පැණිරස කෑමට සහ තෙල් කෑමට හෝමෝ සේපියන්ස්ලාගේ ඇති කැමැත්ත ජාන වලින්ම එන එකකි. සියවස් කිහිපයකට පෙර මැල්තුසියානු උගුලෙන් ගැලවෙන තුරු, අතළොස්සක් හැර ලෝකය පුරා ජීවත් වූ මිනිසුන්ගේ සාමාන්‍ය ඉරණම වූයේ ජීවිත කාලය පුරාම කුසගින්නෙන් පීඩා විඳීමයි. වසර දස දහස් ගණනක් වූ මේ දීර්ඝ කාලය තුළ වැඩි කැලරි ප්‍රමාණයක් ලබා ගත හැකි ආහාර වන සීනි හා තෙල් අඩංගු ආහාර යනු කෙනෙකුට කලාතුරකින් ලැබුණු 'සුඛෝපභෝගී භාණ්ඩ' විය.
අපේ මුතුන් මිත්තන්ට බොහෝ විට ඉඳහිට හෝ කන්නට ලැබුණු ප්‍රධානම සීනි ප්‍රභවය වූයේ ඉදුණු පළතුරකි. ආහාර කල් තබා ගැනීමේ හා සුරක්ෂිතව ප්‍රවාහනය කිරීමේ ක්‍රම පිලිබඳ දැනුම අපට ඉතාම මෑතක් වන තුරුම නොතිබුණු දැනුමකි. ඒ නිසා, අපේ දීර්ඝ පරිණාමික ඉතිහාසය තුළ මෙවැනි ඉදුණු පළතුරු පිරුණු ගසක් හදිසියේ දක්නට ලැබුණු විට කළ හැකිව තිබුණු හොඳම දෙය වූයේ හැකිතාක් එවේලේම ආහාරයට ගැනීමයි. යම් හෙයකින් වාසස්ථානය වෙත ගෙන ආවද නරක් වෙන්නට පෙර අළුත් පිට ආහාරයට ගැනීම වඩා තර්කානුකූල විය. එසේ ආහාරයට ගන්නට ප්‍රිය කළ ජාන සැකැස්මක් තිබුණු අය එසේ නොතිබුණු අයට සාපේක්ෂව කුසගින්නෙන් මියගියේ අඩුවෙනි. මේ නිසා, කල් යාමේදී ඉතිරි වූයේ පැණිරසට ප්‍රිය කරන්නන්ගෙන් පැවත එන්නන්ය. මේ අයුරින්ම, අධික කැලරි ධාරිතාවක් ඇති මේදය පිරුණු ආහාර වලට ප්‍රිය කළ අයටද පරිණාමික වාසියක් ලැබුණේය.
ඉතා කිට්ටු තරංග ආයාම ඇති කොළ, රතු හා කහ පැහැයන් වෙන් වශයෙන් දුර සිටම හඳුනාගත හැකි පරිදි මේ තරංග ආයාම පරාසයේදී සංවේදී වන (කොළ හා රතු) කේතු සෛල වර්ග දෙකක්ම අපේ ඇස් වල පරිණාමය වුණේත් මෙසේ ඉදුණු සහ නොඉදුණු පළතුරු ඇති ගස් දුර සිටම හඳුනාගත හැකි වන පරිද්දෙනි. එමෙන්ම, පිරිමින් දඩයම් කරද්දී, සිය වාසස්ථාන අවට පලවැල නෙළූ කාන්තාවන්ගේ දෘෂ්ඨිය පිරිමින්ගේ දෘෂ්ඨියට වඩා හොඳින් පරිණාමය වී ඇත්තේත් මේ නිසාය.
කුසගින්නේ පෙළෙන මිනිසුන් තවමත් ලොවේ අඩු නැතත්, කාර්මික විප්ලවයෙන් පසු අපේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීමේ හැකියාවන් ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වීමත්, වැය කරන දෛනික කැලරි ප්‍රමාණය විශාල ලෙස අඩුවීමත් නිසා දැන් අපේ මේ පරිණාමික අතීතය අපේ අයහපතට හේතු වී ඇත. සීනි සහ තෙල් වලට අපේ ඇති සහජ කැමැත්ත දියවැඩියාව, හෘදයාබාධ, ආඝාත මෙන්ම පිළිකා වැනි ආයුෂ කෙටි කරන රෝග රැසකට හේතු වේ. එහෙත්, සහජ කැමැත්ත නිසා බොහෝ දෙනෙකු 'අකාල මරණ' වලට ඇති කැමැත්ත කෙසේ වෙතත් 'කාල මැරෙන' එකට කැමතිය.
පහතින් ඇත්තේ එසේ 'කාල මැරෙන්නට' කැමති අයට කේරළ රසකැවිලි වට්ටෝරු දෙකකි.
නෙය්යප්පම්
අච්චප්පම්
හෑ.. මේ කැවුමුයි කොකිසුයි නේද?
ReplyDelete//කුසගින්නේ පෙළෙන මිනිසුන් තවමත් ලොවේ අඩු නැතත්//
මේ නම් ඉතිං ආහාර නැව් පිටින් මූදෙ දාන හිංදනෙ.
කොහොමින් හරි..
සුබ සිංහල දෙමල අලුත් අවුරුද්දක් වේවා..!!
ජයවේවා..!!
අපේ කැවුම් හා කොකිස් වලට බොහෝ දුරට කිට්ටුයි. අච්චප්පම් වලට සීනිත් එකතු කරන නිසා පැණිරසයි. ඔබටත් සුබ අළුත් අවුරුද්දක්!
Deletegood explanation
ReplyDeleteHappy new year!
Deleteකේරලයයි , ලංකාවයි අතර පුදුම සමාන කමක් තියෙන්නේ....
ReplyDeleteඉකොනොමැට්ටට සුභා අළුත් අවුරුද්දක් වේවා....
මේපාර ඉකොන්ගේ අවුරුදු මේසායට හෙල කෑමක් උන ලොලිපොප් එකතු කර ගැනීමට අමතක... කරන්න එපා
ලොලි පොප් ද හෙල කෑමකි........
සිංහල බාශාවට එකතුවී ඇති දෙමළ වචන කියා හඳුන්වන වචන වැඩි හරියක් මලයාලි බාශාවෙන් ලැබුණ වචන.
Deleteමයියගේ ලොලිපොප් පෝස්ට් එක කියෙවුවා. කිතුල් පැණි උණු කරලා හකුරු හදන වෙලාවට කෝටුවක පොතු ඇරලා දැහැටි කූරක් වගේ එකක් හදාගෙන හදාගෙන ලඟට වෙලා බලා ඉන්නකොට පැණි උණු කළ වැඩිහිටියෙක් ඒක පැණි එකේ ඔබලා දීලා තියෙනවා. පැණි ටික හයි වුනාම සිංහල ලොලිපොප්.
Deleteජගත්: දෙමළ හා මලයාලි වචන ගොඩක් කිට්ටු නිසා කොයි පැත්තෙන් ආවද කියල හොයන්න අමාරුයි. සමහර වචන සිංහලට එකතු වෙන්න ඇත්තේ දෙමළ සහ මලයාලම් භාෂා දෙක එකම මූලයකින් විභේදනය වෙන්න කලින් වෙන්නත් පුළුවන්. පැහැදිලිවම කේරළයෙන් පැමිණි වචන වගේම වෙනත් බොහෝ දේවලුත් තියෙනවා. කේරළයේ 'විෂු' නමින් මේෂ සන්ක්රාන්තියත් සමරනවා. (සිංහල සංස්කෘතියට ලොකුම බලපෑම් කළ ඉන්දියානු ප්‍රදේශ වන බෙංගාලයේ වගේම කේරළයේත් මෙය සැමරීම විශේෂ කරුණක්.)
දෙන්නටම සුබ නව වසරක්!
කොකිස් කියන්නේ පෘතුගීසීන්ගෙන් ලැබුනු කෑමක් නේද?
ReplyDeleteආ මේ ඒවාද???
ReplyDeleteමේ අවුරුද්දේ දියවැඩියා රෝගීන් වැඩි වෙලාලු ඕන්..
ඉකොනොමැට්ටාාට ලබන වසර සුඹ ම සුඹ නව වසරක් වේවා..
සුඹ ම සුඹ ???????????????
Deleteස්තූතිවිචාරක වරද පෙන්ුවාට..
Deleteහදිසියේ ලියන් ගියේ...
දෙන්නටම සුබ නව වසරක්!
Deleteනැහැ අවූරුදු නිසා සල්ලි දිලා දෙල්කඳ පොලෙන් ගත්තා
ReplyDeleteසුබ නව වසරක්, ඇනෝ!
Deleteඅවුරුදු කාලේ මේ වගේ තෙල් සීනි වැඩි සුඛෝපබෝගී කෑම නිතරම උයන්නේ ලංකාව ගොවි සමාජයක් නිසා නේද? අවුරුද්ද පුරාම කෑම අරපිරිමැස්මෙන් පාවිච්චි කරලා අස්වැන්න නෙලන මැදින් බක් මාසවලදී වැඩිපුර කන්න ශක්තිය වැඩිකරගන්න සැලැස්මක් තමා අවුරුදු උත්සවය කියන්නේ..
ReplyDeleteනෙයියප්පම් කැවුම් වගේ උනාට කැවුම් නෙවි..(රෙසිපි එකට අනුව)
ශීත කළ නෙයියප්පම් පැකට් අපි සාමාන්‍යයෙන් මිල දී ගන්නවා. මෙහි ඇති රෙසිපි එකේ පොඩි වෙනස්කම් තිබුණත් රසේ ලොකු වෙනසක් නැහැ. සුබ නව වසරක්!
Deleteඅප්පම් හරි මම්මම් හරි කොහේ හැදුවත් රසකැවිලි රසකැවිලිම තමා.
ReplyDeleteනැතුව නැතුව!
Deleteඅතීත පිරිමි ආහාර සෙවීමේදී රංචුවක් ලෙස සංවිධානය වී ලොකු සතුන් දඩයම් කිරීමට හුරුවී සිටියා. ගැහැණු තනිවම ආහාර සෙවීමට හුරුවී සිටියා. එමනිසා පිරිමින්ට කොමියුනිස්ට් හැදියාව වැඩියි. ගෑණුන්ට ඒකීය ලිබටේරියන් හැදියාව වැඩියි.
ReplyDeleteඒකත් හොඳ අදහසක්!
Deleteඅච්චප්පම් නම් මෙහෙ කඩවල දැකල තියෙනවා නම දැනගෙන හිටියෙ නෑ.
ReplyDeleteසුබ නව වසරක්, හැලපේ!
Deleteකොකිස් රෙසිපිය මෙන්ම නමත් ( koekjes )ලන්දේසින්ගෙන් ලැබුනයි කියල තමයි විශ්වාස කරන්නේ.
ReplyDeleteහැබැයි ඒ කාලයේ කේරලයෙන් ආපු එකකට ලන්දේසි නමක් ( කුකීස්/බිස්කට් වලට යෙදෙන ඩච් නම koekjes) වැටුනද කියන්නත් බෑ.
මටත් හිතෙන්නේ බොහෝ විට අපට එන්න ඇත්තේ ලන්දේසින් හරහා බවයි. ලන්දේසීන්ට මේ koekjes වර්ගය එන්නේ ස්කැන්ඩිනේවියානු රටවලින්.
Deleteකේරලේ කොන්ඩ කැව්ම් නැද්ද. ඉඳි ආප්ප නම් තියනවලු නේද ?
ReplyDeleteඉඳි ආප්ප නෑ. එහෙ තියෙන්නෙ ඉඩි අප්පම් :D
Deleteකොණ්ඩ කැවුම් කියන්නේ උනියප්පම්. අච්චුවකින් හදන්නේ. හැඩය ටිකක් වෙනස් වුනත් රස වැඩි වෙනසක් නැහැ. මේ වගේ කොණ්ඩ කැවුම් අච්චුවක් පොඩි කාලේ අපේ ගෙදරත් තිබුණා. ඒ වගේම ඉඩි(දි)යප්පම්, පු(පි)ට්ටු, වටය(ල)ප්පම් ආදියත් කේරළ කෑම. දෙන්නටම සුව නව වසරක්!
Deleteලංකාවෙන් බාගයක්ම කේරල තමයි.
ReplyDeleteලංකාවේ කේරළ මිශ්‍රණය ගැඹුරු හා සංකීර්ණ එකක්. කලින් කලට කේරළයෙන් ලංකාවට පැමිණි අය පසුව සිංහලයින් හා මුස්ලිමුන් වී තියෙනවා.
Deleteසුබ නව වසරක්, රසික!
කරාව මිනිස්සු කියන්නෙත් කේරල මිනිස්සුන්ට. එයාලා ඉස්සර කුලී හේවායො හැටියට ආව අය. ඒ නිසාම අදත් හමුදාවෙ ඉහල පුටු වල ඉන්නෙ කරාව මිනිස්සුමයි.
Deleteනලීන් ද සිල්වාත් කරාව ඒ නිසාද මන්දා පොඩි දේටත් රන්ඩු කරනවා (බොරුවට වෙන්නත් පුළුවන්).
කරාව කුලයේ අය වැඩියෙන් කතෝලික ආගමට හැරීමත් මෙයින් පැහැදිලිකල හැකියි. පෘතුග්‍රීසීන් පැමිනෙනවිට කරාව මිනිස්සු නාමිකව බෞද්ධ වුවත් ප්‍රායෝගිකව හින්දු. හින්දු කෙනෙක්ට කතෝලික ආගමට හුරුවීම පහසුයි.
නම මොකක් උනත් හැඩේ තියෙනව ඒ විදියටම.
ReplyDeleteඅවුරුද්දට කලින් නොනගතේ දෙන්නෙත් ඔය කන තෙල් කෑම ලොට් එකට බඩ හිස්කරල තියාගන්න කියල කියවනෙ.
ඉකොනොටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!