Saturday, March 5, 2016

මරණය දුකක් වන්නේ කාටද?


දුක විස්තර කෙරෙන "තත්‌ථ කතමං දුක්‌ඛං අරියසච්‌චං? ජාතිපි දුක්‌ඛා, ජරාපි දුක්‌ඛා, මරණම්‌පි දුක්‌ඛං, සොකපරිදෙවදුක්‌ඛදොමනස්‌සුපායාසාපි දුක්‌ඛා, අප්‌පියෙහි සම්‌පයොගො දුක්‌ඛො, පියෙහි විප්‌පයොගො දුක්‌ඛො, යං පිච්‌ඡං න ලභති තම්‌පි දුක්‌ඛං, සංඛිත්‌තෙන පඤ්‌චුපාදානක්‌ඛන්‌ධා දුක්‌ඛා." යන සච්ච විභංග පාඨය අප බොහෝ දෙනෙකු බොහෝ වර අසා ඇත. මෙහි කියවෙන්නේ දුකට හේතු වන කරුණු ගැනය.

මේ කරුණු වලින් දෙකක් හැර අනෙත්වා සම්බන්ධව බෞද්ධයෙකු නොවන කෙනෙකුට වුණත් ලොකු අවුලක් තිබිය නොහැකිය. වයස්ගත වීම, අප්‍රියයන් හා එක්වීම වැනි කරුණු දුකට හේතුවන බව ප්‍රත්‍යක්ෂ සත්‍යයන්ය. එහෙත්, ටිකක් හිතා බැලුවොත් උපත හෝ මරණය දුකක් වන බව එවැනි ප්‍රත්‍යක්ෂ සත්‍යය නොවේ. කිසිවෙකු අපට කියා දී ඇති නිසා හෝ තර්කානුකුල හේතූන් මත විශ්වාස කරනු මිස උපත හෝ මරණය දුකක් බව අපට ප්‍රත්‍යක්ෂ කළ හැකිද?

මේ ගැන කතා කරන්නට පෙර වියාචනයක් (රවිගෙන් උගත් වචනයකි.) කරන්නට සිදුවේ. මේ ලිපියෙන් කිසිවෙකුගේ ආගමික විශ්වාසයන්ට අපහාසයක් කිරීමේ අරමුණක් නැතත් එසේ සිදුවනවානම් ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරනු හැර වෙනත් කළ හැකි දෙයක් නැත. මා හිතන දේවල් මා නොලිවුවොත් ඒවා ලියන්නට වෙන කෙනෙක් නැති විය හැකිය. 

මේ දෙකෙන් මරණය ගැන පළමුව කතා කළහොත්, මියයන අයෙකුගේ අවසාන අත්දැකීම කුමක්ද කියා හරියටම දැනගැනීමට අපට කිසිම ක්‍රමයක් නැත. මේ තත්ත්වයට කිට්ටුවම අපට ඇති පළමෝත නිරීක්ෂන වන්නේ කිසියම් හේතුවකින් මරණය කිට්ටුවටම ගොස් ආපසු පැමිණි අයගේ මරණාසන්න අත්දැකීම්ය. මේ වන විට එවැනි අත්දැකීම් ලැබූ දහස් ගණනක් විසින් වාර්තා කර ඇති අත්දැකීම් වල කිසියම් සමානත්වයක් තිබේ.

මාසයකට පමණ පෙර රසික විසින් ඔහු ලැබූ මෙවැනි අත්දැකීමක් විස්තර කර තිබුණේය. එය වෙන
ත් අය ලැබූ එවැනි අත්දැකීම් වලින් ලොකුවට වෙනස් නොවේ.

ඊ ළඟට මං හිටියේ ඇඳක් උඩ වැතිරිලා. "ලෙඩා ගේ හාට් එක නතර වුණා!" නර්ස් කියනව දොස්තරට.

"ඔව්, මටත් තේරුණා ඒක. හරිම සැන්ශේෂණල් ෆීලින් එකක් නේ තියෙන්නේ!" මං නර්ස්ට කිව්වා.


මෙවැනි අත්දැකීම් වාර්තා එකතුවක් පවත්වාගෙන යන http://www.nderf.org වෙබ් අඩවියේ මේ වන විට එවැනි සිදුවීම් පිලිබඳ වාර්තා 4100ක් සටහන්ව ඇත. ඒ අත්දැකීම් පැහැදිලි කිරීම පසෙකට තබා දැනට යම් සාරාංශගත කිරීමක් පමණක් කළහොත් බොහෝ දෙනා ලබා ඇති අත්දැකීම් මෙසේය.

-ඉතා දීප්තිමත් ආලෝකයක්
-හැම දිශාවම දර්ශනය වන පෙනීමක් (panoramic view)
-තමන්ගේ සිරුරින් ඉවත්ව සිටිනාවක් වැනි හැඟීමක්
-කාලය නොයන බව හෝ කාලය පිලිබඳ හැඟීමක් නොමැති තත්ත්වයක්
-වඩාත්ම වැදගත් කරුණ: වේදනාවක් නැති සහනදායී හැඟීමක් 


මරණාසන්න මොහොතේදී තමන්ට ඉවසන්නට අමාරු තරමේ වේදනාවක් දැනුනු බවක් බොහෝවිට වාර්තා වී නැති අතර වාර්තා වී ඇත්තේ එහි අනිත් පැත්තයි. කෙසේවුවද, තමන් ජීවත්ව සිටියදී බැඳී සිටි යමක් සිහිව නැවත හැරී ආ බවද බොහෝ විට කියැවී ඇති දෙයකි.

මරණාසන්න අත්දැකීම් වාර්තා කර ඇති අය ඒ තත්ත්වයට පත් වූවන්ගේ අහඹු නියැදියක් ලෙස අපට නිශ්චය කිරීමට නුපුළුවන. මරණයට පත්වන අයගේ අත්දැකීම්, ඇතැම් විට, මෙසේ මරණය ආසන්නයටම ගොස් ආපසු හැරී එන අයගේ අත්දැකීම් වලින් වෙනස් වන්නට පුළුවන.

මෙසේ ආපසු හැරී එන අය වෙනස් වන්නේ මේ ක්‍රියාදාමය අතරතුර යම් මොහොතක ඇතිවන ජීවත්වීමේ ආශාව නිසාද? එසේනම්, මියයන අය අවසන් මොහොතේ එවැනි ආශාවක් ඇති නොවූ, අර රසික විස්තර කළ සැන්ශේෂණල් ෆීලින් එකෙන්ම මරණයට පත්වූ අයද? එසේ නැත්නම්, තමන් ආශා කළ දේ සිහි කරමින්, ආපසු ඒමට නොහැකි වීම ගැන විශාල දුකකින් ඔවුන් මරණයට පත් වනවාද?

අප දැඩි සේ ආදරය කරන කෙනෙකු සදහටම වෙන්වීම අපට විශාල දුකකි. ඇතැම් විට මියයන පුද්ගලයෙකුටද තමන් ආශා කළ සියළු දෙයින් සදහටම වෙන්වීමට සිදුවන බව සිහිවීම මරණාසන්න මොහොතේ ඇතිවන විශාල දුකක් වන්නට පුළුවන. ඒ හැරුණු විට මරණය හා අදාළ විශාල ශාරීරික වේදනාවක් ඇති බවක්නම් පෙනෙන්නේට නැත. මරණාසන්න අත්දැකීම් වලින්ද පසුවට එන මේ අවසන්ම අවසන් මොහොත කවරක් වුවද, ඒ ගැන විශ්වාස කරනු මිස ප්‍රත්‍යක්ෂයෙන් දැන ගැනීමේ හැකියාවක් අපට නැත.

මේ මරණය ගැනය. එසේනම්, ඉපදීම දුකක්දැයි අපට ප්‍රත්‍යක්ෂයෙන් දැනගත හැකිද?


(Image: www.desktopwallpapers4.me)

14 comments:

  1. ඉපදීම වගෙම මරණයත් දුකක් වග බුදුන් වහන්සේ දේශනා කරල තියෙනව නෙ?
    ඔවැනි අත්දැකිම් ගොනු කරල තියෙනව නේ හුඟක්? :) අගෙයි නිර්මාණය

    ReplyDelete
  2. nderf org has some nice stories. tks

    ReplyDelete
  3. අප අසා කියවා ඇති (එනම් දෙවන ගණයේ) අත්දැකීම් නිසා ඔය දීප්තිමත් ආලෝකය, සිරුරෙන් පිට සිට සිරුර දැකීම වැනි දේ පෙනුනා යැයි "ආපසු ආ පසු" සිතෙනවා විය හැකියි.

    මට නම් දැන්ම යන්න බෑ කියා හිතුනේ යන්නට පෙර කරන්නට ඇති වාඩ දෙකක් අඩු වශයෙන් සිහි වූ නිසයි. එලෙස සිතුණු බව නම් සත්‍යයක් කියායි මට හිතෙන්නේ.

    ස්තුතියි මැට්ස්!

    ReplyDelete
    Replies
    1. ඔබ හිතන විදිහ තමයි නිවැරදි වෙන්න වැඩිපුරම ඉඩ තියෙන්නේ.

      Delete
  4. සමාන්‍යයෙන් අපි නිතර කියන "ජීවිතය අනියතයි, මරණය නියතයි" යන බෞද්ධ පසුබිමක් සහිත කියමනද තර්කානුකූලව නිවැරදි එකක් නොවේ...

    ජීවිතය අනියතයි යැයි කියන්නේ ජීවිතය කොයි මොහොතේ අවසාන වේ දැයි හරියටම කිව නොහැකි නිසාය. එනම් මරණය කොයි මොහොතේ සිද්ධ වේ දැයි නොදන්නා නිසාය. ඉතිං මේ අනියතයි කියන්නේ ඇත්තෙන්ම මරණයටමය.

    අනිත් අතින් මරණය නියතයි කියන්නේ කවදා හෝ එය සිදුවෙන බව දන්නා නිසාය. නියත මරණයක් සඳහා අවශ්‍යම කාරණයකි ජීවිතයක් තිබීම. එනම් නියත මරණය හිමිවන්නේ නියත වශයෙන්ම ජීවිතයක් තිබුණහොත් පමණි.

    //මා හිතන දේවල් මා නොලිවුවොත් ඒවා ලියන්නට වෙන කෙනෙක් නැති විය හැකිය// like this a lot...

    ReplyDelete
    Replies
    1. //මා හිතන දේවල් මා නොලිවුවොත් ඒවා ලියන්නට වෙන කෙනෙක් නැති විය හැකිය//

      එවැනි හේතු නිසා යන්නට ගිය ගමන් ආපසු ඒමට ද හැකිවේ!

      Delete
    2. ඔවු, තිසර. නියත මරණයක් තියෙන්නනම් නියත පුද්ගලයක් ඉන්න ඕනෑනේ . රසික කියන එකත් ඇත්ත. මෙයත් එක් ආකාරයක තණ්හාවක්ම තමයි.

      Delete
  5. අපි යම් දිනක මේ දේවල් ඔක්කොම අතෑරලා යන්න ඕනි..නමුත් එසේ යන වෙලාව කාට කියන්න ඇහැකිද?

    ReplyDelete
  6. අපි යම් දිනක මේ දේවල් ඔක්කොම අතෑරලා යන්න ඕනි..නමුත් එසේ යන වෙලාව කාට කියන්න ඇහැකිද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කියනවනම් මැරුණට පසුව හරියටම මැරුණු වෙලාව කියන එක වුණත් අමාරු දෙයක්.

      Delete
  7. මරණයට පත් වන්නේ ඉපදෙන නිසාවෙනි.ඒ නිසා ඉපදීම ද දුකක් විය හැකිය.මෙහි දුක යන්න ශෝක දුක ද නැත්නම් වඩා ගැඹුරින් දක්වන දුක දැයි පටලවා නොගත යුතුයි.
    ඔය මැරෙන වෙලාවෙ තියෙන සැහැල්ලුවයි,ධ්‍යාන වලට සමවැදුනම දැනෙන සැහැල්ලුවයි,මත්ද්‍රව්‍ය වලින් ලබාගන්නා සැහැල්ලුවයි අතර සම්බන්ධතා තියෙනවාද කියලා ගස්ලබ්බට හෙන ප්‍රස්නෙ.. හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. //මරණයට පත් වන්නේ ඉපදෙන නිසාවෙනි.ඒ නිසා ඉපදීම ද දුකක් විය හැකිය.//මමත් හිතන්නේ ඉපදීම දුකක් වෙන්නේ ඒ අර්ථයෙන් බවයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget