Monday, April 25, 2016
ඩෙංගු ගස් බඳිමුද?
ඩෙංගු යනු කලින් කලට ලංකාවේ සෞඛ්‍ය ප්‍රශ්න වලට අමතරව දේශපාලනික හා සමාජ ප්‍රශ්න වලටද මුල්වන රෝගයකි. ඩෙංගු මර්දන වැඩසටහනකට ප්‍රචාරයක් ලබාදීම සඳහා වසර කිහිපයකට පෙර රජයේ සේවකයෙකුට තමාව ගස් බඳිනු ලැබීමේ ජවනිකාවක ප්‍රසිද්ධියේ රඟපාන්නට පවා සිදුවිය.
වසරකට ලොව පුරා මිලියන 400කට ආසන්න පිරිසක් ඩෙංගු රෝගයට ගොදුරු වන අතර එයින් 10,000-20,000 අතර පිරිසකගේ ජීවිත අහිමි වේ. රෝගයේ බලපෑම වැඩිපුරම ඇත්තේ ඝර්ම කලාපීය රටවලටය. 2013 දී නේචර් සඟරාවේ පළවූ පර්යේෂණ පත්‍රිකාවකට අනුව ලෝකයේ ඩෙංගු අවදානම වැඩිම රටවල් අතර ලංකාවද සිටී. 2014 දී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 47,502 දෙනෙකුද, පසුගිය වසරේදී 29,777 දෙනෙකුද වාර්තා වී තිබුණේය. සුවසේවා සපයන්නන් සහ පොදුවේ මහජනතාව අතර ඩෙංගු පිලිබඳ අවබෝධය වර්ධනය වීම හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ ඩෙංගු රෝගය නිසා සිදුවන මරණ සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් අඩුකරගන්නට හැකිවී ඇතත් මේ රෝගය තවමත් ලංකාවට තර්ජනයකි.
ඉතා මෑතක් වන තුරුම ඩෙංගු වලට ප්‍රතිකාරයක් හෝ ප්‍රතිශක්තිකරණ එන්නතක් තිබුණේ නැත. කෙසේවුවද, මේ හා අදාල පර්යේෂණ කලක් තිස්සේම සිදුවූ අතර ප්‍රංශයේ සැනෝෆි පැස්චර් (Sanofi Pasteur) සමාගම මඟින් වැඩිදියුණු කළ ඩෙන්ග්වැක්සියා (Dengvaxia) එන්නත ප්‍රථම ඩෙංගු එන්නත ලෙස මේ වන විට රටවල් කීපයකම භාවිතා වෙමින් පවතී. පසුගිය දෙසැම්බරයේදී මුලින්ම මෙක්සිකෝවෙන් මේ එන්නතට අනුමැතිය ලැබුණු අතර ඉන්පසුව බ්‍රසීලය, එල් සැල්වදෝර් හා පිලිපීනය යන රටවල්ද මේ එන්නත අනුමත කර ඇත. පිලිපීනය මේ එන්නත ජාතික ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළකට ඇතුළත් කරගන්නා පළමු රට වීමට නියමිතය.
වෙනත් බොහෝ ඖෂධ මෙන්ම මේ එන්නතද අහම්බෙන් සොයාගත් එකක් නොවේ. මේ එන්නත නිෂ්පාදනය කිරීම සඳහා සැනෝෆි පැස්චර් සමාගම විසින් දශක දෙකක පමණ කාලයක් පුරා යුරෝ බිලියන 1.5ක පමණ මුදලක් (ඩොලර් බිලියන 1.7ක් පමණ) වැය කර තිබේ. ඉන්පසුව, රටවල් 15ක පුද්ගලයින් 40,000ක් පමණ යොදාගනිමින් සිදුකළ අධ්‍යයනයන් 25ක දත්ත වලින් එන්නතේ සාර්ථකත්වය තහවුරු වී තිබේ.
එන්නත අලෙවි කිරීම මඟින් මේ සමාගම සිය ආයෝජනය පියවා ගැනීමටත්, දැරූ අවදානම වෙනුවෙන් ප්‍රතිලාභයක් ලැබීමටත් අපේක්ෂා කරන බව කිවයුතු නැත. කෙසේවුවද, ලෝකයේ ඩෙංගු රෝගීන්ගෙන් 70%ක් පමණ වාර්තාවන ආසියානු කලාපයේ පමණක් වසරකට ඩෙංගු ප්‍රතිකාර සඳහා වැය වන මුදල ඩොලර් බිලියන 6.5ක් පමණ බව සැලකූ විට තරමක් ඉහලින් මිල කෙරුනද බොහෝ රටවලට මේ එන්නත ආකර්ශනීය වීමට ඉඩතිබේ.
ලෝක බැංකුව විසින් ඩෙංගු අවදානම වැඩි රටවලට මේ එන්නත නිර්දේශ කළ බව වාර්තා වීමෙන් පසු එය ලංකාවේ භාවිතා කිරීම පිළිබඳව සොයා බලන්නට සෞඛ්‍ය ඇමතිවරයා තීරණය කර ඇති බවද වාර්තා වී තිබුණි. මේ ගැන අධ්යයනය කිරීමට කල් නොගැනීම හොඳ තීරණයකි. එසේ වුවද, මෙවැනි එන්නතක් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළට ඇතුළත් කරගැනීමට පෙර තවත් ටික කලක් ඉවසිය යුතු බව මගේ අදහසයි. මේ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ විස්තරාත්මක නිර්දේශ ඇතුළත් සම්පුර්ණ වාර්තාව එළිදැක්වීමට නියමිතව ඇත්තේ ලබන ජූලි මාසයේදීය. එමෙන්ම, වෙනත් සමාගම් විසින් වැඩිදියුණු කර ඇති ඩෙංගු එන්නත් කිහිපයක්ද මේ වන විට අවසන් අදියර වල පිරික්සෙමින් ඇති බැවින් වසර අවසාන වන විට මේ වෙළඳපොළේ කිසියම් තරඟකාරිත්වයක් ඇතිවීමේ ඉඩකඩක්ද පවතී.
යම් එන්නතක් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙලට ඇතුළත් කිරීමට පෙර රෝගය වැළැක්වීම සඳහා එන්නතෙහි ඇති සඵලතාවට අමතරව වැය කරන මුදලට සාපේක්ෂව එයින් ලැබෙන වාසිය ගැනද සැලකිලිමත් විය යුතුය. බොහෝ එන්නත් වලින් එන්නත නොලබන අයටද වාසියක් සැලසේ. ඒ, යම් ප්‍රදේශයක වැඩි දෙනෙකු එන්නතක් ලබාගත් විට ඔවුන් රෝගවාහකයින් ලෙස ක්‍රියාකිරීම නැවතීමෙන් අනිත් අයගේ අවදානමද අඩුවන බැවිනි (herd effect). එහෙත්, මදුරුවන්ගෙන් බෝවන ඩෙංගු වැනි රෝගයකට අදාළව මේ වාසිය විශාල නැත. ඒ නිසා, මුල් අදියරේදී වඩාත්ම සුදුසු වන්නේ කැමති කෙනෙකුට මුදල් ගෙවා මිලදී ගත හැකි වන පරිදි එන්නත අනුමත කිරීමයි. ඩෙංගු රෝගයේ ස්වභාවය අනුව, වරක් රෝගය වැළඳුණු කෙනෙකුගේ අවදානම වැඩි නිසා එවැනි අයට හා/හෝ වැඩි අවදානම් කලාප වල ජීවත් වන අයට අවශ්‍යනම් එන්නත නොමිලේ ලබාදීමේ වරදක් නැත.
ඩෙංගු ගැන පසුගිය කාලයේ ඇති කර ඇති බිය නිසා (එහි වරදක්ම නැත.) මේ වන විට ඩෙංගු එන්නතක් මිලදී ගැනීම වැනි කාර්යයකදී සමාජය ඒ ගැන වැඩිවිස්තර සොයාබලන්නට නොපෙළඹේ. එවැනි තත්ත්වයක් තුළ, එන්නත නිෂ්පාදනය කරන්නේද එක් සමාගමක් පමණක් නිසා, මහජන ධනයෙන් කොටසක් උරා බොන්නට බලාසිටින මදුරුවන්ට ඩෙංගු මදුරුවාගේ උදවු ගැනීමට ඉඩකඩ විවර විය යුතු නැත.
(Images: http://www.bbc.com, http://www.nature.com)
Labels:
ආර්ථික විද්‍යාව,
ඩෙංගු,
නවමු පුවත්,
ප්‍රතිශක්තිකරණය,
සෞඛ්‍යය
Subscribe to:
Post Comments (Atom)
දූෂිත දේශපාලන ක්‍රමය තමයි හැම එකටම මුල
ReplyDeleteලංකාව කියන්නේ අසාර්ථක රාජ්‍යයයක්
ලිපියේ මාතෘකාවට අදාල දෙයක් නොවුනත් මෙය කිවයුතුයි.
Deleteඋඩුවාගේ අදහස මනෝ විද්‍යාත්මකව විග්‍රහ කලොත් එයින් ගම්‍ය වන්නේ මෙවැනි අදහසක්.
(සිංහල [බෞද්ධ]) දේශපාලඥයින් පල් හොරුය.
(සිංහල [බෞද්ධ]) දේශපාලඥයින් අපරාධකරුවන්ය.
(සිංහල [බෞද්ධ]) දේශපාලඥයින් අදක්ෂයන්ය.
ඒ නිසා :
(අසිංහල [අබෞද්ධ]) දේශපාලඥයින් ඉතා අවංක අයවළුන්ය.
(අසිංහල [අබෞද්ධ]) දේශපාලඥයින් සාධුවරුන්ය.
(අසිංහල [අබෞද්ධ]) දේශපාලඥයින් අති දක්ෂයින්ය.
මේක තර්කානුකූල නොවුනත් අධ්‍යහාරයෙන් එන අදහස එයයි.
:)) ජගත් ගේ මනෝ විග්‍රහය
Deleteඋඩුවා ඔය වගේ වර්ගීකරණයක් කරනවා කියල මම හිතන්නේ නැහැ.
Deleteජගත්ගේ හැම විෂයකටම ඕනෑම විග්‍රහයකටම සිංහල බෞද්ධ ආකෘතියක් ගාව ගන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්....
Deleteලංකාව අසාර්ථක රාජ්‍යයක් කියනවට මම විරුද්ධයි. ලංකාවේ දේශපාලකයෝ පත් කරන්නේ ලනක්වේ මිනිස්සුමයි. වග කියන්න ඕනේ එයාලා. නමුත් ලනක්ව බොහෝ තුන්වන ලෝකයේ රටවලට වඩා ඉදිරියෙන් තිබෙන රටක්.
Deleteඅජිත් සමඟ එකඟයි. ලංකාව මේ අතින් සිටින්නේ සංවර්ධිත රටවලට වඩා බොහෝ පිටුපසින් වුවත් තුන්වන ලෝකයේ රටවල් බොහොමයක තත්ත්වය මේ වගේ තමයි. ඇතැම් තැන් වඩාත් නරකයි. ලංකාව කියන්නේ ලෝකයේ අසාර්ථකම රාජ්‍යය නෙමෙයි.
Deleteදූෂිත (සිංහල [බෞද්ධ]) දේශපාලන ක්‍රමය තමයි හැම එකටම මුල
ReplyDeleteලංකාව කියන්නේ අසාර්ථක රාජ්‍යයයක්
ඩෙංගු කැලේ ඔෟෂධ සමාගම් වල වැඩ ඇහුවම
ReplyDeleteනමුත් මෙය අගය කළ යුතු කාරණයක්...
ඉකොනො..තාම ලංකාව වගේ රටවල එක්ස්පයර්ඩ් බේත් ඩේට් වෙනස් කරල ආපහු විකුනන්න පටං ඇරං නෑ නෙද..
ඉන්දියාව තමා ඖෂධ ජාවාරමට මුල මං හිතන්නෙ... (පෝස්ටුවට අදාල නැතත්)
ඉතිං ඉන්දියාව හරහා ලංකාවට ඕව එන්න ගත්තොත් හොඳට හිටී න්හ්
ඉන්දියාවේ පේටන්ට් නීතියේ වෙනසක් තියෙනවා. ඉන්දියාව කියන්නෙත් ලෝකයේ රටවල් අතරින් තමන්ට අවශ්‍ය දේ යම්තාක් දුරකට කරන, ඒ සඳහා ශක්තියක් ඇති බලවත් රටක්.
Deleteඋඩුවා Tharindu UduwaragedaraApril 25, 2016 at 7:26 PM
ReplyDelete// දූෂිත දේශපාලන ක්‍රමය තමයි හැම එකටම මුල
ලංකාව කියන්නේ අසාර්ථක රාජ්‍යයයක් //
ඔහෙ දන්න එක සාර්ත රාජ්යයක් නම් කොරන්නකෝ...
එතකොට මම ඒ රටේ දූසන කේස් ටික ඔයාට කියලා දෙන්නම්!
සාර්ථක රාජ්‍ය වලට තමයි ඔය ලංකාවේ සිංහල බහුජ්ජයෝ බෝට්ටු වල හොරෙන් පනින්නේ. ගොඩක් රට රකින්න වලිකන සෙට් එකක් ඉන්නවා නොර්වේ වල එහෙමත්
Deleteජෝන් ජයපාලත් ඉන්නේ නෝර්වේ වල.
Deleteදූෂණ කොහෙත් තියෙනවා තමයි. ඒත් ඒ නිසාම හැම තැනක්ම සමාන නෑ. දූෂණ සිදුවීම් තිබීම සහ දූෂණ ආයතනගත වී තිබීම දෙකක්.
Deleteදූෂණයට බහුතර ජනතාව පුරුදුවී හැඩ ගැසී ගණන් නොගෙන සිටීම අසාර්ථකබවේ ලක්ෂණයක්
Deleteජෝන් ජයපාල හිටියට අවුලක් නැහැනේ. අවුල රට බේරගන්න දේශප්‍රේමී ජනතාව රටට එරෙහිව කුමන්ත්‍රණ කරන මූලදර්මවාදි නොර්වේ වලට ගිහින් ක්‍රෝන් හොයන එකනේ. නොර්වේ නරකායි. ක්‍රෝන් හොඳා...යි.
Deleteඅපේ රටේ දූෂණයක් නොවෙනවානම් ජනතාවටත් පොඩි අවුල්වගේ ගතියක් ඇතිවෙනවා නේද:D
Deleteඅර කියුබානු බැක්ටීරියාවෙ කතන්දරේට මොකද්ද උනේ? ඒ වගේම ඩෙංගු වර්ග හතරක් තියෙනවාලු නෙ.ඒ හතරම මේකෙන් කවර් වෙනවද දන්නෑ..?
ReplyDeleteජයවේවා..!!
ඔව්, ගස්ලබ්බ. ට්‍රයල්ස් වලදී serotypes හතරටම සාර්ථක ප්‍රතිඵල ලැබිල තියෙනවා.
Deleteඅද නං මගේ දවස හරි නෑ වගේ.. දාන දාන තැන කමෙන්ට් මිසිං නෙහ්.. මය කනෙක්ෂන් අවුල් වගේ..
ReplyDeleteකනෙක්ෂන් අවුල් කරගන්න එපා!
Deleteමමත් හිතන්නේ හදිස්සි වෙන එක හොඳ නැහැ කියලා...
ReplyDeleteවැදගත් ලිපියක් ඉකෝන්...
අර ගස් බැඳපු ගස් ගෝනා දැන් මොකද දන්නේ නැහැ කරන්නේ...
වැඩි සද්දයක් නැහැ නේද?
Deleteඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා යෙදෙන නවතම ක්‍රමයක් සඳහා මේ සබැඳිය බලන්න.
ReplyDeletehttps://www.technologyreview.com/s/600893/bacteria-laden-mosquitoes-may-be-the-cheapest-way-to-stop-dengue-and-zika/
මෙය මදුරුවන් ඩෙංගු වාහකයන් ලෙස ක්‍රියාකිරීම වලක්වන සාර්ථක ක්‍රමයක්. ඒ වගේම, ඉතාම මිල අඩු ක්‍රමය ලෙසත් සැලකෙනවා. ඒ නිසා, ලංකාව වගේ රටවලට හොඳින් ගැලපෙනවා. මේ වාගේ ලිපි අපේ සෞඛ්‍ය ඇමති තුමාත් බලනවාද නම් දන්නේ නැහැ.
ස්තුතියි, ඇනෝ!
Deleteහොරාටත් ඉස්සරින් කෙසෙල්කැන වැට පනින්නයි වගේ හදන්නේ.
ReplyDeleteඒ කතාව තේරෙන බාසාවෙන් කියනවද?
Deleteඇයි අර ලංකාවේ වෛද්‍යවරියක් එන්නතක් හොයාගත්තා නේද ? ඒකට මොකද දන්නෑ වුනේ ?
ReplyDeleteඒ අර ගස්ලබු යුෂ වලිනුත් ඔය ඩෙංගු වලට කිසියම් ප්‍රතිකාරයක් තියෙනවා කියලා කිව්වා නේද ?අපේ ඥති සහෝදරියක් ඩෙංගු සැදී පහුගිය සතිය රෝහලේ සිටියේ.වෛද්‍යවරුන් ඇයට ගස්ලබු නිර්දේශ කෙරුවේ නැහැ.හැබැයි හැකිනම් කොළ පාට ඇපල් සහා කොළ පාට ඇපල් ජුස් ලබා දෙන්න කියා තිබුනා.
Deleteසුචරිත ගම්ලත්ටත් මඤ්ඤොක්කා කොල අඹරලා පෙව්ව මිනිස්සුනෙ ඉන්නේ.
Deleteගස් ලැබූ අවුසදේ හරි ගියා කියල නෑදෑයෙක් කිව්වා. එයාගේ දුවට රෝහලේ ඉන්න කොටම හොරෙන් දීලා. අන් සනීප වෙලා ගෙදර. නිකන් ඉවත දානවට වඩා පරීක්ෂණයක් කලා නම් හොන්ඩ නැත්ද?
Deleteබෙහෙත් ගත් කෙනෙකුට හෝ විශාල ගණනකට සුවවුනා කියන එකත් බෙහෙත සාර්ථකයි කියා තීරණය කළ හැකි විද්‍යාත්මක ක්‍රමයක් නෙමෙයි. වෙනත් බෙහෙත් නිසා හෝ ස්වභාවිකවම සුව වුනා විය හැකියි. සසම්භාවී පාලිත පරීක්ෂණ කරන්නේ ඒ නිසා. යම් හොඳ ප්‍රතිඵල වාර්තා වී තිබෙනවානම් විද්‍යාත්මකව තහවුරු කළ හැකි පර්යේෂණක් ඉදිරියට ගෙන යාමයි කළ යුත්තේ. බෙහෙත ලැබුණේ /හොයා ගත්තේ කවර ආකාරයකින් වුවත් සසම්භාවී පාලිත පරීක්ෂණයකින් එහි සාර්ථකත්වය පරික්ෂා කළ හැකියි.
Deleteඖෂධ සමාගම් පර්යේෂන සඳහා කරන වියදම් බින්දුවලින් ලියලා කරන්න අමාරුයි. ඉන් පස්සේ ඒ ආයෙජනය ලාභයක් බවට පරිවර්තනය කරග්න්න මිල ඉහලින් තියාගන්නවා. ගුණාත්මක බවයි, වෙලඳපොල වටිනාකමයි පිලිබඳ නිවැරදි තක්සේරුවක් එනකම් ටිකක් බලන එක තමයි හරි. ඉකොනමැට්ටාගේ අදහස හරි
ReplyDeleteස්තුතියි!
DeleteLankawen malariyawa thurankare docslada nathnam DDT da.
ReplyDeleteමම හිතන්නේ DDT වැනි රසායන වලින් විශාල උදවුවක් ලැබෙන්න ඇති කියලයි.
Delete