වෙබ් ලිපිනය:

Saturday, August 19, 2017

ඩෙංගු ඉවරද?


පසුගිය මාස කිහිපය ලංකාවට කරදර රැසක් පැමිණි කාලයකි. සිංහල අවුරුද්ද ඉවර වෙද්දී කුණු කන්දක් කඩා වැටී විශාල පිරිසක් මිය ගියේය. ඉන් පසුව, ගං වතුර ආවේය. ගං වතුර බැස යද්දී ඩෙංගු ආවේය.

රවී කරුණානායකගේ ඉල්ලා අස්වීමත් සමඟ ඩෙංගු වලට තිබුණු මාධ්‍ය අවධානය ක්‍රමයෙන් අඩු වෙමින් පවතී. සංඛ්‍යාලේඛණ අනුව පෙනෙන පරිදි ඩෙංගු තර්ජනය ක්‍රමයෙන් අඩු වෙමින් තිබුණත් තවමත් උවදුර පහවී නැත.


දත්ත අනුව පෙනෙන්නේ පසුගිය වසර කිහිපය තුළම වසර මැද (ජූලි) හා වසර අග (දෙසැම්බර්) අනෙක් මාස වලදීට වඩා වැඩියෙන් ලංකාවේ ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බවයි. එයට හේතුවක් තිබේද නැත්නම් අහම්බයක්ද යන්න ගැන මට අදහසක් නැත.

පසුගිය ජූලි මාසය තුළ ලංකාවේ ඩෙංගු රෝගීන් 39,822ක් වාර්තා වී ඇති අතර මෙය 2010 වසරේ සිට මසක් තුළ වාර්තා වී ඇති වැඩිම ඩෙංගු රෝගීන් ගණනයි. සංඛ්‍යාලේඛණ අනුව අගෝස්තු මාසය වන විට රෝගය කිසියම් දුරකට පාලනය වී තිබුණත් අගෝස්තු 11 දක්වා කාලය තුළ පමණක් තවත් ඩෙංගු රෝගීන් 10,511ක් වාර්තා වී තිබේ. ඒ නිසා, තවමත් තිබෙන්නේ ඩෙංගු ගැන අමතක කර සිටිය හැකි තත්ත්වයක් නොවේ.

පහතින් ඇත්තේ ඩෙංගු රෝගය වැළැක්වීම කෙරෙහි අවධානය යොමු කිරීමට හදා ඇති වත්පොත් පිටුවකි. මේ වන විට මේ පිටුව සමඟ සාමාජිකයින් තුන්දහසක් පමණ එකතු වී සිටිති.

Fight Against Dengue (ඩෙංගු පරදවමු)

සමාජ ජාලා වල අදහස් පළ කරන අය එසේ කතා කරන තරමටම මහ පොළොවේ ක්‍රියාකාරකම් සිදු නොවන බවට පොදු විවේචනයක් ඇතත්, ඩෙංගු වැළැක්වීම වෙනුවෙන් සමාජ ජාලා තුළ පෙනී සිටින අයෙකු ඒ වෙනුවෙන් මහ පොළොවේදීද කිසියම් කාර්ය භාරයක් කිරීමට වැඩි ඉඩක් තිබේ. 

මේ වත්පොත් පිටුව අදාළ අරමුණ වෙනුවෙන් පමණක් යොදාගැනීමට එහි පරිපාලකයින් සැලකිලිමත් වන බව පෙනේ. මෙවැනි කණ්ඩායමකට එකතු වීම ඉතා අඩු මහන්සියකින් කිසියම් හෝ සාධනීය දෙයකට හවුල් විය හැකි ක්‍රමයකි.

ඩෙංගු රෝගයේ ස්වභාවය අනුව වසරින් වසර එහි හානිය ඉහළ යන්නට ඉඩකඩක් තිබේ. (මේ හා අදාළ තාක්ෂණික පැහැදිලි කිරීමක් කිරීම පසුවට තබමු.) ඒ නිසා ඩෙංගු වැළැක්වීම කෙරෙහි මහජන අවධානය නිරන්තරව පවත්වාගත යුතුය. ඒ සඳහා, වසංගත තත්ත්වයක් ඇති වන තුරුම බලා සිටිය යුතු නැත.

6 comments:

  1. ඩෙංගු ඉවර වෙන රෝගයක් නොවේ අපෙයට එය මතක හිටින්නේ තාවකාලිකව හෝ පවුලේ කෙනෙකුට වැළදුනොත් පමණයි. එම නිසා එය ඉවර නොවන කත්නදරයකි. නමුත් වර්තමානයේ පෙරට වඩා ජනතාව උනන්දු විය යුතුයි.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. 2010 ජනවාරි සිට හැම මාසයකම කිසියම් රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. මෙය කලින් කලට වැඩි වුනත්, කලින් කලට එන රෝගයක් නෙමෙයි.

      Delete
  2. පරිසරය පිලිබඳව ලාංකිකයා තුල විනය ඇති වන තෙක් ඩෙංගු හිස ඔසවනු ඇත

    ReplyDelete
  3. ලංකාව වගේ ආත්මාර්තකාමී මිනිස්සු පිරිච්ච රටක ඩෙංගු හැදුන්නැත්නම් තමා පුදුමේ...

    ReplyDelete
  4. අපේ ගෙදර, ඔෆිස් එක, වාහන ඔක්කොම ඒසී නි. ඒ නිසා අපිට නං ඩෙංගු ගැන බයක් නෑ. අනික අපිට සල්ලිත් තියෙනවනි. ඒ නිසා මේ ඩෙංගු කරදර අඩු වෙනකං වෙනින් රටකට ගිහිං ඉදලා උනත් එන්න පුළුවන්.

    ReplyDelete
  5. පැලියගොඩ මාළු මාර්කට් එකේ ඩෙංගු කරදර නැත . මදුරුවන් ඇතිවුවත් අයිස් දමා ෆ්රෝසන් කර බෙදා හරිනවා. සුපිරි වෙළද සල් මගින් සුපිරි පරිබෝගිකයන්ට. ඩෙංගු හැදුනට පස්සේ බාර් කෝඩ් එකෙන් හොයාගන්න පුළුවන්නේ සප්ලයි පොර කවුද කියල

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: