - 10.0%
පොලී වියදම් (දේශීය ණය) - 54.6%
පොලී වියදම් (විදේශීය ණය) - 17.4%
වෙනත් - 4.2%
එකතුව - 242.8%
ප්‍රශ්නය "පහසු කරගන්න" තවත් විස්තර ටිකක් එකතු කරන්නම්.
2020 අවසානයේදී දින-364 (වසර-1) භාණ්ඩාගාර බිල්පත් පොලිය - 5.03%
2020 අවසානයේදී නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය - රුපියල් බිලියන 6,999.6
2021 අවසානයේදී දින-364 (වසර-1) භාණ්ඩාගාර බිල්පත් පොලිය - 8.24%
2021 අවසානයේදී නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය - රුපියල් බිලියන 9,379.5
2022 අප්‍රේල් අවසානයේදී දින-364 (වසර-1) භාණ්ඩාගාර බිල්පත් පොලිය - 24.09%
2022 අප්‍රේල් අවසානයේදී නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය - රුපියල් බිලියන 10,730.8
මේ අනුව මේ වසරේදී විදේශීය ණය වල පොලිය සතයක්වත් නොගෙවුවත්, දේශීය ණය ප්‍රමාණය හා පොලී අනුපාතික ඉහළ යාම හේතුවෙන් සමස්ත පොලී වියදම පමණක් සමස්ත රාජ්‍ය අදායම ඉක්මවා යා හැකියි.
අයවැය සමතුලිත කළ යුතු ආකාරය යෝජනා කිරීම ඔබට බාරයි!
ලිපියට සම්බන්ද නැති උනත් මහබැන්කුවෙ lc වලට විතරයි ආනයන කරන්න පුලුවන් කියන නීතිය ගැන මොකද හිතෙන්නෙ? මේකෙන් උන්ඩියල් සල්ලි බැන්කු වලට යයිද? නැතිනම් උන්ඩියල් හර්හාවත් එන්නෙ නැති වෙයිද?
ReplyDeleteපවතින තත්ත්වය තුළ හොඳ තීරණයක්. මේ තීරණය බලාත්මක කිරීමෙන් පසුව උන්ඩියල් වන ඩොලර් යම් ප්‍රමාණයක් බැංකු පද්ධතිය හරහා එයි. ඒ වගේම, අපනයන ආදායම් බලෙන් ඩොලර් කිරීම නැවැත්වීම හා ප්‍රේෂණ වලට ඉඩ දීමත් කළ යුතු දේවල් දෙකක්. නන්දලාල් වීරසිංහ අධිපති ධුරයට පත් වීමෙන් පසුව ඩොලර් අර්බුදයට හරි බේත් දෙන්න පටන් ගෙන තිබීම හොඳ තත්ත්වයක්.
Deleteවර්තන වියදම් = පුනරාවර්තන වියදම් ද?
ReplyDeleteඔව්.
Deleteකොහෙ හරි තැනක තිබ්බ රජයෙ ආදායමෙන් 50% ක් යන්නෙ වැටුප් වලට, ඒකෙන් 50% ක් යන්නෙ ආරක්ශක අංශෙ පඩි ගෙවන්න කියල.
ReplyDeleteහැබැයි මේ දත්ත බැලුවම ඒක වැරදී වගේනේද?
පසුගිය වසරේ ආදායමෙන් 58.0%ක් වැටුප් වියදම්. ඒ නිසා, ඔබේ ප්‍රකාශයේ පළමු කොටස නිවැරදියි. පොලී ගෙවීම් අඩු කිරීමෙන් පසු වර්තන වියදම් වලින් බාගයක් පමණම වැටුප් වියදම්. 18%ක් වන අධ්‍යාපනය සඳහා වර්තන වියදම් වලින් වැඩි කොටසක් ගුරු වැටුප්. සෞඛ්‍යය ගත්තත් එහෙමයි. එහෙත් ආරක්ෂක අංශ වල වැටුප් 25%ක් විය නොහැකියි. ආරක්ෂක වියදම් හා නීතිය හා සාමය එකතු කළත් 25%යි. එම වියදම් සියල්ලම වැටුප් විය නොහැකියි. නමුත් වැටුප් එයින් විශාල කොටසක්.
Deleteඒක තමයි මාත් බැලුවෙ. ඩොකෙක් ශෙයාකරල තිබ්බෙ. මම හිතන්නෙ දොස්තරලට පඩි මදි කියන්න දාපු එකක්.
Deleteවර්ක්ෆෝස් එක බැලුවම අද්‍යාපන, සෞක්‍ය සහ ආරක්ශක යන ක්ශේත්‍ර වල වෙන වෙනම කොච්චර ඉන්නවද?
රටුන්ට රිදුණත් ඊට කමක් නෑ නිවැරදි තීන්දු ගත යුතුමයි
ReplyDeleteරට හරි මාවතකට යොමු කිරීම මේ මොහොතෙදීම කළ යුතුමයි
වැඩියම රිදෙන්න ගන්නේ එතකොට රජ-මැති-ඇමතින්හටම තමයි
ඒකට අකමැති උන්දැල රොත්තම ගෙදරට දක්කා හිටින්ට වෙයි!
18% ක් අධ්‍යාපනය සහ සෞඛ්‍යය sectors වලට. ලෝකයේ අනිත් රටවල මෙය කියක් විතරද?
ReplyDeleteමට පසුව කල්පනා වුනු දෙයක්, මේ % ඇත්තටම හරි නැහැ , මේ tax අඩුකලාට පස්සේ %, හරි long term trend එකක් සදහා අපි 2018-2019 වගේ අවරුදු වලට යන්න අවශ්‍යයි.
Deleteදැනටම රජය tax වැඩිකිරීමට යොමුවෙලා ඉවරයි.
ඉකොනෝ,
ReplyDeleteමම හිතන් හිටියේ අදායමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වැය වන්නේ ඉන්ධන ආනයනයට කියලා. ඒක එහෙම නෙවෙයි වගේ ඉහත දත්ත අනුව.
ඉන්ධන, ගල් අගුරු ල්, බෙහෙත්, අහාර ආනයන සදහා වැයවන මුදල් කොයි අංශයෙන්ද පෙන්නන්නේ.
රජය ඉන්ධන වලින් බදු ගන්නවානේ, ආදායමක්. ඛනිජතෙල් සංස්තාවත් ලංකාව වගේ එකක්, ඔපරේෂනල් ලොස් එක බැංකු ණය වලින් වහගන්නවා හෝ භාන්ඩාගාරයෙන් ඇද ගන්නවා, දෙකම කරනවාත් ඇති.
Deleteඉකොනෝ,
Deleteඉහත සටහනේ ආහාර ආනයනය සදහා ලංකාව වැය කරන මුදල් තිබෙන්නේ 'කෘෂිකර්මය හා වාරිමාර්ග' කියන අංශයෙද? එතකොට ඉන්ධන සදහා ආනයනය වියදම් ඇත්තේ කොතනද?
AnonymousMay 2, 2022 at 10:57 PM
DeleteAnonymousMay 3, 2022 at 6:01 AM
මෙහි තිබෙන්නේ මධ්‍යම රජයේ ආදායම් හා වියදම්. ඉන්ධන, ගල් අඟුරු, ආහාර ආදිය ආනයනය කිරීම සඳහා මධ්‍යම රජය මුදල් වැය කරන්නේ නැහැ. ඒවා මිනිස්සු සල්ලි දීලනේ ගන්නේ. රෝහල් වලින් නොමිලේ දෙන ඖෂධ ආනයනය සඳහා යම් මුදලක් යනවා. ඖෂධ වුනත්, මධ්‍යම රජය විසින් සෘජු ලෙසම ආනයනය කරන්නේ නැහැ කියලයි මම හිතන්නේ. රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා හෝ වෙනත් ආනයනකරුවන් හරහා මෙය සිදු වනවා විය හැකියි. මම වැරදි වෙන්න පුළුවන්. ඉන්ධන ආනයනය කරන්නේ තෙල් සංස්ථාව. ගල් අඟුරු ආනයනය කරන්නේ විදුලිබල මණ්ඩලය විය යුතුයි. ඉහත පෙන්වා ඇති පරිදි මධ්‍යම රජය විසින් පමණක් ආදායම මෙන් 2.42 ගුණයක් (රුපියල් බිලියන 2,058ක්) වැය කර තිබෙනවා. මීට අමතරව තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය වැනි රාජ්‍ය ආයතනද ආදායම ඉක්මවා වියදම් කරනවා. එහි බර අවසාන වශයෙන් වැටෙන්නේද මහජනයා මතයි. සතොස විසින් ආහාර ආනයනය කරනවා කියා මම හිතනවා. එය කෙතරම් දුරකට සෘජු ලෙස සිදුවනවාද කියා දන්නේ නැහැ. සතොසත් ආදායම ඉක්මවා වියදම් කරනවා. වෙනත් විදිහකින් කිවුවොත් සතොස, තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය වැනි තැන් වලින් මිනිස්සු මිල දී ගන්න දේවල් වලට මුදල් ගෙවුවත් එම ආයතන වල ආදායමට වඩා වියදම වැඩියි. හැබැයි ඒ වියදම් කිසිවක් ඉහත කාණ්ඩ වලට ඇතුළත් නැහැ. ඉහත සඳහන්ව තිබෙන්නේ මධ්‍යම රජයේ වියදම් පමණයි. ඇණයා කියා තිබෙනාවක් මෙන් රාජ්‍ය සංස්ථා වල පාඩු වැඩි ප්‍රමාණයක් තියෙන්නේ බැංකු ණය ලෙසයි.
රජයේ සන්ස්තාවල පාඩු පියවන එක මද්‍යම රජයේ වියදමක් නෙමෙයිද?
Deleteඅවසාන වශයෙන් කවදා හරි පාඩු පියවන්න වෙන්නේ මධ්‍යම රජයට තමයි. නමුත්, පාඩු පාඩු ලෙසම තියාගෙන යන එක තමයි බොහෝ විට වෙන්නේ. වරින් වර භාණ්ඩාගාරයෙන් සල්ලි පොම්ප කෙරෙනවා. එහෙත්, පාඩු ලබන ලබන සැරේට මධ්‍යම රජයෙන් එසැණින් පාඩු පියවන්නේ නැහැ.
Deleteවියදම අඩු කරන්න මේ දැවැන්ත පාර්ලිමේන්තුවත් අඩු කරන්නම ඕනා. එතකන් උන්දලාගෙ දීමනා, දැසි දස්සන් අඩු කරන්න ඕනා. දැන් කාටවත් වාහන සන්දර්ශණ දාන්න අවශ්‍යතාවයක් නෑ. ඇමතියෙකුට වාහනේකුයි, ඉන්ධන දීමනාවකුයි දුන්නම හොඳටම ඇති. මිනිස්සු නරා දුක් විදිද්දි උන්ට සැප විදින්න බෑනෙ..
ReplyDeleteඊට කලින් දොස්තරලට දෙන පර්මිට් අයින් කරන්න ඕන.
Deleteදේශීය ණය විශාල වශයෙන් ගැනීම මිස වෙනත් විකල්පයක් ඉතුරැ වී නැතං ජපානයේ දේශීය ණය බර ද දේ නි ගෙන් 250% පමණං ඒ්ත් ඒ රට දියුණුයිං
ReplyDeleteදේශීය ණය ගත හැකි ක්‍රම දෙකක් තිබෙනවා. බැංකු මූලාශ්‍ර වලින් ගැනීම සහ බැංකු නොවන මූලාශ්‍ර වලින් ගැනීම. බැංකු මූලාශ්‍ර වලින් ගැනීමේදී මුදල් සැපයුම ඉහළ ගොස් උද්ධමනය ඇති වෙනවා. පසුගිය දෙවසර තුළ සිදු වුනේ මෙයයි. බැංකු නොවන මූලාශ්‍ර වලින් ණය ගන්නනම් පොලී අනුපාතික තවත් ඉහළ දමන්න වෙනවා. එවිට, නැවත වටයකින් රාජ්‍ය වියදම් ඉහළ යනවා. ජපානයේ රාජ්‍ය ණය ඉතා ඉහළ මට්ටමක තිබුණත් පොලී අනුපාතික ගොඩක් අඩුයි. බැංකු නොවන මූලාශ්‍ර වලින් පහසුවෙන්ම ණය ගන්න පුළුවන්.
Deleteඉකොනො, මහ බැන්කු අදිපති තුමා කියනවා මීට වඩ පොලි අනුපාත වැඩි කරන්න ඔනි නැ, පොලි අනුපාතය උද්දමනයට සමාන තරමට වැඩි කරන්න ඔනි නැහැ කියලා. ඊට අමතරව ඉක්මනින්ම රුපියල ස්තාවර වේවි දැනටමත් රුපියල අවප්‍රමාන වෙලා වැඩි ඉක්මනින්ම මෙ තත්වය අනික් පැත්ත හරිලා රුපියල අදිප්‍රමානය වෙවි කියලා. දැනට සන්චිත බිලියන 2කට අඩුයි, පාවච්චි කරන්න මුලුවන් මිලියන සිය ගානක්. ඉතින් මෙ කතාව ඇත්ත වෙන්න පුලුවන් ද? අනාගත ප්‍රෙශන ගැන හිතලද මෙ කියන්නෙ? එහෙම නම් අපි හිතන තරම් වැඩෙ අවුල් නැද්ද? (එ කිව්වෙ ඉදිරියෙදි බඩු තියනවා එත් මිනිස්සු ගාව සල්ලි නැ. එ නිසා හැම දෙයක්ම කුනු කොල්ලෙට යන එක, නය ගන්න බැ ගිනි පොලිය. ඉඩම් වාහන වල මිල විශාල ලෙස මිල අඩු වීම, ව්යාපාර කඩා වැටීම වගෙ දෙවල්) එහෙම නම් වසර 5 කින් වගෙ 2019 ට ආපසු යන්න පුලුවන් වෙයි නෙද?
ReplyDeleteපොලී අනුපාතික හා උද්ධමනය සම්බන්ධ මහ බැංකු අධිපතිවරයාගේ ස්ථාවරය සමඟ මම මුළුමනින්ම එකඟ නැහැ. පොලී අනුපාතික දැනට පවතින උද්ධමනය දෙස බලාගෙන වැඩි කළ යුතු නැහැ. ඒ කතාව හරි. මහ බැංකුවක් පොලී අනුපාතික වැඩි කළ යුත්තේ අනාගත අපේක්ෂිත උද්ධමනය දෙස බලාගෙනයි. මහ බැංකුවේ පුරෝකථනය වන්නේ ඉතා ඉක්මණින්ම උද්ධමනය දැනට තිබෙන මට්ටමට වඩා ගොඩක් අඩු මට්ටමකට පහළ බසියි කියන එක බව පේනවා. මගේ පුරෝකථනය වන්නේ ඉතා ඉක්මණින් (ඉදිරි මාසය හෝ දෙක ඇතුළත) ඉතිහාසයේ ඉහළම උද්ධමනය වාර්තා වනු ඇති බව හා අවම වශයෙන් වසරක් යන තුරු උද්ධමනය 30%කට ආසන්න මට්ටමක පවතිනු ඇති බවයි. ඒ වගේම, මේ වසරේදීද විශාල ලෙස සල්ලි අච්චු ගහන්න සිදු වීම නොවැලැක්විය හැකි බවයි. මහ බැංකුව අපේක්ෂා කරන ප්‍රතිසංස්කරණ සියල්ල රජය පැත්තෙන් සිදුවීමේ ඉඩක් මම දකින්නේ නැහැ. තවත් සල්ලි අච්චු ගැසීම තුළ උද්ධමනය දිගින් දිගටම ඉහළ මට්ටමක තිබෙන්න පුළුවන්. ඒ අනුව, ප්‍රතිපත්ති පොලී අනුපාතික තවත් ඉහළ යා යුතු බව මගේ අදහසයි. එහෙත් මහ බැංකු අධිපතිවරයා විසින් සංඥා කළේ ඉදිරියේදී පොලී අනුපාතික අඩු වීමට ඉඩ ඇති බවයි. එය හොඳ සංඥාවක් කියා මම හිතන්නේ නැහැ. ඒ කතාව වෙළඳපොළ විසින් බරපතල ලෙස පිළි අරගෙනද නැහැ. මෙහිදී අලුත් අධිපතිවරයාද යම් තරමකින් රාජ්‍යමූල්‍ය පීඩනයට යට වෙමින් සිටින බව මගේ නිරීක්ෂණයයි. පොලී අනුපාතික වැඩි කිරීම නිසා බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානම වැනි දේ ගැන මහ බැංකුව සැලකිලිමත් වෙනවානම් එය වෙනම කරුණක්. මොකද බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීමත් මහ බැංකුවේ වගකීමක්. රුපියල ස්ථාවර වෙමින් තිබෙන බවත්, දැනටම "අවශ්‍ය ප්‍රමාණයට" වඩා අවප්‍රමාණය වී තිබෙන බවත් ඇත්ත. එහෙත්, නැවත රුපියල අධිප්‍රමාණය විය හැක්කේ මහ බැංකුව එයට ඉඩ සලසන පසුබිමකදී පමණයි. මගේ අදහස වන්නේ මහ බැංකුව විසින් නැවත රුපියල අධිප්‍රමාණය වීමට ඉඩ නොදී සංචිත ගොඩ නගා ගත යුතු බවයි. එසේ නැත්නම්, විදේශ ණය බර අඩු කරගත යුතු බවයි. ඔය දැන් කරන කිසිම දෙයකින් නැවත මෙවැනි තත්ත්වයක් ඇති වීම වැළකෙන්නේ නැහැ. IMF වැඩසටහනක් හරහා ලඟා කරගත හැකි ඉහළම ඉලක්කය යම් කාලයකට ආර්ථිකය ස්ථාවර කර ගැනීම පමණයි. මොකද දැන් ඔය කරන්න යන්නෙත් මොන විදිහෙන් හෝ ණය අරගෙන තත්ත්වය කළමනාකරණය කර ගැනීමක්. දිගුකාලීන ස්ථාවරත්වය ගැන හිතනවානම් රුපියල අධිප්‍රමාණය කර ගැනීමට වඩා සංචිත එකතු කර ගැනීමට ප්‍රමුඛතාවය දිය යුතුයි. ඔබ කියනවා වගේ 2019ට ආපසු යන්න පුළුවන්. හැබැයි 2019 හොඳ මට්ටමක් වෙන්නේ අදට සාපේක්ෂව පමණයි. 2019 ඉතා පහසුවෙන් 2022ක් විය හැකියි. මගේ අදහස වන්නේනම් ඊළඟ මුදල් ප්‍රතිපත්ති තීරණය තුළ පොලී අනුපාතික තවත් 5%කින් පමණ ඉහළ යා යුතු බවයි.
Deleteබොහොම ස්තුති ඉකොනො පිලිතුරට. ලෙඩෙ නිට්ටාවටම සනීප කරගත්තෙ නැත්තම් හමදාම බෙහෙත් බිබි තමා ඉන්න වෙන්නෙ :(
Delete1978න් පස්සෙද වෙලඳ ශේෂය රින යන්න පටන්ගත්තෙ? අනුර කුමාර කියනව ඇහුන.
ReplyDeleteඅනුරගේ සංඛ්‍යාලේඛණනම් ඒ තරම්ම බරපතල ලෙස ගණන් ගත යුතු නැහැ. සමහර වෙලාවට එක දහය කරලනේ කියන්නේ. සමාජවාදී, ජාතිකවාදී ආර්ථික ප්‍රතිපත්ති ඉස්මතු වූ 1956න් පසුව වෙළඳ ශේෂය දිගටම සෘණ. ඩොලරයේ මිල විශාල ලෙස ඉහළ ගිය 1965දී හා 1977දී පමණක් සමස්තයක් ලෙස ජංගම ගිණුම ධන වුනා. 1956න් පසු අනෙක් හැම වසරකදීම සමස්තයක් ලෙස ජංගම ගිණුම් ශේෂයත් සෘණ.
Deleteමටත් හිතුනෙ ඕකමයි. මුන්ට බලය දෙන්නම ඕන මේවෙලාවෙ.
Delete