වෙබ් ලිපිනය:

Monday, April 25, 2022

ශ්‍රමික ප්‍රේෂණ 55%කින් ඉහළ යයි!


මාර්තු මාසය තුළ ලංකාවට ලැබුණු ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය පෙබරවාරි මාසයට සාපේක්ෂව 55%කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසර මුල සිටම ලංකාවට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් පහළ ගියා. ඩොලරයේ මිල ඉහළ යාමට සැලැස්වීමෙන් පසුව මෙම ප්‍රවණතාවයෙහි පැහැදිලි හැරවුමක් පෙනෙන්නට තිබෙනවා. 

පෙබරවාරි මාසයේදී ලැබුණු ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 204.9ක් පමණයි. මාර්තු මාසයේදී මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 318.4 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේ වුවත්, පසුගිය (2021) මාර්තු මාසයේදී ලැබුණු ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය මේ ප්‍රමාණය මෙන් දෙගුණයකට ආසන්නයි.

24 comments:

  1. රටට රටේ ජනතාවට සෙතක් වෙන්නයි ඕනි!

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන පාටක් නෑනේ නිමල් අංකල් මොකද ලංකාවට සල්ලි ඇවිල්ලා රට ස්ථාවර වෙනවා නම් රාජපක්ෂ කල්ලිය ආයේ රටේ බලය කෙමෙන් කෙමෙන් තහවුරු කර ගැනීමට කටයුතු කරනවා. එකම දේ තමයි අයියා එම් එෆ් එකේ යෝජනා ක්‍රියාත්මක කරන්න යනකොට රජයේ සේවකයන් දීපව්‍යාප්ත පුළුල් වැඩ වර්ජනයක් සහ අරගලයක් කරන එක ඒත් ඊට පස්සේ එන ආණ්ඩුවටත් එරෙහිව ඒක බල පවත්වන එක තමයි ලොකුම ලොකු අවුල සහ ප්‍රධාන ප්‍රශ්නය. දැන් ලංකාවේ ඇන්ටි රාජපක්ෂ අරගලේ අර මුලදි තිබ්බ ගැම්මවත් ඒ අරමුණු වත් නෑ. මේක දැන් නම් තවත් උත්කර්ෂයට නන්වන්නෙ මෝඩ මිනිස්සු විතරයි. බුද්ධිමත් අය ටික ටික ඈත් වෙලා යන පාටක් පෙනෙන්නට තියෙනවා. මේ නිසා මුලදි වුන හොඳ දේවල් ටිකෙන් පස්සෙ ඔවුන්ට තිබ්බ පාලකයන්ට දැනුම් දෙන්න තමන් ආන්ඩුවෙ ප්‍රගතිය ගැන බලන් ඉන්න බවත් පිස්සු නැටුවොත් නැවත පාරට බහින බවත් දැනුම් දෙන්න ඕන. දැන් ආන්ඩුවට වඩා පිස්සු නටනව එතන. අරගල කියන පරමාර්ථය දියාරු කරල දාල තමයි ඕක ඉවර වෙන්නෙ. ආරන්චි හැටියට කොළඹ ගාලු මුවදොර ඒ අවට තිබෙන ලංකාවේ සුපිරිතම හෝටල් වලට එන ඉහළ තත්වයේ සන්චාරකයන් ප්‍රමාණයත් සෑහෙන අඩුවෙලා මේක වයලන්ට් වෙයි කියලා හිතලා. අනේ මන්දා මට නම් හිතාගන්න අමාරුයි මොකද කරන්නේ මේකට...

      Delete
  2. හුඟක් අය තත්ත්වය අවභෝධ කරගෙන වැඩිපුරත් මුදල් බැංකු හරහා එවනවා. ඒ ගොල්ලන්ට ගොඩක් ස්තූතියි සහ පිං !
    සමහරු පොඩි වාසියට, ගෝඨාව මෙල්ල කරන්න (සමහරු වාසි ගන්න උන්ඩියල් කරණ ගමන් කියනවා ගෝඨා ඉන්නකම් සල්ලි එවන්නැ කියලා ;D ) සල්ලි උන්ඩියල් කරණවා. ඒ ගොල්ලන්ට නුවණ පැදේවා !

    ReplyDelete
  3. ලංකාවේ සිටින අතිමහත් බහුතරයට basic economics ගැන කිසිම අදහසක් නැහැ. මෙම blog එක එම අඩුව පිරවීමට ඉතා හොද උදවක් කරනවා.
    අනාගතයේදී ලංකාව නැවතත් යන්තම්වත් හිසඔසවන්න නම්, long term කලයුතු දෙයක් නම්, o/l මට්‌ටමට එන විට subject එකක් ලෙස හෝ අඩුම තරමින් maths syllabus එකේ කොටසක් ලෙසවත් basic economics ඇතුලත් කලයුතුයි.

    ReplyDelete
    Replies
    1. හොඳ යෝජනාවක්. ඉකොනොගෙන් සෑහෙන දෙයක් ඉගෙන ගත්තා. ස්තූතියි.

      Delete
  4. Dear Econo, A bit off topic. Lot of people are citing the fact that Chinese loans are only 10% of the external debt as a counter argument for the Chinese debt trap. However, isn't it a lot of the loans from China came directly from banks and other financial institutions making them part of the commercial borrowings. Also is it possible to get some insight into loan payments for the next 5-10 years, which I presume the contribution going to China would be substantial.

    ReplyDelete
    Replies
    1. First of all, this so called "Chinese debt trap" itself is a myth.

      ඔය චීන ණය කතාව ගොතන ලද මිත්‍යා ප්‍රබන්ධයක්, බ්‍රහ්මා චල්නේ ගේ "චීන ණය උගුල" නමැති මිථ්‍යා විශ්වාසය මත පදනම්ව ලියල තියෙනවා වගේ

      //චීනය ලංකාවට ණය දීලා ලංකාවට ණය ගෙවාගන්න බැරි උනාම ලංකාවේ තියෙන චීනයට වටින මොනවා හරි දෙයක් ණයේ හිලවුවට චීනය සින්න කර ගනියි.//

      විශේෂයෙන් මේක පරණ පොලී මුදලාලිලා ගැන සම්බන්ධ කරලා ගියපු කතාවක්.

      මේ චීන ණය කතාව ඇතැම් මාධ්‍ය මගින් මවා පෙන්වන බොරුවක් බව තමයි පිළිගත් ආර්ථික සහ මූල්‍ය විශේෂඥයින් දරන මතය;

      මේ බලන්න ඇකඩමික පර්යේෂණ;

      https://commons.ln.edu.hk/ipswp/1/

      මේ තියෙන්නේ ඒ ගැන විශේෂඥයන් විසින් කරපු විශ්ලේෂණ;

      01. https://www.theguardian.com/world/2019/oct/21/chinese-loans-expose-pacific-islands-to-risk-of-unsustainable-debt-report-finds

      02. https://www.tandfonline.com/doi/full/10.1080/01436597.2020.1807318

      03. https://www.spectator.co.uk/article/the-myth-of-china-s-debt-trap-diplomacy-

      04. https://www.theatlantic.com/international/archive/2021/02/china-debt-trap-diplomacy/617953/

      (මේක සම්පූර්ණයෙන්ම කියවා බලන්න අග කොටස)

      05. https://www.chathamhouse.org/2020/08/debunking-myth-debt-trap-diplomacy

      මේ කියන තරම් යකා කළු නැහැ. අනෙක චීනය නැත්නම් ඇමරිකා එක්සත් ජනපදය හෝ යුරෝපීය රටවල් ලංකාවට වෙස්සන්තර රජා වගේ ඇවිත් දනට පිනට ඩොලර් බිලියන ගණනින් දන් දේවි ද? ඒ නිසා කෙනෙක් ණය ගන්න තීරණය කරපුවාම සල්ලි තියෙන සහ දෙන්න කැමති තැනකින් ණය ගන්න වෙනවා. චීනය ජපානය ඉන්දියාව ADB, IBRD, AIIB, IMF, KOICA (දකුණු කොරියාව) වගේ අයගෙන් ණය ආධාර ලබා ගැනීම වරදක් නෙවෙයි ඒත් ගන්න ණය නැවත ගෙවීමට හැකි පරිදි ආයෝජන කර ආර්ථිකය දියුණුවට යොදා නොගැනීම තමයි ලංකාවේ පැත්තෙන් වෙලා තියෙන වරද ඒකට ණය දීපු කවුරුත් පලි නෑ.

      Delete
    2. ලංකාවේ පැත්තෙන් බලද්දි චීන ප්‍රාග්ධනය ලබාගත යුත්තේ මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධනය වැනි ව්‍යාපෘති වලටත් වඩා ලංකාවේ විශාල පිරිසකට රැකියා ලැබෙන ආයෝජන වලට. ඇඟලුම් ලංකාවට ගැලපුනේ හැත්තෑවක් සහ අසූව දශකවල.

      ඒත් දැන් ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපන මට්ටමේ සිටින විශාල පිරිසකට රැකියා සැපයිය හැකි කර්මාන්ත වගේම එම කර්මාන්ත ලංකාවේ ව්‍යවසායකයන්ට තාක්ෂණය ලබා ගැනීමට හැකි වන ඒවා ආකර්ෂණය කරගන්න ඕන, එවැනි කර්මාන්ත රාශියක් චීනයේ තිබෙනවා. මහා පරිමාණ චීන කර්මාන්ත ලංකාවේ පටන් අරගෙන ලංකාවේ මිනිස්සු ඒවායේ වැඩ කරද්දී ඒ බඩු ලංකාවෙන් ලෝකයටම යනවනම් සිල්ක්රෝඩ් අවශ්‍යතා තිබුණත් නැතත් චීනයට ලාබ ශ්‍රමය ආ ලාභය ලැබෙන අතරම ලංකාවටත් වාසියක් තියෙනවා. හම්බන්තොට කර්මාන්ත පුරය හරහා පහුගිය කාලේ ආණ්ඩුව කයිවාරු ගැහුවේ ඔය වගේ දෙයක් නමුත් කොවිඩ් නිසා ඒකත් හරිගියේ නැහැ. ඒ වෙනුවට චීන ණය අරගෙන නැවත චීනයටම සල්ලි ටික දීලා ණය විතරක් ගොඩ ගසා ගැනීමෙන් කවදාවත් කිසිම රටකට ගොඩ යන්න බැහැ. අනිත් කාරණේ technology transfer කියන දේ.

      In respect of large scale infrastructure projects, if we could get sufficient technology transfer, that's another + point I suppose. For example, during the Mahaweli projects, whole lot of Sri Lankan labour and technicians got substantial expertise through those projects. When those were completed in mid & and end 80s, there was a well-trained set of technical professionals available in the market. Thus, when the European engineering firms went to middle east after SL, they got down many Sri Lankan technical professionals to work with them in the ME. Those who started Quantity Surveying (QS) in the ME were ex- Mahaweli technicians. Anyone who has worked in the ME knows our monopoly in the QS field. We are still earning substantial amounts of dollars due to that technology transfer.
      But in these Chinese funded projects, involvement of our labour is not much compared to them. But our Engineers & subcontractors could do central expressway project & Ruwanpura Expressway project without any foreign involvement now, with our own expertise. What we get is not only the finished product and debt at the outset.

      Delete
    3. //Lot of people are citing the fact that Chinese loans are only 10% of the external debt as a counter argument for the Chinese debt trap.//
      The percentage out of total foreign debt is low because loans from China are a relatively recent phenomenon. In 2020, 44% of new loans were from China.

      Delete
  5. හොඳ ප්‍රවණතාවයක්. හැමදාමත් බැංකු හරහා පමණක් මුදල් යැවීම ගැන මම සතුටු වෙනවා.

    ReplyDelete
    Replies
    1. අපිනම් වැඩියෙන් හම්බවෙන ක්‍රමේට විතරයි යවන්නෙ. රට රකින පුපේ අමාරු අපිටනැහැනෙ.

      Delete
  6. ශ්‍රමික ප්‍රේෂණ ටිකවත්
    නොඑන රටක
    සොයමු අපි
    expatriate වරු
    ගිලෙන නැව
    ගොඩගන්ට!

    ReplyDelete
  7. Dear Economatta, I am sorry, I can't write in Sinhala. Have you every studied the spending of the GOSL? For example, the expenditure on education, health, and research.

    I know the amount is low. But, we have a good education system compared to India. At least primary and secondary. However, there is a huge gap between the % spent on these by India and Sri Lanka.

    Something wrong with the way calculate %?

    ReplyDelete
    Replies
    1. In 2021, GOSL spent 26.6% of its total revenue on health and 21.3% on education. 28.5% on welfare and 17.7% on defense.

      Delete
    2. දොස්තරලට පර්මිට් දෙන ඒව ඇතුලත් වෙන්නෙ සුභසාදනයටද? සොක්‍යටද?

      Delete
    3. පර්මිට් දෙන එක මම දන්නා තරමින් වියදමක් ලෙස සටහන් වන්නේ නැහැ. මම වැරදි වෙන්න පුළුවන්.

      Delete
    4. එහෙනම් ඒක ඔක්කොට්ම වඩා මරු. කෙලින්ම බහිරවය ගිල්ල වගේ සීන් එකක් යන්නෙ ඒ කියන්නෙ. මරු සිස්ටම් එකක් ජොස්තරල හදාගෙන තියෙන්නෙ.

      Delete
  8. නන්දෙ දැන උගත් තාලෙට
    මහ බැංකුව ගෙනයන්නට
    කට වචනෙත් චක්‍රලේඛෙ
    බව කියාපු නන්දසේන
    ඉඩ දේවිද හැකයි හැකයි

    ReplyDelete
  9. ඉකෝනොගේ බ්ලොගිය නිසා අප්පිරිය උනු වාණිජය ගැන ගොඩක් දැන ගත්තා

    ReplyDelete
  10. ඉකොනො ප්‍රශ්නයක් තියනවා. මහ බැන්කු අදිපති තුමා කියනවා මීට වඩ පොලි අනුපාත වැඩි කරන්න ඔනි නැ, පොලි අනුපාතය උද්දමනයට සමාන තරමට වැඩි කරන්න ඔනි නැහැ කියලා. ඊට අමතරව ඉක්මනින්ම රුපියල ස්තාවර වේවි දැනටමත් රුපියල අවප්‍රමාන වෙලා වැඩි ඉක්මනින්ම මෙ තත්වය අනික් පැත්ත හරිලා රුපියල අදිප්‍රමානය වෙවි කියලා. දැනට සන්චිත බිලියන 2කට අඩුයි, පාවච්චි කරන්න මුලුවන් මිලියන සිය ගානක්. ඉතින් මෙ කතාව ඇත්ත වෙන්න පුලුවන් ද? අනාගත ප්‍රෙශන ගැන හිතලද මෙ කියන්නෙ? එහෙම නම් අපි හිතන තරම් වැඩෙ අවුල් නැද්ද? එ කිව්වෙ ඉදිරියෙදි බඩු තියනවා එත් මිනිස්සු ගාව සල්ලි නැ. එ නිසා හැම දෙයක්ම කුනු කොල්ලෙට යන එක, නය ගන්න බැ ගිනි පොලිය. ඉඩම් වාහන වල මිල විශාල ලෙස මිල අඩු වීම, ව්යාපාර කඩා වැටීම වගෙ දෙවල් සිදු වෙන එකක් නැද්ද? එහෙම නම් වසර 5 කින් වගෙ 2019 ට ආපසු යන්න පුලුවන් වෙයි නෙද?

    ReplyDelete
  11. ඉකොනොමට්ටා ගෙන් දවස් 6 ක් පසුවී වත් තවම එම රසවත් , දැනුම ගෙනෙන ලිපියක් නැත්තෙ ඇය් ? සාන්කාවෙන් පසුවෙමි.

    ReplyDelete
  12. ඉකොනො ඕක වෙන්න ඇත්තෙ කොවිඩ් කාලෙ ලංකාවට ආපු අයයි, මේ තියෙන ප්‍රශ්න නිසා රට රස්සා වලට ගියපු අයගෙ ප්‍රේෂණ නිසයි නේද?

    ReplyDelete
  13. *කොවිඩ් කාලෙ ආපු අය ආපහු යන්න ඇති කියන එක අදහස් කරෙ

    ReplyDelete
  14. අනිත් එක ඉකොනො ඔයාලා ඒකාලෙ කීව ඩොලර් එක පා කරන්න ඕනි කියලා, දැන් ඔන්න එහෙම කරලා තියෙනවා, ඒක නිසා ඒකෙ පිරිවැය බහුතරයක් මහජනතාව දැන් විදිනවා ...

    ඒ විදින පිරිවැයට ප්‍රතිලාභයක් තියේවිද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: