වෙබ් ලිපිනය:

Sunday, April 7, 2019

දියවැඩියාව සමඟ ජීවත්වීම


"මගෙ පුතා. නැති උනේ සීනි අඩුවෙලා වැටිල ඉඳල යාළු. වැඩකට ගියා උදේ පාන්දර 6.30ට විතර. යද්දි සීනි අඩුවෙලා වැටිල . දාහක් ඇස් දැකල ලඟට ගිහින් බලල නැහැ බීපු කෙනෙක් වැටිල කියල. උදේ 7 ඉඳල දවල් 2.45 වෙනකල් තද අවුවෙ ඉඳල. එක මනුස්සයයි ලඟට ගිහින් බලල තියෙන්නෙ ඒත් 2.45ට. ඒ කෙනා මට කිව්වම ඉක්මනින් ඉස්පිරිතාලෙ ගෙනිච්ච. ඒත් කෝමා වෙලා. අවුවට පිච්චිලා දියපට්ට දාල හැමතැනම. දවස් 21ක් අයි.සී.යූ. හිටිය. මං මේක කිව්වෙ ඔයාලට මගෙ යාළුවනේ කවදාවත් කෙනෙක් පාරක වැටිල හිටියොත් අහක බලන්න එපා බීපු කෙනෙක් උනත්. කවුරුහරි අසරණ කෙනෙක් වෙන්න පුළුවන්. මං දන්න හැමෝගෙන්ම කරන කාරුණික ඉල්ලීමක්. මගෙ ගමේ ඉඳල නැහැ කරුණාවන්ත අය. ඒකයි අද මගෙ දරුවට මෙහෙම දෙයක් උනේ. දරුවෙක් ගිනි අවුවෙ පිච්චි පිච්චි මැරෙනකල් බලන් ඉන්න පුළුවන් සමාජයක් නේද දැන් තියෙන්නෙ....."

ඊයේ වත්පොතේ වේගයෙන් හුවමාරු වුනු පෝස්ට් එකක්. පෝස්ට් එකත් එක්කම දැකිය හැකි ඡායාරූපයේ හා මරණ දැන්වීමේ ඉන්නේ වයස අවුරුදු 26ක ප්‍රසන්න පෙනුමැති තරුණයෙක්. ඉතා කණගාටුදායක පුවතක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. මෙය වලක්වා ගත හැකිව තිබුණු මරණයක්.

මේ තරුණයා දියවැඩියා රෝගියෙකුව සිට ඇති බව පැහැදිලියි. ඔහු හෝ පවුලේ අය ඒ ගැන දැන සිටියාද යන්න පැහැදිලි නැහැ.

ලෝක බැංකු දත්ත අනුව ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් 10.7%ක් දියවැඩියා රෝගීන්. මීට අමතරව හඳුනා නොගත් දියවැඩියා රෝගීන්ද යම් ප්‍රතිශතයක් සිටිනවා විය යුතුයි. අප අතර සැරිසරන සෑම වැඩිහිටියන් දහ දෙනෙකුගෙන් එක් අයෙකුම දියවැඩියා රෝගියෙකුව සිටියදී සමාජයක් ලෙස ඒ තත්ත්වයට සංවේදී වීමත්, දියවැඩියා නිවාරණය ගැන සිතීම තරමටම වැදගත්.

මිනිස් සිරුරේ සීනි මට්ටම නියාමනය කිරීමේ කාර්යය සිදුවන්නේ ඉන්සියුලින් නිකුත් කිරීම හරහායි. සිරුරේ ඉන්සියුලින් නිෂ්පාදනය නිසි පරිදි සිදු නොවීම නිසා රුධිරයේ සීනි සාන්ද්‍රණය නිසි සේ නියාමනය නොවීම පොදුවේ දියවැඩියා තත්ත්වයක් ලෙස හැඳින්වෙනවා.

පළමු මාදිලියේ දියවැඩියා රෝගීන් සේ හැඳින්වෙන්නේ උපතින්ම ඉන්සියුලින් නිපදවීමේ යාන්ත්‍රණයේ ප්‍රශ්න ඇති අයයි. එහෙත්, දියවැඩියා රෝගීන් වැඩි දෙනෙකුට තිබෙන්නේ දෙවන මාදිලියේ දියවැඩියාවයි. ඔවුන් සිරුරේ ඉන්සියුලින් නිපදවීම විවිධ හේතූන් මත පසුකාලීනව දුර්වල වූ අයයි. මේ හේතු අතර ආහාර පුරුදු ඇතුළු ජීවන විලාසිතා මෙන්ම ජානමය සාධකද තිබෙනවා.

දියවැඩියාව නිසා හෘදයාබාධ, ආඝාත, ඇස් පෙනීමේ දුර්වලතා, දන්තාබාධ, වකුගඩු රෝග වැනි වෙනත් රෝග තත්ත්වයන් ඇති වීමේ අවදානමද ඉහළ යනවා. එහෙත්, ජීවන විලාසිතා වෙනස් කිරීම හා ඖෂධ මඟින් මේ අවදානම් පාලනය කළ හැකියි.

දියවැඩියා තත්ත්වය දක්වා වර්ධනය නොවූ රුධිරයේ සීනි නියාමනය පිළිබඳ අඩුපාඩු පූර්ව දියවැඩියා තත්ත්වය සේ හඳුනා ගැනෙනවා. ජීවන විලාසිතා වෙනස් කිරීම මඟින් මේ තත්ත්වය ආපසු හැරවීමට 50%ක පමණ හැකියාවක් තිබෙනවා. මෙය කළ හැක්කේ රුධිර පරීක්ෂාවක් මගින් මුල් අදියරේදී මේ තත්ත්වය හඳුනා ගැනීම මගිනුයි. ඒ නිසා, නිරෝගී අයෙකු වුවත් වසරකට වරක් දියවැඩියා පරීක්ෂාවක් කර ගැනීම හොඳ අදහසක්.

දියවැඩියා තත්ත්වය ඇති වූ පසු මුලින් සඳහන් කළ සිද්ධියේ තරුණයාට මෙන් රුධිරයේ සීනි මට්ටම පහළ ගොස් සිහි විසංඥ වීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා දියවැඩියා රෝගීන් සීනි වැඩිවීම ගැන මෙන්ම සීනි අඩුවීම ගැනත් සැලකිල්ලෙන් සිටීම වැදගත්. ඒ එක්කම අප අතර සිටින අයෙකු මෙසේ සීනි අඩුව විසංඥ වීමට සැලකිය යුතු ඉඩක් තිබෙන බවත් අප අමතක කළ යුතු නැහැ.

අද අප්‍රේල් 7 ලෝක සෞඛ්‍ය දිනයයි.

(Image: https://newsd.in/world-health-day-2019-who-focuses-on-universal-health-coverage-this-year/)


6 comments:

  1. This is the sad situation of our societal collapse, people do not care about humans anymore.
    Men looking away when women are harassed murdered in public (while video taping,hiding), men jump queue when women are in line.

    ReplyDelete
  2. Ambassador Keshap had bluntly told Mahinda Rajapaksa that the US and West would not be in favour of a person like Gotabhaya Rajapaksa becoming Sri Lanka’s leader and won’t welcome his contesting the presidency (by D.B.S.Jeyaraj on Daily Mirror 16 June 2018)

    ReplyDelete
    Replies
    1. Dear Ano 12.55 AM,

      Please note that the former US Ambassador to SL, Mr. Atul Keshap, in response to a blogger on the Daily Mirror article on the Ambassador’s meeting with former President Mahinda Rajapaksa, said if they responded to every inaccurate news story that appears, they would have little time for anything else.

      Tweeting the Daily Mirror article which said US was not in favour of Gotabaya Rajapaksa becoming President, the blogger asked the Ambassador "Machang, Atul, you guys couldn't stop a reality TV show host from becoming your president. Maybe get your own house in order before you dictate terms to everyone else, noh?”

      Ambassador Keshap replied “Machang, if we responded to every inaccurate news story that appears, we would have little time for anything else,”.

      An article about the Keshap-Rajapaksa meeting had initially appeared on Tamil daily Kaalaikkathir which said Ambassador Keshap had reportedly said the US and the Western did not welcome the prospects of Gotabaya Rajapaksa contesting and becoming the President of Sri Lanka.

      However, when the Daily Mirror inquired about the meeting from the Embassy earlier, the Embassy remained non-committal.

      “The Ambassador meets routinely with political leaders, civil society and community leaders. The Ambassador honours the confidence of private meetings and does not discuss the contents of such meetings publicly,” it said.

      Earlier, the media unit of former President Rajapaksa said false reports were circulating over the meeting held with Ambassador Keshap.

      “The contents of the cordial discussion held between Mr. Rajapaksa and the Ambassador had been altered in the media reports. We have not issued any official statement over the meeting and we are not responsible for any of these false reports,” the media unit said.

      In addition, kindly notice that Ambassador Alaina B. Teplitz was sworn in as Ambassador to Sri Lanka and Maldives on October 22, 2018 and arrived in Colombo on October 31, 2018. She is the new US ambassador appointed by Trump administration & Mr. Atul Keshap is no longer in the said office FYI. I feel really sad for those who anticipated in celebration over this inaccurate news. LOL :D

      There is a Chinese sayin which says — 'Don't sell your ox till you've found a horse. LoL Damn good lesson for them.

      Delete
    2. Ahimsa Wickrematunge is seeking compensatory & punitive damages from ex-Defence Secretary @GotabayaR in her civil action lawsuit filed in the District Court of California for instigating and authorising the murder of her father, slain Sunday Leader Editor #Lasantha Wickrematunge

      49
      10:45 PM - Apr 7, 2019

      Delete
  3. කාලෝචිතයි! අත්දැකීමෙන්ම දන්නවා දෙවෙනි ගණයේ (type 2) දියවැඩියාව බෙහෙත් නොගන්නා තැනට ගෙනෙන්න පුළුවන් ආහාර පාලනය මඟින් විතරක්!

    ReplyDelete
  4. ඉතාම හොඳ කාලෝචිත බ්ලොග් පෝස්ට් ලිපියක් ඉකොනොමැට්ටා,

    දියවැඩියාව වැනි රෝග බොහෝවිට පාලනය කරගැනීමට ජනතාව දැනුවත් කිරීමත් ළමුන් කුඩාකල සිට පුරුදු කිරීමත් කල යුතුයි කියා මා සිතමි. Type 1 දියවැඩියාව යනු ප්‍රතිශක්තිකරණ පද්ධතියේ රෝගයකි. එය ශරීරයේ 'ඉන්සියුලින්' නිෂ්පාදනාගාරවලට (බීටා සෛල) දරුණු ලෙස පහර දෙන අතර එමගින් රුධිරයේ සීනි මට්ටම පාලනය සඳහා ප්‍රමාණවත් හෝමෝන නොමැති වේ. Type 2 දියවැඩියාව බහුලවම දුර්වල ජීවන රටාව නිසා ඇතිවන රෝගයක් ලෙස දකින්නට ලැබෙන්නේ 'ඉන්සියුලින්' ක්‍රියාකාරීත්වය කෙරෙහි සිරුරේ මේදය බලපාන බැවිනි. HNI [ Human Nutrition Research Center] එකෙන් කරන ලද අධ්‍යයනයකට අනුව කුරුඳු නිතර ආහාරයට ගැනීමෙන් සෛලවලට ඉන්සියුලින්වලටත් වඩා යහපත් ප්‍රතිචාර ලැබෙනු ඇත.සින්හල වෙදකමේ හැටියට දිය වැඩියා වර්ග 20ක් තිබෙනවාලු. ඉන් 16ක්ම නිට්ටාවටම සුව කරන්න පුළුවන් ලු. හැබැයි හතරක් නම් සුව කරන්න බෑ කියලයි සින්හල වෙද්දු කියන්නේ. දැන් ඔය වර්ග විස්සෙන් 10ක් හට ගන්නේ සෙම කෝප වීමෙන්, ආයේ ඒවා උදක-මේහ, ඉක්ෂු-මේහ, සාන්ද්‍ර-මේහ, සුරා-මේහ විදිහට වෙන්කර වනවා. ප්‍රමේහ කියන්නේ මිනිස් සිරුරට නරක දෙයක් ඇතුළු වුණොත් ඇති වන තත්ත්වයක්. නිදසුනක් හැටියට අපේ මූත්‍ර කහ පාටට යනවා නම් එහි තේරුම තමයි අපට ගෞරි-මේහ ඇති බව.

    පරන වෙද පොත්වල කියන්නේ අපේ ඇඟේ රත්රන් ටික මූත්‍ර සමඟ පිට වෙන බවකුත් එය ගණන් නොගෙන මාස හය හතක් හිටියොත් මධු-මේහ තත්වයට හැරෙන බවකුත් ලු.

    සින්හල වෙදකමේ හැටියට පිත කෝපයෙන් දියවැඩියා වර්ග 6ක් ඇති වෙනවා. ඒවා නීල - මේහ, ක්ෂාර- මේහ, කාල -මේහ, හරිද්‍රා -මේහ වගේ වර්ග කරල තියෙනවා, නිදසුනක් හැටියට සීත - මේහ කියන්නේ මූත්‍රා දහ පාළොස් වතාවක් සීතලට පිටවීම. එයත් ගණන් නොගෙන ටික කාලයක් සිටීමෙන් දියවැඩියාවට හැරෙනව ලු.

    දියවැඩියා ගනයට අයත් මේ රෝග 16ම සුව කළ හැකි පාරම්පරික ඖෂධ තිබෙනවා, ඒත් වාත කෝප වීමෙන් ඇති වන වසා-මේහ, මජ්ඣ-මේහ, හත්ථිති-මේහය සහ ශෞද්‍ර-මේහ මාස හය හතක් තිබිලා මධු මේහය බවට පත් වුණොත් කිසිම විදිහකින් හොඳ කරන්න බෑ කියලයි කියන්නේ.

    සින්හල වෙදකමේදී රෝගියාගේ ජෙන්ඩර් එක [ස්ත්‍රී පුරුෂ], ප්‍රති-ශක්තීය, වයස‍ ආදිය වගේ දේවල් මත රෝග ස්වභාව, සුවවෙන්ට ගතවන කාල සීමා වෙනස් වනවා. අනෙක් වැදගත් ම දේ තමයි කෑම පාලනය මේ රෝගයට බෙහෙත් කිරීමේදී ඉතා වැදගත් කියන එක;

    “කිව යුතු දේ නම් සුදු සම්බා/ සුදු කැකුළු සහ සියලුම විදේශීය සහල් වර්ග, ෆ්‍රයිඩ් රයිස්, බිර්යානි, රට කජු, කොස් ඇට, වට්ටක්කා, බටානා, බීට් රූට්, සියලුම අල වර්ග, හරක් මස්, ඌරු/ වල් ඌරු මස්, එළු මස්, ගෝනමස්, ඉස්සෝ, දැල්ලෝ, ටින් මාලු, පාන්පිටි ආශ්‍රිතව නිෂ්පාදන කල සියලු ආහාර වර්ග, සියලු කිරි-පිටි වර්ග, අයිස් ක්‍රීම් වර්ග, යෝගට් වර්ග, චීස්, බටර්, මාගරින්, සීනි, හකුරු, රටඉඳි, බිස්කට්, කේක්, පැණිබීම, වටලප්පන්, මිදුණු කිරි වර්ග, පාම් තෙල්, එළවළු තෙල්, මේදය සහිත ආහාර, අඹ, අන්නාසි, රඹුටන්, දූරියන්, කිලෝ පේර, කෝලිකුට්ටු/ ආනමාළු/ ඇම්බුන්/ සීනි කෙහෙල්, කෘත්‍රිම රසකාරක අඩංගු ආහාර, ක්ෂණික ආහාර සහ ජාන තාක්ෂණයෙන් සැදූ ආහාර සින්හල බෙහෙත් සමඟ ගැනීම හොඳ නෑ.

    සින්හල බෙහෙත් ක්‍රමේට කට පරෙස්සම් කර ගැනීම හැම දේටම වඩා වටින අතරම සින්හල බෙහෙත් ගන්න ගමන් එහෙම පැවතිලා නිට්ටාවටම සුව වූ අය දහස් ගණනක් ඉන්නව කියල වෙද්දු කියනවා.

    කෙසේ නමුත් ඉකොනොමැට්ටාට හැකිනම් මෙන්න මේ ඉතා වැදගත් කාරනා ගැන පෝස්ට් පලකරන මෙන් ඔබෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

    01. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් අක්මාව ආශ්‍රිත රෝග වලින්ද පීඩා විඳින බැවින් අක්මා රෝග පිලිබඳ විග්‍රහයක් - විශේෂයෙන් ෆැටි ලිවර් තත්වය, ඇල්කොහොල් වල බලපෑම සහ අක්මා ආශ්‍රිත රෝගවලින් වැලකීම ගැන විස්තර සහිත පෝස්ට් එකක්

    02. මේ දිනවල නැගල යන ගෝටාබය උන්නැහේගේ ඇමරිකන් සිටිසන් - ලසන්ත ඝාතන නඩු - ජනපති අපේක්ෂක හුටප්පරය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යනයක් තුලින් ලියනු ලබන විස්තරාත්මක බ්ලොග් පෝස්ට් එකක්

    මේ දෙවල් ඔබල පෝස්ට් දෙකකින් ඉදිරිපත් කල හැකිනම් ඔබට මා බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: