"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම් ප්‍රමාණයකින් වැඩි වීමේ ඉඩක් තිබෙනවා. එය අපි අවබෝධකරගත යුතුයි. එසේ නම් අපි අපේක්ෂා කරන ලද ඩොලර් ආදායමට වඩා අතිරේක ආදායමක් අපි ඩොලර්වලින් උපයාගත යුතුයි. එසේ නොවුණහොත් විනිමය අනුපාතය පිළිබඳ බලපෑමක් ඇති වෙනවා. එය වැළැක්වීම සඳහා තමයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් මිලියන 200ක ක්ෂණික ආධාරයක් අපි අපේක්ෂා කරන්නේ.
අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මණ්ඩලය රැස් වෙනවා. අපි විශ්වාස කරනවා අපිට සාධාරණයක් ඉටු කර දෙයි කියලා. අපි ඒ සඳහා ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් සහාය අපේක්ෂා කර තිබෙනවා. ඒ නිසා 2026 සැලැස්මේ තිබු ඩොලර් ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 500ක්වත් අපි අලුතෙන් කැඳවාගත යුතුයි."
-ජනාධිපති අනුර කුමාර දිසානායක
මෙය මේ විදිහටම දමන්නේ රුපියල් බිලියන 500කින් රාජ්‍ය වියදම් වැඩි කළ විට එයින් විදේශ අංශයට ඇති වන බලපෑම මෙහි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්ම කෙටියෙන් පැහැදිලි කර තිබෙන නිසා.
මේ වන විට මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 206ක හදිසි ණයක් අනුමත කර තිබෙනවා. එහෙත්, ජනාධිපති දිසානායකටම අනුව, උද්ධමනය සහ විණිමය අනුපාතය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා, අවම වශයෙන් තවත් ඩොලර් මිලියන 300ක් පමණවත් අවශ්‍ය වෙනවා. ඒ කලින් අපේක්ෂා කළ විදේශ විණිමය ලැබීම් වලට අමතරවයි.
මූල්‍ය අරමුදල විසින් ඉදිරි වසරේ ආර්ථික වර්ධන වේගය පිළිබඳ පුරෝකථනය 2.9% දක්වා පහත හෙළා ඇති අතර වර්ෂාවසාන විදේශ සංචිත අපේක්ෂාව ඩොලර් මිලියන 6,550 දක්වා පහත හෙළා තිබෙනවා. එයට අද අනුමත වූ ඩොලර් මිලියන 206ක ණය මුදලද ඇතුළත්.
මෙම තත්ත්වය තුළ ඉදිරි දෙවසර තුළ ශ්‍රී ලංකාවට ඉතා අසීරු විදේශ සංචිත ඉලක්කයක් ලඟා කර ගැනීමට සිදු වී තිබෙනවා. ඒ අනුව, 2026දී ඩොලර් බිලියන 3.7කින්ද, 2027දී ඩොලර් බිලියන 4.5කින්ද විදේශ සංචිත වැඩි කර ගැනීමට සිදු වෙනවා. ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා ඉදිරි දෙවසර තුළ මහ බැංකුව විසින් ඩොලර් බිලියන 8.2 ඉක්මවන අමතර විදේශ සංචිත ප්‍රමාණයක් එක්රැස් කරගත යුතුයි.
ලේසි වෙන එකක් නෑ නේද ඉකොනෝ කයිය ගහන එක වගේ නෙවෙයි වැඩ කරන්න ගියාම 🥲
ReplyDelete@ Economatta
ReplyDeleteදැන් නොරොච්චෝල බලාගාරය ඉස්සර වගේ නිතර නිතර කැඩෙන්නේ නැත්තේ ඇයි? විදුලිබල මණ්ඩලයෙ වෘත්තීය සමිතිවල නායකයෝ එකෙක් කවුන්සලේ අනෙකා නගරාධිපතියෙක්,2022 ආර්ථික අර්බුදය කාලේ තෙල් සංස්‌ථාවේ තෙල් හංගලා පෝලිම් හදන්න මූලිකත්වය දුන්න එකෙක් බීලා එලවලා මනුස්සයො හප්පලා හත්පොලේ ගාගත්තා ඒක වේලෙන්නත් කලින් අනිත් පින්ගොනෙකුත් ඕන්න හත්පොලේ අසූචි නාගෙන
ඔය විදේශ සංචිත ඉලක්ක වලට යාගන්න ඉතින් විදේශ රටවල ඉන්න අය මුදල් එවීම සහ සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනය එක්ක මේ වෙලාවේ ඕක කරන්න බැරි ඇයි, ලංකාවට 2020 මුල් කොවිඩ් වසංගතය ඇවිල්ල අවුරුදු දෙකකට වැඩි කාලයක් සංචාරක කර්මාන්තය බින්දුවටම වැටිලා ඩොලර් බිලියන පහක් බැගින් වසර තුනකට වඩා හිඟයක් තිබිලා වසරකට ඩොලර් බිලියන හය හතක ණය වාරිකත් ගෙවාගෙන ඇදගෙන ගිය එකේ මෙච්චර ලෝක ආර්ථිකය හොඳට වර්ධනය වෙන කාලෙක ඕක ඔච්චර ප්‍රශ්නයක් වෙන්නේ ඇයි?
ඒ වගේද අහිංසක ඩෝබියෝන්ගේ හිතේ තිබ්බ අහිංසක බලාපොරොත්තු
රෙදි හෝදන ඩෝබියො ජිවිත කාලෙ පුරාවටම බලන් ඉන්න දේවල් ටිකක් මේ තියෙන්නෙ. අන්තිම එක තමා චූම එක..🤣
1).ඩෝබියො ඉස්සෙල්ලම බලන් හිටිය රංවලයගෙ උපාධිය පෙන්නනකල්.
2). ඊලගට අරජුන් මහේන්ද්‍රන්ව ගේනකල්.
3). ඊලගට උගන්ඩාවෙ සල්ලි ගේනකල්.
4). ඊලගට චිචීගෙ රොකට් එකට චිචියව හිරේ යවනකල් හිටිය.
5). ඊලගට චිචීගෙ බල්ලගෙ කරේ තිබ්බ පවුම් 90 මාලෙ අල්ලනකල් බලන් හිටිය.
6). ඊලගට ගෝටගෙ මිනී කන මෝරු අල්ලනකල් බලන් හිටිය.
7). ඊලගට ඩේසි ආච්චිගෙ මැනික් මල්ලට අච්චිව හිරේ යවන බලන් හිටිය.
8 ). ඊලගට තාජුඩින්ගෙ කේස් එකට නාමල්ව යවනකල් බලන් හිටිය.
9). ඊලගට ලසන්තලව එක්නැලිගොඩලව මරපු උන් අල්ලනකල් බලන් හිටිය.
10). ඊලගට පාස්කු මහ මොලකරු අල්ලනකල් බලන් හිටිය.
11). ඊලගට පෝර්ට් සිටිය හදන්න සීගිරිය කඩනකල් බලන් හිටිය.
12). ඊලගට නාමල්ගෙ ලැම්බෝගිනිටික අල්ලනකල් බලන් හිටිය.
13). ඊලගට රත්තරන් අස්සයො අල්ලනකල් බලන් හිටිය.
14). ඊලගට ගෝටගෙන් ලංකා හොස්පිට්ල් එක අල්ලනකල් බලන් හිටිය.
15). ඊලගට ඩුබායි මැරියට් එක අල්ලනකල් බලන් හිටිය.
16). ඊලගට ශ්‍රීපාදෙ ඝංඨාරෙ අල්ලනකල් බලන් හිටිය.
17). ඊලගට ඇවන්ගාඩ් එකට ගෝටව අල්ලගන්න බලන් හිටිය..
18). ඊලගට සීනි බදු වංචාව අල්ලනකල් බලන් හිටිය.
19). ඊලගට මහින්දට චීනෙන් දීපු චෙක් අංකෙ අල්ලනකල් බලන් හිටිය.
20). ඊලගට සුනාමි සහන මණ්ඩලේ නඩුවගැන බලන් හිටිය.
21). ඊලගට ශිරන්තිගෙ සිරිලිය ගැන බලන් හිටිය.
22). ඊ ලගට බැසිල්ගෙ මල්වානෙ ගේ අල්ලනකල් බලන් හිටිය.
23). ඊලගට ගෝටගෙ කතරගම ගේ අල්ලනකල් බලන් හිටිය.
24). ඊලගට කබ්‍රාල් සල්ලි ගෙවනකල් බලන් ඉන්නව..
25). ඊලගට නාය ගිය අයට ආණ්ඩුවෙන් ගෙවල් හදල දෙනකල් බලන් ඉන්නව.
26). කැතම සීන් එක කියන්නෙ අන්තිමට මුන් අනුර රටහදයි කියල බලන් ඉන්න එක තමා දුකම සීන් එක. දැන් ඉතින් ආර්ථිකයට කෙළවුණාම ආණ්ඩුවේ සේරම බලාපොරොත්තු ඉවරයි නේද?
ඉකොනො,
ReplyDeleteමේ වනවිට 'Rebuilding Sri Lanka' අරමුදලට රු. මි. 4,286ක (රු.බි. 4.2) ඉක්මවූ මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම කියා සිටී.
ඔහු සඳහන් කළේ, මෙම මුදලන් රුපියල් මිලියන 4,263ක් දේශීය ව්‍යාපාරිකයින් හරහා ලැබී ඇති බවත්, ඉතිරිය විදේශ මුදල්වලින් ඍජුව තැන්පතු හරහා ලැබී ඇති බවත්ය. ලැබුණු මුදල්වල ඩොලර් වටිනාකම මිලියන 13.8 ඉක්මවා ගොස් ඇති අතර, ඉන් විදේශ මුදල්වලින් පමණක් ලැබුණු ප්‍රමාණය ඩොලර් මිලියන 6 ඉක්මවා ගොස් ඇති බව සඳහන් කරයි.
උතුරු අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, චීනය, එංගලන්තය, ජර්මනිය, භූතානය, ඉතාලිය, කැනඩාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, නවසීලන්තය, මාලදිවයින, සෞදි අරාබිය, ප්‍රංශය, කොරියාව ඇතුළු රටවල් 43කින් මෙම ආධාර මුදල් ලැබී ඇති බව, මෙහිදී සූරියප්පෙරුම මහතා පවසා සිටියේය.
...
මේ දත්ත හරිද.
වැරදි වෙන්නේ හේතුවක් නැහැ නේද?
Deleteඑහෙම බැලුවොත් ආපදාව වෙනුවෙන් රජය විසින් වැය කරන්නට සැලසුම් කර තිබෙන රුපියල් බිලියන 572 ක මුදලෙන් සෑහෙන්න අඩු ප්‍රමානයක්නේ අරමුදලට එකතු වෙලා තියෙන්නේ ?
Deleteපේරාදෙණිය කැම්පස් එකටම රු. මි. 3,000 ක හානි වෙලා කිව්වේ එහෙ ප්‍රධානින්.
Delete