Wednesday, April 6, 2016

මරණාසන්න අත්දැකීම්


ලොව පුරා විවිධ රටවල විවිධ සංස්කෘතීන් යටතේ ජීවත් වූ හෝ ජීවත් වන පුද්ගලයින් විසින් වාර්තා කර ඇති මරණාසන්න අත්දැකීම් වල පුදුමාකාර සමානත්වයක් තිබේ. ඉතා දීප්තිමත් ආලෝකයක් දැකීම, සිරුරෙන් ඉවත්ව අහසේ පාවීම, කාලය පිලිබඳ හැඟීමක් නොමැති වීම, වේදනා රහිත සුවදායක හැඟීම් මෙන්ම 'මියගොස් සිටි' කාලයේ සිදුවූ දේ ගැන පූර්ණ අවබෝධයක් තිබීම බොහෝ දෙනෙකු විසින් වාර්තා කර ඇත.

ලෝකයේ ප්‍රධාන ආගම් සියල්ලකටම වාගේ පොදු මූලික විශ්වාසයක් වන්නේ ශරීරය තුළ පිහිටි, භෞතික නොවන, ස්ථිර පැවැත්මක් ඇති ආත්මයක් පිලිබඳ අදහසයි. එක් එක් ආගමේ අවසන් අරමුණ වෙනස් වුවද, සිරුර අතහැර මේ අවසන් අරමුණ කරා ලඟා වන්නේ ඉහත කී ආත්මයයි. මේ අදහස අනුව, මරණය යනු භෞතික සිරුරින් මේ ආත්මය ඉවත්ව යාමයි. ප්‍රධාන ආගම් අතරින් මෙවැනි ආත්මයක් නැති බව ප්‍රකාශ කෙරෙන්නේ බුද්ධ දර්ශනය තුළ පමණි. කෙසේවුවද, ප්‍රායෝගිකව බොහොමයක් බෞද්ධයින්ට මේ 'අනාත්ම' සංකල්පය පැහැදිලි නැති බැවින් බුද්ධාගම අදහන බොහොමයක් පිරිස්ද මේ කරුණ හා අදාළව බොහෝ විට අනෙකුත් ආගම් අදහන අයගෙන් වෙනස් නැත.

මරණාසන්න අත්දැකීම් පැහැදිලි කෙරෙන ප්‍රධාන ප්‍රවාද දෙකක් තිබේ. මෙයින් පළමුවැන්න අනුව, මේ අත්දැකීම් වලට හේතුව සිරුර තුළ පැවති ආත්මය සිරුරෙන් පිටව කිසියම් කාලයකට පසුව නැවත සිරුර තුළට පිවිසීමයි. එසේ සිරුරෙන් පිටව සිටින කාලය තුළද, මේ ආත්මයට බාහිර පරිසරයේ සිදුවන දේ නිරීක්ෂණය කිරීමේ හැකියාවක් තිබේ. මේ ප්‍රවාදය බොහෝ දෙනෙකුගේ ආගමික විශ්වාස සමඟ වඩා හොඳින් ගැලපේ.


දෙවන මතය අනුව, මරණාසන්න අත්දැකීම් යනු සැබෑවටම මොළය අක්‍රීයව පැවති කාලයේ ලැබූ අත්දැකීම් නොවේ. ඒවා, මොළය අක්‍රිය වීමට ආසන්නව හෝ නැවත ක්‍රියාකාරී වූ වහාම ලැබුණු අත්දැකීම් විය හැකිය. ඊට අමතරව, කිසියම් 'හිස්තැන් පිරවීමේ' ක්රියාවලියක්ද මෙහිදී සිදුවේ. මේ ප්‍රවාදය අනුව, අක්‍රීයව පැවති කාලය තුළ මොළය විසින් අළුත් තොරතුරු ලබා නොගනී. කෙසේවුවද, 'මියයාමට පෙර' අවස්ථාවේ සිට 'නැවත පණ ලැබුණු' අවස්ථාව දක්වා ජීවිතය සුමටව, අඛණ්ඩව ගලා නොයාම මොළය විසින් විසඳාගත යුතු ගැටළුවකි.

මා උදේ සේවයට යන විට නිවසේ බඩුභාණ්ඩ තිබුණු පිළිවෙලත්, මා දොරගුළු ලූ බවත් මට හොඳ හැටි මතකය. එහෙත්, මා ආපසු පැමිණෙන විට මගේ නිවසේ දොර විවෘතව ඇති අතර හා මගේ ලිපිගොනු යම් කිසිවෙකු විසින් අවුස්සා දමා තිබේ. මා නිවසේ නැති අතරේ සිදු වූ දේ මා නොදනිතත්, මා දන්නා දේ ඇසුරින් හැකි පරිදි මේ 'හිස්තැන පුරවා ගැනීමට' මගේ මොළය ක්‍රියා කරයි. දෙවන ප්‍රවාදය අනුව, මරණාසන්න අත්දැකීම් වලදී සිදුවන්නේද මෙවැන්නකි. වෛද්‍යවරුන් හා අනෙකුත් රෝහල් සේවකයින් විසින් කරන්නට ඇතැයි මා මගේ පෙර අත්දැකීම් ඇසුරින් සිතන දේත්, මරණය ගැන මගේ ආගමික විශ්වාස මත මා හිතන දේත්, මා අසා ඇති වෙනත් මරණාසන්න අත්දැකීම් අනුවත් මගේ මොළය විසින් මේ හිස්තැන පුරවයි.

මරණාසන්න අත්දැකීම් මඟින් ඉහත මා ඉදිරිපත් කළ මත දෙකෙන් එකක්වත් වැරදි හෝ නිවැරදි බව තහවුරු නොවේ. එම මත දෙකෙන් කවර එකක් මඟින් වුවද මරණාසන්න අත්දැකීම් පැහැදිලි කළ හැකිය.

ස්ටනි බෘක්හි පිහිටි නිවු යෝර්ක් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ සහාය මහාචාර්ය සෑම් පාර්නියා ප්‍රධාන ජාත්‍යන්තර පර්යේෂක කණ්ඩායමක් විසින් සිදු කළ, බොහෝ දෙනෙකු විමසිල්ලෙන් බලා සිටි පර්යේෂණයේ අරමුණ වූයේ මේ ගැටළුව විසඳා ගැනීමයි. 2008 වසරේදී ඇරඹුණු මේ පර්යේෂණ අධ්‍යනය සඳහා ඇමරිකාවේ, එක්සත් රාජධානියේ සහ ඔස්ට්‍රියාවේ පිහිටි රෝහල් 15ක නේවාසිකව සිටි හදවත අකර්මන්‍ය වීමෙන් පසු 'නැවත පණ ලබා දීමට' උත්සාහ ගැනුණු රෝගීන් යොදා ගැනිණි. මෙහිදී පර්යේෂකයින් විසින් යොදාගත් උපාය මාර්ගය වූයේ රෝගියා සිටි කාමරයේ උස් රාක්කයක් මත ඉතා හොඳින් පෙනෙන (චිත්‍රයක් වැනි) කිසියම් භාණ්ඩයක් රැඳවීමයි. කෙසේවුවද, ඇඳ මත වැතිර සිටින විට මෙය නොපෙනෙන අතර කාමරයේ සිවිලිම මට්ටමේ සිට බිම බලන විට පමණක් මේ භාණ්ඩය ඉතා පැහැදිලිව දර්ශනය වේ. රෝගීන්ට මේ භාණ්ඩය පැහැදිලිව විස්තර කළ හැකිනම් එයින් අදහස් වන්නේ මරණාසන්න අත්දැකීම් යනු 'මියගොස් සිටි කාලයේ' සැබෑවටම සිදුවූ දේ බවයි.
 

රෝගීන් 2,060 දෙනෙකුව යොදා ගෙන සිදුකළ මේ දැවැන්ත පරීක්ෂණයේ ප්‍රතිඵල 2014 දෙසැම්බරයේදී 'රීසස්ටිකේෂන්' ජර්නලයේ පළවිය. මේ පර්යේෂණ ප්‍රතිඵලය විශාල මාධ්‍ය අවධානයක්ද දිනා ගත්තේය. කෙසේවුවද, අදාළ පර්යේෂකයින්ට ඔවුන් විසඳුම් සෙවූ මූලික ගැටළුවට පැහැදිලි පිළිතුරක් ලබා දීමට හැකිවී නැත. 

පර්යේෂණය සඳහා යොදාගත් රෝගීන් අතරින් 'ආපසු ඒමට' හැකි වුනේ 140 දෙනෙකුට පමණි. ඔවුන් අතරින්ද, විස්තරාත්මක සම්මුඛ සාකච්ඡාවක් සඳහා ඉදිරිපත් වීමට යෝග්‍ය තත්ත්වයක සිටියේ 101 දෙනෙකු පමණි. ඒ අතරින්, 9 දෙනෙකු කිසියම් ආකාරයක මරණාසන්න අත්දැකීම් ලබා තිබුණු අතර 'මියගොස් සිටි' කාලයේ සිදුවූ දේ මතක තිබුණේ දෙදෙනෙකුට පමණි. ඒ දෙදෙනාගෙන් එක් අයෙකුට මේ කාලය තුළ සිදු වූ ඇතැම් දේ නිවැරදිව විස්තර කළ හැකි වී තිබේ. කෙසේවුවද, මේ දෙදෙනාම හදිසි තත්ත්වයක් යටතේ මේ අත්දැකීම් ලබන විට සිටියේ අර 'මල් පෝච්චිය තිබුණු' කාමරයේ නොවූ නිසා මුලින් සැලසුම් කළ පරීක්ෂණයනම් සිදුවී නැත.

නිගමනයකට එළඹීමට ප්‍රමාණවත් දත්ත නොමැති නිසා මේ පරීක්ෂනයෙන්ද මරණාසන්න අත්දැකීම් පිලිබඳ ගැටළුව විසඳී නොමැත.


(Image: www.acts17.net)

46 comments:

  1. ඉකොනොමැට්ටා සතියකින් ලියා නෑ නේද කියා හිතුවා විතරයි....!

    ReplyDelete
    Replies
    1. වෘත්තීය කටයුත්තකට වෙනත් නගරයකට යන්න සිදුවීම නිසා හොඳටම හිරවුණා.

      Delete
  2. මරණය ගැන වද වෙන්නේ නැතුව මේ මොහොත සතුටින් ඉන්න පුලුවන්න නම් මදෑ.....

    මරන බය නැති කර ගන්න විදි නම් ඔය ඕන තරම් තියෙනවා...

    පින් පව් එකවුන්ට් එක ප්ලස් එකේ තබා ගැනීම

    ස්වර්ගෙට යනවයි කියලා හිතා ගැනීම

    මරනයේන් පස්සේ මුකුත් අලුත් බක්කක් සිදු නොවන බව සිතා ගැනීම...

    ReplyDelete
    Replies
    1. මරණය ගැන මිනිස්සු හිතන විදිහ ජීවත් වන කාලයේදී ගන්න තීරණ වලටත්, ඒ නිසා ජීවත් වන අයටත් බලපානවනේ මයියා. ඒ නිසා මරණය ගැන දැනුම දියුණු වුනොත් ජීවත් වන අයගේ ජීවිත වලටත් ලොකු වාසියක් තියෙනවා.

      Delete
    2. ඒ කියන්නේ මරණය දැන ගැනීමෙන් ප්‍රයෝජ්‍ය අගයක් තියෙනවා....

      අපි හිතමු මරනයෙන් පස්සෙ මොකක් වත් වෙන්නේ නෑ කියලා....එහෙම දෙයක් උනොත් බොහෝමය ආගම් නාය යන තත්වයක් ඒවී....එතකොට පින් පව්, අපාය ස්වර්ගය ගැන හිතලා මිනිස්සු නොකරන්න හිටපු වැඩත් කරන්න පටන් ගන්න පුලුවන්...එතකොට සමාජය ට හොදක් වෙයිද නරක්කක්වෙයිද කියන ප්‍රශ්නය එනවා....

      අපි හිතමු මරනෙන් පස්සේ අපායක් ස්වර්ගයක් තියෙනවයි කියලා.... එහෙමා උනාම මිනිස්සුන්ට හොද වැඩ කරන්න මෝටිවේශන් එකකුත් නරක වැඩ කරන්න බයකුත් ඇති වෙයි..අතුරු පලයක් විදිහට පුජකයෝයි කියා ගන්නා සෙට් එක හම්බු කර ගනියි...මිස් ෆයර් වෙලා ආගම් අතර යුද්ධත් ඇති වෙවී

      මරනයයෙන් පස්සේ මොකද වෙන්නේ කියලා දැන ගැනීමෙන් ඇතිවන ප්‍රයෝජ්‍ය අගය වර්තමාන හරි පීල්ලට ගැනීම නම් මරනය පිලිබද දැනීමෙන් ස්ව්‍යාත්තව ඒ කර්තව්‍ය කරන්න බැරිද?

      නිරාගමිකත්වයේ සීතාම්බර සළුපට.......

      Delete
  3. වැදගත් ලිපියක්... මගේ මරණාසන්න අත්දැකීමක් තියෙනවා අනාගතේ දවසක ලියන්න..

    ReplyDelete
    Replies
    1. ඉඩක් ලැබුනහම ලියල දාන්න, කවිඳු. එක පාරයි මැරෙන්නෙ කිවුවට එක පාරකට වඩා මැරෙන අයත් සෑහෙන්න ඉන්නවා බලාගෙන ගියාම.

      Delete
  4. Patients’ Experiences of NDE

    http://transyl2014.blogspot.ca/2014/10/patients-experiences-of-nde.html

    ReplyDelete
    Replies
    1. Good article with a short summary of the topic and your own experiences. Your blog was not known to me in 2014.

      Delete
  5. මටනම් හිතෙන්නේ සමහර අය හදිසි අනතුරකදී මොලයට ඇතිවන කම්පනය මෙන්ම ශල්‍ය නිර්වින්දන හේතුවෙනුත් යම් යම් ක්ෂිතිමය තත්වයන්ට පත්ව මෙවැනි අදහස් ප්‍රකාශ කරන බවයි.

    ඉතා ගැඹුරින් තවමත් හදාරමින් පවතින විෂයයක්. ඉතා පුළුල්ව සාකච්ඡාවට භාජනය වියයුතුයි.

    වෛද්‍ය ජයතුංගගේ ලිපියත් වටිනා කරුණු රැසකින් යුක්තයි.

    ReplyDelete
    Replies
    1. සමහර දේවල් ගැන අපි දන්නා දේවල් අවසන් නිගමනයකට පැමිණීමට තරම් ප්‍රමාණවත් නැහැ. හැබැයි ඉදිරි කාලය තුළදී මේ දේවල් ගැනත් අපට මීට වඩා හොඳින් දැනගන්න හැකිවෙයි. වඩා විස්තර සහිතව රුවන් ලියා තියෙන්නෙත් එවැනි දෙයක්ම තමයි.

      Delete
  6. මාත් එන්ඩීඊ කතාවක් ලිව්වා කලින්..

    දේශකයා දුටු මාරයා

    ReplyDelete
    Replies
    1. //මේක දිග වැඩි උනා මාරයා දැක්ක දෙවෙනි එක පස්සේ දෙන්නං..// කෝ බං ඒක. දැං මට සිද්ධවෙනව තොට මාරය පෙන්නන්න. හැක්..

      Delete
    2. ලින්ක් එක දිගේ ගිහින් කියවලා ආවා. පුදුම බේරිල්ලක්නේ දේශා බේරිලා තියෙන්නේ.

      අර දකුණු පැත්තේ කකුලට ටවුන්ඒස් එකක් තියන් ඉන්න එකා වෙන්න ඇති නේද මාරයා :D

      Delete
    3. දැන් මට හිතා ගන්න පුළුවන් ටෙස්ලා ගැන මේ තරම් උනන්දුවෙන් ලියන්නේ ඇයි කියලා. :) දේශිකා වෙනුවට වෙන කෙනෙක් වැඩේට අත ගැහුවනම් සොරි ඩොට් කොම් තමයි.

      Delete
  7. හෝලි බයිබලයේ හැටියටනම් මරනාසන්න අත්දැකීමකදී අහසේ කවුළුවක් සෑදී පුද්ගලයා සමාන්තර විශ්වයකට ඇදී යනවා. එහිදී හිරු මෙන් දීප්තිමත් මුහුනක් ඇති ඔපදැමූ පිත්තල කුළුනු දෙකක් වන් පාද ඇති සුදු ලෝගුවක් ඇඳි හොඳින් හඳුනන තැනැත් වහන්සේ කෙනෙක් මුනගැහෙනවා. ඉන්පසු කාටවත් නොතේරෙන අපභ්‍රන්ෂ ටිකක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔය කතාව කියවල තිබුණු සහ විශ්වාස කළ ගොඩක් අය මේ කරුණු ඒ විදිහටම තහවුරු කරල තියෙනවා. ඒ විස්තරනම් බොහෝ විට මතකයේ තැන්පත් වී ඇති ඒ දැනුම නිසා 'ආපසු පැමිණි පසු' හිතුණු දෙයක් විය හැකියි.

      Delete
  8. රිය අනතුරක් නිසා සිදුවුන ඔය වගේ NDE එකක් මටත් තියෙනවා. සුදු පාට එළියකුත් පෙනුණා. දැන් කල්පනා කරනකොට හිතෙන්නේ නම් අධික වේදනාව සහ භීතිය නිසා සිදුවුන චිත්ත රූප මැවීමක් පමණක් බවයි.

    ReplyDelete
    Replies
    1. මේ සුදු පාට එළිය සහ සිරුරෙන් පිටත සිටින අත්දැකීමනම් පහසුවෙන් පැහැදිලි කළ හැකියි. ඒ වගේම කාලය නොදැනීමත්.

      Delete
  9. ඒ වගෙම සමහර අවස්ථාවල අපේ astral body එක ශරීරයෙන් වෙන් වෙලා ගිහින් ආයෙම එන කතන්දරත් බොහොම තියෙනවනෙ..

    ReplyDelete
    Replies
    1. එවැනි කතා තියෙනවා, වර්ෂා. ඒත් එවැනි කතා වල විශ්වාසනීයත්වය ගැන මම හරියටම දන්නේ නැහැ. මෙතැනත් තියෙන මූලික අදහස (උඩින් ඇති පළමුවෙනි ප්‍රවාදයේදී වගේ) භෞතික සිරුර නිවෙස කරගෙන කිසියම් 'සැබෑ' පුද්ගලයෙකු ඇතුළේ ඉන්නවා කියන එකයි. එවැන්නෙක් සිටීද කියන එක තහවුරු කිරීමට සාක්ෂි සෙවීම තමයි උඩින් කී පර්යේෂණයේ මූලික අරමුණ වුනේ. එහෙත්, ඔවුන්ට මුලින් බලාපොරොත්තු වූ පරිදි එය කළ හැකි වුනේ නැහැ.

      Delete
  10. මමනම් මේ දේවල් පිලිබදව ඒ තරම්ම දන්නේ නැහැ, හැබැයි මටනම් හිතෙන්නේ මෙහෙම දෙයක්

    අපිට ඇස් දෙක පියාගත්තට පස්සේ පෙන්නේ නැහැ ඒ ආලෝක තරංග ඇස හරහා මොලයට උත්තේජනයක් දෙන්නේ නැති නිසා, එහෙම බලනකොට මිනිහෙක් මැරෙන්න ආසන්න වෙන මොහොතකදි ඇසේ තියෙන කාච භෞතිකව ඇහෙන් එළියට ගිහිල්ල පෙන්න බැහැ

    හැබැයි අපිට දෙයක් පිලිබදව අපිට තියෙන මතකයන්ගෙන් යම් පරිකල්පනයන් හදාගන්න පුලුවන්, මට මෙතන ඉදගෙන අපේ ගේ මේවගේ කියල දෙයක් මවා ගන්න පුලුවන් හැබැයි ඒ රූපයේ අපිට පෙන්නේ නැහැ. ඒක යම් මතකයක් අවදිකරනව මිසක් රූපයක් පෙන්නේ නැහැ. හරියට හීන පෙනෙනව වගේ, රූප නැහැ සිද්ධි විතරයි ඇත්තටම තියෙන්නේ....

    “මරණය ඔබ ජිවත්වන තුරු ඔබට මුණගැසෙන්නේ නැත. මියගිය පසු ඔබ ජිවත්ව නැත. එබැවින් ජිවිතය සතුටින් ගත කරන්න“ මෙහෙම මතයක් කියපු උද්‍යානවල ජිවිතය ගෙවපු දාර්ශනිකයෝ අතීතයේ යුරෝපයේ සිටිය කියල මම අහල තියෙනව

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් වඩා කිට්ටු ඉහත දෙවන ප්‍රවාදයටයි. මෙයින් වෙනස්ව භෞතික ඇස් නොමැතිව 'දකින්න' පුළුවන් බව විශ්වාස කරන අයත් ඉන්නවා. එවැනි ඇතැම් අය තමන්ගේ මතය තහවුරු කිරීමට මරණාසන්න අත්දැකීම් ගැන කතා කළත් එමඟින් එය තහවුරු වන්නේ (හෝ ප්‍රතික්ෂේප වන්නේ) නැහැ.

      Delete
  11. බුදු දහමේ විස්තර කෙරෙණ අනාත්ම සංකල්පය තේරුම් ගන්න අපහසුයි තමා. මරණින් මතු වෙනත් ස්තානයක නැවත ප්‍රතිසන්ධියක් හට ගන්නවා කියන එකෙන් කියවෙන්නේ මොකක් නමුත් දෙයක් මේ ජීවිතයෙන් එතනට ගමන් කරණ බවක්නේ. එතකොට මේ ජීවිතේ අපි කරණ කුසල් අකුසල් දෙකෙහිම ප්‍රතිවිපාකත් ‍රැගෙන තමයි මේ ගමන සිදු වන්නේ. නිවනින් කෙලවර වෙන තාක් කල් නිශ්චිත අනන්‍යතාවයක් සහිත ශක්තියක්/බලයක්/ආත්මයක් බවයෙන් බවයට ගමන් කෙරෙණා බවක් නෙමේද කියවෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. මම තේරුම් ගන්න හැටියටනම් බෞද්ධ සංකල්පය අනුව ජීවිතය ලෙස අප දකින දෙය යම් රිද්මයකට සිදුවන සිදුවීම් පෙළක් එක් තනි සිදුවීමක් ලෙස ගැනීමේ ප්‍රතිඵලයක්. විදුලි බල්බ පේළියක එකක් නිවෙන විට ආසන්නව ඇති එක දැල්වෙනවානම් මේ බල්බ පේලිය දිගේ යමක් ගලායනවා වගේ අපට පේනවා. එවිට එහි ආරම්භයක් හා අවසානයකුත් පේනවා. මේ ගලායන දෙය අපේ මනසේ නිර්මාණයක්. ඒ බව තේරුම් ගත් විට ඉතිරි වන්නේ නිවෙන දැල්වෙන තනි විදුලි බුබුළු පමණයි.

      Delete
    2. ජීවිතය සම්බන්ධයෙන් ඔබ කියන එක මට වටහා ගන්න පුළුවන්. ඒත් ජීවිත දෙකක් (මේ ජීවිතය හා මතු ජීවිතය) සම්බන්ධයෙන් ගත්තාම ඒ දෙක අතර තියන සම්බන්ධය තමා ආත්ම සංකල්පයෙන් බැහැරව තේරුම් ගන්න අමාරු... මෙතනදි ආත්ම සංකල්පය බැහැර කරලා හිතන්න තිබුනා පෙර ජීවිතේ කුසල්, අකුසල් මේ ජීවිතේදි විපාක නොදෙන තත්ත්වයක් තිබුනනම්...

      Delete
  12. මට ලඟදි ඇහුනා බය හිතෙන දෙයක්. කෝමා එකක ඉඳල නැවත ඇහැරුන කෙනෙක් කියල තිබුනා කෝමා එකේ ඉන්න කොට අන් අය කියපු දේවල් ඇහුන කියලා.
    සිහි නැතුව නින්දක ඉන්න එක කමක් නෑ. ඒත් එහෙම නැතුව සිත වැඩකරනව හැබැයි කෝමා එකක . එහෙම කාලයක් ඉන්නකොට පිස්සු හැදෙයි නේද?

    ReplyDelete
    Replies
    1. http://akurublog.blogspot.com/2015/10/111.html
      මේ තියෙන්නෙ කතන්දරේ

      Delete
    2. ඒකනම් පිස්සු හැදෙන කතාවක්.

      Delete
  13. Replies
    1. අපේ ඇස් වලට සංවේදී නොවන තරංග ආයාම අපේ සිරුර වටා තියෙනවා. මේ තරංග ආයාම සිරුරේ භෞතික හා මානසික තත්ත්ව අනුව වෙනස් වෙනවා. මේ තරංග උපකරණ මඟින් හඳුනාගෙන ඒ අනුසාරයෙන් අපේ සිරුරේ තත්ත්වයන් ගැන දැනගැනීමේ හැකියාවක් තියෙනවා.

      Delete
  14. යාවං ජීවං සුඛං ජීවෙත්
    ඍණං කත්වා ඝෘතං පීවෙත්
    භස්මී භූතස්‍ය දේහස්‍ය
    පුනරාගමනං කුතඃ
    - චාර්වාක

    ReplyDelete
    Replies
    1. (ඉන්න ටිකේ ජොලියෙ ඉඳිං
      ණයට අරං හරි ගිතෙල් බීපං
      මැරී ආදාහණය කළ පසු
      නැවත ඒමක් කොයින්ද?)

      Delete
    2. බලාගෙන ගියහම දැනුත් ගොඩක් ඉන්නේ චාර්වකව අදහන අයනේ...ඍණං කත්වා ඝෘතං පීවෙත්!

      Delete
  15. මරණය රමණය තරම්ම සුන්දර කර ගැනීම අපි අපිටම භාර කටයුත්තක්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. 'ණය' ඒ විදිහටම තියාගෙන 'මරා' විතරක් අනිත් පැත්ත පෙරළල දැම්මහම කොයි තරම් සුන්දරද?

      Delete
    2. ඒක හොඳයි. රමණය, මරණය තරම් අසුන්දර කරනවට වඩා.

      Delete
  16. ආත්මය කියන එකට බවුතික සරිරයක් නෑනේ, එතකොට පේන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඇතැම් අය විශ්වාස කරන ආත්මය කියන දෙය සංවේදනා දැනිය හැකි දෙයක්. මෙවැන්නක් ඇති බව තහවුරු කිරීමට (හෝ ප්‍රතික්ෂේප කිරීමට) නිශ්චිත සාක්ෂි නැහැ.

      Delete
  17. ඕන් මාත් ආවා..
    අපූරු විස්තරයක්. ගොඩක් කැමති මාතෘකාවක්...
    කීපදෙනෙක්ගේ මරණාසන්න අද්දැකීම් අහලා තියනවා.. හරිම විශේෂයි ඒවා...

    ReplyDelete
  18. මරණය කියන්නේ මිනිස්සුන්ට කාලයක් තිස්සේ උත්සාහ කරලත් තවමත් විසඳාගත නොහැකි වුනු ගැටළුවක්..ලස්සනම වැඩේ කියන්නේ ඉදිරිපත් වෙලා තියන තියරි ටෙස්ට් කරලා ජීවත් වුනු කෙනක් නැති එක..

    ස්තුතියි මේ විස්තරයට..

    ReplyDelete
  19. වසර අටකට පමණ පලමු දරුණු හෘදයාබාධයක් වැළඳුනු අවස්ථාවක මරණාසන්න අත්දැකීමක් විදිහට මට දැනුනේ නම් එකම දෙයයි. " හෙට එළිවෙන්නට පෙර මම මැරෙන්නයි යන්නෙ " කියල ඉතාම ප්‍රබලව හිතට දැනුනා.

    ReplyDelete
    Replies
    1. කොහොම හරි වැඩේ ගොඩදාගත්ත එක ලොකු දෙයක්!

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget