වෙබ් ලිපිනය:

Friday, May 20, 2022

රනිල්නම් වූ ගැලවුම්කාරයා


ටෙලිප්‍රොම්ප්ටරය දිහා බලාගෙන කවුරු හෝ විසින් ලියා දුන් වැල් පාලම් කතාව කියවමින් රනිල් වික්‍රමසිංහ හදිසියේම ජාතියේ ගැලවුම්කරු සේ පෙනී සිටියා. කවුරුත් වගේ අසා හෝ කියවා තිබෙන නිසා මම වැල් පාලම් කතාව නැවත උපුටා දක්වන්නේ නැහැ. 

මේ කතාවෙන් පස්සේ වැල් පාලම ගැන විවිධ අර්ථකතන ආවා. ඇතැම් අය දකින විදිහට රනිල් ඇවිත් කරන්නේ රාජපක්ෂලාව වැල් පාලමෙන් එගොඩ කරන එකයි. මේ විවේචනයට පිළිතුරක් දෙමින් රනිල් ඇහුවේ "රාජපක්ෂලාට නැවත බලයට එන්න පුළුවන් වෙයි කියා ඔබ හිතනවද?" කියලයි.

ඇත්තටම රාජපක්ෂලාට නැවත බලයට එන්න පුළුවන් වෙයිද? රනිල් ඇවිත් රාජපක්ෂලාව වැල් පාලමෙන් එගොඩ කරනවායැයි කියන විපක්ෂයේ පක්ෂ විසින් එහෙම කියන එකෙන්ම පෙනෙන්නේ රාජපක්ෂලාට නැවතත් බලයට ඒමේ හැකියාව ගැන එම පක්ෂ ලොකු බරක් තබනවා කියන එකයි. එයින් ගම්‍ය වන්නේ රාජපක්ෂලාට සාපේක්ෂව එම පක්ෂ වලට තවමත් තමන් සම්බන්ධව තිබෙන අවතක්සේරුවයි.

රනිල් අගමැති වීම නිසා සිදුවුණු හා සිදු වෙමින් පවතින යම් සාධනීය කාර්ය භාරයක් තිබෙනවා. හැබැයි රනිල් කියන්නේ කෙසේවත්ම මේ මොහොතේ රට වැටී තිබෙන අගාධයෙන් තනිව රට ගොඩ දැමිය හැකි ගැලවුම්කාරයෙක් නෙමෙයි. ඒ රනිල් දුර්වල පුද්ගලයෙක් නිසා නෙමෙයි. සරල ලෙසම තනි පුද්ගලයින්ට ඒ විදිහට රටවල් ගොඩ දාන්න බැරි නිසා. රනිල් එවැන්නක් කරයි කියා කවුරු හෝ හිතනවානම් එය ගෝඨාභය ඇවිත් රට ගොඩ දමයි කියා හිතුවා වගේම ලොකු වැරැද්දක්. 

මෙහෙම කියන එකෙන් මම රනිල් හෝ ගෝඨාභය නොවන තුන්වන පාර්ශ්වයක් ප්‍රවර්ධනය කරන්නේ නැහැ. පුද්ගලයා වෙනස් වුනා කියලා මේ කතාවේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේම මේක රනිල් විසින් අගමැති ධුරය භාර ගැනීම අවතක්සේරු කිරීමකුත් නෙමෙයි.

අගමැති කෙනෙක් නැතුව රට අරාජිකව තිබීම තුළ සිදුවිය හැකිව තිබුණු ක්ෂණික විනාශය රනිල් අගමැතිකම භාර ගැනීම නිසා වැළකුණා, වඩා නිවැරදිව කිවුවොත් පොඩ්ඩක් කල් ගියා. ඒ වැඩේ කරන්න රනිල්වම අවශ්‍ය වුනෙත් නැහැ. හැබැයි රනිල් හැර වෙන කෙනෙක් හිටියෙත් නැහැ. ඒ නිසා, ඒ අර්ථයෙන් රනිල් කළේ රට ගොඩ දැමීමක්. ඒ වගේම, මේ වෙලාවේ ඔය විදිහට සුළුවෙන් හෝ රට ගොඩ දැමීම තුළ රාජපක්ෂලාට හුස්මක් ගන්න ඉඩක් ලැබෙන එකත් නොවැලැක්විය හැකි දෙයක්. ඒ නිසා, රනිල් ආවේ රාජපක්ෂලා ගොඩ දාන්නද කියන ප්‍රශ්නය ඒ තරම්ම වැදගත් ප්‍රශ්නයක් නෙමෙයි. 

රනිල්ට කළ හැක්කේ කුමක්ද?

ඇතැම් අයට අනුව රනිල් මීට පෙර පස් වරක් අගමැති වී ඇතත් කර ඇති දෙයක් නැහැ. ඒ නිසා, දැන් කියලා කළ හැකි දේකුත් නැහැ. තවත් අයට අනුව, 2001 හා 2015 වැනි අවස්ථා වල රනිල් ඇවිත් රට ගොඩ දාලා තියෙන නිසා මේ වෙලාවෙත් ඔහුට රට ගොඩදාන්න පුළුවන්. මට පෙනෙන විදිහටනම් මහ මැතිවරණයක් පවත්වා අළුත් ආණ්ඩුවක් බලයට පත් කර ගැනීමට යන අවම කාලය තුළ රටේ ආර්ථිකය විශාල කඩා වැටීමකට ලක්වීම වලක්වා ගැනීමට වඩා දෙයක් රනිල්ගෙන් බලාපොරොත්තු විය නොහැකියි. 

ලංකාවේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය මීට පෙර රනිල් ඇවිත් "රට ගොඩ දාපු" අවස්ථා වලට වඩා ගොඩක් භයානක හා සංකීර්ණ තත්ත්වයක්. ඇත්තටම කියනවානම් හිතාගන්නවත් බැරි තරම් භයානක තත්ත්වයක්. මේ වගේ තත්ත්වයකට මුහුණ දිය හැකි හොඳම ක්‍රමය සියළුම පක්ෂ අතර පුළුල් එකතුවක් තුළින් විසඳුම් හෙවීමයි. නමුත්, හැමෝම ඉන්නේ තමන් ගැන අධි තක්සේරුවක. ඒ නිසා, ඒ විදිහේ එකතුවක් ඇති වීමේ ඉඩක් නැහැ. 

මේ ප්‍රශ්නය විසඳෙන්නේ මහ මැතිවරණයකට යාමෙන් පමණයි. දැන් මහ මැතිවරණයකට යාම සුදුසු අවස්ථාවක් නෙමෙයි කියා හිතන අයට මට කියන්න තියෙන්නේ තව බලා හිටියා කියලා මීට වඩා හොඳ අවස්ථාවක් ලැබෙන එක සිහිනයක් කියලයි. 

මේ ආණ්ඩුවේ ජනවරම දැන් නෑ කියන්න පැහැදිලි හේතු තිබෙනවා. මම මෙය කියන්නේ රට පුරා තිබුණු හා තවමත් තිබෙන උද්ඝෝෂණ නිසාවත්, ආණ්ඩු පක්ෂයේ මහජන නියෝජිතයින්ට එළියට බහින්න බැරි නිසාවත් නෙමෙයි. ඒ හේතු නිසා පමණක් හදිසි මහ මැතිවරණයක් තියන්න අවශ්‍ය නැහැ. හදිසි මහ මැතිවරණයක් පැවැත්විය යුත්තේ කලින් මැතිවරණයට මේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ජනතා අනුමැතිය ලැබූ වැඩ පිළිවෙළ වැරදි හා අසාර්ථක එකක් ලෙස නම් කර මේ ආණ්ඩුව විසින්ම අතහැර දමා තිබෙන නිසයි. 

ජනතා අනුමැතිය ලැබූ වැඩ පිළිවෙළ සහේතුකව අතහැර දැමීමෙන් පසුව දැන් ක්‍රියාත්මකව තිබෙන්නේ 2019දී ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ රනිල්ගේ වැඩ පිළිවෙළයි. පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ විසින් සාමූහිකව මෙවැනි වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවනවානම් එයින් වක්‍ර ලෙස හෝ ජනතා අනුමැතිය යම් තරමකින් ප්‍රදර්ශනය වෙනවා. දැන් වෙන්නේ එවැන්නක් නෙමෙයි. 

රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්ති දිගටම ක්‍රියාත්මක වුනානම් ආර්ථික අර්බුදය දැන් තරමට ඔඩු දුවන්නේ නැහැ. එහෙමනම් බොහෝ විට ඩොලරයක මිල කලින්ම ඉහළ යනවා. ආණ්ඩුව කලින්ම IMF යනවා. හැබැයි දැන් ප්‍රශ්නය ඔඩු දුවලා ඉවරයි. කළ යුතුව තිබුණු, නොකළ, දේ දැන් ආපසු ගිහින් කරන්න බැහැ. 

ලංකාවේ වත්මන් ප්‍රශ්නය ලංකාවේ මිනිස්සුන්ගෙම තෝරා ගැනීමක්. මේ තෝරාගැනීම කරන්නේ 1948 තරම් ඈත කාලයකදී. තේරීම ඇතුළේ සංවර්ධනය වගේම සුබසාධනයත් තිබෙනවා. සංවර්ධනය නැතුව සුබසාධනය පමණක් තිබුණානම් 1948 සිට අද දක්වා ලංකාවේ මිනිසුන් විසින් ලබාගෙන තිබෙන ජයග්‍රහණ බොහොමයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම, ලංකාව විසින් පවත්වාගත් සුබසාධන මට්ටම නඩත්තු කිරීම සඳහා අවශ්‍ය වූ බදු ප්‍රමාණය රට ඇතුළෙන් එකතු කරගත්තානම් ඔය සංවර්ධන මට්ටම පවත්වා ගන්න වෙන්නේ නැහැ. ඉලක්ක දෙකම එකවර අත්පත් කර ගත හැකිව තිබුණු එකම ක්‍රමය දිගින් දිගටම ණය ගැනීමයි.

ඔය විදිහට සුබසාධනයට, සංවර්ධනයට මෙන්ම පෙර ණය පියවීමටද ණය ගනිමින් ගෙන ගිය ක්‍රමය කොයි වෙලාවක හෝ අනිවාර්යයෙන් කඩා වැටීමට නියමිතව තිබුණා. 2009න් පසු රාජපක්ෂ ආණ්ඩුව ගෙන ගිය ආර්ථික ප්‍රතිපත්තිය මේ ක්‍රියාවලිය වේගවත් කළා. රනිල් බලයට නොආවානම් 2016-2017 වැනි වසරකදී රට අර්බුදයට යනවා. රනිල් ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව බලයට පත් වූ නිසා ඒ කඩා වැටීම වැළකුණා.

ඒ කියන්නේ රනිල් රට ගොඩ දැම්මද? කිසිසේත්ම නැහැ. රනිල් කරපු එකම දෙය 2015දී පැවති අස්ථාවරත්වය 2019 දක්වා ඒ මට්ටමේම නඩත්තු කරන එක පමණයි. ඒ හැර, ආර්ථිකයේ පැවති අස්ථාවරත්වය දශමයකින්වත් අඩු වුනේ නැහැ. දැන් රනිල්ට කළ හැක්කේත් එවැනි දෙයක්. ඔහුට මෙය නැවත 2019ට ගෙනියන්න බැහැ. ඔහු භාරගන්නා විට තිබුණු තැන යම් කාලයක් තියාගෙන ඉන්න පුළුවන් වෙයි. මේ කාලය මාස වලින් මිස අවුරුදු වලින් ගණන් කළ හැකි කාලයක් නෙමෙයි.

මහ බැංකුව පැත්තෙන් බැලුවත් මේ වෙද්දී පාරේ අවසානයට (ඩෙඩ් එන්ඩ් එකකට) ඇවිත් වගෙයි මටනම් පේන්නේ. අලුත් අධිපතිවරයා තනතුරේ වැඩ භාර ගැනීමෙන් පසුව, ඉතා නිවැරදිව, සැපයුම පාලනය කිරීම වෙනුවට ඉල්ලුම් කළමනාකරණය පිළිබඳව අවධානය යොමු කළා. මේ වෙද්දී ඒ පිළිවෙත වෙනස් වෙලා. දැන් කරන්න හදන බව පෙනෙන්නේ ඩොලරයක මිල තිබෙන මට්ටමේ තියාගෙන, පොලී අනුපාතිකත් තිබෙන මට්ටමේ තියාගෙන සල්ලි අච්චු ගහන එකයි. 

සල්ලි අච්චු ගහන එක දිගටම කරන බවක් අගමැතිවරයා හෝ මහ බැංකුව විසින් කියන්නේ නැහැ. නමුත්, මේ යන පාරේ ගිහින් ගොඩ එන ක්‍රමයක් දැනටනම් පෙනෙන්නත් නැහැ. දැවැන්ත රාජ්‍යමූල්‍ය ප්‍රතිසංස්කරණයකින් වෙනසක් සිදු නොවන්නේනම් කවුරු අධිපති වුනත් මහ බැංකුවට ඔයිට වඩා දෙයක් කරන්න පුළුවන්කමකුත් නැහැ. ජනතා කැමැත්ත නැතිව අවශ්‍ය තරමේ රාජ්‍යමූල්‍ය ප්‍රතිසංස්කරණයක් කිරීමේ හැකියාවකුත් නැහැ. හදිසි මහ මැතිවරණයක් තියන්නම වෙනවා කියා මම කියන්නේ ඒකයි. 

ඇත්තටම දැන් ලොකුම ප්‍රශ්නය ඩොලර් ප්‍රශ්නය නෙමෙයි. රජයේ රුපියල් ප්‍රශ්නය. ඩොලරයක මිල ඉහළ යාම නිසාත් ණය ගෙවීම අත් හිටවීමේ තීරණය ඇතුළු අනෙකුත් විවිධ ක්‍රියාමාර්ග නිසාත් කලින් තිබුණු ඩොලර් ප්‍රශ්නය දැනටමත් සෑහෙන දුරට විසඳිලයි තියෙන්නේ. දැන් තිබෙන ඩොලර් ප්‍රශ්නය රාජ්‍යමූල්‍ය ප්‍රශ්නයේම පිළිබිඹුවක් වන අලුත් ඩොලර් ප්‍රශ්නයක්. වෙනත් අයුරකින් කිවුවොත් රට ඇතුළේ රුපියල පිළිබඳ විශ්වාසය බිඳ වැටීමේ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය ඉතා ඉක්මණින් විසඳා ගත්තේ නැත්නම් සිම්බාබ්වේ ඒ තරම් දුර වෙන එකක් නැහැ.

රාජ්‍යමූල්‍ය ප්‍රශ්නයට එමු. මේ වසරේ අපේක්ෂිත ආදායම රුපියල් ට්‍රිලියන 1.6යි. අපේක්ෂිත වියදම රුපියල් ට්‍රිලියන 4යි. ශ්‍රී ලන්කන් වගේ ආයතන විකිණිය හැකි වුවත්, එයින් මේ හිඟය පියැවෙන්නේ නැහැ. ඒ වගේම, මෙවැනි වත්කමක් විකුණා ලබන ආදායමක් එකවර ලැබෙන ආදායමක්. අයවැය හිඟය දිගටම තියෙන එකක්. මහන්සි වෙලා විදේශ ණය ටිකක් ගත්තත් ඒකෙන් කළ හැක්කේ පොඩි කල් ගැනීමක් පමණයි. සිම්බාබ්වේ පාරේ නොයන්නනම් එකම විසඳුම වියදම් කපා, ආදායම් වැඩි කරගෙන අයවැය හිඟය තුලනය කර ගැනීම පමණයි.

රජයේ වියදම් කපනවා කියා කියන්නෙත්, රජයේ ආදායම් වැඩි කරගන්නවා කියන්නෙත් රටේ මිනිස්සුන්ව පීඩාවට පත් කරනවා කියන එකයි. දේශපාලනය සම්බන්ධ වෙන්නේ මෙතැනදී. රටේ ඉහළ ආදායම්ලාභීන්ව හා අඩු ආදායම්ලාභීන්ව පීඩාවට පත් කළ යුත්තේ කවර අනුපාතයෙන්ද?

මතක තියාගන්න මෙතෙක් කල් ඔය දෙකෙන් එකක්වත් වුනේ නැහැ. මෙතෙක් කල් කළේ නොඉපදුණු පරම්පරාවට බිල ඉතිරි කරමින් කණ්ඩායම් දෙකම සුවසේ පරිභෝජනය කරන එකයි.

ඉහළ ආදායම්ලාභීන්ගෙන් බදු අය කර ගනිමින් හා අඩු ආදායම්ලාභීන්ට සහන දෙන එක ජනප්‍රිය ඉල්ලීමක් වෙන්න පුළුවන්. නමුත්, මේ වැඩෙන් වෙන්නේ රට දශක ගණනාවකින් පස්සට යාම හා පහසුවෙන් නැවත ගොඩ ආ නොහැකි වීම පමණයි. අනෙක් පැත්තෙන් අඩු ආදායම්ලාභීන්ගේ සහන කපමින් "පාලම තරණය කරන්න" පුළුවන්කමකුත් නැහැ. ඒ එක්ක මතු වන සමාජ අර්බුදය විසින් හැම දෙයක්ම විනාශ කර දමයි. ඒ නිසා, මේ බරට කර ගහන එක සම්බන්ධව යම් සම්මුතියක් අවශ්‍ය වෙනවා. ඇති හැකි අයට මෙතෙක් කවදාවත් නොදැරූ තරම් බරක් දරන්නම වෙනවා. ඉතිරි අයටත් යම් බරක් දරන්න වෙනවා. සම්මුතිය කුමක් වුවත් අවසාන වශයෙන් ලංකාවේ මධ්‍යම පාන්තිකයන්ගේ ජීවන තත්ත්වය සැලකිය යුතු ලෙස ඛාදනය වීම වලක්වන්න බැහැ.

මෙතැන තියෙන්නේ සමාජ වියමන ආරක්ෂා කරගැනීම හා ආර්ථිකය කඩා වැටීමේ හානි අවම කරගැනීම පිළිබඳ තේරීමක්. ප්‍රශස්ත සමතුලනය ගැන සියල්ලන්ටම එකඟ වෙන්න බැරිනම් කළ යුත්තේ මහ මැතිවරණයක් පවත්වා බහුතර කැමැත්ත පරිදි කටයුතු කිරීමයි.  

49 comments:

  1. ණයට ගෙන ගිතෙල් කාලා සැප විඳින
    ජාතියක් වෙලා ඇති හිටියා ඉතින
    නූපන් දරුවො තඩි ණයකරුවන් කරන
    ක්‍රමය වෙනස් කළ යුතුමය නොවලසින

    හැබැයි තවම නැත හරි පාරක ලකුණු
    පාලකයන්ට බෙදනා හැඳි ඉවත ලනු
    පුරවැසි නාඩි ගැහෙනා හැටි හඳුන ගනු
    මහල්ලනි, ඉතිං දැන්වත් ගෙදර යනු!

    ReplyDelete
    Replies
    1. පිරිමි දැන් පොන්නයි කියලා උබලට හිතෙන්නේ නැත්ද. ලංකාවේ විතරක් නෙවේ මුළු ලෝකෙම. හිට ගන්නවත් පණ නැහැ බං මුන්ට. ඒකට ගෑණු දූවලා පැනලා වැඩ. ගෑණු දැන් ලෝකේ ලිඩ් කරනවා වගේ නේද.

      ඉස්සර කියලත් ඉතින් පිරිමින්ගේ හොඳක් තිබ්බේ නැහැනේ. මේ ලෝකේ ගොඩක්ම ප්‍රශ්න හැදුවේ පිරිමිනේ. පිරිමි නම් මේ ලෝකෙට සාපයක්.

      Delete
    2. මාලදිවයින් හිටපු ජනපතිගෙන් ආධාර පාලමක්

      ‘බංග්ලාදේශ හිටපු ජනපති ලංකාවට ආධාර පාලමක් හදයි‘‘ යන සිරස්තලය යටතේ ලංකාදිප ප්‍රත්‍රයේ 9 වැනි පිටුවේ අද පළවන ප්‍රවෘතියේ එය මාලදිවයින යනුවෙන් නිවැරදි විය යුතුයි.

      ශ්‍රී ලංකාවට විදේශ ආධාර ලබා ගැනීම සඳහා සම්බන්ධීකාරකවරයා ලෙස හිටපු මාලදියින් ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා පත් කර ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කළේය.

      මාලදිවයින වෙනුවට වෙනත් රටක් ලෙස එම ප්‍රවෘත්තියේ පළ වී ඇත්තේ ප්‍රමාද දෝෂයකිනි.

      Delete
    3. රුපියල් මිලියන 90,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මැයි 25 වනදා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

      ඒ අනුව එහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 45000ක බිල්පත්, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 22500ක බිල්පත් සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 22500ක බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇති බව සඳහන්.

      Delete
    4. ඕස්ට්‍රේලියාවටත් වමේ නැංගුරම් ලායි – කම්කරු පක්ෂයට මැතිවරණයෙන් ජය!

      ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජයට පත්ව ඇති බවට වාර්තා වනවා. මෙම ජයග්‍රහණය ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂය අත්කරගෙන තිබෙන්නේ දශක එක හමාරකට පමණ පසුවීම විශේෂත්වයක්.

      අවසාන වරට කම්කරු පක්ෂය මහ මැතිවරණයෙන් ජය ලබාගෙන තිබෙන්නේ 2007 වර්ෂයේදී.

      ඒ අනුව, ස්කොට් මොරිසන් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කන්සර්වේටිව් ලිබරල් පක්ෂය මහ මැතිවරණයෙන් ජය තහවුරු කරගත යුතු ආසන 151 ක් හිමි පාර්ලිමේන්තුවේ ආසන 76 ක ජය තහවුරු කර ගැනීමට අසමත්ව තිබෙනවා.

      ඔස්ට්‍රේලියාවේ විපක්ෂ නායක ඇන්තනි ඇල්බනීස් ප්‍රමුඛ කම්කරු පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන 72 ක ජය තහවුරු කර ගැනීමට හැකිව තිබෙනවා. කෙසේවෙතත්, නව ආණ්ඩුවක් පිහිටුවීමට නම් ආසන 76 ක බහුතරයක් ලබා ගත යුතු බැවින් ඔවුනට සුළු පක්ෂ වල සහාය ලබා ගැනීමට සිදුවනු ඇති බව ද සඳහන්.

      ඕස්ට්‍රේලියාවේ දක්ෂිණාංශික රජය කෙරේ ඇති අප්‍රසාදය විශේෂයෙන් බටහිර ඕස්ට්‍රේලියාවේ ධනවත් නාගරික ආසනවලින්ම ප්‍රකාශ වී තිබීම මෙම මැතිවරණයේ විශේෂත්වයක්.

      ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණයේ අවසාන ප්‍රතිඵල නිවේදනය කිරීමට යම් කාලයක් ඉතිරිව තිබෙනවා. ඒ තැපැල් ඡන්ද ගණනය කිරීම තවමත් අවසාන වී නොමැති හෙයින්.

      ලෝකෙ පුරාම වමේ නැංගුරම් ලාන ලකුණු ද?
      මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජය ලැබූව ද, ආණ්ඩු බලය ලබා ගැනීමට තව ආසන 04 ක් එම පක්ෂයට අවශ්‍යව තිබෙනවා. මෙහිදී පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන, දේශගුණික විපර්යාස හා සමානාත්මතාවය පිළිබඳ බොහෝ දොඩමළු වන දේශපාලන පක්ෂය වන ද ග්‍රීන්ස් පක්ෂයේ සහාය ලබා ගැනීමට කම්කරු පක්ෂයට සිදුවනු ඇති.

      ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් යටතේ එරට බරපතලම ආර්ථික පරිහානිය සිදුවූ බවට වාර්තා වනවා. ඉහළ යන උද්ධමනයට අමතරව, ඕස්ට්‍රේලියාවේ දශක පහක පමණ කාලයක වාර්තා වූ බරපතලම රැකියා වියුක්තිය වාර්තා වූයේ ස්කොට් මොරිසන් ගේ පාලනය යටතේ බවට සඳහන්.


      ඕස්ට්‍රේලියාවේ සිදුවූ ලැව් ගිනි හා ඉන් අහිමි වූ පරිසර සම්පත හා විනාශ වූ දේපල හා මිනිස් ජීවිත හමුවේ ස්කොට් මොරිසන් අග්‍රාමාත්‍යවරයා අනුගමනය කළ නිහඬ පිළිවෙත නිසා ඔහු බොහෝ දෙනෙකුගේ පිළිකුල්භාවයට ලක්ව සිටි බව ද සඳහන් වනවා.

      Delete
    5. ගතවූ කාලය පුරාවට ඕස්ට්‍රේලියාවේ පමණක් නොව එක්සත් රාජධානියේ ද වාමාංෂික කම්කරු පක්ෂයේ මැතිවරණ ජයග්‍රහණයක් වාර්තා වූ අයුරු දක්නට ලැබුණා. වඩා ජනප්‍රියතාවයක් වාමාංෂික මතය දෙසට ආකර්ෂණය වන බව දක්නට ලැබුණත්, මැතිවරණ ජයග්‍රහණය නිතරම පාහේ දක්ෂිණාංශයට හිමිවීම ලෝකයේ බොහෝ රටවල කලක පටන් නිරීක්ෂණය වූ දෙයක්. මෙය වැඩිපුරම දක්නට ලැබුණේ යුරෝපා සංගමයේ සාමාජිකත්වය බ්‍රිතාන්‍යය අහිමිකර ගැනීම හෙවත් බ්‍රෙක්සිට් විවාදයේ දී.

      කෙසේවෙතත්, කොවිඩ් වසංගතය හා විවිධ ආර්ථික අභියෝග සමඟ මුළුමහත් ලෝකයක් උඩුයටිකුරු වන විට ජනතාවට ජනප්‍රියතාවාදයේ හා දක්ෂිණාංශයේ රස ඇතිවී ඇති බවක් දක්නට ලැබෙනවා. ඒ අනුව දක්ෂිණාංශයේ ශක්තිමත්භාවය ගිලිහෙන තැන වාමාංෂික මතය ශක්තිමත් වන බවක් දක්නට ලැබෙනවා.

      හැබැයි එම මතය ශක්තිමත් වීම හමුවේ මර්දනය ක්‍රියාත්මක වන්නේ අපේ ඈයෝත් ඇතුළුව ඉතාම සුළු රටවල් කිහිපයක. ලැබෙන පරාජය හමුවේ ජනතාව කුපිතකරනු වෙනුවට, අහිංසක විරෝධතාකරුවන්ගේ ඔලුගෙඩි පළනු වෙනුවට, ඉතාම විනීතව ධුරයෙන් ඉවත්වන බව කියන්න ඒ රටවල දක්ෂිණාංශික නායකයන්ට කොන්දක් වත් තිබෙනවා.

      ස්කොට් මොරිසන් අග්‍රාමාත්‍යවරයා මැතිවරණ ප්‍රතිඵල වලින් පසුව පවසා තිබෙන්නේ තම ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වන බවයි.

      ඒ අනුව මෙය ඕස්ට්‍රේලියාවේ අවුරුදු අට හමාරක පමණ කන්සර්වේටිව් පාලනයේ අවසානය වනු ඇති.

      Delete
    6. 'රනිල්නම් වූ ගැලවුම්කාරයා '

      ඉකොනෝ නම් වූ කුහකයා

      Delete
    7. The World Bank, the Asian Development Bank (ADB) and the Asian Infrastructure Investment Bank (AIIB) have jointly decided to support Sri Lanka’s response to the ongoing economic crisis.

      The three institutions announced their decision in a statement issued after the first joint coordinated meeting held on the 19th of May.

      “All three institutions are adopting a coordinated approach to sustain basic services and livelihoods and to mitigate the impact of the economic crisis on the people of Sri Lanka.”

      This includes access to essential items such as medicines, cash assistance, gas and fertilizer through the reallocation of resources from existing projects, the statement read further.

      Delete
    8. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් පරිත්‍යාග කළ ද්‍රව්‍යමය ආධාර තොගය අද කොළඹ වරාය වෙත පැමිණ තිබෙනවා. මෙම ආධාර තොගය ශ්‍රී ලංකා රුපියල් කෝටි 200 කට වැඩි වටිනාකමකින් යුක්ත බවයි වාර්තා වන්නේ.

      සහල් මෙට්‍රික් ටොන් 9000 ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 50 ක් මෙම ආධාර තොගයට ඇතුළත් වන අතර මීට අමතරව ටොන් 25 කින් සමන්විත ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයකින්ද සමන්විත බවයි වාර්තා වන්නේ.

      මෙම භාණ්ඩ තොගය තමිල්නාඩු ආධාර වැඩපිළිවෙලේ පළමු කොටස වන අතර තවත් අදියර කිහිපයක් යටතේ තමිල්නාඩු ආධාර ලැබීමට නියමිතය. ඒ යටතේ සහල් මෙට්‍රික් ටොන් 40,000 ක් කිරිපිටි මෙට්‍රික් ටොන් 500 ක් සහ ඖෂධ ඇතුළු වෛද්‍ය උපකරණද ඇතුළත් වේ.

      මෙම ආධාර උතුර, නැගෙනහිර, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ජනතාව වෙත බෙදාදීමට නියමිතය.

      මෙම ආධාර තොගය බාර ගැනීම සඳහා විදේශ අමාත්‍ය ජී.ඇල්. පීරිස් මහතා ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටි අතර ඉන්දියාව වෙනුවෙන් මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

      Delete
  2. මේ වෙලාවේ චන්දයක් තියන්න බැහැ කියලා කොමිසමත් කිව්වා. අඩුම මාස 6 ක්‌ වත් යනවා කිව්වා.

    ReplyDelete
    Replies
    1. මම අදහස් කළේ ලබන සතියේ මැතිවරණයක් පැවැත්විය යුතු බව නෙමෙයි. රනිල් වික්‍රමසිංහට මාස හයක වැනි කාලයක් ඇදගෙන යන්න පුළුවන් වෙයි. ඊට වඩා අදින්න අමාරුයි.

      Delete
  3. බංකරවල සිරගතවී
    බිත්තියටම හේත්තුඋන
    රාජපක්ෂ සනුහරයම
    එලියට ගෙන යළි අන්දා
    දියවන්නාවට ගෙනාපු
    වික්කම සිංහය කවදා
    රටගොඩදා රට රකීද

    ReplyDelete
    Replies
    1. පසුගියදා දකුණු ඉන්දීය දේශපාලකයින් ශ්‍රී ලංකාවේ දරුණු ආර්ථික ගැටලුවෙන් තාවකාලිකව හෝ මිදීමට සහයෝගයක් ලෙස අරමුදල් රැස්කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන ලද අතර ඒ අනුව රැස් කළ ශ්‍රී ලංකා රුපියල් කෝටි 200 කට වැඩි වටිනාකමින් යුත් ආධාර තොගයක් පසුගිය 18 වනදා තමිල්නාඩුවෙන් ශ්‍රී ලංකාව බලා පිටත්වුණ අතර

      ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිට අද (22) කොළඹ වරායට ළගාවීමට නියමිතය.
      සහල් මෙට්‍රික් ටොන් 9000 ක් සහ කිරිපිටි ටොන් 50 ක් සහ ඖෂධ හා වෛද්‍ය උපකරණ ටොන් 25 ක් ඒ අතර ඇති බව පැවසිණි.
      මේවා බෙදාහැරීම සම්බන්ධීකරණය කරන්නේ කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේය.
      උතුර – නැගෙනහිර – මධ්‍යම සහ බස්නාහිර පළාත්වල අවශ්‍යතා සහිත ජනතාව වෙත බෙදා හැරෙන බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දන්වා ඇත.
      තමිල්නාඩු රජය තවත් කෝටි 350 ක ආධාර මේ ආකාරයට ඉදිරියේදී එවන බවට පොරොන්දුවී ඇත

      Delete
  4. මේ වෙලාවේ මැතිවරණයක් පැවැත්වුවහොත් රට මීටත් වඩා අස්ථිර වෙයි කියලයි මට හිතෙන්නේ. දැන් ශ්‍රීලනිප හා පොහොට්ටුව දෙකඩ වෙලා. එජාපය සම්පුර්ණයෙන්ම බංකොලොත් කර පිහිටවූ සජබ ය දැන් දෙකඩ වෙලා, කොටසක් පරණ මහගෙදරට ගිහිල්ලා. ඒ අතරේ 3% අඩුම තරෙමින් 7-8% තරමකටවත් ඉහල ගිහිල්ලා. රාජපක්ෂ නාමය බහුතරයකගේ වෛරයට පාත්‍ර වෙලා.

    මේ සියල්ල සැලකුවාම, කිසිම පක්ෂයකට රජයක් පිහිටවීමට අවශ්‍ය බහුතරය නොලැබෙන බව සහතිකයි. පක්ෂ කිහිපයක සම්මාදමකින් ඇතිවෙන හවුල් ආණ්ඩුවක් වැඩිකල් පවත්වාගෙන යාමට නොහැකි වන්නේ පහත ලියැවෙන හේතු කිහිපය සහ තවත් මෙහි නොලියැවෙන හේතු රාශියක් නිසා යි.

    බදු ඉහල දැමිය යුතුයි. සහනාධාර අඩු කල යුතුයි. පාඩු පිට විකුණන ඉන්ධන, විදුලිය, ගෑස් සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දී ඒවායේ පාඩුව අවම කරගත යුතුයි. පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණා දැමීම/පෞද්ගලික අංශයට පැවරීම කල යුතුයි. වටිනාකමට සාපේක්ෂව අඩු ආදායමක් ඇති රාජ්‍ය දේපොළ විකුණා දැමිය යුතුයි. විදේශීය ආයෝජන ආකර්ශනය කර ගැනීමේ දී, මෙතුවක් කල් ජාතික, ආගමික, සදාචාර හේතු නිසා අත හැර දමා තිබූ/ආරම්භ නොකර තිබූ ව්‍යාපාර පවා ආරම්භ කල යුතුයි.

    ඉහත කියූ සියලුම දේවල් සහ මීටත් වඩා දරුණු ප්‍රතිපත්ති වලට එකහෙලා සහයෝගය දක්වන පක්ෂ දෙකක හෝ ඊටත් වඩා වැඩි ගණනක එකමුතුවක් තිබිය හැකිද?

    පෞද්ගලීකරණයට/සහනාධාර කැපීමට ජවිපෙ විරුද්ධයි. තව කෙනෙක්, කැසිනෝ වැනි ව්‍යාපාර වලට අපි ඉඩ දෙන්නේ නැහැ හාමුදුරුවනේ කියන කොට ඒ සංධානයට මොකද වෙන්නේ? කිසිදිනක නැවත බලයට පත් වේ යැයි නොසිතුවත්, වාසු, ගම්මන්පිල, විමල් වැන්නවුන් විරුද්ධ නොවන දෙයක් තිබිය හැකිද?

    අන්තෝ ජටා බහි ජටා !

    ReplyDelete
    Replies
    1. //බදු ඉහල දැමිය යුතුයි. සහනාධාර අඩු කල යුතුයි. පාඩු පිට විකුණන ඉන්ධන, විදුලිය, ගෑස් සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දී ඒවායේ පාඩුව අවම කරගත යුතුයි. පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණා දැමීම/පෞද්ගලික අංශයට පැවරීම කල යුතුයි. වටිනාකමට සාපේක්ෂව අඩු ආදායමක් ඇති රාජ්‍ය දේපොළ විකුණා දැමිය යුතුයි. විදේශීය ආයෝජන ආකර්ශනය කර ගැනීමේ දී, මෙතුවක් කල් ජාතික, ආගමික, සදාචාර හේතු නිසා අත හැර දමා තිබූ/ආරම්භ නොකර තිබූ ව්‍යාපාර පවා ආරම්භ කල යුතුයි.//

      මේ දේවල් කරන්න බලාපොරොත්තු වන අය ඒ බව මහජනතාවට කෙළින්ම කියා මැතිවරණයට ඉදිරිපත් විය යුතුයි. ඒ වෙනුවෙන් බහුතර ජනවරමක් ලැබුනොත්, සුළුතර මතය නොසලකා හැර ඒ දේවල් කළ යුතුයි. එහෙම කරන බවත් මැතිවරණයේදී කෙළින්ම කිව යුතුයි. වෙනත් විකල්ප යෝජනා කරන අයටත් ඒ අවස්ථාවම හිමි විය යුතුයි. කළ යුතු දේ තීරණය කළ යුත්තේ ජනතාවයි.

      Delete
  5. ඇමරිකන් පුරවැසි ඉකොනෝමැට්ටාට ලංකාව ගැන තියෙන රුදාව මොකක්ද? බැසිල් වගේ එන්නද කල්පනාව. උදේ ඉදන් රෑ වෙනකන් ලංකාව දිහා මුසල හොටේ දික්කරගෙන ඉන්න එක තමයි මිනිහගේ වැඩේ. අමු මුස්පේන්තු, නෙගටිව් කුනෙක්. ජේවීපීකාරයෙක් වගේ. හැම දේම වැරදි. මිනිහට තියෙන ප්ලෑන් එකක් කියන්නෙත් නැහැ. එහෙම එකක් නැහැනේ. කෝටා එකෙන් පේරා ඇවිත් ගත්තු පරණ උපාධි කඩදාසියක් විතරයි මිනිහට තියෙන්නේ. ඉතින් මිනිහගේ හිස්කම වහගන්න, ඇමරිකාවට වෙලා සුළු ජාතිකයෙක් වෙලා ඉන්න මානසික පීඩනය නැති කරන්නේ මේ වගේ ලංකාවේ අයට අලි කතා කියලා. අනුකම්පා කරමු.

    ReplyDelete
  6. කවුරු ආවත් අපිට පිනට කන්න දෙන්නේ නෑ. අපි හම්බ කලොත් අපි කනවා

    ReplyDelete
  7. විවේචන විතරක් නෙමෙයි රටට ඩොලර් ගේන්න පුළුවන් ක්‍රමවේදයක් ගැනත් යමක් ලියන්නට

    ReplyDelete
  8. //ඩොලරයක මිල ඉහළ යාම නිසාත් ණය ගෙවීම අත් හිටවීමේ තීරණය ඇතුළු අනෙකුත් විවිධ ක්‍රියාමාර්ග නිසාත් කලින් තිබුණු ඩොලර් ප්‍රශ්නය දැනටමත් සෑහෙන දුරට විසඳිලයි තියෙන්නේ//
    ඔබ කියන්නේ වෙළද ශේෂය පියවගන්න පුළුවන් වෙයි කියලද

    ReplyDelete
    Replies
    1. සංචාරක ඉපැයීම් හා ප්‍රේෂණ සාමාන්‍ය මට්ටමේ තිබුනානම් මේ වෙද්දී එම ඩොලර් වලින් වෙළඳ ශේෂය පියවිලා.

      Delete
  9. //සම්මුතිය කුමක් වුවත් අවසාන වශයෙන් ලංකාවේ මධ්‍යම පාන්තිකයන්ගේ ජීවන තත්ත්වය සැලකිය යුතු ලෙස ඛාදනය වීම වලක්වන්න බැහැ//
    මේ තත්වයෙන් නැවත වටයක් පහල අදායම් ස්ථරය තවත් පිඩාවට පත් වෙනවා නේද? උදාහරණයක් විදිහට ත්‍රීරෝද රියදුරන්, පෙදරේරුවන්, ගෘහ සේවිකාවන් වගේ අයගේ ආදායම් මධ්‍යම පන්තියේ වැය කිරීමේ හැකියාව මත සෘජුව රැදී පවතිනවා.
    ඊට අමතරව මධ්‍යම පංතියේ සමාජ තත්වය පෙන්වීමේ ආසාව මත රදා පවතින මනාලියන් ඇන්දවීම , උත්සව ශාලා හා හෝටල්, ඊනියා කලාකරුවන් හා event managers වගේ ක්ෂේත්‍ර සම්පුර්ණයෙන්ම කඩා වැටෙයි නේද

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නෙමෙයි middle class එක target කරලා අත්හැරීම ගැන බණ issue කරන සගගනටත් sorry.com වෙයි.

      Delete
    2. මේ වන විට තිබෙන්නේ ඔය කඩා වැටීම නොවැලැක්විය හැකි තත්ත්වයක්. ඔය දේවල් ගොඩ නැගුනේම විදේශ ණය වල උදවුවෙන්.

      Delete
    3. මධ්‍යම පංතියේ පටි තද වීමත් එක්ක පහළ ආදායම් ස්ථර වලට වෙන බලපෑම ගැන ඔබේ තක්සේරුව මොන වගේද

      Delete
    4. එය තීරණය වන්නේ නිරතව සිටින කර්මාන්තය මතයි. සමස්තයක් ලෙස තත්ත්වය වඩා නරක වන බව කිව යුතු නැහැනේ.

      Delete
  10. සාරංගා නැවෙන් ඇවිත්. සූරියආරච්චි‍ ඩොල්පින් එකේ ඇවිත්. ඉකොනෝ මැට්ටා දෙකෙන් ඇවිත්.

    ReplyDelete
  11. ග්‍රීසියේ දැන් ආර්තික අර්බුදය ඉවරද ? වැඩිම උද්දාමය තියෙන රටවල් අතර ග්‍රීසිය නෑනේ දැන්

    ReplyDelete
  12. ස්ටීව් හැන්කි කියන උද්දමනෙයි මහ බැංකුව කියන උද්දමනෙයි දෙකක් වෙන්නෙ ඇයි ?

    ReplyDelete
    Replies
    1. ස්ටීව් හැන්කි කියන ගණන් නිවැරදි නැහැ. එයා ගණන් හදන්නේ එයාගේම ක්‍රමයකට. එය ලෝකයේ තිබෙන සම්මත ක්‍රමය නෙමෙයි.

      Delete
    2. නමුත් ඔහු කියන විදිහට 122% උද්ධමනය කියන්නේ තව අවුරුද්දකින් ජීවන වියදම දෙගුණ වෙනවා කියන එක නේද? අද තියන තත්ත්වය එක්ක ඒක නොවිය හැකි දෙයක් නෙමෙයි නේ

      Delete
    3. ඔබතුමාට මේ ගැන අපිට තේරෙන්න ලියන්න පුලුවන්ද?

      Delete
    4. //නමුත් ඔහු කියන විදිහට 122% උද්ධමනය කියන්නේ තව අවුරුද්දකින් ජීවන වියදම දෙගුණ වෙනවා කියන එක නේද?//

      නැහැ. උද්ධමනය 122%යි කියන එකෙන් අදහස් කරන්නේ පසුගිය අවුරුද්ද තුළ ජීවන වියදම දෙගුණ වෙලා (2.22 ගුණයක් වෙලා) කියන එක. එහෙම වෙලා නැහැ. උද්ධමනය අනාගතය සම්බන්ධ මිනුමක් නෙමෙයි. (අනාගතයේ උද්ධමනය 122% වෙන්න බැරිකමක් නැහැ. එය වෙනම කතාවක්.)

      Delete
    5. ආහාර අයිතම හා ප්‍රවාහනය ගත්තොත් නම් දෙගුණයකින් හෝ ඊටත් වඩා වැඩි වෙලා.
      ඔබට විවේක වෙලාවක මතුපිට උද්ධමනය, ලක්ෂමය උද්ධමනය, core inflation වගේ සංකල්ප හා ඒවා මනින විදහ ගැන ලිපියක් ලියන්න පුළුවන් ද?

      Delete
    6. එය කරන්නම්. මේ දේවල් ගැනනම් ඕනෑම සංකීර්ණ ප්‍රශ්නයකට පිළිතුරු දිය හැකියි.

      Delete
  13. ඉකොනො ඇයි මෙච්චර නෙගටිව්. මිනිස්සු එක්ක හරියට කතා කරලා හරියට පැහැදිලි කරල දුන්නොත් අපිට බැරි වෙයි ද රෙෆොම්ස් ටික ගොඩ දාගන්න. ප්‍රොෆෙසර් ශාන්ත දෙවරාජන් ලන්කාවට වඩා බොහොම පහල අද්යාපනික තත්වයන් තිබ්බ රට වල එහෙම කරල තියනවා කියල උදාහරන එක්කම කියනවා. ඉකොනො මෙ කරන්නෙත් එ වගෙ දෙයක්. රජපස්ස ගෙ පොන්සි ස්කීම් එක මට තෙරුම් ගියෙත් ඉකොනොට පින්සිද්ද වෙන්න තමා
    8.22 - 52.58
    https://www.youtube.com/watch?v=tckL6mJ60kY

    ReplyDelete
    Replies
    1. //මිනිස්සු එක්ක හරියට කතා කරලා හරියට පැහැදිලි කරල දුන්නොත් අපිට බැරි වෙයි ද රෙෆොම්ස් ටික ගොඩ දාගන්න.//

      එහෙම පුළුවන් කියා ඔබ හිතනවානම් මහ මැතිවරණයකට යන එකේ ප්‍රශ්නයක් නැහැනේ. එවිට ජනතා කැමැත්ත ඇතුවම අවශ්‍ය දේවල් කළ හැකියි.

      Delete
    2. //ඉකොනො ඇයි මෙච්චර නෙගටිව්.//

      2021 ජූලි 2 වෙනිදා මම "මහ බැංකුව බංකොලොත්ද?" කියා ලිපියක් පළ කළා. එම ලිපියෙන් ඒ වන විට මහ බැංකුව සතු වූ සංචිත ප්‍රමාණය මත පදනම්ව "මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් හා නිල සංචිත යාන්තමින් සමාන වෙන්නේ ඩොලරයක මිල රුපියල් 265.87ක් වුනොත් පමණයි" කියා මම කිවුවා. මෙය ඇතැම් අය තේරුම් ගත්තේ ඩොලරයක නියම මිල රුපියල් 265.87ක් විය යුතු බව මා කියූ ලෙසිනුයි. මම කිවුවේ එයම නොවුනත් හැමෝම වගේ මෙය දැක්කේ නෙගටිව් අදහසක් ලෙසයි. ගොඩක් අය පෞද්ගලිකවත් (ඊමේල් ආදිය හරහා) මේ ගැන කතා කළා. දැන් ඩොලරයක මිල රුපියල් 360 දක්වා ගිහින්. ඒකත් ඇත්ත මිල නෙමෙයි. මම පෙර කියා තිබෙන දේවල් නෙගටිව්ද පොසිටිව්ද කියා දැන් ආපසු ගිහින් පෙර ලිපි කියවා බලන්න. මම ලියන්නේ හැකි තරම් පොසිටිව් ලෙසයි. එහෙත් රියලිස්ටික් සීමාවට යටත්ව. පොසිටිව් අදහසක් ලෙස කිසිසේත්ම නොවිය හැකි දෙයක් ඉදිරිපත් කරන එකේ තේරුමක් නැහැ. අනාගතය සම්බන්ධව මම ඇත්තටම දකින බේස්ලයින් චිත්‍රය ලියනවාට වඩා ගොඩක් අඳුරු චිත්‍රයක්. එහෙත්, එය වෙනස් කර ගැනීමේ හැකියාවක් තිබෙන නිසා මම ලියන්නේ ප්‍රායෝගිකව අනාගතය වෙනස් කර ගැනීමේ ඉඩ බැහැර කර නොගනිමිනුයි. ඒ කියන්නේ ප්‍රායෝගික සීමාව තුළ සිටිමින් සාපේක්ෂව සුබවාදී ලෙසයි. එසේ වුවත් අනාගතය වෙනස් කර ගත හැකි ප්‍රායෝගික හාඩ් ලිමිට්ස් තිබෙනවා.

      Delete
  14. මංජු නිශ්සංක විතරයි කෙලින්ම කියන්නේ රජය ව්‍යාපාර කරන්න අවශ්‍ය නැති බවත් එම ව්‍යපාර වලින් බදු අයකල යුතු බවත් ඇත්තටම ඔබෙත් අදහස එයාම තමයි කල යුත්තේ එයයි ලංකාවේ ආණ්ඩුව ට ව්‍යාපාර කරන්න බැ ඒවායේ පාඩු මකන්න ආණ්ඩුව සල්ලි පොම්ප කරන එක තමයි කරන්නේ

    ReplyDelete
  15. Steve Hanke ගෙ currency board යෝජනාව ගැන ඔබේ අදහස කුමක්ද? ඔහු කියන්නේ ලංකාව ඉන්නේ death spiral එකක කියලා

    ReplyDelete
  16. කන්නංගර එයාර්ලයින් සර්විස්

    ReplyDelete
  17. මෙන්න මේවා කරන්න වෙයි, 1) රජයේ සේවකයින් අඩු කිරීම 2) රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම 3) රජයේ සේවකයින් ගෙන් බදු ගෑනීම 4) පොහොර අදාර දීම 5) සෞක්ය මුදලට දීම 6) අද්‍යාපනය මුදලට දීම 7) නිකම් කිසිදෙයන් නොදීම 8) චන්ද කල් දැම 9) රෙජීම් චේන්ජ්, ගිනි තැබීම් කල් දැමීම 10) ඇමෙරිකාවේ ඉදන් ලංකාවට වෛර කරන උන්ගේ බ්ලොග් වසා දැමීම.

    මම විජේබාහු

    ReplyDelete
  18. මම මේ මගේ ලිපිය ප්‍රොමෝට් කරනවා නෙමේ. මේක අදහස - ඇමෙරිකාව හා ඉන්දියව එකතුව රනිල් ට ගෝටා ගෙන් අගමැති පදවිය ගන්න තල්ලු කරා කියන අදහස. බැසිල් ඉන්දියාව සමග ඩිල් එකක සිටින බව, රනිල් ගෝටා ව අයින් කරන බව හා ඇමෙරිකාවට ගෝටා ගියොත් නඩු නොවැටෙන බවට ඩිල් එකක් ඇති බව.
    https://kolambagamaya.blogspot.com/2022/05/blog-post_19.html

    ReplyDelete
    Replies
    1. ලිපිය පසුව ඇවිත් කියවන්නම්. එයට අදාළ නැති වෙනත් ප්‍රශ්නයක් අහන්නද? එක්සත් රාජධානිය තුළ සිට බාධාවකින් තොරව රුසියානු ප්‍රවෘත්ති බැලිය හැකිද? උදාහරණයක් ලෙස අජිත්ගේ "න්‍යෂ්ටික මරණයේ සීතල - රුසියාව නැති ලෝකයක් අපට අවශ්‍යද - ද්මිත්‍රි කිසිල්යෙව් ගේ තර්ජනය" ලිපිය සමඟ දමපු ලින්ක් එක.

      Delete
    2. දැන් බලන්න බැහැ . මේ රට සලකන්නේ රුසියාව සමහ නිල නොවන යුද්ධයක හැටියටයි. එහම නිව්ස් ඒජන්සි යකම ඇන්ටි රෂියන් නිල වශයෙන්. RT තහනම්. මම ඔපෙරා එකෙන් VPN වෙනස් කරලා යන්නේ. අනිත් රුසියානු ප්‍රවෘත්ති සයිට් තහනම් නිසා ටෙලිග්‍රෑම් ඇප් එකෙන් යන්නේ. අරක බෑන් කරල තියෙන්නේ. (වීඩියෝ එක) යූ ටියුබ් එකේ ඇති සමහරවිට. මම දැන් මුකුත් ෆේස්බුක් එකේවත් ලියන්නේ නැහැ. රුසියාව ගැන. අපක්ෂපාති වෙන්න අමාරුයි. අනිත් එක රුසියාව සාමාන්‍ය වැසියන් මරණ එක කොහොමටවත් ඩිෆෙන්ඩ් කරන්න බැහැ

      Delete
  19. ඔබේ බේස්ලයින් වඩාත් අසුභවාදී දැක්ම ලිපියක් ලෙස පලකරන්න බැරිද

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ එය අනවශ්‍ය බවයි. laissez-faire සාමාන්‍ය තත්ත්වය හඳුනාගෙන එය වඩා හොඳ අතට වෙනස් කර ගැනීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් ඔවුන්ට කළ හැකි නිවැරදි දේ කරමින් සිටින්නේනම් එය සාමාන්‍ය තත්ත්වය සේ සලකා එතැන් සිට එහි සීමාවන් කතා කරන්නයි මම කැමති. ඒ ටික කියන විටත් සමහර අයට අනුව ලංකාව ගොඩ දැමිය හැකි ක්‍රමය "ඇමෙරිකාවේ ඉදන් ලංකාවට වෛර කරන උන්ගේ බ්ලොග් වසා දැමීම". ඔය ටික වෙලා තියෙන්නේ ලංකාවට පිට ඉන්න ලංකාවට වෛර කරන උන් හා වෙනත් බාහිර සතුරන් කියා කියන අය තවමත් ඉන්න රටකනේ ඕනෑම ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න වෙන්නේ.

      Delete
    2. +++++++🤣😂
      බොහෝ අය "ලංකාව ගොඩ දැමීම" කියනවා. ඇත්තටම, මෙයින් අදහස් වෙන්නේ කුමක්ද? තව දුරටත් කොහෙන්වත් නොදෙන "ණයක්", කෙසේ හෝ කොටාගෙන ඇවිත්, එයත් කා ඉවර කරන එකද? නැත්නම්, ණයට කා. ණයට ගෙන පැරණි ණය ගෙව්ව, අතීත එදාවේල ටුවර්ස් "සෞභාගයට" නැවත ලඟාවීමද?
      ණය ගැනීමේ "කොන්දේසි" වලට යටත්ව, කරන සම්පත් විකිණීමෙන් අපට නිෂ්පාදක ආර්ථිකයක් බවට පත්විය හැකිද?

      Delete
    3. ගොඩදානව කියන්නෙ සස්ටේනබල් විදියට රට දුවවන්න පුලුවන් විදියට රජයේ අයවැය කලමනාකරනය කරගන්න එක.
      නිශ්පාදන ආර්තික ඕන්නම් ඒව මිනිස්සු හදාගන්න දැනගන්න ඕන. අඬන බබාලට සූප්පුවෙන් කිරිපොවන්නද ඕනෙ?

      Delete
    4. \\නිශ්පාදන ආර්තික ඕන්නම් ඒව මිනිස්සු හදාගන්න දැනගන්න ඕන. අඬන බබාලට සූප්පුවෙන් කිරිපොවන්නද ඕනෙ?\\

      හ්ම් මහින්දත් ඔහොම කියල තිබ්බා. "රට ගොඩ දාන්න ක්‍රමයක් හොයන්න, නැත්නම් හැමදාම අරගල කරමින් ඉන්න වෙයි කියලා". මටත් ඕකම හිතුනා, මේක රටේ මිනිසුන් ගෙ වැරැද්ද බව. ඉතිං අහිංසක දේශපාලකයො බැනුම් අහනවා. ඒ උත්තමයොන්ට කොච්චර නං වැඩ තියෙනවද, නේද?

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: