පසුගිය (2025) වසරේ ලංකාවේ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 13,581.4ක්. පෙර වසරේ (2024) භාණ්ඩ අපනයන ආදායම වූ ඩොලර් මිලියන 12,772.0 එක්ක බලද්දී මෙම ආදායමේ 6.34%ක ඉහළ යාමක් තිබෙනවා.
අපනයන ආදායම් ඉහළ යාම හොඳයි කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය දෙයක් නෙමෙයිනේ. නමුත් මේ ඉහළ යාම මගින් පෙන්වන්නේ ලොකුවට සතුටු විය යුතු දෙයක් නෙමෙයි. අපනයන ආදායම නාමිකව ඉහළ යන එක බොහෝ වසර වලදී සිදු වන සාමාන්‍ය දෙයක් පමණයි.
ඩොලරයේ මිල දී ගැනීමේ හැකියාව වසරින් වසර පහත වැටෙනවා. ඒ නිසා, ඩොලර් වලින් බැලුවත්, භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් වසරින් වසර ඉහළ යනවා. එම තත්ත්වය තුළ, එකම භාණ්ඩ ප්‍රමාණය අපනයනය කළත්, එම භාණ්ඩ වල නාමික ඩොලර් වටිනාකම වසරින් වසර ඉහළ යන නිසා අපනයන ආදායම් නාමිකව ඉහළ යනවා. ඊට අමතරව, රට ඇතුළේ කිසිම සාධනීය වෙනසක් සිදු නොවුනත්, ලෝක ආර්ථිකය ප්‍රසාරණය වෙද්දී ආනයන ඉහළ යනවා.
රටක අපනයන අංශ වල ප්‍රගතියක් ඇත්තටම වෙනවා කියා කියන්න පුළුවන් වෙන්නේ ලෝක වෙළඳාම වර්ධනය වන වේගය ඉක්මවා අපනයන ආදායම් ඉහළ යන්නේනම් පමණයි. එසේ නොවන්නේනම්, නාමිකව අපනයන ආදායම් වැඩි වුනත්, ලෝක වෙළඳපොළ තුළ ලංකාවේ අපනයන පංගුව අඩු වෙන එකයි වෙන්නේ. එය ඉදිරියට නොව පසුපසට යාමක්.
පසුගිය වසරේ වෙලා තියෙන්නේ සුළු වශයෙන් වුවත් ලංකාවේ අපනයන පංගුව අඩු වීමක්. ඒ කියන්නේ පසුපසට යාමක්.
2024: 0.0521%
2025: 0.0517%
කෙසේ වුවත්, ලංකාවේ ආනයන පංගුවනම් ඉහළ ගිහින් තිබෙනවා.
2024: 0.0759%
2025: 0.0809%
ලෝක ආර්ථිකය තුළ ලංකාවේ පංගුව 0.2% දක්වා වැඩි කරන කතාවක් ප්‍රතිපත්ති ප්‍රකාශනයක තිබුණා කියලත් මතකයි. දැනටනම් එවැනි ඉලක්කයක් සිහිනයක් පමණයි.
දැනට (2025) ලෝක වෙළඳාම තුළ වැඩිම අපනයන පංගුව තිබෙන්නේ චීනයට. ඉන් පසුව ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදය සහ ජර්මනිය. පහත තිබෙන්නේ වැඩිම අපනයන පංගු තිබෙන රටවල් විස්ස.
චීනය: 14.365%
ඇමරිකා එක්සත් ජනපදය: 8.322%
ජර්මනිය: 6.719%
හොංකොං: 2.870%
ජපානය: 2.812%
ඉතාලිය: 2.767%
දකුණු කොරියාව: 2.701%
එක්සත් අරාබි එමීර් රාජ්‍යය: 2.691%
ප්‍රංශය: 2.602%
මෙක්සිකෝව: 2.532%
තායිවානය: 2.441%
බෙල්ජියම: 2.164%
සිංගප්පූරුව: 2.158%
එක්සත් රාජධානිය: 2.117%
කැනඩාව: 2.112%
ස්විට්සර්ලන්තය: 2.110%
වියට්නාමය: 1.801%
ඉන්දියාව: 1.696%
ස්පාඤ්ඤය: 1.695%
රුසියාව: 1.597%
අපනයන පංගුව සහ රටේ ප්‍රමාණය අතර ගොඩක්ම ලොකු සම්බන්ධයක් නැහැ. සමහර කුඩා, විවෘත රටවල අපනයන පංගුව ලොකු, විවෘත නැති රටවල පංගුවට වඩා වැඩියි.
(මූලාශ්‍රය: https://unctadstat.unctad.org/datacentre/)
අපේ රටේ අපනයන මොනවද ඉකොනො
ReplyDeleteලංකාවේ භාණ්ඩ අපනයන කියන්නේ 80% කට වඩා චීනයෙන් (මේකෙන් සුලු කොටසක් වියට්නාමයෙන් සහ ඉන්දියාවෙන් ආනයනය කරන ඒවා) ආනයනය කරන අමුද්‍රව්‍ය උපකරණ වගේ දේවල් වලට 15-20% අතර අගය එකතු කිරීමක් කරලා ඒවා එංගලන්තය එක්සත් ජනපදය සහ යුරෝපීය සංගමය වගේ රටවලට පටවන එක.
Deleteඊළඟට සේවා අපනයන කියන්නේ ඒත් එක්සත් ජනපදය වගේ රටවල මෘදුකාංග වලට ISP වලට විශාල මුදලක් ගෙවලා ලාභ ශ්‍රමය යොදාගෙන අගය එකතු කිරීමක් කරලා අපනයන කරන එකට.
ලංකාවට හරියට සල්ලි ටිකක් ලැබෙන්නේ මැදපෙරදිග රටවලට සහ දකුණු කොරියාව වගේ සේවයට යන අය එවන ශ්‍රමික ප්‍රේෂණ වලින් සහ සංචාරක කර්මාන්තයේ යම් යම් අගය එකතු කිරීම් වලින් පමණයි.
ඉකෝනෝ
ReplyDeleteලංකාවේ සේවා අපනයන කර්මාන්තයට අදාළව තොරතුරු තාක්ෂණ සේවයේ ගැටලු ගැන මේ කෙටි ක්ලිප් එකේ කෙටියෙන් පැවසෙන ප්‍රශ්න වලට ඔබ යෝජනා කරන විසඳුම කුමක්ද?
https://www.youtube.com/watch?v=vlE8eDEKSNQ
සේරම රුවිතෙට
ReplyDeleteහැඩයි බලනකොට
වැඩියෙන් ඊයෙට
නරක වගෙයි හෙට!
රුවිත එවුන් පෙනුනත් හෙන හැඩට එදා
Deleteඅද වනවිට ඇත සායම ගිහින් රදා
හෙට ගැන බියකුත් හද තුළ මැවෙන උදා
යහපත පතමු අපි සැම එක සිතින් මෙදා
සිස්ටම් එක මාරු කරන්නට ආපු හැටි
මැතිවරණෙදි වේදිකාවේ දිගට ගහපු කටී
ගල් අඟුරෙන් හෙළුව මතුවී පෙනුන හැටි
දූෂිත රළ අතරෙ නැව දැන් ගිලෙන හැටි
සැකයක් ආවම දමා යන්නට අණ ලැබුණා
මහ ලොකු ඇමතිලා පෑනෙන් ඇහැ පියුණා
හොරකම මාට්ටු වී ඇමතිත් ඉල්ලා අස්වුණා
ජනතා බලවේගෙ රුව දැන් වැටකොළුවක් වුණා
දූෂණ නතර කරන්නට ගෙනාපු ඒ බලේ
අද වනවිට බලනකොටත් හොරුන්ගෙම කෙළේ
අනුර කුමාරයා බලු වී ඉන්නා මේ වෙලේ
රටම දකියි හොරුන් රැළක් හැංගී සිටිනා කැලේ
ඉකොනෝ
ReplyDeleteඇත්තටම ලංකාවේ පසුගිය කාලසීමාව පුරාම ආන්දෝලනයට තුඩු දුන් වර්තමාන ජාතික ජන බලවේග රජයේ "මහා පරිමාණ දැවැන්ත ගල් අඟුරු වංචාව" පිළිබඳව පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටත ද ප්‍රබල හඬක් නැගීමට විපක්ෂයේ දේශපාලනඥයන් සහ ක්‍රියාකාරීන් රැසක් කටයුතු කළා.
මෙම දූෂණ ක්‍රියාවලිය සමාජගත කිරීමේදී කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළ පිරිස අතර, මුලින්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ සහෝදරයාව ගෞරවයෙන් යුතුව මතක් කරන අතරම විවිධ විපක්ෂ කණ්ඩායම් වල පාර්ලිමේන්තු මන්ත්‍රී Ajith P Perera, පාර්ලිමේන්තු මන්ත්‍රී D. V. Chanaka Dinushan, හිටපු කැබිනට් ඇමති Patali Champika Ranawaka, සහ සමාජ මාධ්‍ය ජාල වල Waruna Rajapaksha වැනි අය ප්‍රමුඛස්ථානයක් ගත් බව මතක් කළ යුතුයි.
විශේෂයෙන්ම අප සමග දේශපාලන වශයෙන් සම්පූර්ණයෙන්ම විරුද්ධ කඳවුරක සිටින SLPP පක්ෂයේ ඩී.වී. චානක මංත්‍රීවරයා, වර්ෂ 2025 අප්‍රේල් මාසයේදී කැඳවිය යුතුව තිබූ ගල් අඟුරු ටර්ම් ටෙන්ඩරය (අගෝස්තු මාසය දක්වා) කල් දැමීමට රජය ගත් තීරණය පිටුපස ඇති වංචනික අරමුණ කලින්ම හඳුනාගෙන, පසුගිය වසරේ ජූනි මාසය වන විට ඔහු පාර්ලිමේන්තුවේදී ඉතා පැහැදිලිව ප්‍රකාශ කර සිටියේ, මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය ප්‍රමාද කිරීම හරහා රජය විශාල මූල්‍ය වංචාවකට සැරසෙන බවයි.
ඔහු සමඟ එක්ව අනෙකුත් ජනතා නියෝජිතයන් සහ සිවිල් ක්‍රියාකාරීන් ද අඛණ්ඩව රටේ පුරවැසියන් දැනුවත් කරමින් රජයට දැඩි බලපෑමක් එල්ල කිරීමට සමත් වුණා.
මෙම සාමූහික මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස, වත්මන් දූෂිත ජාජබ රජයේ බරපතල දූෂිත ක්‍රියාකලාපයන් සහ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව මහජනතාව තුළ දැඩි සැකයක් සහ දැඩි විරෝධයක් නිර්මාණය වුණා.
මේ සමගම මෙම අන්ත දූෂිත අසික්කිත පාදඩ මාලීමා චෞර ආණ්ඩුව ඉතාමත්ම පැහැදිලිවම හොරකම් සහ දූෂණ වංචා විශාල ලෙස සිදුකරන බවට වූ සමාජ මතය ලංකාවේ බහුතර පොදු ජනතාව අතර තිර ලෙසම තහවුරු වීමට මෙම හෙළිදරව්ව ප්‍රබල හේතුවක් වුණා! මේ නිසාම අප පුබුදු ජාගොඩ සහෝදරයා ප්‍රමුඛ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු සියලුම විපක්ෂ බලවේග වලට මේ සම්බන්ධව ස්තූති කරන්න ඕනේ.