වෙබ් ලිපිනය:

Friday, April 11, 2025

ශ්‍රමික ප්‍රේෂණ වල වාර්තාගත වැඩිවීමක්!

 


මාර්තු මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ වල වාර්තාගත වැඩිවීමක් දකින්නට තිබෙනවා. සාමාන්‍යයෙන් ඕනෑම වසරකදී සිංහල අලුත් අවුරුද්දට පෙර එළැඹෙන මාර්තු මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ වල වැඩිවීමක් දැකිය හැකියි. එහෙත්, මෙවර ලැබී ඇති ඩොලර් මිලියන 693.3ක මුදල මාර්තු මාසයකදී වුවද ලැබී ඇති වැඩිම ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයයි.

මීට පෙර 2018 මාර්තු මාසයේදී ඩොලර් මිලියන 677.7ක මුදලක් වාර්තා වී තිබුණා. මෙවර ලැබී ඇති මුදල එම ප්‍රමාණය ඉක්මවා යනවා. කෙසේ වුවත්, වසරේ පළමු මාස තුනම සැලකූ විට, මෙවර ලැබී තිබෙන ඩොලර් මිලියන 1,814.4ක මුදල 2018 පළමු මාස තුනේදී ලැබුණු ඩොලර් මිලියන 1,978.6ක මුදලට මෙන්ම ආර්ථික අර්බුදයට පෙර 2021 පළමු මාස තුනේදී ලැබුණු ඩොලර් මිලියන 1,867.1ක මුදලටද වඩා අඩුයි. 

ඉහළ ගිය ශ්‍රමික ප්‍රේෂණ වල උදවුවෙන් මාර්තු මාසය තුළ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 401.9ක මුදලක් වෙළඳපොළෙන් මිල දී ගැනීමට සමත්ව තිබෙනවා. අපනයන ආදායම් පිළිබඳව දැනට ඇතිව තිබෙන අවිනිශ්චිත තත්ත්වය හමුවේ ශ්‍රමික ප්‍රේෂණ වැඩි වෙමින් තිබීම සුබදායී තත්ත්වයක්. 

6 comments:

  1. අපේ නං විශ්‍රාම වැටපු වැඩිවුන් නෑනේ කුණු මේ තියෙන විදියට

    ReplyDelete
  2. ඉකොනො ට සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  3. අලුත් අවුරුද්දේ වත් ඉකොනොමැට්ටාට මොලේ පැදේවා

    ReplyDelete
  4. ඉකොනො මැට්ටා අලුත් අවුරුද්දේ කෙබරයක් ඇදලා පොස්ට් එකක් දාලා වැඩ අල්ලන්නේ නැද්ද

    ReplyDelete
  5. @ Evonomatta

    ලෝක ආර්ථිකයට මොකද වෙන්නේ?
    පහුගිය ශතවර්‍ෂය ඇමරිකාවෙ ස්වර්ණමය කාලෙ පුරාවට ලෝකෙටම භාණ්ඩ සේවා අපනයාය කරල ලෝකයේම ධනය ඇමරිකාවට ගොඩගැහිල ධන වෙළඳ ශේෂයක් තියෙනකොට ඇමරිකාවට හරි සනීපයි. ඒ සල්ලි වලින් ලෝකෙ වටේ හමුදා කඳවුරු හදං යුද්ධ කරන එක තමා කරේ. දැන් තමා trade deficit කිය කිය වැළලෙන්ඩ මතක් වෙලා තියෙන්නෙ. ඇමරිකානුවනි චීනයට තරඟයක් දෙන්න නම් නුඹලා කළ යුත්තේ චීනෙට වඩා කොලිටියට චීනෙට වඩා අඩු මිලට ලෝක වෙළදපොලට බඩු දාන එකයි. පුළුවන් නං ඒක කරපල්ලා. ඒක බැරි නිසා තමා නුඹලා පිස්සුවෙන් වගේ බදු ගහන්නේ. එහෙම නේද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: