ශ්‍රීලන්කන් ගුවන් සේවය විසින් පසුගිය (2024/25) මූල්‍ය වර්ෂය තුළ රුපියල් මිලියන 7,595ක (කෝටි 759)ක අලාභයක් වාර්තා කර තිබෙනවා.
පසුව ශ්‍රීලංකන් ගුවන් සේවය බවට පත් වූයේ මුලින්ම එයාර් සිලෝන් ලෙසත්, ඉන් පසුව එයාර් ලංකා ලෙසත් හැඳින්වුණු රාජ්‍ය ආයතනයයි. 1998 වර්ෂයේදී මෙම ආයතනයේ සුළුතර කොටස් අයිතිය හා පරිපාලනය එමිරේට්ස් ආයතනය වෙත පවරනු ලැබූ අතර, වසර දහයකට පසුව 2008දී ශ්‍රී ලංකා රජය විසින් මෙම ආයතනයේ පරිපාලනය නැවත පවරා ගනු ලැබුවා.
ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රීලංකන් ගුවන් සේවය පවරා ගන්නා විට එම ආයතනය ලාබ ලබමින් පැවති ආයතනයක්. රජයට පවරා ගැනීමෙන් අනතුරුව, 2023/24 වසර තෙක් වසර 15ක් එක දිගට පාඩු ලබමින් පැවති මෙම ආයතනය 2023/24 මූල්‍ය වර්ෂය තුළ රුපියල් මිලියන 3,871ක (කෝටි 387ක) ලාබයක් වාර්තා කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ආයතනයේ සමුච්ඡිත අලාභය සුළු වශයෙන් අඩු වුනා.
පසුගිය මූල්‍ය වර්ෂයේ අලාභයද සමඟ මේ වන විට ශ්‍රීලන්කන්හි සමුච්ඡිත අලාභය රුපියල් මිලියන 616,306ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය වසර සමස්තයක් ලෙස ලෝක ගුවන් ගමන් කර්මාන්තයට යහපත් වසරක් වූ අතර ලංකාවට පැමිණි ගුවන් මගීන් ප්‍රමාණයෙහිද 38%ක සැලකිය යුතු වැඩි වීමක් සිදු වී තිබෙනවා. එසේ වුවද, ශ්‍රීලංකන් ගුවන් සේවයේ මගී ප්‍රවාහන ආදායමෙහි, පෙර වසරට සාපේක්ෂව, 15%ක කැපී පෙනෙන අඩු වීමක් දැකිය හැකි වීම විශේෂත්වයක්. ශ්‍රීලංකන් ගුවන් සේවය භාවිතා කළ මගීන් ප්‍රමාණයද පෙර වසරට සාපේක්ෂව 4%කින් අඩු වී තිබෙනවා.
ඕක තමයි අපෙන් හූරාගෙන එකතු කරගන්න බදු සල්ලි ආණ්ඩුව නාස්තිකාර දූෂණ වලට වැය කරන එක ගැන මට නම් හරිම අප්පිරියයි දැන් නම්, ඇත්තටම 3%ක්ව තිබුණ jvp එක 57%ක් දක්වා මාලිමාව ආණ්ඩුවට මිනිස්සුන් එකරාශී උනේ සෑහෙන ලොකු බලාපොරොත්තු ඇතිව..නොහිතපු විදියට කබලෙන් ලිපට වැටුනා වගේ විශාල බදු ගැහුවත් ආණ්ඩුවේ පලමු අවුරුද්දනේ කියලා හිත හදාගත්තත් ආණ්ඩුව දිගින් දිගටම අපටම බදු තඩිබාලා මිනිස්සුන් අසරණ කරනවානම් ජනතාවගේ බලාපොරොත්තුව වූ ලස්සන ජීවිතයක පොහොසත් රට කෝ?
ReplyDeleteහොරකම් දුෂණය නැතිව කරගෙන යන්න මිනිස්සුන්ට ජීවත්වෙන්න පුලුවන් පරිසරයක් ඇතිකරලා...ඒ අතර වාහන බදු අඩුකිරීම අත්‍යවශ්‍යයි...බදු මතම යැපෙන්නේ නැතිව නව උත්පාදන තුලින් ආණ්ඩුව මුදල් උපයන ක්‍රම සැලසුම් කරන්න.උගත් පාර්ලිමේන්තුවක් කියලනේ කිව්වේ..සැලසුම් බුද්ධිමත් විය යුතුනේ....බදු ගහන්න ආණ්ඩුවක් ඕනේද කියලා ජනාධිපතිවරයා ඇහුවා ඒ දවස්වල හයියෙන් කෑ ගහලා, දැන් එයාට ඒවා අමතකද දන්නේ නෑ.....දැන් මිනිස්සුන්ට අහන්න වෙලා තියෙන්නේ බදු ගහන්නද ආණ්ඩුවක් පත්කළේ කියලා...මේ අයවැයෙන් සහනයක් නොමැතිනම් ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය බිදෙනවා...ගම්වල කුලී වැඩ කරන මිනිස්සුන්ට එදා වේලත් හරි අමාරුයි.....තවත් බදුනම් ඔනේම නෑ😢😢😢
හිටපු ජනාධිපතිවරුන් නඩත්තුවට වසරක් තුළ වැය වූ මුදල - රුපියල් මිලියන 95 යි.
Deleteශ්‍රී ලංකන් ගුවන් සේවය 2025 වසරේ දී ලැබූ පාඩුව - රුපියල් මිලියන 7600 යි. බිලියන නම් 7.6 යි. කෝටි 760 යි.
රුපියල් මිලියන 95 ක් ඉතිරු කළා කියලා පම්පෝරි ගහපු ආණ්ඩුව, මේ රටේ මිනිස්සු කන පරිප්පු ටිකෙන්, හාල් ඇටයෙන්, ෆෝන් කාර්ඩ් එකෙන්, වෘත්තිකයන්ගේ වැටුපෙන් කපා ගන්නා මහජන බදු මුදලෙන් මිලියන 7600 ක් ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා විනාශ කරලා.
ඔබේ බදු මුදල් වංචා කරලා.
2025 මාලිමා ආණ්ඩුව බලයට පැමිණීමට පෙර, රනිල්ගේ පාලනය යටතේ ශ්‍රී ලංකන් සමාගම රුපියල් මිලියන 3800 ක මෙහෙයුම් ලාභයක් ලැබුවා.
ඒ අනුව මාලිමා රජය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් පමණක් සේදි ගිය, වංචා වූ මහජන බදු මුදල රුපියල් මිලියන 11,400ක්.
එය ඊනියා සංදර්ශනාත්මක හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද කපා ඉතිරි කළ මුදල මෙන් 120 ගුණයක්.
අනුර කුමාර සහ රජය ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙලෙස පාඩු ලැබීමට ඉඩ දී, තවදුරටත් අයවැයෙන් ඔබේ බදු මුදල් ශ්‍රී ලංකන් ගුවන් සේවයටම වෙන් කරන්නේ ඇයි ?
ඒකට උත්තරය දේශපාලනිකයි.
ධම්මික පෙරේරා.
අනුර කුමාරට බලයට ඒමට බිලියන ගණන් මුදල් වියදම් කරපු, පැලවත්තෙ පක්ෂ කාර්යාලයේ ඉදලා වසන්තගේ, අනුරගේ ගෙවල් හදන්න ටයිල් පවා දීපු කූඨ ව්‍යාපාරිකයා.
ධම්මිකට අනුර සහ ආණ්ඩුව ණයයි. පසුගිය මැතිවරණ තුනටම ධම්මික කෝටි ගණනක් මුදල් මාලිමාවට ලබා දුන්නා
ඊට හිලව් වශයෙන් මාලිමා රජයෙන් ධම්මික විවිධ වරප්‍රසාද ගත්තා.
ඒ අතරින් එකක් ශ්‍රී ලංකන් ගුවන් සේවය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාලනය දැන් තියෙන්නේ ධම්මික පෙරේරා අතේ.
ඒක වුණේ කළින් ආණ්ඩු අශෝක් පතිරගේ ශ්‍රී ලංකන් එකට දැම්මා වගේ කෙළින්ම කරන වැඩ වලින් නෙවෙයි.
ශ්‍රී ලංකන් අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් අටයි.
මේ සාමාජිකයන් අටෙන් හතරක්ම පත් කළේ ධම්මික පෙරේරා ගේ නියෝජිතයන්.
සෘජුවම ධම්මික යටතේ වැඩ කරන, ධම්මිකට වග කියන, ධම්මිකගෙන් යැපෙන, ධම්මිකගේ මිනිස්සු.
එහෙම නැත්නම් ධම්මිකගේ සේවකයො.
සරලවම කියනවා නම් ධම්මිකගේ හේලීස් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් හතර දෙනෙක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට පත් කළා.
1) සරත් ගනේගොඩ - ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති / ධම්මිකගේ හේලීස් ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික
2) හර්ෂ කබ්‍රාල් - ශ්‍රී ලංකන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික / හේලීස් අධ්‍යක්ෂක
3) රොහාන් ගුණතිලක - ශ්‍රී ලංකන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික / හේලීස් පරිපාලන අධ්‍යක්ෂක
4) දිමල් අරන්දර - ශ්‍රී ලංකන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික / හේලිස් පරිපාලන අධ්‍යක්ෂක
ඉතිරි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ගෙන් දෙදෙනෙක් ධම්මික විසින් මිලට ගත්තා.
මුදල් හරහා එය එතරම් අපහසු දෙයක් නොවෙයි.
දැන් ධම්මිකට වැඩ කරන, ධම්මිකගේ මේ සේවකයන් හරහා, ධම්මික ශ්‍රී ලංකන් හසුරවමින් සිටිනවා.
දැන් ශ්‍රී ලංකන් ගුවන් සේවය ධම්මිකගේ.
ඔබේ බදු මුදල් බිලියන 7 ක සෘජු පාලනය ධම්මික පෙරේරා ගේ.
ඒක කළින් ආණ්ඩු විසින් අශෝක් පතිරගේ ශ්‍රී ලංකන් පාලනයට පත් කළා වගේ නෙවෙයි.
එතැනදී අඩුම තරමේ වෙන හැම ගණුදෙනුවකටම අශෝක් වගකිවයුතුයි.
එම නිසා අශෝක්ට ඕනෑ විදියට හොරකම් කරන්නට බැහැ.
මෙතනදි වෙනස්.
මෙතනදී සිදුවන්නේ සමාජයට සහ මිනිසුන්ට හොරරහසේ ධම්මික මහජන බදු මුදල් හොරකම් කිරීම.
Deleteමේ මොහොතේ ධම්මිකගේ ටෙන්ඩර් වල ඉදන්, ධම්මිකගේ බිස්නස් වල කාර්ගෝ සප්ලයර් වෙන්නෙත් ශ්‍රී ලංකන්.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය, CEO සහ පරිපාලනයට ඕනෑ තරම් ගුවන් ප්‍රවේශ පත්‍ර නොමිලයේ ලබා ගත හැකියි.
ඒ වරප්‍රසාදය ඔවුන්ට ලබා දෙන්නේ ගුවන් සමාගමේ වැඩ වලට රට යෑමට. එමෙන්ම ඔවුන්ගේ පුද්ගලික කටයුතු වලටත් ඒ වරප්‍රසාදය හිමියි.
සරත් ගනේගොඩ සභාපතිධූරයට පත්වුනාට පස්සෙ පනස් වරකට වැඩි ප්‍රමාණයක් නොමිලයේ ගුවන් ටිකට්පත් අරන් රට ගිහින් තියෙනවා.
විවිධ අවස්ථාවන් වල පවුලේ සාමාජිකයන් එක්ක.
තවත් අවස්ථාව වල ව්‍යාපාරික සගයන් එක්ක.
මේ ඔක්කොම ව්‍යාපාරික පන්තියේ ප්‍රවේශ පත්‍ර.
බිස්නස් ක්ලාස් ටිකට්ස් කියන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට විශාල වියදමක්.
මේ අතිබහුතර ගමන් ඔහු ගියේ ධම්මික පෙරේරාගේ ව්‍යාපාරික ජාලයේ වැඩ වලට.
මේක ධම්මික ශ්‍රී ලංකන් ලබා ගැනීමේ එක් බලාපොරොත්තුවක්.
දැන් ධම්මිකගේ බිස්නස් වල විදෙස් සංචාර සියල්ල කරගන්නේ ශ්‍රී ලංකන් හරහා
ඒ විතරක් නෙවෙයි.
චෙන්නායි වල ඉඳලා එන ගුවන් යානා වල ධම්මිකගේ කැසිනො වලට එන ඉන්දියානු පාරිභෝගික පිරිසක් ඉන්නවා.
ඒ ඔක්කොම ලංකාවට කැසිනො ගහන්න එන ඉන්ඩියන්කාරයො සහ ඒ ඉන්ඩියන්කාරයො සනසන්න එන C ග්‍රේඩ් ඉන්ඩියන් නිළියන් සහ නිරූපිකාවන්.
මේ අය චාටර් ෆ්ලයිට්ස් දාන් එනවා. සමහර වෙලාවට ශ්‍රී ලංකන් බිස්නස් ක්ලාස් එනවා.
දැන් එහෙම තනි තනිව ශ්‍රී ලංකන් එන ධම්මිකගේ කැසිනො පාරිභෝගිකයන්ට සහ නිළියන්ට, නිරූපිකාවන්ට ධම්මික අපූරු වරප්‍රසාදයක් දීලා.
ඔවුන් මිලට ගන්නේ සාමාන්‍ය පන්තියේ ටිකට්ස්. (නිළියන්ට නිරූපිකාවන්ට නම් ටිකට්ස් මිලට ගන්නේ කැසිනො එකෙන්මයි)
ප්ලේන් එක ඇතුලෙදි ඔවුන් බිස්නස් එකට අප්ග්‍රේඩ් කරනවා.
(මේක කාර්ය මණ්ඩලයට තියෙන නිල බලයක්. හිස් ව්‍යාපාරික ආසන, සාමාන්‍ය පන්තියේ මගීන්ට කැමැත්ත මත ලබා දෙන්න පුලුවන්.)
ඒක ධම්මික දැන් කැසිනො පාරිභෝගිකයන්ට ලබා දෙන වරප්‍රසාදයක්.
ඒ විතරක් නෙවෙයි.
ධම්මිකගේ ව්‍යාපාරික සහ පුද්ගලික අවශ්‍යතා සඳහාම මෙල්බර්න් සහ සිඩ්නි ගුවන් ගමන් වැඩි කර තිබෙනවා.
දැන් සෑම රාත්‍රියකම අඛණ්ඩවම මෙල්බර්න් සහ සිඩ්නි ගුවන් ගමන් සිදු කෙරෙනවා.
මෙහිදී ගුවන් යානා වල ආසන බොහෝ අවස්ථා වල හිස්.
ශ්‍රී ලංකන් පාඩු ලැබීමට මේ නාස්තිකාර ගුවන් ගමන් ද්විත්වය විශාල හේතුවක්.
මේ මතුපිටින් පේන ශ්‍රී ලංකන් මිස්යූස් කිරිලි විතරයි.
තිරය පසුපස ශ්‍රී ලංකන් එකෙන් ධම්මික ගහන ගැහිලි මේ වගේ සීනිබෝල වැඩ නෙවෙයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සියලූම ටෙන්ඩර් සහ මිලදී ගැනීම් සිදුවෙන්නේ, වැඩි මිලට ධම්මිකගේ ව්‍යාපාරික ජාලය හරහා.
ඒ බොහෝ තැන්වල ධම්මික සෘජුව සැපයුම්කරුවා නොවී තැරැව්කාරයෙක් ලෙස පෙනී සිටිමින් සැපයුම් ජාලය මෙහෙයවනවා.
ශ්‍රී ලංකන් නිල ඇඳුම්, තාක්ෂණික උපකරණ වල සිට මගීන්ට ලබා දෙන වතුර බෝතලය දක්වා බිලියන ගණනක සැපයුම් වල වැඩි කොටසක් ධම්මික උදුරා ගනිමින් සිටිනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවය කා දැමූ ඔබේ බදු මුදල් මිලියන 7600 න් බහුතරය ගියේ සරත් ගනේගොඩ හරහා ධම්මිකගේ සාක්කුවට.
මහජන බදු මුදල් මිලියන 7600 ක් කියන්නේ සරල මුදලක් නෙවෙයි.
එය රුපියල් මිලියන 10 බැගින් වැය කර, අලුතෙන් පාසල් ගොඩනැගිලි 760 ක් ඉදි කළ හැකි මුදලක්.
අලුතෙන් උසස්ම තත්ත්වයේ රෝහල් ඇඳන් 190,000 ක් මිලට ගත හැකි මුදලක්.
පෝෂණය අවශ්‍ය පාසල් දරුවන් පනස් දහසකට ආහාර වේල් දෙකක් වසරක් පුරා ලබා දිය හැකි මුදලක්.
එතරම් විශාල බදු මුදලක් මාලිමා ආණ්ඩුව විනාශ කරලා. දිය කරලා. හොරකම් කරලා.
මම ස්ථිරව කියනවා.
මෙවර අයවැයෙනුත් අනුර, ඔබේ බදු මුදල් මිලියන 2000 ක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට වෙන් කරනවා.
ඒ තමයි කූඨ ව්‍යාපාරිකයන් විසින් මිලට ගත් රූකඩ පාලකයන් බලයට ගෙන ඒම වෙනුවෙන් ඔබ ගෙවනා වන්දිය.
What is the root cause for this loss?
ReplyDelete//මගී ප්‍රවාහන ආදායමෙහි, පෙර වසරට සාපේක්ෂව, 15%ක කැපී පෙනෙන අඩු වීමක් දැකිය හැකි වීම//
Delete@ Economatta
Delete2025 වර්ෂය යනු ශ්‍රී ලංකාව මූල්‍ය අර්බුදයකින් ගොඩ ඒමට වෙර දරන තීරණාත්මක කාල පරිච්ඡේදයකි. ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් රටට විදේශ විනිමය ගෙන ඒම සහ සංචාරක ව්‍යාපාරය නඟා සිටුවීම අත්‍යාවශ්‍ය වේ. එහෙත්, මේ වසර තුළ ගුවන් සේවය ප්‍රදර්ශනය කළ කළමනාකරණ දුර්වලතා සහ අදූරදර්ශී තීරණ ජාතියේ මූල්‍ය බර තවත් තීව්‍ර කරමින්, රටට අහිමි වූ විශාල අවස්ථාවක් බවට පත්ව ඇත.
1. මගී ආදායම අඩුවීම සහ මූල්‍ය අගාධයකට ඇද වැටීම
2025 මූල්‍ය වර්ෂය අවසන් වන විට Srilankan ගුවන් සේවය රුපියල් බිලියන ගණනක අලාභයක් වාර්තා කිරීම (පෙර වසරේ ලාභ තත්ත්වයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වීම) එම අකාර්යක්ෂමතාවේ පැහැදිලිම සාක්ෂියයි. ප්‍රධාන වශයෙන් මගී ආදායම් අඩුවීම මෙම තත්ත්වයට හේතු වී ඇත.
ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් වීම, විදේශ විනිමයෙන් උපයන ආදායම් රුපියල් බවට හරවන විට අඩුවීමකට ලක් විය. විචක්ෂණශීලී කළමනාකරණයක් මගින් මෙම අවදානම කළමනාකරණය කිරීමට නිසි මුදල් අවදානම් වැටවල් (hedging) හෝ උපායමාර්ගික මිල නියම කිරීමේ ක්‍රමවේද අනුගමනය කර නොතිබීම බරපතළ වරදකි.
2. ගුවන් යානා මෙහෙයුම් අකාර්යක්ෂමතාව
2025 දී ගුවන් සේවයේ ආදායම් උත්පාදන ධාරිතාවට දැඩි ලෙස බලපෑ තවත් ප්‍රධාන සාධකයක් වූයේ යානා බිම්ගත කිරීමයි.
අධික නඩත්තු වියදම්: ගුවන් යානා එන්ජින් අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් බිලියන ගණනක අධික වියදමක් දැරීමට සිදුවීම, දුර්වල නඩත්තු සැලසුම්කරණය (Maintenance Planning) සහ නිවාරණ නඩත්තුව නිසි පරිදි සිදු නොකිරීමේ ප්‍රතිඵලයකි. මෙලෙස ප්‍රධාන ගුවන් යානා කිහිපයක් මෙහෙයුම් වලින් ඉවත් වීම (Aircraft Grounding) සෘජුවම මගී ආසන ධාරිතාව සහ පියාසැරි සංඛ්‍යාව අඩු කර, ආදායම් අහිමි වීමට හේතු විය.
නව කල්බදු අවස්ථා මඟහැරීම: මුළු රටම ණය අර්බුදයකින් පෙළෙන මොහොතක, අලුතින් ගුවන් යානා 21 ක් කල්බදු ගැනීමට අවශ්‍ය ප්‍රසම්පාදන කැඳවීම් කිරීමෙන් කළමනාකාරිත්වය පෙන්නුම් කළේ වර්තමාන මූල්‍ය යථාර්ථය පිළිබඳව ඔවුන්ට නිසි අවබෝධයක් නොමැති බවයි. පවතින ණය බර කළමනාකරණය කරමින්, දැනටමත් ලාභ නොලබන ගුවන් මාර්ග තිබියදී මෙවැනි පුළුල් කිරීම් සැලසුම් කිරීම අදූරදර්ශීය.
3. අඛණ්ඩ පැවැත්මේ අවිනිශ්චිතතාව (Going Concern Uncertainty)
වසරේ මූල්‍ය වාර්තා අනුව, සමාගමේ මුළු වගකීම් සමස්ත වත්කම් සහ කොටස් හිමියන්ගේ අරමුදල් ඉක්මවා ඇත. මෙයින් පැහැදිලි වන්නේ ගුවන් සේවයේ මූල්‍ය තත්ත්වය අතිශය අවදානම් සහගත මට්ටමක පවතින බවයි.
රජයේ සහාය මත යැපීම: ගුවන් සේවයේ අඛණ්ඩ පැවැත්ම තීරණය වී ඇත්තේ ශ්‍රී ලංකා රජය (මහා භාණ්ඩාගාරය) ලබා දෙන සහයෝගය මත පමණි. මෙය රාජ්‍ය ව්‍යවසායයක් වන ශ්‍රී ලංකන් ගුවන් සේවය, මහජන බදු මුදල් මත යැපෙන බරක් බවට පත් වී ඇති බවට කරන විවේචනය සනාථ කරයි. 2025 දී ආයතනය පෞද්ගලීකරණය කිරීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ නිශ්චිත සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කළමනාකාරිත්වය අපොහොසත් වීම, අර්බුදය තව දුරටත් වර්ධනය වීමට හේතුවකි.
2025 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදුවූ බවට විගණනයන් වාර්තා කර තිබෙන අලාභය සහ ආදායම් අඩුවීම පැහැදිලිවම පෙන්වා දෙන්නේ එය ව්‍යුහාත්මක හා උපායමාර්ගික කළමනාකරණ අසාර්ථකත්වයන්ගේ ප්‍රතිඵලයක් බවයි. හුවමාරු අනුපාත උච්චාවචනයන් හෝ ගෝලීය වෙළඳපොළ තත්ත්වයන් සුළු වශයෙන් බලපා තිබුණද, විචක්ෂණශීලී කළමනාකාරිත්වයකට මෙම අවදානම් පහසුවෙන්ම අවම කිරීමට හැකියාව තිබුණි.
අඛණ්ඩව මහජන මුදල් මත යැපීම වෙනුවට, කළමනාකාරිත්වය වහාම ලාභදායීතාව පදනම් කරගත් නිශ්චිත මෙහෙයුම් සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු අතර, ජාතික සම්පතක් වන මෙම ගුවන් සේවය රටේ ආර්ථිකයට බරක් නොවන තැනට පත් කිරීමට කටයුතු කළ යුතුය. නමුත් 2025 වසරේ අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීම් සහ සේවක බඳවා ගැනීම් පවා දැඩි ලෙස දේශපාලන බලපෑම් මත සිදු කිරීම හේතුවෙන් ආයතනයේ කාර්යක්ෂමතාව සහ නිසි කළමනාකරණය බරපතළ ලෙස දුර්වල වී ඇත. මේ නිසාම පෙනෙන පරිදි මෙම අලාභය දිගින් දිගටම තවත් වැඩි වන බවක් පෙනී යයි. මෙය වෙනස් කිරීමට නම් දැවැන්ත ව්‍යුහාත්මක වෙනසක් සිදුකිරීම දැඩිලෙස අත්‍යවශ්‍යව ඇත.
ඕක පාඩු ලබන්න හේතු මොනාද?
ReplyDeleteරෑ 12:05 ට මෙල්බන් අදින ෆ්ලයිට් එක, ලන්ඩන් කුමාරි එහෙම හැමදාම කට කපලා සෙනගනේ.
ඉකොනො මල්ලියාආආආ.
ReplyDeleteඇයි ඊයේ පෙරේදා පේන්න හිටියේ නැත්තේ. අපි හිතුවා මල්ලියා ගංවතුරේ ගහගෙන ගිහිංද කියලා
//ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රීලංකන් ගුවන් සේවය පවරා ගන්නා විට එම ආයතනය ලාබ ලබමින් පැවති ආයතනයක්.// මේ පිළිබඳව ඔබට හොඳ හැදෑරීමක් ඇති සිතනවා. මේ ලාභය කියන්නේ මොකක්ද? මේ ලාභය operational profit වශයෙන් ලබපු එකක්ද ? 2007/08 (? 4R-ADA 4R-ADB 4R-ADF) යන ශ්‍රී ලන්කන් සමාගමේ අයිතිය යටතේ තිබු A 340 airbus යානා විකුණා නැවත lease කිරීමෙන් ලැබූ මුදල මේ ලාභයේ කොටසක්ද? 2001 වර්ෂයේ LTTE ප්‍රහාරයෙන් පසු ලැබුන රක්ෂණ මුදලත් මේ ලාභයට ඇතුලත් කරලද තිබුනේ. නිවැරිදි විගණනයකින් මේ සමාගම ලාභ පාඩු ලබන හැටි සොයා බලා තිබෙනවද?
ReplyDelete//මේ ලාභය operational profit වශයෙන් ලබපු එකක්ද ? //
Deleteබොහෝ දුරට ඔව්.
//2007/08 (? 4R-ADA 4R-ADB 4R-ADF) යන ශ්‍රී ලන්කන් සමාගමේ අයිතිය යටතේ තිබු A 340 airbus යානා විකුණා නැවත lease කිරීමෙන් ලැබූ මුදල මේ ලාභයේ කොටසක්ද?//
මම ගුවන් යානා ගැන නිශ්චිත විස්තර දන්නේ නැහැ. නමුත් ගුවන් යානා කිහිපයක කල්බදු ගිවිසුම් අවසන් කිරීමෙන් අමතර ලාබයක් ලැබී තිබෙනවා. ශ්‍රීලන්කන් සමාගමේ අයිතිය යටතේ තිබූ ගුවන් යානා වෙන්න බැහැ. ලාබය ලැබී තිබෙන්නේ කල්බදු ගිවිසුම් අවසන් කිරීමෙන්. ඒ කියන්නේ කල්බදු ගිවිසුම් යටතේ තිබුණු ගුවන් යානා. refinance කිරීමක් වෙන්න පුළුවන්. (කල්බදු ගිවිසුම් අවසන් වීමට පෙර අවසන් කර වඩා වාසිදායක වෙනත් කල්බදු ගිවිසුමකට යාම මගින් වාසියක් ලබා ගැනීම).
//2001 වර්ෂයේ LTTE ප්‍රහාරයෙන් පසු ලැබුන රක්ෂණ මුදලත් මේ ලාභයට ඇතුලත් කරලද තිබුනේ.//
රක්ෂණ ගිවිසුම් වලින් විනාශයේ හානිය ප්‍රතිපූරණය වී තිබෙනවා. එය ලාබයක් නෙමෙයි. විනාශ වූ ගුවන් යානා කිහිපයක කල්බදු ගිවිසුම් අවසන් කිරීම නිසා අමතර ලාබයක් ලැබී තිබෙනවා.
//නිවැරිදි විගණනයකින් මේ සමාගම ලාභ පාඩු ලබන හැටි සොයා බලා තිබෙනවද?//
ඔව්. අර්නස්ට් ඇන්ඩ් යන්ග් සමාගම විසින් විගණනය කර තිබෙනවා.
ඉකොනෝ, හොඳ පෝස්ට් එකක් ඔය ශ්‍රී ලංකන් එයාලයින්ස් ඇතුලු රජයේ ආයතන කෝටි ප්‍රකෝටි ගණනාවක පාඩු ලබන ආයතන නීසා රජය විසින් මහජනතාවගෙන් මංකොල්ල කන මහජන බදු සල්ලි කෝටි ගණනක් නාස්ති වෙලා, රජයේ ඇමතිවරු කෝටි ගණන්වලින් එතනෝල් මත්පැන් ජාවාරම් කරන ඩීල් දාලා කියලා චෝදනා එල්ල වෙනවා, එතනදී
ReplyDeleteවරුණ, චතුරංග සහ නජිත්.. මේ චරිත තුන මේ වේලාවේ දේශපාලනය ඇතුලේ බර චරිත තුනක්, වරුණව මට මුලින්ම හම්බවෙන්නේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී, පරාද වෙන බව දැන දැනත් රනිල්ට වැඩ කරපු මිනිහෙක් විදියට, පස්සෙ සජබට ගියා, ඊටපස්සේ වරුණ ගැන හොයද්දි වරුණ කියන්නේ පන්ති පහ කරපු ජවිපෙ හරහා දේශපාලනය කරපු hardcore ජෙප්පෙක්
චතුරංග නැත්නම් කෝට්ටේ සනත් නිශාන්ත හෙවත් බුකියේ හිච්චි අබේ කියන්නේ මාලිමාවේ හරිනි,හර්ෂණට පස්සෙ ඉන්න මාලිමාවේ ලොකුම මුහුණ..
නජිත් කියන්නේ ගොඩක් දෙනෙක් කියන විදිහට ජවිපෙ බොහො ඉක්මනින් ඉදිරියට එන අනාගත නායකත්වය.. ජවිපෙ මාධ්‍ය අංශයේ මහ මොළකරු.. ජවිපෙ මඩ සහ ඩෝබි බලකායේ ප්‍රධානම චරිතය
මේ වගේ චරිත තුනක් ගැටීම කියන්නේ මේ වේලාවේ දේශපාලනය තුළ ලොකු ගේමක්..
චෝදනාව ගේන්නෙ වරුණ රාජපක්ෂ.. වරුණට අනුව නජිත් සහ චතුරංග පසුගිය දවසක කිංස්බරි හෝටලයේදී එතනෝල් හදන්න කම්පැනි එකකට බලපත්‍ර ලබාදීම ගැන හමුවක් පවත්වනවා.. වරුණට අනුව ඒක ඩීල් එකක්.. වරුණ මේක කියන්නේ එයාගේ youtube චැනල් එකෙ..
හැරෙන තෑපෑලෙන් උත්තර දෙන චතුරංග ඔහු කිංස්බරි හෝටලයේ සමුළුවකට සහභාගී වුණු බවත් පාර්ශව තුනක් හමුවී සාකච්චා කල බවත් මේ චෝදනා වලට ක්‍රියාමාර්ග ගන්නා බවත් fb සටහනක් දානවා..
ඒ සටහනට පෙරලා උත්තර දෙන වරුණ කියන්නේ සාකච්චා කල හතරවන පාර්ශවය වන එතනෝල් සමාගම එක්ක හමුව චතුරංග සැගවූ බව.. ඔහු ඒ සමාගමට ආදාල ලිපියක් පවා ඔහුගේ පිළිතුරු වීඩියෝවේ ඉදිරිපත් කරනවා..
මම දන්න වරුණත්, ජවිපෙ පරණ මිනිස්සු දන්න වරුණත් කියන්නේ ඔහේ කට මැද දොඩවන මිනිහෙක් නෙමෙයි.. ඒ නිසා මාලිමාවේ චතුරංගටත්, ජවිපෙ නජිත්ටත් වරුණට නිසි පිළිතුරු දෙන්න වෙනවා.. හරියට පිළිතුරු දුන්නොත් වරුණ ඉවරයි.. නොදුන්නොත් අබේ සහ නජිත් නෙමෙයි මාලිමාවේ සහ ජවිපෙ හෙලුව සම්පූර්ණයෙන්ම හෙලිවෙලා ඉවරයි, දැන් දවස් ගානක් වෙනවා චතුරංගලා නජිත්ලාට උත්තර නෑ ඒ වෙනුවට සමාජයට නාටක පෙන්න පෙන්න ඉන්නවා ඉෂාරා සෙව්වන්දි නාටකය, දකුණු ඉන්දියානු film එකකට වඩා විච්ත්‍රයි. මෝඩ මිනිස්සුත් ඉතින් රස කර කර බලනවා. මේ අවුරුද්දම අදින්න ඇති. මාධ්‍ය කැමරා ඉස්සරහට ගෙනල්ල අතඩංගුවට ගන්නවා, ප්‍රශ්න කරනවා, රඳවා තබනවා, ඇප දෙනවා, එච්චරයි. කෝ දඬුවම් දීපු එකෙක්ගෙ නම් කියපල්ල, ආසාවට. පාස්කු ප්‍රහාරෙට වගකිවයුත්තොත් බෝට්ටුවේ ගිහින් කියල බේරෙයි වගේ. අනේ පව් ගල් බේගල් බොරු පොරොන්දු ගොඩකට චන්දෙ දීපු ලංකාවෙ අහින්සක මිනිස්සු.
@Economatta
ReplyDeleteදැන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පහුගිය මැතිවරණය කාලේ මාලිමාවට අත දිග හැර වියදං කරපු ධම්මිකගේ. ලංකාවේ ජනතාව මිලියන විසි දෙකකට වැඩි පිරිසකගේ බදු මුදල් බිලියන 7 ක සෘජු පාලනය ධම්මික පෙරේරා ගේ. හැබැයි ඒක කළින් නන්දසේනගේ ආණ්ඩුව විසින් අශෝක් පතිරගේ ශ්‍රී ලංකන් පාලනයට පත් කළා වගේ නෙවෙයි.
එතැනදී අඩුම තරමේ වෙන හැම ගණුදෙනුවකටම අශෝක් වගකිවයුතුයි.එම නිසා අශෝක්ට ඕනෑ විදියට හොරකම් කරන්නට බැහැ.
හැබැයි මෙතනදි වෙනස්.
මෙතනදී සිදුවන්නේ සමාජයට සහ මිනිසුන්ට හොරරහසේ ධම්මික මහජන බදු මුදල් හොරකම් කිරීම.
මේ මොහොතේ ධම්මිකගේ ටෙන්ඩර් වල ඉදන්, ධම්මිකගේ බිස්නස් වල කාර්ගෝ සප්ලයර් වෙන්නෙත් ශ්‍රී ලංකන්.ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය, CEO සහ පරිපාලනයට ඕනෑ තරම් ගුවන් ප්‍රවේශ පත්‍ර නොමිලයේ ලබා ගත හැකියි.ඒ වරප්‍රසාදය ඔවුන්ට ලබා දෙන්නේ ගුවන් සමාගමේ වැඩ වලට රට යෑමට.
එමෙන්ම ඔවුන්ගේ පුද්ගලික කටයුතු වලටත් ඒ වරප්‍රසාදය හිමියි.
වර්තමාන මාලිමා පාලනය යටතේ සරත් ගනේගොඩ සභාපතිධූරයට පත්වුනාට පස්සෙ පනස් වරකට වැඩි ප්‍රමාණයක් නොමිලයේ ගුවන් ටිකට්පත් අරන් රට ගිහින් තියෙනවා.
විවිධ අවස්ථාවන් වල පවුලේ සාමාජිකයන් එක්ක.තවත් අවස්ථාව වල ව්‍යාපාරික සගයන් එක්ක.
මේ ඔක්කොම ව්‍යාපාරික පන්තියේ ප්‍රවේශ පත්‍ර.
බිස්නස් ක්ලාස් ටිකට්ස් කියන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අතිවිශාල වියදමක්.
මේ අතිබහුතර ගමන් ඔහු ගියේ ධම්මික පෙරේරාගේ ව්‍යාපාරික ජාලයේ වැඩ වලට.
මේක ධම්මික ශ්‍රී ලංකන් ලබා ගැනීමේ එක් බලාපොරොත්තුවක්.දැන් ධම්මිකගේ බිස්නස් වල විදෙස් සංචාර සියල්ල කරගන්නේ ශ්‍රී ලංකන් හරහා
To be continued
එයාර් ලංකා ගුවන් සමාගම
ReplyDeleteඇත්තටම ඉකෝන් මේ වෙනකොට කොවීඩ් වලින් පස්සෙ ලෝකෙම සංචාරක කර්මාන්තය විශාල ලෙස වර්ධනය වෙලා, උදාහරණ විදිහට මේ දවස්වල සැන්සිබාර් වල හැමතැනම ටුවරිස්ට්ලා පිරිලා, කොටින්ම මේ දවස්වල දරාගන්න බැරි තරමටම වැඩිවෙලා, ඒත් ලෝකයේ සංචාරක කර්මාන්තය වර්ධනය වන තරමටම සාපේක්ෂව ලංකාවේ සංචාරක කර්මාන්තය වැඩිවෙලා නෑ, 2023 ට සාපේක්ෂව පවා වැඩීවී තියෙන්නේ යාන්තමින් අඩුම තරමේ 2018 සංචාරක පැමිණීම වත් තාම රීච් වෙලා නෑ, හැබැයි ඒ වුණාට ලංකාවේ එන් පී පී ජේවීපී ඩෝබිලා පච ප්‍රචාර ගෙන යනවා ලංකාවේ පහුගිය දෙසැම්බර් සීසන් එකට ටුවරිස්ට්ල වැඩියෙන් ආව එක, රෙමිටන්ස් වැඩිඋන එක , පහුගිය ඔක්තෝබර් වල රිසව්ස් මිලියන හය පැන්න එක වගේ දේවල් වල සම්පූර්ණ ක්‍රෙඩිට් එක මේ ආන්ඩුව ගත්තට ශ්‍රී ලංකන් එයාලයින් එක මේ ආණ්ඩුව යටතේ මාස දහයක් විතරක් දිව්ව නිසා ඒකෙ ලොස් එකෙ වගකීම ගන්න බෑ කියන්නෙ මාලිමා ඩෝබිලට 😆 ඒකත් කජූ සීය ගෙයි, 76 වසරක පරණ පාලකයන්ට සාප කරන්න පාවිච්ච කරනවා මේවට හිනා යන්නේ පස්ස පැත්තෙන් 😀
ReplyDeleteඕක යට තව ගේම් ගොඩක් තියෙනවා, අර කෝටි 27 කට වඩා නිල වත්කම් සහ කෝටි සිය ගණනකට වඩා නීල නොවන වත්කම් තියෙන කප්පම් වසන්තලාට දශක ගණනාවක් තිස්සේ කෝටි ගණන් මුදල් දීපු, පැලවත්තේ බිල්ඩිම හදන්න ටයිල් සහ මුදල් කෝටි ගණනක් දීපු පහුගිය ඡන්ද කාලේ මාලු මාමලාට කෝටි ගණන් අත දිග ඇරලා වියදම් කරපු පොර තමයි දැන් රජයේ මුදලින් Sri Lankan එකෙන් වැඩියෙන් ලාභ ගන්නේ, ඒ තමයි කවුරුත් දන්න ටයිල් ධම්මික. Airbus Spare Parts dealer, ticketing,casino travels තමන්ගෙන් කිසිම වියදමක් නැතුව කරගන්නවා ගෝලයෝ ටික director board දාලා, ඕක තමයි මේ පාඩු වලට ඇත්ත හේතුව
ReplyDeleteමේක බොරුවක් නේද. එයාර් ලංකා එක එමිරේට්ස් ලා ගනිද්දි තිබ්බ ගුවන් යානා ප්‍රමාණයට වඩා අඩු ගුවන් යානා ප්‍රමාණයක් තමා ආපහු බාර දෙනකොට තිබ්බේ. මොකද තිබ්බ ගුවන් යානා විශාල ප්‍රමාණයක් එමිරේට්ස් පාලනය යටතේ විකුණලා තිබ්බේ. අළුතෙන් මෙහෙයුම් වලට එකතු කරලා තිබ්බ ගුවන් යානා එමිරේට්ස් වලින්ම කුලියට ගනිපුවා.
ReplyDeleteගුවන් යානා විකුණලා හම්බ වෙච්ච සල්ලි ලාභ වශයෙන් පෙන්නුවාට ඇත්තටම ශ්‍රී ලංකන් එකේ වත්කම් ප්‍රමාණය අඩු වෙලා තිබ්බේ. දැනුත් ශ්‍රී ලංකන් එක විකුණන්න බැරුව ඉන්නේ වත්කම් අඩු නිසා. නැතුව ඕක ලාභ ලබන්න පුළුවන් තැනකට අරන් යන්න පුළුවන් නිසා නෙවෙයි. ඕක විකුණන්න වත් බෑ. ඈවර කරන්න තමා තියෙන්නේ.
එමිරේට්ස් සමඟ ගිවිසුම්ගත වීම- 1998 මාර්තු 30
Deleteඒ වන විට ආයතනයට අයිතිව තිබුණු ගුවන් යානා ප්‍රමාණය: 4
Lockheed Tristar L1011-500 -2
Lockheed Tristar L1011-100 -1
Lockheed Tristar L1011-50 -1
(මෙම පැරණි ගුවන් යානා හතර වසර කිහිපයක් ඇතුළත භාවිතයෙන් ඉවත් කෙරිණි.)
ඒ වන විට කල්බදු ක්‍රමයට ලබා ගෙන තිබුණු ගුවන් යානා ප්‍රමාණය: 5
Airbus A340-300 -3
Airbus A320-200 -2
(මේවායින් වැඩි ප්‍රමාණයක්ද 2001 ප්‍රහාරයේදී විනාශ විය.)
Good post
ReplyDelete