පෙබරවාරි 9 දින පෙරවරු 11:13ට ලංකාවේ ජාතික විදුලිබල පද්ධතියම ක්‍රියා විරහිත කරමින් "සිය දිවි නසාගත්" පානදුරේ වඳුරා මේ වන විට එම කඩාකප්පල්කාරී ක්‍රියාවේ ප්‍රධාන චුදිතයා වී සිටින ආකාරය දැකිය හැකියි. ජාත්‍යන්තර මාධ්‍ය ගණනාවක පුවත් මැවූ මේ වඳුරාගේ මළ සිරුරේ ඡායාරූපයක් අදාළ සිද්ධිය පිළිබඳව ලංවිම විසින් ලබා දී ඇති මූලික වාර්තාවටද අමුණා තිබෙනවා. එම වාර්තාවේ සඳහන් සිද්ධිය හා අදාළ මූලික තොරතුරු පෙර සටහනෙහි විස්තර කර තිබෙනවා. මේ සටහන මගින් අප අදහස් කරන්නේ එම වාර්තාවේ සඳහන් අනෙකුත් කරුණු ගැනද කතා කරන අතරම එම වාර්තාවේ නැති දේවල් වෙත අවධානය යොමු කරවීමටයි.
වඳුරා හැපීම නිසා පරිපථ ලුහුවත් වී මුලින්ම පරිපථ බිඳිනයක් ක්‍රියාත්මක වන්නේ පෙරවරු 11:13:39.580යි. පෙරවරු 11:14:00.022ට මුළු පද්ධතියම බිඳ වැටෙනවා. මේ මුළු සිද්ධි දාමයම සිදු වන්නේ තත්පර 20ක පමණ කාලයක් ඇතුළතයි.
මෙම සිද්ධිය සිදු වන විට (ලංවිම දත්ත අනුව) විදුලි ඉල්ලුම මෙගාවොට් 739ක් පමණයි. එම ප්‍රමාණය සැපයුනේ පහත පරිදියි.
ප්‍රධාන ජල විදුලි ප්‍රභව - මෙගාවොට් 126යි
ගල් අඟුරු (ලක් විජය) - මෙගාවොට් 472යි
සම්ප්‍රදායික නොවන සහ පුනර්ජනයීය බලශක්ති ප්‍රභව - මෙගාවොට් 141යි.
ඇත්ත වශයෙන්ම, ඉහත සඳහන් අන්තිම සංඛ්‍යාව නිවැරදී නැහැ. ඊට හේතුව, එම ගණනට කුඩා පරිමාණයේ සම්ප්‍රදායික නොවන සහ පුනර්ජනයීය බලශක්ති ප්‍රභව වල විදුලි සැපයුම ඇතුළත්ව නැති නිසා. ඒ නිසාම මුළු විදුලි ඉල්ලුම මෙගාවොට් 739ක් වීය යන්නද නිවැරදි නැහැ. මෙම කරුණ ගැන අපි පසුව කතා කරමු. ලංවිම පද්ධති පරිපාලනයේදී සලකා බලා ඇති බව පෙනෙන්නේ ඉහත දත්තයි.
මෙතැන් සිට තත්පර කිහිපයක් අනාගතයට ගියහොත්, පද්ධතිය බිඳ වැටීමට හේතුව පද්ධතියේ අවස්ථිතිය කළමනාකරණය කර ගැනීමට නොහැකි වීමයි. වෙනත් අයුරකින් කිවහොත් පද්ධතියේ සංඛ්‍යාතය අවශ්‍ය සීමාව තුළ රඳවා ගැනීමට නොහැකි වීමයි.
පෙර ලිපියක විස්තර කර ඇති පරිදි, පුනර්ජනයීය බලශක්ති ප්‍රභව වල ස්වභාවික අවස්ථිතියක් නැහැ. ගල් අඟුරු බලාගාර වලත් සැපයුම හදිසියේ වෙනස් කරන්න අමාරුයි. ඒ නිසා, සංඛ්‍යාත පාලනය සඳහා යොදා ගන්නේ ජල විදුලිය හෝ ගල් අඟුරු නොවන තාප විදුලි ජනකයක්. මේ අවස්ථාවේදී, ලක් විජය බලාගාරය හැර, වෙනත් තාප විදුලි ජනක ක්‍රියාත්මකව පැවතී නැහැ. ඒ නිසා පද්ධතියේ සංඛ්‍යාතය පාලනය කිරීම සඳහා යොදා ගත හැකිව තිබුණේ ජල විදුලි බලාගාර වලින් එකක්. වික්ටෝරියා බලාගාරයේ විදුලි ජනකයක් මේ කටයුත්ත සඳහා යොදා ගෙන තිබෙනවා.
එමෙන්ම මේ අවස්ථාව වන විට අවශ්‍යනම් ක්ෂණිකව පද්ධතියට මෙගාවොට් 230ක් දක්වා එකතු කිරීමේ හැකියාවක් (spin reserves) තිබුණා. ඒ කියන්නේ ප්‍රශ්නයක් නැතිව විදුලි සැපයුම 31.1%කින් වැඩි කිරීමේ හැකියාවක් තිබුණා. පද්ධතිය බිඳ වැටෙන්නේ මෙසේ තිබියදී.
ප්‍රශ්නය පටන් ගන්නේ පානදුර ග්‍රිඩ් උපපොළෙන්. එම උපපොළ තත්පරයක පමණ කාලයක් ඇතුළත පද්ධතියෙන් විසන්ධි වෙනවා. ග්‍රිඩ් උපපොළක් පද්ධතියෙන් විසන්ධි වූ පසු, ඉල්ලුමේ අඩුවීමක් සිදු වන බැවින් සාමාන්‍යයෙන් සිදු විය යුත්තේ පද්ධතියේ සංඛ්‍යාතය ඉහළ යාමයි. එහෙත්, මෙහිදී සිදු වී තිබෙන්නේ දිගින් දිගටම සංඛ්‍යාතය පහත වැටීමයි. එසේ සිදු වුනේ ඇයි?
පානදුර ග්‍රිඩ් උපපොළට සම්බන්ධ ප්‍රද්ශයේ විදුලි ඉල්ලුම ඉක්මවන විදුලි ජනනයක් ඒ වන විට එම ප්‍රදේශයේ කුඩා සූර්ය බල ප්‍රභව වලින් සිදු වෙමින් තිබුණු නිසා මේ අවස්ථාවේදී පද්ධතියට යම් විදුලි සැපයුමක් සිදු වෙමින් තිබී එය ක්ෂණිකව නැවතුනාද? යම් හෙයකින් එවැන්නක් සිදු වුවද, එවැනි විදුලි සැපයුමක් මෙගාවොට් කිහිපයකට වඩා වැඩි වීමේ ඉඩක් නැහැ. මෙගාවොට් දහයකට නොවැඩි ප්‍රමාණයක් පද්ධතියෙන් ඉවත් වුනත්, පද්ධතියට එකතු වුනත්, එම ප්‍රමාණය පද්ධතියට ලොකු බලපෑමක් කිරීමට හේතුවක් නැහැ.
පානදුර සිදු වීමෙන් පසුව කිසියම් නොදන්නා හේතුවක් නිසා පද්ධතියේ සංඛ්‍යාතය පහත වැටෙන්නට පටන් ගෙන ඇති අතර, එවැනි තත්ත්වයක් ඇති වූ විට සාමාන්‍යයෙන් කරන පරිදි, ඉල්ලුම හා සැපයුම තුලනය කිරීමේ අරමුණින් අදියර පහකින් පද්ධතියේ බර සැහැල්ලු කර තිබෙනවා (load shedding). පළමු අදියරේදී මෙගාවොට් 65.4ක්, දෙවන අදියරේදී මෙගාවොට් 58.5ක් ආදී ලෙස අදියර පහම අවසන් වෙද්දී මෙගාවොට් 406.1ක් පද්ධතියෙන් ඉවත් කර තිබෙනවා. එම ප්‍රමාණය පැවති විදුලි ඉල්ලුමෙන් 55.5%ක්. පද්ධතිය තුලනය කරගත නොහැකි වී තිබෙන්නේ එවැනි බර සැහැල්ලු කිරීමක් කිරීමෙන්ද පසුවයි. එසේ වුනේ ඇයි?
මෙගාවොට් 739ක ඉල්ලුමෙන් මෙගාවොට් 406ක්ම ඉවත් වීමෙන් පසුව තව දුරටත් අවශ්‍ය වන්නේ මෙගාවොට් 333ක් පමණයි. ලංවිම වාර්තාව අනුව පෙරවරු 11:14 වීමට පෙර මෙම බර සැහැල්ලු කිරීමේ අදියර පහම ක්‍රියාත්මක වී තිබෙනවා. එම වාර්තා නිවැරදිනම්, ජනක යන්ත්‍ර අක්‍රිය වන්නේ ඉන් පසුවයි. ඒ කියන්නේ ඉල්ලුම අඩු වුනත් සැපයුම එලෙසම තිබෙනවා. ඊට අමතරව ප්‍රමාණවත් හදිසි සංචිතද තිබෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ සංඛ්‍යාතය වේගයෙන් වැඩි වීමට මිස අඩු වීමට හේතුවක් තිබේද? මේ වැදගත්ම හා අවශ්‍යම කරුණ පිළිබඳ ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් වාර්තාවේ නැහැ.
මෙවැනි තත්ත්වයක් ඇති වීමටනම්, වාර්තාවේ විස්තර කර තිබෙන දේවල් වලට අමතරව, වෙනත් කිසියම් හේතුවක් නිසා විශාල ලෙස ඉල්ලුම ඉහළ යාමක් හෝ සැපයුම අඩුවීමක් සිදු විය යුතුයි. විය හැකියාවක් සේ අපට පෙනෙන ප්‍රධානම හේතුව වඳුරා හැපීමෙන් පසු පරිපථ බිඳිනයක් ක්‍රියාත්මක වීම සහ සංඛ්‍යාතය පහත වැටී ස්වයංක්‍රීය ලෙස පද්ධතියේ බර සැහැල්ලු වීම සිදුවෙන කාලය අතරතුර ඉහත සංඛ්‍යාලේඛණ වල නොමැති විශාල පුනර්ජනනීය බල සැපයුමක් පද්ධතියට අහිමි වීමයි. එය එසේ වීනම්. සැපයුම විශාල ලෙස පහත වැටී එය ඉල්ලුම විශාල ලෙස ඉහළ යාමක් සේ නිරූපණය වීමට ඉඩක් තිබෙනවා. මෙවැනි හිස්තැන් පිරවීමක් සිදු නොකර ලංවිම වාර්තාව කියවා ගන්න බැහැ.
වාර්තාවේ එකම එක තැනක පමණක් මේ පිළිබඳ සඳහනක් තිබෙනවා. ඒ අනුව, පද්ධතියේ බර සැහැල්ලු කිරීමට අවශ්‍ය වී තිබෙන්නේ "NCRE rejection due to an earth fault on Panadura 132/33kV T/F 01" යන හේතුව නිසා. එනම්, වඳුරා පැනීමෙන් පසුව, සම්ප්‍රදායික නොවන සහ පුනර්ජනනීය බලශක්ති සැපයුම පද්ධතියෙන් ඉවත් වූ නිසා. මෙම ප්‍රමාණය මෙගාවොට් 224.4ක් හෙවත් 31%ක් බවද සඳහන්ව තිබෙනවා. කෙසේ වුවත්, එවැනි ප්‍රභව වලින් එපමණ විදුලිය ජනනය වූ බවක් වාර්තාවේ මුල් කොටසේ සඳහන්ව නැහැ.
දැන් අපි ලංවිම වෙනත් සංඛ්‍යාලේඛණ වෙත හැරුනොත්, සූර්යබල විදුලි ජනන ධාරිතාවය පසුගිය වසර පහක පමණ කාලය තුළ ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. 2022දී මෙම ප්‍රමාණය මෙගාවොට් 720ක් වන අතර 2023දී මෙගාවොට් 859ක්. මෙම ප්‍රභවයෙන් විදුලිබලය නිපදවීමේ වර්ධනය සලකා බැලු විට 2025 පෙබරවාරි 9 වන විට ඉහත ධාරිතාවය මෙගාවොට් 1000 ඉක්මවා තිබුණා විය හැකියි. ලංවිම විසින් තත්කාලීනව නිරීක්ෂණය කර ඇති කොටස මෙයින් 10%කටත් වඩා අඩුයි. එම කොටසේ විදුලි ජනන දත්ත අනුව මේ සිදු වීම වන විට ඉතා හොඳින් ඉර එළිය තිබුණු බවද පෙනෙනවා.
මේ කරුණු අනුව අපට නිගමනය කළ හැක්කේ පද්ධතිය බිඳ වැටෙන්නට පෙර විදුලි ඉල්ලුම මෙගාවොට් 739ක් බැව් සදහන් වුවද, එම ගණනට ඇතුළත් නැති කොටස මෙගාවොට් 900ක් පමණ විය හැකි බවයි. ලංවිමට "පෙනෙන" ඉල්ලුම විශාල ලෙස පහත වැටීමට හේතුව ලෙසද විශාල ලෙස සූර්ය බල විදුලිය ජනනය වීම හඳුනා ගන්න පුළුවන්. එමෙන්ම, පාන්දර කාලයේ අවම ඉල්ලුම් මට්ටම හා සැසඳූ විට දිවා කාලයේදී මෙගාවොට් 1600කවත් ඉල්ලුමක් නොතිබෙන්නට හේතුවක් නැහැ.
සැබෑ ඉල්ලුම මෙගාවොට් 1600ක් සේ සැලකුවහොත් පද්ධතියේ අවස්ථිති කළමනාකරණය සඳහා උදවු කර ගත හැකි ජල විදුලි කොටස එයින් 8%කටද අඩු කොටසක්. මෙවැනි තත්ත්වයක් යටතේ පද්ධතියේ සංඛ්‍යාතය පාලනය කර ගැනීම අසීරු කටයුත්තක්. එමෙන්ම, ආපතික සංචිතයද මුළු සැපයුමෙන් 31%ක් නොව, 14%ක් පමණයි. කෙසේ වුවද, මේ අයුරින් පද්ධතියේ සංඛ්‍යාතය පවත්වා ගැනීම අසීරු වන්නේ පද්ධතියට කිසියම් කම්පනයකට මුහුණ දෙන්නට සිදු වුවහොත් පමණයි. එවැන්නක් සිදු නොවීනම් මෙවැනි ප්‍රශ්නයක් මතු වන්නේ නැහැ.
ඉහත කොටස අත හැර, ලංවිම විසින් නිරීක්ෂණය කරන සැපයුම දෙස බැලූ විට පෙනී යන්නේ ලක්විජය ගල් අඟුරු ජනන යන්ත්‍රයක් මුලින්ම අක්‍රිය වීමට පෙර බර සැහැල්ලු කිරීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් මෙගාවොට් 406ක් පද්ධතියෙන් විසන්ධි වී ඇති බවයි. ඉල්ලුම එපමණකින් අඩු වීමෙන් පසුව, මෙගාවොට් 230ක ආපතික සංචිතයක්ද තිබියදී, ඉල්ලුම හා සැපයුම තුලනය කර ගත නොහැකි වීමෙන් පෙනෙන්නේ වාර්තාවේ සඳහන්ව නොමැති ආකාරයකින් විශාල විදුලි බල සැපයුමක් (මෙගාවොට් 600ක් පමණ දක්වා විය හැකි) පද්ධතියට අහිමි වී ඇති බවයි. එසේ නැත්නම්, ඉල්ලුම එපමණකින් ඉහළ ගොස් ඇති බවයි. ලක්විජය ගල් අඟුරු ජනන යන්ත්‍රය අක්‍රිය වීමට පෙර තත්පර කිහිපය ඇතුළත එක් අදියරකින් හෝ අදියර කිහිපයකින් මෙවැන්නක් සිදු වී තිබිය යුතුයි. තර්කානුකූලව මෙවැන්නක් සිදු විය හැක්කේ කිසියම් ආකාරයකින් සූර්ය බල විදුලි සැපයුම පද්ධතියෙන් විසන්ධි වීම නිසායි.
මෙතෙක් මා කරුණු සටහන් කළේ සෑහෙන දුරකට වාර්තාගත නිල තොරතුරු මත පදනම්වයි. මේ සම්බන්ධව යාවත්කාලීන වූ ප්‍රායෝගික දැනුමක් නොමැති නිසා මා මෙයින් එහාට තීන්දු දෙන්න යන්නේ නැහැ. සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස මට හිතෙන දේ සටහන් කරනවා පමණයි.
පෙර ලිපියක විස්තර කළ පරිදි, සූර්ය බල විදුලි අපවර්තක වලින් සරල ධාරා විදුලිය ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලිය බවට හරවා පද්ධතියට එකතු කරන අතර ඒ කාර්යයේදී පද්ධතියේ සංඛ්‍යාතය සහ වෝල්ටීයතාවය කියවීමක් කරනවා. එම තොරතුරු වලට ප්‍රතිචාර ලෙස මෙම අපවර්තක විසින් කරන තවත් දේවල් තිබෙනවා. ඒ මොනවාද යන්න අදාළ අපවර්තකයේ තාක්ෂනය මත මෙන්ම ඒවා වින්‍යාසගත (configure) කර ඇති ආකාරය මතද තීරණය වෙනවා. ඒ නිසා, පද්ධතියට එකතු කර ගැනීමේදී නියාමනය මගින් පනවා ඇති සීමාවන්ට යටත්ව, මේ අපවර්තක වෙනස් ලෙස ප්‍රතිචාර දක්වන්න පුළුවන්. එම ප්‍රතිචාර වල සමානකම් තියෙන්නත් පුළුවන්.
සිදුවිය හැකි එක් දෙයක් වන්නේ යම් සීමාකාරී තත්ත්වයන් යටතේ අපවර්තක ස්වයංක්‍රීය ලෙස පද්ධතියෙන් ඉවත් වීමයි. සංඛ්‍යාතය කිසියම් සීමාවකින් පහළට වැටෙද්දී (low frequency threshold) මෙන්ම පද්ධතියේ වෝල්ටීයතාවය පහත වැටීමේදීද (low voltage threshold) මෙවැන්නක් සිදු විය හැකියි කියා මා හිතනවා. පද්ධතියේ කොටස් වන ජනක යන්ත්‍ර ආදියද හැසිරෙන්නේ මේ අයුරිනුයි. මේ සියලුම උපකරණ වලට තම තමන්ගේ ආරක්ෂාව තම තමන් විසින් සලසා ගැනීමේ "අරමුණක්" ඇති අතර, පද්ධතියේ උපාංග වලට ඊට අමතරව පද්ධතිය ස්ථායී ලෙස තියා ගැනීමේ "සාමූහික වගකීමක්ද" තිබෙනවා. අපවර්තක වලට මේ "සාමූහික වගකීම" නැහැ.
අනෙක් කාරණය විදුලි-යාන්ත්‍රික උපාංග වලට සාපේක්ෂව විද්‍යුත් උපාංග වලට වෙනස් වන තත්ත්වයන්ට ක්ෂණිකව ප්‍රතිචාර දැක්විය හැකි වීමයි. එය එසේ නොවන්නේ කිසියම් කාල පමාවක් වින්‍යාසගත කර ඇත්නම් පමණයි. එසේනම් මෙහිදී සිදු වුනේ ජාතික විදුලි පද්ධතියේ උපාංග ස්වයංක්‍රීය ලෙස ප්‍රතිචාර දැක්වීමට පෙර තනි තනි අපවර්තක වෙන වෙනම ස්වයංක්‍රීය ලෙස ප්‍රතිචාර දැක්වීම නිසා පද්ධතිය බිඳ වැටීමද? උදාහරණයක් ලෙස පානදුර සිදු වීමේදී තත්පර 1.1ක කාලයක් තුළ වෝල්ටීයතාවය පහත වැටෙද්දී එයට ප්‍රතිචාර දක්වමින් අපවර්තක ගණනාවක් විදුලි සැපයුම නවතා දැමුවද? එහිදී සැපයුම අඩු වී පද්ධතියේ සංඛ්‍යාතය පහත වැටීගෙන යද්දී, එයට ප්‍රතිචාර ලෙස බර සැහැල්ලු කිරීමේ ක්‍රියාමාර්ග ස්වයංක්‍රීය ලෙස ක්‍රියාත්මක වුනත්, එම වෙනස හඳුනා ගනිමින් තවත් අපවර්තක ගණනාවක් ඊට පෙරම විදුලි සැපයුම නවතා දැමුවද?
මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයා ගැනීම මා මෙම උපාංග පිළිබඳ යාවත්කාලීන වූ දැනුමක් ඇති අයට ඉතිරි කරනවා. කෙසේ වුවත්, එක් දෙයක් පැහැදිලියි. මෙලෙස පද්ධතිය බිඳ වැටීමට හේතුව දිවි දුන් වඳුරා නොව ඉන් පසුව සිදුව තිබෙන කවර හෝ සිදුවීම් දාමයයි. වඳුරෙකු නොමැතිව වුනත් එවැන්නක් නැවත විය හැකියි. ඒ නිසා, දැන් අපි මේ වඳුරාව නිදොස් කොට නිදහස් කළ යුතුයි!
පානදුරේ වඳුරා vs තඹුත්තේගම රිලවා
ReplyDeleteGammac tamai 🥨
@ ඉකොනොමැට්ටා
ReplyDeleteගම්පහ දිස්ත්‍රික්කයෙන් මනාප ඉල්ලපු හිටපු කතානායක අසෝක රන්වලට මමත් මනාපයක් ගැහුවා ඔහුගේ තියෙනවා කියලා ඒ දවස්වල කියාපු උගත්කම නිසා.. ඔහුට මොරටුව විශ්ව විද්‍යාලයෙන් රසායනික ඉංජිනේරු උපාධියකුයි ජපානයේ වසෝදා කියලා විශ්ව විද්‍යාලයකින් පීඑච්ඩී ආචාර්ය උපාධියකුයි තියෙනවා කියලා විශාල ලෙස පබ්ලිෂ් කරලා තිබුණා… අපි චන්දෙ දුන්නේ ඒ ඔවුන්ගේ තිබූ උගත්කම දිහා බලලා… නමුත් දැන් අනාවරණය වෙලා තියෙන විදියට ඔහු නිකම්ම නිකම් හාල්පාරුවෙක් කියලා දැනගත්තට පස්සේ අපිට ඇතිවෙන්නේ මහත් හිත් වේදනාවක්…. ඔහු අපිව රැවට්ටුවා… ඡන්දදායකයින් වශයෙන් අපිට සිදු වුණේ මහත් අසාධාරණයක්… එනිසා ජවිපෙ නායකයින් මේ ප්‍රශ්නය දිහා සාධාරණව බලා මොහු පාර්ලිමේන්තුවෙන් එළවා දැමිය යුතුයි…මේකට දඩුවමක් නොදුන්නොත් ලංකාවේ හැමතැනම තවත් එවුන් රැකියාවලට සහ වෙනත් දේවල්වලට මේ විදියට බය නැතුව බොරු උපාධි තමන්ට තියෙනවා කියලා දාවි කිසිම බයක් නැතුව… කරුණාකර නීතිය ක්‍රියාත්මක කරන්න කියලා රජයෙන් ඉල්ලන ගමන් පොදුවේ පුරවැසියන් විදියට මේකට අපට ගතහැකි ක්‍රියාමාර්ග මොනවාද කියා ලියන්න පුළුවන්ද? Right to recall වගේ දෙයක් ලංකාව වගේ රටකට ගැලපෙයි ද? එහෙම එකක් ගේන්න කියා පුරවැසියන්ට රජයට බලපෑමක් එල්ල කරන්න පුළුවන් වෙයිද?
කෙබර කොටාණෝ නමැති හැලි වඳුරාණෝ
ReplyDeleteටොම් පචයනාණෝ රට වනසාණෝ
ගජබින්න දෙසානෝ ජනයා කුපිත කරානෝ
අයවැය කියවානෝ ඉවරයි රට වැසියානෝ
පිනුම් මොටද පැන පැන යන රිලවුනට
පිහිනුම් මොටද දිය යට යන කිඹුලන්ට
ඉනිමං මොටද අතු අග යන ලේනුන්ට
කරණම් මොටද ගස් උඩ යන රිලවුන්ට
දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
කීමෙන් ගොඳ කීම් හත්බස තෙපලීම
යාමෙන් හොඳ යාම යහමගෙහිම යාම
කෑමෙන් හොඳ කෑම උපයාගෙන කෑම
ලසන්තගේ මිනිය විකුණාගෙන කනවා
පාස්කුවත් දෙවි ගේ ගිණුමට යනවා
යෝෂිත හොරා රටටම ආතල් දෙනවා
රාජපක්ෂ රැල සතුටින් වැජඹෙනවා
තිබහට වතුර බොන්නට සුලු ලිඳ විතර
කිසිවිට පිහිට නැත ගැඹුරැති මහ සයුර
දුකකට පිහිට පොඩි මිනිහෙකුගෙන් විතර
ලොකුවට සිටින අයගෙන් නැත කිසිම වර
ඇත්තටම ඉකෝන් ඔබ ලංකාවේ නව අයවැය ලේඛනය ගැන හිතන්නේ කුමක්ද? නව 2025 අයවැය යෝජනා පිළිබඳව වැඩිදුර විස්තර පැහැදිලි කරන්න පුළුවන්ද?
ReplyDeleteවිශේෂයෙන්ම විදුලිබල බලශක්ති ක්ෂේත්‍රයට මෙහි බලපෑම කෙබඳුයි ද?
තවත් කාරණයක් තමයි වර්තමාන මාලිමා ආණ්ඩුව මේ දවස්වල, NPP ආණ්ඩුවකින් බලාපොරොත්තු විය නොහැකි, ඒත් ශොකින්ලි උන් කරන, හෙන අවුල් කැම්පේන් එකක් අරං යනවා ගොවියොන්ට විරුද්ධව. මෙන්න මේ කැම්පේන් එකට නං සමාව දිය නොහැකියි.
සාමාන්‍යයෙන් ඕනම පාර්ශවයක් බලය ලැබෙන කං ගොවියො ටික විකුණං කාලා, බලය ලැබුණට පස්සේ ගොවියොන්ට පස්ස පැත්ත පෙන්නන එක බොහොම ස්වාභාවික සංසිද්ධියක්. ඇත්තටම ඒ පස්ස පැත්ත පෙන්නනවා නෙවෙයි, ඒ ඉල්ලන ගණන්වලට වී ගන්නවත්, ඒ කියන පොහොර ඇතුළු සහනාධාර ඔක්කොම දෙන්නවත්, ඒ සියල්ල කරලා මිනිස්සු ඉල්ලන ගාණට හාල් දෙන්නවත් බැරි බව බලය ලැබුණට පස්සෙ එයාලා තේරුම් ගන්න නිසා.
නාමල් කරුණාරත්නට උනෙත් ඒකයි. විපක්ෂයේදී ගොවියන්ගෙ තාත්තා වගේ ඉඳගෙන, පොරටෝක් දීලා අන්තිමට ගොවියොන්ට පොහොර වතුර සහනාධාර දීලා, තව පුළුවන් නං පූපත් දෙන්න ඕන කියලා කලින් ආණ්ඩුවලට බල කරලා, වී රජයෙන් අවම 150/- ක මිලකට අරගන්න කියලා සැරටම ගේම ඉල්ල ඉල්ල ඉඳලා, දැන් නියෝජ්‍ය ඇමති උනාම වැඩේ වෙන්නේ මෙහෙමයි කියලා තේරෙද්දි, අම්මටසිරි වෙද්දි, වීවලට ශේප් එකේ තටමලා තටමලා යාන්තම් 120/- ක් දීලා අත පිහිදගත්තේ ඒකයි.
ඩඩ්ලිලා අවුරුදු ගානක් තිස්සේම පුන පුනා කියපු දේ වුණ ලොකු හාල් මෝල්වල වී හංග ගෙන නැති බවත්, එහෙම හාල් මාෆියාවක් කියලා එකක් නැති බවත් ජනාධිපතිටයි ඇමතිලාටයි ප්‍රසිද්ධියේ මාධ්‍යවලට ඇවිත් පිළිගන්න සිදුවුණේ ඒකයි.
තමන් කලක් තිස්සේ ජනතාව රවටන්නට කියපු කරපු දේවල්වලට සාපේක්ෂව දැන් කියන කරන දේවල් ඔක්කොගෙන්ම නෑමක් සෙට් වෙලා තියෙන බවත් සත්‍යයි. (මේ දවස්වල පෞද්ගලික මෝල්වලට මරු තරගකාරීත්වයකුත් දෙනවනේ)
හැබැයි ඒක හරිම සාමාන්‍යයි.ජේවිපි පාක්ෂිකයෝ ඒවා ඩිෆෙන්ඩ් කරයි. ආණ්ඩුව විවේචනය කරනකොට අපිට සිලින්ඩර් බයියෝ සජබයියෝ කියලා මඩ ගහයි, ආණ්ඩුවට සපෝට් කරන උන් ජෙබයියෝ වෙයි.
මේතාක් දේශපාලනයේ, බොහොම සාමාන්‍ය සංසිද්ධියක්. දේශපාලන කතාවලදී, ෆේස්බුක් පෝස්ට්වලදී අපි කියව ගත්තට, භෞතික ලෝකයට මේකෙන් වෙන බලපෑම අවමයි. විපක්ෂ විවේචනය කරනවා, ආණ්ඩුව ඩිෆෙන්ඩ් කරනවා. සාමාන්‍යයිනේ.
ඒත් මේ දවස්වල එහෙම සාමාන්‍ය නැති දේකුත් හිමීට වෙනවා. කලින් යහපාලන ආණ්ඩු කාලෙත් මේ වගේම කැම්පේන් එකක් ගියා. අන්තිමට ඒකෙ ප්‍රතිඵලය මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ.
කැම්පේන් එක වුණේ, ගොවියා දුෂ්ඨයා කිරීමේ කැම්පේන් එක!
ඒ කියන්නෙ ආණ්ඩුවට මෙහෙම කරන්න වෙලා තියෙන්නේ, මිනිස්සු වැඩි ගණන් දීලා හාල් ගන්නේ, මේ කරදර ඔක්කොටම හේතුව ගොවියෝ කියලා මේ සමස්ත ප්‍රශ්නෙම වගකීම ගොවියෝ පිටේ පටවලා අත පිහිදගැනීමේ කැම්පේන් එකක් දැන් යනවා.
ගොවියොන්ට මිනිස්සුන්ගේ සල්ලිවලින් වතුර දෙනවා, පොහොර දෙනවා, අරවා දෙනවා මෙව්වා දෙනවා, ඒ ඔක්කොම කරලත් මුන්ට ආණ්ඩුවට වී දෙන්න බෑ, මුන්ව කොන් කරන්න ඕන, මුන්ට පාඩමක් උගන්නන්න ඕන, අනික අපිට ගොවියෝ වැඩක් නෑ තැන ඉඳන්,
රටේ වවන්න බෑ, පිටරටින් හාල් ගෙන්නන්න ඕන, ලංකාවේ කෘෂිකර්මය නවත්වන්න ඕන වගේ තැනක් වෙනකං මේ කැම්පේන් එක සක්‍රීයයි.
හැබැයි මේක මේ කැළණියේ ඉපදිලා, කොළඹ ඉස්කෝලේ ගිහිල්ලා, කොළඹින් පිට යන්න නොකමැත්තට කොළඹ කැම්පස් ගිහින්, මාමා ජනාධිපති වෙද්දි පාර්ලිමේන්තු ඇවිත්, නෙපොටිසම්වලින් උඩට ආපු, ගමක් ගැන අහලාවත් නැති රනිල් වික්‍රමසිංහ වගේ අමුතු ජීවියෙක් වගේ කෙනෙක් කරා නං හිත හදාගන්න තිබ්බා. ඒ උගේ හැටිනේ කියලා මේ සිනාරියෝ එක තේරුම් ගන්නවත් තිබ්බා.
ඒත් මේ ජවිපේ?
ජවිපේ කොහොමද මෙහෙම කරන්නේ?
සෑම දේශපාලන බලවේගයක්ම ගොවියෝ පාවිච්චි කරන එක වෙනම කතාවක්, ජවිපෙත් ඒක කරා, මහින්දලා සජිත්ලා එහෙමත් ඒක කරනවා, ඒකෙ කිසිම තරහක් නෑ.
ඒත් ඇයි ගොවියොන්ව මේ කතාවේ දුෂ්ඨයෝ කරන්න හදන්නේ?
කලින් බස් අයිතිකාරයන්ව, ත්‍රීවීල් රියදුරන්ව දුෂ්ටයෝ කරා.
දැන් ගොවියොන්ව.
මේකෙ තියෙන දුකම කාරණේ,
මේ කැම්පේන් එකට අහුවෙලා, තමන්ගේ තාත්තා ගොවියෙක් උනු පුතාලා පවා දැන් ගොවියොන්ට විරුද්ධව පෝස්ට් ශෙයාර් කරනවා.
මට ආදරණීය ඉල්ලීමක් කරන්න තියෙනවා හැමෝගෙන්ම
Deleteලංකාවේ අපි වෙන මොන නිෂ්පාදනයට ජපන්, ඇමෙරිකන්, ලන්ඩන්, චයිනා රටවල් ශුවර් කරත්, ආස කළත්, හාල්වලට එද්දි ලංකාවෙ මිනිස්සුන්ට ඕන ලංකා හාලම තමයි. ඒක කැම්පේන්වලට, ඩේටාවලට හෝ වගු ප්‍රස්තාරවලට සෙන්ස් නොවෙන ඉමෝෂනල් කෑල්ලක්.
ඉතින් ඒවත් එහෙම තියාගෙන,
ගොවියෝ සුපිරි හොරු, ඔක්කොම පිනට අරං තව සල්ලිත් වැඩිපුර ඉල්ලනවා, ඕකුන්ට සල්ලි තියෙනවා, ඔය නැති වාදම දාන්නේ බොරුවට වගේ කතා එළියට එවන්නේ.
මට කෘෂිකර්මය ගැන විවේචන තියෙනවා. මම විශ්වාස කරනවා අඩුමගානෙ ගොවිතැන සමූපකාර ක්‍රමේටවත් මහාපරිමාණ ලෙස තාක්ෂණය යොදාගෙන කළ යුතු බව. මේක තව කාර්යක්ෂම කළ යුතු බව. දැන් තියෙන ක්‍රමය වෙනස් කළ යුතු බව.
ඒත් එහෙමයි කියලා මට බෑ ගොවියව දුෂ්ඨයා කරන්න.
ආයිත් කියනවා මාලිමා ආණ්ඩුවට, අපි බැණගමු සංවාද කරගමු. ඒත් මේ ගොවියා දුෂ්ටයා කිරීමේ බලු වැඩේ විතරක් කරන්න එපා. උඹලට මෙලෝ වැඩක් කරගන්න බැරි එකට රටේ ගොවියෝ පළි නෑ!
ඔවු ඉකොනොමැට්ටා දැන් තේරෙනවා නේද අපි ඔයගැන කියපු කතාව ඇත්ත බව, ඔය විදුලි බල මණ්ඩලයේ ගේම් කාරයෝ ටික එක්කෝ ආණ්ඩුව ලෙසටම අන්දලා හොරාට ගේමක් දෙනවා එහෙම නැත්නම් ආණ්ඩුවේ මැති ඇමැතිවරුත් උන් එක්ක සෙට් වෙලා ජනතාවට ෂොට් එක දෙනවා, ඔය දෙකින් එකක් තමයි සිදුවෙන්නේ.
ReplyDeleteලාල්කාන්ත පිළිගත්තානේ ඔය සිද්ධිය, ඇත්තටම ලාල කියනවා වගේ මුන්ට රාජ්‍ය බලය නැහැ නෙවෙයි, මුන්ගේ නොදන්නාකම සහ නොහැකියාව නිසා රජයේ සේවකයෝ ටික මුන්ව අන්දනවා ලෙසටම. ඉස්සර නිලධාරීන් ඇමතියත් එක්ක හවුලේ බෙදාගෙන හොරා කාපු ඒවා දැන් උන් තනියම කනවා.
ඔය වගේම රේගුව වාහන ඒජන්තවරු සෙට් එකත් එක්ක ඩීල් දාල සාමාන්‍ය මිනිහට වාහනයක් ගෙන්වන්න බැරි තැනට වැඩේ හදාගෙන යනවා. පාවිච්චි කරපු වාහනයක් ලංකාවට ගේනකොට වටිනාකම ගන්නේ ඒ රටේ විකුණන ගණන. ඒක වෙබ්සයිට්වල තියෙනවා. ඒකට අනුව තමයි බදු මුදල තීරණය කළයුතු වෙන්නේ. නමුත් දැන් වාහනවල CIF මිල තීරණය කරන්නේ කවුද? අදාල වාහන වර්ගයේ ලංකාවේ ඒජන්තවරු කියන ගාන හෝ ඉන්වොයිස් එකේ තියෙන ගාන කියන දෙකින් වැඩිම එක තමයි බදුමුදල ගණනය කරන්න ගන්නේ, ඒත් ඒජන්තවරු වාහනයක් ගෙන්වනකොට ඔවුන්ම තමයි වටිනාකම තීරණය කරන්නේ. එතකොට තේරෙනවනේ රේගුවට ඩීල් දාන්න පුළුවන් මොන වාහනවලටද කියලා. ඔයවගේ ගේම් තමයි මෙතන යන්නේ. ආණ්ඩුව මාරු කරලා අපට වුණේ කබලෙන් ලිපට වැටීමක්, අපි බලාපොරොත්තු වුණේ නෑ කවදාවත් NPP එක අපට මෙහෙම කරාවි කියලා. සේරම එකවගේ.
ඩීල් ගේම් වැහි වැහලා වගෙයි බොලේ
ReplyDeleteඅතුරෙ යන්න පුරුදු වෙන්න වෙයි රාළේ
හනික ඉගෙනගෙන නිල අල්ලන තාලේ
හොරු මැඩලන්න ජාජබෙ - ඔබෙ අතෙයි බලේ
මම කියන්නේ පුනර්ජනනීය කේස් එකා හොඳ නැහැ කියල ඔප්පු කරලා ගෑස් බලාගාර ටික ගෙනියන්න් ගහන ගේමක් . මේ ගොල්ල බැරි අය නෙමේ . නැත්නම් දෙසැම්බර් බෝනස් කපපු එකට ආණ්ඩුවට දඬුවම් කරලා බලය පෙන්නුවා වෛද්‍ය සංගමය වගේ . එකොන් ලියපු දේවල ඇත්තකුත් තියෙනවා තමා
ReplyDelete