Thursday, May 26, 2016

ඩයස්පෝරා සල්ලි!

මේ වන විට ශ්‍රී ලාංකික ඩයස්පෝරාව ලොව පුරා පැතිරුණු විශාල ප්‍රජාවකි. ලෝක බැංකු ඇස්තමේන්තු අනුව, 2013 වන විට ලංකාවෙන් වෙනත් රටකට සංක්‍රමණය වී සිටි පුද්ගලයින් ගණන මිලියන 1.8ක් පමණ වේ. පසුගිය වසර තුන තුළ සංක්‍රමණය වූ පිරිස්ද එකතු කළ විට මේ ගණන මිලියන 2 ඉක්මවා තිබෙන්නට ඉඩ තිබේ. 2015 දී රටේ ජනගහණය මිලියන 21 ක් පමණක් වූ බව සැලකූ විට මේ ගණන සැලකිය යුතු ප්‍රතිශතයකි. එමෙන්ම, ඉහත ඇස්තමේන්තුවට ලංකාවෙන් පිටත ඉපදුණු දෙවන පරම්පරාවේ සංක්‍රමණිකයින් ඇතුළත්ව නැත.

තාවකාලිකව හෝ ස්ථිර ලෙස මෙසේ වෙනත් රටක ජීවත් වන ශ්‍රී ලාංකිකයෝ රට තුළ වෙසෙන සිය නෑදෑ හිතවතුන්ට වාර්ෂිකව සැලකිය යුතු මුදලක් එවති. පසුගිය 2015 වසර තුළ මෙසේ එවූ මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 7ක් පමණ වේ. මේ අනුව, එක් අයෙකු විසින් එසේ එවා ඇති මුදල ඩොලර් 3,932 ක් පමණ වේ. මේ මුදල 2015 දී ශ්‍රී ලාංකිකයෙකුගේ ඒක පුද්ගල ආදායම වූ ඩොලර් 3,924ටද වඩා මඳක් වැඩි මුදලකි. පහත රූප සටහනේ ඇත්තේ පසුගිය කාලය තුළ මෙසේ සංක්‍රමණිකයින් විසින් රට තුළට එවූ අරමුදල් ඉහළ ගිය ආකාරයයි.





ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ගෙන් වැඩි පිරිසක් ජීවත් වන්නේත්, වැඩිම මුදලක් ලංකාවට එවන රට වන්නේත් සවුදි අරාබියයි. සාමාන්‍ය අදහස වන්නේ මැද පෙරදිග රටවලට රැකියා සඳහා යන පිරිස් රටට මුදල් එවන නමුත් බටහිර රටවලට සංක්‍රමණය වන පිරිස් එසේ නොකරන බවයි. ලෝක බැංකුව විසින් මේ ඇස්තමේන්තු සිදුකළ ක්‍රමවේදය ගැන මා නොදන්නා නමුත් ඔවුන්ගේ මේ ඇස්තමේන්තු අනුවනම් පෙනීයන්නේ එය එසේ නොවන බවයි. ලෝක බැංකු ඇස්තමේන්තු අනුව විවිධ රටවල් වල වෙසෙන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් විසින් රට තුළට එවන සාමාන්‍ය මුදල් ප්‍රමාණයේ විශාල වෙනස්කම් නැත. වැඩිම ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් ප්‍රමාණයක් ජීවත් වන රටවල් 25 හා අදාළ ලෝක බැංකු ඇස්තමේන්තු පහත වගුවේ තිබේ.


[වගුවේ ඇති එක් එක් රට හා අදාළ සංඛ්‍යා ලෝක බැංකුවේ ඇස්තමේන්තු වන අතර නිල සංඛ්‍යාලේඛණ නොවේ. ලෝක බැංකුව විසින් මේ ඇස්තමේන්තු සිදු කර ඇති ක්‍රමවේදය අනුව රටවල් අතර මෙහි කර ඇති සැසඳීම නිවැරදි නොවිය හැකිය. කෙසේවුවද, රටට පැමිණි මුළු ප්‍රේෂණ ප්‍රමාණය මහ බැංකුවේ නිල සංඛ්‍යාලේඛණ සමඟ සැසඳේ.]

73 comments:

  1. මේ ගැන ලියපු එක අගය කරනවා . විදෙස් ගත් මිනිසුන්ට රටේ නිදහස් අද්යපන්යෙන් ඉගෙනගෙන ගිහින් අනුනට වැඩ කරනවා යැයි හිතන අයට පැහැදිලිවෙයි ඇත්තටම මොකද වෙන්නේ කියලා

    ReplyDelete
  2. ද්විත්ව පුරවැසිකම ගැණ මා ලියූ ලිපියට ලැබුණු ප්‍රතිචාර මගින්, විදෙස්ගත අය ගැන ලංකාවේ ම වාසය කරන සමහරුන් ගේ ඇති විපරීත ආකල්ප හොඳින් හෙළිවුණා!

    https://rasikalogy.blogspot.com/2015/02/killing-goose-laying-golden-eggs.html

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මෙවැනි ආකල්පයක් තියෙන බව මම දැනගෙන හිටියේ නැහැ. ලින්ක් ඔස්සේ ටැබූගේ සම්මාන ලිපිය දක්වාම ගියා. හොඳ සංවාදයක් සිදු වී තිබෙන බව දැක්කා. මම පසුව ලියූ ඇතැම් දේවල් වෙන අය කලින්ම කියල තියෙනවා.

      Delete
    2. මේ ලිපිය මට මිස් වෙලා. ඉතා හොඳ ලිපියක්. මොකද පිටරට වාසය කරන අයට බනින බනිලි (රසික ලිව්වා වගේ) මම දැකල තිබෙනවා හුඟක් තැන්වල.

      Delete
  3. යාපනේට ගිහිල්ලා වැඩකරන සිංහල ජනතාව කොපමණද [හමුදාව හැර]

    ReplyDelete
    Replies
    1. ජේ ආර් නම් වතාවක් කොච්චියක් පුරවලාම අරන්ගොහින් තිබ්බා

      Delete
    2. කොච්චියක් නෙවෙයි නේද මාළු මිරිස් කරලක්

      Delete
    3. සංඛ්‍යාලේඛණ සොයාගතහැකි තැනක් දන්නේ නැහැ, ඇනෝ.

      Delete
  4. මැද පෙරදිග රැකියාවට යන අය සහ දකුණු කොරියාවේ රැකියාවට යන පමණක් රට විරුවෝ වෙලා අනිත් රටවල් වල රැකියාවට යන අය ද්‍රෝහියෝ වෙන්නේ නැතිබවට යි මෙයින් පෙන්නේ. ජනපති රාජපක්ෂගේ සමයේ ඇරඹුණු රටවිරු ප්‍රචාරණ ව්‍යාපෘතිය දැන් අඩපන වෙලා තිබුනත්, ජනපති මයිත්‍රීපාලගේ සහ අගමැති රනිල්ගේ සහයෝගීතා ආණ්ඩුවේ විදේශ රැකියා ගැන ප්‍රතිපත්තියත් එයම බවයි පෙනෙන්නේ. සමාජවාදී බලවේගයක් ලෙස හැදින්වෙන ජවිපෙ පවා රට දියුණු කිරීමේ අපේ දැක්ම ප්‍රකාශනයේ 10 වෙනි කොටස වින්දේශ රැකියා යටතේ (25 වෙනි පිටුවේ) දක්වා ඇත්තේ, "දැනට සිදුවන ආකාරයට නුපුහුණු ශ්‍රමිකයන් විදේශ සේවාව සඳහා වෙනත් රටවල් වලට යවේම ක්‍රම ක්‍රමයෙන් අඩුකරන අතර ඉලක්ක සහගත වැඩපිළිවෙලක් මත ගොඩනැගුනු වුත්තීයමය හැකියාව සහිත පුද්ගලයන් විදේශ රැකියා සඳහා යොමු කෙරේ", යනුවෙනි.

    සංක්‍රමණය බැදුණු තවත් කතාවක් වන බුද්ධි ගලනය ගැන මහාචාර්ය ගෝමස් ලියු සටහනක සබැඳිය පහත සදහන් කරමි. http://chandimagomes.blogspot.jp/2016/03/blog-post.html

    ReplyDelete
    Replies
    1. හොඳ ලිපියක්. කලිනුත් චන්දිම ගෝමස්ගේ හොඳ ලිපි කිහිපයක් කියෙවුවා.

      Delete
  5. හිතේ තිබුණ කුකුසක් ඔබ නිරාකරනය කරදුන්නා, තුති.

    ඔබ නිතර ඉදිරිපත් කරන විස්තරාත්මක තොරතුරු දැක්කාම ඒවා එක්සෙල් එකකට දාලා එහාට මෙහාට කරකවල බලන්න හිතෙනවා, එත් ඒවා තියෙන්නේ පින්තූර විදිහටනේ.

    ReplyDelete
    Replies
    1. මෙහි වෙනත් විදිහකට මේවා පලකළ හැකි විදිහක් මම දන්නේ නැහැ. මගේ ලිපි බොහොමයකම මම දත්ත තියෙන තැනට ලින්ක් එකක් හෝ ඒ ගැන යම් සඳහනක් කරනවා. ලිපියේ ඇති ලින්ක් එක ක්ලික් කරලා ඔබට ලෝක බැංකු වෙබ් අඩවියෙන් දත්ත කෙළින්ම ගන්න පුළුවන්. අවශ්‍යනම් economatta@gmail.com වෙත ඊ-මේල් එකක් දැම්මොත් එක්සෙල් ශීට් එක එවන්නත් පුළුවන්. අනිත් එක (කෙළින්ම අදාළ කරුණක් නොවුණත්) මම මේ දත්ත විශ්ලේෂණ කරන්නේත්, ලියන වෙනත් කරුණු ගැන සොයන්නෙත් මගේ කුතුහලය සංසිඳවා ගන්න. මෙය මම බ්ලොග් එක ලියන්න බොහෝ කලකට පෙර සිටම කළ දෙයක්. එසේ කරන විට මම එය කරන්නේ අවසන් ප්‍රතිඵලය ගැන විවෘත අදහසකින්. මෙහි දත්ත වලින් පෙනෙන දෙය මමවත් කලින් හිතාගෙන හිටපු දෙයක් නෙමෙයි.

      Delete
    2. ස්තූතියි, ඔබ පරමාදර්ශී එකොනොමැට්‍රීෂියන් වරයෙකි.

      Delete
    3. //එසේ කරන විට මම එය කරන්නේ අවසන් ප්‍රතිඵලය ගැන විවෘත අදහසකින්.මෙහි දත්ත වලින් පෙනෙන දෙය මමවත් කලින් හිතාගෙන හිටපු දෙයක් නෙමෙයි.// අනර්ඝයි!

      Delete
  6. උසස් අධ්‍යාපනය සඳහා විදේශ රටවලට ඇදීයන මුදලත් හොයල දාන්නකෝ. මේ දවස්වල නිතර ඇහෙන තර්කයක් තමයි පෙෘද්ගලික වෛද්‍යවිද්‍යාලය නිසා විදේශ විනිමය ඉතිරියක් වෙනව කියන එක.

    ReplyDelete
    Replies
    1. මමත් මෙය දැනගන්න කැමති දෙයක්. තවම හොයාගන්න බැරිවුණා. සංඛ්‍යාලේඛණ හොයාගන්න හැකිවුණොත් ලිපියක් දමන්නම්.

      Delete
  7. රටේ මුල් බැහැ ගත්තු වැරදි මතයක් ඔබ එක වගුවකින් බොරු කලා

    ReplyDelete
    Replies
    1. සංඛ්‍යාලේඛණ නැතුව මත ඉදිරිපත් කරන එක පහසුයි. එහෙත්, ඒවා බොහෝ විට මත පමණයි.

      Delete
  8. හොඳ ලිපියක්. ඒවගේම මෙම දත්ත වල නොපෙනෙන පැත්තක් තියෙනවා
    මමත් වෙනරටක ඉන්න නිසා දන්නේ.
    වාර්තා නොවෙන විදියට මේ රටෙන් විශාල සල්ලි ප්‍රමාණයක් ලංකාවට යනවා.
    උදාහරනයක විදියට එක පුද්ගලයෙක් අවුරුද්දකට ඩොලර් 3500 විතරක් මෙහෙ ඉදල ලංකාවට යවනවා කියන්නේ පට්ට බොරුවක්. මම හිතන්නේ මම ලංකාවට අඩුවෙන්ම සල්ලි යවන කෙනෙක්. එහෙම වෙලත් පහුගිය අවුරුදු 10ට මම ඩොලර් 100000 විතර යවල තියෙනවා. ඉතාම සුළු ප්‍රමාණයක් තමයි බැංකු හරහා යැව්වේ.
    ඒ කියන්නේ කළු ආර්ථිකය ඔය කියනවා වගේ කීප ගුණයක් විශාලයි.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කරුණ සමඟ එකඟයි, ඇනෝ. මට පෙන්වන්න අවශ්‍ය වුන කරුණ රටෙන් පිටත සිටින කෙනෙක් රට තුළට එවන සාමාන්‍ය මුදල රට තුළ සිටන කෙනෙක් ආර්ථිකයට එකතු කරන සාමාන්‍ය මුදලට වඩා නොඅඩු බවයි. වෙනත් ක්‍රම වලින් එවන මුදල් එකතු කළ විට මෙය මීටත් වඩා බොහෝ වැඩි විය හැකියි.

      Delete
  9. ලංකාව තුල ද්විත්ව පුරවැසිකම නම් වසර50 කට වත් තහනම් කල යුතුයි. ඒකෙන් වාසියකට වඩා පාඩුවක් වෙනවා. බලන්න සිංගප්පූරුවෙත් ද්විත්ව පුරවැසිකමක් නෑ. ඒක තිබුනානම් එහි මැලේ වරු සියල්ලන්ම සිංගප්පූර-මැලේසියා ද්විත්ව පුරවැසියන් වෙනවා. දෙමළුත් පිස්සු කෙලින්න ඉඩ තිබුනා. එය රටේ ස්ථාවරත්වයට තර්ජනයක්.
    ලංකාව සැලකුවත් ජෝන් ජයපාල වගේ අය ද්විත්ව පුරවැසියෝ වීම මිස ලංකාවේ පමනක් පුරවැසියන්වීම පතන්නේ නෑ(සමහරවිට නෝර්වේ වල නාසිවාදය ඇතිවුනොත් ලංකාවට එයි). එහෙම අයට පුරවැසිකම්දීම මෝඩකමක්.

    ReplyDelete
    Replies
    1. තරමක් දුරට එකඟ විය හැක. ආවාට-ගියාට ද්විත්ව පුරවැසිකම් දීම අපේ රටටත් තර්ජනයකි. එහෙත් ඊට වඩා වැඩි තර්ජනයක් නිකං දෙන (හෙවිල්ලක් බැලිල්ලක් නැතුව) සංචාරක වීසා වලින් තිබේ - විශේෂයෙන් අපේ අසල්වැසියන්ට දෙන ඒවා. අපට 'නිකං' වීසා නොදෙන සහ අපට වාසියකට වඩා පාඩු ගෙනදෙන රටවලට අපි එසේ දිය යුතු නැත.

      "ජෝන් ජයපාල" කියනකොට පර්සි මහේන්ද්‍ර මතක් උනා. හඃ !

      Delete
    2. මට මේ ජෝන් ජයපාල කතාවනම් මීටර් වෙන්නේ නැහැ. කැලෑහඳනම් මතකයි. අළුත් අවස්ථා සම්බන්ධයක් ගැන අදහසක් නැහැ.

      Delete
  10. Diaspora: The term diaspora comes from an ancient Greek word meaning "to scatter about." And that's exactly what the people of a diaspora do — they scatter from their homeland to places across the globe, spreading their culture as they go. The Bible refers to the Diaspora of Jews exiled from Israel by the Babylonians. Read more

    වචන ගැන මීට වඩා සැළකිල්ලක් ඔබෙන් බලාපොරොත්තු වීමි. diaspora යන වචනය බයිබලයේ එන්නකි. බාහිර බලපෑමෙන් ස්වකිය නිජ බිමින් පළවා හැරුණු ජන කොටසක් මිස සාමාන්‍ය සංක්‍රමනිකයෝ මෙනමින් නොහැඳින්වෙති. අඩු තරමින් කළු ඇමරිකානුවන් හැඳින්වීම පිණිසවත් සුද්දන් මේ වචනය යොදන්නේ නැත.

    දෙමළ වර්ගවාදීන් විසින් දෙමළ ආර්ථික සංක්‍රමණිකයන් හැඳින්වීම පිණිස මේ වචනය යොදා ගැනීම සවිඥානිකව කළ කුපාඩි-කුප්පීදු-කඩප්පුලි වැඩකි. ඔවුන් එයින් බලාපොරොත්තු වූයේ ලංකාවේ දී දෙමළුන්ට දෙමළුන් වීම නිසාම ජිවිත තර්ජනයක් ඇති බව බටහිරයන්ට ඒත්තු ගැන්වීමයි. මේ වචනය සිංහලට හරවා භාවිතා කරන ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ කරන්නේ ඊට උඩගෙඩි දීමකි.

    ලංකාවෙන් සව්දිය ඉන්දියාව ආදී වශයෙන් ඔය ලැයිස්තුවේ ඇති රටවලට යන අයගෙන් 99% වඩා ආර්ථික හේතු කරණ කොටගෙන සංක්‍රමණය වන අය වේ. පෞද්ගලිකව ඇති වූ ජිවිත තර්ජන හේතුවෙන් විදෙස්ගත වූ සෝමවංස අමරසිංහ, කුමාර් කුනරත්නම්, තමලිනි ආදී කිහිප දෙනෙක් මිස ජනවර්ගයක් වශයෙන් තර්ජනයට ලක් වීම හේතුවෙන් ලංකාවෙන් පිට වූ කෙනෙක් සිටිත්ද ?

    ReplyDelete
    Replies
    1. demalu weema nisa thamayi unwa 1983 hoya hoya meruwe. thopila wage jathiwadi heththa innakam ithin demalunta demalu weema nisama prashna thamayi.

      Delete
    2. මොන මෝඩ කතාවක් ද මේ.

      මේ කණිෂ්ක නමැත්තා පසුගිය වනචර දශකයේ දී මරා රෙජීමය විසින් කළ ප්‍රචාරක ව්‍යවසනයට අසු වුනු තවත් අයෙකු බවයි පෙන්නේ!

      ඩයස්පෝරා යන්නේ ඓතිහාසික මුලාශ්‍රය යුදෙව්වන් විසිර යෑම බව සැබෑවක් වුනත් ඒ වචනය පසුගිය වසර දෙදහස ඇතුළත දී රටෙන් පිට ජීවත්වෙන ජනකොටස් හැඳින්වීම සඳහා සාර්ථකව යොදා ගන්නවා.

      විකිපීඩියාව බලන්න. https://en.wikipedia.org/wiki/Diaspora

      වනචර දශකයේ දී මාරා රෙජීමය කළේ ඩයස්පෝරා යන්න අවභාවිතයේ යෙදීමයි.

      ඒ ගැන මා ලියු ලිපියට අවශ්‍ය නම් කියවන්න.
      (අපි නොදන්න) ඩයස්පෝරාව කියන්නේ දෙමළ යන්නට සමාන පදයක් ද? - Diaspora, WTH? http://rasikalogy.blogspot.com.au/2015/01/diaspora-wth.html

      වෙනත් රටක වෙසෙමින් ජනයා නියැලෙස සාහිත්‍යය හැඳින්වීමට විසිරි ජන හෙවත් ඩයස්පෝරික සාහිත්‍යය නමින් සාහිත්‍ය අණු කණ්ඩයක් ද අර්ථ දක්වා තියෙනවා!

      Delete
    3. පළමුව, මා මේ වචනය ගැන ලොකු හැදෑරීමක් කර නැති නිසා කිසියම් වැරදීමක් වීමේ ඉඩක් තිබේ. ඔබ විසින්ම ලියා ඇති කොටසේ ඇත්තේ මෙසේය.

      "The Bible refers to the Diaspora of Jews exiled from Israel by the Babylonians. But the word is now also used more generally to describe any large migration of refugees, language, or culture."

      මෙහි දෙවන වාක්‍යයේ ඇත්තේ "or" යන්නයි. ඉංග්‍රීසියෙන් ලිවීමේදී Diaspora යනුවෙන් කැපිටල් අකුරෙන් පටන්ගෙන ලිවූ විට අදහස් වන්නේ විසිරී සිටින යුදෙවුවන්ය. සාමාන්‍ය පරිදි diaspora යැයි කියූ විට ඇත්තේ පුළුල් අර්ථයකි. ලංකාවේ ලේඛනයක Central Bank යැයි ලියූ විට එයින් අදහස් වන්නේ Central Bank of Sri Lanka යන්නයි. එහෙත්, central bank ලෙස ලියූ විට මහ බැංකු කාර්යයන් කරන ආයතනයක් පොදුවේ හැඳින්වේ. කළු ඇමරිකානුවන් හැඳින්වීම පිණිසද African diaspora යන වචනය යෙදේ (ගූගල් කර බලන්න). එහෙත්, ඇමරිකාවේ වඩා ප්‍රචලිත Ancestry යන වචනයයි. එයට හේතුව අප්‍රිකානුවන් එන විට ඇමරිකාවක් නොතිබීමයි. ඔවුන් වත්මන් ඇමරිකාවට පැමිණියේද යුරෝපීයයන් එන කාලයේමය.මෙවැනි වෙනත් භාවිතාවන්ද තිබේ.

      දෙවන කරුණ, මෙහි ඇති දත්ත සිංහල සංක්‍රමණිකයන් ගැන නොවේ. ශ්‍රී ලාංකික (ශ්‍රී ලංකාවේ උපන්) සංක්‍රමණිකයන් ගැනය. මේ අයගෙන් ඕස්ට්‍රේලියාවේ හා ඉතාලියේ හැර අනෙකුත් බටහිර රටවල බහුතරය දෙමළ අය බව මගේ අදහසයි. දත්ත අනුව විශ්ලේෂණය කිරීමේ හැකියාවක් නැතත්, මෙහි සඳහන් මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් එවන්නේ දෙමළ පිරිස් බව මගේ අදහසයි. විශේෂයෙන්ම, ඉන්දියාවේ සිටින සංක්‍රමණිකයින් ගණන සහ එවන මුදල අනුව නිගමනය කළ හැක්කේ එයයි. එමෙන්ම, විවිධ රටවලින් එවන මුදල් සමාන වීමෙන් පෙනෙන්නේ මෙසේ මුදල් එවන්නේ ලංකාවේ ජීවත් වීමට අවශ්‍ය වියදම අනුව මිස තමන් උපයන මුදල අනුව නොවන බවයි. මේ මුදල් 2009ට පෙරද ලැබෙන්නට ඇති නමුත් වාර්තා නොවන්නට ඇත.

      Delete
    4. කනිෂ්ක...තමිලිනි නම් රටින් පිටව ජීවත්වූ බවක් මම අසා නැහැ. ජනවර්ගයක් වශයෙන් තර්ජනයකට ලක්වී රටින් පිටවීම අපි කොහොම කතාකරත් බටහිර රටවල් එය පිලිගත්තා. බොහෝමයක් ද්‍රවිඩ ජාතිකයන් ඒ රටවල පදිංචිකරුවන් වුනේ ඔය තර්කය ඉස්මතුකරමින්. ඕක තමයි ප්‍රායෝගික තත්වය.

      ඩයස්පෝරා වචනය පිලිබඳ ඔබේ තර්කය අදට වලංගු නැහැ. එහෙම බැලුවොත් ඉකොනමැට්ටා විතරක් නොවේ මුලු ලෝකයේම ඩයස්පෝරා වචනය සාමන්‍ය ජනවහරට ගෙනා අය වැරදියි. ඔබ පමනක් හරි. වචනවල එල්ලෙන්නෙ නැතුව ප්‍රායෝගික වීමයි වැදගත්.

      Delete
    5. පහත තිබෙන්නේ ඔක්ස්ෆෝර්ඩ් ශබ්දකෝෂයේ දී ඇති අර්ථ දැක්වීමයි.

      Oxford Advanced Learner’s Dictionary, 8th edition
      dias • pora
      BrE / daɪˈæspərə /
      NAmE / daɪˈæspərə /
      noun
       WORD ORIGIN
      [ singular ] ( formal )
      1 the diaspora the movement of the Jewish people away from their own country to live and work in other countries

      2 the movement of people from any nation or group away from their own country

      © Oxford University Press, 2010

      වඩා වැදගත්වන්නේ work origin එක නොව දැනට එය භාවිතාවේ යෙදෙන සම්මත ආකාරයයි.

      Delete
    6. ඔරිජින් එකෙන් වුනත් බලෙන් එලවපු යුදෙව්වන් කියල අදහස් වෙන්නෙ නෑ. සීමිත ප්‍රදේශයක ප්‍රභවය ඇති වෙන ප්‍රදේශවලට විසිරී ගිය ඕනෑම ජන කොට්ඨාශයක්


      //The term originated in the Septuagint (Deuteronomy 28:25) in the phrase esē diaspora en pasais basileias tēs gēs ‘thou shalt be a dispersion in all kingdoms of the earth//


      //A diaspora (from Greek διασπορά, "scattering, dispersion") is a scattered population whose origin lies within a smaller geographic locale. Diaspora can also refer to the movement of the population from its original homeland.//

      Delete
    7. ඔබ සියලු දෙනා වෙන් වෙන් වශයෙන් කියන දේ හි ගත යුත්තක් ඇතත්, diaspora යන්නෙන් මා ඉස්මතු කරන්නට උත්සාහ කරන අර්ථය ඔබලාට හමු වී නෑ. මා යොදා ගත් තීරණාත්මක වචනය 'නිජ බිම' වේ. කිසියම් බාහිර බලපෑමක් හේතු කොටගෙන (එනම්, "අකැමැත්තෙන්") තම නිජ භූමියෙන් ඉවත් වන්නට සිදු වූ ජන කොටසක් හැඳින්වීම පිණිස පමණක් මේ වචනය යොදා ගත යුතු අතර අනෙක් පිරිස් හැඳින්වීම පිණිස සංක්‍රමණිකයන් යන්න යොදා ගත හැකිය.

      ඒ අනුව:
      * ලංකාවෙන් පිටරට රැකියා සඳහා ගිය අයවළුන් ඩයස්පොරවල් නොවන අතර ඒ අය සංක්‍රමණික ශ්‍රමිකයන් / ශ්‍රමික සංක්‍රමණිකයන් වැනි යෙදුමක් සුදුසුය.

      Delete
    8. ////t is from the population of 20million Sri Lankans that people have migrated to foreign shores. When Sinhalese are over 74% of the population it is natural that the migrations over the years would be more Sinhalese than Tamils or Muslims. A case and example in point is that while there are only 50,000 Tamils in Australia there are 90,000 Sinhalese in Australia. Therefore, even though the largest concentration of Tamils may be in Canada, the likelihood of Sinhala Diaspora prevailing across US, UK, EU and other parts of the world demands that if the new government intends to indulge in any discussions of reconciliation with Diaspora it must always include the Sinhalese Diaspora groups as well (whether they are represented as organizations or individually)./////////

      කනිෂ්ක...... ඔය මම උපුටා අරන් තියන කොටස කියවා බලන්න. ඒ සිංහල ඩයස්පෝරාව කියන්නේ තම අකැමත්තෙන්, බාහිර බලපෑමක් හේතු කොට නිජබිමෙන් ඉවත්වූ පිරිස්ද?

      Delete
    9. අමතර කරුණක් වශයෙන් දෙමළ වර්ගවාදී මතවාද අදහන්නන් / ප්‍රචාරය කරන්නන් විසින් සඳහන් කර ඇති දේට පිළිතුරක් දිය යුතුය.

      1. 83 මැරුණේ දෙමළුන් පමණක් නොවේ. එසේම ඒ අවාසනාවන්ත සිද්ධීන් එහිම එකෙනෙහිම ආරම්භ වූවා ද නොවේ. දශක කිහිපයක් පුරා ගොඩනැගුණු ගිණි කන්දක් පුපුරා ගිය අවස්ථාවයි ඉන් නිරුපණය වන්නේ. දෙමළුන් හොය හොයා මැරුවාය කියන අයියලා විසින් පිළිතුරු දිය යුතු ප්‍රශ්නය නම් සිංහලයින් මැරුණේ දෙමළුන් විසින් මාළු කපන විට කැමැත්තෙන් මැදට පැනලාද යන්නයි. යාපනයෙන් මුස්ලිමුන් එළවා දැමුවේ සිංහලයින් විසින්ද?

      2. දෙමළුන් මේ වචනය යොදා ගත්තේ තමන්ගේ ඊනියා නිජබිමක් (ඊලම්) මෙහි ඇතැයි ද ආක්‍රමණික සිංහල හමුදාව (ඔව් අර වෙල්විදානේ තැන්පත් කලවැද්දා පිං මන්ත්‍රීතුමා ඉස්සර සේවය කළ හමුදාවම තමා) එය අත්පත් කරගෙන කොළඹ ආණ්ඩුව (ශ්‍රී ලංකා රජය !) විසින් එය පාලනය කරතැයි ද එයින් ජාතියක් (ජනවර්ගයක් ලෙස නොවේ) ලෙස තම අයිතීන් උල්ලංඝණය වී ඇතැයි ද ඒ හේතුවෙන් දෙමළුන්ට ස්වකීය නිජබිමින් පිට වී යන්නට බල කෙරී ඇතැයි ද යන කරුණු ඒත්තු ගැන්වීම පිණිසමයි. විදෙස්ගත සිංහලයින් තමන් ඩයස්පොරවල් ලෙස හඳුන්වා ගන්නා අවස්ථා මා දැක නැත. ඔය තනි වචනයෙන් කෙරෙන්නේ ඉහත කී සියල්ල පිළිගැනීමක්. ඉකොනොමැට්ටා මේ ප්‍රවාද පිළි ගන්නවාද?

      3. දෙමළ වර්ගවාදයේ ඉතිහාසය බොහෝ ඈතට දිවෙන්නකි. අද ටිකක් හෙට ගොඩක් යනාදී වශයෙන් ටිකෙන් ටික ඊළම කරා යාම ඔවුන්ගේ ක්‍රමයයි. වචන ගැන සැළකිලිමත් විය යුත්තේ එහෙයිණි. ලංකාවේ සර්වජන ඡන්ද බලයේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ මිනී පෙට්ටිය පොලිෂ් කරමින් සිටින සිරිසේන-වික්‍රමසිංහ ජුන්ටාව දෙමළුන් අවුරුදු ගණනාවක් ලේ ගංගාවක පීනා ලබා ගත නොහැකි වූ දේ බන්දේසියක තබා පිරිනමන්නට යන මෙවැනි කාලයක වචන ගැන වඩ වඩාත් සැළකිලිමත් විය යුතුය. තක්කඩි කමෙන් 19 වන සංශෝධනය සම්මත කර ගත් අයුරින් මේ හාදයින් අලුත් ව්‍යවස්ථාවත් ගෙනෙනු ඇත. එහි තිබෙන්නේද වචන සහ වචනම පමණක් මිස වෙන කුමක්ද?

      4. මා ජාතිවාදියෙක් යැයි කෙනෙක් කියත්නම් මම එය පිළිගනිමි. මගේ රට ශ්‍රී ලංකාවයි. මගේ ජාතිය ශ්‍රී ලාංකීය ජාතියයි. ශ්‍රී ලංකාව මගේ නිජ භූමියයි. මගේ නිජ භූමියන් කොටසක් කිසියම් පිරිසක් මට අයිති නැතැයි කියතොත් ඒ මගේ අයිතිය උල්ලංඝණය කිරීමයි. මගේ රටේ ආණ්ඩුව විසින් ඒ පිරිස මර්ධනය කර මගේ අයිතිය රැක දිය යුතුය. සිංහල-දෙමළ-මරක්කල ඈ සැමට මේ රටේ සිටිය හැක. එහෙත් ජාතියට ද්‍රෝහී නොවිය යුතුය. ඒ අරුතින් 'Anonymous May 27, 2016 at 4:30 AM' සහ 'රසිකොලොජිස්ට් - Rasikologist May 27, 2016 at 5:17 AM' දෙදෙනාම ජාතිද්‍රෝහීයෝ ය. මගේ කරුමය මගේ රටේ පවතින ආණ්ඩුවත් ජාතිද්‍රෝහී ජුන්ටාවක් වීමයි. මේ ජුන්ටාව යටතේ ජාතිද්‍රෝහීන්ට මිස ජාතිවාදීන්ට තැනක් නැත. දැන් අපි ඩයස්පොරවල් විය යුතුද ?

      Delete
    10. @Aruna PereraMay 27, 2016 at 1:30 PM

      ඔබ තුමා උපුටා දක්වන ලිපියෙන් කියවෙන්නේ දෙමළ වර්ගවාදීන්ගේ අභිප්‍රායන් කොතරම් දුරට පල දරා ඇත්ද යන්න මිස වෙනකක් නොවේ. ඔවුන් විසින් නැවත නැවත (අපාගත වේලුපිල්ලේ පවා මේ වචනය තමාගේ උපන්දින ප්‍රකාශයේදී කියනු අසා ඇත. ඇත්ත වශයෙන් චන්ද්‍රිකා ජනාධිපති කම් කළ වනචර දශකයේ රනිල් අගමැතිකම් කළ ධවල භීෂණ කාලයේ එක්තරා දිනයක ජාතික රූපවාහිනියේ ප්‍රචාරය කෙරුණු අනාගත ඊළමේ ජනාධිපති හා අගමැති ධුරන්දර වේළුපිල්ලේ මැතිතුමාගේ ප්‍රකාශයකින් මේ වචනය මුල් වරට ඇසීමි) භාවිතා කිරීමෙන් සාමාන්‍යකරණය කෙරුණු මේ වචනය විචාරයකින් තොරව භාවිතා කිරීම පිළිබඳ හොඳ උදාහරණයක් ඔබ සපයා ඇත.

      'ඩයස්පෝරාව' යන වචනය විදෙස්ගත ශ්‍රමිකයන් යන්න වෙනුවට වඩා සුදුසු තනි වචනයකි'ය යන්න සනාථ කිරීම පිණිස ඉකොනොමැට්ටාගේ මේ ලිපිය උදෘත කර දක්වන සිංහල දරුවෙක් මගේ සිතේ මැවේ.

      Delete
    11. //කිසියම් බාහිර බලපෑමක් හේතු කොටගෙන (එනම්, "අකැමැත්තෙන්") තම නිජ භූමියෙන් ඉවත් වන්නට සිදු වූ ජන කොටසක් හැඳින්වීම පිණිස පමණක් මේ වචනය යොදා ගත යුතු අතර අනෙක් පිරිස් හැඳින්වීම පිණිස සංක්‍රමණිකයන් යන්න යොදා ගත හැකිය.//
      කනිෂ්ක, මෙහි "යොදා ගත යුතු අතර" කියා ඔබට යෝජනා කිරීමට පුළුවන. එය ඔබේ යෝජනාවකි. එහෙත්, වචනයේ නිරුක්තිය කුමක් වුවත් වත්මන් ඉංග්‍රීසි භාෂාවේ diaspora යන වචනය භාවිතා වෙන්නේ "කිසියම් බාහිර බලපෑමක් හේතු කොටගෙන (එනම්, "අකැමැත්තෙන්") තම නිජ භූමියෙන් ඉවත් වන්නට සිදු වූ" යන අර්ථයෙන් පමණක් නොවේ. මේ වචනය දෙමළ අය විසින් පමණක් භාවිතා කරන වචනයක්ද නොවේ. කිසියම් ප්‍රදේශයකින් වෙනත් ප්‍රදේශයකින් පැමිණීමෙන් පසු මුල් ප්‍රදේශයේ සංස්කෘතික ලක්ෂණ තවදුරටත් පවත්වා ගන්නා අය හැඳින්වීමට මේ වචනය සුලභව භාවිතා වේ. උදාහරණයක් වශයෙන් මා ජීවත් වන ප්‍රදේශයේ ජර්මනියෙන් සංක්‍රමණය වූ විශාල පිරිසක් සිටිති. ඔවුන් දෙවන හෝ තෙවන පරම්පරාවේ සංක්‍රමණිකයන් වන අතර ඔවුන්ට මේ වන විට ජර්මනිය සමඟ සෘජු සම්බන්ධතා නැත. එමෙන්ම ඔවුන් ස්වේච්ඡාවෙන් පැමිණි අය මිස ආර්ථික හේතු මත පැමිණි අය නොවේ. මේ අය මුල් වී වාර්ෂිකව 'ඔක්තෝබර්ෆෙස්ට්' නම් වූ ජර්මන් සංස්කෘතික උත්සවය පවත්වයි. එවිට මෙය හඳුන්වන්නේ ජර්මන් ඩයස්පෝරාව (German diaspora) විසින් පවත්වන උත්සවයක් වශයෙනි. තව ඕනෑ තරම් උදාහරණ දිය හැකිය. එමෙන්ම, diaspora යන වචනයෙන් ඉංග්‍රීසි මුල් භාෂාව වූ අයෙකු (මා දන්නා තරමින්) තේරුම් ගන්නේ මෙසේ 'එළවා දමනු ලැබූ' වැනි අර්ථයක් නොවේ. උතුරු ඇමරිකාවේ පන්සල් වල ලංකාවේ බෞද්ධ හිමිවරුන් විසින් සංවිධානය කරන උත්සව ආදිය හා අදාළවද diaspora activity යන යෙදුම භාවිතා වේ. මා ඩයස්පෝරාව යන වචනය යොදාගත්තේ diaspora යන වචනයේ සිංහල පරිවර්තනයක් ලෙසිනි. "පොල් සම්බෝල", "පොළොස්" හෝ "කුරුම්බා" වැනි මගේ වචන කෝෂයේ ඇති බොහෝ වචන වල තේරුම් මා අවබෝධ කරගෙන ඇත්තේ සිංහල තේරුම අනුව යමිනි. එහෙත්, මේ වචනය මම ඉංග්‍රීසි diaspora යන වචනය අනුව තේරුම අවබෝධ කරගත් වචනයකි. ඉංග්‍රීසි Orange හා සිංහල "තැඹිලි" (දෙකම වර්ණ අර්ථයෙන්) සමාන නොවන්නා සේම ලංකාවේ බොහෝ දෙනෙකු මේ වන විට "ඩයස්පෝරාව" ලෙස තේරුම් ගන්නේ ඉංග්‍රීසි diaspora යන වචනයට වඩා වෙනස් අර්ථයක් ඇති දෙයක් විය හැකිය. වසර හත අටකට පෙර මා දැන නොසිටි "පට්ට", "ලොවෙත් නෑ" ආදී යෙදුම් එකතු වී ඇති අයුරින් මේ වචනයද වෙනස් අරුතකින් සිංහලට එකතු වී තිබෙනවා විය හැකිය. ඒ ගැන මට ඇත්තේ අඩු දැනුමකි.

      //ලංකාවෙන් පිටරට රැකියා සඳහා ගිය අයවළුන් ඩයස්පොරවල් නොවන අතර ඒ අය සංක්‍රමණික ශ්‍රමිකයන් / ශ්‍රමික සංක්‍රමණිකයන් වැනි යෙදුමක් සුදුසුය.//
      මැදපෙරදිග හා කොරියාව වැනි රටවලට රැකියා සඳහා ගොස් සිටින අය සඳහා සංක්‍රමණිකයින් යන වචනය නොගැලපෙන බව මගේ අදහසයි. බටහිර රටවලට ස්ථිර පදිංචිය සඳහා ගොස් සිටින අය සඳහා පමණක් මේ වචනය සුදුසුය. එහෙත් මේ ශ්‍රමිකයින් කණ්ඩායමක් වශයෙන් ලංකාවේ සංස්කෘතිය මැද පෙරදිග රටවල හෝ කොරියාවේ පවත්වා ගන්නා නිසා ඩයස්පෝරාව යන යෙදුම සුදුසු බව මගේ අදහසයි. ඇත්තටම මැද පෙරදිග රටවල තාවකාලිකව රැකියා කරන අය සහ බටහිර රටවල ස්ථිර පදිංචිය සඳහා ගොස් සිටින කණ්ඩායම් සමාන නැත. මේ කණ්ඩායම් දෙකේම ඇති පොදු ලක්ෂණය ලංකාවෙන් පිට ප්‍රදේශයක ලංකාවේ සංස්කෘතික ලක්ෂණ පොදුවේ පවත්වා ගැනීමයි. ඒ නිසා මේ වෙනස් කණ්ඩායම් දෙක පොදුවේ හැඳින්වීමට සුදුසු ඉංග්‍රීසි වචනය diaspora යන වචනයයි. ඩයස්පෝරාව යන වචනයේ සිංහල තේරුම මා නිවැරදිව තේරුම් ගෙන නොමැති විය හැකිය. පෙනෙන පරිදි එය එක් එක් පුද්ගලයා තේරුම් ගන්නා ආකාරයද සමාන නැත.

      Delete
    12. //ලංකාවෙන් සව්දිය ඉන්දියාව ආදී වශයෙන් ඔය ලැයිස්තුවේ ඇති රටවලට යන අයගෙන් 99% වඩා ආර්ථික හේතු කරණ කොටගෙන සංක්‍රමණය වන අය වේ. //
      මා හිතන පරිදි 99%ක් නොව 100%ක්ම සංක්‍රමණය වන්නේ ආර්ථික හේතු මතය. තෝරාගැනීම් කිහිපයක් ඇති විට ඒ අතරින් වඩා වාසිදායක දෙය තෝරා ගැනීම ආර්ථික තීරණයකි. මේ වාසිය මුදල් වාසියක් නොවිය හැකිය. ඇතැම් අය සුරක්ෂිත ලෙස ජීවත් වීමේ නිදහස වෙනුවෙන්ද, තවත් අය තමන්ගේ හැකියාවන් අනුව ප්‍රශස්ත මට්ටමේ ජීවන තත්ත්වයක් ලබාගැනීමේ නිදහස වෙනුවෙන්ද පදිංචිය වෙනස් කරති. මේ දෙකම ආර්ථික තීරණයි. රැකියා පහසුව තකා මාතර සිට කොළඹ එන කෙනෙකුත්, කොළඹ සිට අපරාධයක් කර ඇඹිලිපිටියට පලා යන කෙනෙකුත් (ඇඩ්‍රස් නෑ චරිතය වැනි), යුදමය තත්ත්වය නිසා යාපනයේ සිට ඉන්දියාවට යන කෙනෙකුත්, වඩා හොඳ ජීවන තත්ත්වයක් ලබාගැනීමට ගම්පහ සිට ඕස්ට්‍රේලියාවට යන කෙනෙකුත් ගන්නේ ආර්ථික තීරණයකි.

      Delete
    13. //දෙමළ වර්ගවාදීන් විසින් දෙමළ ආර්ථික සංක්‍රමණිකයන් හැඳින්වීම පිණිස මේ වචනය යොදා ගැනීම සවිඥානිකව කළ කුපාඩි-කුප්පීදු-කඩප්පුලි වැඩකි. ඔවුන් එයින් බලාපොරොත්තු වූයේ ලංකාවේ දී දෙමළුන්ට දෙමළුන් වීම නිසාම ජිවිත තර්ජනයක් ඇති බව බටහිරයන්ට ඒත්තු ගැන්වීමයි. මේ වචනය සිංහලට හරවා භාවිතා කරන ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ කරන්නේ ඊට උඩගෙඩි දීමකි.//
      බටහිර රටවල ජීවත් වන්නේ මෙසේ දිගින් දිගටම වචනයකින් රැවටිය හැකි පිරිසක් යයි මා සිතන්නේ නැත. යම් එහෙයින් එය එසේ වනවානම්, සිංහල සංක්‍රමණිකයින් වෙනුවෙන්ද මේ වචනය යොදාගැනීමෙන් වෙන්නේ ඔවුන් පතුරවන මතය බිඳ වැටීමයි. අනිත් අතට මේ රෙෆියුජී කතාවද දැන් පරණ කතාවකි. 1983න් පසුව බොහෝ දෙමළ ජාතිකයින් මෙසේ බොරු කියාගෙන බටහිරට සංක්‍රමණය වූ නමුත් ආසන්නව වසර දහයක් පමණ යන විට ඒ බොරුව තවදුරටත් කිරීම අපහසු විය. 1995න් පමණ පසුව බොහෝ ශ්‍රී ලාංකිකයින් (දෙමළ අයද ඇතුළුව) වෙනත් ක්‍රම වලින් සංක්‍රමණය වූ අයයි.

      Delete
    14. ඔබ සඳහන් කරන 1-4 කරුණු සියල්ල අදාළ වන්නේ diaspora යන වචනයේ තේරුම 'එළවා දමනු ලැබූ' ලෙස බොහෝදෙනෙකු විසින් තේරුම් ගන්නේනම් පමණි. මගේ දැනුම අනුවනම් එය එසේ නොවේ.

      //'ඩයස්පෝරාව' යන වචනය විදෙස්ගත ශ්‍රමිකයන් යන්න වෙනුවට වඩා සුදුසු තනි වචනයකි'ය යන්න සනාථ කිරීම පිණිස ඉකොනොමැට්ටාගේ මේ ලිපිය උදෘත කර දක්වන සිංහල දරුවෙක් මගේ සිතේ මැවේ.// මේ කියන දෙය ගැනනම් ඇත්තටම මා සංවේදීය. එහෙත්, මට තවමත් මේ භාවිතයේ ඔබ කියන ආකාරයේ භයානකකමක් නොපෙනේ. මට හිතෙන්නේ මේ අදහස කිසිවකු විසින් ලංකාවේ මෑතකදී ජනගත කර ඇති අදහසක් විය යුතු බවයි.

      Delete
    15. කනිෂ්ක.....ඔබට ඔබේ මතය හෝ අදහස වෙනුවෙන් පෙනී සිටීමේ අයිතියට මම ගරු කරමි. නමුත් මම මේ මොහොතේ කතා කරන්නේ ඔබ උලුප්පා දක්වන්නට හෝ ඔබ අකැමති මනෝරාජික ඩයස්පෝරා ව්‍යාපෘති ගැන නොවේ. කවුරුන් හෝ යම් කිසි දෙයක් සංවාදයකට යොමු කිරිමේදි එහි සාධනීය බව අමතක කර වෙනත් බහුභූතයන් කෙරෙහි කැමැත්තෙන් හෝ වෙනත් උවමනාවෙන් පිනිස වචනයක එල්ලීම යෝග්‍ය නොවෙන බව සදාචාරත්මක නොවෙන බව කිව යුතු නිසාමය. බ්ලොග් පෝස්ට් එකක් තුල නොයෙකුත් උප මාතෘකා එලිබහින බව සැබෑය. ඒ අහුලා ගැනීම් තුලම වඩාත් නිවැරදි හෝ වඩාත් නොවුමනා සංවාදද ඇතිවේ. එය ලෝක විනාශය නොවේ. නමුත් වඩා නිවැරදියැයි සිතනා අදසක් පාගා, කුඩුපට්ටම් කර දැමීමට වචන තුල අරගල කිරීම කොතරම් යෝග්‍යදැයි අප කවුරුත් සිතා බැලීම සුදුසු වේ.

      Delete
    16. සංවාදයට එකතු වුණාට හැමෝටම ස්තුතියි!

      Delete
    17. ඔව්, ස්තුතියි !

      Delete
  11. වැඩියෙන් ම මුදල් යවන්නේ උන්ඩියල් ක්‍රමයට ය!
    එම මුදල් ඔය ඇස්තමේන්තුවට අයත් වුනාද?

    ReplyDelete
    Replies
    1. මා හිතන්නේ උන්ඩියල් වලින් එවන මුදල් මෙහි නැති බවයි. ඒ ප්‍රමාණයද විශාල මුදලක් විය යුතුය.

      Delete
    2. උන්ඩියල් යැයි අපි නොසිතුවාට, ඉතා සූක්ෂම අයුරින් උන්ඩියල් වගේ හුවමාරු බටහිර රටවල්වල සිටත් ක්‍රියාත්මක වෙනවා.

      Delete
    3. මා ප්‍රායෝගිකව දන්නා පරිදි උන්ඩියල් ක්‍රමයට යවනා මුදල් ප්‍රමානය බැන්කු හරහා යවනා ප්‍රමානයට වඩා දෙගුනයකටත් වැඩිය!

      Delete
    4. කුමාර කළුආරච්චි නොහොත් සරසා නමැති බ්ලොග් නමින් පෙනී සිටින වසුරු හෙලන්නා නැවතත් ජනප්‍රිය යැයි පෙනීයන බ්ලොග් වලට පැමිණ වසුරු හෙලමින් පසුවේ. මොහු රාජකීය විදුහල් හෝ විශ්ව විද්‍යාල කතාවල දිගින් දිගටම පැටලෙන්නේ මොහුගේ රජයේ සේවක පියා කිසියම් හේතුවක් නිසා මේ මිහරකා රාජකීය විද්‍යාලයට දැමීමට සමත් වූ වග කව්රු හෝ ලවා කියවා ගන්නටය. එහෙන් මෙහෙන් මුට්ටි අල්ලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සේවයට එකතු වූ සර්සය ඔහුගේ ජන්මයේ වැරැද්ද එතනදී හෙළි කරන්නට ගොස් ඔවුන්ගේ උදහසට ලක්විය.. "අහක ගිය නයි රෙද්ද පල්ලේ දාගත්තට අපිට් හොඳ වැඩේ "යැයි මණ්ඩප මිටීමකදී කුමාර කළුආරච්චි ගැන සඳහන් වන්නේ ඒ අනුවයි.අධික හිනමනයකින් පෙලෙනා සරසට කිසියම් අයෙක් විශේෂයෙන් ගම්බද පාසලකින් ඉගෙන ඉදිරියට අවොත් එය දැක දණ්ඩෙන් පහර කෑ නයෙකු සේ කිපෙන ස්වභාවයක් ඇත. මොහුගේ මේ ගැමි පාසැල් භීතිකාව ජවිපෙ විරෝදධයක් ලෙස පෙන්වමින් සරස්යා බ්ලොග් අව්ක්ෂයේ සැරිසරනු පෙනේ. තම ලෙයින් උපන් දරුවාගෙන් පවා පළිගන්නට තරම් නිහිනයෙකු වූ සරසා ( මොහුට විරුද්ධව මහනුවර පොලිසියේ ලියවී ඇති දේවල් බලන්න ) ගේ පසුපස්සේ යන්නෝ මෙවැනි නිච් , දුර්ජනයෙක්ය් යන ලේබලය ගසා ගැනීමට සිදුවන බව නොදැන සිටිති. බොරු මාරා වාදිතාවයක් පෙන්වන මේ දුර්ජනයාගේ සත්‍ය තත්වය හඳුගත හැකි හොඳම අවසථාව බොරු rag විරෝධයක් පෙන්වමින් ඒ තුලින් අනුරාධපුර මධ්‍ය මහා විදයලයකින් පැමිණි වර්තමාන පේරාදෙණි උපකුලපතිට පහර ගැසීමයි. එමෙන්ම පොඩි බණ්ඩා නම් 1990 භිමසමයේ ඝාතනය වූ දඹුල්ලේ මධ්‍ය මහා විද්‍යාලයෙන් බිහි වූ සිස්‍ය නායකයකුට අපහාස කරමින් ලියු බ්ලොග් පොස්ටුවයි.. සරස.. උඹේ පැටිකිරියෙන් ටිකක් විතරයි මේ .. ඔක්කොම එලියට ගන්න කැමතිනම් තව දුරටත් මරා ගේ ගූ කමින් බ්ලොග් වල වසුරු හෙලපන්... නැතිනම් අර "සරසවිසමග" කියා උඹ ලිවූ පැනිබේරෙන අරලිය ටයිප් කතා ලියමින් ඇත්ත සරස වගේ හැසිරියන්,.... අදට මෙපමණයි .....:D..: D. :D..

      Delete
  12. මෙම දත්තයන් ඉදිරිපත් කිරීම හොඳයි. මගේ තිබුනේ මීට වඩා වෙනත් අදහසක්. එය නිවැරදි කරගැනීමට පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මගේ තිබුණෙත් මෙයට වෙනස් අදහසක්. මේ දත්ත වල කිසියම් වරදක් ඇතැයි මට තවමත් සිතේ. එහෙත්, දත්ත වල කිසියම් වරදක් ඇත්නම් එය තහවුරු කරගන්නා තුරු මට හිතෙන දෙයට වඩා දත්ත විශ්වාස කරන්නට මා කැමතිය

      Delete
  13. ඒ කියන්නේ ලංකාවමධ්‍යයම ආදායම් රටක් වෙලා තියෙන්නේ පිටරටඔල
    වැඩකර උපයන මුදල් ලංකාවට එවන නිසා
    හරිය...?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ කෙනෙක් උපයන රුපියල් 100කට පිටින් තවත් 10ක් පමණ එකතු වෙනවා. ලංකාවේ ඒක පුද්ගල ගෘහස්ථ ආදායම ඒ.පු.ද.දේ.නි.යෙන් තුනෙන් එකක් පමණ බව සැලකූ විට රටේ නිවාස ඒකක වල ආදායමෙන් 20%ක් පමණ පිටින් ලැබෙන ඒවා විය හැකියි. ඉක්මණින් මැදි ආදායම් රටක් වීමටත් මේ මුදල් වලින් සැලකිය යුතු දායකත්වයක් ලැබී තිබෙනවා.

      Delete
  14. //විවිධ රටවලින් එවන මුදල් සමාන වීමෙන් පෙනෙන්නේ මෙසේ මුදල් එවන්නේ ලංකාවේ ජීවත් වීමට අවශ්‍ය වියදම අනුව මිස තමන් උපයන මුදල අනුව නොවන බවයි// කනිෂ්කට දාපු කොමෙන්ට් එකෙන් අහුලා ගත්තේ.. මටත් ඒක හිතුනා .. :)

    ReplyDelete
    Replies
    1. එක අතකින් මෙයින් පෙනෙන්නේ කිසියම් ආකාරයක ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවයක්.

      Delete
  15. ඩයස්පෝරා කියන වචනය මෙතනට ගැලපෙන්නේ නෑ නේද....?

    ReplyDelete
    Replies
    1. ඇයි නොගැලපෙන්නේ?
      මාතලන් ඩයස්පෝරා යන්නේ ඔබ දන්නාඅර්ථය මොකක්ද?

      Delete
    2. රස්සාවක් කරන්න රටගිය අය හැඳින්වීමට ඩයස්පෝරා වදන ගැලපෙන්නෙම නෑ.

      Delete
    3. මොනවා කරන්න ගිය අයද ගැලපෙන්නේ....

      Delete
    4. සව්දියේ ඉන්නේ රැකියා සඳහා ගිය ශ්‍රමිකයින් පීරිසක්...

      උඩත් කෙනෙක් මේ ගැන කියලා තියෙනවා... ඒක දැක්කේ දැන්...

      ශ්‍රමිකයින් හා එම රටවල පුරවැසිභාවය අපේක්ෂාවෙන් සිටීම අතර ළොකු වෙනසක් තියෙනවා... ඕකේ ඉන්ගිරිස් එකෙත් පොඩි අවුලක් තියෙනවා... එහෙම නම් ෆොරින් වර්කර්ස් කියන එක අයින් කරන්න ඕන..

      Delete
    5. රස්සාවට ගියත් හවසට හවසට එකතු වෙලා සෙට් වෙනව නම්, එකතු වෙලා අවුරුදු උත්සව කරනවනම්, මෙහේ ගංවතුරට කම්පාවෙලා එහේ ආධාර එකතුකරනව නම් එයාලත් ඩයස්පෝරාවක් නේ.

      Delete
    6. අපි මේ වචනේ තේරුම අල්ලගෙන නටන්න ඕන නෑ...

      මෙතුවක් ලංකාවේ ජනමාධ්‍ය තුල ඩයස්පෝරව ලෙස හැදින්වූයේ කව්ද කියලා අපේ හිත් දන්නවා. මැද පෙරදිග රැකියාව කරන කිසිවකුත් ඩයස්පෝරාව කියලා හැඳින්වූයේ නෑ. කොටින්ම ඩයස්පෝරා කිව්වේ යුද්ධය නිසා සංක්‍රමනිකයින් උන දෙමල ප්‍රජාවට. ඊට පස්සේ තමයි හින්ගල ඩයස්පෝරවක් තියෙනවා කියලා පිලිගත්තේ. කොහ්ම උනත් ඔය දියුණු රටවල සිටිසන්ලා වෙලා ඉන්න, ඉන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය මැද පෙරදිග අහිංසක ශ්‍රමිකයිනුත් එයාලගෙම පන්තියේ පිරිසක් ලෙස පිලිගන්නාවා නම් කොච්චර ළොකු දෙයක්ද මෙයා..

      Delete
    7. ලංකාවෙන් පිටත මේ වචනයේ භාවිත අර්ථය ඇණයා කියනවා වගේ එකක් කියලයි මම හිතන්නේ. ගං වතුරට ආධාර එකතු කරන විට එය තේරුම් ගන්නේ Sri Lankan diaspora එකෙන් කරන දෙයක් ලෙස. ලංකාව තුළ ජනමාධ්‍ය විසින් මේ වචනයට දී ඇති තේරුම වෙන එකක් කියන එක දැන් මට පැහැදිලියි. මැද පෙරදිග රටවල තාවකාලික රැකියා කරන අය කරන්නෙත් ලංකාවේ සංස්කෘතිය රටින් පිටට පැතිරවීම. සිංහල ඩයස්පෝරාව කියන්නේ කුමක්ද කියන එක තේරුම්ගන්න හොඳම විදිහ බ්ලොග් එක අන්තිමට තියෙන "අපේ පාරිභෝගිකයින් පැමිණි රටවල්" දෙස බැලීමයි. මුල් තේරුමෙන් වුණත් යුදෙවුවන් ඩයස්පෝරාවක් වෙන්නේ අවුරුදු 2000ක් තිස්සේ ලෝකයේ කොහේ හිටියත් තමන්ගේ සංස්කෘතිය පවත්වා ගැනීම හා එම සංස්කෘතියෙන් ඓන්ද්‍රීයව බැඳී සිටිය නිසා මිසක් එළවල දාපු නිසා නොවන බවයි මගේ අදහස.

      Delete
    8. එලවලා දාපු අය කවුරුත් නැහැ ඉකොන්. යන තැනට වැඩ සෙට් වෙච්ච අය නම් ඉතා ස්වල්පයක් ඉන්නවා. අනිත් බොහෝමයක්ම ආසාවෙන් බෙල්ලට තුවක්කුව තියගෙන පැනගෙන ආපු අය. අනිත් අයත් නොයෙකුත් ආර්ථික හෝ අධ්‍යාපන කටයුතු ආදී නොයෙක් දේ වෙනුවෙන් ආපු අය. බෙල්ලට තුවක්කුව තියාගෙන කියලා කිව්වේ ඔය එසයිලම් තුලින් විසා හදාගන්න අයගේ කේසස් බොහොමයක යම් යම් කුඩා පරිවර්තන කටයුතුවලට අපේ දුවත් සහභාගී වෙන නිසා. ඒවා ඒ ඒ අයගේ කන්ෆිඩෙන්ශල් මැටර්ස් නිසා වැඩි විස්තර නොකිය ඉන්නම්.

      Delete
  16. ඩයස්පෝරා යන වර්ගීකරණයට වැටෙන්නේ, රැකියාවක් සඳහා එතෙර ගිය අයද, එසේ නැතහොත්, නැවත නොපැමිණෙන අදහසින් ස්ථිරව රට හැරගිය අයද, එසේත් නැතිනම්, තම ජීවිතාරක්‍ෂාව සඳහා, තාවකාලිකව රට හැරදා ගොස් සිටින අයද?

    ReplyDelete
    Replies
    1. මම මේ වචනය භාවිතා කළේ එය මම තේරුම් ගන්න විදිහෙන් මිසක් කිසියම් සම්මත අර්ථදැක්වීමක් අනුව නෙමෙයි, විචා. ඒ ගැන මම වැඩිපුර හිතන්න ගත්තේ කමෙන්ට් වැටුනට පස්සේ. ඒ නිසා මගේ අදහසට ලොකු බරක් තැබිය යුතු නැහැ. මේ වචනය මේ වන විට විවිධ අර්ථ වලින් භාවිතා වෙනවා. ඇතැම් විට කිසිම පුද්ගල සංක්‍රමණයක් සිදු නොවී එක රටක සංස්කෘතිය වෙනත් රටක නියෝජනය වන තැන් සඳහාත් මේ වචනය භාවිතා වෙනවා. මම හිතන විදිහටනම් පුද්ගලයින් විශාල ප්‍රමාණයක් තාවකාලිකව වෙන රටකට ගියත් මෙය දිගින් දිගටම වෙනවනම් එහි ඩයස්පෝරාවක් හැදෙනවා. දැන් මෙහෙම හිතමු. අයර්ලන්තයේ ග්‍රාමීය ප්‍රදේශයක ඇති මෘදුකාංග සමාගමකට ලංකාවේ ඇති එහි ශාඛා සමාගමෙන් වසර දෙකක කාලයකට සිය දෙනෙක්ව යවනවා. මේ අය ආපසු එන විට වෙනත් පිරිසක් යනවා. අළුතින් පැමිණි අය මුල් පිරිස කුලියට ගත් අපාර්ට්මන්ට් වලටම එනවා. හිටපු අයගේ ගෘහ භාණ්ඩ, වාහන ආදිය අළුතින් එන අයට මුදලට හෝ නිකම් දෙනවා. ඒ අයගෙන් ලබා ගත් තොරතුරු හා උදවු මත අළුත් අයගේ දරුවන් පාසැල් තෝරාගන්නවා. ඒ අයගේ සහකරුවන් හෝ සහකාරියන් කලින් කණ්ඩායමේ අය අර්ධකාලීන රැකියා කළ තැන් වලට හඳුන්වා දෙනවා. සෑම අවුද්දකම මේ අයුරින් ලංකාවෙන් එන පිරිස ටික ටික වැඩි වෙනවා. එහෙත් කවුරුවත් එහි දිගටම ඉන්නේ නැහැ. දැන් මෙහි කිසිවෙක් දිගටම නොහිටියත් ලංකාවේ සංස්කෘතිය දිගටම තියෙනවා. ඒ වගේම එම ප්‍රදේශයේ දේශීය පුද්ගලයින්ට පෙනෙන පරිදි මෙහි වසරින් වසර වර්ධනය වන ශ්‍රී ලංකා ඩයස්පෝරාවක් තියෙනවා. කිසිකෙනෙක් වසර දෙකකට වඩා ඉන්නේ නැහැ කියන එක මෙයට අදාළ නැහැ. නැවත නොපැමිණෙන අයුරෙන් රට ගිය අය ශ්‍රී ලංකා ඩයස්පෝරාව ලෙස සැලකිය හැකි වුවත් ඔවුන්ගේ එහි ඉපදුණු, ශ්‍රී ලාංකික සංස්කෘතිය පවත්වා නොගන්නා දරුවන් එසේ සැලකිය නොහැකියි. ඔවුන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අය වුණත් දැන් ජීවත් වන්නේ අදාළ රටේ සංස්කෘතිය තුළයි. එහෙත්, ඔවුන් ආවාහ-විවාහ සිදු කරන්නේ තමන්ගේ මුල් රටේ අය හෝ එම රටෙන් පැමිණි අය සමඟනම්, කන්නේ එම රටේ කෑමනම් ඔවුන් තවදුරටත් එම ඩයස්පෝරාවේම කොටසක්. මේ මා මේ වචනය තේරුම්ගන්නා ආකාරයයි. භූගෝලීය ලෙස විසිරී සිටින අතරම කිසියම් පොදු සංස්කෘතියකින් ඓන්ද්රීය ලෙස බැඳී සිටින කණ්ඩායමක්.

      Delete
    2. //භූගෝලීය ලෙස විසිරී සිටින අතරම කිසියම් පොදු සංස්කෘතියකින් ඓන්ද්රීය ලෙස බැඳී සිටින කණ්ඩායමක්//

      ඒ නිර්වචනය හොඳයි.

      Delete
    3. විචා....ඕකම තමයි ව්‍යවහාර කතන්දරේ ඩයස්පෝරා කියන්නේ...මොකක්ද ඊට වඩා මේක හොඳයි කියන්නේ. අපිට පිස්සුද නැත්නම් හැටිද...

      Delete
  17. හොඳ ලිපියක්...
    විස්වාස කර ගන්න බැරුව ඉන්නේ... :)

    ReplyDelete
    Replies
    1. ඇත්තටමනම් මටත් විශ්වාස කරන්න අමාරු වුණා. ලෝක බැංකුවේ දත්ත හදන්නේ එවන රට සහ ලැබෙන රට යන දෙපැත්තෙන්ම තොරතුරු එකතු කරල නිසා රටවල් දෙකක් සම්බන්ධ වන සංඛ්‍යාලේඛණ හා අදාළව එක රටකින් ප්‍රසිද්ධ කරන තොරතුරු වලට වඩා නිවැරදියි කියා මම හිතනවා. මෙහි මා පළ නොකළ තවත් මීටත් වඩා විශ්වාස කරන්න අමාරු දෙයක් තියෙනවා. එනම් මෙහි අනිත් පැත්ත. ලංකාවේ සිටින විදෙස් ශ්‍රමිකයන් සහ ඔවුන් ලංකාවෙන් පිටතට යවන මුදල් ප්‍රමාණය. දත්ත අනුව ලංකාවේ ඉන්දියානුවන් ලක්ෂ තුනක් පමණ ඉන්නවා. මෙය විය හැකිද? ඇතැම් විට සරණාගතයින් ලෙස ඉන්දියාවට ගොස් නැවත පැමිණි අයගේ එහි ඉපදුනු දරුවන් විය හැකියි.

      Delete
  18. We buy apples from there money. So what the diaspora sends, return to their country.

    ReplyDelete
    Replies
    1. //return to their country.// Not to the same country. We collect dollars mainly from the Middle East, Europe and the US. ME dollars go back to ME for oil, though not the same country. (We collect mainly from Saudi Arabia and send to Iran and UAE). Dollars collected from Europe and the US are sent to India and China.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget