ගෙවුණු 2025 ජූනි මාසයෙන් අවසන් වූ මාස දොළහක කාලය තුළ පුළුල් මුදල් සැපයුම රුපියල් බිලියන 1,427.9කින් වැඩි වී තිබෙනවා. මෙය 10.4%ක වර්ධනයක්. අපට මුදල් සැපයුමෙහි මෙම වර්ධනය ඊට පෙර අදාළ කාල පරිච්ඡේද සමඟ සංසන්දනය කළ හැකියි.
2018 ජූනි සිට 2019 ජූනි දක්වා - 8.7%
2019 ජූනි සිට 2020 ජූනි දක්වා - 14.0%
2020 ජූනි සිට 2021 ජූනි දක්වා - 21.5%
2021 ජූනි සිට 2022 ජූනි දක්වා - 17.1%
2022 ජූනි සිට 2023 ජූනි දක්වා - 5.2%
2023 ජූනි සිට 2024 ජූනි දක්වා - 9.8%
2024 ජූනි සිට 2025 ජූනි දක්වා - 10.4%
මේ අනුව, ආර්ථික අර්බුදයට ආසන්න පෙර වසර වලදී මහ බැංකුවේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති හේතුවෙන් මුදල් සැපයුම වැඩි වේගයකින් ප්‍රසාරණය වූ ආකාරයත්, ඉන් පසුව මහ බැංකුව විසින් දැඩි මුදල් ප්රතිපත්තියකට මාරු වීමෙන් පසුව මුදල් සැපයුමේ වර්ධන වේගය අඩු වූ ආකාරයත් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකියි. මහ බැංකුව විසින් නැවතත් මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පුළුල් මුදල් සැපයුමෙහි වර්ධන වේගය නැවතත් තරමක් ඉහළ ගොස් තිබෙනවා.
සියයට පහකට ආසන්න මූර්ත ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරන අතරතුර මහ බැංකුවට ලබා දී තිබෙන 5%ක උද්ධමන ඉලක්කය වෙත යාම සඳහා 10%ක පමණ වේගයකින් මුදල් සැපයුම වර්ධනය වීමේ ප්‍රශ්නයක් නැතත්, මෙම වර්ධන වේගය මීටත් වඩා වැඩි වුවහොත් එහි ප්‍රතිඵලය උද්ධමන ඉලක්කය ඉක්මවීම වෙන්න පුළුවන්. 5%ක ආර්ථික වර්ධන වේගයක් සැලකිය හැක්කේ අපේක්ෂා කළ හැකි උපරිම වර්ධන වේගයක් ලෙසයි. සැබෑ ආර්ථික වර්ධන වේගය ඊට වඩා අඩු මට්ටමක පවතින්නට වැඩි ඉඩක් තිබෙනවා.
පසුගිය මුදල් ප්‍රතිපත්ති විවරණයේදී මහ බැංකුව විසින් පොලී අනුපාතික වෙනස් කළේ නැහැ. එමෙන්ම, වාහන ආනයනය කිරීම් හා අදාළව සීමා දැඩි කිරීම සැලකිය යුත්තේ මුදල් සැපයුමේ වර්ධනය පාලනය කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ගයක් ලෙසයි. එනම් දැඩි මුදල් ප්රතිපත්තියක අංගයක් ලෙසයි. මේ අනුව පෙනී යන්නේ මුදල් සැපයුමේ අපේක්ෂිත වර්ධන වේගය සහ එහි බලපෑම් පිළිබඳව මහ බැංකුව නිවැරදි තක්සේරුවක සිටින බවයි.
නිල දර්ශකය අනුව තවමත් තිබෙන්නේ අවධමන තත්ත්වයක්. එහෙත් එයට ප්‍රධාන හේතුව ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්ව පැවතීමයි. ඇමරිකන් තීරුබදු හේතුවෙන් විණිමය අනුපාතය හා ආර්ථික වර්ධන වේගය කෙරෙහි යම් නිශේධනාත්මක බලපෑමක් ඇති විය හැකිව තිබුණත්, මේ වන විට එම අවදානම පහව ගොස් තිබෙනවා. ඇමරිකන් තීරුබදු ප්රශ්නය ආණ්ඩුව විසින් සාර්ථක ලෙස විසඳාගත් "සැබෑ ප්‍රශ්නයක්" ලෙස හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා, මුදල් සැපයුමේ වර්ධනය පාලනය වන අතරතුර විණිමය අනුපාතය මත ඇති වන ආතතිය හේතුවෙන් උද්ධමනය සීමාව ඉක්මවා ඉහළ යාමේ අවදානමද මේ වන විට පාලනය වී තිබෙනවා.
පුළුල් මුදල් සැපයුමේ වර්ධනයට කරුණු දෙකක් හේතු වෙනවා. ඒ මහ බැංකුවේ සංචිත මුදල් සැපයුමෙහි සිදු වන වර්ධනය, එනම් සල්ලි අච්චු ගැසීම, සහ වාණිජ බැංකු විසින් සිදු කරන මුදල් මැවීමයි. ගෙවුණු 2025 ජූනි මාසයෙන් අවසන් වූ මාස දොළහක කාලය තුළ සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 242.5කින් වැඩි වී තිබෙනවා. මෙය 17.1%ක වර්ධනයක්. පුළුල් මුදල් සැපයුමෙහි රුපියල් බිලියන 1,427.9ක වර්ධනයෙන් 17.0%කට පමණ හේතුව සංචිත මුදල් සැපයුම ඉහළ යාමයි. වාණිජ බැංකු වල මුදල් මැවීමේ ක්‍රියාවලිය හරහා මෙසේ අලුතෙන් එකතු වූ මුදල් ප්‍රමාණය හය ගුණයකින් පමණ වර්ධනය වී තිබෙනවා.
මුදල් සැපයුම අඩු වෙලා නේද තියෙන්නේ? ප්‍රතිශත ඍන අගයන් සලකුණු කරලා තියෙන්නේ?
ReplyDelete@ ඉකොනෝ
ReplyDeleteලංකාවේ රේගුව සහ නව තාක්ෂණය පිළිබඳව BYD EV වාහන ගැටලුව ගැන ප්‍රශ්න කීපයක් ඔබෙන් අහන්න ඕන.
මෑතකදී ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගනු ලැබූ BYD විදුලි වාහන (EV) තොගය පිළිබඳ ගැටලුව මේ වන විට සමාජයේ දැඩි කතාබහට ලක්වී තිබෙනවා. මෙය හුදෙක් බදු ගැටලුවක් පමණක් නොව, නවීන තාක්ෂණය පිළිබඳ අපගේ අවබෝධය සහ නීති පද්ධතියේ පවතින අඩුපාඩු මනාව පෙන්නුම් කරන සිදුවීමක්.
විදුලි වාහන (EV) භාවිත කිරීමේ වාසි සහ සූර්ය බලශක්ති විභවය
පෙට්‍රල් හෝ ඩීසල් වාහන වෙනුවට විදුලි වාහන භාවිත කිරීමෙන් ලැබෙන වාසි රැසක් තිබෙනවා. මෙම වාසි ආර්ථික, පාරිසරික සහ නඩත්තු යන අංශ කිහිපයකටම බලපානවා.
ඉන්ධන අවශ්‍ය නොවීම: පෙට්‍රල් හෝ ඩීසල් අවශ්‍ය නොවන නිසා ඉන්ධන සඳහා විශාල මුදලක් වැය කිරීම වළක්වා ගත හැකියි.
පහසු නඩත්තුව: සාම්ප්‍රදායික වාහනවල මෙන් එන්ජින් ඔයිල්, ඔයිල් ෆිල්ටර්, රේඩියේටර්, රේඩියේටර් කූලන්ට්, ගියර් ඔයිල්, එයා ක්ලීනර් හෝ ස්පාක් ප්ලග් අවශ්‍ය නොවන නිසා නඩත්තු වියදම් ඉතා අවමයි.
පරිසර හිතකාමී බව: විදුලි වාහන භාවිතයෙන් පරිසරයට මුදාහරින කාබන් විමෝචනය අවම වන අතර, වායු දූෂණය අවම කිරීමට ද එය උපකාරී වෙනවා.
ශබ්ද දූෂණය අඩු වීම: පෙට්‍රල් හෝ ඩීසල් වාහනවලට සාපේක්ෂව විදුලි වාහනවල ශබ්දය ඉතා අවමයි.
ලංකාවේ සූර්ය බලශක්ති විභවය: ශ්‍රී ලංකාවට වසර පුරාම හොඳින් හිරු එළිය ලැබෙන නිසා, සූර්ය පැනල භාවිත කර නිවෙස්වලදී මෙන්ම, පොදු ස්ථානවලදීද විදුලි වාහන ආරෝපණය කර ගැනීමේ හැකියාව පවතිනවා. මෙය විදුලි වාහන භාවිතය සඳහා අමතර පෙළඹවීමක් වනවා.
රේගුවේ ක්‍රියාකලාපය සහ තාක්ෂණික විකාරය වු ගැටලුවේ මූලිකම හේතුව වී ඇත්තේ වාහනවල මෝටර් බලය (motor power) පිළිබඳව රේගුව විසින් ඇති කරගත් සැකයයි. ආනයනකරුවන් පවසන්නේ වාහනවල බලය 100kW බවයි. නමුත්, රේගුව සැක කරන්නේ එහි සැබෑ බලය 150kW බවත්, අඩු බදු ගෙවීම සඳහා මෙය වසන් කර ඇති බවත්ය.
මෙම තත්ත්වය විසඳීමට රේගුව ගෙන ඇති පියවර පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වී තිබෙනවා. මෝටරය ගලවා මැනීමට උත්සාහ කිරීම, විදුලි මෝටරයක් පිළිබඳ අවබෝධයක් නොමැතිකම පෙන්නුම් කරන බව බොහෝ දෙනාගේ මතයයි. සාම්ප්‍රදායික විදුලි පංකා මෝටරයක් මෙන් නොව, EV මෝටරයක් යනු මෝටර එකලස් කිරීම (motor assembly), පාලක පුවරුව (control board), කාවැද්දූ මෘදුකාංග (embedded firmware), සංවේදක (sensors) සහ සම්ප්‍රේෂණ පද්ධති (reducers) ඇතුළු විවිධ සංරචක එකිනෙකට සම්බන්ධ වූ සංකීර්ණ පද්ධතියක්. එහි සැබෑ ක්‍රියාකාරිත්වය තීරණය වන්නේ මේ සියලුම කොටස්වල සමබර ක්‍රියාකාරිත්වය මතයි.
නිෂ්පාදකයා විසින් ප්‍රකාශ කරන ලද සමස්ත ශ්‍රේණිගත බලය (overall rated power) පමණක් මේ සඳහා අර්ථවත් වන අතර, මෝටරයේ දඟරය (coil) පමණක් පරීක්ෂා කිරීමෙන් එහි සැබෑ බලය නිශ්චය කළ නොහැකියි. මෙය හරියට පොතක බර මැනීමට එහි කවරය පමණක් මැනීම වැනිය. 100kW මෝටරයක දඟරය මැන බැලුවහොත්, එහි සැබෑ බලයට වඩා වැඩි අගයක් පෙන්වීමට ඉඩ ඇති අතර, 150kW මෝටරයක් එලෙස පරීක්ෂා කළහොත් එය 250-300kW තරම් විශාල අගයක් පෙන්වීමට පවා ඉඩ තිබෙනවා.
මේ ගැන ලංකාවේ නීති සහ ජාත්‍යන්තර ප්රමිතීන් ගත්තාම
Deleteලෝකයේ අනෙක් රටවල් නිෂ්පාදකයා විසින් ලබා දෙන තාක්ෂණික දත්ත (manufacturer's specifications) පිළිගන්නා විට, ශ්‍රී ලංකාවට පමණක් ඒවා ප්‍රමාණවත් නොවීම බරපතල ගැටලුවකි. 1,000cc වාහන 998cc ලෙසත්, 1,500cc වාහන 1,496cc ලෙසත් ආනයනය කිරීම මීට පෙර සිටම පැවති සිරිතක් වුවත්, එවිට තාක්ෂණික පරීක්ෂණයක් නොකිරීමත්, නවීන EV වාහනයක් සඳහා පමණක් මෙවැනි සංකීර්ණ පරීක්ෂණ ඉල්ලා සිටීමත් මේතර්කයට අනුව සාධාරණ ද?
මෙවැනි තත්ත්වයන් මඟහරවා ගැනීම සඳහා නවීන තාක්ෂණයට ගැලපෙන පරිදි නීති සහ රෙගුලාසි යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම, මෘදුකාංග (firmware) මඟින් සීමා කරන ලද බලයක් සහිත වාහනයකට බදු අය කළ යුත්තේ එහි සැබෑ දෘඩාංග (hardware) ධාරිතාවය මතද, නැතහොත් සීමා කරන ලද මෘදුකාංග ධාරිතාවය මතද යන්න පිළිබඳව පැහැදිලි නීතිමය නිර්වචනයක් තිබිය යුතුයි.
මේ සිදුවීමෙන් පෙනී යන්නේ, නීති ක්‍රියාත්මක කරන්නන්ට නවීන තාක්ෂණය පිළිබඳව පුළුල් අවබෝධයක් අවශ්‍ය බවයි. එසේ නොමැතිව, මෝටර් රථයක සිලින්ඩර ධාරිතාවය මැනීම සඳහා සිලින්ඩරය ඇතුළතට ජලය පුරවා ධාරිතාවය ගණනය කිරීමට උත්සාහ කරන තරම් හාස්‍යජනක තත්ත්වයන් ඇතිවීමට ඉඩ තිබෙනවා. අපේ රටේ අනාගතය සඳහා නව තාක්ෂණයන් ආනයනය කිරීම පහසු සහ විනිවිදභාවයෙන් යුක්ත විය යුතු අතර, එවැනි පද්ධතියක් ගොඩනැගීමට රේගුව සහ රජය වගබලා ගත යුතුයි නේද?
මේ ගැන මට අපැහැදිලි තැන් කීපයක් ගැන විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?
විදුලි වාහනයක මෝටර් බලය (motor power) මැනීමේ නිවැරදිම විද්‍යාත්මක ක්‍රමවේදය කුමක්ද? නිෂ්පාදකයා විසින් මෘදුකාංග (firmware) භාවිතයෙන් සීමා කරන ලද බලයක් ප්‍රකාශ කරන විට, බදු අය කිරීම සඳහා සලකා බැලිය යුත්තේ දෘඩාංගයේ (hardware) උපරිම ධාරිතාවයද, නැතහොත් මෘදුකාංගයෙන් සීමා කරන ලද බලයද?
බදු ප්‍රතිපත්ති සහ වෙළෙඳාමේ විනිවිදභාවය: විදුලි වාහන ආනයනයේදී මෝටර් බලය මත පදනම් වූ බදු ක්‍රමයක් වෙනුවට, වාහනයේ මිල, බැටරි ධාරිතාවය හෝ වෙනත් ජාත්‍යන්තර ප්රමිතීන් මත පදනම් වූ විනිවිදභාවයකින් යුතු බදු ක්‍රමයක් හඳුන්වා දීමේ ආර්ථික වාසි සහ අවාසි මොනවාද?
ආර්ථික බලපෑම් සහ නවෝත්පාදන: මෙවැනි තාක්ෂණික සහ නීතිමය ගැටලු හේතුවෙන් විදුලි වාහන ආනයනකරුවන් සහ පාරිභෝගිකයන් මුහුණ දෙන අභියෝග මොනවාද? දිගුකාලීනව, මෙවැනි ක්‍රියාමාර්ග දේශීය වෙළඳපොළට සහ විදුලි වාහන තාක්ෂණය රට තුළ ව්‍යාප්ත වීමට කෙසේ බලපායිද?
පරිසර සහ බලශක්ති ප්‍රතිපත්තිය: ශ්‍රී ලංකාව වැනි රටක පුනර්ජනනීය බලශක්ති (සූර්ය බලශක්තිය) ප්‍රභවයන් බහුලව පවතින විට, විදුලි වාහන භාවිතය දිරිගැන්වීම ජාතික බලශක්ති සුරක්ෂිතභාවයට සහ පාරිසරික ඉලක්කවලට කෙසේ බලපායිද? විදුලි වාහන බහුල වීමත් සමඟ ඇතිවිය හැකි විදුලි ජනන සහ බෙදාහැරීමේ පද්ධතිවලට ඇතිවන අභියෝග මොනවාද?
පැරණි නීති යාවත්කාලීන කිරීම: අභ්‍යන්තර දහන එන්ජින් (ICE) සහිත වාහන සඳහා සකස් කරන ලද පැරණි නීති, විදුලි වාහන වැනි නවීන තාක්ෂණයන් සඳහා යොදාගැනීමේදී මතුවන ගැටලු මොනවාද?
මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දීමට නම්, රජය විසින් ගත යුතු කෙටි කාලීන හා දිගු කාලීන ප්‍රතිපත්තිමය තීරණ මොනවාද?
ලෝක ප්රවණතා සහ අනුගත වීම: ලෝකයේ වෙනත් රටවල් විදුලි වාහන සඳහා බදු සහ නීතිමය ප්‍රතිපත්ති සකස් කර ඇත්තේ කෙසේද?
ලංකාවට ඔවුන්ගේ සාර්ථක අත්දැකීම්වලින් ලබාගත හැකි පාඩම් මොනවාද? නිෂ්පාදකයින්ගේ දත්ත (manufacturer's specifications) විශ්වාස කිරීම මගින් ඇතිවන අවදානම් අවම කරගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?
මේ ගැන විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?
Who knows, perhaps JKH might have refused to pay that You-Know-What amount to You-Know-who. This is classic example of the ignorance of our so called gov. officers. They might think that this EV motor is something like their household fan motor.. hahaha...God bless Sri Lanka !
DeleteIkonomatta
ReplyDelete