පහත තිබෙන්නේ 2025 අයවැයෙහි අපේක්ෂිත ලැබීම් සහ මුදල් වෙන් කිරීම් පිළිබඳ සාරාංශයක්.
අපේක්ෂිත ලැබීම් (රුපියල් බිලියන)
බදු ආදායම් - 4,590
බදු නොවන ආදායම් හා ලැබීම් - 400
ණය ගැනීම් (අයවැය හිඟය) - 2,200
අපේක්ෂිත වියදම් (රුපියල් බිලියන)
වැටුප් හා වේතන - 1,290
පොලී වියදම් - 2,950
පොදු ආයෝජන - 1,315
සුබසාධන වියදම් හා සහනාධාර - 1,290
අනෙකුත් වියදම් - 405
පොලී වියදම් හැර ඉතිරි මුදල් අමාත්‍යංශ, පළාත් සභා සහ අනෙකුත් විශේෂ ඒකක අතර බෙදා හැර තිබෙන්නේ පහත ආකාරයෙනුයි.
මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය - රුපියල් බිලියන 703.8 (16.4%)
පොදු පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය - රුපියල් බිලියන 583.5 (13.4%)
පළාත් සභා නවය සඳහා - රුපියල් බිලියන 535.8 (12.5%)
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය - රුපියල් බිලියන 508.5 (11.9%)
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය - රුපියල් බිලියන 473.4 (11.0%)
ආරක්ෂක අමාත්‍යංශය - රුපියල් බිලියන 442.0 (10.3%)
කෘෂිකර්ම, සත්ව සම්පත්, ඉඩම් හා වාර්මාර්ග අමාත්‍යංශය - රුපියල් බිලියන 271.0 (6.3%)
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය - රුපියල් බිලියන 208.7 (4.9%)
මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය - රුපියල් බිලියන 175.4 (4.1%)
නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය - රුපියල් බිලියන 101.3 (2.4%)
අනෙකුත් අමාත්‍යංශ සහ විශේෂ වියදම් ඒකක - රුපියල් බිලියන 291.6 (6.8%)
primary balance එක අඩු වෙලාද
ReplyDeleteIs this calculation accurate economatta?
ReplyDelete"ඇමති මහින්ද ජයසිංහට වට කරන් ගහලා: ආණ්ඩුව පඩි වැඩි කරනවා කියලා රැවට්ටුවේ මෙහෙමයි‼️
ගුරු විදුහල්පති සේවයේ වැටුප් වැඩි කිරීමක් සම්බන්ධයෙන් තම සමාජ ජාල ගිණුමේ සටහනක් යොදා ඇති නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතාට සමාජ ජාල පරිශීලකයන්ගෙන් දැඩි චෝදනා එල්ල වෙමින් ඇත.
මෙවර අයවැය මගින් රාජ්‍ය සේවක වැටුප් සංශෝධනය සම්බන්ධයෙන් ඔහු පළ කර ඇති සටහනකට මෙම ප්‍රතිචාර එල්ල වෙමින් තිබේ.
මේ අතර අයවැය මගින් රාජ්‍ය සේවක වැටුප් සංශෝධනය කෙරෙන ආකාරය පිළිබඳව අනුව PL 1 ශ්‍රේණියේ හෙවත් රාජ්‍ය සේවයේ අවම වැටුප් ලබන සේවකයෙකුගේ වැටුප වසර තුනක් ඇතුළත රු. 24,250 සිට රු. 40,000 දක්වා වැඩි කිරීමට රජය යෝජනා කර තිබේ.
නමුත් මෙය හුදු අංක ගණිතයක් පමණක් බවත්, එමගින් සිදුවන්නේ රාජ්‍ය සේවයේ අවම වැටුප ලබන සේවකයාගේ දළ වැටුප අප්‍රේල් මාසයේදී අඩු වීමක් බවත් පෙන්වා දිය හැක.
මෙම වැටුප් වැඩිවීම රු. 15,750 ක් ලෙස දක්වා ඇති අතර, එය සකස් වී ඇති ආකාරය පහත පරිදි වේ.
1. දැනට අතුරු දීමනා සහ විශේෂ දීමනා ලෙස ලබා දෙන රු. 7,500 මූලික වැටුපට එකතු කිරීම. (මෙමගින් දළ වැටුප වැඩි නොවේ.)
2. ඉන් අනතුරුව රජය විසින් වසර තුනක් තුළදී අලුතින් වැටුපට එකතු කිරීමට බලාපොරොත්තු වන්නේ රු. 8,250 ක් පමණි.
3. ඉන් රු. 5,000 ක් සහ ඉතිරි මුදලින් 30% ක් අප්‍රේල් මාසයේදී වැටුපට එකතු කෙරේ.
4. 30% ක් යනු රු. 975 ක මුදලකි. (8250 - 5000 = 3250, 3250 න් 30% = 975)
5. ඒ අනුව අප්‍රේල් මාසයේදී මූලික වැටුපට එකතු වන්නේ රු. 5,975 කි.
මෙහි ගැටලු කිහිපයක්,
1. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලබාදුන් රු. 5,000 දීමනාව මේ වසරේදීත් ලැබෙමින් පවතී. (2025 ජනවාරි සිට මාර්තු දක්වා)
2. එම නිසා දැනට ලැබෙමින් පවතින දළ වැටුප රු. 5,000 කින් අප්‍රේල් මාසයේදී අඩුවේ.
3. එවිට දළ වැටුප සැබැවින්ම වැඩි වන්නේ රු. 975 කින් පමණි.
4. එසේම දීමනා මූලික වැටුපට එකතු වීම හේතුවෙන් වැන්දඹු අනත්දරු දායක මුදල්, අග්‍රහාර වැනි වැටුපෙන් අඩු කරනු ලබන මුදල් ප්‍රමාණය වැඩිවේ.
5. වැන්දඹු අනත්දරු දායක මුදල් පමණක් සැලකූ විට එය 8% කි. ඒ අනුව අවම වැටුප් ලබන සේවකයෙකුගේ වැටුපෙන් රු. 3,018 ක් අඩු වේ.
6. මෙය කලින් ගණනය කළ මුදලට වඩා රු. 1,078 ක අඩුවීමකි. (3,018 - 1,940 = 1,078)
7. නමුත් දළ වැටුප වැඩි වී ඇත්තේ රු. 975 කින් පමණක් බැවින් තවත් රු. 103 ක් මාර්තු මාසයේ වැටුපටත් වඩා අප්‍රේල් මාසයේ වැටුපෙන් අඩු වේ. (1,078 - 975 = 103)
8. අග්‍රහාර වැනි අඩු කිරීම් සමග මෙම දළ වැටුප තවදුරටත් අඩු වේ.
මේ අනුව පෙනී යන්නේ වැටුප් වැඩි කරන බවත්, වැටුප් විෂමතා ඉවත් කරන බවත් පවසමින් බලයට පත් වූ ආණ්ඩුව රාජ්‍ය සේවකයින් තවත් අගාධයකට ඇද දමා ඇති බවයි.
පුවත් දැන ගන්න එකතු වෙන්න >>>>
#lka #News #SriLanka #InfoSriLankaNews #infosrilankaLK"
ඉස්සර අයවැයක් කිව්වම රහස් ගොඩක්
ReplyDeleteඅවුරුද්දක්ම ගෙනියන්නට plan එකක්
ඊට පස්සෙ වැඩි වුණයින් ගැසට් ගොඩක්
අනේ අයවැයත් රටුනට 'ගොම් බෙට්ටක්'