Sunday, September 10, 2017

බබා එපානම් මේ පෙට්ටියට දාන්න!



රෝග පාලන හා නිවාරණ කේන්ද්‍රය (CDC) වෙත වාර්තා කර තිබුණු දත්ත අනුව, 2013 දී ඇමරිකාව තුළ නීත්‍යානුකූල ගබ්සා 664,435ක් සිදු කර තිබුණේය. එම ආයතනය විසින් මෙසේ දත්ත එකතු කරන්නේ ඇමරිකාවේ ගබ්සා සේවා සපයන පුද්ගලයින් හෝ ආයතන වලින් සීමිත ප්‍රමාණයකින් පමණක් නිසා මේ ගණන අවම සීමාවකි.

ඇමරිකාව තුළ සජීව දරු උපත් පහක් සිදුවන විට එක් ගබ්සාවක් සිදු වේ. මේ ගබ්සා වලින් 91.6%ක්ම සිදුකර ඇත්තේ කළලයේ වයස සති 13කට අඩුව තිබියදීය. එමෙන්ම මුළු ගබ්සා ප්‍රමාණයෙන් 22.2%ක්ම සිදු කර තිබුණේ වෛද්‍යමය හේතුවක් පාදක කර ගනිමිනි.

ඇමරිකාව සිදුවන ගබ්සා වලින් විශාල ප්‍රමාණයක් සිදු කරන්නේ එක්තරා රාජ්‍ය නොවන සංවිධානයක් විසිනි. එහෙත්, මේ සංවිධානය වුවද ගබ්සා ප්‍රවර්ධනය කිරීමක් නොකරයි. ප්‍රාන්ත නීතියේ අවශ්‍යතාවය මත හෝ ස්වේච්ඡා පදනමින් ගබ්සාවක් කිරීමට පෙර අදාළ ගර්භණී කාන්තාවට සිය තීරණය ගැන නැවත සිතා බලන්නට සැලකිය යුතු අවස්ථාවක් සැපයීම ඇමරිකාවේ ගබ්සාවක් සිදු කිරීමට පෙර හැම විටම වාගේ සිදු කෙරෙන්නකි. මෙයට පහත කරුණු වලින් එකක්, කිහිපයක් හෝ සියල්ලම ඇතුළත් විය හැකිය.

1. ඉල්ලීම කිරීමෙන් පසු අවම කාලයක් යන තුරු ගබ්සාව නොකිරීම.
2. ඉල්ලීම කළ අවස්ථාවේ සිට ගබ්සාව සිදු කරන තුරු (හා එයින් පසුවත්) උපදේශන සේවා සැපයීම.
3. දරුවා බිහි කිරීමෙන් පසු හදා ගන්නට කැමති පවුලක් සමඟ සම්බන්ධ කිරීම.
4. ගර්භණී සමයේ දරන්නට සිදුවන ආර්ථික හා ආර්ථික නොවන හානි පූරණය කරගත හැකි ආකාර පෙන්වා දීම.
5. දරුවාගේ හෘද ස්පන්දනයට සවන් දෙන්නට සැලැස්වීම.
6. දරුවාගේ ස්කෑන් ඡායාරූපයක් පෙන්වීම.
7. කාන්තාවට ඇගේ සැමියාගෙන්, පවුලේ සාමාජිකයින්ගෙන් හෝ වෙනත් අයෙකුගෙන් බලපෑමක් සිදු නොවන බවත් තීරණය තනිකරම ඇගේ පෞද්ගලික තීරණයක් බවත් තහවුරු කර ගැනීම.

ගබ්සා කිරීම සිදුකරන්නේ මෙවැනි විකල්ප තේරීම් පෙන්වා දීමෙන් පසුවද ගර්භණී කාන්තාවක් සිය තීරණය වෙනස් නොකරන්නේනම් පමණි. එහෙත්, මෙයින් අදහස් කෙරෙන්නේ ගබ්සා කිරීම ප්‍රවර්ධනය නොකෙරෙන බව මිස ගබ්සා කිරීමේ අයිතියට බාධා කෙරෙන බවද නොවේ. අවසාන අරමුණ වන්නේ මෙවැනි ආපසු හැරවිය නොහැකි තීරණයක් ගන්නට පෙර කාන්තාවකට සියලු කරුණු සලකා බලා වඩාත්ම හොඳ තීරණය ගන්නට අවස්ථාව සැපයීමයි.

කෙසේ වුවද, නීත්‍යානුකූල ලෙස ගබ්සා කිරීමේ හැකියාව තිබූ පමණින් වුවද අනවශ්‍ය දරු උපත් සිදුවීම සම්පූර්ණයෙන්ම වැළකෙන්නේ නැත.

මාස ගණනක් සිය ගර්භණී භාවය සඟවාගෙන සිටින ඇතැම් කාන්තාවන් රහසිගත ලෙස දරුවා ප්‍රසූත කර වැසිකිළි වලවල් වැනි තැන්වල දමා යන අවස්ථා ගැන ඇතැම් විට ලංකාවෙන් අහන්නට ලැබේ. මෙවැනි දේ සිදුවන තරමට වාර්තා වන්නේ නැති වන්නට පුළුවන.

විවිධ හේතූන් මත මවුවරුන් විසින් උපන් අලුත බිළිඳුන් පොදු වැසිකිළි හෝ කුණු බක්කි වල දමා යාම ඇමරිකාවේද සිදුවන දෙයකි. සංඛ්‍යාලේඛණ අනුව පෙනෙන පරිදි මෙය වැඩිපුරම සිදුවන්නේ දරු උපතකින් පසු පළමු පැය කිහිපය ඇතුළතය. එසේ නැත්නම් උපතින් සති 6-8 පමණ වයසකදීය. මේ වයස දරුවෙකු මවට වදයක් වන පරිදි නිතර අඬන්නට පටන් ගන්නා වයසයි.

මෙසේ අනාරක්ෂිත ලෙස අත හැර දමන බිළිඳුන්ගෙන් අඩක් පමණම මිය යයි. මෙවැනි ක්‍රියාවකට පෙළඹෙන මවකට අවසානයේදී මිනීමැරුමකට හෝ මිනීමැරීමට තැත් කිරීමට චෝදනා ලබා දඬුවම් විඳින්නට සිදු වේ.

වරදක් කරන අයෙකුට දඬුවම් දෙන බොහෝ අවස්ථා වලදී එවැනි දඬුවමකින් හානියට පත් වූ පාර්ශ්වයට යහපතක් නොසැලසේ. එහෙත්, දඬුවම් විඳින පුද්ගලයාට මෙන්ම අනෙකුත් තෙවන පාර්ශ්වයන්ටද එයින් හානියක් සිදුවේ. ලංකාවේ කිසියම් පුද්ගලයෙකු බන්ධනාගාර ගත වූ විට ලැබෙන 'සැප' ගැන අජිත් පැරකුම් ජයසිංහ විසින් විස්තර කර තිබුණේය. මෙහිදී දඬුවම් විඳින පුද්ගලයාට අමතරව පැත්තක සිටින විශාල පිරිසකටද දඬුවම් විඳින්නට වෙන්නේ බන්ධනාගාර නඩත්තු කිරීමට වැය වන පිරිවැය පැත්තක සිටින බදු ගෙවන්නන්ට දරන්නට සිදුවන වියදමක් බැවිනි. දඬුවම ගෙවෙන්නේ බන්ධනාගාර රෝහලේ වුවද තත්ත්වයේ වෙනසක් නැත.

දඬුවමකින් වින්දිතයාගේ හානිය පූරණය නොවන විටක ඒ දඬුවමේ පිරිවැයට දායක වන පොදු සමාජයට ඒ වෙනුවෙන් ලැබෙන වාසිය වනුයේ තවත් අය අදාළ වරද නොකිරීමට පෙළඹීම පමණි. මේ අනුව, සමාජයට වඩා වැඩදායක වන්නේ වැරදි සිදුවීම වැළැක්වීම පිණිස සම්පත් යෙදවීම මිස දඬුවම් කිරීම වෙනුවෙන් සම්පත් යෙදවීම නොවේ. ඒ නිසා, විශාල පිරිසක් එකම වරද කරන විට දඬුවම් වලින් පමණක් එවැනි වරදක් වැළැක්වීම ඵලදායී නැත. දඬුවම් අවශ්‍ය වන්නේ වැරදි කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමෙන් පසුවද තවදුරටත් වැරදි කරන සුළු පිරිස වෙනුවෙනි.

උපන් අලුත බිළිඳෙකු අනාරක්ෂිත තැනක අතහැර දමා යන මවක් තමන්ට විඳින්නට සිදුවිය හැකි දඬුවමේ හානිය ගැන දැන දැනම එසේ කරන්නේ දරුවා හදාගැනීම ඇයට ඊටත් වඩා "දඬුවමක්" වන බැවිනි.

පර්යේෂකයින් විසින් හඳුනාගෙන ඇති පරිදි මවක් විසින් දරුවකු අනාරක්ෂිත තැනක අතහැර දැමීම සඳහා පෙළඹෙන්නේ පහත හේතු එකක් හෝ කිහිපයක් නිසා විය හැකිය.

1. නරක තත්ත්වයන් යටතේ දරුවා හදනවාට වඩා දරුවා මැරෙන්නට හැරීම යහපතක්යැයි සිතීම.
2. භ්‍රාන්ති තත්ත්වයක් (hallucination) යටතේ පොළඹවනු ලැබීම.
3. වෙනත් දෙමවුපියෙකු යටතේ තමන්ගේ දරුවා හැදෙනවාට ඇති අකැමැත්ත.
4. අනවශ්‍ය ගැබ් ගැනීමක් වීම නිසා දරුවා කෙරෙහි ඇති ද්වේශය.
5. සහකරුවා සමඟ ඇති වෛරය දරුවා පිටින් යැවීම.

බිළිඳු දරුවන් ඔවුන්ගේ මවුවරුන් විසින් අනාරක්ෂිත තැන් වල අතහැර දමනු ලැබීමත්, එවැනි දරුවන් බොහෝ දෙනෙකු මරණයට පත් වීමත් සලකමින් ඇමරිකාවේ ප්‍රාන්ත රාජ්‍යයන් විසින් මවකට අලුත උපන් දරුවෙකු ආරක්‍ෂිත ලෙස අතහැර දමනු ලැබිය හැකි ස්ථාන හඳුන්වා දෙමින් (safe-haven laws) නීති සංශෝධනය කිරීම 1999දී ටෙක්සාස් ප්‍රාන්තයෙන් ඇරඹුණු අතර මේ වන විට ඇමරිකාවේ සෑම ප්‍රාන්තයකම මේ ආකාරයේ නීති ක්‍රියාත්මක වේ.

මෙසේ පසුගිය දශක දෙක තුළ හඳුන්වා දෙනු ලැබ ඇති අලුත් නීති අනුව තමන්ගේ අලුත උපන් දරුවාගේ බරෙන් නිදහස් වන්නට අවශ්‍ය මවකට එම දරුවා කුණු බක්කියකට හෝ වැසිකිළි වලකට දමනු වෙනුවට රෝහලක්, පොලිස් ස්ථානයක් හෝ ගිණි නිවන හමුදා ඒකකයක් වැනි ආරක්‍ෂිත තැනක අතහැර යන්නට ඉඩ ලැබේ. දරුවාට හිරිහැර කර ඇති බව පැහැදිලිව පෙනෙන්නට ඇති අවස්ථාවක හැර එවැනි ආරක්‍ෂිත තැනක දරුවෙකු දමා යන මවකට චෝදනා ඉදිරිපත් කිරීමක් සිදු නොවේ. එමෙන්ම, මවකට සිය අනන්‍යතාවය හෙළිදරවු නොකර එය කිරීමටද නීතියෙන් ඉඩ සැලසේ.

තවමත් විශාල ලෙස ප්‍රචලිතව නැතත්, මෙසේ යම් කාන්තාවකට අනවශ්‍ය දරුවන් දමා යා හැකි පෙට්ටිද මේ වන විට එක් ප්‍රාන්තයක (ඉන්දියානා) හඳුන්වා දී තිබේ. මෙහි ඇති වාසිය වන්නේ දරුවෙකුගෙන් නිදහස් වන්නට අවශ්‍ය මවකට වෙනත් පුද්ගලයෙකු සමඟ කවර ලෙසකින් හෝ සම්බන්ධ නොවී දරුවා පෙට්ටියට දමා වසා යා හැකි වීමයි. දරුවාට අවශ්‍ය වාතාශ්‍රය හා නිසි උෂ්ණත්වය මේ පෙට්ටිය තුළ තිබෙන අතර එහි දරුවෙකු දැමූ පසු වෙනත් තැනක එලාමයක් ක්‍රියාත්මක වී දරුවෙකු එහි සිටින බව අදාළ නිලධාරීන්ට දැනගන්නට සැලැස්වේ. මේ පෙට්ටියේ නිර්මාතෘ මොනිකා කෙල්සිද කුඩා කාලයේදී අතහැර දමනු ලැබූ දැරිවියකි.

මෙසේ බිළිඳෙකු සුරක්ෂිත තැනක අතහැර යාමට ඉඩ සැලසෙන නීති පසුගිය දශක දෙක තුළ ඉතා වේගයෙන් ජනප්‍රිය වූයේ මේ අදහස සමඟ විවිධ දේශපාලන මතවාද දරන අයට පහසුවෙන් එකඟ වන්නට හැකි වූ බැවිනි. මවගේ පැත්තෙන් බැලූ විට ඇයට නීතියෙන් ගැලවී දරුවාගෙන් නිදහස් වන්නට ඉඩක් ලැබේ. දරුවාට සුරක්ෂිත ජීවිතයක් හිමි වේ. මේ අයුරින් දමා යන දරුවකු හමු වූ වහාම අදාළ ස්ථානයේ සිටින පුහුණුවක් ලබා ඇති පුද්ගලයෙකු විසින් දරුවාගේ ජීවිතය සුරක්ෂිත කිරීමට අවශ්‍ය මූලික පියවර ගැනීමෙන් පසුව හදා ගැනීම සඳහා දරුවන් සපයන ආයතනයක් හරහා දරුවාව වෙනත් දෙමවුපියෙකු වෙත ලබා දේ. ඇමරිකාවේ මෙවැනි ආයතන යනු රජයේ පොදු අරමුදල් වලින් නඩත්තු නොවන රාජ්‍ය නොවන ආයතනයි. මේ ක්‍රමය නිසා එවැනි ආයතන වල අරමුණුද ඉටුවන අතර දරුවෙකු සොයන පවුලකට දරුවකුද හිමි වේ.

මේ ක්‍රමය ජනප්‍රිය වීමට තවත් ප්‍රධාන හේතුවක් වූයේ මෙසේ දරුවන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා බදු මුදල් කිසිවක් වැය කළ යුතු නොවන බවට වන අදහසයි. කෙසේ වුවද, මේ අදහසනම් අර්ධ සත්‍යයක් පමණි. මේ අදහස ව්‍යාප්ත වී තිබීමේ පදනම වන්නේ දැනට පවතින ආයතනික ව්‍යුහයම මේ කටයුත්ත සඳහා යොදා ගැනීමයි. නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාන්ත රජයයන් විසින් අමතර ප්‍රතිපාදන වෙන් කිරීම් නොකරන බවනම් බොහෝ දුරට ඇත්තක් වුවත් මෙසේ ජීවිත බේරාගැනීම සඳහා වක්‍ර ලෙස මහජන මුදල් වැය කරන්නට සිදුවේ.


මේ අයුරින් දමා යන්නට හැකියාව ඇත්තේ අලුත උපන් බිළිඳුන් පමණි. දමා යා හැකි දරුවෙකුගේ උපරිම වයස ප්‍රාන්තය අනුව දින 3ක සිට සති ගණනක් දක්වා වෙනස් වේ. ඉහත නීති ක්‍රියාත්මක වීමෙන් පසුව දරුවන් අනාරක්ෂිත ලෙස අතහැර දමා යනු ලැබීම සැලකිය යුතු තරමින් අඩු වී තිබේ.

මේ ගැන පර්යේෂණ කරන ප්‍රමුඛ පර්යේෂිකාවකගේ තවමත් ප්‍රසිද්ධ කර නැති පර්යේෂණයකට අනුව මේ ක්‍රමයට ජීවිතයක් බේරා ගැනීම සඳහා (වක්‍ර ලෙස) වැයවන මුදල උපරිම වශයෙන් ඩොලර් ලක්ෂ හතකට (රුපියල් කෝටියකට) වඩා වැඩි නොවේ. සාමාන්‍යයෙන් මිනිස්  ජීවිතයක වටිනාකම ලෙස සෞඛ්‍ය ආර්ථික විද්‍යාවේදී සැලකෙන අගය එමෙන් දහ ගුණයකටත් වඩා වැඩි නිසා මෙය සැලකිය හැක්කේ ඉතා ඵලදායී යාන්ත්‍රණයක් වශයෙනි.

52 comments:

  1. මේක අදාල නැහැ මේ ලිපියට.
    ඔබ මේ ලිපිය ගැන කුමක්ද හිතන්නේ

    සමපේක්ෂණ බුබුල

    ReplyDelete
    Replies
    1. නිවැරදි කරුණු, වැරදි කරුණු වගේම නිවැරදි වුවත් අදාළ නැති කරුණු ගොඩක් එහෙන් මෙහෙන් එකතු කර ලියා ඇති ඉස්සර පත්තරයක පළ වූ පොඩි එකාගේ රචනය වැනි ලිපියක්. ලියා ඇති දේ සහ යොදාගෙන ඇති වචන වල තේරුම් ලේඛකයාට නිවැරදිව තේරෙනවද කියන එකවත් පැහැදිලි නැහැ. මට තේරෙන විදිහට ලේඛකයාගේ අදහස කොළඹ අවට ඉදිවන තට්ටු ගොඩනැඟිලි වලින් පෙනෙන්නේ සමපේක්ෂණ බුබුලක් කියන එක තහවුරු කිරීම වෙන්න ඇති. එහි යම් ඇත්තක් තියෙන්න පුළුවන්. මෑතකදී මේ ක්ෂේත්‍රයේ මිල වෙනස් වූ ආකාරය ගැන දත්ත මා සතුව නැති නිසා මට මේ ගැන ස්ථිරව කියන්න බැහැ. විවිධ ක්ෂේත්‍ර වල කලින් කලට සමපේක්ෂණ බුබුළු ඇති වී පසුව බිඳී යනවා. කොළඹ ඉදිවන ගොඩනැඟිලි වලින් කිසියම් දුරකට සමපේක්ෂණ බුබුලක් ඇති වී ඇති බවක් පෙනෙනවා විය හැකි වුවත් එහි ආර්ථික සංවර්ධනයක් නැති බව කියන්න බැහැ. කොළඹ තට්ටු ගොඩනැඟිලි කියන්නේ සියවස් ගණනකට පෙර නෙදර්ලන්තයේ ටියුලිප් අල වගේ මිනිසුන්ට වැඩි ප්‍රයෝජනයක් නැති, හුදෙක් සමපේක්ෂණය නිසාම ඉල්ලුමක් ඇති වන දෙයක් නෙමෙයි. නමුත්, යම් දුරකට එවැනි තත්ත්වයක් තවමත් තියෙන්න පුළුවන්. සමපේක්ෂණ බුබුලක් තිබෙනවාද යන්න හඳුනා ගන්නනම් අවම වශයෙන් පසුගිය කාලයේ මේ ක්ෂේත්‍රයේ ආයෝජන හා මිල වෙනස් වූ ආකාරය ගැන විශ්ලේෂණයක් අවශ්‍ය වෙනවා. මෙහි එවැනි කිසිදු විශ්ලේෂණයක් නැහැ. මාතෘකාවට අදාළත්වයක් නැති නිවැරදි හා වැරදි කරුණු ගණනාවක් එහෙන් මෙහෙන් ලියා අවසානයේ තමන්ගේ නිගමනය ඉදිරිපත් කිරීමක් පමණයි මෙහි තියෙන්නේ.

      Delete
    2. http://www.ft.lk/article/635480/Debunking-the-real-estate-bubble

      Delete
    3. Thanks, Ano! That link didn't work but the following did.

      http://www.altair.lk/debunking-the-real-estate-bubble/

      His view is based on facts unlike the former. Good article.

      Delete
    4. මේ කොටස නිවැරදියි කියල මම හිතනවා.
      / උදාහරණයක් ලෙස අද අප මේ ගත කරන යුගයේ දී සිදු වන්නේ ඇමැරිකානු කේන්ද්‍රී ධනවාදී ලෝකය ක්‍රමයෙන් විනාශ වෙමින් අලුත් හෙජමොන් කෙනෙකු ඊට ආදේශ වීමට උත්සාහ කිරීමයි. මේ වන විට ලෝකයේ කර්මාන්ත ශාලාව වී ඇත්තේ (මෙය 19 වන සියවසේ දී එංගලන්තය වූ අතර 20 වන සියවසේ දී එය ඇමෙරිකාව විය) චීනයයි. චීනය උතුරු කොරියානු අන්තර් මහද්වීපික මිසයිල හරහා ලෝකයට පෙන්වමින් සිටින්නේ ඇමෙරිකාවේ අසරණභාවයයි. ඊට අමතරව මේ වන විට ඇමෙරිකාව තුළ සුදු ජාතිවාදය නැවත මෝරමින් පැණ නැග ඇත. ඇමෙරිකාව ශ්‍රේෂ්ඨ යැයි ඔවුන්ටම කීමට සිදු වී ඇත//

      Delete
    5. අනෙත් කොටස් වගේම මේ කොටසේත් තියෙන්නේ නිසි විශ්ලේෂණයක් නැතිව තමන්ගේ මතය ඉදිරිපත් කිරීමක් පමණයි. මේ කොටසත් සත්‍ය, අසත්‍ය හා අර්ධ සත්‍ය වල මිශ්‍රණයක්. පළවෙනි වාක්‍යය ගැන කියන්න තියෙන්නේ එය මූලික වශයෙන්ම ලේඛකයාගේ අහිංසක බලාපොරොත්තුවක් බවයි. ධනවාදයේ කේන්ද්‍රය ඇමරිකාව ලෙස සැලකීමේ ලොකු ප්‍රශ්නයක් නැතත් සිදුවී තිබෙන්නේත් සිදුවෙමින් පවතින්නේත් ඇමරිකාවේ මූලිකත්වයෙන් ප්‍රවර්ධනය කෙරුණු ලෙස සැලකිය හැකි ධනවාදී ක්‍රමයට සමාජවාදී චීනය අනුගත වීමයි. ඒ නිසා ඇත්තටම වී තිබෙන්නේ "ඇමරිකානු කේන්ද්‍රී ධනවාදී ලෝකය" සමාජවාදී චීනයේ වැට පැන තව දුරටත් ව්‍යාප්ත වීමයි. ලෝකයේ කර්මාන්ත ශාලාව කුමක්ද කියන එක වැදගත් සාධකයක් වුනේ දාස් කැපිටාල් ලියපු කාලයේ. මේ වන විට නිෂ්පාදන තාක්ෂනය ඒ යුගය පසුකර සෑහෙන දුරක් ගිහින්. ඇමරිකානු ආර්ථිකය කාර්මීකරණයෙන් ඉදිරියට ගිය කාලය අවසන් වී දැන් බොහෝ කල්. චීනය ඒ තැනට ආවේ ඉතාම මෑතකදී. වැදගත්ම ප්‍රශ්නය වන්නේ ඇමරිකාවට නිපදවිය නොහැකි මොනයම් හෝ දෙයක් චීනය විසින් නිපදනවද කියන එකයි. චීනය තවමත් ඉදිරියට යන්නේ ඇමරිකාව ඇතුළු අනෙකුත් දියුණු රටවල් නවෝත්පාදන වෙනුවෙන් කළ ආයෝජන වල උදවුවෙන්. මෙය සංවර්ධනයේ මේ අදියරේදී සිදුවන සාමාන්‍ය දෙයක්. ලංකාව වැනි රටවල් තවමත් චීනය සිටින තැනටවත් පැමිණ නොසිටීම වෙනම කරුණක්. චීනයේ හදන ඕනෑම දෙයක් වාගේ ඇමරිකාවේ හදන්න පුළුවන්. එසේ නොකිරීමට හේතුව චීන ශ්‍රමය වඩා ලාබ වීම පමණයි. චීනයේ පවතින සමාජවාදී ක්‍රමය යටතේ චීන ශ්‍රමය වෙනුවෙන් ගෙවිය යුතු නියම මිලට වඩා අඩු මිලක් ගෙවමින් ලාබ ලබන්න චීනයට හැකියාව තිබෙනවා. මෙය වක්‍ර ආකාරයකින් සිදුවන්නක්. ඒ නිසා චීන ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ සියල්ල එහි මිනිසුන්ට ලැබෙන්නේ නැහැ. ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 57,436ක් වන විට චීනයේ ඒක පුද්ගල ආදායම තවමත් ඩොලර් 8,113ක් පමණයි. චීනයේ ඒක පුද්ගල ආදායම ඇමරිකාවේ තැනට එන්න තව විශාල කාලයක් යයි. එහි වැසියන්ගේ ආදායම ක්‍රමයෙන් වැඩි වන විට "ලෝකයේ කර්මාන්ත ශාලාව" ලෙස චීනයට තිබෙන වාසියත් ක්‍රමයෙන් නැති වෙනවා. ඒ වගේම මාධ්‍ය වාරණ ආදිය හරහා පාලනය කරගෙන හිටියත් ඇමරිකාව ඇතුළු බටහිර රටවලින් ආයෝජනය කරන භාණ්ඩ පරිභෝජනය කිරීමට චීන ජාතිකයින් ක්‍රමයෙන් පෙළඹෙන එකත් වලක්වන්න බැහැ. ලෝක සංස්කෘතික ආධිපත්‍යය තිබෙන්නේ ඇමරිකාව ඇතුළු බටහිර ලෝකය සතුවයි. කොහොම වුනත්, මිලියන 1,388ක ජනගහණයක් සිටින චීනයේ හා මිලියන 1,343ක ජනගහණයක් සිටින ඉන්දියාවේ ආර්ථිකයන්ට වඩා මිලියන 326ක් ජිවත් වන ඇමරිකාවේ ආර්ථිකය විශාල වීම කෘතීම තත්ත්වයක්. එය දිගටම එසේ පැවතෙන්න ඉඩක් නැහැ. ඒ නිසා රටවල් ලෙස සැලකූ විට චීනයේ හා ඉන්දියාවේ ආර්ථිකයන් ලෝකයේ විශාලම ආර්ථිකයන් බවට පත් වීමත් සිදුවිය යුතුම දේවල්. එසේ වීමේදී, ලෝක දේශපාලනය තුළ ඇමරිකාවට බලපෑම් කරන්නට ඇති හැකියාව සීමා වෙනවා කියන එක නිවැරදියි. ඒ වගේම සුදු ජාතිවාදය මෝරනවා කියන එකත් ඇත්ත. එයට ආර්ථික කරුණු බලපාන්නේ කොහොමද කියන එක විස්තර කරන්න ගියොත් ප්‍රතිචාරය තවත් දිගු වෙනවා.

      Delete
    6. //ඇමරිකාවේ මූලිකත්වයෙන් ප්‍රවර්ධනය කෙරුණු ලෙස සැලකිය හැකි ධනවාදී ක්‍රමයට සමාජවාදී චීනය අනුගත වීමයි. ඒ නිසා ඇත්තටම වී තිබෙන්නේ "ඇමරිකානු කේන්ද්‍රී ධනවාදී ලෝකය" සමාජවාදී චීනයේ වැට පැන තව දුරටත් ව්‍යාප්ත වීමයි. ලෝකයේ කර්මාන්ත ශාලාව කුමක්ද කියන එක වැදගත් සාධකයක් වුනේ දාස් කැපිටාල් ලියපු කාලයේ. මේ වන විට නිෂ්පාදන තාක්ෂනය ඒ යුගය පසුකර සෑහෙන දුරක් ගිහින්. ඇමරිකානු ආර්ථිකය කාර්මීකරණයෙන් ඉදිරියට ගිය කාලය අවසන් වී දැන් බොහෝ කල්. චීනය ඒ තැනට ආවේ ඉතාම මෑතකදී. වැදගත්ම ප්‍රශ්නය වන්නේ ඇමරිකාවට නිපදවිය නොහැකි මොනයම් හෝ දෙයක් චීනය විසින් නිපදනවද කියන එකයි. චීනය තවමත් ඉදිරියට යන්නේ ඇමරිකාව ඇතුළු අනෙකුත් දියුණු රටවල් නවෝත්පාදන වෙනුවෙන් කළ ආයෝජන වල උදවුවෙන්. මෙය සංවර්ධනයේ මේ අදියරේදී සිදුවන සාමාන්‍ය දෙයක්. ලංකාව වැනි රටවල් තවමත් චීනය සිටින තැනටවත් පැමිණ නොසිටීම වෙනම කරුණක්. චීනයේ හදන ඕනෑම දෙයක් වාගේ ඇමරිකාවේ හදන්න පුළුවන්. එසේ නොකිරීමට හේතුව චීන ශ්‍රමය වඩා ලාබ වීම පමණයි.// ඔව් මේකට එකඟයි. ශ්‍රමය ලාභ කර විකිණීමක් මෙතන කලේ. කොටින්ම "දාස් කැපිටාල් " එකට එරෙහිව යමක්.මේ ලිපිය තව දුරටත් සාධක සහිතව ලියන්න තිබුන කියල මාත් හිතනවා. ඔබේ අදහස ඇහුවේ ඒකයි.

      Delete
    7. oi ajith, oya samajawadee manasgaatha atha eragannawa. Americawa wetenne ne me kalpaya thiyenakan. cheene arthike lokuwei. but America will always be the greatest country and world will revolve around it.

      Delete
    8. Couldn't put it any better than this econo.
      //පළවෙනි වාක්‍යය ගැන කියන්න තියෙන්නේ එය මූලික වශයෙන්ම ලේඛකයාගේ අහිංසක බලාපොරොත්තුවක් බවයි.//
      Ajithla unath oya wage ahinsaka balaporothtu tiyan thamai engalanthe hitiyath jeewath wenne. paw jeewitha.

      Delete
    9. //ශ්‍රමය ලාභ කර විකිණීමක් මෙතන කලේ. කොටින්ම "දාස් කැපිටාල් " එකට එරෙහිව යමක්.//
      ශ්‍රමය සූරාකෑම කියන අදහසට මම එකඟ නැතත් දාස් කැපිටාල් විග්‍රහය අනුව බැලුවොත් මෙහි වෙන්නේ චීන රජය විසින් චීන ජනතාවගේ ශ්‍රමය සූරාකෑමක්. වෙනත් අයුරකින් බැලුවොත් සමාජවාදී ආකෘතිය ප්‍රයෝජනයට ගනිමින් චීන රජය චීන ජනතාවගේ ශ්‍රමය මෙන්ම වෙනත් තෝරාගැනීම් හා අදාළවත් ඒකාධිකාරයක් පවත්වා ගනිමින් ලාබ ලබනවා. මෙයට ඔබ එකඟ නිසා මම විස්තර කරන්න යන්නේ නැහැ. හැබැයි චීනය එසේ නොකර සිටියානම් අද සිටින තැනට එන්න ලැබෙන්නේ නැහැ. අද සිටින තැනට එන්න චීනයට හැකි වුණේ ඔබේ වචන වලින් "දාස් කැපිටාල් එකට එරෙහිව" යාම නිසයි.

      Delete
    10. @එකොන් ඔව් ඒක මම පිලි ගන්නවා.
      //Americawa wetenne ne me kalpaya thiyenakan. cheene arthike lokuwei. but America will always be the greatest country and world will revolve around it.// ඇනෝ 11.06 , 11.08 ඔයාලා නිකන් අර හන්දියේ ඉන්න ගණන් කාරයෝ වගේ. අපේ ජිවිත පව් කියල කියන්න අපට කොහේ හරි වැරදිලා තියනවද? අපි හොඳට ජිවත් වෙනවනේ. මේ ලිපියේ යොමුව දැම්මේ ඒ ගැන සංවාදයක් කරනන් මිසක් මගේ දේශපාලන ස්ත්වරයා කතා කරන්න නෙමේ. ඔයාලට වෙලා තියෙන්නේ ලංකාවේ ඉඳන් කාගේ හරි උදව්වකින් ඇමෙරිකාවට එන්න ඇති. ඇමෙරිකාවේ ඉන්නව ඇති . ලංකාවට ගිහින් වැඩ පෙන්වනවා ඇති. ඉතින් අපට එනම් මනම් කියනවා. ඇමෙරිකාව නැති වෙලා යමක් ගැන මම කිව්වද? එහෙම වෙනවනම් වැඩියෙන්ම කණගාටු වෙන්නේ මම. ඇමෙරිකාව මම ආදරය කරන රටක්. කොච්චර නව නිර්මාණ, මුදල් හොයන්න විදි, මයික්‍රොසොෆ්ට් ඉඳන් ගත්තම කොපමණ දේවල් දීල ති යෙනේවද? ඇමෙරික එක්සත් ජනපදය ශ්‍රේෂ්ඨ රටක්. එහෙම වුනාය කියල ඒ ගොල්ලන්ට ඕන විධිහට හෙම දේම වෙන්නෙත් නැහැ. ඇමෙරිකාවට ඕන විධිහට ලෝකේ කැරකෙන්නෙත් නැහැ. මම ඊයේ පෙරේද රුසියාවට ගියා ඔය හොඳින් තියෙන්නේ. වලියට යන්න කියන්න කෝ බලන්න. රූස්ස දෙයි නැති වෙන්නම නියුක්ලියර්. හැබැයි එහෙම වුන කියල මම රුස්සට පක්ෂද? නැහැ. ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඊට වැඩිය හොඳයි.
      එංගලන්තය වගේ රටක සමාජවාදය කියල සලකන්නේ මිනිසුන් අතර පරතරය අඩු කරන එක. එහම් රටවල් තියෙනව ලෝකේ. සමාජවාදී කියල නම් ගහගත්තා රටවල් නෙමේ. මම හිටහ්න්නෙත් එහෙම. නැතුව සරදියෙල් වගේ පොහොසතුන් ගෙන් දුප්පතාට අරන් දීල පොහොසත් එකාත් දුප්පත් කරන එක නෙමේ. ඒවා යල් පන ගිය අදහස්. හැබැයි ඇමෙරිකාව වටෙලෝකේ කැරකෙනවා කියල හිතන් එකනම් මෝඩ කමක්.

      Delete
    11. //ඔයාලට වෙලා තියෙන්නේ ලංකාවේ ඉඳන් කාගේ හරි උදව්වකින් ඇමෙරිකාවට එන්න ඇති. ඇමෙරිකාවේ ඉන්නව ඇති .//
      hihi.. hiken punaa kiyanne mewata thamai.
      mama inne americawe neme ban.
      but piligaththath nethath loke kerakenne americawa wate thamai. lankawa wage ratawala un nodenuwathwa ho akameththen ho e wate kerakenawa. mama inna rate unnam denagena bohoma kemeththen e wate kerakenawa.

      Delete
  2. මම කාන්තාවන් ගබ්සා කරනවට අකමැතියි. ජීවී කළලයක් නිසා. නමුත් ගබ්සා කිරීම හෝ නොකිරීම පිලිබඳ අයිතිය තිබෙන්නේ කාන්තාවට බව මම පිලි ගන්නවා. ඒ අයිතිය වෙන කෙනෙකුට ගන්න බහ. දුෂණයක්, අඩු වයසේ පිළිසිඳ ගැනීමක් මෙන්ම ඉතා දිළිඳු කම නිසා ගබ්සාවක් කිරමට පෙළඹෙනවා නම් එයට විරුද්ද වීමට වෙනත් කෙනෙකුට අයිතියක් නැහැ. අනිත් අවස්ථවන් ඒ ඒ අවස්ථවට අනුව තීරණය කළ යුතුයි කියලයි හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. මගේ අදහසත් බොහෝ දුරට මෙයට කිට්ටුයි.

      Delete
    2. මාත් එකඟයි @අජිත් අයියේ.

      Delete
    3. නව නීති වලින් අවසර ලැබෙන්නට යන්නේ බරපතල උපත් අබාධයක් ඇති කලලයක් හෝ ස්ත්‍රී දුෂණයකදී සිදුවන ගැබ්ගැනීමක් සඳහා පමණි.

      //දුෂණයක්, අඩු වයසේ පිළිසිඳ ගැනීමක් මෙන්ම ඉතා දිළිඳු කම නිසා ගබ්සාවක් කිරමට පෙළඹෙනවා නම්//

      ගබ්සාවක් කරන කාන්තාවක් ශාරීරික වගේම සහ මානසිකව ලොකු වැටීමක් වෙනවා. ඒ නිසා,

      අජිත් කියන ඔය කාරණා 3 ට හොඳම විසඳුම නම් ගබ්සාව නෙවෙයි, උපත් පාලන ක්‍රම. උපත් පාලන ක්‍රම ගැන ඇති මිත්‍යා මත දුරලීමත්, උපත් පාලන ක්‍රම ගැන පාසල් වයසේ සිට දැනුවත් කිරීමත් මගින් ඔය 3ම ලොකු අමාරුවක් නැතුව වලක්වගන්න පුළුවන්. දුෂණයකදී වුනත් ECP භාවිත කිරීමෙන් ගැබ් ගැනීම සම්පූර්ණයෙන්ම පාහේ වලක්වාගත හැකියි නේ.

      ගබ්සාවට දැන් විරුද්ධ ආගමික කල්ලි වුනත්, උපත් පාලන ක්‍රම පාසල් වයසේ සිට උගන්වන්න විරුද්ධ වෙන්නේ උප-ගුරු සංගම් කල්ලි.

      මෙතැන තිබෙන්නේ එක එක කල්ලි වල කැමැත්ත රටේ නීතිය බවට පත් කරන්නට යාම පිලිබඳ ගැටළුවක්.

      Delete
    4. මහත්මයා :
      /දුෂණයකදී වුනත් ECP භාවිත කිරීමෙන් ගැබ් ගැනීම සම්පූර්ණයෙන්ම පාහේ වලක්වාගත හැකියි නේ.// දුෂනයකදී ඔය කියන්නේ දුෂණයට ලක්වන කාන්තාවට උපත් පාලනය පාවිච්චි කරනන් කියල. ඔබ හොඳ සිශියෙන්ද කතා කරන්නේ ?
      ගැහැණු ළමයෙකු (ඔය ඉන්දියාවේ, ස්පාඤඤ යේ මේ දිනවල් හෙම සිදුවූ ) සුධන (rape ) වල තරුණියට ගහල සමහර වෙලාවට සිහි නැති වනතුරු ගහල තමා උන් දුෂණය කරන්නේ. ඔය කියන්නේ - හා කට්ටිය දුෂණය කරනන් කොපු දාල ?

      පුදුම කතාවක්.?

      අනික පාසල් වයසේ සිට උපත් පාලනය කියා දුන්න වුනත් දුෂණ වුනොත් දුෂණය කරන එකාට කියන්න ඕනේ අනේ මේ කොපුඅව දාගෙන මාව දුෂණය කරන්න කියල. යකාගේ තර්ක.

      දිළිඳු කෙනෙකුට නම් ඔය කතාව කියන්න පුළුවන්. මෙක්සිකෝව වගේ රටවල් දිළිඳු අයට උපත් පාලන පෙති හා කොපු ලබා දෙනවා. ඒක හොඳයි. එතැන විතරක් මම ඔබ කියන දෙයට එකඟයි.

      නමුත් හදිසි දේ වෙන්න පුළුවන්. කොපුව හරියට වැඩ නොකිරීම, පෙති හරියට වැඩ නොකර පිළිසිඳ ගන්නා අවස්ථා තිබෙනවා. එවැනි වෙලාවක මවට අයිතිය දිය යුතුයි තීරණය කරන්න.
      ඔබට හෝ මට විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් ඇඟ ඔබෙවත් මගේවත් නෙමේ. ඇගේ.

      Delete
    5. මං හිතන්නේ ඔබ කියවා තිබෙන්නේ හොඳ සිහියෙන් නොවේ. ECP යන යෙදුම Emergency Contraceptive Pill වෙනුවෙන් යොදන බව ඔබ නොදන්නවා විය නොහැකියි :D. ECP ගැනීමට සුදුසුම කාලය පැය 24ක් තුල වුනත් පැය 72 දක්වා ප්‍රතිඵල තිබෙනවා. දැනට ලංකාවෙත් දුෂණය වුන අවස්ථා වල Jadelle Implantation වැනි දේ කරනවා. හම්බන්තොට රෝහලේ එවැනි Jadelle Implantation සැත්කමක් ස්ථිර උපත් පාලන සැත්කමක් කළා යයි වැරදි වැටහ ගැනීමක් නිසා උසාවියේ අලකල්න්චියකුත් මෑතක ඇති වුනා මතක ඇති.

      බොහෝ දේ දන්නා ඔබ සහ අතර වෙනස නොදන්නා බවද මම තේරුම් ගත යුත්තේ ? එහෙම නැති නම් ඔබ කියවා තිබෙන්නේ හොඳ සිහියෙන් නොවෙන බවද ?

      නැත්තන් ගබ්සාව ගැන ඔස්තාර් අදහස් දක්වන මහත්තුරුන්ද අදහස් දක්වන්නේ Emergency Contraceptive Pill ගැනවත් හරි හැටි නොදැන බවද ? :D :D

      කොන්ඩමයක් වුවද ඉරී ගිය බව පැහැදිලිව පෙනුනොත් ECP භාවිත කරන්න ගම්වල පවුල් සංවිධානයේදී පවුල් සෞඛ්‍ය සේවිකාව පවා කියා දෙනබව බව වත් දන්නේ නැද්ද ඇත්තටම ඔබ තුමා ? :D

      Delete
    6. බොහෝ දේ දන්නා ඔබ condom සහ Emergency Contraceptive Pill අතර වෙනස නොදන්නා බවද මම තේරුම් ගත යුත්තේ ?

      යනුවෙන් නිවැරදි විය යුතුයි.

      Delete
    7. අපොයි නැහැ හොඳ සිහියෙන් මහත්මයා. අර වෙනත් තැනක මහත්මයෙක් කියනවා වගේ මේ ලිපියේ දත්ත ඇමෙරිකාව ගැන තියෙන්නේ. ඒ නමුත් ECP එක හරියන්නේ රේප් එකක දී එම තැනැත්තිය පැය 24 තුල එය ගන්නවා නම් පමණයි. ඇමෙරිකාවේ වුනත් ඕක 100% වෙනවද? උදාහරණයක් වශයෙන් කිඩ්නැප් කරලා රේප් කරපුව කොපමන් ඇමෙරිකාවේ වෙලා තිබෙනවද?
      මේ නිතිය දාන්නේ ලංකාවේ. ලංකාවේ ළමා රේප් වලින් කීයකට ඔය පැය 24 තුල දුන්නොත් සාර්ථක ප්‍රතිපල අත්වෙන ECP දෙන්න පුලුවන්ද? නිකන් දෙන බෙහෙත් ටිකත් නැති රටේ. ඉන්දියාවේ රේප් කීයකට ඕක කරන්න පුලුවන්ද? එංගලන්තයේ නම් සෑහෙන්න සාර්ථක වෙයි.
      එකක් අධ්‍යාපනය, දෙක වැඩිහිටි තරුණියක් ඒ ගැන බොහෝ විට දැන සිටීම. නමුත් ඉක්මනින් පොලිසි නොගියොත් , හොස්පිටල් නොගියොත් ඕක හරියන්නේ නැහැ. උපත් පාලනය කියන එක (ECP ) එන්නෙත් ඒ ගණයට දුෂණයෙන් ගැබ් ගැනීමට අදාල කරන්න පුළුවන් වෙන්නේ ඉතා අඩු වශයෙන්. ලනක්ව ඉන්දියාව වගේ රටවල් තවම් බටහිර රටවල් තත්වෙට ඇවිත් නැහැ. මම ලංකාවේ අනුමැත කල ගබ්සා නිතියට පක්ෂව කතා කරන්නේ.

      Delete
    8. BTW we call it here "Morning After Pill" (To stop emergencies :))

      Delete
    9. සමාවෙන්න , වෙන කෙනක් එක්ක මේ ගැන සාකච්චා අක්රමින් සිටින විට දැන ගත්ත මම වැරදි බව.
      //ඒ නමුත් ECP එක හරියන්නේ රේප් එකක දී එම තැනැත්තිය පැය 24 තුල එය ගන්නවා නම් පමණයි.// පැය 24 න් පසුව ගත්තත් බල පානවලු, මෙහෙම එකක් මම දැනගෙන හිටියේ නැහැ. තව දුරටත් සොයා බලන්නම්.

      Delete
    10. මෙහෙම එකක් හොයා ගත්ත.
      http://www.medscape.com/viewarticle/824148
      මේ ලිපියේ තියන විධිහට (ඇමෙරිකන් සමීක්ෂණයක්)
      If LNG is used within the first 24 hours of exposure, pregnancy rates are approximately 1.5%. As time elapses between 48 and 72 hours, the pregnancy rate increases to 2.6%

      ඒ කියන්නේ පරක්කු වෙන්න වෙන්න ගැබ් ගන්න සම්භාවිතාව වැඩියි. එනිසා මම මගේ මුල් මතයේම ඉන්නවා. දුෂණයක් වී ගැබ් ගත්තේ නම් තරුණියට ගබ්සාවක් කිරීමට අවශ්‍ය නම් (මාස 3 ක් ඇතුලත ) නීතිමය ආවරණයක් ඒ සඳහා දිය යුතුයි. ඔබ කියන උපත් පාලනය හැම විටම හරියන්නේ නැහැ. වඩා දියුණු සමාජයක නම් එවැන්නක් කළ හැකි සම්භාවිතාව නම් වැඩියි.

      Delete
    11. ECP ගැන අවශ්‍ය කරුණු පැහැදිලි සිංහලෙන් දැනට වසර 6කට පෙර 2011 වසරේදී http://www.nursinglk.com බ්ලොග් එකේ ලබාදී තිබෙනවා. එකල මේ ලිපියට අති විශාල ප්‍රසිද්ධියක් ලැබුණා. බොහෝ වෙබ් මෙය උපුටා පල කළා. කියවලාම බලන්න.

      http://www.nursinglk.com/2011/11/68.html

      කෙනෙකු බාගෙට දැනගැනීමට අකමැති නිසා මම මෙතන ඖෂධයේ නම ලියන්නේ නෑ. නමුත් ඒ ලිපියේ පැහැදිලි කිරීම් සහිතව නම ඇතුළු සිය විස්තර ලියා තිබෙනවා.

      මේ ඖෂධ වල මිල 2011 දී රුපියක් 100ක් පමණයි. දැන් ඕනේ නම් වැඩිම රුපියක් 150ක් වෙනවා ඇති. ඕනෙම කෙනෙකුට පහසුවෙන් ගන්න පුළුවන්.


      ප්‍රධාන ගැටලුව මේවා ගැන නොදැන සිටීම සහ මේවා ගැන ඇති මිත්‍යා මත.

      පැහැරගෙන ගිහින් රඳවාගෙන දුෂණය කිරීම ලංකාවේ අඩු වශයෙන් වුනත්, බහුලව වෙන දෙයක් නොවෙයි. 95% පමණ දුෂණ වෙන්නේ පවුලේ හිතවතෙක්, පෙම්වතා හෝ ඥාතියෙක් අතින්. බොහෝ දුෂ්‍ය කිරීම් වලදී දැනුවත් කමක් තිබේ නම් පැය 24ක් තුල භාවිත කිරීමට හැකියාව තිබෙනවා. නොදැනුවත් කමයි ලොකුම ගැටලුව.

      දුෂණයකදී, ඔය ඔක්කොම අවස්ථා පහුවෙලා, ඔබ කියනවා වගේ පැහැර ගැනීමක් වී හෝ ඖෂධ ක්‍රියාත්මක නොවීම හෝ වෙන යම් හේතුවක් නිසා ගැබ්ගැනීමක් වුනොත් එය ඉවත් කරන්න මිසක් ගබ්සාව පළමු විසඳුම නොවෙයි.

      ගබ්සාවට යම් ඉඩක් දීමට මමත් පක්ෂයි. හැබැයි මෙහෙම නිකම්ම නිකම් නෙවෙයි. මුළු සමාජයටම අනපේක්ෂිත ගැබ්ගැනීම් වලක්වා ගැන හරි හැටි විවෘත්තව දැනුවත් කිරීමෙන් පසුව. ලිංගික අධ්‍යාපනය ටැබූ එකක් විදියට තියාගෙන සෞඛ්‍ය පද්ද්ම ළමයින්ට කියව ගන්න කියල ගුරුවරු මාරු වෙන වාතාවරණයක නෙවෙයි.

      Ajith DharmaSeptember 11, 2017 at 7:20 AM පිළිතුර ඔබ ලියා තිබෙන්නේ ECP යන්න condom යයි තනිකරම වැරදි අවබෝධ කරගැනීමක් මත හෝ හරියට කියවන්නේ නැතුව නොවෙයි නේදැයි මම නැවත නැවත අහන්නේ නෑ :D :D :D

      Delete
    12. ඔබ හරි. මම පිළිතුරක් ලිව්වේ ටිකක් කෝපයෙන් වගේ. සමා වෙන්න. එයට හේතුව ඔය කතාවමයි අයර්ලන්තයේ කතෝලික පල්ලිය කියන්නෙත්. මට උපත් පාලනය කරන්න කීම පේන්නෙම දුෂකයට කොන්ඩෝමයක් භාවිතා කරලා දුෂණය කරන්න කියනවා වගේ. morning after pill අයර්ලන්තයේ ගන්න පුළුවන් කම් තිබුනත් ගබ්සා කරගන්න වසරකට 300ක් වත් අයර්ලන්තයෙන් එංගලන්තයට එනවා ගබ්සාව තහනම් නිසා.දුෂණයට ලක්වූ අයෙකුට උපත් පාලන පෙති ගන්න කියන එකයි දුශකයට කොපුවක් භාවිතා කරනන් කියන එකයි අතරේ වෙනසක් නැහැ නීතිය සංශෝධනය කරන්නේ නැතිව. නිතිය් සංශෝධනය කරනවට කතෝලික සහ ප්‍රේස්බෙටිරියානු පල්ලි දෙකම විරුද්ධයි. ලනක්වේ බෞද්ධයන් නුත් විරුද්ධයි නේද?
      https://www.theguardian.com/world/2015/dec/15/almost-25000-women-travelled-from-ireland-abortions-last-five-years
      https://www.theguardian.com/world/2016/jan/07/abortion-law-catholic-church-northern-ireland-opposing-high-court-ruling
      ස්තුතියි.

      Delete
    13. ඉතා හොඳ සංවාදයක්. වැදගත් කරුණු රැසක් එකතු කිරීම ගැන දෙදෙනාටම ස්තුතියි! සොඳුරු සුව අසපුවේ ලිපියත් මා කලින් කියවා නොතිබුණු එකක්. එය ඉතා හොඳින් ලියා ඇති, විස්තරාත්මක කරුණු සහිත ලිපියක්.

      Delete
    14. දැන් මේ සිදුවීම බලන්නකෝ. මේක ගැන පෙරේද හුඟක් තිබුන. එක අප්ර්ටම අයින් වෙලා දැන් මේ වෙබ් අඩවියේ විතරයි තියෙන්නේ.
      http://lankaenews.com/news/6338/si
      දැන් මේ පිය දුෂණය කරපු දැරියට කවුරු හරි ඔය කියන ලාභ පෙත්ත දුන්න කියල හිතනවද? මම නම් හිතන්නේ නැහැ කියල.

      Delete
    15. //දැන් මේ පිය දුෂණය කරපු දැරියට කවුරු හරි ඔය කියන ලාභ පෙත්ත දුන්න කියල හිතනවද? මම නම් හිතන්නේ නැහැ කියල.//

      ඔව් එහෙම වෙන්න පුළුවන් අජිත් කියනවා වගේ. එකෙන් පැහැදිලි වෙන්නේ ඒවා ගැන දැනුවත් වීම සහ ඒ ගැන ක්‍රියාත්මක වීම හොඳටම මදි බව. අපි දැනගෙන හිටිය කියල අවශ්‍ය පුද්ගලයා ඖෂධ දෙන්න යන්නේ නැහැනේ. ඖෂධය ගන්න නම් අවශ්‍ය පුද්ගලයා දැනුවත් වීම සිදු වෙලා තිබිය ඉතාම වැදගත්. ඒ නිසාම තමයි පාසල් කාලයේ පටන් ලිංගික අධ්‍යාපනය ලබාදී සියලු වැසියන් ඒ ගැන දැනුවත් කිරීම් අවශ්‍ය වෙන්නේ.

      ගබ්සාවට මමත් විරුද්ධ නැති වුනත්, ගබ්සාව යන අන්තිම විසඳුම විය යුත්තේ වෙන කරන්නම දෙයක් නැති විටෙක පමණයි. ඒ අන්තිම තත්වයට යන්නේ නැතුව ගැබ්ගැනීම වලක්වා ගන්න එකයි වඩා හොඳ. මොනහේතුවක් නිසා හරි ගබ්සාවක් කරගත් ගැහැනියක් ඊට පසුව මානසිකව විඳවන ප්‍රමාණය කොතරම්ද කියා අවබෝධයක් තියෙන නිසා මම ඒ මතයේ ඉන්නේ. නැතුව ඔය විකාර රූපී ආගමික කල්ලි ගබ්සාවට විරුද්ධ නිසා නෙවෙයි.

      Delete
    16. ඕව ඔබත් සමග එකඟයි .
      මේ තව එකක්. ඊයේ පෙරේද. ඉන්දියාවේ අවුරුදු 10 ළමයෙකුට මම හෝ වෙන කවුරු හරි නිසා ළමයෙක් හම්බ වෙලා.
      //http://www.independent.co.uk/news/world/asia/india-rape-case-10-year-old-girl-baby-dna-test-uncle-not-father-supreme-court-abortion-a7945221.html//

      //මොනහේතුවක් නිසා හරි ගබ්සාවක් කරගත් ගැහැනියක් ඊට පසුව මානසිකව විඳවන ප්‍රමාණය කොතරම්ද කියා අවබෝධයක් තියෙන නිසා මම ඒ මතයේ ඉන්නේ/ මම ඔබත් සමග මේ කතාවට නම් එකඟ නැහැ. ඉගෙනීම නිසා හෝ වෙනයම් නිවාස ප්‍රශ්නයක් නිසා ගබ්සා කරන් ඉන්පසු නැවතත් ළමුන් හදාගෙන හොඳින් ඉන්න කිහිප දෙනෙක්ම මම පෞද්ගලිකව දන්නවා. ඔබ ඔය කියන ප්‍රශ්න ඔවුන්ට තිබෙනවා කියල නම් හිතෙන්නේ නැහැ. කෙනෙකුට ආදරය කරලා ඒ තැනැත්තා දාල ගියහම ගබ්සා කරගෙන විඳවන අය ඇති. නමුත් ටඑතන වෙන ප්‍රශ්නයක් තියෙන්නේ.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. පොඩි ගැටළුවක් තියෙනවා, මම හැමදාම මේ වගේ ලිපි කියෝනකොට මගේ හිතේ ඇතිවෙච්ච...

    [රෝග පාලන හා නිවාරණ කේන්ද්‍රය (CDC) වෙත වාර්තා කර තිබුණු දත්ත අනුව, 2013 දී ඇමරිකාව තුළ නීත්‍යානුකූල ගබ්සා 664,435ක් සිදු කර තිබුණේය. එම ආයතනය විසින් මෙසේ දත්ත එකතු කරන්නේ ඇමරිකාවේ ගබ්සා සේවා සපයන පුද්ගලයින් හෝ ආයතන වලින් සීමිත ප්‍රමාණයකින් පමණක් නිසා මේ ගණන අවම සීමාවකි.

    ඇමරිකාව තුළ සජීව දරු උපත් පහක් සිදුවන විට එක් ගබ්සාවක් සිදු වේ. මේ ගබ්සා වලින් 91.6%ක්ම සිදුකර ඇත්තේ කළලයේ වයස සති 13කට අඩුව තිබියදීය. එමෙන්ම මුළු ගබ්සා ප්‍රමාණයෙන් 22.2%ක්ම සිදු කර තිබුණේ වෛද්‍යමය හේතුවක් පාදක කර ගනිමිනි.
    ]

    මේ 'ඇමරිකාව' යෙදුම මම ගොඩක් ලිපිවල දැකලා තියෙනවා. ඒ කියන්නේ අපි අවිවාදයෙන් පිළිගන්නවද ඇමරිකාව අපේ දර්ශීය රට කියල? නැතිනම් අපි වෙනත් රටක සංඛ්‍යාලේඛන වලට විවෘත නැති නිසාද? ( මෙය අවරගණයේ නෙගටිව් අදහසක් හෝ පුද්ගලික විවේචනයක් ලෙස ගන්න එපා. මම මෙය වැඩිපුරම දැකලා තියෙන යෙදුමක් - වෙනත් ලිපි වලත්)

    මගේ පුද්ගලික ආකල්පය මෙතැන ලියන්නේ නැහැ. නමුත් සමාජයක් විදියට බැලුවහම මෙවන් සේවාවක අවශ්‍යතාවක් අපිට තියෙනවා. දැනට උනත් පරිවාස සහ අනාථ නිවාසවල තත්වය දිහා බැලුවහම එවන් සේවාවක් ගැන විස්වාසයක් තියාගන්න බැහැ. නමුත් එවන් අතහැරදැමීමක් කරන මවකගේ මානසික තත්වය බැලුවහම ඔවුන් එවන් පරිස්සමක් ගැන හිතයි කියලා හිතන්න අමාරුයි. ඒ නිසා අලුත උපන් ළමයාගේ ඉරණම ගැන සමාජයක් විදියට තමයි හිතන්න වෙන්නේ. ලංකාවේ දරුවන්ගේ සුරක්ෂිතතාවය නම් බොහොම අඩු බව තමයි දකින්නට ලැබෙන්නේ. ඒ නිසා මෙවන් සේවාවක් මත පැටවෙන වගකීම සෑහෙන වැඩියි. එය දරන්න පුළුවන් මට්ටමකට එනකල් උනත් යම් මට්ටමකින් තිබියයුතු දෙයක් කියලයි මම හිතන්නේ.

    දෙමවුපියෝ ඉපැද්දුවත් , දරුවන් අයිතිවෙන්නේ ඇත්තටම සමාජයට. එවැනි මානසික පසුබිමක් තිබේ නම් මෙවන් සේවාවන් වලින් සෑහෙන වැඩකොටසක් කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඉකොනෝ ඔහුගේ හේතුව කියාවි. මෙය අපිත් මුහුණ දෙන සාමාන්‍ය ප්‍රශ්නයක් නිසා අපටත් අදහසක් කියන්න ඉඩ දෙන්න.

      ඇමරිකාවේ පර්යේෂණ සහ සංඛ්‍යාන ව්‍යුහයන් ඉතා පැහැදිලි, ශක්තිමත්, පහසුවෙන් ලඟාවිය හැකි ඒවා. එමෙන්ම, අප සේවය කරන ආයතන විසින් මුදල් ගෙවා ඇති නිල ප්‍රවේශයන් හරහා බොහෝ විට මෙම දත්ත අඩංගු ජර්නල සහ ඩේටා බේස් වලට නොමිලේ ප්‍රවේශ විය හැකි කමත් තිබෙනවා.

      ජපානය සහ දකුණු කොරියාව සමාජයීය වශයෙන් දියුණු රටවල්. නමුත් ඒවායේ ඉංග්‍රීසියෙන් ඇති ලියවිලි අඩුයි. එමෙන්ම දත්ත එම දත්ත අමෙරිකාවේ තරම් පැහැදිලි ප්‍රසිද්ධ දත්ත නෙවෙයි. සමහර ඒවා ලබාගන්නත් ලේසි නැහැ . එමෙන්ම, හැකිලෙන ජනගහනයක් සහිත ජපානය වැනි ප්‍රජාවක දත්ත මුළු ලෝකයටම විස්තීරණය කරන්නට පුළුවන්කමක් නැහැ. ඔස්ට්‍රේලියාව නවසීලන්තය හෝ දියුණු ස්කැන්ඩිනෙවියානු රටවල තිබෙන්නේත් සුවිශේෂී තත්ව. කලක් එක් දරු ප්‍රතිපත්තියේ සිටි චීනය සැලකුවත් එහෙමයි.

      විවිද සමාජ ස්තර මෙන්ම බහු සංස්කෘතික පසුබිම් සහිත සමාජීය පර්යේෂණ සඳහා බොහෝ ස්තර නියෝජනය වෙන භූමියක්. විවිධ ආහාර පුරුදු ඇති ජාතීන් විශාල ප්‍රමාණයක් මෙන්ම විශාල පරාසයක ජානමය වෙනස්කම් ඇති, මිනිසුන් සිටින නිසා පිළිකා රෝග දියවැඩියාව වැනි වෛද්‍ය පර්යේෂණ සඳහා වුවත් හොද තැනක්. ඉතාම සමජාතීය සමාජයක් ඇති ජපානය වැනි රටක් එවැනි දෙයක් ගැන කතා කරන්න සුදුසු සාම්පලයක් නෙවෙයි.

      ඒ හැරුණු විට ඉකොනෝ ජීවත් වෙන්නේ ඇමරිකාවේ නිසා ඔහුට ඇමෙරිකාව යනු සාකච්ඡා කරන්නට වඩාත් විශ්වාසදායී සාම්පලයක් වෙන්නත් පුළුවන්. අප ජීවත් වෙන රටේ ක්‍රමවෙධයන්ට අපි හුරු පුරුදු බැවින් ඒවා සලකමින් සංසන්දනය කිරීම බොහෝවිට සිදුවෙන දෙයක්.

      මම ජීවත්වෙන්නේ අමෙරිකාවේ නොවුනත් ඇමෙරිකාව මෙවැනි සාකච්චාවන් සඳහා මොඩලයක් ලෙස යොදාගන්නට සුදුසු යයි සිතනවා. අධිවේගී දුම්රිය හැරුණු විට බොහෝ දේවල් ගැන සංසන්දනය කරන්නට ඇමෙරිකාව නුසුදුසු නැති බවයි පෙනෙන්නේ.

      Delete
    2. Thanks AnonymousSeptember 11, 2017 at 3:24 AM

      හ්ම්ම් පිළිගතහැකි මට්ටමේ ඉදිරිපත්කිරීමක්. ඒ කියන්නේ ඇමරිකාවේ උන් දන්නේ නැහැ උන් ඔක්කොම ඉන්නේ සජීවී පර්යේෂණාගාර දර්ශකයක් වෙලා කියල? අම්මේ!!

      එතැනදී මට තවත් ගැටළුවක් එනවා. ඒ තමයි ඔබ කියන මේ
      [විවිද සමාජ ස්තර මෙන්ම බහු සංස්කෘතික පසුබිම් සහිත සමාජීය පර්යේෂණ සඳහා බොහෝ ස්තර නියෝජනය වෙන භූමියක්. විවිධ ආහාර පුරුදු ඇති ජාතීන් විශාල ප්‍රමාණයක් මෙන්ම විශාල පරාසයක ජානමය වෙනස්කම් ඇති, මිනිසුන් සිටින නිසා පිළිකා රෝග දියවැඩියාව වැනි වෛද්‍ය පර්යේෂණ සඳහා වුවත් හොද තැනක්. ඉතාම සමජාතීය සමාජයක් ඇති ජපානය වැනි රටක් එවැනි දෙයක් ගැන කතා කරන්න සුදුසු සාම්පලයක් නෙවෙයි.]

      කොටසේදී.. මට ගැටළුවක් එනවා එවැනි තැනක දත්ත කොතරම් දුරට 'අපි වගේ' රටකට යොදවන්න ප්‍රයොගිකද කියල. අපෙත් එතරම් විවිධත්වයක් තියෙන රටක් නෙවෙයි. ඔන්න ඉන්දියාව වගේ නම් හිතන්නවත් පුළුවන්.

      Delete
    3. විශාල පරාසයක සිටියා වුනත් ඇමෙරිකාවේ පරාසයත් ඉන්දියාවේ පරාසයත් අවස්තාවන් අනුව එක වගේ නොවෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස, කාන්තාවක් අධික බීමත් කමෙන් පසුව කැමත්තෙන් වෙන අනාරක්ෂිත ලිංගික එක්වීම් මගින් ඇමෙරිකාවේ ගැබ්ගැනීම් සැලකිය යුතු ප්‍රමාණයක් සිදු වෙන නමුත්, ඉන්දියාවේ එය බෙහෙවින් අඩු වෙන්න ඕනේ. ජාන අනුව ගත්තත් ඉන්දියාවේ පරාසය ඇමෙරිකාවට වඩා ඉතා පටුයි.

      ඇමෙරිකාවේ විවිධ ජාතීන් සහ සංස්කෘතික පසුබිම් නියෝජනය වෙන නිසා එය, එක රටක් සලකා බැලීමෙන් ලෝකයේ සිදුවීම් ගැන අදහසක් ගන්න දරන උත්සාහයකදී අනෙක් රටවලට වඩා සුදුසු සාම්පලයක්. එම අධ්‍යනයන්ගේ නිගමන සාපේක්ෂව වැඩි නිරවද්‍යතාවයක් සහිතව ලෝකයටම විස්තීරණය කරන්නත් පුළුවන්.

      නමුත් අනෙක් අය ඒ නිගමන අදාළ කර ගත යුත්තේ සුදුසු සංශෝධන සහිතව. අපිට ලංකාවේ දත්ත හරි හැටි නැති වෙලාවක ජෙනරල් සිටුවේෂන් එක කතා කරන්න ලෝකේ අනිත් මිනිස්සු කොහොමද මේවගේ දේවලදී උත්තර සොයන්නේ කියන එක කතා කරන්න, පුළුල් සමාජයක් තිබියදීත් එකී ගැටලුවේදී යම් සාර්ථකත්වයක් අත් කරගත් අවස්ථාවක ඇමෙරිකාව වැදගත්.

      Delete
    4. ලිඛිතා මතු කරන කරුණ වැදගත් කරුණක්. මගේ ලිපි වලනම් ඇමරිකාව ගැන වැඩිපුර කතා කරන්නේ ලංකාව හැරුණු විට මම වැඩිපුර දන්නේ ඇමරිකාව ගැන නිසයි. ලිපි ලියන විට ඇතැම් අමතර කරුණු සොයා බලා තහවුරු කරගෙන එකතු කළත්, ලිපියක් ලියන්න පටන් ගන්නේ දන්න දේවල් ආශ්‍රිතවයි. ඇමරිකාව හැර වෙනත් රටවල් ගැන මගේ දැනුම සීමිතයි. ඊට අමතරව, පහළ ඇනෝ විසින් එකතු කර ඇති කරුණු සියල්ලත් ඇත්ත. ඇමරිකාවේ ඕනෑම විෂයයක් හා අදාළව පහසුවෙන් ලබාගත හැකි සංඛ්‍යාලේඛණ විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඇනෝ විසින් පෙන්වා දී ඇති පරිදිම ඇමරිකාවේ ජීව විද්‍යාත්මක විවිධත්වය ඉන්දියාවට වඩා ගොඩක් වැඩියි. සෑම සමීක්ෂණයකදීම වාගේ නියැදි තෝරා ගැනීමේදී සුළුතර කොටස් වලින් ඔවුන්ගේ ජනගහණයේ සිටින අනුපාතයට වඩා වැඩි ප්‍රතිශතයක් තෝරා ගැනීමත් (oversampling) කෙරෙන නිසා මේ විවිධත්වය තවත් වැඩි වෙනවා. නමුත්, ඔබ කියනවා වගේම එතරම් විවිධත්වයක් නැති ලංකාව වැනි තැනකට මේ ප්‍රතිඵල ආදේශ කිරීමේදී සැලකිලිමත් විය යුතු බව ඇත්ත. ලංකාවේ දත්ත සොයා ගත හැකි හැම විටකම වාගේ මම ලංකාවේ දත්ත මගේ (මේ බ්ලොග් එකේ පළවන) විශ්ලේෂණ සඳහා යොදාගන්නවා. එසේ නැති විට දත්ත ගන්නේ මම වැඩිපුර දන්න ඇමරිකාවෙන්. තවත් ඇතැම් විට හිතාමතාම ලංකාව ගැන කතා නොකර ඇමරිකාව ගැන කතා කරන වෙලාවලුත් තියෙනවා. ඒ ලංකාව හා අදාළ උදාහරණ ගෙන ඇතැම් දේ කතා කළ විට ඇතැම් අය හඳ දෙස නොබලා ඇඟිල්ල දෙස බලන නිසා. ඒ වගේම, මෙහි කතා කරන බොහෝ දේ සාමාන්‍ය මිනිසුන්ගේ තේරීම්. සාමාන්‍ය මිනිසුන්ගේ තේරීම් ගැන කතා කරන විට, හැම විටම නොවුණත් බොහෝ කරුණු හා අදාළව, රට එතරම් වැදගත් නැහැ. ඇමරිකාවේ සිදුවන දේ ඒ අයුරින්ම ලංකාවේ සිදුවිය යුතු බව මම කිසිවිටකත් යෝජනා කරන්නේ නැහැ. නමුත්, එක් අයෙක් රෝදය හොයාගත් පසු එය අලුතින් හොයාගන්න අවශ්‍ය වන්නේත් නැහැ. රෝදය ප්‍රයෝජනයට ගත හැකි ආකාර ගැනයි එවිට සිතිය යුත්තේ. මම උත්සාහ කරන්නේ මට දකින්නට ලැබෙන මෙවැනි රෝද පෙන්වන්නයි.

      Delete
  5. කෝ මේ මැන්ටල් ඩොකා ? එයා ගේ මනංකල්පිත මනෝ විග්‍රහය කෝ? කැනඩාවෙත් මෙහෙමද ?

    ReplyDelete
    Replies
    1. ඉකොනොමැට්ටා ගේ මේවගේ ලිපි දුටුවිට එයා නොදැක්කා වගේ හිමිහිට මග හැරලා යනවා මනංකල්පිත මනෝ විග්‍රහය වල් ලියලා ඔහුට තර්ක කරන්න බෑ. එයා කියන දේ අපි පිළිගන්න ඕනේ
      එකයි එයාගේ තියරිය ...පුක තමයි

      Delete
    2. කරුණාකර අපහාසාත්මක ප්‍රතිචාර සඳහා මෙය යොදාගන්න එපා.

      Delete
  6. ගබ්සාව සම්බන්ධව ඇමැරිකාව තුළ හොදම නීතිමය ප්‍රතිපාදන ඇති බව පෙනේ

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ නීති කියන්නේ රටේ මිනිස්සුන්ගේ කැමැත්ත. කැමැත්ත වෙනස් වන විට නීතිත් වෙනස් වෙනවා. එසේ නැතුව කවුරු හෝ දක්ෂ පාලකයෙක් විසින් රටට හොඳ නීති සම්පාදනය කිරීමක් නෙමෙයි වෙන්නේ. ලංකාවට දිගුකාලීනව වටින්නේ වඩා හොඳ තනි නීති සම්පාදනය කර ගැනීමට වඩා, මිනිසුන්ගේ කැමැත්ත හා අවශ්‍යතාවය පරිදි නීති සම්පාදනයට දායක වීමට රටේ වැඩි දෙනෙකුට අවස්ථාව සැලසෙන දේශපාලන වටපිටාවක් ඇති කර ගැනීමයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ එයයි.

      Delete
  7. ඉකොනෝ, ඉතා හොඳ වටිනා ලිපියක්.
    ගබ්සාව ගැන කථා කරන කාලයේ සැබැවින්ම කථා කල යුතු තැනකට මේ සාකච්චාව ගෙන ඒමට ඔබ සමත් වෙලා.
    ඝබ් ගැනීමක් සිදුවෙන්න බලපාන දහසකුත් එකක් හේතු අතරේ ඉන් වැලකීමට ක්‍රම කියන එක අත්තෙන්ම ප්‍රායෝගික වෙන්නේ නැහැ. සම්මත විවාහය තුල පවා අනන්ත අනපේක්ශිත ගබ් ගැනීම් සිදුවෙනවා.
    එසේම මෙහි එක් කොමෙන්ට් කරුවෙකු අජිත් සමග වාදයක පැටැලී තියෙනවා දූශණයකට ලක් වූ දැරියකට ගැබ් ගැනීම් වැලැක්වීමේ ඖශධ මගින් ප්‍රඨිකාර කිරීම හා ඒ ගැන දැනුවත් බාවය ඇති කිරීම පිළිබඳව.
    ඇත්තෙන්ම පාසැල් වියේ සිට දැනුම දීම හරහා මේ ව්‍යසනය යම් තරමකින් අවම කල හැකියි කියන එක හැමෝම පිළිගන්නවා ඒත් එහි සත්‍යා තත්වය කොහේ හෝ දත්ත මගින් සහතික කර ඨහිදයි දන්නේ නහැ. ලාබාල වයසේ දරුවන්ට මෙවැනි දැනුම ලබා දීම නිසාම ඔවුන් ලිංගිකත්වයට හා අත්හදා බැලීම කිරීමට පෙළැබෙන්නටත් ඉඩ තියෙනවා. ඒ එක් පැත්තක්.

    ඉකොනොගේ මූලික මාතෘකාව වූ උපන් දරුවන් මවකට අනන්‍යව හැරදමා යාමේ හැකියාව සමාජයක් විසින් බිහි කිරීම අතිශයින්ම උත්කෘශ්ට හා දියුනු සමාජ භාවිතාවක්. ලංකාවේ ගබ්සාවට එරෙහිව කෑගස උන්ට මෙතැන ඉතා හොඳ මාර්ගයක් පෙන්වා දී තිබෙනවා.
    ලංකාවේත් මෙවැනි පහසුකම් සලසන්නට හඬ නගන්න. දූශනයට ලක් වූ ගැහැණිය දඬු කඳේ ගසනවා වෙනුවට කිසිවෙකුට අනවශ්‍යව උපන් දරුවෙකුට ජීවිතය දෙන මගක් ඉල්ලා කෑ ගසන්න.
    ලෝකයේ මෙවැනි ප්‍රවනතා අපේ සාකච්චාවට බඳුන් කිරීම ඉකොනෝ කරගත් මහත්ම පුන්ය කර්මයක්.

    ReplyDelete
    Replies
    1. //සම්මත විවාහය තුල පවා අනන්ත අනපේක්ශිත ගබ් ගැනීම් සිදුවෙනවා.//

      // ලාබාල වයසේ දරුවන්ට මෙවැනි දැනුම ලබා දීම නිසාම ඔවුන් ලිංගිකත්වයට හා අත්හදා බැලීම කිරීමට පෙළැබෙන්නටත් ඉඩ තියෙනවා. ඒ එක් පැත්තක්.

      ඉකොනොගේ මූලික මාතෘකාව වූ උපන් දරුවන් මවකට අනන්‍යව හැරදමා යාමේ හැකියාව සමාජයක් විසින් බිහි කිරීම අතිශයින්ම උත්කෘශ්ට හා දියුනු සමාජ භාවිතාවක්. ලංකාවේ ගබ්සාවට එරෙහිව කෑගස උන්ට මෙතැන ඉතා හොඳ මාර්ගයක් පෙන්වා දී තිබෙනවා.//


      ඔවු ඔවු !! ළමයින්ට ඔය ලිංගික අධ්‍යාපනය උපත් පාලනය වගේ එවුව කියල දුන්නම ළමයි ඕවා අත් හදා බලන්න පුළුවන්. අනික ඕව කියල දුන්නම මේ ගැටළු අවම කරන්න පුළුවන් කියල දත්ත මගින් ඔප්පු කරලත් නෑනේ.

      LOL එක නිසා ඕව කියල දෙන්නේ නැතුව ළමයින්ට ඕව කුණුහරුප පත්තරේකින් ඉගෙනගන්න ඇරලා ඕනේ දෙයක් කරගන්න ඉඩ දීල නුවමනාවෙන් ගැබ් ගත්තාම කෙලින්ම ගබ්සා කරලා දාන එකයි තියෙන්නේ, නැත්තන් දරුකමට හදාගන්න වෙන කාට හරි දීල දාන්න ඕනේ, ගබ්සාවට විරුද්ධව කෑගහන එවුන්ට පේන්නත් එක්ක. LOL

      :D :D :D :D :D :D

      නයනේ - සිතුවිළිSeptember 11, 2017 at 11:01 PM

      මේවනෙ හැබෑට සිතුවිලි. නල්ලමලේ සිතුවිලි අප්පා :D

      Delete
    2. ඇනෝ කෙනෙකු විසින් දරුනු ප්‍රහාරයක්.
      ස්තුතියි සහෝදරයා මගේ පෙළිතුර කියැවීම ගැන.

      මා කිසි දිනක ගබ්සාවට පක්ෂව හෝ විපක්ශව හඬ නගන්නෙක් නොවෙයි. ඒත් ගැහැනියකගේ දුක තමන්ගේ ලිංගික භාවිතය පෝශනයට යොදාගත හැකිවීම නිසා අවිඤ්ඤානිකව ගැහැණුන් දුක් විඳීම් අපේක්ෂා කරන පිරිමින්ගේ නොපැසුනු අමු මානසිකත්වය පිටු දකින්නෙක්.

      ඕනැම දෙයක විවිධ වූ අන්තයන් ඇති නිසා මා අනවශ්‍ය බරක් යොදා ලිංගිකත්වය ගැන කියා දීමේ අනෙක් පසක් ගැන මතයක් පල කලා විනා එය නොකල යුතු දෙයකැයි කිසි විට කීවේ නැහැ.

      නූතන අද්‍යාපන ක්‍රමයම වරදාගෙන ඇත්තේ සාමාන්යකරණයෙන් අධ්‍යාපනය ලබා දීමට තැත් කිරීම හරහායි මේක් මුලාවක්.

      අනෙක ගබ්සාවට හේතු දුරලීමත් එපානම්
      ගබ්සාවට මවගේ කැමැත්ත ඉඩ දීමත් එපා නම්
      දරුවා හදාගන්න දෙන්නත් එපානම්,
      අවශ්‍ය වන්නේ දූශනයට ලක් වන දැරිය ලාබාල මවක් වී ජීවිතේ ඉතිරි කාලය ගනිකා නිවාසයක වැඩට යාමද?

      Delete
    3. //අනෙක ගබ්සාවට හේතු දුරලීමත් එපානම්
      ගබ්සාවට මවගේ කැමැත්ත ඉඩ දීමත් එපා නම්
      දරුවා හදාගන්න දෙන්නත් එපානම්,
      අවශ්‍ය වන්නේ දූශනයට ලක් වන දැරිය ලාබාල මවක් වී ජීවිතේ ඉතිරි කාලය ගනිකා නිවාසයක වැඩට යාමද?//

      හරියට හරි. ඔය දැන් අපූරුවට සිතුවිලි ගලාගෙන එන්නේ

      ඔන්න ඔය පිළිවෙල තමයි සුදුසුම. 1,2,3
      1. ගබ්සාවට හේතු දුරලීම
      2. ගබ්සාවට මවගේ කැමැත්ත ඉඩ දීම
      3. දරුවා හදාගන්න දීම

      ඔය 1 කරන්න පුළුවන් ප්‍රජනනය කල හැකි වයසේ ගැහැණු පිරිමි දැනුවත් වීමෙන් පමණයි. ඔයා වගේ කොරහේ කිඹුල්ලු දකින අය හිටියත් ඒක කරන්න ඕනේම දෙයක්. වෙන කිසිම ක්‍රමයක් නැහැ. ගැබ් ගැනීමක් වෙන්නේ මොන ආකාරයෙන්ද නොවෙන්නේ මොන ආකාරයෙන්ද කියන එක වෛද්‍ය විද්‍යානුකූලව දන්නවා නම් ඔය නයනේ කියන ප්‍රොෆයිල් එකෙන් ආපු ඇනෝ කියා ඇති විවාහක යුවලකට වුනත් අනවශය ගැබ් ගැනීම වලක්වා ගන්න පහසුයි.

      2 සහ 3 තිබෙන්න ඕනේ එහෙම දැනුවත් වීමෙනුත් පසුවත් ගැබ්ගැනීමක් වලක්වා ගන්න බැරි වුණ කලාතුරකින් අවස්ථාවක පමණයි.

      එක වාක්‍යයකින් කියනවා නම්;
      නිවැරදි ලිංගික අධ්‍යාපනය පළමුව ගබ්සාව දෙවනුව. (නැතුව ගබ්සාව පළමුව නිවැරදි ලිංගික අධ්‍යාපනය දෙවනුව නෙවෙයි.)

      උපහාසයක් මිසක් දරුණු ප්‍රහාරයක් ඇත්තේ නෑ කලින් පිලිතුරෙත්. එහෙම පේනවා නම් ඒක නයනේ කියන ප්‍රොෆයිල් එකෙන් ආපු ඇනෝගේ තේරුම් ගැනීමට නොහැකි වීමේ ගැටළුවක් :D

      Delete
    4. ප. ලි.

      මගේ නම් ඔය පක්ෂත් නැති විරුද්ධත් නැති පතෝල න්‍යාය ඇත්තේ නෑ, හිටං
      මං නම් ලංකාවේ දැන් කරන්නට යන, කරුණු 2 දී ගබ්සාවට සඳහා අවසර දීමට පක්ෂයි.

      නමුත් ගහෙන් ගෙඩි එන්න වගේ නම් නෙවෙයි.
      නිවැරදි ලිංගික අධ්‍යාපනය පළමුව ගබ්සාව දෙවනුව. ඒකයි ලෝකයේ දියුණු රටවල් කර ඇති ක්‍රමය.

      Delete
    5. නයනෙටත් ඇටෑක් එකක් වගේ නේද? ප්‍රතිචාරයට ස්තුතියි! මේ හා අදාළ තවත් ලියන්න දේවල් තියෙනවා. ටිකක් වැඩ අධිකයි. පසුව තවත් ලිපියක් හෝ කිහිපයක් ලියවෙයි..

      Delete
    6. ඇටැක් එක නයනෙට නෙවෙයි. පිළිතුරට පමණයි. මගේ ලිවීමේ විලාශය ඔහුගේ ප්‍රතිචාරයේ විලාශයට ගැලපීම ඇටැක් කිරීමක් නෙවෙයි.

      Delete
    7. මේක සීරියස් ලියපු දෙයක් නෙමෙයි, ඇනෝ! වැඩිය ගණන් ගන්න එපා! :)

      Delete
  8. කතෝලික පල්ලිය කිසිම හේතුවක් නිසා ගබ්සාවට විරුද්ධයි. ඒවගේම ඔවුන් උපත් පාලනය ප්‍රචලිත කිරීමටත් අකමැතියි නේද? බේරුමක් ඇත්තේම නෑ.

    “The Vatican won't prosecute pedophile priests but I decide I'm not ready for motherhood and it's condemnation for me? These are the same people that won't support national condom distribution that PREVENTS teenage pregnancy.”
    ― Sonya Renee Taylor

    ReplyDelete
    Replies
    1. ප්‍රා මේ කියන තරුණිය මම දැන හිටි කේස් එකක්. පවුල එවැනි ආගමක. පියා තමන් හා පවුල වැදගත්, උසස් හෙම කියල සිතන කෙනෙක්. මුදල් සහ බලයක් තියෙන පවුලක්. ඒ ආගමේ උපත් පාලන පෙති හෝ ක්‍රම (කොන්ඩෝම පවා ) භාවිතය තහනම්. ඇය ගේ පෙම්වතා කියන තැනැත්තා රවට ගෙන ගිහින් දුෂණය කරලා , තවත් යහළුවන් දෙනෙන්කු සමග. දුෂණය කළ අය කළු ජාතිකයන්. ඇය සුදුයි. ලැබෙන දරුවා මිශ්‍ර. මව්පියන් කියල තියනවා ඉපදුනු ගමන් හදා ගන්න දෙනවා කියල වෙන රටක. ඇය කැමති වෙලා නැහැ. ගබ්සා කරනන් ඉඩ දීල නැහැ ආගම නිසා. ළමය තියා ගන්න බැහැ "පවුලේ තත්වය " නිසා. කෙල්ල සිය දිවි හානි කර ගත්ත.
      බටහිර මෙහම නම් ලංකාව ඉන්දියාව වගේ රටවල කොහොම ඇත්ද?

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget