ගිය (2026) මාර්තු මාසයේදී ලංකාවට පැමිණ තිබෙන්නේ සංචාරකයින් 183,979 දෙනෙකු පමණයි. මෙය සංචාරක මණ්ඩලයේ අපේක්ෂිත සාමාන්‍ය ගණන වූ 248,660ට සාපේක්ෂව 26.0%ක අඩු වීමක්. පෙර (2025) වසරේ මාර්තු මාසයට සාපේක්ෂව 19.8%ක අඩු වීමක්.
පෙබරවාරි මාසය තුළ සංචාරකයින් 279,328 දෙනෙකු රටට පැමිණුනු අතර එම ප්‍රමාණය සංචාරක මණ්ඩලය විසින් අපේක්ෂා කළ සාමාන්‍ය ගණන වූ 270,255ට වගේම, උපරිම ඇස්තමේන්තුව වූ 278,255ටත් වඩා වැඩි ප්‍රමාණයක්. මෙය පෙබරවාරි මාසය තුළ සැලකිය යුතු විදේශ විණිමය ප්‍රමාණයක් රටට ලැබීමට හේතු වුනා. මාර්තු මාසයේදී මේ තත්ත්වය ආපසු හැරී තිබෙනවා.
සංචාරක පැමිණීම් අඩු වීමට හේතුව ඉරාන යුද්ධය බව අමුතුවෙන් කිව යුතු නැහැ. එහි බලපෑම තිබෙන්නේ සංචාරක කර්මාන්තයට පමණක් නෙමෙයි. සංචාරක කර්මාන්තයේ ආදායම් පහත වැටීමට අමතරව, ශ්‍රී ලංකාව විසින් ඉන්ධන ආනයනය සඳහා දැරිය යුතු පිරිවැයද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඉහත තත්වයන් විසින් රටේ විදේශ අංශය විශාල ලෙස ආතතියට ලක් කර ඇති බව පැහැදිලි කරුණක්. කෙසේ වුවද, ඩොලරයක මිල ඉහළ යාමට ඉඩ හැරීම මගින් මහ බැංකුව විසින් තත්ත්වය කළමනාකරණය කර ගැනීමට සමත් වී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කරන පාලිත පාවෙන විණිමය ප්‍රතිපත්තිය අනුව, පසු ගිය මාසය තුළ මහ බැංකුව විසින් ඩොලරයක මිල ඕනෑවට වඩා ඉහළ යන දින වල වෙළඳපොළට ඩොලර් සපයමින් සහ අනෙකුත් දින වල ඩොලර් මිල දී ගනිමින් විණිමය අනුපාතයේ අහිතකර විචලනයන් සීමා කරන අතරම ශුද්ධ වශයෙන් යම් ඩොලර් ප්‍රමාණයක් එකතු කර ගැනීමටද සමත් වී තිබෙනවා. මෙවැනි අසීරු තත්ත්වයක් යටතේ වුවද, විදේශ සංචිත නොවිකුණා කීයක් හෝ එකතු කර ගැනීම අගය කළ යුතු දෙයක්.
විදේශ අංශය යහපත්ව පැවති වසරේ පළමු දෙමස තුළ මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිලියන 661.3ක මුදලක් ශුද්ධ වශයෙන් එකතු කර ගෙන තිබුණා. මාර්තු මාසයේ පැවති අහිතකර තත්ත්වයන් තුළද තවත් ඩොලර් මිලියන 48.8ක මුදලක් ශුද්ධ වශයෙන් එකතු කර ගැනීමට මහ බැංකුව සමත්ව තිබෙනවා. මේ අනුව පැහැදිලිවම පෙනෙන්නේ නිවැරදි සාර්ව ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන්නේනම් මෙවැනි දරුණු කම්පනයකට වුවද මුහුණ දීම අසීරු නොවන බවයි.
මාර්තු මාසය අවසාන වන විට පැවති දළ නිල විදේශ සංචිත ප්‍රමාණය තවමත් ප්‍රසිද්ධ කර නැහැ. මාසය තුළ ශුද්ධ වශයෙන් විදේශ විණිමය මිල දී ගෙන ඇතත්, මහ බැංකුවේ ණය ගෙවීම් වෙනුවෙන් ඊට වඩා වැඩි මුදලක් වැය කර ඇත්නම් විදේශ සංචිත යම් තරමකින් පහළ යා හැකියි.
යුද වාතාවරණයේ වෙනසක් නොමැති බැවින් අප්‍රේල් මාසයේ තත්ත්වය මාර්තු මාසයේ තත්ත්වයට වඩා හොඳ වීමට හේතුවක් නැහැ. කෙසේ වුවද, අප්‍රේල් මාසය තුළ නොවේනම් මැයි මාසයේදී හෝ මූල්‍ය අරමුදලේ වාරික දෙකක්ම එක වර ලැබීමට නියමිතයි. එම ප්‍රමාණය ඩොලර් මිලියන 700කට ආසන්න මුදලක්.
යුද්දය මැද්දෙ කොහෙ එනවද සංචාරේ
ReplyDeleteගුවන් ගමන් ස්ථිර නැති අතරතුරේ
මාර්තුවේ මෙහි එන්නට උන් අතරේ
අපෙම සිව් දෙනෙක් ආවේ නැහැ මිතුරේ
ඇත්තටම ඉකොනෝ, ලංකාවේ මහ බැංකුවේ සංඛ්‍යාලේඛන ගැන කතා කරන එකට වඩා ලෝකයේ විශේෂයෙන්ම ගෝලීය ආර්ථිකයේ ඉතාමත්ම කඩිනමින් සිදු වන වෙනස්කම් සහ global power transitions වගේ දේවල් වලින් ආර්ථිකයට වෙන බලපෑම ගැන සාකච්ඡා කරන එක තමයි වැදගත්ම කාරණය, මොකද මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය තුල මෑත දිනවල එක්සත් ජනපද ගුවන් හමුදා සතු දැනට ලොව ඇති වඩාත්ම බලගතු හොඳම යානා බවට එක්සත් ජනපදය පැවසූ අතිනවීන F-35 Stealth යානා 6ක්, K-135 ඉන්ධන සැපයුම් යානා 7ක්, සහ F-16, F-22 යානා රැසක් බිම හෙළා ඇති පසුබිමක, ඊයේ දිනයේදී තවත් F-15E යානයක් ඉරාක දේශසීමාව තුල බිම හෙලා, එහි නියමුවන් සෙවීමේ මෙහෙයුම්වල යෙදුණු A-10 Warthog යානාවක්ද ඩෙල්ටා ෆෝස් විශේෂ බලකා සෙබලුන් දේශසීමාවට ගෙන ආ තවත් බ්ලැක් හෝක් හෙලිකොප්ටර කීපයක්ම විනාශ කර ඇති බවටත් බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇති පසුබිමක මේ මැදපෙරදිග සහ ගෝලීය එක්සත් ජනපද ආර්ථික ආධිපත්‍යය බිඳවැටීමේ බලපෑම පිළිබඳව ඔබේ ආර්ථික විද්‍යාත්මක නිරීක්ෂණ කුමක්ද?
ReplyDeleteවිශේෂයෙන්ම මිල අධික Blackhawk හෙලිකොප්ටර් කඩාවැටීම් සහ කුවේට්හි අමෙරිකානු කඳවුරකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් Chinook හෙලිකොප්ටරයක් විනාශ වීම වැනි අධික පිරිවැයක් සහිත යුදමය හානි මෙන්ම, අතුරුදහන් වූ නියමුවා සොයා යන අමෙරිකානු කණ්ඩායම් ඉරානය විසින් 'ව්‍යාජ මෙහෙයුම්' හරහා උගුලකට හසුකර ගැනීමට දරන උත්සාහය (Strategic Trap) හමුවේ ඇතිවන දැවැන්ත ආරක්ෂක වියදම්, අමෙරිකානු මෙන්ම ගෝලීය වෙළඳපොළේ උද්ධමනයට සහ සැපයුම් දාමයන්ට (Supply Chains) කෙසේ බලපානු ඇත්ද? (සමාජ මාධ්‍ය වල කියන විදියට මේ නියමුවා දැනටමත් ඉරාන අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් තවමත් මේ නියමුවා හමුවී නැති බවට ව්‍යාජ මාධ්‍ය වාර්තා කරමින් එක්සත් ජනපදය රටටා ඔවුන්ගේ හොඳම විශේෂ බලකා, ඩෙල්ටා බලකා, මැරීන් ආදී සෙබලුන් මෙහෙයුම් කරවීමට සලසා ඔවුන්ව පරාජය කර ඔවුන්ව මානසිකව ඇද වට්ටන්න සහ එක්සත් ජනපදය ලොව ලැජ්ජාවට පත්කිරීමට මේවා කර ඇති බවයි)
කෙසේ වෙතත් අපට අදාළ වන ආර්ථික විද්‍යාත්මක කරුණු වලට අදාළව මෙම යුදමය පිරිවැය සහ මැදපෙරදිග අස්ථාවරත්වය හේතුවෙන් ගෝලීය තෙල් මිල ඉහළ යාම හරහා ලංකාව වැනි ආනයන මත යැපෙන කුඩා ආර්ථිකයන්ට එල්ල විය හැකි ද්විතීයික බලපෑම ඔබ දකින්නේ කෙසේද? ඒ වගේම එක්සත් ජනපදයේ මැදපෙරදිග යුධ කඳවුරු වගේම ආර්ථික මධ්‍යස්‌ථාන මූල්‍ය ආයතන ආදිය එක්සත් ජනපදයට ඉවත් කර ගැනීමට සිදුවී තිබෙන පසුබිමක මැදපෙරදිග බලය චීනය සහ ඉන්දියාව අත්පත්කර ගැනීම සහ රුසියාවත් මැදපෙරදිග ඉන්ධන කර්මාන්තයට සම්බන්ධ වීම සමග ලංකාවට එහි ඇති බලපෑම කෙබඳු වේවිද?
Cont'd
ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක වියදම් ඉහළ යාමේ ප්‍රතිඵලය වන ගෝලීය උද්ධමනය (Military Spending & Inflation) ඉහළ යෑම සමග (උදාහරණක් ලෙස එක් F-35 යානයක පිරිවැය ඩොලර් මිලියන 100කට ආසන්නයි. ඔබ කී පරිදි මෙවැනි යානා සහ අනෙකුත් පද්ධති (K-135, F-15E) එක පිට එක විනාශ වීම නිසා ඇමරිකානු රජයට සිදුවන්නේ දැවැන්ත "ආදේශන පිරිවැයක්" (Replacement Cost) දැරීමටයි. මෙය ඇමරිකානු අයවැය හිඟය (Budget Deficit) තවත් වැඩි කරන අතර, එම මුදල් සැපයුම ඉහළ යාම නිසා ඇමරිකානු ඩොලරයේ අගය උච්චාවචනය වී ගෝලීය උද්ධමනයට සෘජුවම බලපානවා. ඉරානය විසින් අටවන "උපායමාර්ගික උගුල්" (Strategic Traps) නිසා විශේෂ බලකා මෙහෙයුම් සඳහා වැයවන අතිරේක පිරිවැය, ඇමරිකානු පාරිභෝගිකයාගේ බදු මුදල් ඵලදායී නොවන යුදමය කාර්යයන් සඳහා අවශෝෂණය කර ගැනීමක් ලෙසයි මම දකින්නේ.) ගෝලීය සැපයුම් දාම සහ තෙල් මිල (Supply Chain & Oil Prices) ඉහළ යාමත් මැදපෙරදිග අස්ථාවරත්වය කියන්නේ ලෝකයේ ප්‍රධානතම බලශක්ති මධ්‍යස්ථානය අඩපණ වීම සහ හෝමුස් සමුද්‍ර සන්ධිය වැනි තීරණාත්මක මුහුදු මාර්ග අවහිර වීමේ අවදානම නිසා රක්ෂණ ගාස්තු සහ ප්‍රවාහන ගාස්තු ඉහළ යාමෙන් සැපයුම් පැත්තේ කම්පනයක් (Supply-side shock) ඇති කරන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය තෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ යාම වැළැක්විය නොහැකියි නේද?
Deleteගෝලීය ආර්ථික බලය මාරුවීම සමග චීනය, ඉන්දියාව සහ රුසියාවේ භූමිකාවන් ඇමරිකානු මූල්‍ය ආයතන මැදපෙරදිගින් පසුබැසීම සමගම ඒ අවකාශය චීනයේ 'Petroyuan' (පෙට්‍රෝ-යුවාන්) සහ රුසියාවේ බලශක්ති ආධිපත්‍යයට විවෘත වීමක් බව බොහෝ විශ්ලේශකයන් පවසනවා
චීනය තෙල් ගනුදෙනු සඳහා ඩොලරය වෙනුවට දැනටමත් යුවාන් භාවිතා කිරීම හරහා "ඩොලරයේ ආධිපත්‍යය" (Dollar Hegemony) බිඳ වැටීම පැහැදිලිවම පේනවා.
ඉන්දියාවත් මැදපෙරදිග ආරක්ෂක සහ වෙළඳ සබඳතා ශක්තිමත් කරමින් කලාපීය බලවතෙකු ලෙස ඉස්මතු වන අතර ශ්‍රී ලංකාවට ඇති බලපෑම (Impact on Sri Lanka) කොහොමද?
මට පේන විදියට නම් ලංකාව වැනි ආනයන මත යැපෙන කුඩා ආර්ථිකයකට මෙයින් එල්ල වන්නේ "ද්විත්ව පහරක්"
ආනයනික තෙල් මිල ඉහළ යාම සමග ලංකාවේ රටේ විදේශ සංචිත වේගයෙන් වැය වීමටත්, විදුලි ගාස්තු සහ ප්‍රවාහන ගාස්තු අධික ලෙස ඉහළ ගොස් දේශීය උද්ධමනය පාලනය කළ නොහැකි මට්ටමට පත්වීමටත් මෙය හේතුවක්.
භූ-දේශපාලනික බලපෑම සමග මැදපෙරදිග බලය චීනය සහ රුසියාව අතට පත්වීම ලංකාවේ ආණ්ඩුවේ පැවැත්මට, විදේශ ප්‍රතිපත්තියට, IMF මගින් පාලනය වන ලංකාවේ ආර්ථිකය සහ එක්සත් ජනපද ණය දෙන ආයතන වල ණය උගුලක හිරවු ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියටත් නව සංකීර්ණතා එකතු කරනවා නේද?
කෙටියෙන්ම කිවහොත්, ඇමරිකානු මිලිටරි බලය මැදපෙරදිගදී බරපතල ලෙස අභියෝගයට ලක්වීමත් සමග දෙවන ලෝක යුද්ධයෙන් පසු පැවති ඇමරිකානු ලෝක සාමය (Pax Americana) සහ ඒ මත පදනම් වූ ගෝලීය ආර්ථික පද්ධතියේ අවසානය සනිටුහන් කිරීමක් බව බෝහෝ විශේෂඥයන් පවසන නිසා මෙය ලංකාව වැනි රටවලට ඉතාම අවදානම් සහගත මෙන්ම තීරණාත්මක කාල පරිච්ඡේදයක් වනු නිසැකයි.
දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකය හසුරුවපු "ඇමරිකානු ආර්ථික හා මිලිටරි ආධිපත්‍යයේ" (Pax Americana) කඩාවැටීම සනිටුහන් කරන මහා පරිමාණ පද්ධතිමය වෙනසක් සමග මේ භීෂණාත්මක යුද පුවත් දකින්නේ අතිවිශාල ආර්ථික සමීකරණ කිහිපයක එකතුවක් විදිහටයි.
මට දැනට තේරෙන ගැඹුරු ආර්ථික විද්‍යාත්මක සහ භූ-දේශපාලනික බලපෑම මෙහෙමයි
1. ආරක්ෂක අපනයන වෙළඳපොළේ කඩාවැටීම (Collapse of Defense Monopoly)
ඇමෙරිකන් ආර්ථිකයේ ප්‍රධානම කුළුණක් තමයි ඔවුන්ගේ අතිනවීන ආයුධ ලෝකයට විකුණන එක. F-35 Stealth යානයක් කියන්නේ අමෙරිකානු තාක්ෂණික විශිෂ්ටත්වයේ සංකේතය. ඉරානය වැනි රටක් මේවා එක පිට එක බිම හෙළනවා කියන්නේ, ලෝක වෙළඳපොළේ අමෙරිකානු ආයුධ සඳහා තිබෙන විශ්වාසය(Credibility) බරපතල ලෙස බිඳ වැටීමයි. මෙය අනාගතයේදී අරාබි රටවල් සහ යුරෝපය අමෙරිකානු ආයුධ වෙනුවට චීන, රුසියානු තාක්ෂණය දෙසට යොමු වීමට හේතු වෙනවා. මෙය අමෙරිකානු "ආරක්ෂක කර්මාන්ත සංකීර්ණයට" (Military-Industrial Complex) එල්ල වන මාරාන්තික පහරක්.
2.උපායමාර්ගික උගුල" සහ නිරර්ථක වියදම් (The Strategic Trap)
මේ දිනවල ඉරානය විසින් නියමුවා සොයා යන ඩෙල්ටා ෆෝස් සහ මැරීන් සෙබලුන්ව උගුලකට හසු කරගැනීම (Strategic Trap), ආර්ථික විද්‍යාත්මකව හඳුන්වන්නේ "අසමමිතික යුද්ධය" (Asymmetric Warfare) කියලයි. ඉරානය පාවිච්චි කරන්නේ ඉතාම ලාභදායී ඩ්‍රෝන සහ මිසයිල තාක්ෂණය ($10,000 - $50,000). නමුත් ඒ ප්‍රහාර හමුවේ අමෙරිකාවට අහිමි වන්නේ ඩොලර් මිලියන 100ක යානා සහ වසර ගණනාවක් පුහුණු කළ මිල කළ නොහැකි මානව සම්පත් (Human Capital). මේක පිරිවැය-ප්‍රතිලාභ (Cost-Benefit) අතින් ඇමෙරිකාවට පට්ටම පාඩුයි නේද?
Cont'd
Cont'd
Delete3. ඊළඟට මේ ඩොලරයේ ආධිපත්‍යය සහ බලය මාරුවීම සමගමමැදපෙරදිග එක්සත් ජනපද යුධ කඳවුරු සහ මූල්‍ය ආයතන බරපතලම විදිහට පසුබැසීමත් සමඟ, චීනය සහ ඉන්දියාව ඒ හිස්තැන පුරවනවා. චීනය දැනටමත් තෙල් ගනුදෙනු සඳහා "පෙට්‍රෝ-යුවාන්" (Petroyuan) හඳුන්වා දෙමින් සිටිනවා. තෙල් වෙළඳාමෙන් ඩොලරය ඉවත් වීම (De-dollarization) කියන්නේ අමෙරිකානු ආර්ථික අධිරාජ්‍යයේ අවසානයයි. රුසියාවත් මැදපෙරදිග ඉන්ධන කර්මාන්තයට සෘජුව මැදිහත් වීමෙන් ලෝක බලශක්ති මිල තීරණය කිරීමේ බලය (Pricing Power) අමෙරිකාවෙන් ගිලිහී යනවා.
4. ලංකාවට ඇති බලපෑම සහ අහස උසට යන ජීවන වියදම
ලංකාව වැනි රටකට මේකෙන් වෙන්නේ බරපතල විනාශයක්
තෙල් සහ ගෑස් ගෝලීය තෙල් මිල බැරලයකට ඩොලර් 150-200 සීමාවට ගියහොත්, ලංකාවේ විදුලි ගාස්තු සහ ප්‍රවාහන වියදම් කිහිප ගුණයකින් ඉහළ යාවි
සැපයුම් දාම අඩාල වීම සමග මැදපෙරදිග හරහා යන මුහුදු මාර්ග අනතුරුදායක වීම නිසා ආහාර සහ බෙහෙත් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල අතිවිශාල ලෙස ඉහළ යයි.
ණය සහ ආයෝජන වලින් ලෝක ආර්ථික බලය චීනය සහ රුසියාව දෙසට නැඹුරු වීමත් සමඟ, ලංකාවට සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සහ නව ආයෝජන ලබා ගැනීමේදී දැඩි භූ-දේශපාලනික තීරණ ගැනීමට සිදු වෙනවා.
කෙටියෙන්ම කිව්වොත් මේක නිකම්ම යානා කීපයක් බිම වැටීමක් නෙවෙයි. මේක ලෝකයේ ආර්ථික මධ්‍යස්ථානය බටහිරින් පෙරදිගට මාරු වීමේ ලේ වැකි ක්‍රියාවලියයි. අමෙරිකාවට තමන්ගේ ලැජ්ජාව වසාගන්නට බැරි තරමට ඔවුන් මේ යුද උගුල තුළ හිර වී සිටිනවා.තව දුරටත් මේකේ පෙට්‍රෝ-ඩොලර් පද්ධතිය බිඳ වැටීම ගැන ආර්ථික විද්‍යාව අනුව පැහැදිලි කරන්න පුළුවන්ද?
මගේ ව්‍යාපාර අත්දැකීම් අනුව නම් ගෝලීය ව්‍යාපාරික ලෝකයේදී භාණ්ඩයක ගුණාත්මකභාවය ගැන විශ්වාසය නැති වුණාම පාරිභෝගිකයෝ වෙනත් විකල්ප සොයනවා (Substitution Effect). දැන් ලෝකයේ බොහෝ රටවල් මිල අධික කොන්දේසි අධික නඩත්තු අධික සහ අකාර්යක්ෂම ඇමරිකානු ආයුධ වෙනුවට ලාභදායී සහ කාර්යක්ෂම රුසියානු හෝ චීන ආයුධ දෙසට හැරෙමින් පවතිනවා. ඊට අමතරව ඉරානය උතුරු සහ දකුණු කොරියාව යුක්රේනය සහ වෙනත් තාක්ෂණිකව දියුණු ආසියාතික රටවලටත් මේකෙන් ආයුධ කර්මාන්තයේ අවස්ථා උදා වේවි, ඇමරිකානු බලපෑම් නැවතුනොත් ඒක ලෝකය පුරාම විමධ්‍යගත ගෝලීය තරගකාරී කර්මාන්තයක් වේවි. ලංකාවටත් ඒකට සම්බන්ධ වෙන්න ඉඩ තියෙනධා
Deleteශ්‍රී ලංකාවට එල්ල වන ප්‍රධාන බලපෑම් තුනක් මම දකිනවා
ලංකාව වැනි රටවල් IMF සහ බටහිර ණය උගුල්වල හිර වී සිටින නිසා, මේ බලය මාරුවීම අපට ඉතාම තීරණාත්මකයි
මුලින්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීම
අපේ ප්‍රධාන ණය හිමියා බටහිර ගෝලීය සමාගම් සහ IMF IBRD, ADB වගේ ඇමරිකානු ආයතනයි ඇමරිකානු ආධිපත්‍යය බිඳ වැටෙන විට, IMF කොන්දේසිවලට වඩා චීනයේ සහ රුසියාවේ භූ-දේශපාලනික අවශ්‍යතා ලංකාවේ ආර්ථිකයට බලපාන්න ගන්නවා. එතකොට IMF වැඩසටහන් නවත්තලා අපට චීන වැඩසටහනකට යන්න වේවි
දෙවනුව බලශක්ති අර්බුදය නිසා තෙල් මිල බැරලයකට ඩොලර් 200 පනිනවා කියන්නේ ලංකාවේ රුපියල තවත් බාල්දු වී, බඩු මිල පාලනය කරගත නොහැකි මට්ටමට යාමයි.
ඊළඟට භූ-දේශපාලනික තීරණ වෙනස් වෙනවා
ලංකාවට තවදුරටත් ඇමරිකන් ගැති ප්‍රතිපත්තියක් ගෙන යාම අපහසු වෙනවා. දැනට ලංකාවේ වගේම බංග්ලාදේශය නේපාලය ඇතුලු රෙජීම් චේන්ජ් කරපු රූකඩ ඇමරිකානු ආණ්ඩු වලට ඉතාමත්ම කල්පනාකාරීව වැඩ කරන්න වෙනවා 1989-90 කාලේ නැගෙනහිර යුරෝපීය සෝවියට් රූකඩ ආණ්ඩු වලට වෙච්ච දේ අපි හැමෝම කල්පනාකාරීව හිතලා බලන්න ඕන
දැන් චීනය සහ රුසියාව මැදපෙරදිග බලය අල්ලන විට, අපටත් ඒ නව බල කඳවුර සමඟ එක් වීමට සිදු වෙනවා. නමුත් මේක ගැනත් මට ප්‍රශ්න ගණනාවක් තියෙනවා
Cont'd
දැනට ප්‍රකාශිත විදියට මේ කිව්ව BRICS රටවල් තමන්ගේම පොදු මුදල් ඒකකයක් හෝ දේශීය මුදල් (Local Currencies) හරහා ගනුදෙනු කිරීමට පෙළඹීම නිසා පෙට්‍රෝ-ඩොලර් පද්ධතිය බිඳ වැටෙමින් පවතිනවා. ලංකාව වැනි ඩොලර් ණය උගුලක හිරවී සිටින, බරපතල IMF කොන්දේසි යටතේIMF වැඩසටහනක් මත යැපෙන රටක්, මේ යුවාන්-රුබල්-රුපියල් කේන්ද්‍රීය නව ආර්ථික ක්‍රමවේදයට අනුගත විය යුත්තේ කෙසේද?
Deleteලංකා විදේශ සංචිතවල සංයුතිය (Reserve Composition) වහාම වෙනස් නොකිරීම හරහා අප තවදුරටත් අවදානමකට ලක් වෙනවා නේද?
ඒවගෙම IMF කොන්දේසි සහ BRICS නව සංවර්ධන බැංකුව (NDB) අතර ගැටුමක් සමග බටහිර කඳවුරෙන් පාලනය කරන IMF සහ ලෝක බැංකුව පනවන දැඩි කොන්දේසි හමුවේ ලංකාවේ ජනතාව බරපතල ලෙස පීඩාවට පත්ව සිටිනවා. BRICS රටවල නව සංවර්ධන බැංකුව (New Development Bank) වැනි විකල්ප මූල්‍ය ප්‍රභවයන් වෙත ලංකාව යොමු වීම, බටහිර රටවල් සමඟ ඇති අපේ වෙළඳ සබඳතාවලට (GSP+ වැනි) සහ දැනට පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට කෙබඳු බලපෑමක් එල්ල කරනු ඇත්ද? මෙය 'දෙපැත්ත කැපෙන කඩුවක්' වැනි තත්ත්වයක් නේද?"
ඉන්දියන් සාගරයේ සැපයුම් දාමයේ(Security of Supply Chain)මැදපෙරදිග ඇමරිකානු බලය පිරිහී චීනය සහ රුසියාව බලශක්ති වෙළඳපොළ පාලනය කරන විට, ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක පිහිටි ලංකාවේ වරායවල් සඳහා ඇති ඉල්ලුම වෙනස් වන්නේ කෙසේද?
ඉන්දියාවේ 'SAGAR' ප්‍රතිපත්තිය සහ චීනයේ 'එක් තීරයක් - එක් මාවතක්' (BRI) අතර ඇති වන මේ සීතල යුද්ධය මැද, ලංකාව ආර්ථික මධ්‍යස්ථභාවය (Economic Neutrality) පවත්වා ගන්නේ කෙසේද?
ලංකාවේ ස්වෛරීභාවය පාවා නොදී මේ දැවැන්ත ආයෝජන අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමට ඇති ප්‍රායෝගික ගණිතමය මොඩලය කුමක්ද?
බලශක්ති මිල සහ රුසියානු-මැදපෙරදිග සන්ධානය සමග රුසියාව මැදපෙරදිග තෙල් නිෂ්පාදනය කරන රටවල් සමඟ එක්ව මිල තීරණය කිරීමේ බලය (Pricing Power) අත්පත් කර ගැනීම නිසා, ලංකාවට සහනදායී මිලට ඉන්ධන ලබා ගැනීමට ඇති එකම විකල්පය වන්නේ බටහිර සම්බාධක නොතකා රුසියාව සහ ඉරානය සමඟ සෘජු ගනුදෙනුවලට එළඹීමද?
එවැනි තීරණයක් මගින් ලංකාවේ මූල්‍ය පද්ධතියට ජාත්‍යන්තරව එල්ල විය හැකි සම්බාධකවල (Sanctions) පිරිවැය සහ වාසි විශ්ලේෂණය (Cost-Benefit Analysis) ඔබ දකින්නේ කෙසේද? මේගැන පෝස්ට් එකක් දාන්න පුළුවන්ද විස්තර සහිතව?
"දැන් ලෝකයේ බොහෝ රටවල් මිල අධික කොන්දේසි අධික නඩත්තු අධික සහ අකාර්යක්ෂම ඇමරිකානු ආයුධ වෙනුවට ලාභදායී සහ කාර්යක්ෂම රුසියානු හෝ චීන ආයුධ දෙසට හැරෙමින් පවතිනවා."
Deleteචීන ආයුධ ගැන කියන්න තාම හරියට අපිට ඩාට නැ. නමුත් කාර්යක්ෂම රුසියානු ආයුධ ගැන නම් අපි හොදට දැක්කා 2022 ඉලද යුක්රනේ සහ ඉරානේ දී...විනාශ වීමේ සම්බවිතව අනුව රුසියානු ආයුධ පට්ට කාර්යක්ෂම බවක් නේ තියන්නේ...
"දැන් චීනය සහ රුසියාව මැදපෙරදිග බලය අල්ලන විට, අපටත් ඒ නව බල කඳවුර සමඟ එක් වීමට සිදු වෙනවා. නමුත් මේක ගැනත් මට ප්‍රශ්න ගණනාවක් තියෙනවා."
මේ හැම එකකටම රුසියාව මකල ඉන්දියාව සහ යුරෝපේ දැම්ම නම් පොඩි හරි නිවැරදි බවක් එන්න තිබුණ. මොකද 2025 පටන්ගැන්මේ ඉදලා..චීනේ ,ඉන්දියාව සහ යුරෝපේ තමා ටික ටික බලය අල්ලනවා කියල පෙන්නේ තියන ඩාට අනුව...
නමුත් තාම අපිට හරි යමක් කියන්න බැ මොකද ඉරානේ පර්ශ්නේ විසදෙන විදිය අනුව ගොඩක් දේවල් වෙනස් වෙන්න පුළුවන්...
අනික මේකේ තනිකරම තියන්නේ ලංකාවේ "මාර්තු මාසයේ විදේශ අංශය" ගැන නමුත් නමුත් ඔක්කොම කොමෙන්ටු යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ...
Delete"ඇත්තටම ඉකොනෝ, ලංකාවේ මහ බැංකුවේ සංඛ්‍යාලේඛන ගැන කතා කරන එකට වඩා ලෝකයේ විශේෂයෙන්ම ගෝලීය ආර්ථිකයේ ඉතාමත්ම කඩිනමින් සිදු වන වෙනස්කම් සහ global power transitions වගේ දේවල් වලින් ආර්ථිකයට වෙන බලපෑම ගැන සාකච්ඡා කරන එක තමයි වැදගත්ම කාරණය"
මේක විතරක් අනාගතේ ලිපි වලට මාතෘකාවක් විදියට දැම්මා නම් වටිනවා... මොකද අපි නම් ගොඩක් කැමති ඉකොනොමැට්ටා ලිපි වල දේවල් කතා කරන්න කොමෙන්ටු වලින්...