වෙබ් ලිපිනය:

Friday, March 15, 2024

ආර්ථිකය 4.5%කින් වර්ධනය වෙයි!


පසුගිය (2023) වසරේ අවසන් කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 4.5%කින් වර්ධනය වී තිබෙනවා. වසරේ තෙවන කාර්තුවේදීද ආර්ථිකය 1.6%කින් වර්ධනය වුවත්, පළමු හා දෙවන කාර්තු වලදී පිළිවෙළින් 10.7%කින් හා 3.0%කින් හැකිළුණු බැවින්, සමස්තයක් ලෙස වසර තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 2.3%කින් හැකිලී තිබෙනවා. තෙමසකට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කර තිබුණේ 2023 වසර තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 3.6%කින් හැකිලෙනු ඇති බවයි. මෙය ඊට වඩා බොහෝ සෙයින් හොඳ තත්ත්වයක්. 

වසරේ මුල් කාර්තු තුනේදීම හැකිළුණු කාර්මික නිෂ්පාදිතය අවසන් කාර්තුවේදී 7.9%කින් වර්ධනය වී ඇති අතර සේවා නිෂ්පාදිතය 2.8%කිනුත්, කෘෂිකාර්මික නිෂ්පාදිතය 0.6%කිනුත් වර්ධනය වී තිබෙනවා. මුළු වසරම සැලකූ විට, කෘෂිකාර්මික අංශය 2.6%ක වර්ධනයක් පෙන්වන නමුත්, කාර්මික නිෂ්පාදිතය 9.2%කින්ද, සේවා නිෂ්පාදිතය 0.2%කින්ද හැකිළී තිබෙනවා.

වෙළඳපොළ මිල අනුව, 2023 ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 27,629,665ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසර මැදදී ශ්‍රී ලංකාවේ ජනගහණය 22,037,000ක්. මේ අනුව, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය රුපියල් 1,253,785ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්ෂික සාමාන්‍ය අගයක් ලෙස ඩොලරයක මිල රුපියල් 320ක් සේ සැලකුවහොත්, මෙම අගයන්ගෙන් ඩොලර් බිලියන 86.3ක ආර්ථිකයක් සහ ඩොලර් 3,918ක ඒක පුද්ගල ආදායමක් නිරූපණය වෙනවා. 

4 comments:

  1. සංඛ්‍යා ලේඛන මොනවා කිව්වත් - රටටම එව්වා වලංගුද
    දුප්පතාගෙ දුක- පොහොසතාගෙ සැප තව ඉහළට යනවා නේද
    ඇති නැති පරතර දවසින් දවසම තව තව වැඩි වෙනවා වගෙද
    අනේ දෙයියනේ, කොසුත් බෙදෙන්නේ බත් ඇති තැන්වලටම නෙවෙද?

    ReplyDelete
  2. ඉකොනොමැට්ටා මේ කියන සංඛ්‍යාලේඛන වංගු ගහලා ගහපු ඒවා මිසක් ලංකාවේ මහපොළොවේ යථාර්ථය නෙවෙයි. ලංකාවේ භාණ්ඩ අපනයන අච්චර පෝලිම් අරගල ව්‍යාපාර ප්‍රශ්න සෑහෙන තිබුණ 2022ටත් වඩා 2023 අඩුවෙලා, ලෝකයේ ලංකාවට තරගකාරීව කටයුතු කරන ආසියාතික වෙනත් රටවලට සාපේක්ෂව අධික විදුලි ගාස්තු අධික බදු වගේ දේවල් නිසාත් රුපියල් නැවත අස්ථාවර වීම (අධිප්රමාණ පැත්තට) නිසාත් බොහෝ අපනයන කර්මාන්ත අලුතෙන් ආරම්භ කිරීම කවුරුත් කරන්නේ නෑ

    Sri Lanka's total exports reached US$ 14.94 Bn in 2023 including merchandise exports (US$ 11.85Bn) and estimated service exports (US$ 3.08 Bn). It is also a 0.39 % decline when compare to the value recorded in previous challenging year 2022 (US$ 14.99 Bn).

    සේවා අංශය යම් තරමක වර්ධනයක් වෙලා තියෙන්නේ සංචාරක ව්‍යාපාරය නිසා විතරයි ඒකත් ලෝකයේ වෙනත් රටවලට සාපේක්ෂව 2023 සංචාරකයෝ 2 million ආව කියලා උඩ පනිනවා ඒත් 2018 ත් 2.5 මීලියන් ආව. අනික සියලුම ආසියාතික රටවල් පවා ගිය අවුරුද්දේ පට්ට ග්‍රෝත් එකක් ගත්තා. පුංචි සිංගප්පූරුවත් 13 million කළා. මාලදිවයිනත් ලංකාවට උඩින්

    ලංකාවේ ආණ්ඩුව කියනවා හෝටල් කාමර මදිලු, ඉස්සර 2018 ත් දිග සතිඅන්තයක් නොවුණොත් ලෝකල් අයංත් කාමර ගන්න ලේසියෙන් පුළුවන්කම තිබුණා 2.5 මිලියන් ඇවිල්ලත්. ලංකාවේ තිබ්බ හෝටල් වහලා ගොඩක් උන් රට ගිහින්, ඊලඟට ලංකාවට මදි වෙන්නේ ස්කිල්ඩ් සංචාරක අංශයේ සේවකයෝ. උං රට ගියපු නිසා. අලුතෙන් එන උන්ටත් හරි පුහුණුවක් දෙන්නෙත් නැති නිසා ඒක වර්ධනය වෙන්නේ නෑනේ.

    ලංකාවේ භාණ්ඩ export ක්ෂේත්‍රයත් කඩා වැටීමක් සහ කලකිරීමක් දකින්න ලැබෙනව. මේකට ඉන්දියාව සහ චීනය වගේ රටවල් වලට අපනයනය කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගන්න ඕනේ, යුරෝපය සහ එක්සත් ජනපදයේ කන්සියුමර් මාකට් එකට කෙළවිලා තියෙන්නේ, එක්සත් ජනපදය නම් වෙපන් සහ පෙට්රෝලියම් වලින් බොරු ආර්ථික වර්ධනයක් පෙන්නුවාට කන්සියුමර් මාකට් එක අනාථයි, යුරෝපය නම් සේරම කුජීතයි.

    අනික ඉකොනො මේ රෑන්කින් එක අනුව කොළඹ නගරයේ ජීවන වියදම අනුව ආසියාවේ සැලකිය යුතු මට්ටමක ඉහළ වියදමක් තියෙන නගරයක් බව පේනවා නේද?

    https://www.numbeo.com/cost-of-living/region_rankings_current.jsp?region=142

    මේ කොළඹ නගරයේ සාමාන්‍ය ආදායම, මේක බැලුවම කොළඹ පකිස්ථානයේ නගර කීපයක් හැරුණුකොට ආසියාවේම පහළම ආදායම තියෙන නගරය බව පේනවා

    https://www.numbeo.com/cost-of-living/region_prices_by_city?itemId=105&region=142

    මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?

    ආරථික සංවර්ධනය වගේම හැම දේම තමන් ඉන්න රට අනුව සාපේක්ශයි. හැම රටකම අඩු වැඩි වශයෙන් අසාධාරණය, අවිනීතිය තියෙනව. ඒක අඩුවෙන් තියෙන රටවල (ස්විට්සර්ලන්තේ, තව ෆින්ලන්තේ වගේ ස්කැන්ඩිනේවියානු රටවල) ඉන්න අය හිතනව ඇති ලන්කාව, ඉන්දියාව වගේ අසාදාරනය, අවිනීතිය වැඩි රටවල ඉන්න අය පවු කියල, ඒකට දැඩිව ගොදුරු වෙල කියල. පහුගිය 2022 වසරේ එක්සත් ජනපදය යුරෝපය සහ භාරතය විසින් මෙහෙයවූ ලංකාවේ රෙජීම මාරුකිරීමේ අරගලය කාලේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර සහ ශ්‍රී ලංකාව ගැන ලංකාවේ තරුණ පිරිස අතර විවිධ මිථ්‍යා කතා තිබුණා.

    ඉන් එකක් තමයි ඇමෙරිකා එක්සත් ජනපදයේ නම් ජනාධිපතිවරු ඡන්දෙකින් පැරදිලා ගියාම ආයේ දේශපාලනයට එන්නැතුව තමන්ගේ වැඩක් බලාගන්නවා කියන වැල් බයිලාව.

    මේක ගොඩක් සෝෂල්මීඩියා වල ශෙයා වෙච්ච බොරු හෑල්ලක්. ෆාර්ම් එකක වැඩ කරන බිල් ක්ලින්ටන්ගේ ඡායාරූප, කෝෆි එකක් බොන ඔබාමාගේ ෆොටො එහෙම ශෙයා වුණා.

    හැබැයි එක්සත් ජනපදයේ ඇත්තටම එහෙම දේශපාලනයෙන් සමුගන්න චරිත ලොවෙත් නැහැ. හිටපු ජනාධිපති බරක් ඔබාමා මේ වෙද්දි තමන්ගේ බිරිඳ මිශෙල්ව තම ඩිමොක්රටික පක්‍ෂ නායකත්වයට පත් කරන්නට දේශපාලනයට ගේන්න මාර ගේමක් දීලා පුදුම කට්ටක් කනවා.

    බිල් ක්ලිංටන් තමන්ගේ බිරිඳ හිලරි ක්ලිංටන් ජනාධිපතිවරණයට දැම්මා. ඒ ගෑනි ඒකෙන් කැතට පැරදුණා කියලාත් ඒත් ඇරියේ නෑ ක්ලින්ටන් ආයේ සෑහෙන ගේමක් දීලා ඉන්පසුව ඇය රටේ ඉහළම තනතුරක් වන ආරක්ෂක ලේකම් තනතුරට ගෙනාවා.

    ඒ විතරක් නෙවෙයි, ඡන්දෙන් පැරදිලා ගියපු හිටපු ජනාධිපති ට්‍රම්ප් ඊළග ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් අපේක්ෂකයා බවට පත් වෙලා ඉවරයි.ඔහුව තෝරාගත්තෙත් බහුතර ඇමෙරිකානු ජනතාවමයි.

    ට්‍රම්ප්වත්, ඔබාමාවත් පැරදිලා හෝ තමන්ගේ ධූර කාල ඉවර වෙලා කිසිසේත්ම ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගත්තේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔය ලංකාවේ කර්මාන්ත අංශයේ වර්ධනයක් කියල පෙනුනට ඒකට මූලික හේතුව ලංකාවේ ඉන්ධන පිරිපහදුව නැවත විවෘත කිරීම, ඒක පහුගිය අවුරුද්ද තුල ඩොලර් නැති නිසා වහල් දාල ණයට පෙට්රල් ඩීසල් එහෙම ගෙනාවට දැන් ආපහු refine කරන නිසා ඒක අලුත් කර්මාන්තයක් විදියට පේනවා

      තව ගිය අවුරුද්ද තුල වැටිල තිබුණ ඇතැම් කර්මාන්ත ආහාර process කරන ඒවා වගේ සහ කඩදාසි packaging අමුද්‍රව්‍ය ආනයනය නැතුව වැහිල තිබ්බ සමහර ඒවා විතරක් නැවත බැංකු ණය පොලිය ටිකක් අඩුකිරීම නිසා
      ආයේ ණය අරගෙන රෝල් ගහනවා ඒක මහලොකු වර්ධනයක් කියල කියන්න බෑ ඕවා ආපහු වැහෙන්න ඉඩ තියෙනවා ඉක්මනටම හරිම risky ලංකාවේ කර්මාන්ත කරන එක

      2022 නවත්තලා දාපු සමහර apartment project සමහරු කුණු කොල්ලයට අරගෙන නැවත හදන නිසා ඉදිකිරීම් කර්මාන්තය තුල 3-4%ක විතර පොඩි වර්ධනයක් තාවකාලිකව දකින්න ලැබෙනව ඒත් ඕව ටික හදල ඉවර වුණාම ඒකත් ඉවරයි

      නැවත දේශපාලනය ගැන කතා කළොත් ලංකාවේ රටක් පාලනය කළ යුත්තේ තරුණයෙක් යැයි අරගලය කාලේ බොරු මතයක් හැදුවා.
      වෙන රටවල නම් එහෙමයි වගේ බොරු කතාවක් එතන තිබුණා. නමුත් එක්සත් ජනපදය දිහා බලනකොට

      මේ වෙද්දි 2024 නොවෙම්බර් මාසෙ පැවැත්වීමට නියමිත ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් තෝරාගෙන ඉවරයි.

      පාලක ඩිමොක්‍රටික් පක්ෂයෙන් වත්මන් ජනපති ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පක්ෂයෙන් හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් වෙනවා.

      ජනාධිපතිවරණය පැවැත්වෙද්දී ජෝ බයිඩන් ගේ වයස අවුරුදු 82 යි. ඔහු දැනටමත් බොහෝ ශාරීරික අපහසුතා තිබෙන පණ පිටින් සිටින මළසිරුරක් වගේ ඉතාම වයස්ගත අබල දුබල මුත්තා කෙනෙක් වුණත් ඒ සියල්ල අමතක කර ඔහුගේ වහල් අනුගාමිකයන් වන ඩිමොක්රටික පාක්ෂිකයන් ජනපතිවරණයට තෝරාගත්තේ ඔහු වගේ මළ හොල්මනක්.

      ඔහු දින්නොත් වයස අවුරුදු 86 දීත් ඔහු ජනාධිපති.

      ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ වයස අවුරුදු 78යි. ඔහු දින්නොත් වයස අවුරුදු 82 දීත් ඔහු ජනාධිපති.

      J.R ජයවර්ධනගෙන් පසුව වයස අවුරුදු 75 ඉක්මවූ පාලකයෙක් ශ්‍රී ලංකාවේ ජනපති ධූරයේ කිසිදා සිට නැහැ. රනිල්ට මේ වසරේදී 74 ක් ලබන අතර ඔහුයි දෙවෙනියා ලංකාවේ වයසක ජනපතිවරුන්ගෙන්

      එහෙම බැලුවම ශ්‍රී ලංකාව ඇමෙරිකාව මෙන් දියුණු නොවීමට හේතුව වයස සමග ඉතාම පරිණත මිනිසුන් බලයට පත් නොකිරීම යැයිද අපිට තර්ක කළ හැකියි නේද?.

      Delete
    2. ඒක තමයි 2022 දි ආර්ථිකය හැකිතුනේ. ඒ වහපු කර්මාන්ත ශාලා ඇරිලා අතරමග නවත්තපු කොන්ඩෝනියම් නැවත් පටන් ගන්නවා කියන්නේ ආර්ථික වර්ධනයක් තමයි. ලංකාවේ කොහොමත් ආයොිජන වලට සුදුසු පරිසරයක් කවදාවත් තිබිලා නැ. ඒක නිසා තමයි ලංකාවට අඩු වෙන් ආයෝජන එන්නේ. පලමු එක විදුලිබල මංඩලය, උන්ගේ මාෆියා නිසා විදුලිය මිල ඉතාමත් වැඩියි. ඩ්‍රැකෝනියන් කම්කරැ පණත් තියාගෙන වෘත්තිය සමිති මාෆියාවෙන් ගුටි කන්න ආයෝජකයෝ එන්නේ නැ. ලංකාවේ හිටුප ව්‍යවසායකයොත් රටින් එලෙව්වා ගොන් වාමාංශිකයෝ ටික එකතු වෙලා. රජයේ ඒකාධිකාරියක් තියාගෙන් ඹලිපාලනයත් තියාගෙන මේ රටට ආයෝජකයෝ එනවා නම් උන් තමයි අදහන්න ඕන.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: