අධිපති මාරුවෙන් පසුව මහ බැංකුව රටේ පවතින තත්ත්වය ගැන ඇත්ත කතා කරනවා. මහ බැංකුව කියා කිවුවේ එහි ඉහළ ස්ථරය. මේ වන විට මහ බැංකුවට පිටින් සිටි විවේචකයින් විසින් කියූ දේ සහ මහ බැංකුව විසින් කියන දේ අතර විශාල පරතරයක් නැහැ. ඉතා සංක්ෂිප්ත ලෙස කිවුවොත් පවතින තත්ත්වය ගොඩක් අය හිතාගෙන ඉන්නවාට වඩා සෑහෙන්න දරුණු තත්ත්වයක්. මේ වෙලාවේ කවුරු ඇවිත් මොන දේ කළත් මේ විනාශය වලක්වා ගත හැක්කේ යම් සීමාවක් දක්වා පමණයි.
අපි ජූලි මාසයෙන් පටන් ගනිමු. ජූලි 25 ඩොලර් බිලියනයක ස්වෛරිත්ව බැඳුම්කරයක් හා එහි පොලිය ගෙවන්න තියෙනවා. මෙය එදිනට ගෙවන්න බැරි වීම ආසන්න අනිවාර්යතාවයක්. දැනට තිබෙන එකම තේරීම ඊට පෙර කෙසේ හෝ ණයකරුවන් සමඟ සාකච්ඡාවක් කර සැලසුම්සහගත ලෙස මෙම ණය පැහැර හැරීම සිදු කිරීමයි. මේ නිශ්චිත කාරණය හා අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියන එකෙන් අදහස් වනු ඇත්තේ එයයි.
අද වන විට ජූලි 25 දින කල් පිරෙන බැඳුම්කරයේ ද්වීතියික වෙළඳපොළ මිල ඩොලර් 47.9 දක්වා පහත වැටී තිබෙනවා. ඒ කියන්නේ අනුපාතයක් ලෙස ගත්තොත් අද ඩොලර් 48ක් ආයෝජනය කරලා තව සති 15කින් ඩොලර් 103ක් ලබා ගත හැකියි කියන එක. මෙය ඉතා ඉහළ ප්‍රතිලාභයක් බව කිව යුතු නැහැ. එවැනි ඉහළ ප්‍රතිලාභයක් හමුවේ කවුරුවත් මේ බැඳුම්කර මිල දී නොගන්නේ සල්ලි ආපසු නොලැබෙන බව ඒ තරම්ම පැහැදිලි නිසයි. අවදානම ඉහළ යද්දී මිල තවතවත් පහත වැටෙමින් තිබෙනවා.
ඉහත ස්වෛරිත්ව බැඳුම්කරය හා අදාළව ලංකාව හමුවේ තිබෙන විකල්ප මොනවාද? මේ වන විට රජය විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කිසියම් උත්සාහයක් දරමින් සිටින බව පෙනුනත්, බොහෝ විට ජූලි 25 දිනට පෙර එය සිදු නොවිය හැකියි. මොන විදිහෙන් හෝ ණයකරුවන් එක්රැස් කරගත්තොත් ඔවුන් අතරෙන් බොහෝ දෙනෙක් ඩොලර් 100ම නොගෙන යම් අඩු මුදලක් ලබා ගන්න කැමති විය හැකියි. එහෙත්, එසේ කැමති නොවන යම් පිරිසක් ඉතිරි වෙයි. ඔවුන් ණය පැහැර හැරීමක් සිදුවීමෙන් පසුව නඩු මගට යා හැකියි.
බොහෝ විට සිදු විය හැකි පරිදි, ඉහත ආකාරයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කිරීමට ඉඩක් නොලැබී, පූර්ව දැනුම් දීමකින් තොරව ණය පැහැර හැරියොත් වෙන්නෙත් ඒ ටිකම වුනත් එය වඩා භයානක ආකාරයකින් වෙයි. ණයකරුවන් සංවිධානය වී නඩු මගට ගොස් අවසාන වශයෙන් නඩු ගාස්තු හා පොලී අධිභාරයක්ද සමඟ ණය හා පොලිය ගෙවන්න වෙන්න පුළුවන්. මෙය තීරණය වන්නේ ස්වෛරිත්ව බැඳුම්කර ගිවිසුමේ කොන්දේසි මතයි. මම මේ කොන්දේසි පිළිබඳව හදාරා නැහැ. එහෙත්, මෙය සිදු විය හැකි සාමාන්‍ය දෙයයි.
රටේ දේශපාලනික තත්ත්වය බාධාවක් නොවුනොත් ලබන වසරේ සිට ගෙවිය යුතු ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරගන්න අවස්ථාවක් ලැබෙයි. ඒ වගේම, ජූලි බැඳුම්කරය පැහැර හැරීමෙන් පසු ඇතිවන ආතතිය එයට උදවුවක් විය හැකියි. කෙසේ වුවත්, ජූලි බැඳුම්කරය නිසි සේ නොගෙවීමේ අහිතකර ප්‍රතිඵල වලට ලංකාවට මුහුණ දෙන්න වෙයි.
ඇත්තටම කියනවානම් මේ වෙලාවේ තියෙන තත්ත්වය අනුව ජූලි මාසයේ වෙන්න තිබෙන දේ ගැන කතා කරන එකෙත් තේරුමක් නැහැ. ඊට කලින්ම ලංකාවට විශාල ප්‍රශ්න ගොඩකට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න වෙනවා.
මහ බැංකුවේ නිල සංඛ්‍යලේඛන අනුව මාර්තු අවසානයේ ඉතිරිව තිබුණු සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,939ක් පමණයි. මෙම සංචිත ප්‍රමාණයෙන් වැඩි කොටසක් චීන විණිමය හුවමාරු පහසුකම හරහා ලැබුණු මුදල් බවත් අපි දන්නවා. ඒ මුදල් ඕනෑම කටයුත්තක් වෙනුවෙන් යෙදවිය නොහැකියි. අප්‍රේල් හා මැයි මාස දෙක තුළ ආපසු ගෙවිය යුතු ණය වාරික හා පොලී ප්‍රමාණය ඩොලර් මිලියන 1,898ක්. ඊට අමතරව බැංකු පද්ධතිය විසින් දැනටම විකුණා ඇති "නැති ඩොලර්" ප්‍රමාණය ඩොලර් මිලියන 562ක්. කතාව පැහැදිලියිනේ.
ලංකාවට මාසයකට අපනයන ආදායම් ලෙස ඩොලර් බිලියනයක් පමණ ලැබෙනවා. එම අපනයනකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ආදිය ආනයනය කිරීම සඳහා එයින් අඩු වශයෙන් ඩොලර් මිලියන 300ක් පමණවත් යනවා කියන එක මගේ අදහසයි. ශ්‍රමික ප්‍රේෂණ ලෙස මේ වන විට බැංකු පද්ධතියට ලැබෙන්නේ මසකට ඩොලර් මිලියන 200-250කට ආසන්න මුදලක් පමණයි. රටේ පවතින වාතාවරණය යටතේ සංචාරක කර්මාන්තයෙන් මසකට ඩොලර් මිලියන 150-200කට වඩා හොයා ගැනීමේ හැකියාවක් පෙනෙන්න නැහැ. ඔය විදිහට බැංකු පද්ධතියට මාසයකට එනවා ඇත්තේ ඩොලර් බිලියනයකට මඳක් වැඩි මුදලක් පමණයි.
බැංකු පද්ධතියට එන ඩොලර් වලින් 50%ක් මහ බැංකුවට විකිණීය යුතුයි. ඒ කියන්නේ මහ බැංකුවට රටට එන ඩොලර් වලින් මසකට ඩොලර් මිලියන 500ක් පමණ මිල දී ගැනීමේ හැකියාවක් තිබෙනවා. මාස දෙකට බිලියනයක් පමණ. ඉන්ධන ආනයනය හා අනෙකුත් අත්‍යවශ්‍ය ආනයන සඳහා එම මුදල් මුදා හැරීමෙන් පසුව ණය ගෙවීම සඳහා මුදල් ඉතිරි වන්නේ නැහැ. ණය ගෙවුවොත් ඉන්ධන ආනයනය හා අනෙකුත් අත්‍යවශ්‍ය ආනයන සඳහා මුදල් ඉතිරි වන්නේ නැහැ. මහ බැංකුව විසින් ඉන්දියාවට ගෙවිය යුතු ණය පමණක්ම වුවත් ඩොලර් බිලියන 1.3-1.5ක් පමණ බව මගේ අදහසයි.
ලංකාවේ සාමාන්‍ය මාසික ආනයන වියදම අඩු වශයෙන් ඩොලර් මිලියන 1,700ක් පමණවත් වෙනවා. අපනයනකරුවන් විසින් ඔවුන්ගේ ආනයන වෙනුවෙන් අවශ්‍ය ඩොලර් ටික වෙන් කරගත්තා කියමු. තව ඩොලර් මිලියන 1,400ක් පමණ අඩුයි. ඉන්ධන හා අනෙකුත් අත්‍යවශ්‍ය ආනයන වෙනුවෙන් මහ බැංකුව විසින් මිල දී ගන්නා ඩොලර් ටික නිකුත් කළොත් ඉන් පසුවත් තව ඩොලර් බිලියනයක පමණ හිඟයක් තිබෙනවා. මාස දෙකට ඩොලර් බිලියන දෙකක්. නමුත් බැංකු පද්ධතියට මාස දෙකට එන ඩොලර් බිලියන දෙකෙන් බිලියනයක් මහ බැංකුවට දුන්නට පස්සේ බැංකු වල ඉතුරු වෙන්නේ තව ඩොලර් බිලියනයක් පමණයි. බැංකු විසින් දැනටම විකුණා ඇති මිලියන 500කට වැඩි නැති ඩොලර් ටික අයින් කර ගන්න වෙන්නෙත් ඒ ලැබෙන ඩොලර් ටිකෙන්.
දැන් මෙයින් කියැවෙන්නේ කුමක්ද? ඉදිරි මාස දෙක තුළ ආනයනකරුවන් විසින් අඩු වශයෙන් ඩොලර් බිලියන දෙකක් පමණ බැංකු වලින් ඉල්ලා සිටිද්දී බැංකු වලට ඔවුන්ට විකුණන්න හැකි වෙන්නේ ඩොලර් මිලියන 500ක් පමණයි. අනාගතයේ දෙන පොරොන්දුවට තවත් "නැති ඩොලර්" මිලියන 500ක් විකිණුවත් ඉල්ලුම සැපයුම මෙන් දෙගුණයක්. මේ තත්ත්වය වෙනස් නොවන තාක් ඩොලරයක මිල දවසින් දවස ඉහළ යාම වැළැක්විය නොහැකියි. හැබැයි එසේ වෙද්දී ආනයන ඉල්ලුමත් යම් තරමකින් අඩු වෙයි.
අනෙක් පැත්තෙන් මහ බැංකුව විසින් බැංකු වලින් එකතු කරගන්නා ඩොලර් අත්‍යවශ්‍ය ආනයන වෙනුවෙන් වෙන් කරන්න වෙනවා කියන්නේ ණය ගෙවන්න ලැබෙන්නේ නැහැ කියන එකයි. හදිසියෙන්ම ගෙවන්න තියෙන්නේ ඉන්දියාවේ ණය. බොහෝ විට ඉන්දියාව නැවත වරක් ණය ගෙවීමේ කාලය දිගු කරලා දෙයි. එහෙම නැත්නම් ඉතින් රටම කළුවරේ තමයි.
මේ තියෙන තත්ත්වය යටතේ බැංකු පද්ධතිය හරහා රටට එන පොඩි ඩොලර් ප්‍රමාණයක් වුනත් ඇත්තටම ලොකු උදවුවක්. කෙළින්ම තමන්ගේ ගෙදරට යවන සල්ලි කාටවත් හොරකම් කරන්න පුළුවන්කමක් නැහැනේ. කවුරු හරි වංචනික ලෙස එක්රැස් කරගත් සල්ලි තිබේනම් ඒ සල්ලි ඩොලර් කර රටින් පන්නාගන්න උදවු කරන්නේ උන්ඩියල් ක්‍රම වලට සල්ලි එවන අයයි. බැංකු වලට එවන සල්ලි එක පැත්තකින් රුපියල් වෙලා ගෙදරට යනවා. අනෙක් පැත්තෙන් මහ බැංකුවට එම ඩොලර් අත්‍යවශ්‍ය ආනයන වෙනුවෙන් වෙන් කිරීමේ හැකියාවක් ලැබෙනවා.
ඇත්තටම උන්ඩියල් ක්‍රමයට එවුවත් බොහෝ විට ඒ සල්ලි ලංකාවට ලැබෙනවා. ඔය සල්ලි ඔක්කොම කළු සල්ලි රටින් පැන්නීම සඳහා යෙදවෙන්නේ නැහැනේ. නමුත් එයින් ඉන්ධන, ඖෂධ වැනි අත්‍යවශ්‍ය ආනයන වෙනුවෙන් එම මුදල් යොදවන්න ඉඩක් නොලැබෙන නිසා ලංකාවේ මිනිස්සුන්ගේ මූලික ප්‍රශ්න වලට විසඳුමක් ලැබෙන්නේ නැහැ.
මම හිතන්නේ මෙය විදේශගත ලාංකිකයින්ට ලංකාවේ දේපොළ මිල දී ගන්නත් හොඳම අවස්ථාවක්. මිලියනය දහයක ඉඩමක් ගන්න කලින් ඩොලර් 50,000ක් ගියත් දැන් යන්නේ ඩොලර් 30,000ක් පමණයි. රජයේ හා/හෝ මහා බැංකුවේ පැත්තෙන් මේ වෙලාවේ රටට ඩොලර් අද්දගන්න කළ හැකි එක් දෙයක් වන්නේ විදේශිකයින් විසින් ඉඩම් මිල දී ගැනීමේදී ගෙවිය යුතු 100% බද්ද තාවකාලිකව 50% හෝ 25% පමණ මට්ටමකට අඩු කිරීමයි. මෙය නිශ්චිත කාලයකට දෙන බදු සහනයක් ලෙස ප්‍රකාශ කිරීම වැදගත්. එම කාලය තීරණය කළ යුත්තේ මූල්‍ය අරමුදලෙන් සල්ලි ලැබෙන දවස මත පදනම්වයි. එවැන්නක් කිරීමෙන් බොහෝ විට රටට ඩොලර් වගේම රජයට බදු ආදායම්ද එකතු කරගත හැකියි. මුදල් අමාත්‍යාංශයේ ඉන්න බදු විශේෂඥයින්ට පුළුවන්නේ දත්ත දිහා බලලා යෝග්‍ය මට්ටම හරියටම තීරණය කරන්න.
ඉකොනොමැට්ටා, ලංකාවේ සම්පූර්ණ විදේශ ණය මේ විදියට කැටි කොට දක්වන්න පුළුවන්;
ReplyDelete01. මාකට් බොරොවිංස් - ඩොලර් බිලියන 16.4
02. අයි එස් බී බොන්ඩ් පොළී සමග - ඩොලර් බිලියන 15.5
03. ජපන් ණය - ඩොලර් බිලියන 3.4
04. චීන ණය - ඩොලර් බිලියන 3.4
05. ලෝක බැංකුව- ඩොලර් බිලියන 3.2
06. ඉන්දීය ණය - ඩොලර් බිලියන 1.5 ක් විතර
මෙතනම තියෙනවා ඩොලර් බිලියන 42 ක් විතර ණය, මේක ගෙවා ගන්න ලේසි නෑ නේද?
http://www.erd.gov.lk/index.php?option=com_content&view=article&id=102&Itemid=308&lang=en
ඒ වගේම ඇමරිකානු එක්සත් ජනපදයේ තරම් බරපතළ ලෙස නැතත් ලංකාවේ දේශපාලුවන්ද ලොබින් කරන්න සම්බන්ධ වී කටයුතු කරන බව හිටපු විගණකාධිපති ආචාර්ය ගාමිණී විජේසිංහ ගණකාධිකාරීතුමා පැහැදිලි කළා. මේක බලන අය 'ලොබින්' කියන්නේ මොකක්ද දන්නෙ නැත්නම් රටේ තියෙන දේශපාලන තත්වය නිසා මෙහෙම දෙයක් කිව්වොත් හොඳයි කියලා හිතුවා.
ඇත්තටම Lobbying කියන වචනේ Google කරලා සරල සිංහල තේරුම බැලුවොත් නම් සඳහන් වෙන්නේ 'බලපෑම් කරනවා' කියන එක විතරයි. හැබැයි රටක ප්‍රතිපත්ති / නීතිරීති සම්බන්ධයෙන් Lobbying කිව්වාම නම් ඊට වඩා ලොකු ගැඹුරු තේරුමක් තියෙනවා,
සාමාන්‍යයෙන් ලංකාවේ වගේම ඇමරිකානු එක්සත් ජනපදය සහ තවත් ගොඩක් රටවල දේශපාලඥයන් පාර්ලිමේන්තුවට යන්න මෙච්චර මහන්සි වෙන්නේ අපි වෙනුවෙන් නම් නෙමෙයි කියන දේ අද වෙනවිට අපි කවුරුත් දන්නවානේ. ඉතිං ඇත්තටම ඔය උඩින් පේන පගාව ගැනීම් නෙමෙයි මෙතන තියෙන ඇත්තම බිස්නස් එක.
සාමාන්‍යයෙන් ලංකාවේ නම් පාර්ලිමේන්තුව කියන්නේ නීති සම්පාදනය කරන ආයතනය බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. ඇමරිකානු කොංග්‍රසය හවුස් ඔෆ් representatives සහ සෙනෙට් එක, ඉන්දියා ලෝක් සභා වගේ ආයතනික ව්‍යුහයේ මේ ලොබින් කතාවේ බලපෑම වඩාත් පැහැදිලි වෙන්න පුන්චි උදාහරණයක් කියලා ඉන්නම්.
දැනට හිතන්න මම අලුතෙන් ටොපී බිස්නස් එකක් පටන් ගන්නවා කියලා. ඉතින් මම සාමාන්‍ය බිස්නස්කාරයෙක් නම් මම හිතන්නේ මේ ටොපියේ රස, ගුණ, මේකට ආකර්ෂණීය නමක් දාන්න, හොඳ පැකින් එකක් දාන්න, ලස්සන පොඩි ඇඩ් එකක් හදලා ගුවන්විදුලියේ සහ රූපවාහිනීයේ මේක ප්‍රචරණය කර ගන්න, හොඳ බෙදාහැරීමේ ජාලාවක් හදන්න..
Deleteඅන්න ඒ වගේ වැඩ වලින්නෙ සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් මේ ටොපි බිස්නස් එක ටික ටික දියුණු කරගන්න හිතන්නේ.
ඒ වුණාට අද මේ කියන ලොබින් කරන බිස්නස්කාරයෙක් මේ වැඩේ කරන්නේ වෙනමම විදිහකට.
ඒ කියන්නේ මේ ටොපිය විකුණන හදන්නේ රටේ නීතිය පාවිච්චි කරලා.
තව ටිකක් පැහැදිලි කරන්නම්කෝ.
උදාහරණයක් විදිහට මේ ව්‍යාපාරිකයා පවතින ආණ්ඩුව හෝ අදාල ඇමතිවරයාට බලපෑම් කරන්න සමත් වෙනවා.
ඒ කියන්නේ මෙන්න මේ වගේ නීතියක් / පනතක් සම්මත කරවා ගන්නවා.
උදාහරණයක් විදිහට අවුරුදු 12ට අඩු සෑම දරුවෙක්ම දිනපතා උදේ 10ට මේ කියපු ජාතියේ ටොපියක් කන්න ඕනේ කියලා ගැසට් එකක් ගස්සවා ගන්නවා.
ඒ මදිවට අනිත් ටොපි වර්ග අලෙවි කරන එකත් තහනම් කරවනවා ඒ ගැසට් එකෙන්ම.
ඊට පස්සේ ටොපියක් කන්න ආස හිතුනු ඕනෙම කෙනෙකුට තෝරාගැනීමක් නෑ.
මොකද වෙලඳපොලේ අලෙවිකරන්නට අවසර තියෙන්නේ මේ කියන සන්නාමය යටතේ එන ටොපි පමණයි.
දැන් පැහැදිලියි නේද මේ ලොබින් කියන්නේ මොකක්ද කියලා. මේක පැහැදිලි කරන්න ටිකක් ප්‍රායෝගික නැති උදාහරණයක් මේකේ දැම්මේ ඒත් ඇත්තටම මීට වඩා ගොඩක් සියුම් සහ සූක්ෂම ලෙස මේක ක්‍රියාත්මක වෙන්නේ.
දැන් මේ උදාහරණයේ තමන්ට කැමති මිලකට මේ ටොපිය අලෙවි කරන්න පුළුවන්.
ඉතින් ඒ මිල ඇතුලේ අර නීතිරීති / ගැසට් එක/ කැබිනට් පත්‍රිකාව / පනත සම්මත කරගන්න නන් අයුරින් සහයවුණු උත්තමයන්ගේ කොටසත් ප්‍රතිශතයක් විදිහට ඇතුලත්.
සාමාන්‍ය මහජනතාවට කරන්න දෙයක් නෑ!!
ටොපියක් කන්න ආස නම් මේ ජාතියේ ටොපියක් කන්නම වෙනවා. වෙන ටොපි වර්ග වෙලඳපොලේ නැති නිසා.
දරුවන්ට කරන්න දෙයක් නෑ. නීතිය නිසා උදේ 10ට ටොපිය කන්නම වෙනවා.
ලොබින් වල බරපතල කම පැහැදිලියි නේද දැන්?
මේ බලපෑම සමහරවිට අදාල ඇමතිවරයා හෝ ආණ්ඩුව පත්වෙන්නත් කලින් ඉඳලා කරගෙන ආපු උදවු, පරිත්‍යාගයන්, වෙනත් පුද්ගලික අතිශය රහසිගත දේවල් වුණත් වෙන්න පුළුවන්.
දැන් තේරෙනවා ද ඇයි "දේශපාලන පක්ශ විගණනය කරනවාට කිසිම දේශපාලන පක්ශයක් කැමති නෑ" කියලා හිටපු විගණකාධිපතිතුමා කියපු කතාවෙ දිග පලළ?
එහෙම නැතිනම් මේ ටොපි ව්‍යාපාරය කරගෙන යනකම් ජීවිත කාලය පුරාම ගෙවන්නට පොරොන්දු වෙන සේල් එකෙන් ප්‍රතිශතයක් විදිහට එකඟ වෙන කොමිස් මුදලක් වෙන්නත් පුළුවන්.
මේක අපේ රටේ විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි.
ඒ වගේම අපේ රටේ වුණත් ඔක්කෝම මැති ඇමති වරු ලොබින් බලපෑමට ලක්වෙලා කියලා වත් ඔක්කෝම ව්‍යාපාරිකයෝ ලොබින් කරන්න උත්සාහ කරනවා කියලාවත් කියන්න බෑ.
හැබයි මේ විදිහට රටේ නීති / ප්‍රතිපත්ති වෙනස් කරලා / කරවලා අධික ලාභයක් ලැබූ කතාන්දර නම් බොහොමයක් අපි කාගෙත් මතකයට දැන් නිතැතින්ම නැගෙනවා ඇතිනේ.
ඉතින්, මේ වගේ දේවල් සාමාන්‍ය මහජනතාව දැනගන්නා තරමට මේවා චෞර දේශපාලනඥයන්ට සහ කූට ව්‍යාපාරිකයන්ට එකතු වෙලා කරන්න අපහසු වෙනවා.
ඒක නිසා තව කෙනෙකුට මේ කමෙන්ට් එක කොපි කරලා මේ ගැන දැනගන්න දන්න කියන හැමෝටම ශෙයා කරන්න.
මම හිතන්නේ ඉදිරි මාස කිහිපය තුල ලංකාවේ ආර්ථිකය සහ දේශපාලන ක්ෂේත්‍රයේ විය හැකි කලබගෑනි ගැන ඉතා කෙටියෙන් මේ පොඩි ක්ලිප් එකේ ප්‍රවීණ පරිසරවේදී ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය හොඳින් පැහැදිලි කිරීමක් කරනවා, මේක බලන්න ඉකොනොමැට්ටා
ReplyDeletehttps://youtube.com/watch?v=Nx3ZQYEStmE&feature=share
ඇය ලංකාවේ දේශපාලනය ගැන ඉතා හොඳ ගැඹුරු අවබෝධයක් ඇති සමගි ජන බලවේගයේ පරිසර සංරක්ෂණ කටයුතු සහ තිරසාර සංවර්ධනය උදෙසා වූ සමගි ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක් ලෙස ක්‍රියාකාරී කටයුතු පළපුරුදු වෘත්තීයවේදීනියක්. මම හිතන්නේ ඇය ඊළඟට පත් වන ආණ්ඩුවේ ප්‍රධාන ඇමති ධූරයක් දැරීමට ඉතාමත් සුදුසු දක්ෂ බුද්ධිමත් ඒ වගේම ඉතාමත් නිර්භීතව කටයුතු කරන කාන්තාවක්. මේකට ලයික්, කමෙන්ට්, ෂෙයාර් කරලා උපරිම සහයෝගය ලබා දෙන්න.
මේ වෙනකොට ආනයන වියදම් අපනයන ආදායම් වලට වඩා බැහැල තියෙන්න ඕන නේද ඉබේම බැලන්ස් වෙල.
ReplyDeleteපැහැදිලිවම නැහැ. ආනයන අපනයන පරතරය විශාල එකක්. ඒ වගේම අවුරුදු 70ක පමණ වැරැද්දක් සති දෙකෙන් හැදෙන්නේ නැහැ. ආනයන අපනයන පරතරය නැති කරන්නනම් අඩු වශයෙන් අවුරුදු 15-20ක සැලසුමක් අවශ්‍යයි. එහෙම නැත්නම් දැනට හිතාගන්න බැරි මට්ටමකට ඩොලරයේ මිල ඉහළ යා යුතුයි. එවැන්නක් විය හැක්කේ ආර්ථිකය අවුරුදු 40කින් පමණවත් ආපස්සට තල්ලු කරගෙන පමණයි. ඇත්තටම ආනයන අපනයන පරතරය නැති කරන්න අවශ්‍යත් නැහැ. පළමු පියවරක් ලෙස අඩු වශයෙන් ජංගම ගිණුම සමතුලිත කර ගන්න පුළුවන්නම් ඒ ඇති.
Deleteජන්ගම ගිනුම සමතුලිත කරනව කියන්නෙ ණය වාරික සහ පොලියත් ඇතුලුව සියලු විදේශ වියදම් අමතර විදේශ ණය නොගෙන බැලන්ස් කරන්න පුලුවන් තත්වෙකට ගේනවා කියන එකද?
Delete(ආසන්නව නිවැරදි ප්‍රකාශයක් ලෙස) ණය පොලිය ගෙවන අතර ණය වාරික ගෙවීම සඳහා පමණක් ණය ගන්නවා කියන එක. ඒ කියන්නේ තියෙන ණය අඩු වෙන්නේ හෝ වැඩි වෙන්නේ නැහැ කියන එක.
Deleteතේරුනා.
Deleteදැනට ලන්කාවෙ විදේශ ණය ප්‍රමානය අනුව වඩා බරපතල (ලොකු) නය වාරිකයද? නය පොලියද? නැතිනම් මේ දෙක සැසඳීමේ තේරුමල් නැද්ද?
ඒ වගේම ලංකාවේ ආර්ථිකයේ මේ දැනට පවතින මුදල් අච්චු ගැසීම පිළිබඳ ඉතා මැනවින් පැහැදිලි කරන විග්‍රහයක් මේ පොඩි ක්ලිප් එකේ තිබ්බා
Deletehttps://www.facebook.com/ganga.shani.7737/videos/701055320884434/
ලංකාවේ ආණ්ඩුව ණය නොගෙවා ඉන්න තීරණය කරල තියෙන්නෙ අන්තිමට මේක බලන්න
https://youtu.be/RP6HTiP7YjM
ඒ වගේම හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා ඉතා දැඩි ලෙස පවසන දේවල් වල ඇත්තක් තියෙනවා නේද?
https://youtu.be/IVl7XEY0k38
මේක තමයි ලංකාවේ දේශපාලන පක්ෂ විපක්ෂ කණ්ඩායම් වල ආර්ථිකය ගැන තියෙන සැබෑ දැක්ම ගාමීණී විජේසිංහ මහතා හොඳින් පැහැදිලි කරලා තියෙන්නේ නේද ඉකොනොමැට්ටා?
AnonymousApril 11, 2022 at 11:57 PM
Deleteලොකුම ප්‍රශ්නය ණය වාරිකයි.
ඉදිරි වසරක කාලය තුළ ගෙවිය යුතු,
ණය වාරික - ඩොලර් මිලියන 5,461.5යි.
ණය පොලී - ඩොලර් මිලියන 1,365.7යි
කලින්ම විකුණා ඇති "නැති ඩොලර්" - මිලියන 2,242.3යි.
ඉහත පොලී වියදම් වලට අමතරව ලාභාංශ ගෙවීම් ආදී වෙනත් ප්‍රාග්ධන ප්‍රතිලාභ ගෙවීම් ඩොලර් බිලියනයකට කිට්ටුව තිබිය හැකි බව මගේ අදහසයි.
එකතුව ඩොලර් බිලියන 10ක් පමණ. ඒ කියන්නේ IMF ණය ගත්තත් තවත් ඩොලර් බිලියන 7ක් පමණ හොයා ගන්න වෙනවා.
තිත්ත වුවත් ඇති හැටියෙන් නිතරම ඇත්ත මොකක්දැයි පිළිගත්තොත්
ReplyDeleteඑයින් වැරැද්දක් වෙන්නේ නැහැ නෙව කොයි දීපේ හිටියත්, කාටත්
'බිජ්ජක් හූණගෙ' තරමටවත් නැති මොළේ දිග පළල දෙස බැලුවොත්
Go වචනේවත් තේරුම් ගිහිල්ල නැහැ නෙව දෙයියනෙ මහ තැනටත්
Umbage padiya illa ganin rajapaksha ekath nodee innawa
ReplyDeleteඅම්මෝ පිටරටක සිටින කෙනෙක්ට ලංකාවේ ඉඩම් ගැනීම නම් මහා කරදර ගොඩකට මුලක්. රටේ හරි නීතියක් නැහැ, ඉඩම් නඩු අවරුදු ගණන් ඇදෙන දේවල්. ඉඩමක් ගෙයක් කුලියට දුන්නොත් ඒ මිනිස්සු යවා ගැනීම හරිම කරදරයි, especially දේපොළ හිමියා ලංකාවෙන් පිටනම්.
ReplyDeleteSri Lanka to temporarily suspend all normal debt servicing for an interim period pending a consensual restructuring of the obligations that are consistent with an IMF supported economic adjustment programme - Secretary, Ministry of Finance- adaderana.lk
ReplyDeleteමේ නිව්ස් එක දැන් ආවෙ...මේ ගැන ඉකොන්ගේ අදහස් දක්වන්න ප්ලීස්...!
ඕක ගැන ආචාර්ය ඩබ් ඒ විජේවර්ධන මහතා පහුගිය කාලේ විස්තර කරලා ලියලා තියෙන පෝස්ට් බලන්න. දැනට ඔබට සංක්ෂිප්තව දැන ගන්න ඕන නම් ඊයේ හිරු සළකුණ වැඩසටහනේ අලි සබ්රි ඔය ගැන බොහොම සවිස්තරාත්මකව පැහැදිලි කරල තියෙන්නෙ.
Deleteවෙලාව ටිකක් අරන් මේක චුට්ටක් බලන්න;
https://youtu.be/RP6HTiP7YjM
//මේ නිව්ස් එක දැන් ආවෙ...මේ ගැන ඉකොන්ගේ අදහස් දක්වන්න ප්ලීස්...!//
Deleteමම හිතන්නේ මේ වෙලාවේ වෙන කළ හැකි කිසිම දෙයක් නැහැ කියලා. මෙය නොවැලැක්විය හැකි තත්ත්වයක්. මේ තත්ත්වයට රට වැටෙන්නට පාර කැපූ අයට පහසුවෙන් වගකීමෙන් මිදී සිටිය හැකිද?
ඉකොනොමැට්ටා ඇතුළු විදේශගතව සිටින ලාංකීය ජනයාගේද උපරිම සහය ඇතුව ලංකාවේ ජන අරගලය දිගටම කරගෙන යන්න උපරිම වශයෙන් සහය දක්වන ගමන් තව දෙයක් තියෙනවා සාකච්ඡා කිරීමට, කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරියේ විරෝධතාවයේ යෙදෙන විරෝධතාකරුවන් සඳහා ඊයේ රාත්‍රියේ අරක්කු ලොරියක් ලබාදී අරක්කු බෝතල් බෙදා හැර ඇති බව එම විරෝධතාවේ ඉදිරිගාමියෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මාධ්‍ය හරහා සහ විවිධ සමාජ ජාල වල සඳහන් කර තිබෙනවා. ඒ වගේම අරගලය හයිජැක් කිරීමට සටකපට බැසිල් රාජපක්ෂ ඇතුළු හොර රැල විවිධ වර්ගයේ උපක්‍රම භාවිතා කරන බවත් විරෝධතාවය ඇතුලෙද ආණ්ඩුවේ ඔත්තුකරුවන්ට සිටිනා බවත් ඔවුන් සියලු රහස් රජයේ පාර්ශ්වයන් වෙත ලබා දෙමින් සිටින බවත් ඔහු චෝදනා කළා.
ReplyDeleteඒ නිසා සෑම සැබෑ අරගලකරුවෙක්ම තමන් ළඟ සිටින සියලු දෙනාම අවිශ්වාස කරන ලෙසත් එමෙන්ම විශ්වාස කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියා.
මේ නිසා ලංකාවේ සමාජ ජාලා ක්‍රියාකාරීන් යයි කියාගන්නා විවිධාකාර තක්කඩි පට්ට හොරුන් වන පිරිස් අරගලය පාවිච්චි කරමින් අති විශාල මූල්‍ය ජාවාරමක් සිදු කරමින් සිටින බවද තවදුරටත් චෝදනා කළා. උපුල් ශාන්ත සන්නස්ගල විශේෂයෙන් සඳහන් කළා එංගලන්තයේ සිටින එක්තරා සට කපටි පුද්ගලයන් පිරිසක් විරෝධතාවන්ට සුප් සහ වෙනත් ආහාර පාන වර්ග ලබාදීමට බව පවසමින් ඉතා විශාල මුදලක් එංගලන්තයේ සහ යුරෝපයේ රටවල් වලින් එකතු කර ඇති බවත් නමුත් ඉතාමත් සුළු මුදලක් වැය කර ලුණු කැඳ සුළු ප්‍රමාණයක් පමණක් ලබා දී වෙනත් සමගි ජන බලවේගයේ ආධාරකාරී ධනවත් ව්‍යාපාරිකයෙක් විසින් තම පෞද්ගලික වියදමින් ලබාදෙන වඩා වටිනා ආහාර වර්ග වල ඡායාරූප ලබාගෙන ඒවා එංගලන්තයේ සහ යුරෝපයේ සිටින ගෝටාගෝ 2022 ව්‍යාපෘතියේ සම්පත් දායකයින්ට පෙන්වලා ඔවුන් මුලා කර ඇති බව. මෙයට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයෙක් ලෙස ඔහු විවේචනය කලේ මීට වසර පහකට පමණ පෙර ඔහුට මුණගැසී ඇති බ්ලොග් සම්මාන උළෙලක් සංවිධානය කරන ලද බ්‍රිතාන්‍ය පුද්ගලයෙක් බව පවසා තිබෙනවා.
මේ ගැන එළකිරි අතුළු අනෙකුත් සමාජ ජාලයන් හරහා ද තොරතුරු අනාවරණය වී ඇති අතර එංගලන්තයේ සිට පවුම් ලක්ෂ පහක් පමණ මේ ලංකාවේ අරගලයට ආධාර පිණිස පරිත්‍යාගශීලීන් විශාල වශයෙන් පරිත්‍යාග කර ඇති බවත් නමුත් මේ දක්වාම ලබා දී ඇති ආහාර පාන වල වටිනාකම උපරිම වශයෙන් රු. 30,000 ක් විය හැකි බව ඉතුරු මුදල් විශාල වශයෙන් සොරකම් කර ඇති බව පේනවා කියලා කියන්නේ මේ ගැන සත්‍ය තත්ත්වය මාතලන්ට හරි වෙන කෙනෙක්ට හරි විස්තර කළ හැකි ද? මොකද මේ සැබෑ ජනතා අරගලය රැකගැනීමට අපට වගකීමක් තියෙනවා.
මේ වන විටත් අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් උපුල් ශාන්ත සන්නස්ගල මෙම චෝදනා එල්ල කර ඇති වීඩියෝ එක වට්ස් ඇප් හරහා ලංකාවේ විශාල වශයෙන් සංසරණය වී තිබුණා. මේක ගැන සොයා බලා සත්‍ය තත්ත්වය තේරුම් ගත යුතුයි. ඇමරිකානු එක්සත් ජනපදයේ ද මේ දවස් වල මෙබඳුම ජාවාරම් කරුවන් බිහි විය හැකි නිසා ඒ ගැන කල්පනාවෙන් වැඩ කරන්න වෙනවා නේද?
"මම හිතන්නේ මෙය විදේශගත ලාංකිකයින්ට ලංකාවේ දේපොළ මිල දී ගන්නත් හොඳම අවස්ථාවක්. මිලියනය දහයක ඉඩමක් ගන්න කලින් ඩොලර් 50,000ක් ගියත් දැන් යන්නේ ඩොලර් 30,000ක් පමණයි." - එවුවා කොහෙද අපේ අය එක්ක. ඩොලර් එක මහබැංකුවෙන් වැඩිකරන්නත් කලින් මෙහේ උදවිය ඩොලර් රේට් එකට හරියන්න දේපල මිල වැඩිකරනවා. ලොකු සේල් කාරයො දැන් මිල දාන්නෙම ඩොලර් වලින්.
ReplyDelete//ලොකු සේල් කාරයො දැන් මිල දාන්නෙම ඩොලර් වලින්.//
Deleteඑහෙමත් එකක්ද? ඒ කියන්නේ රට ඇතුළේ ඉඩම් වලට ඉල්ලුම තවමත් අඩු වෙලා නැහැ.
ලන්කාවෙ උන්ට අවබෝදයක් නෑ බන්කොලොත් කියන්නෙ මොකක්ද කියල තවම මහිතෙ.
Deleteඅවුරුද්දක් දදෙකක් යනකොට හරියයි.
බස්නාහිර පලාතෙ ඉඩම් මිල (රුපියල් වලින්) පහුගිය අවුරුදු 5 ඇතුලත අවම වශයෙන් දෙගුණයක් වුනා. අනිත් පලාත්වලත් එතරම් වෙනසක් නෑ. අද වෙනකොට බොහොමයක් තට්ටු නිවාසවල (එපාර්ට්මන්ට්ස්) මිල සඳහන් කරන්නේ ඩොලර් වලින්.
Deleteඉකොන්, මේක ගොන් ප්‍රශ්නයක් වෙන්න පුලුවන් - අපි ලංකාවෙ බැන්කුවකට ඩොලර් යැව්වොත්, අපිට තියෙන සහතිකේ මොකක්ද ඒ සල්ලි මගඩි සහෝදරයන්ගෙ බඩට යන්නෙ නැහැයි කියන එක?
ReplyDeleteඅපිටත් තියෙන ප්‍රශ්නයක් . ඉදිරියට යවන ඩොලර් වලට නෙවෙයි, දැනට බැන්කුවේ තියෙන ඒවට මොනව වෙයිද දන්නෑ. පේන විදිහටනම් ආයෙ ඩොලර් වලින් withdraw කරන්නවත් ලන්කාවෙන් එලියට යවන්නවත් බැරිවෙයි වගේ.
Delete@චමින්ද
Deleteමේක ඉස්සරත් එහෙමයි නේද? NRFC ගැනද ඔබ කියන්නෙ? NRFC වල තියෙන ඩොලර්ස් ඉස්සර තමන්ට කැමති වෙලාවක ඩොලර් වලින් විත්ඩ්‍රෝ කරන්න පුලුවන් වෙලා තිබ්බද?
තමන් දන්නා කෙනෙකුට සල්ලි යැවුවොත් කොහොමත් ඒ ඩොලර් ටික රුපියල් වෙලා අදාළ තැනට යනවනේ. වෙන කාටවත් යන්න විදිහක් නැහැ. මහ බැංකුව විසින් ගිණුම් අංක කිහිපයක් දමලා එම ඩොලර් වලට සිදුවන සේ පිළිබඳව වගකියන්න පොරොන්දු වී තිබෙනවා (ඔබ ලින්ක් එක දමා තිබෙන එක). ඩොලර් වලින් අත්‍යාවශ්‍ය ආහාර හා බෙහෙත් ආදිය ගෙන්වන බව කියා තිබෙනවා. එහෙත් එසේ ගෙන්වන දේ බෙදා හරින යාන්ත්‍රනය කුමක්ද කියන එක පැහැදිලි නැහැ. මෙම ගිණුම්වලට අරමුදල් ලැබීම් සහ ඒවායෙහි භාවිතය කාලීන ස්වාධීන විගණනයකට යටත් වේ කියා තිබෙනවා. සල්ලි යවනවානම් මහ බැංකුව ගැන විශ්වාසය තබා යැවිය යුතුයි.
Delete