වෙබ් ලිපිනය:

Tuesday, November 30, 2021

උතුරු මැද ගොඩ දා ගොඩ යා හැකිද?


ලංකාවේ පළාත් නවයෙන් ලොකුම පළාත උතුරු මැද පළාත. වර්ග කිලෝ මීටර 65,610ක් වන ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 10,472ක්ම තියෙන්නේ උතුරු මැද පළාතේ. ප්‍රතිශතයක් ලෙස 16.0%ක්. නමුත්, උතුරු මැද පළාතෙන් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය 5.4%ක් පමණයි. මේ ප්‍රශ්නය විසඳන්නේ කොහොමද?

හරිම සරලයි. කරන්න තියෙන්නේ විසඳන්න ප්‍රශ්නයක් නැති බව තේරුම් ගන්න එක පමණයි.

පළාතක භූමි ප්‍රමාණය හා එම පළාතෙන් දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය අතර සෘජු සම්බන්ධයක් තිබෙන්න හෝ තිබිය යුතු වෙන්න කිසිම හේතුවක් නැහැ. එහෙම සම්බන්ධයක් නොතිබීම ප්‍රශ්නයක් සේ පෙනීමම ශත වර්ෂ දෙක තුනකට පමණ පෙර පැවතුනු ලෝකය දිහා බලාගෙන හදපු න්‍යාය වලින් එහාට කිසි දෙයක් ගැන යාවත්කාලීන වී නැති අයගේ පසුගාමී අදහසක්. 

රටක නිෂ්පාදිතය හා භූමි ප්‍රමාණය අතර සම්බන්ධයක් තිබුණු කාලයක් තිබුණා. ඒ බොහොම ඉස්සර. කෝපි කාලෙටත් කලින්. ලෝකයේ භූමි ප්‍රමාණය සීමිත නිසා මිනිස්සුන්ට දියුණු විය හැක්කේත් එක්තරා සීමාවක් දක්වා පමණයි කියන අදහසටත් ඒ කාලයේ යම් පිළිගැනීමක් තිබුණා. මේ අදහසේම සාපේක්ෂව මෑතකාලීන වර්ෂන් එකක් වුනේ ලෝකයේ පොසිල ඉන්ධන සීමාසහිත නිසා පොසිල ඉන්ධන අවසන් වෙද්දී මිනිස් ශිෂ්ඨාචාරයේ දියුණුවත් නවතිනවා කියන එක. හැබැයි ඔය දෙකෙන් එකක්වත් වුනේ නැහැ.

සිංගප්පුරුවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 709යි. මුහුද ගොඩ කරලා එකතු කරගත් කොටසුත් එක්ක. සිංගප්පුරුවේ දදේනි ඇමරිකන් ඩොලර් බිලියන 340ක්. කසකස්ථානයේ භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 2,724,900ක්. ඒ කියන්නේ කසකස්ථානය සිංගප්පූරුව වගේ 3,843 ගුණයක් ලොකුයි. නමුත්, කසකස්ථානයේ දදේනි ඇමරිකන් ඩොලර් බිලියන 170ක් පමණයි. සිංගප්පූරුවේ ප්‍රමාණයෙන් බාගයයි. එතකොට මොන්ගෝලියාවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 1,564,116ක්. ඒ කියන්නේ මොන්ගෝලියාව සිංගප්පූරුව වගේ 2,206 ගුණයක් ලොකුයි. නමුත්, මොන්ගෝලියාවේ දදේනි ඇමරිකන් ඩොලර් බිලියන 14ක් පමණයි. ඒ කියන්නේ සිංගප්පූරුවේ දදේනි මොන්ගෝලියාවේ දදේනි වගේ 25 ගුණයක්.

දැන් මේ කසකස්ථානය, මොන්ගෝලියාව වගේ රටවල් මාක්ස්වාදී, සමාජවාදී, මධ්‍යගත සැලසුම් ක්‍රමයක් විශාල කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරමින් සූරාකෑම්, ආදායම් විෂමතා අඩු කරපු රටවල්නේ. ඒ නිසා, ධනවාදයයේ ප්‍රශ්නයක් කියලා කාටවත් ඇඟ බේරගන්නත් බැහැ. හැබැයි මේ වෙනසට ප්‍රධාන හේතුව සමාජවාදය නෙමෙයි. නූතන ආර්ථිකයකට වර්ධනය වෙන්න ඉඩම් අවශ්‍ය නැහැ. ඉඩම් තිබුණා කියලා නූතන ආර්ථිකයකට වර්ධනය වෙන්නත් බැහැ. එහෙම කවුරු හෝ හිතනවානම් ඒක යල් පැනලා, මුල් ඇදලා, අල බැහැලා, අලත් පැල වෙච්ච අදහසක්.

ආර්ථිකයේ ප්‍රමාණය භූමි ප්‍රමාණය එක්ක සසඳන එක කිසිම තේරුමක් නැති දෙයක් වුනත් ආර්ථිකයේ ප්‍රමාණය ජනගහණය එක්ක සසඳන එකේනම් තේරුමක් තිබෙනවා. උතුරු මැද පළාතේ ජනගහණය රටේ ජනගහණයෙන් 6.2%ක්. එහෙම බැලුවහම උතුරු මැද පළාතෙන් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය වන 5.4% පොඩ්ඩක් මදි. හැබැයි බස්නාහිර පළාත හැර ලංකාවේ අනෙක් හැම පළාතම තත්ත්වය ඕකයි. 

ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 39.1%කටම දායක වන බස්නාහිර පළාතේ ඉන්නේ රටේ ජනගහණයෙන් 28.7%ක් පමණයි.  බස්නාහිර දායකත්වය වැඩි නිසා, අනෙක් හැම පළාතකම ජනගහන අනුපාතයට වඩා දදේනි දායකත්වය ටිකක් අඩුයි.

යම් කිසි අයෙකුට හෝ ප්‍රදේශයකට ආදායම සේ ලැබෙන්නේ එම පුද්ගලයා හෝ ප්‍රදේශයේ වෙසෙන පුද්ගලයින් විසින් දළ දේශීය නිෂ්පාදනයට ලබා දෙන දායකත්වය. ඒකනම් කලින් අදහස වගේ පසුගාමී අදහසක් නෙමෙයි. ධනවාදී අදහසක්. එහෙම බැලුවහම උතුරු මැද පළාතේ සාමාන්‍ය ආදායම බස්නාහිරට වඩා අඩුයි. හැබැයි ලංකාවේ අඩුම සාමාන්‍ය ආදායම තිබෙන පළාත උතුරු මැද පළාත නෙමෙයි. තව පළාත් හතරක්ම තිබෙන්නේ ඊට පහළින්. කොහොම වුනත්, බස්නාහිර පළාත ඇරුනහම අනෙක් පළාත් අටේ සාමාන්‍ය ආදායම් අතර විශාල වෙනසක් නැහැ.

ඒ කියන්නේ කොළඹට කිරි පිටට කැකිරිද?

එහෙමමත් නැහැ. කොළඹ ජීවත් වෙන්නේ සහ වැඩ කරන්නේ කොළඹ ඉපදුණු අයම නෙමෙයි. උතුරු මැද ඇතුළු හැම පිට පළාතකම අය කොළඹට එනවා. ඒ එන්නේ දළ දේශීය නිෂ්පාදිතයට වැඩි දායකත්වයක් දිය හැකි අය. උතුරු මැද ඉතුරු වෙන්නේ එහෙම බැරි අය. ඒ නිසා, උතුරු පළාතේ සාමාන්‍ය ආදායම පහළ ගිහින් බස්නාහිර සාමාන්‍ය ආදායම ඉහළ යනවා. හැබැයි පුද්ගලයින් වශයෙන් ගත්තොත් උතුරු මැද ඉපදුනු කෙනෙකුට ලොකු අවාසියක් වෙලා නැහැ. 

අනෙක් අතට බස්නාහිර පළාතේ රැකියා කරන බොහෝ දෙනෙක් බස්නාහිර පළාතේ ස්ථිර පදිංචිකරුවෝ නෙමෙයි. අනුරාධපුරෙන් කොළඹ එන ගාමන්ට් නංගිලා, ස්පා නංගිලා බස්නාහිර පළාතේ දළ දේශීය නිෂ්පාදිතය වැඩි කළත් ඒ ආදායම උතුරු මැද පළාතට යනවා. පොළොන්නරුවෙන් කැම්පස් ගිහින් කොළඹ පදිංචි වෙලා ඉන්න දොස්තර අක්කලා, ඉංජිනේරු අයියලා බස්නාහිර පළාතේ දළ දේශීය නිෂ්පාදිතයට එකතු කරන දෙයිනුත් කීයක් හරි උතුරු මැද පළාතට යනවා. ඒ නිසා, උතුරුමැද පළාතේ දදේනි කියන්නේ උතුරුමැද පළාතේ ආදායම වුනත් උතුරුමැද පළාතේ පරිභෝජනයේ ප්‍රමාණය නෙමෙයි.


ඉතා පැහැදිලිවම උතුරු මැද පළාත ලංකා සිතියමේ ලොකුවට තිබෙන නිසා ඒ අනුපාතයට ඒ පළාතෙන් ලැබෙන දදේනි දායකත්වය වැඩි කරන්න සැලසුම් හදන එක ඉතාම සිඟිති, ඒ වගේම අන්තරායකාරී වැඩක්. ඔය වැඩේ අවසන් ප්‍රතිඵලය විදිහට තියෙන ජාතික ආදායමත් අඩු වෙන එක විතරයි වෙන්නේ.

හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. රටේ භූමි ප්‍රමාණයෙන් 16.0%ක් තියෙන උතුරු මැද පළාතෙන් දළ දේශීය නිෂ්පාදිතයේ කෘෂිකාර්මික කොටසට ලැබෙන දායකත්වය 8.7%ක් පමණයි. මෙයට සාපේක්ෂව රටේ ඉඩම් වලින් 5.6%ක් පමණක් තිබෙන, කුඩාම පළාත වූ බස්නාහිර පළාතෙන් දළ දේශීය නිෂ්පාදිතයේ කෘෂිකාර්මික කොටසට 9.7%ක දායකත්වයක් ලැබෙනවා. දෙවෙනි ලොකුම පළාත වූ, රටේ භූමි ප්‍රමාණයෙන් 15.2%ක් තියෙන නැගෙනහිර පළාත ගත්තත් උතුරු මැද ප්‍රශ්නයම තියෙනවා. නැගෙනහිරින් දළ දේශීය නිෂ්පාදිතයේ කෘෂිකාර්මික කොටසට ලැබෙන දායකත්වය 10.3%ක් පමණයි. අනෙක් අතට 8.5%ක භුමි ප්‍රමාණයක් තියෙන දකුණු පළාතෙන් 15.9%ක දායකත්වයකුත්, 8.7%ක භුමි ප්‍රමාණයක් තියෙන මධ්‍යම පළාතෙන් 11.5%ක දායකත්වයකුත් කෘෂිකාර්මික කොටසට ලැබෙනවා.

උතුරු මැද හා නැගෙනහිර පළාත් කියන්නේ දේශීය වෙළඳපොළ ඉලක්ක කරගත් වී ගොවිතැනේ හිරවෙලා ඉන්න පළාත්. හරියටම කිවුවොත් හිර කරලා තිබෙන පළාත්. මෙයින් වෙනස්ව තෙත් කලාපයේ හා මධ්‍යම කඳුකරයේ ඉඩම් බොහෝ විට යොදා ගැනෙන්නේ අපනයන කෘෂිකර්මය සඳහා. උතුරු මැද හා නැගෙනහිර පළාත් වලට ගෙවන්න වී තිබෙන්නේ අපි හදාගෙන අපි කන එකේ මිල. උතුරු මැද පළාතේ තත්ත්වය වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ මධ්‍යගත සැලසුමක් නෙමෙයි. උතුරු මැද ගොවියා නිදහස් කර ඉඩම් වෙළඳපොළ සක්‍රිය කරන පුළුල් ඉඩම් ප්‍රතිසංස්කරණයක්. 

රටක් දියුණු වෙද්දී ඒ රටේ කෘෂිකාර්මික නිෂ්පාදිතයේ පංගුව එන්න එන්නම කුඩා වෙනවා මිසක් ලොකු වෙන්නේ නැහැ. එහෙම ලොකු කරන්න හදන එකෙන් වෙන්නේ ආර්ථිකය පස්සට යන එකයි. කෘෂිකාර්මික නිෂ්පාදිතයේ පංගුව කුඩා වෙනවා කියා කියන්නේ කෘෂිකාර්මික නිෂ්පාදිතය කුඩා වෙනවා කියන එක නෙමෙයි. අනෙක් අංශ වඩා වේගයෙන් ප්‍රසාරණය වෙනවා කියන එක. මේ වැඩේ වෙද්දී ලොකු භුමි ප්‍රමාණයක් තිබෙන, ජන ඝනත්වය අඩු පළාත් වලින් දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වයේ ප්‍රතිශතය පහළ යන එක සාමාන්‍ය දෙයක්. එය සතුටු විය යුතු කරුණක් මිසක් කණගාටු විය යුතු හෝ වෙනස් කළ යුතු කරුණක් නෙමෙයි.

34 comments:

  1. ලබන අවුරුද්දෙ බිලියන 7ක් ණය ගෙවන්න තියෙනව කියන්නෙ රාජ්‍ය ණයද?
    නැතිනම් රටක් වශයෙන් සමස්ත විදේශ (මුදල්) ණයද පෞද්ගලික ආයතන වලොන් ගත්තු ණයත් එක්ක.

    ReplyDelete
    Replies
    1. ඉදිරි වසර තුළ මධ්‍යම රජය විසින් ගෙවිය යුතු මුළු ණය (දේශීය හා විදේශීය) රුපියල් බිලියන 1,531ක්. පොලී වියදම් රුපියල් බිලියන 1,115ක්. මේ ගණන් ඩොලර් කළොත් (විණිමය අනුපාතය 200 සේ සලකා) ඩොලර් බිලියන 7.6ක ණය සහ ඩොලර් බිලියන 5.5ක පොලී වියදමක්. එකතුව ඩොලර් බිලියන 13.1ක් පමණ වෙනවා. මෙයින් 50%ක් විදේශීය ණය සේ සැලකුවොත් ඩොලර් බිලියන 6.6ක්. ලබන වසරේදී අනිවාර්යයෙන් ගෙවිය යුතු මහ බැංකුව දන්නා විදේශ ණය ඩොලර් බිලියන 6.7ක්. බොහෝ විට මේ ණය මධ්‍යම රජයේ ණය හා රජයට සම්බන්ධ වෙනත් ආයතන වල (රාජ්‍ය බැංකු, රාජ්‍ය සංස්ථා ආදියේ සහ මහ බැංකුවේ) ණය විය යුතුයි. කොහොමටත් රටේ ණය කියන ඒවාත් වක්‍රව රජයේම විදේශ ණය. වාණිජ බැංකුවක් ඩොලර් ණයට අරගෙන ස්වෛරිත්ව බැඳුම්කර වල ආයෝජනය කළ විට එය සංඛ්‍යාලේඛණ වල පෙන්වන්නේ (මෑතක සිට) දේශීය ණය ලෙස. නමුත් ඇත්තටම මේ ණය රජය විසින් වක්‍ර ලෙස අරගෙන තිබෙන විදේශ ණය. රටේ ණය ලෙස පෙනෙන ඉතිරි හැම ඩොලරයක්ම වගේ රජය විසින් වක්‍ර ලෙස ලබාගත් විදේශ ණය. ඒ නිසා, මේ විභේදනයේ ඒ තරම් වැදගත් කමක් නැහැ. රටේ ණය කියන්නේ සංඛ්‍යාලේඛණ වල සැඟවී තිබෙන රජයේ ණයම තමයි.

      Delete
    2. ඒ කියන්නෙ හරියට බැලුවම ලබන වසරේ ණය සහ පොලී ගෙවන්න ඩොලර් බිලියන 13කට කිට්ටු ගානක් ඕන.

      Delete
    3. නැහැ. රටේ ණය සියල්ලම වගේ වක්‍රව හෝ රජයේ ණය වුවත් රජයේ ණය සියල්ල රටේ ණය නෙමෙයි. රජයේ ණය වලින් කොටසක් රට ඇතුළෙන් ගත් රුපියල් ණය. නැහැ.

      Delete
    4. @ AnonymousNovember 30, 2021 at 5:58 PM

      ලංකාවට මේ වන විට US ඩොලර් මිලියන 50,438 ක විදේශ ණය ගෙවීමට තිබෙන බව මහ බැංකු වාර්තා වල කියනවා, මෙයින් ඩොලර් බිලියන් 20ක් විතර තියෙන පෞද්ගලික අංශයේ ආයතනවල ණය මුදල් ගෙවන්න එම පුද්ගලික ආයතන මහ බැංකුවට රුපියල් ලබාදී ඉන් ඩොලර් ලබාගත යුතුයි, නමුත් ඩොලර් නැති නිසා වැඩේ අවුල් ගිහින්.

      මෙයින් රාජ්‍ය ණය ඩොලර් බිලියන තිහක් පමණ වුණත් එම රාජ්‍ය ණය මුදලින් සියයට 50කට වැඩි ප්‍රමාණයක් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳ පොළෙන් බොන්ඩ්ස් ආදිය වශයෙන් ලබා ගෙන ඇති නිසා එම මුදල් වාරික නිශ්චිත දිනයටම ගෙවිය යුතුයි. මේ ගැන ඉදිරි 2021-22 වසරක කාලය සඳහා ලංකාවේ ණය වාරිකය ඩොලර් මිලියන 6,250 ක් බව මහ බැංකු වාර්තා උපුටා දක්වමින් සමගි ජනබලවේග මන්ත්‍රී Dr. හර්ෂද සිල්වා පාර්ලිමේන්තුවේ දැනට දින කීපයකට පෙර පැවසූවේ.

      මෙතනදි මේ විදේශ ණය ප්‍රශ්නයට මූලික හේතුව තමයි 2018 අප්‍රේල් මාසයේ සිට 2019 ජූනි මාසය දක්වා අමෙරිකානු ඩොලර් බිලියන 6.9 ක් ලංකාවට අයි.එස්.බී සහ වෙනත් බොන්ඩ් ඇතුළුව විදේශ ණය හැටියට අරන් තියෙනවා ස්වෛරීත්ව බැඳුම්කරවලින්. ඒ කාලය වෙනකොට ලංකාවේ තිබුණු ණය ප්‍රමාණයට ISB's වලින් සෑහෙන දැඩි පීඩනයක් ආවා. 2014 දී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කර තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 5 යි. රටේ දළ දේශීය නිෂ්පාදිතය තිබුණේ බිලියන 79 යි. 2019 අග වෙන කොට ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කර තිබුණා USD බිලියන 15 ක්. රටේ දළ දේශීය නිෂ්පාදිතය වැඩිවෙලා තිබුණේ USD බිලියන 84 දක්වා පමණයි. සියයට 6 ක ස්වෛරීය බැඳුම්කර තිබුණු ප්‍රතිශතය සියයට 18 දක්වා වැඩිවෙලා තිබුණා. එතනදී මහ බැංකුව 2020 දී තීරණයක් ගත්තා තවදුරටත් ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කරවලින් ණය අරගෙන අපි ණය උගුලක වැටෙන්න පුළුවන් නිසා එතනින් එහාට ගිහිල්ලා වෙනත් ක්‍රමවලට ණය ගැනීමත්, සමහර ණය අඩුකර ගනිද්දී විවිධ වෙන ක්‍රම පාවිච්චි කිරීමටත්. පේන විදිහට ඒකට තමයි දැන් කටයුතු කරගෙන යන්නේ, ඒ වගේම මම හිතන්නේ එහෙම කරගෙන යාම තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වුණත් ඇවිල්ලා අපිට දෙන උපදෙස. වෙන උපදෙසක් නෙමෙයි දෙන්නේ. ණය ප්‍රතිව්‍යූහගතකරණය කියලා කියන්නේ වෙනත් ක්‍රමවලට ණය ගෙවීමට පෙළඹීම. ඉතිං ඒ නිසා ඒ කටයුත්ත ඉතාමත්ම කල්පනාකාරීව විද්‍යාත්මකව කළ යුතුයි, ඒක් ඉතින් ආණ්ඩුව අතේ තියෙන්නේ, අපට කරන්න දෙයක් නැහැ. හැබැයි දැනට ඒක කරගෙන යන නිසා පිටස්තර කෙනෙක්ගේ අවශ්‍යතාවයක් උපකාරයක් අවශ්‍ය නැති බවයි කබරයා සහ ආණ්ඩුව කියන්නේ.

      රජය ඒත් එක්කම තවත් අයි. එම්. එෆ්. එකෙන් යෝජනා කළ හැකි බව පෙනෙන තීරණ අරන් තියෙනවා. කලින් මිලන පාලනය කරන්න ගිහින් ඇනගත්ත රජය දැන් උපරිම සිල්ලර මිල ගණන් වගේ විගඩම් වෙනස්කරලා තියෙනවා/ සමහර තැන්වලදී අයින් කරලා තියෙනවා. ඒ වගේ දේවල් IMF කියන්න පුළුවන් දේවල්. ඊට අමතරව IMF කියන්න පුළුවන් තවත් දේවල් තමයි රුපියල් අවප්‍රමාණය කරන්න කියන්න පුළුවන්. ඒ වගේම බැංකු පොළී අනුපාතය තවදුරටත් සියයට 30 කින්/ 40 කින්/ 50 කින් වැඩිකරන්න කියන්න පුළුවන්. රජයේ සේවකයින්ගේ ප්‍රමාණය අඩුකරන්න කියන්න පුළුවන්. විශ්‍රාම වැටුප් පරණම අයට තව අඩු කරන්න සහ අලුතෙන් යන අයට කප්පාදුවක් කරන්න කියන්න පුළුවන් බොහෝ දුරට. ඒ වගේම තෙල් සංස්ථාව, ශ්‍රී ලන්කන් ගුවන් සේවය, විදුලි බල මණ්ඩලය, තවත් රජයේ ආයතන රැසක් වගේම විවිධ රාජ්‍ය දේපලවල විකුණන්න කියන්න පුළුවන්. ඒ වගේ කොන්දේසි සාමාන්‍යයෙන් රිෆෝම් ඇජෙන්ඩා (Reform Agenda) එකකට ඒගොල්ලෝ ගේනවා. ඒ රිෆෝම් ඇජෙන්ඩා එකක් අපිට දැන් අත්‍යාවශ්‍ය නැහැ කියන එක තමයි කබරයා ඇතුලු ආණ්ඩුවේ මතය. ඒක නොකර අපිට ණය දීලා තියෙන අයට කරදරයක් කරන්නේ නැතුව මේ කටයුත්ත කරන්න පුළුවන් කියන එක තමයි වත්මන් රජයේ මතය සහ අරමුණ, කබ් රාල් කියන්නේ දැනට පවතින විදේශ ණය 60% දේශීය ණය 40% අනුපාතය ඉක්මනින්ම විදේශීය ණය 50% දේශීය ණය 50% මට්ටමට ගෙන ඒමටයි. ඉදිරියේදී එය විදේශීය ණය 40% සහ දේශීය ණය 60% දක්වා ඉහළ නංවාගැනීමේ දීර්ඝකාලීන අරමුණක් ආණ්ඩුවට තිබෙන බව.

      Delete
    5. ඒ වගෙම ආණ්ඩුවට කේවට්ට උපදෙස් දෙන සෝ කෝල්ඩ් ආර්ථික විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය කිරීම වෙනුවට ප්‍රයෝරිටි ලිස්ට් එකක් හදාගෙන අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය පමණක් ආනයනය කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු බවයි. කෙසේ වෙතත් එම අත්‍යවශ්‍ය නොවන ආහාර වෙනුවට දේශීයව නිෂ්පාදනය කරන ආදේශක ද්‍රව්‍ය භාවිතා කළ හැකි බවත් ඔවුන් පෙන්වා දී ඇත. අද සුපර්මාකට්වල 80% විතර තියෙන්නේ ඔය වගේ අත්‍යවශ්‍ය නොවන ආනයනික භාන්ඩ. දවසට ඩොලර්වලින් ශතයක්වත් උපයන්නේ නැති ලංකා මධ්‍යම පාන්තිකයෝ ඔවා කකා අණ්ඩුවලට බනිනවා ලෝකෙට ණය වෙනවා කියලා. මේ නිස ඇපල් දොඩම්, චොකලට්, පැස්ටා, ඒ වගේ වෙනත් ආනනනික විවිධ ෆැන්සි භාණ්ඩ වර්ග රාශියක් වෙනි අත්‍යවශ්‍ය නොවන ආහාර ද්‍රව්‍ය ආනයනය අත්හිටුවීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ලංකාවට බලපා ඇති විදේශ විනිමය අර්බුදය දඩමීමා කරගෙන මේ සම්බන්ධයෙන් සලකා බලමින් සිටියි. මේ නිසා ලංකාවේ මධ්‍යම පාන්තිකයන් දැඩි කෝපයෙන් සිටින බව සමාජ මාධ්‍ය තුළ පේනවා, මීට අමතරව තවත් ඩොලර් මිලියන 300 ක ණය මුදලක් චීනයෙන් ලංකා රජය විසින් ලබා ගැනීමට නියමිතව ඇති නමුත් මෙම මුදල ඩොලර්වලින් නොව රෙන්මින්බි යුආන වලින් ලැබෙනු ඇතැයිද සති අන්ත පුවත්පත් වාර්තා කරන්නේ.

      "කොන්දේසිවලට යටත්ව IMF වෙත ගොස් ණය මුදල් ලබාගැනීමට කටයුතු නොකොට හැකි තරම් ආර්ථිකයේ වර්ධනයක් ඇති වන ආකාරයේ සුබවාදි ගමනක් කොවිඩ් වසංගතය මැද පවා ඉදිරියට යෑමට බිඳවැටී ඇති සංචාරක කර්මාන්තය පුබුදුවා ඉහළ ආදායමක් ලැබීම, අපනයන ආදායම වැඩි කර ගැනීම, හැකි තරම් ආනයනය ආදේශන කර්මාන්ත දියුණු කිරීම හරහා එක්සත් ජනපද ඩොලර් දිනාගැනීම, ඍජු විදේශ ආයෝජන වැඩිවශයෙන් ආකර්ෂණය කර ගැනීමට හැකි කොළඹ වරාය නගර ව්‍යාපෘතිය වේගවත් කිරීම, දේශීය වශයෙන් ශක්තිමත් ආයෝජක පිරිසක් බිහි කිරීම සඳහා විවිධ පියවර ගෙන මේවා තුළින් හැකි තරම් රටේ ණය ගෙවීමේ කටයුතු විදේශීය අරමුදල්වලින් මිදී දේශීය ණය වශයෙන් ලබාගෙන කිරීම" රජයේ අරමුණ බවට කබරෙයා වහසි බස් දොඩනවා, මොන මගුලක් කරයිද මන්දා මේ ගෝතයා.

      මොකද ලංකාවේ බහුතර ජනතාව හිතන්නේ IMF ණය අරගෙන තමයි රවී කරුණානායක Moble phone card (Rs. 49, 99, 199 etc.) වලට 49% ක්‌ බදු ගැහුවේ, ඒක මේ රජයෙන් 25% දක්වා අඩු කෙරුව බවත්, රවී පුංච් ළමයින්ගේ බැංකු පොත් වලට ලැබෙන පොලියෙන් පවා 5% ක විත් හෝල්ඩින් ටැක්ස් බද්දක් ගත්තා. ඒ ටී එම් (ATM) වලින් සල්ලි ගන්න කොට බැංකු වලින් අයකරන මුදලින් බදු ගත්තා, රුපියල් 1000 සිට රු. ලක්ශය දක්වා සියලු මුදල් ගැනීම් වලින් රුපියල් 15 කපා ගන්නවා, බැන්කු පොත් වලින් මුදල් ගැනෙමේදී රු. පණහක්, ඔන්ලයින් ගෙවද්දිත් එහෙමයි, වක්‍ර සහ සෘජු බදු බැංකු ණය වලිනුත් ගත්තේ IMF එකේ කීමට බව, කොටින්ම පෙන්ෂන් කාරයින්ට පවා බදු ගෙවන්න වුණ බව මතක නිසා රජයේ සේවකයෝ %25කින් අඩු කරන්න, රජයේ පාසැල් අඩු කරන්න, රජ්‍යය සෞක්‍යය වියදම % ගණනකින් අඩු කරන්න වගේ දේවල් කරන්න ගියොත් ලංකාවේ ආණ්ඩුවලට තවත් අමාරු වේවි.

      Delete
    6. අනේ නිකන් පලයන් බන් යන්න. ඕව කියහන් මැදමූලන හරක් ටිකට. මහින්දය රටේ විදේශ ණය ඩොලර් බිලියන 35ක් වැඩි කරල ඒවයින් මොකෝ කලේ කියහන්කො ඔක්කොටම කලින්.

      Delete
    7. @ Ano 2.15 am,

      ඇත්ත කතාව ඕක නෙවෙයි,

      "2021 වසරට ගෙවිය යුතු ණය වාරිකය ඩොලර් කෝටි 600ක්. (බිලියන 6ක්)

      අපේ අපනයන ආදායම ණය ගෙවන්න තියා රටට අවශ්‍ය භාණ්ඩ ටික ආනයනය කරන්නවත් මදි!"

      - සුනිල් හඳුන්නෙත්ති

      ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නෙත් මේ අය කොමිස් ගහනවා, හොරකම් කරනවා කියලා මුල්‍ය පාලනය විනිවිදභාවයෙන් කරන්න කියලයි.

      මෑතකදී ඩොලර් බිලියනයක ණයක් ගන්න ගියාම ඉන්දියාව ලංකාවට කිව්වේ මොකක්ද?

      අපි ණය දෙන්නේ අයි. එම්.එප් නියාමනය යටතේ විතරයි කියලයි. ලෝකයේ රටවල් පවා මේ පාලකයන්ට ණය දෙන්නේ තව කෙනෙක් ඇපේට තියාගෙන.

      ලංකාවේ ණය බර බිලියන 13,000 ක් වුනත් වත්කම් තිබෙන්නේ ට්‍රිලියන තුනයි කියලා හිටපු විගණකාධිපතිවරයා කිව්වනේ. මොකද වැඩිපුර තියෙන්නේ හොරකම් කරපුවා. ලංකාවේ වත්කම් හොයන්න ස්විස් පැනමා ගිණුම්වලට යන්න ඕනේ. නැත්තන් ග්‍රීක බැඳුම්කරවල, සිංගප්පූරුවේ මහේන්ද්‍රන්ගේ ගිණුම් වල, නැත්නම් පැන්ඩෝරා නඩේසන් ළඟ, එංගලන්තයේ වතු වල ඩුබායිවල කළු සල්ලි එකතු කර ගත්තොත් ලංකාවේ වත්කම් හොයන්න පුළුවන්.

      අද රට ණය වෙලා තියෙන්නෙ මේරටේ ගොවියො කම්කරුවො ධීවරයො ණය අරගෙන නෙවෙයිනේ. එක පැත්තකින් රාජපක්ෂ හොර පවුල්වල කම්බා හොර හැත්ත. අනිත් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ, ප්‍රේමදාස හොර මුල. මේ හොරමුල් දෙකම එකතු වෙලා එක යායේ එකට හොරා කාල හොරා කාල ගොඩගසා ඇති හොර සල්ලි කන්දරාව කොච්චර ද කියලා හොයල බලන්න ඕනෙ නම් ගතවෙච්ච අවුරුදු හැත්තෑ දෙකේ ගත්ත ණය ගැන අපක්ෂපාතීව සම්පූර්ණයෙන්ම හොයා බලා ගැඹුරින් විගණනයක් කලානම් කොච්චර කළු සල්ලි රටින් එළියට ගිහිල්ලා ද කියලා හොයාගන්න පුළුවන්. මේ උඩින් හතුරු යටින් මිතුරු රාජපක්ෂ වික්‍රමසිංහ ප්‍රේමදාස හොර පවුල් ටික ලංකාවෙ ණය ඩොලර් කෝටි 5600 ක් කරලා තිබුණා 2019 අග වෙන කොට.

      ඒ වගේම ආණ්ඩුව මාරු වෙලා අලුතෙන් ආපු මේ ආණ්ඩුව කිසිම වැඩපිලිවලක් නැතුව සල්ලි අච්චු ගහලා විතරක් රට කරවන්න පුලුවන් කියලා හිතන ගොන් උපදේශකයෝ කීපදෙනෙක් නන්දසේන රාජපක්ෂ වටේ තියාගෙන ඉන්නේ. දැන් තනිකරම රට දුවන්නෙ ඒ කෙවට්ට උපදේශකයන්ගෙ එදාවේල සිස්ටම් එකටයි...

      - ජවිපෙ මධ්‍යම කාරක සභික සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා

      (ලංකාදීප)

      ඔන්න ඇත්ත. අලි පොහොට්ටු ටෙලිපෝන් කම්බා හොර හැත්ත පරදවා ඊළඟ සැරේ වත් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් දූෂණ වංචා නැති සාධාරණ මේ ප්‍රශ්න වලින් ලංකාව ගොඩ ගැනීමට පුළුවන් එකම පක්ෂය සහ පුද්ගල කණ්ඩායමේ ආණ්ඩුවක් පත් කර ගනිමු.

      Delete
  2. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී
    හිඟාකෑම බැරි වුණු තැන ලගී ගයා මර ගී
    කුමරතුඟුන් ගෙතුවත් ඒ මහරු හැඟුම් ඇති ගී
    අපි තවමත් ලැග ඉන්නේ අතීතයේ හැංගී

    වංශේ කබල් ගෑමට හිත නැති වේවා
    ජානවලින් එන හොර හිත දුරු වේවා
    අලුතින් හිතන අය තව තව වැඩි වේවා
    රට කරවන බලය උන්ටම හිමි වේවා!

    ReplyDelete
    Replies
    1. මුදල් වංචාවක් කරලා කට්ටි පැනලා හිටපු තාත්තව වංචා කරපු මනුස්සයාගේ අතටම අහු වෙලා තියෙන්නේ ටවුන් එකට ගිය වෙලාවක හරස් පාර දිගේ ඇවිදගන එද්දී. දෙන්නට දෙන්න එක පාරට මුහුණට මුහුණ හම්බ වෙද්දී තාත්තාට ගැලවෙන්න අවස්ථාවක් තිබිල නෑ. මග ඇරලා පැනලා දුවන්නවත්, නොදැක්ක වගේ යන්නත් බැරිවෙන විදිහට මුණගැහිල තියෙන්නේ. තාත්තා බයෙන්, ලජ්ජාවෙන් අපහසුතාවයට පත්වෙද්දී මේ මනුස්සය කිසි දෙයක් නොවිච්ච විදිහට ලගට ඇවිල්ලා සුහදව හිනා වෙලා අතත් අල්ලාගෙන අහල තියෙන්නේ

      කොහොමද ඉතින්?
      ගොඩක් කාලෙකින්නේ දැක්කේ?
      දැන් කොහොමද?
      මොනවද කරන්නේ?
      මේ වගේ සාමාන්‍ය විස්තර.

      ඒ මනුස්සය කාලයක් තාත්ත එක්ක ගනු දෙනු කරපු සල්ලි පොලියට දෙන, චන්ඩියෙක් විදිහට පසුරුණු "රත්නසිරි". තාත්තා බලාපොරොත්තු වෙලා තියෙන්නේ කරපු වංචාව මතක් කරලා හොදටම බැනුන් අහන්න උනත් මේ මනුස්සය ඒ පරණ දේවල් කිසිම දෙයක් මතක් නොකර සුහදව කතා කරලා සමුඅරන් තිබුණා. මේ හමුවීම සිද්ද පෙර සිදුවීමට වෙන්නෙ අවුරුදු විස්සකට විතර පස්සේ.

      " සිදුවීමේ කාලය හරියටම මතක නැතත්, මේ කාලේ අපි පාන් කෑවේ රුපියල් 3:50 ට. අපි කොච්චර දුප්පත්ද කියනවා නං සමහර දවස් වල පාන් බාගේ ගන්න සල්ලි මදි වෙලා බුදු පහනේ වල තිර රදවන සත දහයෙ, විසි පහේ ඒවත් එකතු කරන වෙලාවල් එහෙමත් තිබුණා. ගෙයි කොහේ හරි තිබිල සත විසිපහක් හොයාගත්තොත් පොල් ටොපියක් ගන්න මම හැතැක්මක් දුර කඩේට ඇවිදලා පොල් ටොපියක් කන වෙලාවලුත් තිබුණා. පුළුවන් හැම තැනින්ම ණය අරගෙන ණය කාරයෝ වෙච්ච අපේ පස්සෙන් ඒ දවස් වල ණය කාරයෝ එනවා. කෙනෙක්ට 1000 ණය වෙලා ඒ ණය ගෙවන්න තවත් කෙනෙක් ගෙන් 2000 ක්‌ ගන්නවා. ඉතුරු 1000 න් තව මාස දෙක තුනක් ඇදගෙන යනවා. මෙහෙම වෙලා පොලියට සල්ලි දෙන රත්නසිරි ගෙන් රුපියල් 6000 ක්‌ ගන්නේ ඊලග මාසේ දෙන පොරොන්දුවට.එහෙම පොරොන්දු උනත් සල්ලි හම්බවෙන්න කිසිම මාර්ගයක් නැතුව, මොකක් හරි වාසනාවක් පහල වෙයි කියන බලාපොරොත්තු වෙන් ගත්ත ණය මුදලක්. මේ කාලේ 6000 මහ ලොකු ගානක් නොවුනත් ඒ දවස් වල මේ ගණ දීල පාරක් අයිනේ අක්කර බාගයක් ගන්න පුළුවන්. මාසේ ගෙවිලාත් සල්ලි නොලැබුන රත්නසිරි අපේ ගෙදර එන්නේ එයාගේ කාර් එකෙන්. මුල් දවසේ ඊලග සතියේ දෙනවා කියලා හරවලා යවනවා. අපේ ගෙ තියෙන විදිහට මහ පාරෙන් හැරිලා ගෙදරට වාහනයක් එද්දී හොදටම පේනවා. එදායින් පස්සේ තාත්තා රත්නසිරිගෙ කාර් එක එද්දී කොහේ හරි හැඟෙනවා, වැඩිපුරම හැඟෙන්නේ ගෙදරට තිබිච්ච එකම ඇද යට.

      අම්මා එලියට ගිහින් කියන්නේ තාත්තා ගමනක් ගිහින් කියලා. මේ එන හැම සැරේම රත්නසිරි කරන්නේ හොදටම බැනලා යන එක. පොඩි උන් වෙච්ච අපිටත් මේ වෙද්දී මේ දේ පුරුද්දකට ගිහින් තිබුනේ. රත්නසිරි අපිට පෙනුනේ යකෙක් විදිහට. එහෙම හැංගෙන්න පුරුදු වෙච්ච තාත්තා දවසක් මිදුල උදලු ගගා ඉන්දැද්දී රත්නසිරි එන්නෙ දන්නෙම නැතුව. වාහනේ එන සද්දෙට කලබල වෙච්ච තාත්තා උදැල්ලත් දාලා කහ මල් පාදුර පිටිපස්සේ හැඟෙනවා. තාත්තා එක්ක මිදුලේ හිටපු අක්කාට මේ කිසි දෙයක් තෙරුන් ගන්න බැරුව තාත්තා හැංගිච්ච කහ මල් පැදුර පිටිපස්සට දුවන්නේ බයේ විලාප තියාගන. කහ මල් පැදුර දිහා ටිකක් වෙලා බලන් හිටපු රත්නසිරි යන්න ගියේ කිසිම දෙයක් සිද්ද වෙච්ච නැති ගානට. එදායින් පස්සේ රත්නසිරි ආයේ කිසිම දවසක අපේ ගෙදර ආවේ වත් සල්ලි ඉල්ලුවෙත් නෑ. මේ සිදුවීම කාලයත් ඒක්ක අපිට අමතක උණා. "

      එදා රත්නසිරිව හම්බවෙලා ගෙදර ඇවිල්ල මේ සිදුවීම මුල ඉදලා කියලා අන්තිමට තාත්තා කිව්වේ. එදා කහ මල් පැදුරේ පිටිපස්සේ හැංගිලා හිටපු තාත්තවයි අක්කාවයි රත්නසිරි දැක්කත් නොදැක්ක වගේ ඉඳලා යන්න ගියා කියලා.

      ඔහුගේ මේ හැසිරීම අපිට එදා තේරුනේ නෑ.............

      රත්නසිරි සල්ලි පොලියට දෙන දාමරිකයෙක්, ඒත් ඒ වෙද්දී ඔහුත් දුවලා දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්.

      Delete
    2. රත්නසිරි කියන්නේ දුප්පතාගේ දුක දන්නා නායකයෙක්. එතුමාට අපගේ ආචාරය මෙසේ දක්වා සිටිමු.

      -ඉකොනෝමැට්ටා බ්ලොක් අඩවියේ පාටක රැල-

      Delete
    3. රත්නසිරි චීනය වී ඉපදේවා!!

      Delete
    4. @ කට්ටකාඩුවේ ලොකු මල්ලි,

      ඇත්තටම චීන ණය ගැන කතා කළොත් චීනය විසින් ලංකාව බටහිර රටවල ‘ණය උගුලෙන්’ බේරාගත් බව කොළඹ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර තියෙනවා ඒ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්.
      ඒ මගින් චීන තානාපති කාර්යාලය පෙන්වාදී ඇත්තේ 2017 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් හම්බන්තොට වරාය බදු දීමට සූදානම් වූ අවස්ථාවේදී මෙලෙස චීනය විසින් උපකාරයට ඉදිරිපත්ව ශ්‍රී ලංකාව ණය උගුලකින් බේරාගෙන ඇති බවයි.

      According to the Foreign Debt Summary published by Central Bank @CBSL & Department of External Resources (ERD), by April 2021, SL’s major lenders are:

      01. Market Borrowing/ISB, 47%

      02. ADB, 13%

      03. China, 10%

      04. Japan, 10%

      05. World Bank, 9%

      Ref:

      https://t.co/TgnlK1yR5Y pic.twitter.com/lPsKfsOu6z

      — Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) November 28, 2021

      Ref:

      https://twitter.com/ChinaEmbSL/status/1464937658786795521

      එහිදී චීනය ප්‍රකාශ කරන ආකාරයට 2017දී ශ්‍රී ලංකාවට හම්බන්තොට වරාය බදුදීමට සිදුවූයේ ඒ වනවිට ගෙවීමට නියමිතව පැවැති අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර (ඓSඹ්) ‍වෙනුවෙන් ඩොලර් නොමැතිවීම හේතුවෙනි. එසේ නොමැතිව චීන ‘එක්සිම් බැංකුවට’ ගෙවීමට තිබූ ණයක් පියවීම සඳහා වරාය චීනයට ලබානොදුන් බව තානාපති කාර්යාලය සඳහන් කරයි. එම අර්ථයෙන් ගත් කළ 2017දී චීනය විසින් හම්බන්තොට වරාය බදු පදනමින් ලබා ගැනීමෙන් ලංකාව සිරවීමට තිබූ අන්තර්ජාතික ණය උගුලෙන් බේරා ගැනීමට තම රාජ්‍යය දායක වී ඇති බව චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

      ඔය වගේම මේ දක්වා ලංකාව ලබාගෙන ඇති සමස්ත විදේශ ණය ප්‍රමාණයෙන් චීනය වෙතින් ලබාගෙන ඇත්තේ 10%ක් එනම් ඩොලර් මිලියන 3,388.2ක් පමණක් බවද ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා උපුටා දක්වමින් තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

      Ref:

      https://twitter.com/ChinaEmbSL/status/1464932848016629760

      https://twitter.com/ChinaEmbSL/status/1464931016548630534

      මේ කතාවේ ඇත්තක් තිබේද?

      Delete
  3. සරලයි, පැහැදිලියි.

    ReplyDelete
  4. ඉකොනොමැට්ටා මෙතන මේ ලොකුවට කයිවාරු ගහන කියන ‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්’ නැත්නම් එම්.සී.සී. කියන ගිවිසුම අත්සන් කළොත් ලංකාව විශාල විනාශයකින් කෙළවර වන බව ජවිපෙ ඉතා පැහැදිලිව සියලු කරුණු සහිතව ඉතාමත්ම මැනැවින් පැහැදිලි කරමින් අනාවරණය කළේ 2019 ඔය ගිවිසුම උණුසුම් ටොපික් එකක් වූ දවස්වලමයි.

    නමුත් ඉකොනොමැට්ටලා නොදන්න ඒ හා සමාන භයානක ගිවිසුම් දැනටමත් ලංකාව අත්සන් කර තිබෙනවා, ඒ 2007 ඇමෙරිකන් එක්සත් ජනපදයත් ලංකාවත් අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළා. ඒක අත්සන් කළේ ඒ කාලේ ඇමෙරිකානු තානාපති, රොබට් ඕ බ්ලේක් සහ ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභයත් යන දෙදෙනා අතරයි, ඒක ලංකාව සහ ඇමෙරිකාව අතර ගිවිසුමක් උනාට බලද්දි අන්තිමට අත්සන් කරලා තිබෙන්නේ ඇමෙරිකන්කාරයෝම දෙන්නෙක්.

    ඒ ගිවිසුමෙන් ඇමෙරිකාවට අවස්ථාව ලැබුණා මේ කලාපයේ ඇතිවන ඕනෑම යුද්ධයකදී ඇමෙරිකාව ඊට මැදිහත් වෙනවා නම් ඇමෙරිකන් හමුදාවට, ලංකාව ගුවන, ලංකාව ගොඩබිම, ලංකාව මුහුද ලබාදිය යුතුයි. ආහාර, ජලය, තෙල් වැනි යටිතල පහසුකම් ද සැපයිය යුතුයි. ඒක ඉතාමත් අහිතකර ගිවිසුමක්. ඒක ඇමෙරිකන් එක්සත් ජනපදය ලෝකයේ ඇති කරගන්නා ලද ඒ වර්ගයේ පළමු ගිවිසුම. යුද්ධයකදී නිතැතින්ම ඒ ගිවිසුම අනුව ලංකාව ඇමෙරිකන් පාර්ශ්වය වෙනවා.

    මෙම ගිවිසුමට විරුද්ධව 2007 ගිවිසුම අත්සන් කරන්න පෙර සිටම ජවිපෙ ඒ ගැන ජනතාව දැනුවත් කළා. පාර්ලිමේන්තුව තුළත් පිටතත් ජවිපෙ විරෝධය පෑවා. උද්ඝෝෂණ කළා. ඒ ගිවිසුමට අවුරුදු 10ක් පිරුණු විට ඒ කියන්නේ 2017 දී නැවත රනිල්ගේ ආණ්ඩුව එම ගිවිසුම දීර්ඝ කිරීමේ ගිවිසුමක් අත්සන් කළා. ඒකටත් එරෙහිව ජවිපෙ කටයුතු කළා.

    ඒ අතර ඊට පෙර දුපත් වික්ක රාජපක්ෂලා, ගොවි ජනතාවගේ ඉඩම් වික්ක රාජපක්ෂලා, අක්කර දහස් ගණන් ඇමෙරිකානු කොම්පැනිවලට පවරපු රාජපක්ෂලා අත්සන් කරන ලද සෝෆා ගිවිසුමට තවත් වගන්ති ඇතුළත් කරලා අලුත් සෝෆා ගිවිසුමක් අත්සන් කිරීමටත් රනිල් වික්‍රමසිංහ කැසකවමින්, හොරගල් අහුලමින් ඉන්න කාලේ ජවිපෙ ජාතික ජන බලවේගය ඒ ගැන පාර්ලිමේන්තුවේ ලොකු විරෝධතාවක් කළා මතක ඇති, ඒ අතරතුර තමයි මේ මිලේනියම් ගිවිසුම කරළියට ආවේ, මේ ගිවිසුම ගැන දෙපැත්තක විශාල සාකච්ඡාවක් ඇතිවී ගිවිසුම අත්සන් කරන මංගල සමරවීරලා ඇතුළු සජිත් ප්‍රේමදාසගේ කඳවුර පැවසුවේ මේක මාර ගිවිසුමක්, මේකෙන් අපිට රුපියල් මිලියන 88,000ක් ලැබෙනවා කියලා, රටේ සංවර්ධනය උතුරා යනවා කියලා.

    ගිවිසුම ප්‍රතික්ෂේප කරන මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වය, ඒ කියන්නේ කටහැකර වාචාල පචායුද විහිලුවංස වගේ රාජපක්ෂලගේ කසකරුවෝ කියනවා මේ ගිවිසුමෙන් අක්කර විසිලක්ෂයක වගේ විශාල ප්‍රමානයක් පර්චස් එක රුපියල් 180 ගානේ ඇමෙරිකාවට පවරන්න හදන්නේ. ලංකාව මැදින් තාප්පවලින් වෙන්කරපු කොරිඩෝවක් හදනවලු කියලා. පට්ටපල් බොරු කථාවක්. මේ දෙකම බොරු. මේ ගිවිසුමේ තිබෙන වර්ගයේ මාර සුරංගනා ලෝකයක් හැදෙන්නෙත් නැහැ. අර පෙන්වන වර්ගයේ බිල්ලෙක් හැදෙන්නෙත් නැහැ.

    මේ ගිවිසුවේ ඩොලර් මිලියන 400 ලබාදීම සඳහා ප්‍රධාන යෝජනා 03ක් තිබෙනවා. එකක් ලංකා ප්‍රවාහන පද්ධතිය දියුණු කිරිම සඳහා මුදල් සැපයීම. දෙක ලංකා මාර්ග පද්ධතියට යම් මුදල් ප්‍රමාණයක් සැපයීම. තුන ලංකා ඉඩම් නීති ප්‍රතිසංස්කරණය. අපේ ප්‍රශ්නය තිබෙන්නේ අන්න ඒකත් එක්ක. අපේ රටේ ඉඩම් නීතිය වෙනස්කරන්න කියලා ඇමෙරිකාව අපට සල්ලි දෙනවා. එතන ප්‍රශ්නයක් තිබෙනවා.

    ලංකා ඉඩම් නීතිවල ප්‍රශ්නයක් තිබෙනවා. ලංකා ඉඩම් නීති පනත් 1930 ගණන්වල ඒව. අවුරුදු 90කට වඩා පැරණි ඉඩම් පනත් තිබෙන්නේ. ඒ නිසා ඉඩම්වල නිරවුල්නොවීමේ ගැටලුවක් තිබෙනවා. ගොවි ජනතාව තම ඉඩම් නිරවුල් කර ගැනීම සඳහා විශාල ප්‍රයත්නයක යෙදී සිටිනවා. මේ ලංකා ඉඩම් හිමිකම බොහෝ විට පැවරී යන්නේ පිරිමි දරුවන් අතරේ පමණයි. දුවෙකුට ඉඩම් හිමිකම නැහැ. ඒක අසාධාරණයි. ඒ නිසා මේ ඉඩම්වල තිබෙන සංකීර්ණතාවය ලිහිල්වෙන්න ඕනැ.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම අපි තේරුම් ගන්න ඕන ලංකාවේ තාම අපේ ගම්වල ඉන්න ජනතාවට මොන තරම් දේපොළ නැතත් ඉඩමක් තිබෙනවා. අපි ඈත ගමකට ගියොත් ගේ ලොකුවට නැහැ. ගේ ඇතුලේ ෆ්‍රිජ් එකක් ටී.වී. එකක් නැහැ. නමුත් ගේ හදාගන්න ඉඩමක් හා ගොවිතැන් කරන්න ඉඩමක් තිබෙනවා. ඉඩම් කියන්නේ ලංකාවේ ගැමි ජනතාවට දේපොළක් නොවයි, ඉඩම කියන්නේ ඔවුන්ට ඥාතිත්වයක්. කරාබු දෙකක් විකුණන විධියට, චේන් එකක් උකස්කරන විධියට අපි කවුරුවත් ඉඩමක් විකුණන්නේ නැහැ. ඉඩමක් එක්ක බැඳීමක් තිබෙනවා. ඒ නිසා තමයි අපි බොහෝ අය අවුරුද්දට මහගෙදර යන්නේ. මේක යුරෝපා රටවල නැහැ. ඒක ඒ ගොල්ලන්ගේ සංස්කෘතිය. නමුත් අපේ සංස්කෘතිය ඇතුලේ ඉඩම අපිට ඥාතිත්වයක්. ඒ නිසා අපේ රටේ ජනතාව අතේ මේ ඉඩම් රැඳී තිබුණා. ඒ නිසා තමයි නීති සම්පාදනය වන්නේ.

      ඒ වගේම ජනතාවගේ ඉඩම් නිරවුල් නොවීමේ ගැටලුවටත් උත්තර ඕන. ඒ වගේම එම ඉඩම් නිරවුල් කිරීම මගින් බහුජාතික සමාගම්වලට ඉඩම් මිලදී ගැනීමට තිබෙන හැකියාවත් අපි නතර කරමු. ඉඩම් නීති සංශෝධනය කරන්න ඇමෙරිකාව කරන යෝජනාවට අපි එකඟ නැහැ. ඒකේ යටි වුවමනාවක් තිබෙනවා. මේ ඉඩම් සම්පත ඔවුන්ගේ සමාගම් අතට ගන්න.

      ඒ වගේම ඔවුන් අපේ ඉඩම් සම්පත ගත්තේ මේ ගිවිසුම් තියාගෙන නොවෙයි. මහින්ද රාජපක්ෂ 2010 - 2014 සෝමාවතී චෛත්‍යය ගාව අක්කර 5,000ක් ඇමෙරිකානු ඩෝල් සමාගමට දුන්නා. පැලවත්තේ සීනි සමාගම ගාව අක්කර 2,000ට වඩා වැඩි භූමි ප්‍රමාණයක් ඇමෙරිකාවේ ඩෝල් සමාගමට වික්කා. ඉඟිනිමිටියෙ විශාල ඉඩම් ප්‍රමාණයක් ඩෝල් සමාගමට වික්කා. කල්පිටියේ දුපත් 14ක් තිබෙනවා. මේ දූපත් 14ම බැසිල් රාජපක්ෂ විකුණන්න සැලසුම් කරලා තිබ්බා, ආණ්ඩුව වැටෙන්න කලින් දුපත් 02ක් වික්කා. එකක් ඉන්දියානු සමාගමකට. අනෙක ඩෙන්මාර්ක් සමාගමකට. දුපත් වික්ක රාජපක්ෂලා, ගොවි ජනතාවගේ ඉඩම් වික්ක රාජපක්ෂලා. අක්කර දහස් ගණන් ඇමෙරිකානු කොම්පැනිවලට පවරපු රාජපක්ෂලා මේ MCC ගිවිසුමක් ගැන කුලප්පු වෙලා තිබෙන්නේ ඇයි? මේ තමයි දේශපාලනය.

      ජවිපෙ මේ ගිවිසුමට ඉඩම් පිළිබඳ වගන්තිය ඇතුළත් කර, අත්සන් කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව ජවිපෙ ජාතික ජන බලවේගය මේ රටේ ජනතාවට සහතිකයක් දෙනවා. සමහරු අහනවා ජාතික ජන බලවේගය 2024 ආවොත් ඔය ඉඩම් ප්‍රතිසංස්කරණවලට එකඟ නොවෙන විටම ඒ ගොල්ලෝ (ඇමෙරිකා එක්සත් ජනපදය) අයින් වෙනවා. ඇමරිකන් එක්සත් ජනපදයට ඕන ලංකාවේ ත්‍රිකුණාමලය ප්‍රමුඛ කොළඹ සිට උතුරු මැද සහ නැගෙනහිර දෙසට වන්නට පිහිටි භූමියේ බලය පතුරවාගේන එම ප්‍රදේශ සිය භූ දේශපාලනික බල ව්යාපෘතියේ වැඩ වලට යොදා ගන්න ලංකාවේ ආණ්ඩුවට කොන්දේසි සහිතව ඩොලර් මිලියන් 400 ක් වගේ සොච්චමක් දීලා. ලංකාවේ විදේශ ණය විතරක් 2019 අග වෙද්දි ඩොලර් මිලියන 56,000 ක් විතර ඉතින් 480 කින් මොන ලබ්බක් කරන්නද?

      මේ ගිවිසුම විතරක් නොවෙයි. ජවිපෙ මුළු රටටම සහතිකයක් දෙනවා රාජපක්ෂලා සෝමාවතියේ චෛත්‍යය ළඟ අක්කර 5,000ක්, පැලවත්තේ සීනි සමාගම ළඟ තිබෙන ඉඩම්, ඉඟිනිමිටියේ දීල තිබෙන ඉඩම්, ඒ වගේම මොනරාගල පෞද්ගලික සමාගම් වෙත දෙන්න සැලසුම් කරලා තිබෙන අක්කර දහස් ගණන් ඉඩම් සියල්ල යළි පවරාගෙන ගොවි ජනතාවගේ දූ දරුවන්ට බෙදාදෙනවා. පුළුවන්නම් ගෝඨාභය ඒක කියන්න. සජිත්ට පුළුවන් නම් කියන්න. ඒවට ඒ ගොල්ලෝ නෝ කතා. නෝ සිනා. කසකරුවෝ දාලා බොරු සෙල්ලමක් කරනවා.

      Delete
    2. ජවිපෙ ජාතික ජන බලවේගය ඔබට කියන්නේ රටට ඇත්තටම අලුත් නායකයෙක්, ඇත්තටම අලුත් පාලනයක් 2024 තෝරා ගන්න කියලා. ගෝඨාභයලා ආවොත් ඒක නව පාලනයක්ද? නැහැ. පැරණි කට්ටියමයි. සජිත්ලා ආවොත් ඒත් එහෙමයි. පරණ ඒවම තෝරා ගන්න ජනතාව ඡන්දය දිය යුතු නැහැනේ. 2024 ජනාධිපතිවරණයෙන් අලුත් පාලනයක් අලුත් පාලකයෙක් තෝරා ගන්න ඕන නම් ඒ සඳහා ඔබට තියෙන එකම බලවේගය ජවිපෙ ජාතික ජන බලවේගය පමණයි. ජවිපෙ ජාතික ජනබලවේගයේ වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා මේ ගැන 2019 කෙටියෙන් කළ පැහැදිලි කිරීමක් මේ;

      "මේගොල්ලෝ කියයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිවලට අනුකූලව අලුත් එකකට යනවා කියලා. කොහොම ගියත් යන්නේ MCC ආයතනයත් එක්ක නම් ඔවුන් ගහන්නේ ඒක ආදරේට නෙමෙයි ඇක්සා එකෙන් සෝෆා එකෙන් එහාට යන්න. ඒ සඳහා අපිට දෙන දොල පිදේනිය තමයි ඩොලර් මිලියන 485. හම්බන්තොට වරාය, ත්‍රිකුණාමලය තෙල් ටැංකි එම්.සී.සී ගිවිසුම ඉරා දමන්නේ කවද ද? ශ්‍රැංගිලා හෝටලයට විකුණපු අක්කර 6 ගැන දැන් කියන්නේ මොකක්ද? මොනම වෙලාවක හරි අමෙරිකාව චීනය ඇතුළු ලෝක යුද්දයක් ඇති වුනොත් දැන් තේරුම්ගන්න පුළුවන් අපේ රටේ මර්මස්ථාන විකුණලා තියෙන හැටියට ඔවුන් මොන විදිහට මේ රට පාවිච්චි කරයිද කියලා. ටයි කෝට් මහත්වරුන්ගෙන් වේගවත්ව හරියට කරගන්න බැරි වුනානම්, ඒක සාටකය දාගත්ත නොදාගත්ත අය හරහා කරගන්න අමෙරිකාවත් චීනයත් ඉන්දියාවත් දැන් පෙළඹිලා තියෙනවා."

      වැඩි විස්තර මේවායෙන් බලන්න පුළුවන්;

      https://www.youtube.com/watch?v=PeSEbcVYUuI

      https://lankaepress.com/2019/11/07/%E0%B6%AF%E0%B7%94%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A-%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BD%E0%B7%8F-%E0%B6%9C%E0%B7%9C/

      දැන් බලශක්ති දෙස අවධානය යොමුකරන්නේ ඉඩම් සම්බන්ධ කටයුතුවලින් ඈත්වී MCC බලශක්ති ව්‍යාපෘති කරා යොමුකරවීමේ පියවරක් ලෙස ද?

      ලයිබීරියා, බෙනින් සහ ඝානා යන රටවල දැනටමත් MCC ආයතනය බලශත්කි ක්ෂේත්‍රයේ ව්‍යාපෘති ආරම්භ කර ඇත.

      නේපාලයේ බලශක්ති ක්ෂේත්‍රයට අදාළව MCC එකඟතා ඇතිකර ගැනීමට මේ දිනවල උත්සාහ දරමින් සිටි.

      අපේ රටේත් බලශක්ති ගැන අමෙරිකානු තානාපතිනිය කථාකරන්නේ MCC වෙනත් ස්වරූපයකින් මෙරටට රැගෙන ඒමේ පියවරක් ද?

      https://www.youtube.com/watch?v=kHLPkxpXSN8

      Delete
  5. මේකේ "එක්සත් ජනපදයට රට යටත් කරන ගිවිසුම් හකුළාගනු' කියලා තියෙන පී.ඩී.එෆ්. ඊ-බුක් එක මගින් ලංකාවේ දැනට පවතින ඇමරිකන් ආධ්පත්‍යය සහ ඉන් රටට වෙන දැවැන්ත හානිය ගැන සියලු තොරතුරු පැහැදිලි කර තිබෙනවා.

    https://www.jvpsrilanka.com/english/publications/ebooks/

    ReplyDelete
  6. ඔය බයිල වලින් වැඩක් නෑ ඉකොනො,

    මේ කෙටි වීඩියෝ එක හොඳට සිහිබුද්ධියෙන් බලන්න. මේක බැලුවමවත් සැබෑ තත්වය තේරුම් ගන්න පුළුවන් වේවි.

    https://www.facebook.com/100044431986343/posts/441632573994472/

    ReplyDelete
  7. ඇත්තටම ඉකොන් මේ කියන දේවල් කළොත් ලංකාවෙ ආර්ථිකයේ ප්‍රශ්න වලට ඉන් විසඳුමක් ලැබේවි ද? ඇත්තටම මෙහි රොහාන් සමරජීව පවසන ආකාරයට පෞද්ගලික අංශයේ සහය ලබා ගෙන ලංකාවෙ පාඩු ලබන ආයතන වල බරින් රජයට ගැලවිය හැකි වේවි ද? මේ අදහස් ගැන මොකද හිතන්නේ?

    https://www.facebook.com/1225780574132851/posts/4776619825715557/

    මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි නේද?

    ReplyDelete
  8. ලන්කාවට ඩොලර් යවනකොට ඩොලර් එකකට රුපියල් 10ක අමතර දීමනාවක් දෙනවලු. මාර වාසියි ඒකනම්

    ReplyDelete
    Replies
    1. ඒත් ඒක තාමත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ විදේශගත ලාංකිකයන් උපයාගන්නා ඩොලර්වලට රුපියල් 240-250න් ඉහළ මිලක් ලබා දීමේ නිල නොවන ක්‍රමවේදයක් අනුව සිදුවෙමින් පවතින අතර ඩොලර් මුදල අදාළ රටේ ඉන්න නියෝජිතයන්ට ලබාගන්නා අතර ලංකාවේ ඔවුන්ගේ නියෝජිතයන් විසින් එම පවුල්වල සාමාජිකයන්ට නම් කරන පුද්ගලයෙකුට ඩොලර් එකකට රුපියල් 240 හෝ 250ට වැඩි මුදලක් ගෙවමින් සිටිති.

      කෙසේමුත් එමගින් ඩොලර් ලංකාවට නොලැබෙන්නේ විදේශයේ සිටින නියෝජිතයා එම මුදල එහිම රදවා ගන්නා බැවිනි. එම මුදල් ලංකාවේ ආනයනය කරන සමාගම් සහ ආනයන ව්‍යාපාරිකයන් පිටින් භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමට යොදා ගන්න අතර රුපියල් වලින් ලංකාව ඇතුලේ ගෙවීම් කරනවා.

      ඒ වගේම මේකේ අනිත් පැත්ත තමයි ඩොලර් එක තිබිය යුතු නියම මිලට වඩ් අවප්‍රමාණ කළොත් (උදාහරණයක් ලෙස රුපියල් 300ක් විතර) ඩොලර් වැඩි මිලට ගැනීමට පෞද්ගලික බැංකු සහ ආනයනකරුවන් ඉදිරිපත් නොවන නිසා ඩොලර් ලංකාවට එවීම නැවතත් ඇණහිටී.

      මේ දවස්වල ලංකාවේ CBSL මහ බැංකුව ඩොලර් එකකට රුපියල් 210 බැගින් විදේශගත ශ‍්‍රමිකයන්ට ගෙවන බව පැවසුවද තවමත් ඒ සඳහා එම රටවල මුදල් තැන්පත් කිරීමේ යාන්ත්‍රණ නිසි ලෙස ස්ථාපිත කර නැති අතර මේ කථාව ලොව පුරා විදේශගත ශ්‍රමිකයන් බොහෝ දෙනෙක් තහවුරු කළා.

      එනිසා තමන්ගේ කාලය සහ ශ්‍රමය වැය කරමින් ලංකාවේ බැංකුවක විදේශ ශාඛාවක් හෝ මූල්‍ය ආයතනයක් සොයා බොහෝ දුර ගෙවමින් ගමන් කිරීමට වඩා මේ ආකාරයේ නීත්‍යානුකූල නොවන ක්‍රමවේදයක් ඔස්සේ මුදල් යැවීම පහසු සහ ලාබදායක බව ඔවුන් පෙන්වා දෙති. මේ නිසා තත්ත්වය ඒ තරමටම හොඳ මදි වගේ තවමත්.

      Delete
    2. //කෙසේමුත් එමගින් ඩොලර් ලංකාවට නොලැබෙන්නේ විදේශයේ සිටින නියෝජිතයා එම මුදල එහිම රදවා ගන්නා බැවිනි.//

      ඇත්තටම ඔය ඩොලර් වක්‍ර ලෙස ලංකාවට එනවා. මේ ඩොලර් ආනයන ව්‍යාපාරිකයන් පිටින් භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමට යොදා ගන්නවා කියන්නේ එම ඩොලර් ලංකාවට ඇවිත් ආනයන ව්‍යාපාරිකයන් පිටින් භාණ්ඩ හා සේවා වෙනුවෙන් ගෙවීමට රට ඇතුළෙන් මිල දී ගන්නවාටම සමාන දෙයක්. මේ ආයතන ඩොලර් වැඩි මිලකට මිල දී ගන්නේම වක්‍ර ලෙස වැඩි මිලකට ලංකාව ඇතුළේ විකිණිය හැකි නිසා. එකම වෙනස මේ ඩොලර් රටට එන්නේ බැංකු පද්ධතිය හරහා නොවීමයි. මෙහිදී මෙය නිල වශයෙන් සිදු නොවන නිසා බොහෝ විට under invoicing සිදු වෙනවා විය හැකියි. එහි ප්‍රතිඵලය වන්නේ රජයට ලැබිය යුතු බදු ආදායම් නොලැබී යාමයි.

      //ඒ වගේම මේකේ අනිත් පැත්ත තමයි ඩොලර් එක තිබිය යුතු නියම මිලට වඩ් අවප්‍රමාණ කළොත් (උදාහරණයක් ලෙස රුපියල් 300ක් විතර) ඩොලර් වැඩි මිලට ගැනීමට පෞද්ගලික බැංකු සහ ආනයනකරුවන් ඉදිරිපත් නොවන නිසා ඩොලර් ලංකාවට එවීම නැවතත් ඇණහිටී.//

      එවැනි තත්ත්වයකදී සෘජුවම බැංකු පද්ධතිය හරහා මේ ඩොලර් රටට එන නිසා ඩොලර් වැඩි මිලට ගැනීමට පෞද්ගලික බැංකු සහ ආනයනකරුවන් ඉදිරිපත් නොවීම ප්‍රශ්නයක් වන්නේ නැහැ. ඩොලර් එක 300 කරනවා කියන්නේ මහ බැංකුව විසින් 300 බැගින් ඩොලර් මිල දී ගන්නවා කියන එක. ඒ නිසා ආනයනකරුවන් ඩොලර් ඉල්ලුවේ නැතත් බැංකු වලට 295ක් වැනි මිලක් ගෙවීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

      Delete
    3. නැහැ මම කිව්වේ ඩොලර් එක මාකට් එකේ ගානට වඩා වැඩියෙන් අවප්‍රමාණ කරන්න ගියොත් මහ බැංකුවට සෑහෙන ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන සංචිත දැඩි ලෙස වැඩි කර ගන්න වෙනවා, එසේ මිලදී ගැනීමට නම් විශාල වශයෙන් රුපියල් අච්චු ගහන්න ඕන, දැනට කරනවාටත් වැඩියෙන්. කෙසේ නමුත් ලංකාව වගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය විශාල වශයෙන් ආනයනය කරන ලද රටක් තුල (ලංකාවේ ආනයන වියදම් දැනට ඇති ආනයන තහනමත් සමග වාර්ෂිකව ඩොලර් බිලියන 18 ක් විතර, පහුගිය 2019 වසරේදී ඒක ඩොලර් බිලියන 20 ක් විතර. එයින් වාර්ෂිකව ඩොලර් බිලියන පහක් විතර යන්නෙ ඉන්ධන (ඛණිජ තෙල්, ගල් අගුරු, දැවි තෙල් සහ ගෑස් ආදිය) ගෙන්වන්න. වාහන ආනයනය තහනම් නිසා ඊළඟට විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපකරණ පරිගණක වගේ දේවල් වලට ඩොලර් බිලියන එක හමාරක් විතර, තව තිරිඟු පිටි, පරිප්පු, කඩල, මුං, සෝයා, පාම් ඔයිල් උම්බලකඩ කරවල හාල්මැස්සන් ආදී ආහාර වර්ග ආනයනය සදහා වැයවන ඩොලර් බිලියන එක හමාරක් විතර, යන්ත්‍ර සූත්‍ර සහ වෙනත් උපකරණ වගේ දේවල්, මේවගේ 80% ක් විතර දේශීය ආදේශකයක් නැති දේවල් නිසා මේවා ඩබල් එකෙන් මිල වැඩි වුණත් කවදාවත් ආනයනය නොකර ලංකාවේ හදන්න බැහැ කියලා ඉතාමත් පැහැදිලියි. අපි කොච්චර උත්සාහ කලත් මහා පරිමාණයෙන් ඔස්ට්‍රේලියාව වගේ රටවල් වලින් අමුද්‍රව්‍ය ලාබෙට අරන් මහා පරිමාණ කම්හල් වල විශාල වශයෙන් නිෂ්පාදන කරන පුහුණු ශ්‍රමිකයින් බහුල සියලු යටිතල පහසුකම් සහිත චීනය වියට්නාමය වගේ රටවල් එක්ක ලංකාවට තරඟ කරන්න බැරි නිසා ලංකාවේ තරගකාරීව නිශ්පාදන කරන්න ඉතාමත්ම අමාරුයි. දැනට චීනයෙන් ආනයනය කරන ඇතැම් භාණ්ඩ වලට 100% කට වඩා විශාල ටැක්ස් එකක් ගහලාත් දේශීය නිෂ්පාදන ආරම්භ වෙලා නෑ. ලංකාවේ ව්‍යාපාර කටයුතු වල යෙදෙන ව්‍යාවසායකයන් නිෂ්පාදන කර්මාන්ත කරන්න අකමැති ප්‍රධාන හේතුවක් පුහුණු නුපුහුණු ශ්‍රමිකයින් නැති වීම සහ ආනයන කර සරලව ලාභයක් තියාගෙන විකුණනවට වඩා සෑහෙන්න කට්ටක් කාලා production management කරලා භාණ්ඩ නිෂ්පාදනය කරන්න කවුරුවත් කැමතිත් නෑ කොච්චර ලාභ වැඩි උනත්. ලංකාවේ නිෂ්පාදන කර්මාන්ත කරන්න හරි අමාරුයි පකිස්ථානය, ඉන්දියාව බංග්ලාදේශය වගේ කලාපයේ වෙනත් රටවල් වලටත් වඩා. ඒ නිසා ද කොහෙද ලංකාවට වඩා ඒක පුද්ගල ආදායමත් වැඩි චීනය නැව් ගාස්තු ගෙවලා ලංකාවට ගෙනත් බදුත් ගෙවලා ආනයන කරුගේ ලාභයත් සහිතව අපට වඩා අඩු මුදලට විකුණනවා. ඩොලර් එක රුපියල් 300 ක් විතර වුණත් මම හිතන්නේ ආනයන මිල තව දුරටත් වැඩි වේවි ඒත් ඉතින් දේශීය නිෂ්පාදිතයක් හැදෙන්නේ නැහැ. ඒකට ඉතාමත්ම hard efforts සහිතව hard working capable work force එකක් ලංකාවේ නිර්මාණය කිරීමට නොහැකි වුණොත් ඒකෙන් වෙන්නේ විෂම චක්‍රයක් ලෙස අර වැඩේ ප්‍රයෝජනයක් නැති වෙනවා.

      අනිත් පැත්තෙන් ලංකාවේ සේවා අංශය ගත්තොත් සංචාරක ව්‍යාපාරය සාර්ථක වුණොත් හොඳයි. වෙනත් සේවා ගත්තාම තොරතුරු තාක්ෂණ සමාගම් වල විශේෂයෙන්ම ඇමරිකන් එක්සත් ජනපදයේ, යුරෝපයේ සහ ඕෂනියාවේත් තොරතුරු තාක්ෂණ සමාගම් වල ඉහළ තනතුරු දරන්නේ ඉන්දීය සහ පිලිපීන වගේ රටවල මිනිස්සු. බංග්ලාදේශයේ සහ පකිස්තානය ද මේ ක්ෂේත්‍රයේ දැඩිව establish වී තිබේ, මේ අය තම ඥාතීන් හිත මිතුරන් සමග එකතු වී මවු රටවල තොරතුරු තාක්ෂණ සමාගම් ආරම්භ කර ඉතා අඩු මුදලකට සේවා සපයනවා. කෙසේ හෝ තරගකාරීත්වය මත ලංකාවට මේ රටවල අය පැරදවීමට ඉතාමත් අසීරුයි. ඩොලරය තව අවප්‍රමාණ කළත් මම හිතන්නේ නෑ ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා. ඕන නම් තව උපරිම 10% ක් විතර වැඩි වේවි ලංකාවේ නිෂ්පාදන සාධක ඉතාමත්ම අඩු නිසා. ලංකාවේ අදාළ ක්ෂේත්‍ර වල පුහුණු ශ්‍රමිකයින් වැඩි කර ගැනීම සහ අධ්‍යාපනය, පර්යේෂණ R&D වගේ දේවල් ඉතාමත් ඉක්මනින් දියුණු කර ගැනීම සඳහා සැලසුම් සහගතව වසර,කීපයක් වැඩ කළත් මම හිතන්නේ සාර්ථක වෙන එකක් නෑ. ස්වයංක්‍රීය යන්ත්‍ර සහිත automation වගේ කම්හල් ලංකාවේ ආරම්භ කර මේ අතිශය බරපතල ශ්‍රම ප්‍රශ්නයට පිළිතුරු හොයා ගන්න පුළුවන් වෙයි ද?

      Delete
    4. //ඒ නිසා ද කොහෙද ලංකාවට වඩා ඒක පුද්ගල ආදායමත් වැඩි චීනය නැව් ගාස්තු ගෙවලා ලංකාවට ගෙනත් බදුත් ගෙවලා ආනයන කරුගේ ලාභයත් සහිතව අපට වඩා අඩු මුදලට විකුණනවා. ඩොලර් එක රුපියල් 300 ක් විතර වුණත් මම හිතන්නේ ආනයන මිල තව දුරටත් වැඩි වේවි ඒත් ඉතින් දේශීය නිෂ්පාදිතයක් හැදෙන්නේ නැහැ.//

      300 හරි යන්නේ නැත්නම් 400 කරන්න වෙනවා. කීය හෝ වැඩේ සිදු වන මට්ටම දක්වා විණිමය අනුපාතය ඉහළ යන්න දෙන්න වෙනවා.

      //ඒකට ඉතාමත්ම hard efforts සහිතව hard working capable work force එකක් ලංකාවේ නිර්මාණය කිරීමට නොහැකි වුණොත් ඒකෙන් වෙන්නේ විෂම චක්‍රයක් ලෙස අර වැඩේ ප්‍රයෝජනයක් නැති වෙනවා.//

      ඕක කොහොමද කරන්නේ? hard efforts සහිතව hard working capable work force එකක් ලංකාවේ නිර්මාණය කිරීම කියන එක ස්වභාවික තත්ත්වයන් යටතේ සිදු විය යුතු දෙයක් මිසක් සැලසුම් කර කළ හැකි දෙයක් නෙමෙයි. එය සිදු වන්නේ හෝ නොවන්නේ පවතින තත්ත්වයන් අනුවයි. hard efforts සහිතව hard working capable work force එකක් හදන්න උත්සාහ කරනවා වෙනුවට hard efforts හෝ hard working capable work force එකක් නැතත් නිෂ්පාදිතය ඉහළ යන කාර්යක්ෂම ක්‍රමයකුයි අවශ්‍ය වන්නේ. කාර්යක්ෂමතාවය කියන්නේ වැඩියෙන් වැඩ කර, වැඩියෙන් මහන්සි වී වැඩි නිෂ්පාදනයක් ලබා ගැනීම නෙමෙයි. අඩුවෙන් මහන්සි වී, අඩුවෙන් වැඩ කර වැඩි නිෂ්පාදනයක් ලබා ගැනීම. (මෙයින් අඩුවෙන් වැඩ කළ යුතු බව හෝ අඩුවෙන් මහන්සි විය යුතු බව යෝජනා කෙරෙන්නේ නැහැ). තමන්ට කැමති දේ කරන්න ඉඩ ලැබෙන තරමට මිනිස්සු වැඩියෙන් මහන්සි වී වැඩියෙන් වැඩ කරනවා. අකැමැති දේ කරන්න මිනිස්සු කැමති නැහැ. වැඩි දෙනෙකුට තමන් කැමති දේ කරන්න ලැබෙන්නේ වෙළඳපොළ නිදහස් හා පුළුල් වූ තරමටයි. රජය වෙළඳපොළට මැදිහත් වන තරමට, මිනිස්සු කළ යුතු දේ රජය තීරණය කරන තරමට, සිදු වෙන්නේ එහි අනෙක් පැත්තයි.

      //ඕන නම් තව උපරිම 10% ක් විතර වැඩි වේවි ලංකාවේ නිෂ්පාදන සාධක ඉතාමත්ම අඩු නිසා.//

      නිෂ්පාදන සාධක අඩුනම් දීර්ඝකාලීනවව නිෂ්පාදන සාධක වැඩි කර ගත හැකි වැඩ පිළිවෙළක් නේද අවශ්‍ය වෙන්නේ? එය සිදු වෙන්නේ දේශීය ඉතිරි කිරීම් ඉහළ යාමෙන් පමණයි. අයවැය හිඟය නිසාත්, විනිමය ප්‍රතිපත්තිය නිසාත් සිදුවෙන්නේ සිදු විය යුතු දෙයට ප්‍රතිවිරුද්ධ දෙයයි.

      //ස්වයංක්‍රීය යන්ත්‍ර සහිත automation වගේ කම්හල් ලංකාවේ ආරම්භ කර මේ අතිශය බරපතල ශ්‍රම ප්‍රශ්නයට පිළිතුරු හොයා ගන්න පුළුවන් වෙයි ද?//

      ස්වයංක්‍රීය යන්ත්‍ර සහිත automation වගේ කම්හල් ලංකාවේ ආරම්භ කරන්න ප්‍රාග්ධනය අවශ්‍යයි. නමුත් ලංකාවට ප්‍රාග්ධනය නැහැ. ඊට සාපේක්ෂව ලංකාවට ශ්‍රමය තිබෙනවා. විශාල වශයෙන් විදේශ රැකියා සඳහා යනවා කියන්නේ අතිරික්ත ශ්‍රමය. විශාල රාජ්‍ය සේවය කියන්නේ හිර කරගෙන තිබෙන අතිරික්ත ශ්‍රමය. රාජ්‍ය සේවයේ වරප්‍රසාද/ප්‍රතිලාභ සීමා කර වැඩ වැඩි කර මිනිස්සු රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස් වී පෞද්ගලික රැකියා වලට යන තත්ත්වයක් ඇති කළ යුතුයි. පෞද්ගලික අංශයේ රැකියා වඩා සුරක්ෂිත කළ යුතුයි. රාජ්‍ය සේවකයන්ගෙන්ද ආදායම් බදු අය කළ යුතුයි. රාජ්‍ය පෞද්ගලික දෙඅංශයටම තමන්ගේ වැටුපෙන් කපා ගන්නා වාරික මත පදනම් වූ විශ්‍රාම වැටුප් ක්‍රමයක් හා විරැකියා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි. කුසලතා හෝ ප්‍රාග්ධනය ඇති සංක්‍රමණිකයන්ට ලංකාවේ පුරවැසියන් විය හැකි ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි.

      Delete
    5. //ඩොලර් එක මාකට් එකේ ගානට වඩා වැඩියෙන් අවප්‍රමාණ කරන්න ගියොත් මහ බැංකුවට සෑහෙන ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන සංචිත දැඩි ලෙස වැඩි කර ගන්න වෙනවා, එසේ මිලදී ගැනීමට නම් විශාල වශයෙන් රුපියල් අච්චු ගහන්න ඕන, දැනට කරනවාටත් වැඩියෙන්.//

      මේක ප්‍රශ්නයක් නෙමෙයි. මිල දී ගන්න ඩොලර් වෙනුවෙන් වැය කරන රුපියල් ප්‍රමාණයට සමාන භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් විකුණුවහම හරි. දැනට රුපියල් බිලියන 1400ක පමණ භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුව සතුව තිබෙනවා. ඩොලර් එක රුපියල් 350 බැගින් ඩොලර් බිලියන 4ක් මිල දී ගත්තත් ඒ සඳහා යන්නේ රුපියල් බිලියන 1400ක් පමණයි. ඒ නිසා සංචිත මුදල් සැපයුම වැඩි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊටත් වඩා මිල දී ගන්නවානම් සංචිත මුදල් වැඩි නොකර එයද කළ හැකි ක්‍රම තිබෙනවා.

      //මේවගේ 80% ක් විතර දේශීය ආදේශකයක් නැති දේවල් නිසා මේවා ඩබල් එකෙන් මිල වැඩි වුණත් කවදාවත් ආනයනය නොකර ලංකාවේ හදන්න බැහැ කියලා ඉතාමත් පැහැදිලියි.//

      මේකත් ප්‍රශ්නයක් නෙමෙයි. ඉන්ධන වැනි ඇතැම් දේවල් ලංකාවේ හදන්න බැරි වුනත් වෙළඳපොළට ඩොලර් පොම්ප නොකර ඩොලරයේ මිල වැඩි වෙන්න ඇරියොත් හදන්න බැරි දේවල් මිල දී ගන්න කොහෙන් හෝ ඩොලර් හොයාගන්නම වෙනවා. හදන්න බැරි දේවල් නොහැදුවත් මිනිස්සු හදන්න පුළුවන් දේවල් හදලා ඒවා විකුණලා ඩොලර් හොයා ගනියි. ඒ වැඩේ මිනිස්සුන්ට බාර දී රජය පැත්තකට වෙන එක පමණයි කරන්න තියෙන්නේ.

      //ලංකාවේ ව්‍යාපාර කටයුතු වල යෙදෙන ව්‍යාවසායකයන් නිෂ්පාදන කර්මාන්ත කරන්න අකමැති ප්‍රධාන හේතුවක් පුහුණු නුපුහුණු ශ්‍රමිකයින් නැති වීම සහ ආනයන කර සරලව ලාභයක් තියාගෙන විකුණනවට වඩා සෑහෙන්න කට්ටක් කාලා production management කරලා භාණ්ඩ නිෂ්පාදනය කරන්න කවුරුවත් කැමතිත් නෑ කොච්චර ලාභ වැඩි උනත්. //

      එවැනි කට්ටක් කන්න කැමති නැත්තේ ආනයන කර සරලව ලාභයක් තියාගෙන විකුණන්න පුළුවන් නිසා. එහෙම සරලව ලාබයක් ඉපැයිය නොහැකි තරමට විනිමය අනුපාතය ඉහළ ගිය විට කට්ට කන්න වෙනවා. පුහුණු නුපුහුණු ශ්‍රමිකයින් නැති වීමට හේතුව විශාල රාජ්‍ය සේවයයි. අඩුවෙන් වැඩ කර පහසු ජීවිතයක් ගෙවීමේ විකල්පයක් තියෙද්දී මිනිස්සු අමාරු රස්සා කරන්න පෙළඹෙන්නේ නැහැ. ආණ්ඩුවේ රස්සා දෙන්නේ නැත්නම් පෞද්ගලික අංශයේ රැකියා කරන්න වෙනවා. (ඔබ කියන පරිදි පුහුණු නුපුහුණු ශ්‍රමිකයින් නැති වීම ප්‍රශ්නයක්ව ඇති පසුබිමක).

      Delete
    6. ඉකොනොමැට්ටා, දිගු පිළිතුරට බොහොම ස්තුතියි, නමුත් ඔබ පවසන යෝජනා බොහෝ දුරට දිගු කාලීන සැලසුම් සම්පාදනය කිරීම තුලින් ක්‍රියාත්මක කළ යුතු දේවල්. නමුත් ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම කරන්නෙ කලින් කලට රට තුළ බලයට පත් වෙන ආණ්ඩු පක්ෂ මගින්. නමුත් ලංකාවේ ආණ්ඩු මැතිවරණ ඉලක්ක කරගෙන කටයුතු කරන නිසා දිගුකාලීන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සම්පූර්ණයෙන්ම වගේ අත්හැර දමා ඇති බවත් කෙටි කාලීන සහ ඇතැම් විට යම් තරමකින් හෝ මැදි කාලීන ආර්ථික දේශපාලනික ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කරනවා පමණයි.

      කෙටි කාලීන වශයෙන් ලංකාවේ දැනට පවතින අර්බුද සියල්ලටම පාහේ විසඳුම් ලබා දී මට ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් විය යුතු ආකාරය පිළිබඳව ඔබේ යෝජනා මොනවාද? ඒ වගේම දිගුකාලීනව පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රමයක් ගැනත් යෝජනා කළ හැකි ද?

      Delete
    7. මුල කොටසට එකඟයි. දෙවන කොටසට කෙටි පිළිතුරක් දෙන්න බැහැ. එහෙම සරල විසඳුමක් තිබේනම් ආණ්ඩුව එය නොකර ඉන්න එකක් නැහැනේ නේද? ඒ වගේම කෙටිකාලීන විසඳුම් ගැන මේ මොහොතේ දීර්ඝ ලෙස විස්තර කරන්න කාලය යොදවන එකේත් තේරුමක් නැහැ. එය මගේ කාලය නාස්ති වීමක් පමණයි. වඩාම ප්‍රසස්ථ කෙටිකාලීන විසඳුම කුමක්ද කියන කාලයත් සමඟ වෙනස් වෙනවා. හොඳම විසඳුම තීරණය වන්නේ එය ක්‍රියාත්මක කරන්න පටන් ගන්න අවස්ථාව මතයි. ඔබේ ප්‍රශ්නයට පුළුල් පිළිතුරක් ඉදිරි තෙවසරක පමණ කාලය තුළ ලියන ලිපි හරහා ලබා දීම මගේ අපේක්ෂාවයි. වඩා වැදගත් දීර්ඝකාලීන විසඳුමයි. කෙටිකාලීන විසඳුම් ඉදිරිපත් කිරීමට මහන්සි වීමේ තේරුමක් තිබෙන්නේ දිගුකාලීන විසඳුමට එකඟ පාර්ශ්වයක් හෝ පාර්ශ්වයන් සිටීනම් පමණයි.

      Delete
    8. //මිල දී ගන්න ඩොලර් වෙනුවෙන් වැය කරන රුපියල් ප්‍රමාණයට සමාන භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් විකුණුවහම හරි. දැනට රුපියල් බිලියන 1400ක පමණ භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුව සතුව තිබෙනවා.//
      ඔබ මේ කියන්නේ මහ බැංකුව සතු බිල්පත් secondary market එකේ විකිණීම ද

      Delete
    9. ඔව්. එය එක් ක්‍රමයක්. එසේ නැත්නම් නොවිකුණා කල් පිරෙන තුරු ඉන්න පුළුවන්. භාණ්ඩාගාර බිල්පතක උපරිම කාලය අවුරුද්දයි. බිල් පත් කල් පිරෙද්දී සල්ලි නැවත මහ බැංකුවට ආපසු එනවා. ඒ සල්ලි වලින් ඩොලර් මිල දී ගන්න පුළුවන්.

      Delete
  9. ඇත්තටම ගොඩයන්නේ උතුරු මැද නොවෙයි ඌව. අපි දැන් කංසා එක්ස්පෝර්ට් කරන්න ඔන්න මෙන්න!

    ReplyDelete
  10. ඉකොම්නොමැට්ටා, මේ දිනවල ලංකාවේ තව තියෙන ප්‍රශ්නයක් තමයි ගෑස් පිලිබඳ ප්‍රශ්නය. ඇත්තටම ඉන්ධන වශයෙන් භාවිත කළ හැකි ගෑස් වර්ග ගොඩක් තියෙනව. අප මෙතන කතා කරන්නේ ඒල්පීජී (LPG - Liquefied Petroleum Gas) වායුව ගැනයි. ලංකාවේ ලිට්‍රෝ ගෑස් ටැංකි පුපුරා යනවා යැයි මේ දිනවල ලොකු ආන්දෝලනයක් තියෙනවා. නමුත් බලශක්ති ඇමති ගම්මන්පිල කියන විදිහට ගෑස් ටැංකි පුපුරා යාමක් නොවෙයි සිදුවෙලා තියෙන්නේ, සිලින්ඩර් වලින් කාන්දු වන ගෑස් වලින් සිදුවන පුපුරා යෑම තමයි සිදු වෙලා තියෙන්නේ. තියෙන ආරක්ෂිත ක්‍රම වේදය අනුව ගෑස් ටැංකිය පුපුරන්නෙ නෑ.

    මේ පිළිබඳ රසායනික විද්‍යාඥයෙක් වන මහාචාර්ය ජයතිලක මේ පිළිබඳව හොඳ අනුමානයක් ඉදිරිපත් කළා. සාමාන්‍යයෙන් ගෙවල් වල ගෑස් කාන්දුවකින් ගෑස් ගඳක් ආවොත් ගිනිකූර ගහන්න එපා දොරවල් අරින්න ජනෙල් අරින්න ගෑස් එක ඉවතට ගෙනියන්න කියලා කියනවා. නමුත් ගෑස් වල එහෙම ගඳක් නැහැ. මෙතේනිතියෝල් එහෙම නැත්නම් මර්කැප්ටන් (Mercaptan) කියන රසායනික ද්‍රව්‍ය ගෑස් වලට එකතු කරනවා ගඳ ඇති කරන්න ආරක්ෂාකාරී පියවරක් විදියට. Mercaptan or technically methanethiol is a harmless but pungent-smelling gas which has been described as having the stench of rotting cabbages/ smelly socks which is often added to natural gas as colourless and odourless component which make it easier to detect in case of leakage etc. එවිට යම් හෙයකින් ගෑස් කාන්දු වුණොත් ඒ ගෑස් එක කාන්දු වෙනවා කියන ගෑස් ගන්ධයෙන් අපේ නහයට දැනෙන්නේ ප්‍රොපේන් බියුටේන් කියන ඉන්ධන ගෑස් නිසා නොවේ, ගෑස් වලට මෙම මර්කැප්ටන් එකතු කරලා තියෙන නිසයි. මහාචාර්ය ජයතිලක අනුමානයක් ඉදිරිපත් කළා මෙම මර්කැප්ටන් නොදා හෝ ප්‍රමාණවත් ලෙස දමා නොමැති නම් ගෑස් කාන්දුවක් වුණත් ගෑස් කාන්දු වෙනවා කියන එක අප කවුරුවත් දන්නේ නැහැ. එවිට සුපුරුදු පරිදි ගිහිල්ලා ගිනිකූරක් ගැහුවොත් ලිප පත්තු කරන්න ගෑස් උදුන පත්තු කලොත් දුම්වැටියක් දල්වා ගත්තොත් ගෑස් හේතුවෙන් පිපිරීමක් ඇතිවෙනවා.

    මේ වගේම 2016 විතර මට මතකයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහත් ගෑස් පිපිරීමකින් බරපතළ තුවාල ලැබුවා. හේතුව ගෑස් කාන්දුවක් තිබිලත් ගෑස් ගඳක් දැනිලා නැහැ. පහනක් දල්වන්න ගිනි පෙට්ටිය ගැහුවහම ගිනි ගැනීමක් ඇති වුණා. දීර්ඝ වේලාවක් ගෑස් කාන්දු වී තිබුණ ද ඇයට ගඳක් ඇවිල්ලා නැහැ. එහෙමනම් මේ ගෑස් වල අඩංගු විය යුතු මර්කැප්ටන් රසායනිකය ප්‍රමාණවත්ව අඩංගු නොවීම හෝ කිසිසේත් අඩංගු නොවීම සිදුවෙලා තියෙනවාද?

    ඔය වගේම තවත් කාරණයක් තමයි ලංකාවේ එල්පීජී පිළිබඳ පරීක්ෂණ කිරීමට ප්‍රතීනනය කරපු රසායනාගාරයක් නැහැ. ලාෆ්ස් සමාගමට අයිති රසායනාගාරයක සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයිති රසායනාගාරයක ගෑස් ගැන පරීක්ෂණ කළ හැකියි. නමුත් ඒවා හදලා තියෙන්නේ ඔවුන්ගේ අභ්‍යන්තර අවශ්‍යතාවයන් සඳහායි. ඒ නිසා ඒක පිළිගැනීමට ලක් කර ගැනීමේ අවශ්‍යතාවයක් වත් කවදාවත් ඇති වුණේ නැහැ. නමුත් මෙතනින් පරීක්ෂණ වාර්තා ඉල්ලද්දි තමයි ප්‍රශ්න මතුවන්නේ.

    ඉකොනොමැට්ටා දන්නව ඇති මර්කැප්ටන් අඩංගුද නැද්ද නිසි ප්‍රමිතියට තිබේදැයි බලන්න ඇමරිකානු ක්‍රමවේදයත් තියෙනවා. අත් බෙහෙත් වලින් මෙය තිබේදැයි බලන්න හැකියාව තිබුණත් එම ඇමරිකානු ක්‍රමවේදය අනුගමනය කිරීම සඳහා පහසුකම් ලංකාවේ දැනට නැහැ කියලා ගම්මා කියන්නේ එවැනි අවශ්‍යතාවයක් කවදාවත් ඇතිවෙලා නොතිබුණු නිසා. ඒ නිසාම මෙම ගෑස් ක්ෂේත්‍රය අනිකුත් ඉන්ධන වලටත් වඩා මේ මොහොතේ වඩාත් වැදගත් වෙලා තියෙනවා නියාමනය කිරීම.

    ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කතා කරමින් කියනවා මෙම ගෑස් වල ප්‍රොපේන් 30% ක් සහ බියුටේන් 70% තියෙන්නට ඕනෑ. නමුත් දෙකම 50% බැගින් තමයි ගෑස් සිලින්ඩරයේ තියෙන්නෙ. ඒ නිසයි මේක පුපුරන්නේ කියලා. එවැනි නීතියක් හෝ නියාමනයක් තියෙනවා දැයි කියා සොයා බැලුවාම එහෙම නීතියක් නැහැ. දැනට නියාමනයකට තියෙන්නේ පීඩනය සම්බන්ධයෙන් පමණි. මර්කැප්ටන් දාන්න ඕනේ කියලා කොහෙවත් සඳහන් කරලා නෑ. ප්‍රොපේන් සහ බියුටේන් ප්‍රතිශත ගැන කොහෙවත් සඳහන් කරලා නෑ. ආරක්ෂාකාරී උපකරණ සම්බන්ධයෙන් ගෑස් සිලින්ඩරයේ සඳහන් කළ යුතු තොරතුරු සම්බන්ධයෙන් කොතනකවත් නියාමනයක් නැහැ. ඒ නිසා අද අපේ රටේ පාරිභෝගිකයෝ බියෙන් පෙළෙනවා. මෙතෙක් කලක් අප බයෙන් සිටියේ අපට හොරෙන් අනුන් ඇවිල්ලා තියන බෝම්බ වලට. නමුත් දැන් ගෙදර තියෙන ගෑස් සිලින්ඩරය සියදිවි හානි කර ගැනීම සඳහා සල්ලි දීල ගෙදරට අරන් ගිය බෝම්බයක් බවට පත්වී තියෙනවා.

    මේ බය නැති කළ හැක්කේ ඇත්ත හොයලා ඒය ප්‍රසිද්ධ කරලා එම හේතුව මගහැර ගැනීම සඳහා ක්‍රමවේදයක් සැකසීමෙන් ම පමණයි. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ 1.24 am

      ඔයා කියන දේ ඇත්තක් තියෙනවා, කියුවා වගේම ලංකාවේ කෑම පිසින ගෑස් (එල් පී ගෑස්) කියන්නේ සරලවම ප්‍රොපේන් (Propane - C3H8), බියුටේන් (Butane - C4H10) නම් වු ඇල්කේන (Alkane) කාණ්ඩයට අයත් හයිඩ්‍රෝකාබන දෙකේ මිශ්‍රණයක්. හැබැයි මේ කියන ප්‍රොපේන්වත්, බියුටේන්වත් කිසිම සුවඳක් හෝ පාටක් නොවන වායුන් වෙනවා. සේෆ්ටි පැත්තෙන් ආරක්ෂාව ගැන සිතිමේදි, මෙම හයිඩ්‍රෝකාබන පමණක් යොදාගැනීම අනතුරුදායකයි. මොකද කෙසේ හෝ සිලින්ඩරයේ අධික පීඩනයකින් ඇති ගෑස් පිටතට කාන්දු වීමක් වුණොත් අපිට කිසිම විදිහකින් එය දැනගැනීමට ඉතා අසීරුයි. ඒ නිසා ඉන් ගෑස් සම්බන්ධ භයානක අනතුරු සිදුවිය හැකියි. මේ නිසා ගෑස් කාන්දුවක් වෙන විට, එය දැනගැනීමට හැකිනම් ක්‍රමයක් අවශ්‍ය බව ඉතාමත් පැහැදිලියි. එතකොට තමයි ඔය කියන එතිල් ම'කැප්ටන් (Ethyl Mercaptan) සංයෝගය වැදගත් වෙන්නේ.

      ඒකේ ඉතිහාසය ගැන කතා කළොත් ඩෙන්මාර්ක් ජාතික කාබනික රසායනඥ William Christopher Zeise විසින්, 1834දි මෙම එතිල් ම'කැප්ටන් සංයෝගය හදුන්වා දුන්නා. මීට අමතරව මෙම සංයෝගය එතේන්තියෝල් (Ethanethiol) ලෙසත් හදුන්වනවා. එතිලීන් (Ethylene - C2H4) හා හයිඩ්‍රජන් සල්ෆයිඩ් (Hydrogen Sulfide - H2S) නම් සංයෝග දෙක යොදාගෙන මෙම එතිල් මකැප්ටන් සංයෝගය (C2H6S) නිර්මාණය කරගන්නවා. එතිල් ම'කැප්ටන් වල රසායනික සංයෝගය එතනෝල්වලට (Ethenol - C2H6O) බෙහෙවින් සමාන වන අතර, එතනෝල්වල ඔක්සිජන් වෙනුවට මෙහිදි බැදි ඇත්තේ සල්ෆර්, එසේ සල්ෆර් අඩංගු නිසා, මෙම සංයෝගයෙහි එයටම ලාක්ෂණික වූ ගන්ධයක් ඇති කරනවා. ගෑස් සිලින්ඩරයට ප්‍රොපේන්, බියුටේන් යොදන අවස්ථාවේදි මේ එතිල් මකැප්ටන් සංයෝගයත් සුළු ප්‍රමාණයක් එකතුකරනවා අවශ්‍ය පරිදි. ඒ යම් ගෑස් කාන්දුවක් වුණොත්, මෙම එතිල් ම'කැප්ටන් වාතයට එකතු වීම නිසා එහි ලාක්ෂණික ගන්ධය මිනිස්සුන්ට දැනෙන නිසා යම් ආකාරයේ ගෑස් කාන්දුවක් වී තිබෙන බව දැනගැනීමට හැකි වීමයි. සරලව එතිල් මකැප්ටන් සංයෝගයේ කතාව ඕක තමයි නමුත් ලංකාවේ ප්‍රශ්නය ගැන පැහැදිලිව විනිවිදභාවයකින් යුතුව අපක්ෂපාතීව පරීක්ෂණයක් පවත්වා එහෙම හොයා ගත් සැබෑ තොරතුරු මැනවින් ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධ කර මේ ප්‍රශ්නෙට විසදුමක් හොයාගන්න ඕන. ඒක නොකරන්නේ රජය ගෑස් ආනයනය පාලනය කිරීමට බොරුවට හදපු එකක් නිසා බවයි ඇතැමුන් පවසන්නේ. හැබැයි ඒ ගැන පැහැදිලිව කවුරුවත් හරියට කියන්න දන්නේ නෑ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: