රාජ්‍ය ව්‍යාපාර ගණනාවක ලාබ හා ලාභාංශ භාණ්ඩාගාරයට ලබා දීමක් ගැන ප්‍රවෘත්තියක් දැක්කා. සංසන්දනයක් නොකර මිලියන ගණන් වලින් කතා කළාම එක පාරටම කෙනෙකුට පේන්නේ කලින් නොලැබුණු ආදායමක් අලුතෙන් ලැබුනා වගෙයි.
නමුත් ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ තිබෙන මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය ගිණුම් දෙපාර්තුමේන්තුවේ නිල ගිණුම් වාර්තා අනුව පේන විදිහටනම්, පළමු මාස හයේ සමස්තයක් ලෙස රාජ්‍ය ව්‍යාපාර වලින් භාණ්ඩාගාරයට ලැබුණු ලාබ වගේම ලාභාංශත් පසුගිය අවුරුද්දට වඩා විශාල ලෙස අඩු වෙලයි තියෙන්නේ.
ලාභ (ආදායම් කේතය 2002.03.00):
2025 පළමු මාස හය: රුපියල් 10,666,895,062
2024 පළමු මාස හය: රුපියල් 12,936,599,810
අඩු වීම: 17.5%
ලාභාංශ (ආදායම් කේතය 2002.04.00):
2025 පළමු මාස හය: රුපියල් 1,540,338,315
2024 පළමු මාස හය: රුපියල් 1,970,635,715
අඩු වීම: 21.8%
ඒ වගේම, මම දන්නා තරමින් රාජ්‍ය ආයතන වල ලාභ හා ලාභාංශ භාණ්ඩාගාරයට යවන එක සාමාන්‍යයෙන් උත්සවශ්‍රීයෙන් කරන දෙයක් නෙමෙයි. එසේ කළ යුතු දෙයකුත් නෙමෙයි. මේවා පරිගණකයක යතුරු පුවරුව ඔබලා කරන්න පුළුවන් සරල වැඩ.
"ව්‍යාපාර කරන්න නොදන්න අය හා හොරකම ජීවිකාව වුනු අය රාජ්‍ය ව්‍යාපාර කළාම ඒවා විනාශ වෙනවා" කියලත් කියලා තියෙනවා. හේතුව ඕකනම්, එහෙම විනාශ වෙන රාජ්‍ය ව්‍යාපාර මොනවද කියලා හොයා ගන්න එකයි දැන් කරන්න තියෙන්නේ.
757.4 කොහෙන් ආපු ගානක්ද?
ReplyDeleteඉකොනෝට මේවා දාලා පැලවත්ත නඩෙන් කුණුහරුප අහගන්න වෙන්නේ.
ReplyDeleteමම නියෝජ්‍ය ඇමති තුමාගෙ Linkedin එකට ගිහින් බැලුවා. ඒකෙ මේ Post එක දාලා නෑ. ඒකෙන්ම පේනවා මෙයාලා විචාර බුද්ධිය අඩු, ඕන කෙප්පයක් එක පාර ගිලලා දාලා හතර අතේ විසි කරලා දාන, නූගත් ඕඩියන්ස් එක ටාර්ගට් කරගෙන මේ කෙප්ප කෙලින බව.
ReplyDeleteතමන් කුපාඩිකම් කරමින් අනිත් මිනිස්සුන්ට කුපාඩියැයි කියන මේ මිනිස්සු මිරකල් කරනකම් දායක සභාව බලන් ඉන්නවා...
හොඳ පෝස්ට් එකක් ඉකොනෝ ඇත්තටම ඔයාට මේකේ හෙඩින් එක විදියට දාන්න තිබුණේ "උත්සවශ්‍රීයෙන් බෙදූ ලාභ VS. අඩුවන ගිණුම් වාර්තා: සමාජවාදී රාජ්‍ය ව්‍යාපාරවල අලුත්ම නාඩගම" වගේ එකක්
Deleteමේ දවස්වල ලංකාවේ අභිනව NPP-JVP අලුත් "ව්‍යාපාර දන්නා ආණ්ඩුව" තැනින් තැන රාජ්‍ය ව්‍යාපාරවල ලාභාංශ ගණන් කරලා භාණ්ඩාගාරයට බාර දෙන විදිය ෆොටෝ ගහලා ප්‍රසිද්ධ කරනවා ඔබ දැක්කනේ. රුපියල් මිලියන ගණන්වලින් කතා කරනකොට, පිටතින් බලන කෙනෙකුට හිතෙන්නේ පසුගිය හොරුන්ගේ කාලේ නොලැබුණු විශාල ආදායමක් අනුර කුමාර ජනාධිපතිතුමා මේ රටට අලුතෙන් ගෙනත් දුන්නා වගේ. ඒත්, ඇත්ත කතාව වෙන එකක්!
රජයේ නිල ගිණුම් වාර්තා (මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව) දිහා බැලුවාම පේන්නේ, මේ හැම උත්සවශ්‍රීයෙන් කරන වැඩක් පිටුපසම තියෙන්නේ සැබෑවටම බරපතල කඩා වැටීමක් බවයි.
ඔබ මනාව පෙන්වා දුන් විදියට, 2025 වසරේ මුල් මාස හය තුළ රාජ්‍ය ව්‍යාපාරවලින් භාණ්ඩාගාරයට ලැබුණු සමස්ත ලාභ (ආදායම් කේතය 2002.03) පසුගිය වසරට වඩා 17.5% කින් අඩු වෙලා. ඒ වගේම, ලාභාංශ (Dividends) ආදායම 21.8% කින් අඩු වෙලා! ඒ කියන්නේ, මේ 'හොරකම ජීවිකාව වූ අය' එළවලා ආපු 'දක්ෂ ව්‍යාපාරිකයෝ' අතට රාජ්‍ය ව්‍යාපාර යද්දී, ලාභය අඩු වෙලා!
මේවා ඇත්තටම පරිගණක යතුරු පුවරුවක් ඔබලා කරන්න පුළුවන් සරල මුදල් ගණුදෙනු වෙලා තියෙද්දී පවා මේ වගේ තකතීරු විදියට උත්සව පවත්වා ජනතාව මුලාකිරීමේ කතාව පිටුපස තියෙන්නේ සැබෑ කඩා වැටීමක් වුණත්, ඒවා උත්සවශ්‍රීයෙන් කරන්නේ, අර අඩුවන ලාභාංශයේ නියම කතාව ජනතාවගෙන් සඟවන්නට වෙන්න ඇති.
අනුර කුමාර දිසානායක උන්නැහේ මීට කලින් වේදිකාවල යටිගිරියෙන් විලාප තැබුවා, "ව්‍යාපාර කරන්න නොදන්න අය හා හොරකම ජීවිකාව වුනු අය" රාජ්‍ය ව්‍යාපාර කළාම ඒවා විනාශ වෙනවා කියන එක, දැන් පේන විදියට ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඒකනේ මේකෙන් පේන්නේ
මේ දත්ත අනුව බලද්දී, දැන් හොයා බලන්න තියෙන්නේ 'ව්‍යාපාර කරන්න නොදන්න අය' අතට අරන්, මේ විදියට ලාභය හා ලාභාංශ අඩු කරලා තියෙන්නේ මොන රාජ්‍ය ව්‍යාපාරද කියන එක නේද? විශාල ලෙස පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවය හෝ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) වගේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවට, තිබුණු ලාභයත් අඩු කරන මේ 'නව ව්‍යාපාරික මාදිලිය' රටට හඳුන්වා දුන්නේ කවුද කියලා මේ ජනතාව දැනගත යුතුයි. නැතිනම්, මේ දේශපාලන නාඩගම් පිටුපස සැඟවුණු ආර්ථික අසාර්ථකත්වය නැවතත් රටටම අයිති වෙන්න පුළුවන්.
සමහර සමාජ මාධ්‍ය ජාල වල තියෙන විදියට වර්තමාන ජාජබ ආණ්ඩුවේ ඇමතිවරුන් සහ මන්ත්රීලාට උපයාගත් විදිය ඉතාමත්ම සැකසහිත කෝටි ප්‍රකෝටි ගණනාවක පුදුමාකාර විදියට හදිසියේම පහළ වී ඇති ක්ෂණික වත්කම් වලට හේතුව මේ ලාභ අඩුවීමේ කතාව පිටුපස තිබෙන්නට පුළුවන් කියලත් හිතෙනවා නේද? මැදමුලන රාජපක්ෂ චෞරයන්ට මැණික් මලු පහළ වුණා වගේ ජාජබ මන්ත්රීලාට ඇමතිවරුන්ට පරම්පරාවෙන් පහළ වෙලා තියෙන්නේ මළගිය ඥාතීන් එලොවින් ගෙනත් දීපු රත්‍රං මුතු මැණික් ඉඩම් ක්‍රිප්ටෝ කරන්සි CSE කොටස් වගේ අමුතු වස්තුව, කොටහළු ගෙවල්වලට නත්තල් සීයලා ඇවිල්ල මිලියන ගණන් සල්ලි බෙදලා දීපුවා වගේ දේවල් නේද? ඉඩම් නැතුව අහසේ වගාකරලා වගාවෙන් ලද විශාල ආදායම් වගේ ඒවා බිහිවුණේ කොහොමද නේද?
විදුර,
ReplyDeleteමගේ ප්රශ්නය සමස්තයක් ලෙස භාණ්ඩාගාරයට ලැබුණු ලාභාංශ (2002.04.00) 2024 හා සසඳන විට රුපියල් බිලියන 1.9 සිට රුපියල් බිලියන 1.5 දක්වා පහත වැටී තිබෙන අතරේ එමෙන්ම සමස්ත ලාභ ද බිලියන 12.9 සිට බිලියන 10.6 දක්වා පහත වැටී ඇති බැවින්, රජයේ ඇමති චතුරංග නිල වශයෙන් නිකුත්කර ඇති රුපියල් මිලියන 757.4 ක අගය සමස්ත රාජ්‍ය ආදායමේ කොටසක් මිස, සමස්ත ලාභය නොවන අතර, එය පහත දැක්වෙන ආකාරයේ සුවිශේෂී ගෙවීමක් විය හැකි ද යන්නයි.
මෙය ලැබීමට ඉඩ ඇති ප්‍රධාන මාර්ග දෙකක්
මෙම රුපියල් මිලියන 757.4 ක ආදායම, රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ වාර්තාවල තනි ගිණුම් කේතයක් යටතේ වාර්තා වී ඇත්තේ නම්, ඊට බලපෑ හැකි ප්‍රධාන සාධක දෙකක් තිබේ:
මාර්ගය A: නිශ්චිත ආයතනයක තනි ලාභාංශය
මෙම මුදල නිශ්චිත වශයෙන්ම, යම් ලාභ ලබන කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ රාජ්‍ය ව්‍යාපාරයක් (SOE) විසින් භාණ්ඩාගාරයට ගෙවූ ලාභාංශ වාරිකයක් විය හැකිය.
උදාහරණය: රාජ්‍ය බැංකුවක් (උදා: මහජන බැංකුව හෝ ලංකා බැංකුව) ඔවුන්ගේ කාර්තුවක ලාභයෙන් හෝ රාජ්‍ය රක්ෂණ සංස්ථාවක් වසරේ ලාභයෙන් කොටසක් මෙම කාලය තුළදී මුදල් අමාත්‍යාංශයට නිල වශයෙන් ගෙවා තිබිය හැකිය. රාජ්‍ය ආයතන සාමාන්‍යයෙන් මුදල් යොමු කරන්නේ සෘජු බැංකු මාරුවක් (Keyboard operation) මගින් බැවින්, මෙය උත්සවශ්‍රීයෙන් ප්‍රචාරය වූ අවස්ථාවේදී ගෙවූ මුදල විය හැකිය.
මාර්ගය B: වත්කම් විකිණීමෙන් ලද ආදායම හෝ අනපේක්ෂිත ලාභය
මෙම අගය, ලාභාංශ හෝ ලාභ (2002.03.00 හෝ 2002.04.00) යන කේතයන්ගෙන් ඔබ්බට ගිය, වෙනත් රාජ්‍ය ආදායම් කේතයක් යටතේ වාර්තා වූවක් විය හැකිය.
අනපේක්ෂිත ආදායම්: යම් රාජ්‍ය සමාගමකට අයත් දේපලක් (උදා: පැරණි වාහනයක්, ඉඩමක් හෝ භාවිතයට නොගත් උපකරණ) විකිණීමෙන් හෝ කල්බදු ගිවිසුමකින් ලැබුණු මුදලක් විය හැකිය. එවැනි ආදායම් ද බොහෝ විට රාජ්‍ය ආයතන විසින් භාණ්ඩාගාරයට බැර කරනු ලබයි.
උදාහරණය: රාජ්‍ය ආයතනයක් යටතේ තිබූ යල් පැන ගිය යන්ත්‍ර සූත්‍ර තොගයක් වෙන්දේසි කිරීමෙන් මෙම රු. මිලියන 757.4 ක ආදායම ලැබී තිබිය හැක. මෙම අගය, සමස්ත ලාභ වාර්තා සමඟ සෘජුව සංසන්දනය නොවන නිසා, මෙවැනි එක වර ලැබුණු ආදායමක් විය හැකිය.
දේශපාලන ප්රචාරණයේ උපක්රථයක්
ඔබ පෙන්වා දෙන පරිදි, රුපියල් මිලියන 757.4 වැනි විශාල සංඛ්‍යාවක් ප්‍රසිද්ධියේ ප්‍රචාරය කිරීමේ අරමුණ වන්නේ:
ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම: සමස්තයක් ලෙස ලාභ සහ ලාභාංශ 17% – 21% කින් අඩුවීම වැනි සැබෑ ආර්ථික අසාර්ථකත්වය පිළිබඳ වාර්තාවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම ය.
රජයේ නැති දක්ෂතාවයක් ව්‍යාජ ලෙස මවා පෙන්වීම
නව රජය, "හොරකම් කරනවා වෙනුවට" ලාභ භාණ්ඩාගාරයට ගලා එන බවට වූ දේශපාලන කතිකාව තවදුරටත් ශක්තිමත් කිරීමයි.
මේ අනුව රුපියල් මිලියන 757.4 ක අගය බොහෝ විට ලාභ ලබන SOE එකක් විසින් නිශ්චිත කාලයකදී ගෙවූ ලාභාංශ වාරිකයක් හෝ කලාතුරකින් ලැබෙන අනපේක්ෂිත ආදායමක් විය හැකි අතර, එය සමස්ත රාජ්‍ය ව්‍යාපාර අංශයේ ලාභදායිත්වයේ අඛණ්ඩ වර්ධනයක් නියෝජනය නොකරයි.
එබැවින්, එය සමස්ත ලාභාංශ අඩුවීමේ ප්‍රවණතාවය negate කරන්නේ නෑ නේද?
සඳහන්ව ඇති පරිදි මෙම මුදල කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති රාජ්‍ය ව්‍යාපාර වල මාස නවයක කාලයක ලාභාංශ. ඉහත ප්‍රමාණ සියලුම ආයතන වල මාස හයක කාලයක ලාභාංශ.
Deleteමමත් ඡන්දය දුන්නේ අනුර දිසානායක ජනපතිතුමාට ඒත් මේ ආණ්ඩුවේ ඇමතිවරුන් ඇතුලු කට්ටිය දැන් නම් තනිකරම ජෝක් එකක් බවට පත්වෙලා බහුතර ජනතාවට ආණ්ඩුව එපා වෙලා, ඇත්තටම මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න වලට උත්තර හොයන්නේ නැතුව මාධ්‍ය වල වටිනා කාලය කාදමමින් දෙකයි පණහට බැහැපු කිසිම ආකාරයක ප්‍රායෝගික බලයක් නැති කූඩා විපක්ෂ දේශපාලුවන්ට අවලාද චෝදනා සහ මඩ ප්‍රහාර එල්ල කරමින් ඉන්නවා මිසක් ඇත්තටම ජනතාවට කළ යුතු දේවල් කරන්නේ නෑ, මේ ඒ වගේ කරපු දහසකුත් එකක් ප්‍රෝඩා වලින් තවත් එකක් පමණයි.
ReplyDeleteමේක සමාජ මාධ්‍ය වල පේනවා හොඳටම සමාජ මාධ්‍ය වල එදා දාපු නම් සහ අද කොල්ලන් දමන නම් අතර වෙනස
😂😂😂😂😂😂😂😂😂
අනුර -. පච පියා / කෙබර
හරිනි - ආප්පියා😂
නාමල් කරූ - බුරම් පියා / රිලාපියා
බිමල් - කොණ්ඩම් පියා
සරත් - ලැට් පියා
හේවගේ - කොටහළු පියා/ ඉටිකොලපියා
සමන්ත - කජු පියා / හිල් පියා
චතූ අබේ - අඬන පියා
නලින් ජයා - නිවුස් පියා/ දණපියා
කොට්ටාච්චි - චූපියා..😮
ලාල් - ඩෝප් පියා
හඳුන් - බිග්ච්චන් පියා/ පාන් පියා
වටගල - බූරුවා
වසන්ත - කප්පම් පියා
කෞෂල්‍යා - හොර ප්‍රාඩෝ පියා
විජේපාල - හොර නම් පියා
රන්වල - හොර උපාධි පියා
මනුවර්ණ - මැරපියා/ ලැම්බෝගිනිපියා
ලක්මාලි- වාචාලපියා
.......
ලිස්ට් එක තව දිගයි ලියල ඉවර කරන්නත් බැරි තරමට
අනේ මන්ද අපි ඔක්කොම හැමදාම රැවටෙනවා රාජපක්ෂ දූෂිත හොර පවුල එලවලා රට ගොඩගන්න හිතාගෙන 2015 මෛත්‍රීපාලට දීලා කෙලවගත්තා 2019 නන්දසේනට දීලා කෙළවර වුණා 2022 අරගලයට ගිහිල්ල නන්දසේන එලවලා රනිලා පත්කරගෙන ඒත් අපට කෙලවුණා 2024 අනුරට දීලා දැන් හොඳම එකෙන් කෙලවිලා ඉන්නේ
😮😢😮
මේකට මොනවාද ඇත්තටම අපිට කරන්න පුළුවන්? රටින් පිට රටකට වත් යන එකද?
ඉන්දියන් රේල්වේ සර්විස්
ReplyDelete@ Economatta
ReplyDeleteඔයාට මතක ඇති "ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් පමණක් රටේ සමස්ත ණය ගෙවා දමන" බවට විපක්ෂයේ සිටියදී උදම් ඇනූ සුනිල් හඳුන්නෙත්ති මහතා, වත්මන් ජාතික ජන බලවේග (ජාජබ) ආණ්ඩුවේ කර්මාන්ත ඇමතිවරයා ලෙස, අද මුහුණ දෙන්නේ තමන්ගේම ප්‍රතිපත්තිමය උගුලකට නේද?
අද සිදුකල අමාත්‍යාංශ මාරු කිරීම් පිළිබඳ කැබිනට් සංශෝධන කතාබහ තුළ පවා, 'කට විතරක් තියෙන, වැඩ බැරි' ඇමතිවරයකුට කර්මාන්ත අමාත්‍යාංශය "ලොකු වැඩි" බවට සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචන සහ උපහාසය නැගෙන්නේ නිකම්ම නොවේ.
බොහෝ දෙනා අපේක්ෂා කළේ කැබිනට් සංශෝධනයේදී සමාජ මාධ්‍ය වල "කටවාචාල වැඩ බැරි" ලෙස ලේබල් වැදී ඇති හඳුන්නෙත්ති මහතාට මෙම තනතුරෙන් සමුදෙන්නට සිදුවනු ඇති බවයි. එහෙත් ඔහු තවමත් එහි රැඳී සිටින අතර, ඔහුගේ ක්‍රියාකලාපය වටා ඇති සැකය තවත් තීව්ර වී ඇත්තේ සෙවනගල සීනි කර්මාන්තශාලාව පුද්ගලික අංශයට පවරා දීමේ ගනුදෙනුවත් සමඟයි.
ලංකාවේ බොහෝ සමාජ මාධ්‍ය වල චෝදනා කරන්නේ, මෙය 'හඳුන්ගේ ඩීල්' එකක් බවත්, ගොවීන්ගෙන් හිතාමතාම උක් මිලට නොගෙන ආයතනය බිඳ දමා, 'කුණු කොල්ලෙට' මිලට ගන්නා පිරිසට වාසි සැලසීමට කටයුතු කර ඇති බවත් මෙය පිටුපස ආණ්ඩුවේ ඉහළම නායකයන්ගෙන්ද හඳුන්ට උපරිම සහයෝගය ලැබෙන්නේ ඩීල් එක හැමෝටම වාසි සහගත නිසා බවයි.
වඩාත්ම උපහාසාත්මක වන්නේ, කලක් පුද්ගලීකරණය 'පාපයක්' බවට ඝෝෂා කළ චතුරංග අබේසිංහ වැනි අය පවා මෙම සෙවනගල පුද්ගලීකරණ ගනුදෙනුවට ඍජුවම සහය දීමය. ඔවුන්ගේ දේශපාලන කුහකකම හෙළි කරමින්, ජනතාව ප්‍රශ්න කරන්නේ: "රෙදි ඇඳගෙනද මේ පුද්ගලීකරණය කරන්නේ?" යනුවෙනි.
මේ සියල්ල පිටුපස ඇති 'ත්‍රිවිධ මොළයේ' න්‍යාය වන්නේ, හඳුන්නෙත්ති මහතා විසින් වරක් උදාහරණ ලෙස පෙන්වූ, ආසියාවටම සීනි දිය හැකි කන්තලේ සීනි කර්මාන්තශාලාව ඔහුගේ පාලනය යටතේ යළි ආරම්භ කළහොත්, සෙවනගල කර්මාන්තශාලාව රටට අනවශ්‍ය බරක් වන බවත්, එබැවින් එය විකිණීම 'විද්‍යාත්මකව සාධාරණ' බවත් පෙන්වා දීමය. මෙම උපහාසය තුළින් සෘජුවම ඇඟවෙන්නේ: ඇමතිවරයාගේ ප්‍රතිපත්තිමය පරස්පරතාව සහ ආයතන බිඳ දැමීම හරහා පුද්ගලික අංශයට වාසි සැලසීමට උත්සාහ කරනවාද යන්න පිළිබඳව ජනතාව තුළ ඇති වූ දැඩි සැකයයි.
අවසානයේදී, හඳුන්නෙත්තිගේ උපක්රමයට රැවටී සෙවනගල මිලට ගන්නා ඕනෑම ආයෝජකයෙකුට සිදුවන්නේ, කන්තලේ සීනි ආසියාවම හොල්ලන විට, තමන්ගේ සෙවනගල සීනි ටික කූඹීන්ට කන්න දීමට නොවේද?
මෙමගින් පැහැදිලි වන්නේ, අතිශය දූෂිත පාලන තන්ත්රයක් යටතේදී දේශපාලන බලය සහ පුද්ගලික න්‍යාය පත්‍ර රාජ්‍ය ආයතනවල ඉරණමට බලපාන ආකාරය පිළිබඳව සමාජයේ පවතින දැඩි කලකිරීම සහ අවිශ්වාසය නේද? මේ ගැන විස්තර සහිතව පෝස්ට් එකක් දාන්න පුලුවන්ද?
ගරු පින්වත් රෙනොර් සිල්වා මැතිතුමාගේ ඒ බී සී මාධ්‍ය ජාලයට අයත් හිරු එෆ් එම් ගුවන් විදුලි නාලිකාවේ ප්‍රධාන ප්රවෘත්ති තුළින් ඉකුණෝමට්ටාගේ බ්ලොග් අඩවිය ගැන සඳහන් වුණා
ReplyDeleteඉකොනොමැට්ටා
ReplyDeleteඇත්තටම ඔයා කවදාහරි හිතලා තියෙනවාද ලංකාවේ කෙනෙක් රුපියල් සීයක ගනුදෙනුවක් කාඩ් එකකින් ගෙව්වොත්, එය ලැබුන කෙනාත් අන්තිමට කාඩ් එකෙන් තව කෙනෙකුට ගෙවලා, අන්තිමට හැමෝම ඒ විදිහට කරොත්, ඒ රුපියල් සීයම වගේ ඇමරිකාවේ සමාගමකට ගිහින් ඉවර වෙන්න පුළුවන් කියලා?
මේක අහනකොට පුදුම හිතෙන්න පුළුවන්, ඒත් අපි හැමදාම පාවිච්චි කරන Visa, Mastercard වගේ කාඩ්පත් පිටිපස්සේ තියෙන ඇත්ත කතාව ඕකයි. අපි බලමු මේක වෙන්නේ කොහොමද කියලා.
කාඩ් එකෙන් ගෙවද්දි ඇත්තටම සල්ලි යන්නේ කොහාටද?
ඔයා කඩේකින් හරි, බස් එකේදි හරි ඔයාගේ වීසා (Visa) කාඩ් එකෙන් රුපියල් 100ක් ගෙවුවම, ඒ රුපියල් 100ම බස් කම්පැනියට, කඩේ මුදලාලිට ලැබෙන්නේ නෑ. ඒකෙන් පොඩි ගාණක්, සාමාන්‍යයෙන් 2%ක් 3%ක් වගේ, සේවා ගාස්තු විදිහට කැපෙනවා.
මේ කැපෙන ගාණ කොටස් තුනකට විතර බෙදෙනවා:
ටිකක් ඔයාට කාඩ් එක දුන්නු ලංකාවේ බැංකුවට යනවා.
තව ටිකක් බස් කම්පැනියේ බැංකුවට යනවා.
වැදගත්ම දේ තමයි, මේකෙන් තව පොඩි කෑල්ලක් ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන වීසා (Visa) සමාගමටම යනවා. මොකද ඒගොල්ලොනේ මේ සම්පූර්ණ සිස්ටම් එක ලෝකේ පුරාම හදලා තියෙන්නේ.
මෙන්න මේ ඇමරිකාවට යන සල්ලි කෑල්ල තමයි ප්‍රශ්නේ.
ඉතින් මොකක්ද තියෙන අවුල?
ඔයාගේ රුපියල් 100න් යන සත ගාණ ලොකු දෙයක් නෙවෙයි තමයි. ඒත් හිතන්න, ලංකාවේ හැමෝම බස් එකට, කෝච්චියට, කඩවල් වලින් හැමදාම පොඩි පොඩි ගෙවීම් වලට වීසා, මාස්ටර්කාඩ් පාවිච්චි කළොත්... දවසකට ගනුදෙනු කෝටි ගාණක්!
ඒ හැම ගනුදෙනුවකින්ම සත ගාණේ ඇමරිකාවට ගියහම, දවස අවසානේ වෙනකොට ඩොලර් ලක්ෂ ගාණක්, සමහරවිට ඊටත් වඩා, රටින් පිටවෙලා ඉවරයි. ඩොලර් හිඟයක් තියෙන, හැම ඩොලර් එකක්ම වටින අපේ වගේ රටකට මේක ලොකු පාඩුවක්. අපි නොදැනුවත්වම අපේ සල්ලි පිටරට සමාගම් වලට පොම්ප කරනවා වගේ වැඩක් තමයි වෙන්නේ.
එහෙනම් දියුණු රටවල් මේක කරන්නේ කොහොමද? හොඳම
උදාහරණය: සිංගප්පූරුව
හරි, එහෙනම් මොකක්ද විසඳුම? අපි බලමු ලෝකේ දියුණුම රටක් වෙන සිංගප්පූරුව මේ වැඩේ කරන විදිහ.
බස් එකට/කෝච්චියට EZ-Link කාඩ් එක:
සිංගප්පූරුවේ බස් එකට, කෝච්චියට (MRT) යන්න ගොඩක් අය පාවිච්චි කරන්නේ "EZ-Link" කියලා කාඩ් එකක්. මේක හරියට අපේ ෆෝන් එකට රීලෝඩ් දාගන්නවා වගේ. කාඩ් එකට සල්ලි දාගන්නවා (top-up), බස් එකට නගිනකොටයි බහිනකොටයි මැෂින් එකට tap කරනවා, ගානක් කැපෙනවා. මේ සල්ලි ඔක්කොම තියෙන්නේ සිංගප්පූරුව ඇතුළේ එයාලගේම සිස්ටම් එකක. Visa එකට වගේ ඇමරිකාවට ඩොලර් යන්නේ නෑ. සම්පූර්ණ මුදල් රට ඇතුළෙමයි කැරකෙන්නේ.
කඩවල් වලට NETS සිස්ටම් එක:
ඊළඟට කඩවල් වලට, කෑම කඩවල් වලට ගියාම ගෙවන්න "NETS" කියලා එයාලගේම සිස්ටම් එකක් තියෙනවා. මේකත් එයාලගේ බැංකු එකතු වෙලා හදාගත්ත දෙයක්. ඔයා NETS එකෙන් ගෙවුවම, සල්ලි යන්නේ එක සිංගප්පූරු බැංකුවකින් තව එකකට. ගනුදෙනු ගාස්තුත් හරිම අඩුයි, සල්ලි රට ඇතුළෙමයි තියෙන්නේ.
ඒගොල්ලන්ගේ බෑන්ක් කාඩ් එකෙත් , ඒ කියන්නේ වීසා කාඩ් එකෙත් NETS එක තියෙනවා. බෑන් කාඩ් එකෙන් ගෙව්වත් Visa or master company වලට සල්ලි යන්නේ නෑ.
අපිට කරන්න පුළුවන් දේ
දැක්කද? සිංගප්පූරුව වගේ දියුණු රටක් වුණත් එයාලගේ පොඩි පොඩි ගනුදෙනු වලට තමන්ගේම සිස්ටම් පාවිච්චි කරන්නේ රටේ සල්ලි රටේම තියාගන්න.
අපිටත් මේක කරන්න පුළුවන්. අපිටත් "LankaQR" තියෙනවා. ඔයා ෆෝන් එකෙන් QR කෝඩ් එකක් ස්කෑන් කරලා ගෙවද්දී වෙන්නෙත් NETS එකේ වගේම දෙයක්. සල්ලි යන්නේ ලංකාවේ එක බැංකුවකින් තව එකකට. රටින් සතයක්වත් පිට යන්නේ නෑ.
ඉතින්, ඊළඟ පාර බස් එකට ගෙවන්න ක්‍රමයක් හදනකොට Visa, Mastercard වගේ ලේසි ක්‍රම දිහා විතරක් බලලා මදි. අපේම LankaQR වගේ දේවල් හෝ EZ-Link වගේ දේශීය කාඩ් පද්ධතියක් පාවිච්චි කරන එක තමයි රටට හොඳම දේ. ඒක පොඩි දෙයක් වගේ පෙනුනට, අපි හැමෝම එකතු වෙලා කරද්දී අපේ ආර්ථිකයට ලොකු ශක්තියක් වෙනවා.
ඔය රජයේ මහත්වරුන්ට පුළුවන් නිකමට හරි.. මිනිස්සු මිලියනයක්.. රුපියල් සීය ගානෙ දවසකට.. බස් එකට වියදම් කළොත් කොච්චර ගාණක්.. අවුරුද්දකට පිටරටට යනවද කියලා ගණන් හදල බලන්න..
කෝටි පහකට වඩා නිකම්ම පිටරට ගිහිල්ලා..
ඒක හින්දා.. local bank network එකක් හරහා මේ වැඩේ කරන එක ගැන සලකා බලන්න මොලේ පෑදේවා.
අනිත් අයවත් දැනුවත් කරන්න ශෙයා කරන්න. චීනය වගේ රටවල් සියලුම ගනුදෙනු Wechat වගේ ඒවා හරහා කරන විදිහට ලංකාවේ අපිත් LankaPay එක ශක්තිමත් කරන්න ඕනේ හරියට මැදපෙරදිග රටවල තියෙන mada Pay වගේ ක්‍රමයක් දැනට තිබෙන වීසා මාස්ටර්කාඩ් වගේ රටේ ජාතික ධනය සූරාකන ආයතන වලින් ස්වායත්තව වැඩ කරන එකක් එහෙම නේද?